ඔහු
මෙල්බර්න් ඉන්න ගොඩක් අය NPP ආන්ඩුවකින්
ලංකාව හරි මගකට ගනියි කියල විශ්වාස කරනවා. දැක්ක නේද අනුර ආව දවසෙ එකතුවුන සෙනග?
දැක්කා. තොරතුරුත් ඇහුවා.
මට තොරතුරු කියන්නේ
මල්ලිගේ කෝනයෙන් නම් බෙල්ලේ පහල මොලය තියෙන අය.
මම අදහස් කලේ NPP එක තවමත් බහුතරයක් වු
ඡන්ද දායක ජනතාවට අපහාසවන ආකාරයට ආමන්ත්‍රණය කිරීම සම්බන්වයි. එසේ කිරීමෙන්
විශ්වාශය දිනා ගන්න බැහැ. *******************
මල්ලී ඉන්නේ Melbourne වල. ලෝකයේ දියුණු රටවල
පවා ආර්ථිකය සෙලවිලා තියෙන මොහොතක්.අපේ කතාවක් තියෙනවා නේද කූරපහියට හෙන ගහපුවම
හුණු කිල්ලෝටේ ට මොන කතාද ? කියලා . අපේ රටත් අත්විදින්නේ ඒ වගේ වින්නැහියක්.
මෙවැනි ආර්ථික
අර්බුදයකට 1970 -1977 කාලෙදිත් අත්වින්දා. ඒ කාලය රෝහණ
විජේවීර තම කැරල්ල අත්හදා බැළුවා. අදත් සිදුවන්නේ එයයි. වාසනාවකටද කොහේද මල්ලිගේ
විද්වතුන් රනිල්ට UNDERGROUNDS ස්වරූපයේ සහයෝගයක් දෙනවා.
ඒකට රනිල් ප්‍රතිඋපකාර
කරනවා. ඊලගට එන්නේ ජනාධිපතිවරණය. බෙල්ලට උඩින් මොලය තියෙන අය 12% - 15% පගුවක් දැනටමත් වෙන්
කරගෙන තියෙන්නේ . දැනට ඉතිරි 60% කට පමණ පංගුකාරයෝ ගොඩයි. රනිල්වත් එක්ක.ඔය කන්ඩායම්
වලින් රනිල්ට එකතුවෙන කන්ඩායම් වැඩියි. සුළුජාතිකයන්ගේ ඡන්ද 75% ක් විතර රනිල්ට
ලැබෙනවා. එවිට මොකක්ද ප්‍රතිපලය ?.රනිල් දිනනවා. මේ මම හිතන විදිය. මල්ලිලා අනියමින්
රනිල්ට සහයෝගය දක්වනවා.
මල්ලි බෙල්ලෙන් උඩ තියෙන
කොටස REFRESH කර ගන්න.
ඔහු.
ලෝකෙම මුහුනදුන් දරුනු
වසංගතයක් නිසා අපේරට කිල්ලෝටයක් වෙලා අසල්වැසි රටවල්වලින්පවා හිගමන් යදිමින් ඉන්න
තත්ත්වයට පත්වෙලාතියෙන්නෙ ඇයි කියල හිතල බැලුවොත් එකම හේතුව කිසිම විනයක්, කලමනාකරනයක්, සමාජ සාධාරනත්වයක්
නැති අන්තනෝමතික තග් පාලනය කියල තේරුම්යනව. මැතිවරනයකින් රනිල්ල දිනුවත් රාජපක්ෂල
දිනුවත් සජිත්ල හෝ සිරිසේන්ල දිනුවත් කිසිම වෙනසක් වෙන්න්නෙ නෑ
මම
වෙනසක්
වෙන්නේ නැහැ. ඇත්ත.
එය
නොවෙයි මම ලියුවේ වර්තමාන දේශපාලන හැසීරීමයි. අපේ කැමැත්තට වඩා රටේ දේශපාලනය
ඇමරිකාව ඉන්දියාව හරහා මෙහෙවනවා. චීනය ,එක පිලක. අරගලයේ මුල් තිබුනේ අමරිකානු තනාපති කාර්යාලයේ.දැන් සිදුවෙන
ආර්ථික වෙනස් කම් අධ්‍යයනය කලත් අනාගත පාලනය ගැන
හිතා ගත්ත හැකියි.
කිසි
ලෙසකත් අස්ථාවරව ආයෝජනයන් සිදුවෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් පසුබිමි සකස් වෙනවා. අපිට
හිතට එකගව මේවාට දායක වෙන්න බැහැ.
ඔහු.
රටක් උනත් පුද්ගලයෙක් උනත් ගෙවාගන්න
බැරි ප්රමානයකයට ලෝකෙට නයවුනාම කියන කියනදේ
කරන්න වෙනවා. අපේ අසල්වැසි රටවල් එක එකාගෙ පදේට මෙහෙම නටනවද?