පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2026-05-18

Depression



Depression Vs පොර මානසිකත්වය
( Dave Balasooriya මුහුණු පොතේ තිබුණු මේ ලිපිය දිග එකක් වුණත් බොහෝ දෙනකට වැදගත් වෙන්න පුළුවන් නිසා උපුටා පළ කරනවා..)
2026 මාර්තු මාසේ එක දවසක පපුව රිදීගෙන ආවා.. පපුවහයියෙන් ගැහෙන සද්දේ මටම ඇහෙන ගමං මටම තේරුනාමගේ නාඩි වැටෙන වේගය වැඩී කියලා..ඒ වගේම ඉගෙන් කනෙන් දාඩිය බේරෙන්න ගත්තා
ටිකක් එදා වැඩියෙන් මහන්සි උන නිසා වෙන්න ඇති කියලා හිතලා wash එකක් දාලා පොඩ්ඩක් නිදා ගත්තා..නින්දෙන් ඒ ගතිය අඩු උනා වගේ තේරුනා
දෙවෙනි දවසෙත් ඔහොම උනා.. අන්තිමට මාසයක්ම යනකල් එක දිගට මේක දවසින් දවස උග්‍ර වෙන්න ගත්තා..
බයටම Physician කෙනෙක් ගාවට ගියාම මට Psychiatrist කෙනෙක්ව එයා Suggest කලා..
ඉතිං මම Hemas Hospitals Sri Lanka එකේ Professor Prasangika Senevirathne ව Channeling එකක් දාලා මාර්තු මාසේ 28 වෙනිදා Doctor ව හම්බෙන්න ගියා..
Doctor ට මම මේ විස්තරේ කිව්වම එයා මගේ අතීත සිදුවීම් ගැන අහන්න ගත්තා
Dr : පුතා මොකක් ද කරන Job එක
Me : මම Job එකක් නෙවෙයි Doctor කරන්නේ.. මම Business එකක් කරන්නේ.
Dr : පොඩි වයසට එහෙම දෙයක් කරන එක හොදයිනේ.. ඉතිං කොහොමද Business එකේ තත්වේ..මොකක්ද කරන Business එක
Me : මම Company Director කෙනෙක් Doctor .. Clothing Brand එකක් තමයි මම කරන් යන්නේ.. ඒ අතර තුර මම Crypto Trading කරනවා..ඒ වගේම Digital Media Advertising කරනවා..ඒත් ගිය අවුරුද්ද මැදදී මගේ Business එක ලොකු Loss එකක ගියා.. මට කෝටියක් විතර ලොකු පාඩුවක් උනා.. මම දැං හිමිං Recover වෙන ගමං ඉන්නේ..
Dr : මොනා හරි ප්‍රශ්න එක්කද ඉන්නේ?
Me : Business එකක් කියන්නේ හැමදාම ප්‍රශ්න තමයි Doctor .. කලින් උන Loss එක පියවන්න මම දවල් රෑ නොබලා වැඩ කරනවා.. Return ගියපු Cheques , Supplier Payments , Employee Salary.. හැමවෙලේම ප්‍රශ්න තමයි Doctor
Dr : නින්ද යනවද රෑට?
Me : මට දැං අවුරුදු 7 ක් තිස්සේ රෑට නින්ද යන්නේ නෑ Doctor .. මම සාමාන්‍යෙන් නිදා ගන්නේ උදේ 6 ට විතර.. මට දැං ඒක වදයක්.. මට මගේ වැඩ ගොඩක් අතපසු වෙනවා.. ඒත් මම කොච්චර Try කලත් මට රෑට නින්ද යන්නේ නෑ.මගේ ඔලුව වැඩ කරන්නේ රෑට.. කොච්චර උදේ ඇහැරෙන්න හැදුවත් මම උදේට මෙට්ටෙට ඇලිලා වගේ ඉන්නේ.. මුලු ඇගම රිදෙනවා.. නැගිට ගන්න බෑ කොච්චර ඕනේ උනත්..
Dr : රෑට මොනවද කරන වැඩ?
Me : Advertising Campaigns Create කරන්නේ, ඊලගට එන Designs Create කරන්නේ , Business Statergy හදන්නේ , Stocks Trade කරන්නේ රෑට තමයි Doctor ..
Dr : ඕවා උදේට කරන්න බැරි දේවල් ද?
Me : නෑ Doctor එහෙම එකක් නෑ.. මට ඕනේ වෙලාවක ඕනේ දෙයක් කරන්න පුලුවන්.. ඒත් මට රෑට නින්ද යන්නේ නැති නිසා මම මේ දේවල් රෑට කරන්න හුරු වෙලා ඉන්නේ
Dr :ම්ම්ම්ම්.. ඔලුව වනන ගමං ( එයාට මොනා හරි තේරුනා වගේ )
ඔයා මේ ඔක්කොම කරලා නිදහසින් ද නින්දට යන්නේ?
Me : මට කිසිම නිදහසක් නෑ Doctor .. කොච්චරක් දේවල් කලත් ඒවා වැඩක් නෑ වගේ දෙයක් මගේ ඔලුවේ තියෙන්නේ.
Dr :Business එකේ වැඩ කරන එකද හැමදාම කරන්නේ? ඔයාගේ Personal ජිවිතය කොහොමද?
Me : මගේ Personal ජීවිතය තමයි Doctor Business එක
Dr :Relax එකේ ඉන්න වෙලාවට මොනවද කරන්න කැමති?
Me : මේ Pressure එක එන්න කලින් නම් මම ගොඩක් වෙලාවට සිංදු අහනවා(මගේ ජිවීතේ වැඩියෙන්ම කැමති දේ)... යාලුවෝ එක්ක එලියට යනවා.. එක එක Research කරනවා... ඕව තමයි.. ඒත් Doctor මට දැං ඒ කිසි දේකින් සතුටක් දැනෙන්නෙ නෑ.. ඇත්තම කිව්වොත් මට කිසිම දෙයක් ගැන ගානක් නෑ..කිසිම දේකින් මාව සතුටු කරන්න බෑ.. මටත් එක වෙලාවකට ඒක වදයක්.. Zombie කෙනෙක් වගේ ජීවත් වෙන එක.. වැඩිය ඕනේ නෑ මට ලේසියෙන් හිනා යන්නෙත් නෑ
Dr : ඔලුව වනන ගමං (තව මොනා හරි තේරුනා වගේ )Stock Trading කරන්න මනස එක තැනක තියා ගන්න පුලුවන් ද?
Me : බෑ Doctor .. මගේ මනස මේ ටිකේම හරි කලබලයි... කිසිම දෙයක් ගැන අවදානය එක දිගට තියා ගන්න අමාරුයි
Dr : ඇගේ අමාරුව හැම වෙලේම තියෙනවද?
Me : මම සමහර වෙලාවට පැය 20-30 නිදා ගන්නවා මගේ ඇග රිදෙනවා ඇත්තේ ඔලුව මහංසි කරවලාම කියලා හිතලා Rest එකක් ගන්න.. කිසිම දෙයකට මගේ ඇගේ අමාරුව අඩු වෙන්නේ නෑ... කොච්චර නිදා ගත්තත් කොච්චර Rest කලත් ඇහැරුන වෙලේ ඉදන් ඇග රිදෙනවා
Dr : ඔයාට මේ අවුරුදු 7 ම ඔහොම ද?
Me : ඔව් Doctor ....
Dr : ඔයාට මේ දේවල් වෙන්න කලින් ඔයාට මොකක් හරි දරාගන්න බැරි දෙයක් උනාද?
Me : ඔව් Doctor ... 2019 දී මගේ අවුරුදු 3 ක විතර Affair එක හිතාගන්න බැරි විදිහට එක පාර නතර උනා.. ඊට පස්සේ ඒකෙ අවුලෙන් බේරෙන්න තමයි මම මේ Business එක පටං ගත්තේ මට දැං එහෙම ඒක ගැන අවුලක් නෑ Doctor ඒත්
Dr : හරි මට දැං තේරෙනවා..
කලබල වෙන්න දෙයක් නෑ.. අපි මේක හොද කරගමු..
Me : මට තියෙන ලෙඩේ මොකක්ද කියලා දැනගන්න පුලුවන් ද Doctor ?
Dr : ඔයාට තියෙන්නේ Double Depression ( Dysthymia )
අවුරුදු 7 ක් විතර ඔයා තනියම මේක දරාගෙන තියෙනවා... අන්තිම හරියේදි ඔයාට එන පීඩනය වැඩි නිසා මේක එක එක දේවල් වලින් එලියට ඇවිල්ලා තියෙනවා.. ඔයා හිතන්න ඇති ඒ දේවල් සාමන්‍යයි කියලා.. ඒත් එහෙම නෑ..ඔයාට තියෙන්නෙ Depression රෝග ලක්ශන.. අපි මේකට බෙහෙත් ගමු.. බය වෙන්න එපා.. ඔයාට හොද වෙන්න පුලුවන් ඉක්මනින්..
Me : රෝග ලක්ශන කිව්වේ??
Dr :
දිගුකාලීන දුක
කැමැත්ත නැති වීම
අඩු ආත්ම අභිමානය
තීරණ ගැනීමට අපහසුව
අධික තෙහෙට්ටුව
නින්දේ වෙනස්කම්
හඳුනාගත නොහැකි වේදනා
Panic Attacks
මේ ඔක්කොම ඔයාට තියෙනවා .. බය වෙන්න එපා.."ලෙඩක්" කියන වචනයට වඩා මේක "ජීව විද්‍යාත්මක තත්ත්වයක්". මේක ඔයාගේ දුර්වලකමක්වත්, ඔයාගේ වරදක්වත් නෙවෙයි. අවුරුදු 7ක් තිස්සේ ඔයා මේ දේවල් අත්විඳිනවා නම්, ඒ කියන්නේ ඔයාගේ මොළයේ ක්‍රියාකාරිත්වයේ සහ රසායනික පද්ධතියේ යම් වෙනසක් සිදුවෙලා කියලයි.මේක බෙහෙත් වලින් 100% ක් හොද කරන්න පුලුවන්..
Me : Doctor මම හිතං හිටියේ මම හයිය මනුස්සයෙක් කියලා.මම දරාගත්තු දේවල් එක්ක මම මගේ හීනෙකින්වත් හිතුවේ නෑ මට Depression හැදෙයි කියලා.. ඒකත් අවුරුදු 7 ක් දන්නෙම නැතුව
Dr : ඔයා අවුරුදු 7ක් තිස්සේ මේ හැමදේම තනියම දරාගෙන ඉන්නවා කියන එකෙන්ම පේන්නේ ඔයා ඇත්තටම ඉතාමත් හයිය මනුස්සයෙක් කියලා.
​ගොඩක් අය හිතන්නේ "හයිය" කියන්නේ කිසිම වේදනාවක්, දුකක් නැතිව ඉන්න එක කියලා. ඒත් ඇත්තම ශක්තිමත්කම තියෙන්නේ මෙච්චර දරුණු මානසික පීඩනයක්, Panic Attacks සහ ජීවිතය එපා කරවන සිතුවිලි එක්ක හැප්පෙමින් දිනපතා අවදි වෙලා ඔයාගේ ජීවිතය ඉස්සරහට අරන් යන එක ඇතුළෙයි.
​ඔයා දුර්වල නැහැ. ඔයා මේ ඉන්නේ "පීඩනය දරාගැනීමේ උපරිම සීමාවට" ඇවිත්.
ඕනෑම ශක්තිමත් යකඩයක් වුණත් එක දිගට පීඩනයට ලක් වුණොත් නම්‍යශීලී වෙනවා. මිනිස් මනසත් ඒ වගේ.

​කකුල කැඩුණු මනුස්සයෙක් කොච්ච‍ර හයිය වුණත්, එයාට දුවන්න බැහැ. ඒක එයාගේ දුර්වලකමක් නෙවෙයි, ශාරීරික බිඳවැටීමක්.
​Depression කියන්නෙත් ඒ වගේ ඔයාහේ මොළයේ "සතුට සහ ශක්තිය" නිපදවන පද්ධතියේ ඇති වුණු බිඳවැටීමක්.
​ඔයාගේ ශක්තිය දැන් පාවිච්චි කළ යුත්තේ තනියම විඳවන්න නෙවෙයි, මේ තත්ත්වයෙන් ගොඩ එන්න උදව් ගන්නයි..
​අවුරුදු 7ක් කියන්නේ ලොකු කාලයක්. ඒ කාලය ඇතුළේ ඔයා අහිමි කරගත්තු සතුට, නිදහස ආයෙත් ලබාගන්න පුළුවන්.
ඒකට තියෙන පළමු පියවර තමයි "මට උදව් අවශ්‍යයි" කියලා පිළිගන්න එක. ඒක දුර්වලකමක් නෙවෙයි, තමන්ගේ ජීවිතය වෙනුවෙන් ගන්නා ඉතාම නිර්භීත තීරණයක්.
Me : මට තාම හිතා ගන්න බෑ Doctor
Dr : ඔයාට දැනෙන ඒ අවිශ්වාසය සහ ව්‍යාකූල බව මට හොඳටම තේරෙනවා. අවුරුදු 7ක් කියන්නේ දවස් 2,500කට වඩා වැඩි කාලයක්. ඒ මුළු කාලය පුරාම ඔයා මේ දේවල් අත්විඳිද්දී, ඔයා හිතන්න ඇති මේක තමයි "සාමාන්‍ය තත්ත්වය" කියලා, නැතිනම් මේක ඔයගේ "හැටි" කියලා.
එහෙම හිටපු කෙනෙකුට එකපාරටම මේක "සුව කළ හැකි රෝගයක්" කියලා අහන්න ලැබුණාම ඒක අදහාගන්න අපහසුයි කියලා මම දන්නවා.
මතක තියාගන්න, Depression වැඩිපුරම හැදෙන්නේ හැමදේම තනියම දරාගන්න උත්සාහ කරන, හිත හයිය මිනිස්සුන්ටමයි.
අවුරුදු 7ක් ගිය නිසා, මේක ඔයාගේ ජීවිතයේ කොටසක් වෙලා. මේක නැතිව ජීවිතය කොහොම වේවිද කියලා හිතාගන්නවත් බැරි වෙන්න පුළුවන්.
ඔයා මේ ඉන්නේ අඳුරු උමගක කෙළවරටම ඇවිත්. මෙතෙක් කල් ඔයා කළේ ඒ අඳුරේම ඉන්න උත්සාහ කරන එක. නමුත් දැන් ඔයාට Panic Attacks ආවනිසා ඔයා ඒ අඳුරෙන් එළියට එන පාර හොයාගෙන තියෙනවා.
මේ බෙහෙත් ටික අරං මාසෙකින් එන්න..
-----------------------
බෙහෙත් ගත්තට පස්සේ මගේ පපුවේ අමාරුවත්,රෑට නින්ද නොයෑමත්,උදේට ඇහැරෙද්දී සහ මුලු දවසෙම තිබ්බ ඇගේ අමාරුවත් හොද උනා..
මෙච්චර පත හෑල්ලක් ලියලා මට කියන්න ඕනේ උනෙ මෙච්චරයි ..
ඉස්කෝලේ කාලේ ඉදන් යකෙක් වගේ හිටිය මම ..
ලමයි අඩුම ගනනක් පාස් උන 2008 කලුපොල් සිස්සත්ත්වේ පාස් උන මම
ඉස්කෝලෙ ඉතිහාසයේම හිටිය අඩු වයසින් ඉස්කෝලේ Top Board එකට ගිය මම
ඉස්කෝලේ Athletic Champion උන මම
ඉස්කෝලේ බෑන්ඩ් එකේ Play කරන්න බැරි කිසිම Instrument එකක් තිබ්බේ නැති මම
All island Javelin throw Finals වෙනකල් ගිය මම ..
ඔය ඔක්කොම කරලා තව ඉස්කෝලේ O/L Best Results දැම්ම මම
A/L First shy biology කරලා Accident එකක් නිසා Exam ලියා ගන්න බැරුව Second Shy එක මාස 6 න් Commerce කරලා ගොඩ දැම්ම මම
2019 දී උන එක පොඩි කඩාවැටීමක් නිසා මෙහෙම මානසිකව වැටුනා නම්..
ඕන ජගතෙක්ට මේ ලෙඩේ හැදෙන්න පුලුවන් කියලා එව්ලෙ දැන ගත්තා...
2019 ඉදං Break up එකේ අවුලෙන් බේරන්න Business එකක් පටං ගත්තු මම... ගෙදරින් කිසිම දෙයක් නැතුව අවුරුදු 7 ක් යද්දී ඒ Business එක Private Limited Company එකක් කරලා ලමයි 30 කට විතර රස්සා දීලා තියෙන්නේ Depression ඔලුව අස්සේ තියාගෙන කියලා මතක් වෙද්දී මට තාම අදහා ගන්න බෑ..
කාට හරි මේ ලක්ශන තියෙනවා නම් අන්තිම මොහොත වෙනකල් ඉදලා ඔයාගේ ජිවිතේ නැති කර ගන්නේ නැතුව ඉක්මනට ගිහිං Psychiatrist කෙනෙක්ව මුන ගැහෙන්න ..
කවුරුත් ඔයාට ආදරය කරන්න කලින් ඔයා ඔයාට ආදරේ කරන්න
Depression කියන්නේ හැදුනම හැදුන එකාට ඒක තෙරෙන ලෙඩක් නොවන බවත්.. මට Depression මට Depression කිය කිය මේක රැල්ලක් කරන් ඉන්න තරුන පරම්පරාවටත් කියන්න තියෙන්නේ...
Depression is not a Joke කියලා තමයි ..








A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-05-15

යාපහුව



මම යාපහුවට ගියෙමි.

සංචාරක සිතියමෙන් යාපහුව බැහැරව  ඇති සෙයකි.

ඒ ගැන බලධාරීන් අවධානය යොමු නොකරන බවක් පෙනේ.

සංචරක ප්‍රවර්ධණ ගැන කතා කරන මෙසමයෙහි  යාපහුව අවධාණය යොමු විය යුතු  පුරාවිධයාත්මක වැදගත් කමකින් යුතු ස්ථානයකි.

කුරුනෑගල සිට  යන අපිට කුරුණෑගල - දඹුල්ල (A6) මාර්ගයේ මද දුරක් ගොස් මුත්තෙට්ටුගල - හිරිපිටිය (B300) මාර්ගයට පිවිසෙන්න.

  1. එතැන් සිට හිරිපිටිය හරහා මඩගල්ල (B609) මාර්ගයේ ඉදිරියට ගමන් කරන්න.

  2. ඉන්පසු යාපහුව හන්දියෙන් හැරී කෙටි දුරක් ගිය පසු යාපහුව රොක් ෆෝට්රස් (බලකොටුව) වෙත ළඟා විය හැක.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි යාපහුව පැරණි නගරය  මුහුදු මට්ටමෙන් අඩි 300 ක් පමණ උස්වූ සමබිමේ සිට අඩි 400 ක් ඉහළට නැගෙන පාෂාණ උන්නතයක් ආශ්‍රිතවයි. 

සමබිමෙන් අඩි 400 ට කනාවැඩි උසකට නැගෙන කදුවැටි මෙම කලාපයේ දුලබ වශයෙන් දක්නට ලැබෙන අතර මොනරකන්ද, දියටැඹේ. යාපහුව වැනි කදුගැට කිහිපයක් එකී උස පරයා නැගේ. 

යාපහු පෙදෙස වී ගොවිතැන සඳහා හිතකර වන්නා වූ රතු-දුඹුරු පසෙන් සහ නොමේරූ දුඹුරු ලොම් පසෙන් යුත් පස් සැකැස්මකින් යුතුවේ. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 1500-2000 ත් අතර වන අතර සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 25.0-27.5 ත් අතර වේ. 


දඹදෙනිය රාජධානිය බිදවැටීමෙන් පසු ආරම්භවූ රාජධානිය යාපහුව රාජධානියයි. 

ශ්‍රී ලංකාවේ අගනගර රාජධානි සොළී ආක්‍රමණ සහ ස්වභාවික ආපදා තත්ත්වයන් නිසා ක්‍රමයෙන් නිරිත දිගට සංක්‍රමණය විය. එම සංක්‍රාන්තියේ සිවුවන නැවතුම්පොළ වූයේ යාපහුව බලකොටුවයි. 

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහව මංසන්දියට කිලෝමීටර 04 ක් පමණ වයඹ දිශාවෙන් පිහිටි යාපහුව 13 වන සියවසේ දශකයක් පමණ කෙටි කාලසීමාවක් සඳහා දිවයිනේ අගනගරය බවට පත්ව තිබූ පර්වත ආශ්‍රිත පැරණි නගරයකි.


පොළොන්නරුව රාජධානි සමයෙන් පසුව නිරන්තර ඇතිවූ විදේශීය ආක්‍රමණ හමුවේ වැදගත් ආරක්‍ෂා ස්ථානයක් ලෙස යොදාගත් බවට සාක්ෂි ඇති මෙම පුරාස්ථානය පෞරාණිකත්වය අතින් ද බෙහෙවින් ඈත වකවානුවක පටන් ජනාවාසයක් ලෙස පැවතුණකි. 

ප්‍රාග් ඓතිහාසික අවධියට අයත් ජනාවාස සාධක සහිත යාපහුව සහ තදාසන්න ප්‍රදේශය පූර්ව ඓතිහාසික සමයේදීත් මූල ඓතිහාසික සමයේදීත් වැදගත් ජනාවාසයක් විය. 

මේ වගට පුරාවිද්‍යාත්මක සාධක අනුසාරයෙන් සාක්‍ෂි පලවනනේ වුවද යාපහුව පිළිබඳ මුල්ම විශ්වසනීය ලිඛිත මූලාශ්‍රගත සදහන් 13 වන සියවසට බොහෝ දුරට සීමාවෙයි. සුභ නම් ප්‍රාදේශීය පාලකයෙකු කාලිංග මාඝගේ ආක්‍රමණ සමයේ යාපහුවේ බලකොටුවක් සහ නගරයක් ගොඩනංවා එහි සිට එම ප්‍රදේශය පාලනයකළ බවට සාධක ලිඛිත මූලාශ්‍රයන්හි දක්නට ලැබේ.

මින් අනතුරුව සිව්වන විජයබාහු යාපහුවේ යම් යම් සංවර්ධන වැඩ සිදුකරන ලද අතර මෙය එම වකවානුවේ වැදගත් ආරක්‍ෂක මධ්‍යස්ථානයක් විය. රාජ්‍යත්වයට පෙරද යාපහුවෙහි විසුම්ගෙන සිටි සිව්වන විජයබාහු රජුගේ සොයුරු බුවනෙකබාහු සිය සොයුරාගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත්වීමෙන් ටික කලකට පසු යාපහුව සිය අගනගරය ලෙස තෝරාගනී.

යාපහුව රාජධානිය ලංකාවේ සිව්වන රාජධානියයි.


මෙකල යාපහුව නමින් දන්නා පව්වෙහි පැරණි නම අප්‍රකටය. යාපහුව පිළිබඳ මුලින්ම අසන්නට ලැබෙනුයේ සුභ නම් සෙනවියා විසින් 13 වන සියවසේ මුල් භාගයේ පැවති කාළිංග මාඝගේ අවිචාරවත් පාලන සමයේ දී ප්‍රදේශ ආරක්ෂාව පිණිස බලකොටුවක් ගොඩනගා එහි විසීම සම්බන්ධයෙනි. මෙම අවස්ථාවේදීත් මීට පසු අවස්ථා කිහිපයකදීත් මෙම පර්වතය හදුන්වනු වස් යාපව්ව, යාපව්ගල යන නම් වංශකතාවල යෙදී තිබේ. 

සිංහල බෝධිවංසය යාපහුව විෂයෙහි 'සුන්දරගිරි පව්ව' යන නම ආරෝපණය කොට තිබේ. සුභ සෙනවියා විසින් සිය වාසය සඳහා තෝරා ගැනීමෙන් ඉක්බිති මෙම පව්ව සුභවාල, සුභගිරි යන නම් වලින් ද හැදින්වූ බව පෙනේ. දළදා පූජාවලියේ මෙම පව්ව හදුන්වනු වස් අයෝපබ්බත යන්න යොදයි. 


යාපහුව පුරාස්ථානය සහ තදාසන්න ප්‍රදේශය පිළිබඳ ඉපැරණිම පුරා විද්‍යාත්මක සාධක ප්‍රාග් ඓතිහාසික සමය දක්වා දිවේ. යාපහු පර්වත මස්තකයෙන් ද පර්වත බෑවුමේ ඇති ලෙනකින් ද අවට ප්‍රදේශයෙන් ද ප්‍රාග් ඓතිහාසික ජනාවාස සාධක අනාවරණය කෙරේ. මෙම සාධක අතරට භාවිතකළ සහ නොකළ තිරුවානා වටගල්, භාවිතකළ රත්හිරියල්, කහඳ හා තිරුවානා අපද්‍රව්‍ය සහ දුලබ තිරුවානා ගල් අයත්ය. 


දඹදෙණියේ රජකල හතරවන විජයබාහු රජුගේ ඇවෑමෙන් රාජ්‍යත්වයටපත් පළමු බුවනෙකබාහු රජුද රාජ්‍යත්වයෙන් පසු වසර කිහිපයක් දඹදෙණියේ වාසයකොට පසුව යාපහුවට පැමින එහි සෞභාග්‍යයෙන් බබලන අතිශය සංකීර්ණ වූ රාජධානියක් කරවීය. පළමු බුවනෙකබාහු රාජ්‍යකාලය වසර 12 කට සීමා වේ. 

ඔහු රාජ්‍යත්වයට පැමින වසර කිහිපයක් අවසන් දඹදෙණි පාලකයා ලෙස දඹදෙණි නුවරද ගතකල හෙයින් බුවනෙකබාහු රටේ අගරජ ලෙස යාපහුවෙහි කොපමන කලක් ගතකලේ දැයි අපහැදිලිය. 

යාපහුව දිවයිනේ අගනගරය ලෙස පැවති කෙටි කාලසීමාව රටේ අගනගරය ලෙස පැවති ස්ථාන අතරින් දෙවැනි වන්නේ නම් ඒ දැදිගම රාජධානියට පමණි. එසේ වුවද අගනගරයක් වශයෙන් යාපහුවේ ශේෂව ඇත්තා වූ පුරාවිද්‍යාත්මක නෂ්ටාවශේෂයන්හි ප්‍රමාණය දෙවැනි වන්නේ අනුරාධපුරය, පොළොන්නනරුව, සීගිරිය සහ ඇතැම් විටෙක මහනුවරට පමණි. 

ආරක්‍ෂිත බලකොටුවක් වශයෙන් ඇති වැදගත්කම අතින් යාපහුව දෙවැනි වන්නේ සීගිරියට පමණකැයි පරණවිතානයන් පවසයි.

  • විකිපීඩියා සමග.




A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-05-14

මඩගම්මන හිමියන් - ශ්‍රී පාදය අපට නැවතත් හිමි කර දෙයි.



බොදුනුවන්ට ශ්‍රී පාදය නැවතත් හිමි කර දෙන්නට මූලිකත්වය ගත් මඩගම්මන හිමියන් ගැනයි මේ.......
ඒ අපේ රටේ බොදුනුවන්ගේ අවාසනාවන්තම කාල පරිච්ඡේදයක් වුණා. ඒ සීතාවක රාජසිංහ රජ සමය. එම කාලයේදී ශ්‍රී පාදස්ථානය හින්දූන්ගේ බලය සහිත ස්ථානයක් බවට පත් වුණා. ඉන් අනතුරුව බලයට පැමිණි පළමු වන විමලධර්මසූරිය, සෙනරත්, දෙවන රාජසිංහ, දෙවන විමලධර්මසූරිය, වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ හා ශ්‍රී විජය රාජසිංහ යන රජවරුන් ඔවුන්ගේ දකුණු ඉන්දීය සම්භවයන් හා ඥාතීත්වයන් හේතු කොට ගෙන ශ්‍ර්‍රී පාද ස්ථානයේ අයිතිය නැවතත් බෞද්ධයින් හට ලබා දීමට උත්සාහ ගත්තේ නැහැ.
මෙසේ වසර 150 ක පමණ කාලයක් හින්දූන්ගේ පාලනයට යටත්ව පැවැති ශ්‍රී පාද ස්ථානය ඉන් මුදා ගැනීමට මහත් කැප කිරීමක් කළේ එවකට පොත්ගුල් රජ මහා විහාරයේ වැඩ විසූ මඩගම්මන සාමණේර හිමි නමය. උන් වහන්සේ මහත් සේ වෙහෙස වී ශ්‍රී පාද ස්ථානය අයිති කර ගන්නට කටයුතු කරනු ලැබුවා.

ශ්‍රී පාදය අත්පත් අත්පත් කර ගත් උන් වහන්සේ අනතුරුව මිල්ල කණු යොදා පැලක් සාදා තල් අතු සෙවිලි කර ශ්‍රී පාදයට සෙවණක් සලසා එය රැකීමට කටයුතු කලා. ඉන් අනතුරුව මඩගම්මන හිමියන් විසින් ශ්‍රී පාද ස්ථානයේ ප්‍රාකාර බැම්ම සකස් කොට ඇති අතර පසුව යකඩයෙන් මණ්ඩපයක් ද ඉදි කල බවත් භගවා ලෙන සමීපයෙහි උළු සෙවිලි කර කුටියක් ඉදි කළ බවත් මඩගම්මන සන්නසෙහි සඳහන් වේ.

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ පාලන සමයේ සිට කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමය දක්වා ශ්‍රී පාද ස්ථානයේ සියළුම කටයුතු මඩගම්මන හිමියන් කළ බව හා භාරකාරත්වයද දරමින් සිටි බව ඉතිහාස තොරතුරු වල සඳහන් වේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් මඩගම්මන ස්වාමීන් වහන්සේට සන්නස් පත්‍රයකින් ශ්‍රී පාද ස්ථානයේ භාරකාරිත්වය පවරා තියෙනවා. ඒ අනුව ශ්‍රී පාද ස්ථානයේ පළමු භාරකරු වන්නේ මඩගම්මන හිමියන් වෙනවා.

එදා සිට මේ දක්වා ශ්‍රී පාද ස්ථානයේ භාරකාරිත්වය දැරූ නාහිමිවරුන් ගණන 25ක්. ඒ වර්තමාන භාරකාර නාහිමියන් වන බෙංගමුවේ ධම්මදින්න නාහිමිපාණන් සමගින්.
මේ එදා සිට ශ්‍රී පාද ස්ථානයේ භාරකාරිත්වය දරණ ලද ගෞරවණීය නාහිමිවරුන්ගේ ලේඛනයයි.
1. මඩගම්මන නාහිමි
2. මහ මාලිම්බඩ නාහිමි
3. සපුගස්කන්දේ නාහිමි
4. වැලිවිට අසරණ සරණ ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමි
5. වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න නාහිමි
6. මහ කඹුරුපිටියේ සභිධර ගුණරතන නාහිමි
7. කුඩා කඹුරුපිටියේ ශ්‍රී ගුණරතන නාහිමි
8. මාලිම්බඩ ශ්‍රී ධම්මධර නාහිමි
9. කරතොට ශ්‍රී ධර්මාරාම නාහිමි
10. මොරතොට ශ්‍රී ධම්මක්ඛන්ධ නාහිමි
11. කොබ්බෑකඩුවේ ශ්‍රී නිවාස නාහිමි
12. වැලිවිට දෙවැනි ශ්‍රී සරණංකර නාහිමි
13. ගම්මුල්ලේ ශ්‍රී සුමන නාහිමි
14. ගාල්ලේ ශ්‍රී මේධංකර නාහිමි
15. ඉඳුරුවේ ශ්‍රී සුමංගල මේධංකර නාහිමි
16. ගලගම ශ්‍රී අත්ථදස්සී නාහිමි
17. හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි
18. පරලෙ ශ්‍රී සෝභිත නාහිමි
19. රඹුක්පොත ශ්‍රී ප්‍රඥාසාර නාහිමි
20. හාල්දඬුවන ධම්මරක්ඛිත නාහිමි
21. ඌරාපොළ රතනජෝති නාහිමි
22. මොරොන්තුඩුවේ ශ්‍රී ධම්මානන්ද නාහිමි
23. බටුගෙදර ශ්‍රී යසස්සි නාහිමි
24. හඳපාන්ගොඩ ශ්‍රී විමල නාහිමි
25. බෙංගමුවේ ධම්මදින්න නාහිමි

2021.12.19 දින සති අග අරුණ පුවත්පතේ "අරණ" අතිරේකයට රංජිත් ඉලේපෙරුම මහතා විසින් ලියන ලද ලිපියක් ඇසුරෙන්....
සුනන්ද විජේසුන්දර

A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-05-13

කීරි සම්බා වී ප්‍රභේදය සොයාගත් විද්‍යාඥයා





BG 360 හෙවත් කීරි සම්බා වී ප්‍රභේදය සොයාගත් විද්‍යාඥයා -


හැත්තෑව දශකයේදී බතලගොඩ වී පර්යේෂණ ස්‌ථානයට තම මූලික උපාධි පාඨමාලාව යටතේ ව්‍යාපෘති අධ්‍යනයක්‌ සඳහා පැමිණි තරුණ උපාධි අපේක්‌ෂකයෙකි. ඔහු නමින් තිස්‌ස රාජපක්‌ෂ විය. එවකට පර්යේෂණ ස්‌ථානයේ ප්‍රධානියා වූයේ දිවයිනේ නමක්‌ දිනූ වී ප්‍රභේදයක්‌ වන එච්-4 නිපදවීමේ ගෞරවය හිමිකරගෙන සිටි ආචාර්ය හෙක්‌ටර් වීරරත්නයි. ඉහත කී උපාධි අපේක්‌ෂකයා ව්‍යාපෘති අධ්‍යයනය සිදුකළේ ආචාර්ය වීරරත්න යටතේය. මෙම තරුණයාගේ හැසිරීම, විෂය කරුණු හැදෑරීමේ උනන්දුව, කැපවීම සහ තීක්‌ෂණ බුද්ධිය ගැන ඉව ඇල්ලීමට ආචාර්ය වීරරත්න පසුබට වුයේ නැත. ඒ ඔහුගේ සිරිතයි.
උපාධිය සමත් වී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ නිලධාරියෙකු ලෙස පත්වීම් ලබද්දී මෙම තරුණයාව බතලගොඩ වී පර්යේෂණ ස්‌ථානයට අනුයුක්‌ත කර ගැනීමට ආචාර්ය වීරරත්න පෞද්ගලිකවම මැදිහත් වූයේ ඉහත කී ඉව ඇල්ලීමේ ප්‍රතිපලයක්‌ වශයෙනි. එවකට සිටි කෘෂිකර්ම අධ්‍යක්‌ෂ ආචාර්ය අර්නස්‌ට්‌ අබේරත්න වෙතින් කළ මෙම පෞද්ගලික ඉල්ලීම නිසාම තිස්‌ස රාජපක්‌ෂට පළමු පත්වීම ලැබුණේ bathalegoda බතලගොඩටයි. එය ශ්‍රී ලංකාවේ සහල් සංස්‌කෘතියේ අනාගත පෙරළියක්‌ ඇතිකෙරෙන පත්වීමක්‌ බව එකල මෙයට මැදිහත්වූවෝ කිසිවෙක්‌ නොසිතන්නට ඇත.
ආචාර්ය වීරරත්නයන් යටතේ රාජකාරි කිරීම යනු එසේ මෙසේ කටයුත්තක්‌ නොවන බව සැවොම දැනසිටි කරුණකි. එවකට ප්‍රධාන කෘෂිකර්ම මධ්‍යස්‌ථානයන් වූ බතලගොඩ, මහඉලුප්පල්ලම mahailuppallama වැනි පර්යේෂණ ස්‌ථානවල නිලධාරීන්ට සීමාවූ සුවිශේෂ උප සංස්‌කෘතියක්‌ තිබිණ.
නිලධාරීන් ලෙස කාර්යාල කාලසටහන්වලට අනුගතව ක්‍රියා කරනු වෙනුවට ඔවුහු තමාට අයත් බෝග වර්ගවල ජීවන චක්‍රයට සමපාත වෙමින් දිවා රෑ නොබලා පර්යේෂණයන්හි නිරත වීම මෙම උප සංස්‌කෘතියේ ප්‍රධාන ලක්‌ෂණයයි. එකල සිටි ආයතන ප්‍රධානීන්ද, තමාගේ යටතට පැමිණෙන තරුණ නිලධාරීන්ට පුහුණු කරවනු ලැබුවේ මෙම සිරිත් විරිත්ය. ආචාර්ය වීරරත්නයන් යටතේ දැඩි ආචාර්ය ධර්මයන්ට යටත්ව තම රාජකාරි ඇරඹු තිස්‌ස, වීරරත්නයන්ගේ අවසාන ගෝලයා ද විය.
තමාට ලැබෙන අභියෝගයන්ට නොසැලී මුහුණ දීම තිස්‌ස සතු සුවිශේෂී හැකියාවකි. ඔහු නින්දා, අවලාද හමුවේ කම්පා නොවුනා සේම ප්‍රසංශා, සම්මාන හමුවේ උදම් ඇනුවේද නැත. ඔහු දෙපාර්තමේන්තුව තුළත්, ජන සමාජයේත් අප්‍රසිද්ධ චරිතයක්‌ බවට පත්වූයේද මේ නිසාමය.
තිස්‌ස උපන්නේ කෑගල්ල, අදාල , හපුදෙනිය ගමේ මවගේ මහගෙදරයි. ඔහුගේ පියා විදුහල්පතිවරයෙකු වූ අතර ගමේ නැවුම් පහස විඳිමින් මූලික අධ්‍යාපනය ලැබූ තිස්‌ස පසුව කෑගලු විද්‍යාලයට ඇතුළුව සරසවි පිවිසුම තෙක්‌ම එහි ශිල්ප හැදෑරීය. පිරිමි හතරක්‌ සහ ගැහැණු දෙකක්‌ වූ දරු කැලක තිස්‌ස දෙවැනි පිරිමි දරුවාය. ඔහුගේ වැඩිමහල් සොයුරාද මහනුවර ප්‍රදේශයේ ප්‍රකට දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකි.
වී අභිජනනය සිදුකරමින් නව වී ප්‍රභේද බිහිකිරීමෙහි ලා පර්යේෂණ පැවැත්වූ තිස්‌ස පශ්චාද් උපාධිය හැදෑරුවේ පිලිපීනයේ ලොස්‌ බානියෝස්‌හි විශ්වවිද්‍යාලයෙනි.
එහිදී ඔහු ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනය හා අනුබද්ධව පර්යේෂණ කරමින් ලෝ සුපතල වී පර්යේෂකයෙකු වූ ආචාර්ය කුෂ් යටතේ කළ හැදෑරීම් වෙනුවෙන් පශ්චාද් උපාධිය දිනාගන්නා ලදී. අනතුරුව ඔහුගේ ආචාර්ය උපාධියද එක්‌සත් රාජධානියෙන් ලබාගත් අතර ඊට අදාළ පර්යේෂණයන්ද ඔහු සිදුකළේ පිලිපීනයේදීය. මේ සෑම අධ්‍යනයක්‌ සඳහාම වසර ගණන් විදේශ ගතවී සිටියත්, දිවයිනට ආ සැනින් බතලගොඩට යන ඔහු ඇඟට දැනෙන වී ප්‍රභේදයක්‌ බිහිකිරීමේ සිහිනය මල්පල ගැන්වීමට වෙහෙසුනි. වී ප්‍රභේදයක්‌ නිදහස්‌ කිරීම ලෙහෙසි පහසු කර්තර්වයක්‌ නොවේ. ඒ සඳහා විවිධ ස්‌ථරයන්හි නියෝජීතයින් තෘප්තිමත් කළ යුතුය.
පළමුව ගොවියාය. ලෙඩ රෝග අවමයෙන් යුතුව, සාධාරණ කාල පරාසයක්‌ තුළ, සැලකිය යුතු අස්‌වැන්නක්‌ ලබාගැනීම ගොවි මහතාගේ අරමුණයි. දෙවනුව අස්‌වැන්න සකසන මෝල් හිමියාය. කැබලිවීම වැනි හානියකින් තොරව ගුණාත්මක සහලක්‌ නිපදවීම ඔහුගේ අභිප්‍රාය වේ. ඊළඟට පාරිභෝගිකයාය. එයට හෝටල් හිමියන්ද අයත්වේ. ෆ්‍රයිඩ් රයිස්‌, බුරියානි වැනි විශේෂ පිළියෙලකිරීම්වල සිට සරල බත්/පොල්සම්බෝල දක්‌වා පරාසයක්‌ පිරවීමට ඔහු සුදුස්‌සන් සොයමින් සිටී.
ඇලීමෙන්, බෙරිවීමෙන් තොරව පිසගතහැකි සහලක්‌ ඇත්නම් ඔහු තෘප්තිමත්ය. සාමාන්‍ය ගෘහ පාරිභෝගිකයා ගතහොත් ඔහුගේ පැතුම වනුයේ ව්‍යංජන යොදා හොඳට ඇනූ රසවත් බත් කටකි. කම්මැලිකමකින් හෝ වෙහෙසකින් තොරව බත් පංගුව හමාර කරන්නට ලැබුනොත් ඔහුගේ ගත මෙන්ම හිතද පිබිදී යයි.
තෙරක්‌ නොපෙනෙන මේ අභියෝග සියල්ල ජයගැනීමේ අරමුණු හිසෙහි දරාගත් තිස්‌ස, දිවා රෑ වෙහෙසෙමින් වී අභිජනනයේ නියෑලීමේ ප්‍රථිපල කලඑළි බැස්‌සේ බී.ජී. 360 නමැති වී ප්‍රභේදය ඔහු විසින් රටට හඳුන්වා දීමත් සමඟය. එය සාමාන්‍ය වහරේදී කීරිසම්බා ලෙස හැඳින්වුණි. මේ ගැන බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ හිටපු ප්‍රධානියෙකු වූ ආචාර්ය එම්. පී. ධනපාල මහතා මෙසේ සඳහන් කරයි.
"කීරිසම්බා කියන නම දාගත්තේ සමාජය විසින්. ඒක අපිවත්, තිස්‌සවත් හඳුන්වා දුන් නමක්‌ නෙවෙයි. හාල් ඇටයක්‌ ඉදෙන විට සාමාන්‍යයෙන් මහත් වෙනවා. එත් කීරිසම්බා මහත් වෙනවා වෙනුවට වැඩිපුර වෙන්නේ දිගින් වැඩිවීම. කීරක්‌ වගේ දෙපැත්තට දික්‌වෙන හින්දයි ඔය නම වැටුණේ".
මෙය බිහි කිරීම තිස්‌සගේ සුවිශේෂී ජයග්‍රහණයක්‌ වගේම ඔහුගේ වෙහෙසට ලැබුණු මහඟු, ත්‍යාගයක්‌. දැනටත් ලංකාවේ 50% කටත් වඩා වවන්නේ මාස තුන හමාරේ වයස්‌ කාණ්‌ඩයේ වී. කීරිසම්බා වැටෙන්නෙත් ඒ වයස්‌ කාණ්‌ඩයට.
අභිජනන වැඩසටහන් හරහා ගුණාත්මක බව වැඩිකරන විට ඊට වන්දියක්‌ වශයෙන් අස්‌වැන්න අඩුවීම විද්‍යාවේ මූලධර්මයක්‌. ඒ උනත් කීරිසම්බාවල ඒ සඳහා ගෙවූ වන්දිය බොහොම අල්පයි. ඒ නිසා ගොවියාට සාධාරණ අස්‌වැන්නකුත් කීරිසම්බා වගාවෙන් ලබා ගන්න පුළුවන්.
1999 සහ 2004 වසර දෙකෙහිදීම කෘෂිකාර්මික විශිෂ්ටත්වය වෙනුවෙන් වූ ජාතික සම්මානයෙන් ඔහු ජනපති වෙතින් පිදුම් ලැබීය. 2000 වසරේදී පිලිපීනයේ ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනය විසින් පිරිනමන සේනාධීර අනුස්‌මරණ වී පර්යේෂණ සම්මානයද ඔහු විසින් දිනා ගන්නා ලදී.
තමාට ලැබෙන සම්මාන, පදක්‌කම් ආදිය නිවසේ අල්මාරියක්‌ තුළ සැඟවූ තිස්‌ස ඉතා අප්‍රසිද්ධව තම කටයුතු සිදුකරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම යනවිට කීරිසම්බාවලට අමතරව තවත් ජනප්‍රිය වී ප්‍රභේදයක්‌ වන බී.ජී. 357 ද රටට හඳුන්වා දී තිබිණ. තවත් නිර්දේශිත වී ප්‍රභේද රැසකට ඔහුගේ දායකත්වය ලබා දී තිබේ.
මීට වසර කීපයකට පෙර රටේ නමගිය පුද්ගලයින්ට ජනාධිපතිතුමා විසින් කරන ලද සම්මාන ප්‍රදානෝත්සවයක්‌ රූපවාහිනියෙන් නරඹමින් සිටි මෙම ලියුම්කරු දුටුවේ තිස්‌ස රාජපක්‌ෂ තම නම කියවෙනවාත් සමඟම සන්සුන්ව ඉදිරියට ඇදී ගොස්‌ සම්මානයත් රැගෙන ආපසු අසුන් ගතවෙන අයුරුයි. ඒ වන විට ඔහු විශ්‍රාම ලබා වසර කීපයක්‌ද ගතවී තිබුණි. හරියටම ඊට දින දෙකකට පසු මහා දවාලේ කුඩයකුත් ඉහලාගෙන මහනුවර නගරයේ වීදියක්‌ ඔස්‌සේ ඇවිදයන ඔහු මුණගැසුණි. සම්මානය ගැන ලැබුනේ කදිම සාධාරණ පිළිතුරකි.
"අනේ ඔව්, මට කතා කරලා එන්නම කිව්වා. මට නම් එච්චර උනන්දුවක්‌ තිබුනෙත් නෑ. ඒ උනත් නොගිහිනුත් හොඳ නැනේ. මම ගැන හිතලානේ එන්න කියල තියෙන්නේ".
ඔහු සම්මානය පිළිගන්නට ගොස්‌ ඇත්තේ එසේය.
හදිසි අනතුරකට ලක්‌ව රෝහල් ගතව අසාධ්‍ය තත්ත්වයේ සිටියදී වුවද තමා බැලීමට එන හිතවතුන්ට සිනාමුසු මුහුණින් ඔහු කතාකළේ ජීවිතය පිළිබඳව කිසිදු කම්පාවක්‌ නැති පරිද්දෙනි. ඒ ඔහුගේ හැටිය.
විදේශ විනිමය වැයකර ගෙන්වන බාස්‌මති සහලින් කෙරෙන බොහෝ ආහාර වට්‌ටෝරු සඳහා අද කීරිසම්බා ආදේශ කිරීමට ආපනශාලා පියවර ගනිමින් සිටී. ඒ අතින් සිදුවී ඇත්තේ විදේශ විනිමය ඉතිරියකි. ලාංකික වෙළඳපොළෙහි මිල අධිකම දේශීය සහල් විශේෂය වන්නේද කීරිසම්බාය. එහෙත් මේ සඳහා මෙවැනි ඉහළ මිලක්‌ නියම වීම ගැන නම් තිස්‌ස සිටියේ එතරම් ප්‍රසාදයකින් නොවේ.
තිස්‌ස ගැන ලියන්නට අප සිතා සිටියේ කාලෙක පටන්ය. වෙනත් දේශයක මෙවන් විද්වතෙකු සිටියා නම් ඔහු ලබන සුවිසල් ප්‍රසිද්ධිය සහ වරප්‍රසාද දැක ඇති බැවින් ඒවා නැතත්, බත්කන මිනිසුන්ට තිස්‌සව හඳුන්වා දෙන්නට අප හට මහත් ඕනෑකමක්‌ තිබිණ.
එහෙත් මෙතරම් කලින් නික්‌මයාමක්‌ කිසිවිටක නොපැතූ නිසා ලිපිය පමාවීම නිවැරදි කළ නොහැකි වරදක්‌ බවට පත්වී තිබේ. තිස්‌සගේ අවසන් කටයුතු සිදුකරන දින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික අධ්‍යෂවරයෙකු වූ ඡේ.ඒ.ටී.පී. ගුණවර්ධන මහතා විසින් ලියා අප අතට පත්කළ පැදි පෙළකින් තිස්‌සට සමුදෙමි.
කැලේ විකසිත විය - එහිම මුකුලිත විය නමුත් දසතම - සුවඳ විහිදින
ලොවේ සැමදන සුවඳ වින්දහ - සොම්නසින් සිත් සතන් සැනහින
සුවඳ විඳිමුත් නොදත්තෝ ඒ සුවඳ විහිදූ මල කුමක්‌දැයි සොයුර.....!!!
උපුටාගැනීමකි..
මේ ලිපිය ලියපු සෑබෑ අයිතිකරු ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න.මම මේ ලිපිය පල කරන්නේ තිස්ස රාජපක්ෂ මහතාට උපහාරයක් ලෙසය.
බත් කන මිනිසුන්ට තිස්ස රාජපක්ෂ මහතා හදුන්වාදුන්.මෙවැනිම ලිපි රාශියක් ලියා කෘෂිකර්මය ගොවීන් අතරට ගෙන යන සනත් එම් බණ්ඩාර මයා හට බෙහෙවින් ස්තුතිය පුද කරන අතර මෙම ලිපියෙහි සියලුම ගෞරවය එතුමා හට ලැබිය යුතුය.
වැඩිදුර කෘෂිකාර්මික තොරතුරු සඳහා Asanka anurudda අපේ පිටුව Follow කරන්න.Like එකක් දාන්නත් අමතක කරන්න එපා.අනිත් අයටත් තොරතුරු දැනගන්න Share කරන්න.
#RiceFarming #PaddyField #Agriculture #SriLanka #FarmingLife #Paddy #Harvest #Nature #VillageLife #Farming

A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-05-12

ශ්‍රී ලංකාවේ වාසය කරන ජන වර්ග



ශ්‍රී ලංකාවේ වාසය කරන ජන වර්ග 19.
අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ විවිධ සංස්කෘතීන්ට අයත් ජනකොටස් වාසය කළා. ජනවාර්ගිකත්වය අනුව ප්‍රධාන ජන කණ්ඩායම වන්නේ සිංහල ප්‍රජාව. මේ හැර දෙමළ, මුස්ලිම් හා බර්ගර් යන වාර්ගිකයන්ද මෙහි වාසය කරන අතර ඔවුන් හැඳින්වෙන්නේ සුළු ජනවාර්ගිකයන් ලෙසින්. බොහෝ දෙනකු දන්නේ මෙරට වාසය කරනුයේ මෙම ජනවර්ග හතරට අයත් පිරිස පමණක් බවයි. එහෙත් එම ජනවාර්ගිකයන් හැර තවත් සුළු ජනවාර්ගිකයන් රැසක් මෙරට ජීවත් වන බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය මගින් මෑතකදී ප්‍රකාශයට පත් කළ ‘පීපල් ඔෆ් ශ්‍රී ලංකා’ කෘතියේ සඳහන් වනවා. එම කෘතිය අනුව සිංහල, ශ්‍රී ලංකා දෙමළ, මුස්ලිම් හෙවත් යෝනක, ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ, කොළඹ හෙට්ටි, ශ්‍රී ලංකා මලයාලම්, මැලේ, ලන්දේසි බර්ගර්, පෘතුගීසි බර්ගර්, චීන, මෙමන්, මුහුදු වැද්දන්, ශ්‍රී ලංකා භාරත, කැෆර් නොහොත් කාපිරි, දාවුදි බෝරා, ආදිවාසීන්, සින්දි, අහිකුණ්ටක හා පාර්සි යන ජන කණ්ඩායම් 19ක් ශ්‍රී ලංකාවේ වාසය කරනවා.

2012 ජන සංගණනය අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය 20,359,439ක්. (2017 වන විට මෙම සංඛ්‍යාව 21,016,431ක් ලෙස වර්ධනය වී තිබේ.) වාර්ගිකත්වය අනුව සිංහලයන් 15,250,081 හෙවත් ප්‍රතිශතයක් ලෙස 74.90%ක්ද, ශ්‍රී ලංකා දෙමළ 2,269,266ක් හෙවත් 11.15%ක්ද, මුස්ලිම් 1,892,638ක් හෙවත් 9.30%ද ඉන්දියානු දෙමළ 839,504ක් හෙවත් 4.12%ද මැලේ 44,130ක් හෙවත් 0.22%ද, බර්ගර් 38,239ක් හෙවත් 0.19%ද වන අතර සෙසු වාර්ගියන් සියල්ලන්ගේම එකතුව වන්නේ 25,527ක් හෙවත් 0.13% ක් පමණයි.

ඉන්දියානු දෙමළ

සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයාට අමතරව මෙරට වාසය කරන ජාතීන් අතර වැඩි ප්‍රතිශතයක් සිටින්නේ ඉන්දියානු දෙමළ ජනයායි. මොවුන් 1823 වසරේ ඉංග්‍රීසින් විසින් මෙරට තේ රබර් සහ කොකෝවා රබර් වගාව සඳහා ශ්‍රමිකයන් ලෙස දකුණු ඉන්දියාවෙන් රැගෙන ආ පිරිසෙන් පැවත එන්නන් ලෙස සැලකෙනවා. කඳුරට දෙමළ ප්‍රජාව ලෙස හැඳින්වෙන්නේ මෙම පිරිසයි. මෙරට ආර්ථිකයට ඉමහත් මෙහෙවරක් මොවුන්ගෙන් සිදුවෙනවා.

කොළඹ හෙට්ටි

කොළඹ හෙට්ටි අයත් වන්නේ ‘තන වෛස්‍ය’ කුලයටය. වෛස්‍ය යන්නෙහි අරුත කුලීනයා යන්නයි. හෙට්ටි ජනයා ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ විජයාගමනයත් සමඟින් බව ඉතිහාසඥයන්ගේ මතයයි. අශෝක රජුගේ බිසව හා මිහිඳු හිමියන්ගේ හා සංඝමිත්තා මෙහෙණියගේ මව වූ දේවි බිසව ද මෙම ජනවර්ගයට අයත් කාන්තාවක්. හෙට්ටිවරුන්ගේ ප්‍රධාන වෘත්තිය වූයේ වෙළෙඳාමය. ඉංග්‍රීසි පාලන සමයේ මොවුන් මලබාර්වරුන් ලෙසද හැඳින්වුණු අතර පසුව ඔවුන් වෙනත් ජන වාර්ගික කොටසක් ලෙස පිළිගෑනීමට ලක් වුණා. අද වන විට මොවුන්ගෙන් වැඩි දෙනෙක් සිංහලයන් හා දෙමළ ප්‍රජාව සමඟ මිශ්‍ර වී සිටිනවා.



ශ්‍රී ලංකා මලයාලම්

මලයාලි පිරිස් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී ඇත්තේ 14 වැනි සියවසේ බව පැවසෙනවා. පාණ්ඩ්‍ය, චෝල සහ චේර රජවරුන්ගේ කුලී හේවායන් ලෙස ලංකාවට පැමිණ ඇති මේ පිරිස යළි ඉන්දියාවට නොගොස් මෙරට පදිංචි වී තිබෙනවා. 19 වැනි සියවසින් පසු කෝපි, තේ හා රබර් වගාව සඳහා අවශ්‍ය ශ්‍රමිකයන් ලෙසද මලයාලි ජනයා මෙහි ගෙන එනු ලැබුවා. මලයාලි ජනයා පසුව මෙරට වෛද්‍ය, ශාස්ත්‍රාලීය, දුම්රිය, රජයේ සේවය, පොලිස් හා ව්‍යාපාරික ක්ෂේත්‍රවලටද එක් වූවා. 1945 සිට 1967 තෙක් කොළඹ විශාකා විද්‍යාලයේ විදුහල්පතිනිය වූයේද මලයාලි ජාතික සූසන් ජෝජ් පුලිමුඞ් මහත්මියයි. මෙරට සිටි ප්‍රකට හේතුවාදියකු වූ ඒබ්‍රහම් ටී. කොවුර් මහතාද මලයාලි ජාතිකයෙක්. මලයාලින්ගෙන් ඇතැමෙක් සිංහල බෞද්ධ හා ක්‍රිස්තියානි ප්‍රජාව හා මුසු වූ අතර ඔවුන්ගේ දරුවන් සිංහල නම්ගම් භාවිතයට යොමු වී සිටිනවා.

මැලේවරු

ඉස්ලාම් දහම අදහන මැලේවරු ජා මිනිසුන් ලෙසද හැඳින්වෙනවා. ඔවුන්ගේ නිජබිම මැලේසියාව වන අතර සිංගප්පූරුව සහ බෲනේයි රාජ්‍යයන්හිද පැතිර සිටිනවා. මැලේවරු ලංකාවට පැමිණියේ ඕලන්ද යුගයේ සහ බි්‍රතාන්‍ය යුගයේ. එවක මේ දෙරටම ඔවුන්ගේ යටත් විජිතයන්ව පැවැතියා.
බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරට මැලේ රෙජිමේන්තුව නමින් හමුදා අනු කණ්ඩයක්ද තිබුණා. ටී. බී. ජයා, එම්. ජේ. අක්බර් විනිසුරුවරයා වැන්නවුන් මෙරට සිටි ප්‍රකට මැලේ ජාතිකයන්. දොදොල්, බිබික්කං, දෝසි, මුං ඇට කැවුම්, නාසිගොරෙං වැනි මැලේවරුන්ගේ ආහාර රැසක් අපේ සංස්කෘතියට එක්වී තිබෙනවා.

පෘතුගීසි බර්ගර්

පෘතුගීසින්ගෙන් පැවත එන මෙම ජන කොට්ඨාශය මෙරටට පැමිණ වසර 500කට අධික කාලයක් ගතවී තිබෙනවා. මොවුන්ගෙන් වැඩි පිරිසක් ජීවත් වන්නේ මඩකලපුව, අම්පාර හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලයි. දිවයිනේ වෙනත් ප්‍රදේශවලද මොවුන් සු`ඵ කණ්ඩායම් ලෙස විසිර සිටිනවා. පෘතුගීසින්ගෙන් අපේ බසට බොහෝ වදන් එකතු වුණා. අල්මාරිය, අන්නාසි, බාල්දිය, බංකුව, බෝනික්කා, බොත්තම, ගෝවා, කබොක්, කලිසම, කමිසය වැනි බොහෝ වදන් ඒ අතර වනවා.

ඕලන්ද බර්ගර්

ඕලන්ද බර්ගර්වරු ලෙස හැඳින්වෙන්නේ ලන්දේසින්ගෙන් පැවත එන ජන කොටස්. නැගෙනහිර ඉන්දීය ඕලන්ද සමාගමේ සාමාජිකයන් ලෙස මෙරටට පැමිණි ලන්දේසීන් පෘතුගීසින් පලවා හැරීමට දෙවැනි රාජසිංහ රජුට උපකාර කල අතර පසුව මෙරට පාලනය අත්පත් කරගත්තා. 1796 ඉංග්‍රීසි පාලනය ඇරඹීමත් සමඟ ලන්දේසින් මෙරට හැර ගියද පවුල් 912ක් මෙරට රැඳුණා. 1810 වැනි කාලයේ ලන්දේසි ප්‍රජාව ඉංග්‍රීසින් යටතේ අධිකරණ, හමුදා ලිපිකාර වැනි සේවාවන්හි උසස් නිලතල හොබවනු ලැබුවා. වෛද්‍ය ආර්. එල් ස්පිට්ල්, ජොජ් කීට්, ලයනල් වෙන්ඞ්ට්, ඩන්කන් වයිට් මෙරට සිටි ප්‍රකට ඕලන්ද බර්ගර් ජාතිකයන්.

චීන ජාතිකයෝ

අතීතයේ සිටම මෙරට ජීවත්වන තවත් සුළු ජනකොටසක් වන්නේ චීන ජාතිකයන්. අතීතයේ සේද මාවත ඔස්සේ වෙළෙඳාම හා සංචාරය පිණිස ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණියා. මෙරටට පැමිණි චීන ජාතිකයන් අතර දේශාටනයේ යෙදුණු ෆා-හියන් භික්ෂුව හා හියුන් සාං භික්ෂුව පිළිබඳ බොහෝ තොරතුරු සඳහන් වනවා. බි්‍රතාන්‍ය පාලන සමයේ කුරුඳු වගාබිම්වල සේවය සඳහා චීන ජාතිකයන් ශ්‍රමිකයන් ලෙස මෙරටට පැමිණියා. ගාලු සහ ත්‍රිකුණාමල වරාය සහ හැමිල්ටන් ඇල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා චීන ජාතිකයන්ගේ ශ්‍රමය යොදා ගැනුණා. 1940 දී දෙවැනි ලෝක යුද්ධයෙන් හා චීන ජපන් යුද්ධයෙන් අනාථයන් බවට පත් චීන ජාතිකයන් විශාල පිරිසක් මෙහි රඳවන ලදැයි පැවසෙනවා. ඉතා සු`ඵ සංඛ්‍යාවක්ව තිබූ චීන ජනගහණය 2000 පසු විශාල වශයෙන් ඉහළ ගියේ සංවර්ධන ව්‍යාපෘතිවල ශ්‍රමිකයන් ලෙස සේවය කිරීම සඳහා ඔවුන් මෙරටට පැමිණීමත් සමඟයි. මේ වන විට 110,000ක් පමණ චීන ජාතිකයන් මෙරට සිටින බව වාර්තා වනවා.


මෙමන්වරු

මෙමන්වරු ඉන්දියාවේ සින්ද් ප්‍රදේශය (වත්මන් පාකිස්ථානය) නිජබිම කරගත් සුන්නි මුස්ලිම් ප්‍රජාවට අයත් ජනකොට්ඨාශයක්. වාණිජ කටයුතු සඳහා දකුණු ඉන්දියාව ඔස්සේ ලංකාවට පැමිණි විවිධ ජාතීන් අතර මෙමන්වරුද සිටියා. මෙරටට ප්‍රථමයෙන් පැමිණි මෙමන් ජාතිකයා ලෙස සැලකෙන්නේ 1870 දී පමණ මෙහි පැමිණි අබ්දුල් රහ්මන් නැමැත්තෙක්. මන්නා සාත් නමින් හැඳින්වුණු ඔහු යාපනය ප්‍රදේශයේ පාපැදියකින් රෙදිපිළි වෙළෙඳාමේ යෙදුණා. පසුව පිටකොටුවේ ව්‍යාපාරයක් ඇරඹු ඔහු ලංකාවේ පදිංචි වුණා. 1946 ජන සංගණනය අනුව මෙරට සිටියේ මෙනන් ජාතිකයන් 180 දෙනෙක් පමණයි. 1947 ඉන්දියාව දෙකඩ වීමත් සමඟ බහුතරයක් මෙනන්වරු පාකිස්ථානය බලා ගිය අතර සුළු පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියා. මෙහි ව්‍යාපාරවල නිරතව සිටි ඥාතීන් නිසා හෝ විවාහය නිසා බොහෝ පිරිසක් ශ්‍රී ලංකාවේම පදිංචි වුණා. 1981 ජන සංගණනය අනුව මෙනන්වරු 3000ක් පමණ මෙරට වාසය කළ අතර වැඩි පිරිසක් ජීවත් වූයේ අගනුවර ආසන්නයේ. පසු කාලීනව උසස් අධ්‍යාපනයට යෙමු වූ ඔවුන් කර්මාන්ත, වෛද්‍ය, නීති, වැනි වෘත්තීන්හි නියැලුණා. ඔවුන්ගේ බස මෙමානි. එය උර්දු හා හින්දි බසද මිශ්‍ර සින්දි උප භාෂාවක්.

මුහුදු වැද්දෝ

ශ්‍රී ලංකාවේ ආදිවාසි ප්‍රජාව උප කණ්ඩායම් තුනකට අයත් වනවා. ඒ ගල් වැද්දන්, ගම් වැද්දන් හා මුහුදු වැද්දන් ලෙසින්. මුහුදු වැද්දන් ලෙස හැඳින්වෙන්නේ මුහුදුකරයේ වාසය කරන ආදිවාසීන්. අනෙක් වැදි උප කණ්ඩායම් වැදි බස හෝ සිංහල හෝ භාවිත කරන අතර මොවුන් භාවිත කරනුයේ දෙමළ බසයි. මොවුන්ගේ ප්‍රධානතම වෘත්තිය මසුන් මැරීම. මුහුදේ, කළපුවල හෝ ගංගාවල මසුන් මැරීමෙන් ඔවුන් තම ජීවිකාව ගෙන යනවා. මෙම වැදි පිරිස මුලින්ම හඳුනා ගනු ලැබුවේ 1911දී සෙලිග්මාන් විසින්. ඔහු ඔවුන් හැඳින්වූයේ නැගෙනහිර වෙරළේ වැද්දන් ලෙසයි. මෙම මුහුදු වැද්දන්ගේ ප්‍රභවය කෙලෙස සිදුවූයේද යන්නට පැහැදිලි පිළිතුරක් නොමැති වුවද ඔවුන්ගේ මුඛ පරම්පරාගත තොරතුරු අනුව ඔවුන් රට මධ්‍යයේ සිටි වැද්දන්ගෙන් පැවත එන්නන් පිරිසක්. එහෙත් රට මධ්‍යයේ සිටින වැද්දන් මොවුන් තමන්ගේ පිරිසක් ලෙස පිළිගැනීමට සූදානම් නැතැයි හියු නෙවිල් තම කෘතියක සඳහන් කර තිබෙනවා. මොවුන් කිසිදු වරිගයකට අයත් නොවන බව රට මැද සිටින ආදිවාසීන්ගේ මතය බව නෙවිල් වැඩි දුරටත් සඳහන් කරනවා. දැනට මුහුදු වද්දන් 2460 දෙනෙක් සිටින බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා භාරත ජනයා

භාරත ජනයා නමින් හැඳින්වෙන ජනතාව දකුණු ඉන්දියාවේ සිට මෙහි පැමිණි වෙළෙඳ ප්‍රජාවක්. සාමකාමී හා නීති ගරුක මෙම ප්‍රජාව මන්නාරමේ සිට පානදුරය දක්වා වන මුහුදුබඩ තීරයේ ජීවත් වූවා. ඔවුන් ප්‍රථමයෙන් මෙහි පැමිණියේ මන්නාරමේ මුතු කිමිදීම හා වෙළෙඳාම සඳහායි. කොළඹ වරාය ඉදි කිරීමේදී එහි සේවය සඳහාද භාරතවරුන් මෙහි පැමිණ තිබෙනවා. පසුකාලීනව පොල් හා කරවල වෙළඳාමටත්, දේපල ඉඩකඩම් අලෙවියටත් ඔවුන් සම්බන්ධ වුණා. මොවුන්ගෙන් පිරිසක් මුහුදුකරයෙන් රට මැදට ගිය අතර නුවර හා කුරුණෑගල ප්‍රදේශවලද පදිංචි වුණා. පැරැන්නන් දෙමළ බස පමණක් වැහැරුවද තරුණ පරපුර සිංහල දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනම කතා කළ හැකි පිරිසක්. මොවුන්ගේ ප්‍රධාන ආගම රෝමානු කතෝලික ආගමයි. පරවර, පරාව, පරාවර් වැනි නම්වලින් හැඳින්වෙන්නේද මෙම ජනකොටසයි. කොස්තා, රෝච්, ද කෲස් යන වාසගම් ඔවුනට හිමියි.

කාපිරි නොහොත් කැෆර් ජනතාව
ශ්‍රී ලංකාවේ සිටින කාපිරි ජනයා සියවස් ගණනකට ඉහත මොසැම්බික් දේශයේ සිට මෙරටට රැගෙන එන ලද පිරිසක්. මෙම අප්‍රිකානු ශ්‍රී ලාංකියන්ගේ සංස්කෘතිය ක්‍රියොල් සංස්කෘතිය ලෙසද හැඳින්වෙනවා. පෘතුගීසීන් විවිධ සේවා සඳහා අප්‍රිකානුවන් 3000ක් පමණ 16 වැනි සියවසේදී මෙරටට රැගෙන ආවා. පසුව ආරාබි වෙළෙඳුන්ද, ඕලන්දයන්දයන් හා ඉංග්‍රීසීන් විසින් ගෘහ සේවය සඳහා ද වතුවල සේවය සඳහා ද හේවායන් ලෙසද මොවුන් ගෙනවිත් තිබෙනවා. පුත්තලමේ සිරම්බිඅඩියේද, ත්‍රිකුණාමලයේ පල්ලායිඋත්තු හිද, කල්පිටිය මඩකලපුව හා මීගමුව වැනි ප්‍රදේශවලද ඔවුන් වාසය කරනවා. අද මොවුන්ගෙන් බොහෝ දෙනෙක් සිංහලයන් හෝ දෙමළ ජනයා සමඟ මුසුවෙලා.

ශ්‍රී ලංකා දාවුදි බෝරා

සියවස් දෙකකට අධික කාලයක සිට දාවුදි බෝරාවරු ශ්‍රී ලංකාවේ වාසය කරනවා. ශ්‍රී ලංකාවට පැමිණි පළමු බෝරාවරයා ක්‍රි. ව. 1830 දී පමණ වයඹදිග ඉන්දියාවේ කුච් නගරයේ සිට පැමිණි ජැෆර්ජි එසාජි නමැත්තෙක්. ඔහු මුහුදු යාත්‍රාවකින් කුච් සිට මාලදිවයින වෙත යාත්‍රා කරමින් සිටියදී කුණාටුවකට හසුවීම නිසා ගාල්ලට ළඟාවී තිබෙනවා. පසුව ජැෆර්ජි එසාජි ගාල්ල ප්‍රදේශයේ තම ව්‍යාපාරික කටයුතු ආරම්භ කළා. ක්‍රමයෙන් ඔහුගේ නෑ පිරිවරද මෙහි පදිංචියට පැමිණ තිබෙනවා. කරීම්ජි ජැෆර්ජි නම් වූ ඔහුගේ පුත්‍රයා පසුව ව්‍යාපාරික කටයුතුවල නිරත වූ අතර ගාල්ලේ අදටත් දැකිය හැකි ලංකාවේ පළමු බෝරා දේවස්ථානය ඉදිකර තිබෙනවා. 1850 දී පමණ කොළඹට සංක්‍රමණය වූ මෙම වෙළෙඳ ප්‍රජාව සහල්, සීනි, භූමිතෙල් හා විවිධ ධාන්‍යවර්ග හා රෙදිපිළි ආනයන හා අපනයන ව්‍යාපාරවල නිරත වුණා. 19 වැනි සියවසේ සිට මෙරට වෙළඳාමේ ප්‍රබලයන් වූ අදම්අලී, හෙබ්තුල්ලාබෝයි, ඩාවුද්බායි, නූර්බායි, ජැෆර්ජි සහොදරයෝ, අක්බාර් සහෝදරයෝ වැනි සමාගම්වලින් සමහරක් වර්තමානයේද ක්‍රියාකාරීයි.

වැදි ජනතාව

වැද්දා යන්නෙහි අරුත දඩයක්කාරයා යන්නයි. ලංකාවේ ආදිවාසි ජනයා ලෙස හැඳින්වෙන වැදි ජනයා විජය හා කුවේණියගේ දරුවන්ගෙන් පැවත එන බවට මහවංශයේ සඳහන්. වැද්දන් මිශ්‍ර මානව වර්ගයක් ලෙසයි හඳුන්වා ඇත්තේ. ඔවුන් නීග්‍රෝ, ඔස්ට්‍රලොටිඞ්, හා පාෂාණ යුගයේ මධ්‍යධරණී මනුෂ්‍ය වර්ගයාගේ මුසුවක් ලෙස හැඳින්වෙනවා. ලංකාවේ වැදි ජනයා විවිධ ගෝත්‍රවලට අයත් වනවා. බණ්ඩර නොහොත් රුගම්, මොරාන, උනාපාන, ඌරු, නබුදන්, නබදාන ඇඹල තලා වැනි ගෝත්‍ර ඒ අතරින් ප්‍රධානයි.

ශ්‍රී ලංකා සින්දි ජනතාව

සින්දි ජනයාගේ මව්රට ඉන්දියාවේ සින්ද් ප්‍රාන්තයයි. ඉන්දියාව දෙකඩ වීමෙන් පසු එම ප්‍රාන්තය පාකිස්තානයට එක් වුණා. සින්දි ජනයා 19 වැනි සියවසේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සේද වෙළෙඳාම සඳහායි. කොළඹ කොටුව ප්‍රදේශයේ වෙළෙඳාමේ නිරත වූ ඔවුන් නැව් මගින් මෙරටට පැමිණි යුරෝපීය සංචාරකයන්හට සේද රෙදි සහ කුඩා මෙවලම් අලෙවි කිරීමේ නිරත වුණා. පසුව පිටකොටුව කෙලින් වීදියේ වෙළෙඳසැල් පිහිටුවා ගත් ඔවුන් තොග වෙළෙන්දන් ලෙස ප්‍රකට වුණා. 1924දී ලංකා සින්දි වෙළෙඳ සංගමය පිහිටුවා ගත් මේ පිරිස මෙරට ප්‍රධාන නගරවල වෙළෙඳ කටයුතු මෙහෙය වූවා. ලංකාවේ සිටින සින්දි ප්‍රජාව වහරන බස වන්නේ සින්ද් දේශයේ බසයි. ලේඛනය අප මෙන් වමේ සිට දකුණට නොව දකුණේ සිට වමට ලියවෙන්නක්.

අහිකුණ්ටික ජනයා

අහිකුණ්ටික ජනයා දකුණු ඉන්දියාවෙන් මෙහි පැමිණි ජන කොට්ඨාශයකින් පැවත එන පිරිසක්. කුරවර් ගෝත්‍රිකයන්ගෙන් ඔවුන් පැවැත එන බව පැවසෙනවා. තෙළිඟු බස වහරන ඔවුන් කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වෙමින් ,කලින් කලට තැනින් තැනට යමින් දිවි ගෙවන පිරිසක්. මොවුන්ගේ ප්‍රධාන රැකියාව නයින් හා රිලවුන් නැටවීම හා ශාස්ත්‍ර කීමයි. වෙන්කඬේස්, මාසෙම්මා, සෙල්ලපූර් අම්මා, මාඩසාමි ඔවුන් අදහන දෙවිවරුයි. ඔවුන්ගේ නිවෙස් හැඳින්වෙන්නේ නායිල්ල නමින්.

ශ්‍රී ලංකා පාර්සිවරු

ලොව පුරා සිටින පාර්සි ජනගහනය 100,000කට අධික නොවේ. ඉන්දියාවේ බොම්බාය ආශ්‍රීත නගරවල ජීවත් වන මෙම ජනයා සියවස් 10කට පමණ ඉහත පර්සියාවෙන් බිහිවූ ජන කණ්ඩායමක්. අරාබීන් විසින් පර්සියාව අත්පත් කරගත් පසු ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඉන්දියාවේ පදිංචියට පැමිණ තිබෙනවා. මෙමොන්, බෝරා, භාරත සහ හෙට්ටි මිනිසුන් මෙන්ම පාර්සිවරුද වෙළෙඳ ප්‍රජාවක්. පාර්සිවරු ශ්‍රී ලංකාවේ වාසයට පැමිණ ඇත්තේ 19 වැනි සියවසේ මුල් භාගයේදී. 1930 වසරේ පාර්සිවරු 450ක් පමණ මෙරට වාසය කළද 2005 වන විට එම සංඛ්‍යාව 45 දක්වා අවම වී තිබෙනවා. පාර්සිවරුන් වහරන්නේ ගුජරාටි බසයි. මෙරට ප්‍රකට වෙළෙඳ සමාගමක් වන අබාන්ස් හි හිමිකාරිය වන අබාන් පෙස්ටන්ජි මහත්මිය සහ ජොන් කීල්ස් සමාගමේ වැඩිම කොටස් හිමිකරුවන් වන කැප්ටන් පවුල මෙරට සිටින ප්‍රකට පාර්සි ව්‍යාපාරික පවුල්ය. වැල්ලවත්ත රෙදිමෝලේ හිමිකාරිත්වය එවක පැවතියේද කැප්ටන් පවුල යටතේයි. බොම්බායේ සිට පැමිණි කාන් පවුල එවක මෙරට වැඩිම තෙල් මෝල් හිමිකරුවන් වුණා. පිටකොටුවේ කාන් ඔරලෝසු කණුව ඉදිකරන ලද්දේ ඔවුන් විසින්.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

A day in the life 
ජීවිතයෙන් දවසක් .