![🔹](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1.5/16/1f539.png)
![🏁](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t92/1.5/16/1f3c1.png)
![🔹](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1.5/16/1f539.png)
![🏁](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t92/1.5/16/1f3c1.png)
![🔹](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1.5/16/1f539.png)
![🏁](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t92/1.5/16/1f3c1.png)
![🔸](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcb/1.5/16/1f538.png)
![🔸](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcb/1.5/16/1f538.png)
![🔸](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcb/1.5/16/1f538.png)
![🔸](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcb/1.5/16/1f538.png)
![🔸](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcb/1.5/16/1f538.png)
![🔸](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcb/1.5/16/1f538.png)
![🔸](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcb/1.5/16/1f538.png)
![🔸](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcb/1.5/16/1f538.png)
![🔸](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcb/1.5/16/1f538.png)
![🔸](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcb/1.5/16/1f538.png)
![🔸](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcb/1.5/16/1f538.png)
![🔸](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcb/1.5/16/1f538.png)
![🔸](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcb/1.5/16/1f538.png)
![🔸](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcb/1.5/16/1f538.png)
![🔸](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcb/1.5/16/1f538.png)
![🔸](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcb/1.5/16/1f538.png)
![🔸](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcb/1.5/16/1f538.png)
![🔸](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcb/1.5/16/1f538.png)
![🔸](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcb/1.5/16/1f538.png)
![🔸](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcb/1.5/16/1f538.png)
![🔹](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1.5/16/1f539.png)
![🏁](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t92/1.5/16/1f3c1.png)
Nature does not hurry, yet everything is accomplished..
I will not follow where the path may lead, but I will go where there is no path and I will leave a trail..
Study nature, love nature, stay close to nature. It will never fail you.
We do not see nature with our eyes, but with our understandings and our hearts.
Every morning was a cheerful invitation to make my life of equal simplicity, and I may say innocence, with Nature herself.
සිය තිස් වැනි විවාහ සංවත්සරය සමරනු වස්
-
කමල් පී අලහකෝන්
ගේ වෑයමක් වෑයම පිලිබදව එතුමන්ට ස්තුතියි
.
දඹුලුත් වැඳගෙන තලගොයිත් මරන් එනවා කියලා කියනවා. මමත් මූණු පොතට ගොහින්
මේ වියමන අරන් ආවා.
වලගම්බා රජු ඉතා දැඩි නීති යටතේ රාජ්‍ය භාණ්ඩාගාරයට බඩු රැ ස් කලාලු.බදු අය කලාලු ගොවීන්ගෙන්.ගොවීන්ට වගා කරන්න බීජ දෙන්නෙත් භාණ්ඩාගාරයෙන්.නමුත් වගාවෙන් කොටසක් අසාධාරණ විදියට ආපහු ගන්නවාලු.නොදුන්නොත් නොයෙක් දඩුවම් ඒ සදහා.ඉතින් ගොවීන් කල්පනා කලාලු බදු පැහර හරින්න. ඒ බිත්තරට දුන් තල බීජ පැල වෙන්නෙ නැති වෙන්න කබලෙ බැදල ඉස්සාලු.පැල උනේ නැහැ ලු.
ඒක ආරන්චි උනු රජතුමා නිලධාරීන්ට අන කලාලු දබුලු ගොහින් තල ගොවියොත් අල්ලන් වරෙව් කියල
එහෙමයි. තල ගොවීන් කාලයත් එක්ක තල ගොයා වුනේ .
තල ගොවියො.තලගොයි උනා
තවත් කතාවක්
තියෙනවා.
ඇත්තෙන්ම මේ කියමනෙන් ගම්‍ය වනවාට වඩා රසවත් වෙනත් අරුතක් ඇති බව මමද වටහා ගත්තේ දඹුල්ල පුබ්බෝගම දුෂ්කර මාර්ගය අසල ගමක් වන දඹුලු හල්මිල්ලැවේ ජිවත් වන වයසක සියා කෙනෙකුගෙන් මේ පිළිබදව මා ඇසු පසුවයි.
මරාගෙන එනවා කියද්දී මුලින්ම මතුවන ගැටලුව නම් වෙසක් පොසොන් පෝය කාලයට අනුරාධපුරේ අටමස්ථානය වන්දනා කරන්නට යන අතරතුරේ දඹුලු ලෙන විහාරය වන්දනා කරන්නට යන පැරණි බෞද්ධ වන්දනා කරුවන් එසේ සතුන් මරා කමින් විනෝද වන්නේ කෙසේද යන්නයි?
එකල දඹුල්ල, සිගිරිය,බකමුණ, ආශ්රිත ප්‍රදේශය තල වගාවට ප්‍රසිද්ධ මෙන්ම තල වගාව බහුලව කෙරුණු ප්රදේශයකි,තල හේන් වැඩිපුරම කෙරුනේ දඹුල්ල අවට ගම්මාන වලය,තල එකල එතරම් සුලභ නොවූ,වටිනාකමක් ඇති ධාන්‍ය වර්ගයක් වූ නිසාම විශේෂයෙන්ම දුර බැහැර පළාත්වලින් ගොනුන් බැඳී ගැල් වලින් වන්දනාවේ යන පිරිස් ආපසු ගම්බිම් කරා යන ගමනේ දඹුල්ල පසු කරන විට ඒ ගම්මාන වලට ගොස් තල වවන ගොවියන්ගෙන් හෙට්ටු කර අඩු මිලට තල මිලට ගෙන තම ගම් පලාත්වල වැඩි මිලට විකුණා ලාභයක් ලබන්නට හෝ තමන්ගේ ප්‍රයෝජනයට අඩුමිලට තල මිලට ගන්නට පුරුදුව සිටියහ.එලෙස හෙට්ටු කර අඩුමිලට තල මිලට ගැනීම තල ගොවියන් මරා ගන්නවා ලෙස ජන වහරේ යෙදුම පසුව තලගොයි මරා ගන්නවා ලෙස විකාශනය වී අවසන දඹුලුත් වැඳගෙන තලගොයිත් මරාගෙන එනවා යනුවෙන් වහරේ යොදා ගනි.
එලෙස යම්කිසි ක්‍රියාවලියකින් ලැබෙන ප්‍රයෝජනයට අමතරව වක්‍රාකාරයෙන් ලැබෙන වෙනත් ලාභ ප්‍රයෝජන ලැබෙන අවස්ථාවලදී මේ කියමන යොදා ගන්නට සමාජය පුරුදු වෙලා තියෙනවා.
එකල තල ඇට මිණුම්
ඒකකයක් විදියට භාවිතා කර තිබෙනවා.
අබ ඇට දෙකක් නම් තල ඇට එකක් වේ
තල ඇට දෙකක් නම් මුන් ඇට එකක් වේ
මුන් ඇට දෙකක් නම් වියෑට එකක් වේ
වියෑට දෙකක් නම් අඟලින් එකක් වේ…
ඔහොම කීවේ දුර මණින්න…..
ඒ වගේම තමා මෙහෙම කීවේ බෙහෙත් බර මණින්න…
තල ඇට තුනක් නම් අමු ඇට එකක් වේ
අමු ඇට තුනක් නම් වියටින් එකක් වේ
අට වියටක් නම් මදටින් එකක් වේ
විසි මදටක් නම් කළඳින් එකක් වේ…..
අවුරුදු දහස් ගණනක් පැරණි ඉතිහාසයේ ලෝකයේ මුලින්ම වගකරපු භෝග වලින් එකක් විදිහට සැලකෙන තල ඇට මිනිසුන් විසින් ආහාරයට සහ ඔසුවක් ලෙසට භාවිතා කරපු බවට සාක්ෂි තියනවා..
පැරණි ඊජිප්තු පිරමීඩ ඇතුලේ තිබිලා තල ඇට සහ තල තෙල් හමුවෙලා තියනවා..අපේ ජනජීවිතේටත් තල ගොඩාක් සමීප වෙලා තියන්නේ තල තෙල් කියන වටිනා බෙහෙත් තෙල නිසාමය්..
තල සඳහා අප්‍රිකාව නිජබිම විදිහට සලකනු ලබනවා. ලංකාවෙත් රජරට වියළි කළාපයේ වගේම රුහුණු මාගම් පත්තුවෙත් තල වගාව කෙරෙනවා ...අවාසනාවට ලංකාවට උවමනාතරම් තල නිෂ්පාදනයක් අදටත් සිදුවෙන්නේ නෑ. ඒ නොහැකියාව නිසා නෙවේ..තල වගාවට ගොවියන් දිරිගන්වන්නේ නැතුව පිටරටින් තල ගෙන්වීමට රජයන් විසින් කටයුතුකිරීම නිසා තල වගාව වළපල්ලට ගිහින් තියන්නේ...
ඒ නිසා ගොවියන් විසින් "තල නම් තෙලට වේලේ ..මී බෙටි කුමට වේලේද" කියලා අහන තැනට වැඩ සිදුවෙලා..
තල / Sesame/ Benne/ Sesamum indicum..
තෙල් වර්ග අතරින් උසස්ම වගේම ගුණාත්මක බවෙනුත් පළමු තැන හිමිවන්නේ තල තෙල් වලට.
තල තෙල් පෙරදිග ආහාර වල බහුලව භාවිතා කරනවා වගේම බටහිර ආහාර රටාවේ බනිස් වගේ දේවල් රස ගැන්වීමට සහ සැරසීමට භාවිතා වෙනවා. මැද පෙරදිග සහ අප්‍රිකානු රටවල ඔලිව් තෙල් සහ තල තෙල් රත් නොකර ආහාරයට ගැනීමට පුරුදුවෙලා සිටිනවා.රත්වීමෙන් පෝෂණ ගුණය වැනසෙන නිසා ඔවුන් එසේ කරනවා. ලංකාවේ උතුරු ප්‍රදේශයේ දෙමළ ජන ජීවිතේ තල තෙල් එක්ක බැඳිලා තියන්නේ ..එයාලා ආහාරයට ගන්නවා වගේම ඇඟේ ආලේප කරන්න ගන්නෙත් තල තෙල්. විෂ්ණු දෙවියන්ට පවත්වන පුද පූජා වෙනුවෙන් තල ඇට සහ තෙල් අනිවාර්යය් . තල තෙල් කියන්නේ ඔසුවක්..දෙවියන් වෙනුවෙන් යොදාගන්නා බොහෝ පූජාවන් වෙනුවෙන් තල තෙල් සහ තල මිශ්‍ර ආහාර යොදාගැනීම එම සංකෘතියේ අංගයක්.
සිංහල වෙදකමේ තල ශාකයේ සියලු කොටස් ඖෂධ සඳහා යොදා ගැනෙන අතර තල තෙල යොදාගෙන"චන්ද්‍රකාන්ති , සරස්වතී, සිංහරාජ, ප්‍රාණජීව, මහා හෙණරාජ....වගේ වැනි වටනා ආයුර්වේද තෙල් ගණනාවක් ම නිෂ්පාදනය වනවා.
ඒ වගේම තල ඇට විවිධ ආහාර වෙනුවෙන් එදා ඉඳලාම අදටත් යොදාගැනෙනවා..
තල කන්න කවුද අකමැති නේද? දැන් තල වගාව පටනගන්න කාලේ ..රජරට සහ රුහුණේ තල ගොවියෝ අපේ රටේ යම් ප්‍රමාණයක් වගා කරනවා...ලංකාවේ සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම්700-750 වගේ ප්‍රමාණයක් ..මෙය පහසුවෙන් ටොන් එකක් වැනි මට්ටමකට ගෙනෙන්න පුළුවන් බව වගාවේ ඉන්න ගොවියන්ම පවසනවා..අවස්යතාව තියන්නේ සුදුසු ගුණාත්මක බීජ වගාව වෙනුවෙන් දෙන්න ඕනේ තල යනු වියලි කලාපයටම හැඩගැසුණු බෝගයක්.
වල් අලි තල වගාවට එන්නේ නෑ. කෘෂිරසායන ද්‍රව්‍යයන්ගෙන්ද මේ වගාව නිදහස්....අපි ඉස්සර තල වගාවක් කරන්නේ හේනක් වටේට වෙන්න..හේතුව තමා වල් සතුන්ගෙන් හානි වෙන්නේ නෑ...
. අඟුණකොළපැලැස්ස පර්යේෂණායතනය නව තල ප්‍රභේදයක් හඳුන්වාදී ලා…. ඒ.එන්.කේ.බී.එස්. – 5 (ANK-BS 5) යන සංකේත නාමයෙන් දැනට ඇති වැඩි අස්වැන්නක් ගෙනදෙන කළු ඇට සහිත තල ප්‍රභේදය එයයි .. ..
දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් තල ප්‍රභේ 3ක්... උමා, මලී,සහ එම්.අයි – 3 (MI-3) වශයෙන් නිර්දේශිතව තියනවා. . මෙම වර්ග තුනම සුදු පැහැ තල ප්රභේදයන් . කළු ඇට සහිත වර්ගයක් තමා මේ ANK-BS5 වර්ගය.
තල වගාවේ පළමු ස්ථානය මියන්මාරය (බුරුමය) වන අතර දෙවන ස්ථානය ඉන්දියාව සහ චීනය. තල සඳහා ඇති ජනප්‍රියතාවය හා ඉල්ලුම එහි බීජ හා එයින් නිපදවන තෙල් නිසාමය් .ලෝකයේ වැඩියෙන්ම තල ආහාරයට ගන්නවා කියන්නේ ජපන් ජාතිකයන් සහ මැද පෙරදිග වැසියන් ...වැඩි ආයුස ලබන්න නම් තල වැඩියෙන් ආහාරයට ගන්න කියලා ඔවුන් විස්වාසකරනවා ..එය නිවැරදි බව දැන් පිළිගන්නේ ලේ පිරිසිදු කරන රතු රුධිරානු වඩන්න හොඳම ආහාරයක් තමා තල කියන්නේ ..මේ දේවල් දැන් පර්යේෂණ වලින් සනාථ කලාට ඔවුන් දන්නේ ඊට පෙර ඉඳලා.
තලවල හිතකර ගුණ
* තල ඇට වලින් ලබා ගන්නා තල තෙල් ආහාරයට ගැනීමෙන් ශරීරයට මනා පෝෂණයක් ලැබෙයි.
* රෝග සෑදීම වැළැක්වීමේ මෙන්ම රෝග සුව කිරීමේ අපූරු ගුණයක් තලවලට ඇත.
* විශේෂයෙන් අක්මාව, වගුගඩු, පීහාව, ආමාශයට තල ආහාරයට ගැනීම ඉතා ගුණදායකය.
* බඩ වැල් වල සෑදිය හැකි පිළිකාවලට යෝග්‍යම ආහාරයකි.
* ප්‍රතිඔක්සිකාරක ගුණයක් තලවලට ඇත.
* සන්ධි රෝග වළක්වයි.
* ධමනි ගත රෝග වළක්වයි.
* මිග්ග්රෙන්වලින් පෙළෙන අයට ද තල බොහෝ ගුණ දායක කෑමකි.
* තල තෙල් වලින් ශරීරයෙහි ඇති කොලෙස්ටරීල් ප්‍රමාණය අඩු කරයි.
* මල බද්ධයට බෙහෙවින් ගුණදායකය.
* කරකැවිල්ල, පීනසට, දත්වල වේදනාවට තල වලින් ලැබෙන්නේ මහඟු පිටුවහලකි.
* ඇස් පෙනීම වර්ධනය කරයි.
* කිරි දෙන මවකට මවු කිරි වඩයි.
* ගර්භණී සමයේ බිය නොවී ආහාරයට ගත හැකි කෑමකි.
* ස්නායු ආබාධ වලට වඩාත් යෝග්‍ය වේ.
* තල ආහාරයට ගැනීමෙන් අස්ථි වැඩීම, රුධිරුයේ රතු සෛල වර්ධනය වීම මනාව සිදුවේ.
* ශරීරයේ එන්සයිම වල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි.
* හෝමෝන නිපදවීම, හෘදයේ මාංශ පේශි හොඳින් ක්‍රියා කිරීමට තල ගුණදායක ආහාරයකි.
* ශරීරයේ අනවශ්‍ය විෂ කොටස් ඉවත් කිරීමට උදව් වේ.
* මස්තිෂ්කයේ සිදු වන සුළු ආඝාත නැති කරයි.
* කුඩා දරුවන් වැඩීමට අවශ්‍ය ප්‍රෝටීන් බහුලව තලවල ඇති නිසා ඔවුන්ගේ ආහාර වේලට නිතර තල එකතු කර ගන්න.
* තල තෙල් වල විටමින් බී බහුලය.
* පණු රෝගවලට බෙහෙවින් ගුණදායකය.
* තල තෙල් ආලේප කිරීමෙන් සමේ රෝග නැති වෙයි. මේ නිසාමදෝ රූපලාවන්‍ය කටයුතු වලදී විවිධ ආලේපන සෑදීම සඳහා තල තෙල් පාවිච්චියට ගැනේ.
* ස්ත්‍රීයගේ ඔසප්වීමේදී ඇතිවන වේදනාවට වඩාත් ගුණදායක වේ.
* මුත්‍රා ගල් සෑදීම වළක්වන ගුණයක් තලවලට ඇත.
ලිපිඩ නිපදවීම අඩු කරයි. මොළයේ අතිරේක ශක්ති ජනකයක් වන කීටොන් බොඩි නිෂ්පාදන වැඩි කරයි. සෙසමින්හි ඉතා ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණ ඇත. එමඟින් විටමින් ඊ ප්‍රතිචක්‍රීකරණය වැඩි කරයි.
ශරීරයේ එන්සයිම වර්ග රාශියක පරිවෘත්තියන් මෙහෙයවයි. තලවල අඩංගු පීනොල් සහ සෙසමින් පිළිකා මර්දනය කරයි. එම සංයෝග පිළිවෙළින් ලියුකේමියා, මල්ටිපල්, මයලෝමා, ආහාර මාර්ග පිළිකා, පියයුරු පිළිකා, පෙණහලු පිළිකා ඇති වීම වළක්වයි.
තල දියවැඩියාව මර්දනය කරයි.LDL කොලෙස්ටරෝල් අඩු කරයි. HDL කොලෙස්ටරෝල් වැඩි කරයි. රුධිර පීඩනය අඩු කරයි. හෘදය වස්තුව, අක්මාව සහ වකුගඩු ආරක්ෂා කරයි. ස්නායු පද්ධතිය සුරකියි. බිය සහ මානසික පීඩනය දුරු කරයි.
එළකිරි පෝෂණයට වඩා 8 ගුණයකින් වැඩි වන අතර මස්වලට වඩා8 ගුණයකින් පෝෂණය ඉහළය. තලතෙල් රුධිරවාහිනි නාලිකාවල මේදය අඩු කරයි.තල තෙල් තුවාල වේළීමට හොඳ ඖෂධයකි.
සංයුතිය සහ කැලරි
තල ග්‍රෑම්100 ක සංයුතියට ඇතුළත් වන්නේ:
ප්‍රෝටීන - ග්‍රෑම් 19.2;
මේදය - 49 ග්‍රෑම්;
ජලය- 9 ග්‍රෑම්;
ආහාරමය තන්තු - ග්‍රෑම් 5.5;
අළු- ග්‍රෑම්4.46;
සංතෘප්ත මේද අම්ල(ලිනොලික්, ඔලෙයික්, පැල්මිටික්, ලිනොලනික්, ස්ටියරික්) - 6.4 ග්‍රෑම්;
මොනොසැකරයිඩ - 2 ග්‍රෑම්;
පොලිසැකරයිඩ - 2 ග්‍රෑම්;
පිෂ්ඨය- 10 ග්‍රෑම්;
පොටෑසියම් - ග්‍රෑම්495;
කැල්සියම් - 1470 mg;
මැග්නීසියම් - 540 mg;
සෝඩියම්, 75 mg;
පොස්පරස් - 721 mg;
යකඩ - 15 mg;
විටමින් B 1;
විටමින් B 2;
විටමින් E;
ප්‍රතිඔක්සිකාරක- ලිග්නන්; ෆයිටොස්ටෙරෝල්.
ප්‍රධාන වශයෙන් අසංතෘප්ත මේද අම්ල වලින් සමන්විත වේ: 43% ඔලෙයික් අම්ලය සහ41% ලිනොලෙයික් අම්ලය
මේද අම්ල:
කර පින්නන් ආපු හින්ද
දෙපා මගේ රිදෙන හින්ද
ගිනි ගණනට කිරි අරගෙන
උගුර උගුර දීපු හින්ද
මගේ හිත බැඳුණාය පුතේ
උඹ නැතිවම බැරිය පුතේ
...සේද පිළි විසි කරදා
කඩමලු ඇඟ ඔතාලා
සිහිල් දියෙන් දොවාලා
ගොඩක් වතුර පොවාලා
මං උස්සන් උඹ උස්සන් යනවා
කර පින්නා ගෙන යනවා
සුබ ආරංචියක්......
අපි කට ඇරගෙන බලා හිටියා මොකක්ද මේ සුබ ආරංචිය කියලා. ණය ප්‍රතිව්‍යුහ ගත කරගන්න පුළුවන් වෙලා. ඒකයි මේ සුබ ආරංචිය.
වැල් පාලමේ කතාවත් නිතර නිතර කියවෙනවා. මට නම් අසඩක් හොද පදමට දා ගත්ත වෙලාවට. ඒතකොට දෙන තීන්දුත් නියමයි.
වානිජ ණය ප්‍රතිව්‍යුහගතකරනය යටතේ ඩොලර් බිලියන 12.5ක් ජාත්‍යන්තර ස්වෛරිත්ව බැදුම් කර ( ISB) ණය ප්‍රතිව්‍යුහගතකරනය කරමින් සිටියද 2022 ණය සහ පොලිය නොගෙවීම නිසා එය ඩොලර්් බිලියන 18 දක්වා වැඩිවී ඇත. 2022 අප්‍රේල් සිට ණය ගෙවීම නතර කිිරීම නිසා ද්වි පාර්ශවීය සහ වානිජ නය ඩොලර් බිලියන 6.6 ක් එකතු වී ඇත. ප්‍රතිව්‍යුහගතකරනය කල යුතු විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 29 ක් වන අතර එයන් ඩොලර් බිලියන 11 ක්ද්වි පාර්ශවික ණය වන අතර ඉන් ණය ප්‍රතිව්‍යුහගතකරනය යටතේ ප්‍රතිව්‍යුහගතකරනය කර ඇත්තේ ඩොලර් බිලියන 10 කි.2028 දක්වා ණය මුදල් නොගෙවුවද වසරකට ඩොලර් මිලියන 500ක් පොලී වශයෙන් ණය හිමි රටවලට ගෙවිය යුතුය.
මෙන්න මේකයි සුුබ ආරංචිය.
මේ සුබ ආරංචිය සජබෙට ඇහුනේ ආණ්ඩු පැත්තට ඇහුුන විදියට නෙමෙයි. ණය ද්වි පාර්ශවික ,බහු පාර්ශවීය සහ සෙසු කණ්ඩායම් වලින් ගත් ණය තියෙනවා. ඔය ඔක්කොම මේකට එකග වෙලා නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී රජය අසාර්ථකයි කියලා සජබෙ කියන්නේ අපි කලා නම් ඔයිට වඩා හොදට කරනවා ! එයාලගේ මතය. ණය ගෙවීම කල් ගැණිම , ණය වලින් කොටසක් කපා හැරීම. ගැන කියන්නේ අපි කලා නම් ඔයිට වඩා කාලයක් ගන්නවා - ඔයිට වඩා ඉහල ප්‍රතිශතයකින් ණය කපා හැරීමට කටයුතු කරනවා කියලා.
දැන් වෙලා තියෙන්නේ 2028 වෙනකම් සහන කාලයකුයි 10 % ක ණය කපා හැරීමකුයි රජය ලබා ගෙන තියෙන්නේ
ඒකත් අපි කලා නම් ඔයිට වඩා හොදින් කරනවා වගේ කතාවක්.
කවුරු කලත් කර ගන්න පුළුවන් ඔය ටික තමයි කියලා අපිට නම් තේරේනවා. සුබ ආරංචියක් කියන ගමන් දේශීය ණය ගැන නම් කතා කලේම නැහැ.
ජනාධිපතිතුමා නිතරම හුණුවටයේ කථාව ගැන කියනවා. හුණුවටයේ කතාවේ පූරක මෙහෙම කියනවා
බෙදු එම නීතිය
දිගු නොවු කෙටි කාලය
ඒ රට ස්වර්ණමය යුගයක්ම වු බව
දනන් තුඩ තුඩ තවත් පැවසෙයි
හුණු වටය පිලිබද ඇසු මෙ පුවත
සබේ වියතුනි , පැවසු ලෙස
දන පුරානේ තබා ගනු මැන
සිතෙහි මේවදන
දෙයක් වේ නම් යම් සුදුස්සාටම
අයිති විය යුතුම කියන ලෙස
මෙලෙද ලැබිය යුතු මවු ගුණයය ඇති අය
දරුවන් දිනිය යුතු වෙයි
රියදුරු මනාව
ලැබිය යුතු වු සේම අස්රිය
මුදු ගුණයය ඇති අය
දරුවන් දිනිය යතු වෙය
ගොවි දන මනාවු
දිනිය යුුතු සේම ගම් බිම්.
අවසානයේ අසඩක් ගැන කියන්නේ මෙහෙමයි.
විදා අත් තල දෙන
නොදෙන දේ රැගෙන හෝ නොමරැගෙන
පොදවේ නිදානයකින් රැගෙන දෙන මෙන්
යුක්ති ධර්මය සැමට බෙදු එදා
පිටවුු විනිසුරු ඒ යළිත් නැත
කිසි දිනෙක දුටුවේ මෙදා වනතුරු
ඔහුගේ අණ ගුණ
දනන් තුඩ තුඩ තවද කියවේ.
ජීවිතයේ සැදෑ සමය හරියටකන්දක් උඩට නැග්ගා වගෙයි. ජීවිතය සැදෑසමයට පත්වෙලා. කන්ද මුුදුුනට ගියාම තමයි පේන්නේ අවට දසුන්. සුන්දර මෙන්ම අසුන්දර රටාවල් මේ අතර තියෙන්න පුළුවන්. ඒ වගේ ජීවිතයේ කදු මුදුනේ ඉන්න මට සුන්දර මතකයන් මෙන්ම අසුුන්දර මතකයන් සිහිපත් වෙනවා ඒ් මතකයන් කලින් කල විදවන්නේ විවිධාකාරයෙන්
!doctype>බලමු........ මොන විදියට විදවයි ද කියලා.
මීදුම...... ඉර පායනවත් එක්කම නැතිවෙලා යන තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙන මීදුම ඝණ වෙලා දිය වෙලා කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා. තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා . සිතුවිලිත් ඒ වගෙයි. ඇති වෙලා නැතිවෙලා යනවා. දේවල් බෙදා හදාගන්න
මීදුම... යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා. තෝරා බේරාගෙන පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එනවා. වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත් මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මීදුමත් සමග මුසු වෙන්න පුළුවන්.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි කියලා .
මම හිතනවා
!doctype>එළඹෙන නොවැම්බර් 16 වන දින හෝ ඊට පෙර ශ්‍රී ලංකාවේ 9 වන ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි. 1982 වසරේ පළමු ජනාධිපතිවරණය පැවැත්වුණා. ඉන්පසුව පිළි...