වෙළද පල |
මුහුද ලිහිනියා |
සාර්ථකත්වය යනු ඔබ කැමති දේ ලබා ගැනීමයි. සතුට යනු ඔබට ලැබෙන දෙය රැක ගැනීමයි.
(වේදනාදි චෛතසික) ධර්මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් පහන් සිතින් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහු කැටුව යෙයි. නොහැර කැටුව යන සෙවණැල්ල මෙනි.
ස්වභාවධර්මයේ පරිකල්පනය මිනිසාගේ පරිකල්පනයට වඩා බෙහෙවින් වැඩි ය, ඇය කිසි විටෙකත් අපට විවේකීව සිටීමට ඉඩ නොදේ.
නමුත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න, එවිට ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද ඔහු නපුරටද යහපත් අයටද තම හිරු උදා කරවනසේක.
"....එබැවින් මා වෙතින් ඔබට මගපෙන්වීම පැමිණෙන විට, කවුරුන් හෝ මාගේ මඟ පෙන්වීම අනුගමනය කරයිද, එවිට ඔවුන් කෙරෙහි කිසිඳු බියක් හෝ ශෝකයක් ඇති නොවේ." ආයට් 38.
වෙළද පල |
මුහුද ලිහිනියා |
මෙම සටහන කළ යුතුව තිබුනේ ජනවාරි
මාසයේදීය. අප යාපනයේ සංචාරයක් සදහා දින නියම කර ගෙන සිටියෙමු. එක්වු පිරිස ගේ
කැමැත්ත වූයේ අශ්වයින් බැලීම සදහා ඩෙල්ෆ් දූපත වෙත යාමය. බොහෝ දෙනාගේ කැමැත්ත ජයග්‍රහනය
කරනු ලැබීය.
ගමනට සූදානම්ව |
ගමාන්තයේ. |
ජනවාරි 11 දා කන්කසන්තූරේ තල් සෙවනේ ලැගුම් ගත් අපි තෙවෙනි දින පාන්දරින්ම කුරිකඩ්ඩුවාන් ජැටිය වෙත පැමිණියෙමු . වෙලාව පෙරවරු හත පමන් විය. වඩතාරකී යත්‍රාව ඩෙල්ෆ් බලා පිටත් වීමට සුදානමින් ජැටියේ නැන්ගූරම් ලා තිබුනේය. මෙම යාත්‍රාවේ පිටත් වීමට සීයයකට අධික මගී පිරිසක් පෙල ගැසී සිටිය අතර ඔවුන් දූපත තුල සේවය කරනු ලබන ගුරුවරුන් රාජ්‍ය සේවකයන් බව කතා බහෙන් සිතා ගන්නට හැකිවිය.
යාපනයේ සිට කුරිකඩ්ඩුවාන්
ජැටිය දක්වා ලංගම සහ පෞද්ගලික බස්රථ සේවාවක් ඇත. කුරිකඩ්ඩුවාන් ජැටියෙන් මාර්ග
සංවර්ධන අධිකාරිය මගින් යොදවා ඇති වඩතාරකී සහ කුමුදිනී නමින් යාත්‍රා දෙකක් සේවයේ
යොදවා ඇත. මේ යාත්‍රා දෙකෙන් යන මගීන් ගෙන් මුදල් අය කරන්නේ නැත.පෞද්ගලික යාත්‍රා
කිහිපයක් ඇති අතර ඔවුන් ගමන් වාර සදහා මුදල් අය කරනු ලබන්නේය. මුහුද රළු නොවන
කාලවලදී මෙවැනි යාත්‍රාවකට කුරිකඩ්ඩුවාන් සහ ඩෙල්ෆ්ට් අතර ගමන් කිරීමට පැයක පමණ
කාලයක් ගතවේ. මුහුද රළු කාලවලදී ගතවන වේලාව ඊට තරමක් වැඩිවන බව සදහන් විය.
ඩෙල්ෆ්ට් දූපතට යාත්‍රාවක්
පැමිණෙනවාත් සමගම එහි මගීන් රැගෙන යාමට ඒ සඳහා යොදවා ඇති බස් රථය දූපත වටා
ඇති නොයෙකුත් ගමන්නාන්ත කරා මගීන් ප්‍රවාහනය කෙරේ. දිනකට හතර වතාවක් පමණ මෙම බස්
රථය සේවයේ යොදවා ඇත.ආපසු පැමිණිමේදීද මෙම සම්බන්ධතාවය ප්‍රවාහනය සදහා ක්රීයාත්මක
වන්නේය.
"වඩතාරකී" යාත්‍රාව අප රුගෙන නෙඩුන්තිව් හෙවත් ඩෙල්ෆ් දූපතට නිරූපද්‍රිතව පැමිණියාය. වෙලාව
පෙරවරු නවයට ආසන්නය. ජැටිය ආසන්නයේ එක් ආපන ශාලාවක් අපේ අවශ්‍යතාවය තෝසේ , වඩේ වැනි කෑම වලින්
සම්පූර්න කලේය.
උදේ ආහාරය සම්පුර්න කලාය. |
සපාරි රථයක් වෑන් රියක් ගනුදෙනු කරුවන් සොයමින්
සිටි බැවින් අපි ගමනට සපාරි රථය තෝරා ගතිමු. වැසි සහිත කාලගුණය මැද ඇරඹි ඩෙල්ෆ් දූපත ඇතුලත
සංචාරයට ඊළග වියමනෙන් කැදවා ගෙන යන්නට දැනට නවතින්නම්.
යාපනය නගරය අවට තොරතුරු බැලීමට දිනක් වැය කල බැවින් නල්ලූර් කෝවිල, යාපනය පුස්ථකාලය ඕලන්ද කොටුවට යා හැකිවිය. යාපනය නගරයද අළුත් අත්දැකීමක් වු බව සදහන් කල යුතුව ඇත.
විශේෂයෙන් ඉන්දියානු රෙදි පිලි, රසකැවිලි, විදේශිය සන්නාමයෙන් යුතු ටොෆී , චොක්ලට්
වෙළද පලෙහි සුළභ විය. රන් ආභරණ වෙළද පලද, ආකර්ෂණීය බව සදහන් කල යුතුය.
අපේ
කන්ඩායමට නවාතැනෙන් බැහැරව යාපනයේ ආහාර ගැණිමේ උවමනාවක් තදින්ම තිබුන බැවින් ඒ
සදහා ද උදේ සහ දහවල් ආහාර යාපනයේ ඌරුවට ලබා ගත්තේ තවත් අළුත් අත්දෑකීමක් එක්
කරමින්ය.
මීලග
වියමන ඩෙල්ප් දූපත වෙනුවෙන් යොමු වෙන බව සලකන්න.
👨👨👨👨👨👨👨👨👨👨👨
ප්‍රසන්න
අප්‍රසන්න මාතෘකාවක් බවට පත් වුනා. කොළඹ මහාධිකරණය දුන් තීන්දුවක් වර්තමාන
දේශපාලනයේ සෑබැ යක්ෂ මුහුන හෙළිදරවි කලා.
මේ
මග ගියෙත් යන්නේත් බස්නාහිර මහ ඇමති පමනක්
ද ?.
මට
මතක් වුනේ ඉණ්දියාණු දමිළ චිත්‍රපටිවල ඉන්න දේශපාලන චරිත. ඔවුන් දූෂණය. මැරකම්,
කරමින් තම මඩිය පිණිසම අවලම් ජඩ වැඩ කරන්නන්. නිවාස ව්‍යාපෘතින් සදහා දුප්පත්න්ගේ
ඉඩම් කොල්ල කා ගන්නා වෘත්තාන්ත ත් මේ චිත්‍රපටිවල තියෙනවා.
දේශපාලනඥයන්ගේ
කප්පම් ඉල්ලීම් නිසා මේ රට අත්හැර වෙනත් රටවල ආයෝජනය කල විදේශීය ආයෝජකයින් ගැන
මීදුම අහල තියෙනවා. ඒ තරමටම කප්පම් මුදල බරපතලයි. දේශීය ව්‍යාපෘති කරන විට කොන්ත්‍රාත්
කරුවන්ගෙන් කප්පම් ගන්නවා. කප්පම අනුව තමයි ව්‍යාපෘතිය ලැබෙන්නේ. මේ පේලියට
දේශපාලකයා, ඉන්ජ්නේරුවා ගේ පටන් වැඩපරිපාලකයාත්
ලිපිගොනුව සකස් කරන ලිපිකරුවා සහ කාකසත් අයත්.
කාලෙකට පස්සේ . |
බොහෝම
කාලයකින් සටහනක් මීදුමට වියමන් කලේ නැහැ. වියමන් නොකරපු කාලේ බොහෝම විපර්යාසයන්
සිද්ධවෙලා තියෙනවා. අළුත් රජයක් අළුත් ජනාධිපතිවරයෙක් ඇවිත් අද වන විට ඒ ආයතන දෙකම
අර්බූදයට ලක්වෙලා. රටත් අර්බූදයට ලක්වෙලා. ජනතාවගේ ආහාර, ඇදුම් පැළදුම් පවා ඒ
අර්බූදය විසින් ගිල ගෙන.
අපේ
බලාපොරොත්තුව රට දියුණු වෙනවා දකින්න. රට දියුණු වෙනවා නම් ජනතාවගේ ආර්ථිකය,
මානසිකත්වය දියුණුවට පත්වෙනවා. ඒත් අද මේ සියල්ල පරිහාණියට පත්වෙලා. දියුණුවට
ජනතාවත් කැපවීමකට ලක්වෙන්න ඕන. ජනතාවට ආදර්ශයක් වෙන්න පාලකයොත් කැපවීම් කරන්න ඕනි.
පාලකයෝ දක්වන්නේ කකුළු න්‍යායක්. ඔවුන් හරහට යන ගමන් ජනතාවට කෙලින් යන්න කියනවා.
සහනාධාර
මත රැදී රටක් දියුණු වේද ?. මෙයත් ප්‍රශ්නයක්.
අධ්‍යාපනය
, සෞඛ්‍ය , නොමිලේ ලබා දෙනවා. ඉන්ධන ,
විදුලි බිල .වතුර බිල වැනි දේ සදහා රජය සහන සලස්වනවා. මේ සහනාධාරයන් ඒ ඒ ආයතනයන්ට
කපා හැරියොත් මිළ ඉහල යනවා. ජනතාව මේ ක්‍රමයට හුරුවෙලා. මේ ක්‍රමයෙන් බැහැර වෙන්න
ගියාම ආණ්ඩුව කරන අයගේ අම්මා අප්පා මතක් කරනවා.
ආණ්ඩුව
ලෝකේ වටේ දුවනවා ණය......ණය .........ණය හොයා ගෙන ජනතාවට කන්න දෙන්න. ඉන්ධන අඩු
මිළට හොයා දෙන්න. මේවා නිෂ්පාදන පිරිවැය නෙවෙයි. පරිභෝජන පිරිවැය. කාලා බීලා ,
වාහනෙන් රවුමක් ගියාම ණය වාෂ්ප වෙලා යනවා. ආපහු ගෙවන්නේ කොහොමද ?.
මේ
සහනාධාර දෙන ක්‍රමවේදය රටකට ඔරොත්තු දෙන්නේ නැහැ.සහනාධාර සැපයිය යුතු කොටස්
ඉන්නවා. ඒත් අද වෙන්නේ සහනාධාර නොදිය යුතු කොටසටත් සමගම සියල්ල සහනාධාර සැපයීම.
ඉන්ධන තැන හිතමු . V8 පදින අයට වගේම ස්කූටරයේ තෙමි තෙමී අවුවට කර
වෙවි යන කෙනාටත් ලැබෙන්නේ එකම සහන මිලට
ඉන්ධන.
ඉන්ධන විතරක් නෙමෙයි. සෞඛ්‍ය පහසුකම් සියල්ලටම නොමිලේ සැපයිය යුතු නැහැ. අධ්‍යාපන පහසුකම් සියල්ලටම නොමිලේ සැපයිය යුතු නැහැ.
පිලේ පැදුර හේනට අරගෙන යනවා
එලා පැදුර එහි මැස්සේ සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා
ඉර පායා ඉර අවරට ගියදෝ
සද පායා සද අවරට ගියාදෝ
හැඩු කදුළු මුහුදට එක්වුනාදෝ
හැඩු කදුළු මුහුදට එක්වුනාදෝ
ළමා ලපටි නෑනා කොයි ගියාදෝ
ඔබේ කරට මල් මාලා ගොතන්නට
මදු මල් පිපෙනවා හේනේ වැට දිගට
ඔබේ
කටින් ගී සීපද අහන්නට
ඔබේ කටින් ගී සීපද අහන්නට
තවමත් ගිරව් එනවා පෙර පුරුද්දට
පිලේ පැදුර හේනට අරගෙන යනවා
එලා පැදුර එහි මැස්සේ සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා
-ආචාර්ය
අමරදේව
මුහුදු මහා විහාරය.
මතුගම සෙනෙවිරුවන් ගේ වියමනක්.සිංහල බෞද්ධයන්ගේ අද්විතීය වන්දනා ස්ථානයක් වන පොතුවිල් මුහුදු මහා විහාරය කාලයක් තිස්සේම අන්‍යාගමිකයන්ගේ අතවරයන්ට ලක්ව වැනසුණු පුදබිමකි. මහා දාඨිකමහානාග නොහොත් මහදැළියාමානා රජු විසින් ඉදිකරන ලදැයි සැලකෙන මෙම විහාරය වටා තිබෙන ඓතිහාසික නටබුන් රාශියකි. නැගෙනහිර පළාත ලන්දේසීන් විසින් සිය සමාගමේ ආධිපත්‍යට ගැනීමෙන් පසු මෙවැනි ස්ථාන රැසක් අනතුරට පත් විය. මේ ප්‍රදේශවල සිංහල ජනගහනය ක්‍රමයෙන් තුනීව ගියේය.
රජයේ ජන සංගණන වාර්තා නිරීක්ෂණය කරන කල්හි මේ බැව් දත හැකිය. කෙසේ වෙතත් සේරුවිල ඓතිහාසික චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ අදිටනින් දකුණේ සිට නැගෙනහිරට ගිය සිංහල වාණිජයන් නිසා මේ පෙදෙස් යළි පිබිදෙන්නට වූයේය. ඒ පිබිදීම අඩපණ කරමින් නැගී සිටි දෙමළ ත්‍රස්තවාදය නිසා වාණිජ ආධිපත්‍ය දැරූ සිංහලයන්ට අවතැන් වීමට සිදු විය. මුහුදු මහා විහාරය පමණක් නොව නැගෙනහිර සියලූ ඓතිහාසික සිද්ධස්ථානයන් අවදානමකට ලක් වන්නේ එතැන් සිටය.
මුහුදු මහා විහාරය ඇතුළත් භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසට ගැසට්ටුවකට නැගෙන්නේ 1951 වර්ෂයේ දීය. ඒ අක්කර හැත්තෑදෙකකුත් රූඞ් තුනකුත් පර්චර්ස් දහතුනක භූමියක් වෙන්කරලමිනි. මතුපිට පවතින පුරාවස්තු සලකා බලමින් නිකුත් කරන ලද එම ගැසට්ටුවෙන් පසුව 1965 දී නැවත වෙනස් කොට අක්කර 30 කුත් රූඞ් තුනකුත් පර්චර්ස් දහතුනක් වන පිරිදි නැවත සංශෝධනය වී තිබේ. ඒ කුමන හේතුවක් නිසාදැයි දක්වන කිසිදු වාර්තාවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව නැත. 1975 වර්ෂයෙන් පසුව හිටපු පුරාවිද්‍යා කොමසාරිස් රාජාද සිල්වා මහතා ගේ මූලිකත්වයෙන් මුහුදු මහා විහාර භූමියේ කරන ලද කැණීම්වල ප්‍රතිඵලයක් වශයෙන් අතිවිශේෂ පිළිමගෙයක් මතු කර ගැනීමට සමත් විය. මෙම පිළිම ගෙය අනුරාධපුරයේ පසු භාගයට අයත් සහ මුල් භාගයට අයත් බවට හඳුනා ගන්නට යෙදුණි. එයට අමතරව පොතුවිල මුහුදු තීරයේ වූ වැල්ලෙන් වැසී ගිය නටබුන් වූ දාගැබ් දෙකක් ද හඳුනා ගන්නට යෙදුණි. රාජ ලීලාවෙන් සිටින බෝධිසත්ව ප්රතිමාවක්ද මෛත්‍රී බෝධිසත්ව පිළිමයක්ද මෙම පිළිම ගේ තුළ තිබෙන අතර ඒවා කැණීම් වලින් පසුව සංරක්ෂණය කරන්නට යෙදුණි. බුදු පිළිමයේ හිස කිසියම් පුද්ගලයෙකු විසින් ගලවා ගෙන ගොස් තිබූ අතර එය මෙහි සිටි පුරාවිද්‍යා මුරකරු වන මජීඞ්ගේ ගෙයි ළිප් ගලකට ගෙන ඇති බව පසුව සොයා ගැනීමට හැකි විය. 1978 වර්ෂය වන විට මෙහි තහවුරු කිරීම අවසන් වූ අතර පිළිම ගෙයට යාබද සීමා පවුර ද ලකුණු කොට තිබුණි.
පුරාවිද්‍යා රක්ෂිතය භාරව සිටින මුස්ලිම් මුරකරු වරක් විහාරාධිපතිව වැඩසිටි පූජ්‍ය කතරගම සිරිරතන හිමියන්ට අඩන්තේට්ටම් කිරීම සඳහා මුස්ලිම් පිරිසක් උසිගන්වන ලදහ. බුද්ධ ප්‍රතිමාවට පළන්දන ලද සිවුර ගලවා වීසි කළහ. මේ ආකාරයට කොටි ත්‍රස්තවාදී සමයේ හුදකලා වූ මුහුදු මහා විහාරය සතු ඉඩ කඩම් වලින් අක්කර නවයක් ජය භූමි පැවරුම් මගින් මුස්ලිම් වරු සන්තක කිරීමටද ප්‍රාදේශීය ලේකම් වරයා ගත් පියවරට එරෙහිව කිසිවෙක් ක්‍රියා නොකළහ. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපතිනිය ලෙසට කටයුතු කළ වකවානුවේදීය. එතුමියගේ අත්සනින් යුතු ජයභූමි ඔප්පු ගත් මුස්ලිම් ජන කොටස් දිගින් දිගටම මෙම ඓතිහාසික භූමිය ආක්‍රමණය කරමින් සිටී. කතරගම සිරරතන හිමියන්ගෙන් පසුව මෙහි විහාරාධිපති ධූරයට පත් පූජ්‍ය වරකාපොළ ඉන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේ මුහුදු මහා විහාරයේ දියුණුව උදෙසා විශාල වැඩ කොටසක් ඉටු කර ඇත.
ඒ අතර 2012 වර්ෂයේ දී දිනක් මුස්ලිම් පිරිස මෙහි පැමිණ වැල්ලට යටව තිබූ පැරණි චෛත්‍යය ඩෝසර කිරීම නිසා මහත් කලබගෑනියක් ඇති විය. මේ තත්ත්වය තුළ රජයට තවත් කරබාගෙන සිටිය නොහැකි විය. අම්පාර දැයට කිරුළ උත්සවයට සමගාමීව මුහුදු මහා විහාරය සංවර්ධනය ආරම්භ කරන ලද අතර අභිනවයෙන් බුදු මැඳුරක් ද එයට ප්රවිශ්ඨ විය හැකි නව මාවතක්ද විවෘත කරන ලදහ. මෙයට හේතු වූයේ මුහුදු මහා විහාරයට ප්රවිශ්ඨ වීමට තිබූ පැරණි මාවත දෙපස ඉඩම් අල්ලා ගෙන යන එන වාහන වලට කරදර පැමිණවීමට කටයුතු කිරීමයි. අලූතෙන් මාවතක් ඉදිවී විහාරස්ථානය සංවර්ධන වීම නිසා කෝපයට පත් මුසල්මානුවන් යළිත් වරක් සංවිධානය වී ආවාස ගෙයට ගිනි තබන ලද්දේය.
යහපාලන රජය සමයේ දී රනිල් වික්‍රමසිංහ මහතා දුන් නියෝගයක් නිසා උතුරු සහ නැගෙනහිර පුරාවිද්‍යා ගවේෂණ කටයුතුද ගැසට් කිරීමේ කටයුතු ද අත්හිටුවින. ඒ යුගයේ දී සාම්පූර් දාගැබ තිරුකෝවිල් සහ සාගම දාගැබ් ඩෝසරයට යට කරන ලද්දේ අන්තවාදීන්ගේ ඉඩම් තණ්හාවට ඉලක්කයක් වෙමිනි. මේවායින් ලැබුණු ඇතැම් පුරාවස්තු අදටත් උසාවි වල නඩු භාණ්ඩ වශයෙන් පවතින බව මතක් කළ යුතුය. මුහුදු මහා විහාරයේ රක්ෂිතය සම්බන්ධ ගැටලූව විසඳීම පිණිස අධ්යක්ෂ ජනරාල් වරයා විසින් නීතිපති අදහස් විමසන ලද අතර 2019 දී එයට පිළිතුර ලැබුණි. නීතිපතිවරයාගේ පිළිතුර වූයේ 1965 වර්ෂයේ නිකුත් කරන ලද නව ගැසට් පත්‍රය වලංගු බවයි. කෙසේ වෙතත් 1951 වර්ෂයේදී හඳුනාගන්නා ලද මතුපිට පුරාවස්තු සියල්ල ඒ වන විට මුසල්මානුවන් විසින් විනාශ කර තිබුණි. අක්කර හැත්තෑදෙක තිහට අඩුවූයේ ඒ හේතුවෙනි. ඉන්පසු අනූව දශකයේ දී තවත් අක්කර නවයක් මුසල්මානුවන්ගේ ග්‍රහණයට ලක් වී තිබුණේ පළාතේ දේශපාලකඥයන්ගේ සහ මුස්ලිම් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අනුග්රහයෙනි. ඒවායේද මතුපිට පවතින පුරාවස්තු කිසිවක් ඔවුන් ඉතිරිකර තබා නැත.
වත්මන් රජය පත් කිරීමට මූලික හේතුවක් වූයේ මෙරට ජාතික උරුමය සංරක්ෂණයට ආරක්ෂාවට ලැබෙන අනුග්‍රහය පිළිබඳ විශ්වාසයකිනි. කූරගල සහ මුහුඳු මහා විහාරය වැනි තැන් සංවර්ධනය වන්නේ ඒ අනුග්‍රහය නිසා බව බහුතරයකගේ අදහසයි. එහෙත් ඒ තත්ත්වය සැම තැනකම දක්නට නැත. පුරාවිද්‍යා කටයුතු පිළිබඳ නැගෙනහිර කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබෙන්නේද පෙර කී අරමුණු සාක්ෂ්යාත් කර ලීම පිණිසමය. වත්මන් රජය යටතේ මුහුදු මහා විහාර භූමිය නැවත ගවේෂණය කරන ලද අතර එහි වාර්තාව 2020 ජූලි මස 21 දින නිකුත් වී ඇත. එම වාර්තාව ප්‍රකාරව මුසල්මානුවන් වෙත ලබා දී තිබූ ඉඩම්වල භූ අභ්‍යන්තර ගවේෂණයක් නවීන තාක්ෂණය යොදා කිරීමට යෝජනා වී තිබුණි. නමුත් වර්තමාන දේශපාලන තත්ත්වය මත යළිත් මුස්ලිම් බලවතුන්ගේ දේශපාලන කප්පම් වලට වත්මන් ආණ්ඩුව යටවීමේ ප්රවනතාවක් ඇති වී තිබේ යැයි සැකයක් මතු වී ඇත. පොතුවිල් මුස්ලිම් මන්ත්‍රීවරයෙකු ගේ බලපෑම මත දැන් මුහුදු මහා විහාර භූමිය නිරවුල් කිරීමේ කටයුතු නැවතත් මුල් තත්ත්වයට පත් වී තිබේ. මෑතකදී ආරක්ෂක ලේකම්වරයාගේ මූලිකත්වයෙන් පැවති රැස්වීමකදී ප්‍රකාශ කොට ඇත්තේ මුසල්මානුවන් විසින් අල්වා ගෙන ඇති භූමිය පුරාවිද්‍යා රක්ෂිතයෙන් ඉවත් කිරීමට කටයුතු යෙදීම සුදුසු බවයි. එම තීරණය ගත යුතු ද නැතිද යන්න තීරණය කළ යුත්තේ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් වරයා වුවද ආරක්ෂක ලේකම් වරයාට ඒ බලතල ලබා දුන්නේ කවුරුද යන්න විමසිය යුතුය. පොතුවිල් මුහුදු තීරය ආරක්ෂාව අතින් අතිශයින් සංවේදී ප්රදේශයකි. ඒ ගැන නොසලකා මුසල්මානුවන් වෙනුවෙන් හිත උණුකර ගන්නා පුද්ගලයන් පිළිබඳ අපට නැවතත් සිතා බැලීමට සිදුවන්නේ යැයි මෙහිදී සඳහන් කළ යුතුය.
මතුගම සෙනෙවිරුවන්
මුහුදු මහා විහාරය දේශපාලනික වෙලා.
වපසරිය පිලිබදව වචනෙන් දෙකෙන් පලකරන අදහස් මුණු පොතේ
එහාට මෙහාට යනවා.
පුන්නක්කු සාඩින් වහල්ලු මේ කී නොකී හැම දෙනාම කර්කෂක
වාක්‍ය පොල්ලෙන් ගැහුවා වගේ අත හරිනවා.
මගේ උගත් මිත්‍රයෝ සහෝදරයෝ කීප දෙනෙකුත් මේකට
හවුල් වෙලා ඉන්නවා මම කියෙව්වා.
මට දුක හිතුනා අපේ උරුමය ගැන මේ ඇත්තෝ
ඇයි දේශපාලන පිල් බෙදා ගෙන පිලිකුල් ලෙස මරා ගන්නේ කියලා
මම 2011 ඔක්තෝම්බර් මාසේ කරන ලද සංචාරකයින්
පස්සේ
මීදුම බ්ලොග් අඩවිය https://www.blogger.com/blogger.g?blogID=8239596016458743030#editor/target=post;postID=5284353654966504710;onPublishedMenu=publishedposts;onClosedMenu=publishedposts;postNum=316;src=postname වෙත ලියන ලද සටහනක්
මේ තියෙන්නේ.
“පොතුවිල් මුහුදු මහා විහාරය. නැගණහිර පලාතේ පොතුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පොතුවිල් මුහුදු තීරය මායිම් කර ගෙන වැල්ල ආසන්නයේම පොතුවිල් මුහුදු මහා විහාරය පිහිටා තිබේ .
පොතුවිල් නගරයේ සිට ආරුගම්බොක්ක දෙසට කිලෝමීටරයක් පමණ දුර පැමිණ වමට හැරී කුඩා පාර දිගේ ගමන් කිරීමෙන් මෙම පූජනීය ස්ථානයට පැමිණිය හැකි ය.
මේ පුද බිමේ ඉතිහාසය දුටුගැමුණු රාජ්‍ය යුගයෙන් ඇරඹේ. අතීත කතාව ඇරඹෙන්නේ එකල සුනාමි තත්වයක් ඇතිව මුහුද ගොඩ ගැළු අවස්ථාවේ දෙවියන් කෝපව එසේ සිදුවු යයි මතයක් ඇතිවීම නිසා දේව කෝපය පහ කරගැණිමට විහාර මහා දේවිය නැවක් සකස් කර එයට නන්වා මුහුදේ පා කිරීමෙන් දෙවියන්ට කැප කිරීමෙනි. මුහුදට බිලිවන්නට ගිය විහාර මහා දේවිය කිරින්දට පාවී ආවත් ගොඩ බසින්ට සුදුසු මුහුදු තීරයක් නොවු හෙයින් යලි මුහුදට පාවී ගිය ඇය සහිත නැව යලි වෙරළ තීරයට පාවී ඇවිත් ඇත්තේ පොතුවිල් ප්‍රදේශයේ අරුගම්බොක්කට (අරුගම්බේ ) යයි කියවේ.
කලක ඇය ගොඩ බට ස්ථානයේ ඉදිවු පුන්‍ය භුමිය මුහුදු මහා විහාරය බවට පත්වී ඇත.
මේ විහාරස්ථානයේ නටබුන් අතර සෙල් ලිපියක් මෙන්ම බුදු පිළිම වහන්සේ නමක් ඉදිරියේ සිටින කාන්තා සහ පිරිමි පිළිම යුවලක් ගලින් නෙලා ස්ථාපනය කර ඇත.
මෙම ගිහි යුවල කාවන්තිස්ස රජු සහ විහාර මහා දේවිය යයි සැලකේ.
1964 වසරේ පුරා විද්‍යා භුමියක් ලෙසට ප්‍රකාශිත මෙම විහාර භුමියට අයත් භුමි භාගය අක්කර සිය ගණනක් විය හැකි වුවත් අද නම් ඉතා කුඩා ශුමි භාගයකි.
මෙවැනි විහාර භූමි මංකොල්ලයක් මීදුම කන්දරොඩෙයි විහාරය (යාපනය ) සහ කූරගල (බලන්ගොඩ) දී දැක ඇත්තෙමි.
මුහුදු මහා විහාරයේ නටබුන් වෙරලෙන් ඔබ්බට මුහුද තුලත් ඇති බව මීදුම කියවා ඇත.
මේ තොරතුරු තහවුරු කර ගැණිමට මුලාශ්‍රයන් නැතිවුවත් ප්‍රතිචාර තුලින් අදහස් පල වෙනු ඇතැයි මීදුම බලාපොරොත්තුවේ.
ශ්‍රී ලාංකිකයෝ ලෙස මෙවැනි ඓතිහාසික ස්ථානයන් සුරකීමට ආගම් ජාති පටලවා ගත යුතු නැති බව
මිදුම අදහස් කරයි.””
අන්තර් ජාලයට පිවිසෙන්න මීට වඩා තොරතුරු දැන් තියෙනවා.
CTRL+A. . . . . . . . . . . . . . . . . Select All CTRL+C. . . . . . . . . . . . . . . . . Copy CTRL+X. . . . . . . . . . . . . . . . . Cut ...
මම ජීවිතය සැදෑසමයේ.
සැදෑ සමය මට හිතෙන්නෙ කන්දක් උඩට නැග්ගා වගෙයි.
කන්ද මුුදුුනට ගියාම තමයි පේන්නේ අවට දසුන්.
සුන්දර මෙන්ම අසුන්දර දේ මේ අතර තියෙනවා.
ඒ වගේ ජීවිතයේ කදු මුදුනේ ඉන්න මට මේ සියල්ල සිහිපත් වෙනවා ඒ් මතකයන් කලින් කල විදවන්නේ විවිධාකාරයෙන්
අපි බලමු........ වියමන් තුල ඒවා දියවෙන්න පුළුවන් සමහර විට .
මීදුම...... ඉර පායනවත් එක්කම නැතිවෙලා යන තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙන මීදුම ඝණ වෙලා දිය වෙලා කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා. තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා . සිතුවිලිත් ඒ වගෙයි. ඇති වෙලා නැතිවෙලා යනවා. මේ දේවල් බෙදා හදාගන්න
මීදුම... යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා. තෝරා බේරාගෙන පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එනවා. වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත් මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මීදුමත් සමග මුසු වෙන්න පුළුවන්.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි කියලා .
මම හිතනවා
!doctype>දළ ඇතෙක් වගෙ බරට අඩිය තියලා ගියපු කිතුල් ගහ මුදුනටම අසුරු සැණෙකින් නැගපු ගංගොඩේ ඇවිදලා කිතුල් මල්වර කරපු බණ්ඩාර මාමගේ රැහැන් කැපුවේ කවුරු .
කොහාටත් කලින් නෑ ගමන් ඇවිදින් පුරුදු හකුරු පැණි ගෙනැත් දී අවුරුද්ද සරු කරපු මගුලටත් මරණෙටත් එකවාගෙ දුව පැනපු බණ්ඩාර මාමාට කවුද හිටියේ සතුරු .
නගින්නට පෙර කිතුල් ගහට තෙවරක් වැඳපු පෙණ දමන රා මුට්ටියේ කුහුඹුවන් හැරපු කමලාගෙ දර මඩුව අඩු නැතුව පුරවාපු හීලෑ කරන් ඇය ඉඟ නෙරියෙ රැළි බිඳපු .
වාරු නැති කොඳු ඇටය මැදින් පුපුරා ගියපු ගෙදර අය නාඳුනන “සද්දන්තයා” හිටපු “මළා නම් හොඳයි” උන් දුක දරාගෙන කියපු කිතුල බාගෙට කැපූ හෙළයි කඳුළක් උණපු .
රෝ.සි.
2024.09 .02.මීදුම.
බණ්ඩාර මාමා පොදු චරිතයක් කියලා මට හිතෙනවා. මෙහේ හිටියා හීන්මුදියන්සේ කියලා වැඩිහිටියෙක්. එයත් කිතුල් මල් කපනවා. බණ්ඩාර මාමාගේ චරිතයමයි.
එයා ලගට යන ඔක්කොට රහමෙර නෑ නොකියා දෙනවා. ඒ හින්දා නමක් පට බැදිලා තිබුනා පච්ච තන්නි කියලා. දෙමළ බසින් සිංහලට ඇල් වතුර.
කමලාගේ නම මෙහේදී වෙනස්. දරු පවුල් දෙකක් හිටියා. වරපට බිදී මෙතුමත් කිතුලෙන් බිමට වැටිලා කොදු ඇට පෙලට හාණි වෙලා එක්තැන් වුනා ඔහු දිවියෙන් සමුුුගන්නා තුරු සැලකුම් ලැබුුවේ ඉග නෙරිය බිදු කුලවමිය
..ඒ පද වැල මට සම්පාත වුුන හැටි . කිතුල් පැණිවගේ මිහිරක් තියෙන පද රචනයක් රහයි.