මින්නේරිය වැව පොළොන්නරුව දිස්ත්‍රික්කය තුල තුල පිහිටා ඇති විශාල වැවක්. එය මින්නේරිය නදිය හරස්කොට ඉදිකරවන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 286 දී මහසෙන් රජතුමා (ක්‍රි ව 276-303 ) විසින්.වර්ග කිලෝමීටර 18.9 ක පමණ වපසරියකින් යුතු වැව වෙත, මහවැලි ගඟේ සිට ඇලහැර ඇල ඔස්සේ ජලය ගලා ඒම සිදුවෙනවා. වාසබා රජතුමා විසින් ඇලහැර ඇල යෝජනා ක්‍රමය ආරම්භ කර ඇති අතර මහසෙන් රජු වර්තමානයේ තත්වය දක්වා එය ගොඩ නංවා තියෙනවා.ක්‍රි.ව. 1856, බ්‍රිතාන්‍ය ජාතික ආණ්ඩුකාරවරයෙකු වූ Henry Ward විසින් මින්නේරිය වැව විස්මිත නිර්මාණයක් බවට වාර්ථා කොට තියෙනවා.මින්නේරිය වැව මහසෙන් රජතුමා විසින් ඉදි කරවීම ගැනත් ජනප්‍රවාද කීපයක් තියෙනවා.ක්‍රි. ව. 276 දී පමණ මහසෙන් කුමරු අනුරාධපුර රාජධානියේ සිහසුනට පත් වෙන්නේ ඔහුගේ වැඩිමහල් සොහොයුරු දෙටුතිස් රජුගේ අභාවයෙන් පසුව යි.වෛතුල්‍යවාදය මුල්කර ගත් සංඝමිත්‍ර තෙරුන්ගේ බහට වැඩ කර මහසෙන් රජතුමා මුලදී මහා විහාරය අමනාප කරගත්තේය. එය බොහෝ ප්‍රශ්නවලට මුල්විය. අගනුවර වූ අනුරාධුපුරයේ රැඳී සිටින්නට බැරි තරමට වාතාවරණය දරුණු වූ බැවින් හබරණ කැකිරාව මාර්ගයේ රිටිගල කන්දේ තාවකාලික මාළිගාවක් ඉදිකර පදිංචියට මහසෙන් පැමිණි බවක් කියවෙනවා.ජනප්‍රවාදවල සඳහන් වෙන ආකාරයට මේ කාලයේදී එක ප්‍රදේශයක ගවයන්ගෙන් දොවා ගත් කිරි ඉතා රසවත් බව ආරංචි වෙනවා. ඒ ගැන තවදුරටත් සොයා බැලූ විට නියං සමයේ තණ කෑමට මුදාහරින ගව පට්ටි ඉතා ඈතට ගොස් තණ කොළ කා වතුර බී පැමිණෙන බවත් දැනගැනීමට ලැබෙනවා.ගවයන්ගේ පිටේ තල ඇට පිරවූ සිදුරු සහිත ගෝනි බැඳ යවන ලෙස රජු අණ කරන්නේ මේ ප්‍රදේශය සොයාගැනීමේ අරමුණෙන්. පින්න හේතුවෙන් දින කිහිපයකින් අනතුරුව තල ඇට පැළ වී තිබූ අතර, එම මාර්ගය ඔස්සේ ගොස් ගොනුන් තණ කෑ ප්‍රදේශය සොයාගැනීමට හැකියාව ලැබෙනවා.මෙවන් නියං සමයක වුව ද ජලය රැඳී තිබෙන මේ ප්‍රදේශයේ වැවක් තනවා කුඹුරු අස්වද්දන්නට සුදුසු බව රජු විසින් තීරණය කරනවා.වියළි කලාපයක් වූ මේ පළාතේ තිබූ විශාල ප්රශ්නය ජලය හිඟකමයි. කුඩා වැව් රැසක් සාදා ලොව දැවැන්තම ගඩොල් ව්‍යුහය වූ ජේතවනාරාමය චෛත්‍ය කර්මාන්තයට අත ගසා තිබූ මහසෙන් රජ ලැබුණු මේ ආරංචියෙන් සතුටට පත්වී තිබේ. ඒ බිමේ පස මැටි ගතියෙන් සාර ජලය කාන්දු වී නොයන ආකාරයේ බිමක් බවද ඒ වන විටත් එහි ජලය පිරී තිබීමෙන් සනාථ වී ඇත.ඒ භූමිය දෙපස කඳු දෙකක් තිබෙන නිසාත් දෙක අතර හොඳ සවි ඇති තිරිවානා තට්ටුවක් තිබෙන නිසාත් ඒවා යාකර බැම්ම තැනිය හැකි බවත් ඒ බවත් සනාථ විය.මේ ආශ්රිත ව වැල් මී තිබුණු බැවින් එළදෙනුන් ඒවා ආහාරයට ගැනීමෙනුයි කිරි රසවත් වී ඇත්තේ. ඒ හේතුවෙන් එම ගම, “මිහිරි කිරි තිබූ ගම” හෙවත් “මිනිහිරිගම”ලෙසත්, පසු ව “මින්නේරිය” ලෙසත් හැඳින්වූ බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා.තවත් කතාවක සඳහන් වෙන්නේ මෙම ප්‍රදේශයේ ඉතා සරුවට මෙනේරි වැවුණු බැවින් මෙනේරිගම පසු ව මින්නේරිය වූ බව යි.රජු විසින් නළුදෑකඩ රාළ නැමැති විශ්ව කර්ම වාරි තාක්ෂණවේදියා සමඟ දහසක පිරිසක් වහා ඒ බිමට යවන ලදී.මින්නේරිය ප්‍රදේශය එකල යක්ෂ ගෝත්‍රිකයන්ගේ භූමියක් වූ අතර එහි නායකයන් දෙදෙනෙක්ගෙන් එක් අයෙක් වැව සෑදීමට විරුද්ධ වූ හෙයින් ඔහු ව මරා දැමීමට රජු කටයුතු කලා.දෙවන නායකයා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව වැව සෑදීමට ඔහු තම කැමැත්ත පළ කරනවා. නමුත් වැව සාදා නිම කිරීමට ප්‍රථම, සෑම දිනෙකම එකම ස්ථානයකින් වැව් බැම්මේ කොටසක් කැඩීයාම සිදුවෙනවා. මෙය දිගින් දිගටම සිදු වූ බැවින් රජු ඉතා අසීරුතාවයකට පත් වෙනවා.බොහෝ කලක් මේ සඳහා උත්සාහ කරන නමුත් වැවේ වැඩ නිම කිරීමට මහසෙන් රජුට හැකි වන්නේ නෑ. මේ අතරවාරයේ සිහිනෙන් රජු කරා පැමිණෙන මියගිය යක්ෂ නායකයා"තොපි මගේ අඩවියට ඇවිත් මා මරා දැම්මා රාජ ලේ ඇති බිල්ලක් දෙන තෙක් ඕක හදන්න දෙන්නේ නෑ"යැයි පවසනවා.(තවත් ජනප්‍රවාදයකට අනුව නම් රජතුමා එම කරුනු දැනගන්නේ නැකැත් කරුවන් ලවා ඒ ගැන සොයා බැලූ විටකදියි. මේ කාර්යය සාර්ථක කර ගැනීමට නම් රජකුමරවකු වැවට බිලිදිය යුතු බව නැකැත් කරුවන් කියා සිටියාලු.)එහෙත් මහසෙන් රජුගේ බිසව තම පුතු බිල්ලට දීමට අකැමැති වුණා. මේ නිසා රජතුමා කනස්සල්ලට පත් වුණා.රජු විසින් මෙය රාජකීය පවුලට දැනුම් දීමෙන් අනතුරුව රජුගේ සොයුරිය වන බිසෝ බණ්ඩාර කුමරියගේ පුත්‍රයාව ඒ වෙනුවෙන් බිලි දීමට හැකි බව බිසෝ බණ්ඩාර දේවිය පවසනවා.අවසානයේ දී කුඩා රාජ කුමාරයාව බිලි දීමෙන් පසුව වැවේ කටයුතු අවසන් කළ හැකි වුණාලු.තවත් ජනප්‍රවාදයකට අනුව අංග සම්පූර්ණ රජ ඇඳුමෙන් සැරසූ ඒ කුමාරයා මව විසින්ම රජුට භාර දෙනවා. එහෙත් අවසානයේ දරුවා බිලි නොදී ඒ වෙනුවෙන් ප්‍රයෝගයක් කොට වළසෙකු බිලිදී බැම්ම සෑදුවාලු. මෙය නළුදෑකඩරාළලා විසින් කරන ලද ප්‍රයෝගයක් යැයි ඉතිහාස පොත් පත්වල සඳහන්වෙනවා.ප්රයෝගයන් නොදත් රජ ඒ දරුවාගේ මරණය පිළිබඳව අධීක ශෝකයෙන් පසුවුනා. එය දැනගත් පිරිස සමාව ඉල්ලා තමන් කළ ප්‍රයෝගය හෙළි කොට දරුවා රජ ඉදිරියට පමුනුවනවා. බේරාගත් ඒ හිඟුරණ බණ්ඩාර කුමාරයා නැවත රජු ඉදිරියට පමුණුවන තෙක් කලක් සඟවා තබන ලද්දේ හිඟුරක්ගල මුදුනේයි. මියගිය යක්ෂ නායකයා වූ නළුවා ප්‍රයෝගය දැන ගත්තත් රජුගේ උදාර පරමාර්ථය හමුවේ ඔහු රජුට සමාව දුන් බවත් කියැවෙනවා.මින්නේරිය වැවේ බිසෝ කොටුව තනන ලද්දේ තනිකර කළු ගලෙන්.හෙළයන් වාපි තාක්ෂණයේ කූට ප්‍රාප්තිය සනිටුහන් කළේ මහසෙන් රජුගේ කාලයේදී යැයි පුරාවිද්‍යාඥ ප්‍රාඥ ආචාර්ය සෙනරත් පරණවිතානයන් පවසා තිබෙනවා. එහි අරුතක් ඇත්තේ මින්නේරිය දැවැන්ත වැවක් වූවත් එහි බැම්ම පොඩි වැවක තරමේ එකක් බැවිනුයි. නළුදැකඩ රාළ ඉතිහාසගත වන්නේ ඒ නිසායි.තවත් ජනප්‍රවාදයකට අනුව කවුඩුල්ල වැව සෑදීම ගැනත් අපූරු කතාවක් තියෙනවා.එදා මහසෙන් රජතුමා රාජකීය උත්සවයකින් අනතුරුව මින්නේරිය වැවේ වැඩ අවසන් කර දියවර මුදා හරින දවසේ බිසෝ බණ්ඩාර කුමරිය තම වැඩිමහල් සොහොයුරා වන මහසෙන් රජුට ත්‍යාගයක් දීමට අවශ්‍ය බව පවසා මින්නේරිය නුදුරුව මැදිරිගිරිය ප්‍රදේශය කරා රජු ව එක්ක යනවා.වනාන්තරයෙන් වට වූ මනරම් ප්‍රදේශයක මින්නේරිය වැවට වඩා විශාල වැවක් බිසෝ බණ්ඩාර කුමාරිය විසින් කරවා තිබූ අතර, රජු මින්නේරිය වැව කරවන කාල සීමාව තුළ තමන් කවුඩුල්ල නම් මෙම වැව කරවූ බව කුමරිය ප්‍රකාශ කරනවා.ඒ සමගම ඇය තම නිර්මාණය ගැන වහසිබස් කියන්නත් අමතක කරන්නේ නැහැ.අයියා විසින් තැනූ කුඩා මින්නේරිය වැව නෑබිලියකට උපමා කරන ඇය “අයියාගේ නෑබිලියට මම කොරහක් තැනුවෙමි යි “ ප්‍රකාශ කරනවා. මෙම ප්‍රකාශයෙන් මහත් සේ කිපෙන මහසෙන් රජු තමන් යටතේ සිටි යක්ෂ ගෝත්‍රිකයන් යොදවා වැව විනාශ කිරීමට කටයුතු කළ බව ජනප්රවාදයේ සඳහන්. තමන් ඉතා මහන්සියෙන් නිර්මාණය කරවූ වැව විනාශ වීම දරා ගැනීමට නොහැකිව කුමරිය වැවේ සොරොව්ව අසලට පැන දිවි නසා ගත්තාලු.තම නැගණිය දිවි නසා ගැනීමත්, ජනතාවගෙන් එල්ල වූ අප්රසාදයත් හේතුවෙන් විනාශ වූ කවුඩුල්ල වැව නැවත ගොඩනැංවීමට රජු කටයුතු කරනවා.ඒ අනුව ඉතිහාස මුලාශ්රවල කවුඩුල්ල වැව කරවූයේ මහසෙන් රජු ලෙස සඳහන් වුව ද, මැදිරිගිරිය ආශ්රිත ගම්වල වෙසෙන ජනයා පවසන්නේ මේ නිර්මාණයේ හිමිකාරිත්වය හිමිවිය යුත්තේ බිසෝ බණ්ඩාර කුමරියට බව යි.මින්නේරිය ප්‍රදේශයේ ගොවි ජනයා මින්නේරිය ඉදිකළ මහසෙන් රජු “මින්නේරි දෙවියන්” ලෙස දේවත්වයෙන් අදහනවා සේ ම, මැදිරිගිරිය ප්‍රදේශයේ ජනතාව බිසෝ බණ්ඩාර කුමරිය, ”බිසෝ බණ්ඩාර දේව මෑණියන්” ලෙස දේවත්වයෙන් සිහිකරනු ලබනවා.මහසෙන් රජතුමා විශාලම ප්‍රමාණයේ වැව් තැනීමේ ආරම්භක පාලකයා ලෙස මහාවංශය සදහන් කරනවා. එතුමා වැව් 16ක් හා ඇළ මාර්ගයක් නිර්මාණය කළ බවත් එහි සදහන්.මහසෙන් රජු විසින් ජලාශ 16 ක්; (මානිහිර, මහගම, චලුර, ඛාන්, මහමනි, කොකාවත, ධම්මාරාම, කුඹලක, වැනාන, රත්මලාකන්දක හෙවත් රතුමළකණ්ඩු, තිස්ස වාඩමාණ හෙවත් තිස්සමදමාක, වේලන්ගාවිට්ටි, මහගල්කා, සීරා, මහදාරගල්ලක හෙවත් මහදාරගලාකා, කලපසනා) සහ පබ්බතන්ත ඇල ඉදිකල බව සදහන්.මෙහි සදහන් රතුමළකණ්ඩු අද පදවිය ජලාශය ලෙසත් තිස්සමදමාක අද කවුඩුල්ල ජලාශය ලෙසත්, මහදාරගලාකා අද නාච්චාදුව ජලාශය ලෙසත් හඳුනාගෙන කියෙනවා.ඒ අනුව මින්නේරිය වැව, කණදරා වැව, කවුඩුල්ල වැව, මහගල්කඩවල වැව. හුලුගල්ල වැව, හිරාමුල්ල වැව, හුරුළු වැව, මාමිණියා වැව, මාගල් වැව, කළවාණ වැව, මෙරවාපිය වැව ආදී වැව්ද පබ්බතන්ත ඇල සහ රිදීබැඳි ඇල වැනි ඇල මාර්ගද රිදීබැඳි අමුණ ද ඉදිකරවා ඇත.වාරි කර්මාන්තයට කළ විශිෂ්ඨ සේවය නිසාම ජනතාව අතර දේවත්වයට පත්ව තිබෙනවා. මහසෙන් රජු මියගොස් දෙවි කෙනෙකු වී ඉපිද වැව් ඉස්මත්තේ වාසය කරන බවට ගැමියන් විශ්වාස කරන්නට වුණා. අවුරුදු දෙදහසකට පසුවත් මින්නේරි දෙවියන් ලෙස අදටත් පුදනු ලබන්නේ මහසෙන් රජතුමායි.වැව පිරුණු විට අක්කර 4560 පමණ වෙනවා.මින්නේරිය වැව පිහිටා තිබෙන්නේ ඊසාන දිග මෝසමෙන් වැසි ලැබෙන වියලි කලාපය ලෙස හඳුන්වන දේශගුණික කලාපයේයි. නුවරගල කඳුපන්තියෙන් ඇරඹෙන කිරි ඔය සහ වැවට වයඹ දෙසින් වූ කඳු මතින් ඇදී එන බටු ඔයේ ජලය එම කලාපය තුලින් වැව පෝෂණය කරන මුත් එම දියවර වසර පුරා වැව ජලයෙන් පුරවා තැබීමට අපොහොසත්. විශේෂයෙන්ම යල් කන්නය වන විට ගොවිතැන සඳහා අවැසි ජලය සැපයීමට නම් වෙනත් ජල ප්‍රභවයක් ගැන සලකා බැලීමට සිදුවෙනවා. මේ අවශ්‍යතාව වටහා ගත් පැරණ්නන් ඒ සඳහා කදිම පිළියමක් යෙදූවා.එනම් නිරිත දිග මෝසමෙන් වැසි ලැබෙන දුම්බර කඳුවැටියේ ජල පෝෂක ප්‍රදේශ හරහා ගලා එන අඹන් ගඟේ ජලය සැතපුම් 25 ක පමණ ඇල මාර්ගයක් හරහා වියලි කලාපයේ පිහිටි මින්නේරිය වැව කරා රැගෙන ඒමයි. වැව යනු ජලය රැස් කරන ටැංකියක් ලෙස හෝ ඇල යනු එක් තැනකින් වෙනත් තැනකට ජලය ගෙන යන කානුවක් ලෙස නොසිතූ ඔවුන් ඇලහැර සිට මින්නේරිය දක්වා කඳු වැටි දෙකකට මැදිව පිහිටි සම බිම සරුසාර කෙත් යායක් බවට පත් කලේ එම මුලු දුර පුරාම කෙත් බිම් සඳහා ඇලහැර ඇල මගින් දියවර සැපයීමෙන්.ඒ වගේම ඇලහැර ඇලේ වම් ඉවුර දෙසින් පිහිටි කෝඳුරුවාව කඳු පංතියේ සිට ඇදී එන කෝන්ගැට ඔය, හීරටි ඔය, බකමූණන්ගේ ඇල,කෝට්ටපිටිය ඔය, අත්තනකඩවල ඔය වැනි ජල මූලාශ්‍ර මගින් රැගෙන එන අමතර ජලයෙන් ඇලහැර ඇල තව දුරටත් පෝෂණය වෙනවා. එම ඔයවල් ඇල හා එක්වන ස්ථාන වල ශක්තිමත් ගල් අත්තිවාරම් සහ ගල් බැමි දමා වේගයෙන් ගලා එන එම ජලපහරවල් වලින් ඇලේ බැමි වලට වන හානිය වලක්වා තියෙනවා. එසේම විශාල ජලස්කන්ධයක් ඇතුළු වන ස්ථාන වල වතුර උතුරා යෑම පිණිස අඩි 50 පමණ පළල් වූ ගල්වානවල් සාදා තිබීලා තියෙනවා. කුඹුරු වලට වතුර ගැනීම සඳහා සෑදූ සොරොව්ද ගලින්ම නිර්මිතයි.
ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>