Wednesday, January 10, 2024
අහිමි හිමිකම්
Tuesday, January 09, 2024
දුර ඈත ළඟපාත
වෙරළ කොනෙක හිඳ බැලුවෙමි සයුර හරිත පැහැය ගෙනාකඳු මුදුනත නැග බැලු කල තුරුලිය කොළ පැහැති මනාදුර හිඳ නෙත් යොමන විටදි හරි පුදුමෙකි සිතට එනාඅහස උසට නැගෙන කන්ද බලන කලට ඉරට ළඟයිපොළොව වැතිර සිටින තැන්න එයට වඩා බොහොම දුරයිනමුදු ඉහළ හිරු ළඟ තැන ගතට සිසිල සුවය සදයිදුරක තිබෙන තැනි බිම රැඳි උණුසුම හදවතද දවයිපෙනෙන ළඟක සිටින කලට සිතුවෙමි පෙම වැඩෙන නියානොදැක ගෙවෙන විටෙක සිතෙන් එය වියැකී යාවි කියානුඹව අතැර දුරු රට ගිය මගෙ සිත විත් නැවත සොයාවැඩෙන පෙමක අරුත කියයි මට ඈතින් සිටින ඔයාපී.ජී. ආරියපාල
Monday, January 08, 2024
ඕපාදූප
එක්තරා රටක රජතුමෙක් පුරුද්දක් ලෙස හැම අවුරුද්දකම රට වැසියන්ට දානයක් දෙනවා. දවසක් දානෙ දෙන දවස උදාවුනා.
සේවකයො දානෙ පිළියෙල කරන වැඩ පටන් ගත්තා.දානය පිළියෙල කරන තැනට කිට්ටුව පොඩි කැළයක් තිබුනා. ඒ කැළේ නයෙක් මරණසන්නව කැලෙන් එළියට එද්දිම මැරුනා. මේ නයාව රාජාළියෙක් දැකල ඇවිත් ඩැහැගෙන පියාඹගෙන යද්දි නයාගෙ කටින් විෂ බින්දු කීපයක් දානෙට ලෑස්ති කරන භාජනේකට වැටුනා.දානෙ ලෑස්තිකරල ඉවරවුනු ගමන් මුලින්ම රජතුමා ඇවිත් රජතුමාගෙ අතින් පළවෙනියට දානෙ බෙදල දුන්න. ඒදානෙ වළඳපු කෙනා නයාගෙ විෂ කළවම් වෙලා තිබ්බ කෑම කාපු ගමන් එතනම මැරිල වැටුනා.රජතුමා කම්පාවෙලා බොහොම දුක්වුනා. එතනින්ම ඒ දානෙ නතරකරා. මේ මරණෙ යම ලෝකෙට වහාම වාර්ථා වුනාම, දැං මේ මරණෙට හේතුවුනු කෙනාගෙ නමට පව ලියන්න යමලෝකෙ ලියන මහත්තයට භාරවුනාට පව ලියන්නෙ කාටද කියන ගැටළුව මතුවුනා. නයා මැරිල උන්නු නිසා මේ පව නයාගෙ පොතට ලියන්න බෑ , විෂ භාජනේට වැටුනු බව රාජාලියාත් දන්නෙ නැති නිසා රාජාළියාට ලියන්නත් බෑ. රජතුමා මේ දානෙ දෙන්න මූලික උනත් , රජතුමා ත් දන්නැති නිසා එයාගෙ නමට දාන්නත් බෑ. ලියන මහත්තයා දැං හෙන අවුලෙන් නිසා පව් පිං පොතත් අරං යම රජ්ජුරුවො හම්බවෙලා අකරතැබ්බය කිව්වා.යමයත් පොඩ්ඩක් අවුල්වෙලා වගේ උන්නා. ටිකක් කල්පනා කරපු යමය ලියන්න ට කිව්ව..." උඹ ඕක ඔය පොතේ පැත්තකින් ලියාගෙන ඕක ඔටෝ එලම් එක සෙට්කරල තියපං. අපිට ඔය පව ලියන්න නමක් හම්බෙයි".ඔය විදිහට අවුරුද්දකුත් ගෙවුනා, අර රජතුමා ආපහු දානෙ දෙන්න ලෑස්ති කරා. අසල්වැසි රටකින් ආපු කට්ටියකට රජතුමාගෙ දානමය පිංකම ආරංචි වෙලා, දානෙ දෙන තැන හොයාගෙන යද්දි, අතරමග වෙළඳාමේ යෙදිල උන්නු වට්ටි අම්ම කෙනෙක් දැකල දානෙ දෙන තැනට යන පාර ඇහුවා..."අපෝ... ඔයාල වහදාල දානෙ දෙන රජාගෙ දානෙ කන්නද යන්නෙ" කියල අර කට්ටියව බයකරල යැව්වා.වට්ටි අම්ම එහෙම කියන ගමන් යමලෝකෙ පිං පොතේ එලාම් එක වදින්න ගත්තා. ඒක ඇහුනු ලියන්නා පව් පිං පොතත් උස්සං යම රජ්ජුරුවො ළඟට දිව්වා." ඕං ඔය වට්ටි අම්මගෙ නමට අර පව දාපං. මෙලෝ දෙයක් දන්නැතුව කෙනෙකුට දොස් කිව්වයි කියල ලියාගනිං" කියල යම රජ්ජුරුවො අණ කලා.ඕපාදූප කතාකිරීමෙන් වළකින්න.
වට්ටි අම්මල නොවී ඉමු
Sunday, January 07, 2024
යක්ෂ ගෝත්‍රිකයන් විසු රිටිගල
Friday, January 05, 2024
තාක්ෂණ ශිල්පි පරම්පරාව.
නවන්දනා කුලය යනු රජ යුගයේ තාක්ෂණ ශිල්පී පරම්පරාවයි. ආචාර්ය වරු ලෙස නම්දැරූ ඔවුන් ග්රාම්ය ව්යවහාරයේදී ආචිරි ලෙස කටහුරු වූවා වන්නට පුළුවන. .ඔවුන්ට ගොවිගම කුලයටත් වඩා වටිනාකමක් එවකට තිබිනි.
යුධ ආයුධ අත්යවශ්ය වකවානු වල ඒවා තැනීම සඳහා යපස් ගෙන ඒම සහ කුලී කටයුතු ලබා දියයුතු ය යන්න රජුගේ නියෝග ලෙස ගොවිගම කුලය වෙත නිකුත් කර ඇත. ආදි යුගයේ ලෝකුරු ශිල්පය යක්ෂ ගෝත්රික යන් සතුවිය. යකඩ , යකාගෙ වැඩක්, යකෝ, යකඩෝ, යකා නගිනව, වැනි කටහුරු වචන වලින්ම ඒ බව ඔප්පු කලහැක. යක්ෂ ගෝත්රිකයන් ගේ ආවුද පනපෙවීමේ පාරම්පරික ඥානය නවන්දනා කුල ශක්තිමත් තරුණයන් විසින් සොරාගත් බවට ජනශ්රැතියේ පැවසේ. එසේම ගොවිගම ආදී සියළු කුලවල අය මොවුන්ගෙන් තාක්ෂණික කටයුතු ඉටු කරගත්තේ ගෞරවනීය ලෙස පඩුරු පාක්කුඩම් දීමෙන් බවටද ජනශ්රැතිය සාක්ෂි දරයි. එපමණක් නොව කම්මල් කටයුතු වලදී මයින හම ඇඳීම යකඩ තැලීමට හවුල් නොවන්නේ නම් රදලයෙකුට වුවද සේවාව ලබාදීම ප්රතික්ෂේප කලේ ශිල්පීය පෞඩත්වය දරන්නන් නිසාමය. මොවුන්ගේ සම්බවයනාග ගෝත්රයේ බව ඉපැරණි ආවුධ තාක්ෂණය ට සුරුවිරුකම් පෑ අයවළුන්ගේ වාසභූමි ය වූ කොත්මලා ප්රදේශය බවට අදද සාක්ෂි ඇත . දොලොස් බාගේ ප්රදේශයේ ඇති කිණිහිරය නැමැති යෝධ පර්වතය ඒ පුරාවෘත්තයේ එක් සළකුණකි.
අලි අල්ලන් සිටි කොත්මලා ප්රදේශයේ නාග ගෝත්රික ගම්මානයක දුටුගැමුණු කුමරා සැඟවී සිටියේ යුද්ධය සඳහා ආවුද තනවා ගැනීමට විය හැක. නුවර යුගයේ දී
දළදා මාලිගාව ආදී ප්රසාදයන් නිර්මාණය කල දේවේන්ද්ර මූලාචාරින් යනු එම කුලයේ ප්රභලයෙකි. මෑත කාලීනව ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ නිර්මාතෘ විමලසුරේද්රයන් ද එම කුලයට සම්බන්ධ බව මා අසා ඇත. හැත්තෑව දසකය ට පෙර එම කුලයේ අයවලුන් ගේ නම අවසන් කලේ "හාමි" යන ගෞරවාර්ත පදයෙනි.ලුවිස් හාමි, සුබේ හාමි, දිනෙස්හාමි,අපට අපට පෙර පරම්පරාවේ වැඩිහිටියෝය. ඔවුන්ගේ භාර්යාවන් හැඳින්වූ පොදු නම වූයේ "නාච්චිලේ" නැමති පදයයි. ද්රවිඩ ඌරුවක් ඇති එම නාමය සමහර විටෙක නුවර යුගයේ වඩුග පරම්පරාවේ ස්ත්රීන් සරණපාවා ගත්තා නිසා වන්නට පුළුවන.ලෝහ තැනීම, ලෝහ භාන්ඩ තැනීම, ආවුද සහ ආයුධ නිර්මානය හා දොරගුළු තැනීම, කරත්ත රෝද පට්ටං ගැසීම ,ලාඩං ගැසීම,මෙන්ම රිදී රත්තරන් ආභරණ නිර්මාණයද ඔවුන්ගේ සුවිශේෂී තාක්ෂණික කටයුතු වේ.මෙතරම් උසස් නිර්මාණ ශිල්පීන් වුවත් කුලයෙන් පහත් ලෙස සලකන්නට ලක්වූයේ යුරෝපීය ආක්රමණයෙන් පසුවය.එයට හේතු වූයේ සිහලුන් කවදාවත් නුදුටු ගිනි අවි ආක්රමණිකයාටම එල්ල කරන්නට තරම් හැකියාවක් ලබාගත්තේ නවන්දනා කුලයට පින්සිද්ද වෙන්ටය. සතුරාගෙන් උදුරා ගත් ආයුධයේ තාක්ෂණය අසුරු සැනින් වටහා ගත් ඔවුන්ගේ හැකියාව මත බයිනෙත්තු ,රයිපල්, පිස්තෝල, කාලතුවක්කු පවා නිර්මාණය වූයේ ඔවුන්ගේ විස්කමෙනි.ලෝකුරු කර්මාන්තයේ ඕනෑම නවෝත්පාදන යක් වටහා ගැනීම හා ප්රතිනිර්මාණය කිරීමට මේ කන්ඩායම පෑ දක්ෂතාවය නිසාම එයට බියපත්වූ යූරෝපියානු අධිරාජ්යයවාදීනහු නවන්දනා කුලය නීච කුලයක් ලෙස හංවඩු ගැසීමට පියවර ගත්තේය. එයට අවනත වූ කුලීන යටත් වැසියන් ඉංග්රීසි සමය අවසාන වනවිට නවන්දනා කුලය කොන් කොට හමාරවී තිබිණි .යටත්විජිතවාදී චින්තනය නිසාම"වානෙට මඩ බොරරිදියට පුස්කර " ලෙස ප්රකට ආවුද පනපෙවීමේ ශිල්පීය කලාව ප්රගුණ කල අයෙකු ඔවුන් අතර හෝ දැනට නොමැති බවනම් කණගාටු වෙන් වුවද පැවසිය යුතුය..යකඩ තැලීමඋපුටා ගැනීම@ Wikipediaකිරි හැලයා ,:-කවුද?කතා කළේ෴කන්දේ ගුරා ෴මක්කටද ආවේ? ෴යකඩ තලන්න ෴මක්කද ගෙණාවේ?මුරුංගා ෴කෝටුං බෝටුං අපට මොටෝ දෑ අපි ඒවා කන්නේ නෑ ෴ වත්තෙන් පහළට කොංඩුං පෝ෴දුම්බර මහගෙට - ඇවිලු පන්දම, කවුද නිවන්නේ?කිරි හැලයා:- කවුද කතා කළේ?කන්දේ ගුරා ෴මක්කටද ආව෴යකඩ තළන්න෴මක්කද ගෙනාවේ?වම්බටු ෴වම්බටු කොම්බටු අපට මොටෝ දෑ අපි ඒවා කන්නේ නෑ ෴වත්තෙන් පහළට කොංඩුං පෝ ෴දුම්බර මහගෙට - ඇවිලු පන්දම්, කවුද නිවන්නේ?කිරි හැලයා:- කවුද කතා කළේ?කන්දේ ගුරා ෴මක්කටද ආවේ?යකඩ තළන්න ෴මක්කද ගෙනාවේ?හාල් කූර මල්ලයි - ලුණු කූර මල්ලයි ෴හරි හරි දුල්ලා මාගේ දුල්ලා - මම් කන කෑමත් උන් දෑ දනිතෙයි - මම් බොන බීමත් උන් දෑ දනිතෙයි ෴කුනාගෙ යකඩත්, මම් ම තලඤ්ඤයි ,මම් ම තලඤ්ඤයිමල්ලියා සරි මං නයි දෙත් සරි - කම්මල් වත්තට ගෙන්නූ පන්දම් - දීරෝ දිරෝ,කවුදැයි කවුදැයි කතා කරන්නේ?කන්දේ දුරයා කතා කරන්නේ ෴මන්දැයි ආවේ?යකඩ තලන්නට ෴මොනව ද ගෙණාවේ? මෑකරල්මිටියක් ගෙණාවේ෴ කෝටුං බෝටුං අපි කන්නේ නෑ අපෙ කම්මලෙ නොගණිති එව්වා ෴වත්තෙන් පහලට කොංඩු පෝං....
notes of imaginary
Why do I read ?
“Why do I read?I just can't help myself.I read to learn and to grow, to laughand to be motivated.I read to understand things I've neverI read when I'm crabby, when I've justsaid monumentally dumb things to thepeople I love.I read for strength to help me when Ifeel broken, discouraged, and afraid.I read when I'm angry at the wholeworld.I read when everything is going right.I read to find hope.I read because I'm made up not just ofskin and bones, of sights, feelings,and a deep need for chocolate, but I'malso made up of words.Words describe my thoughts and what'shidden in my heart.Words are alive--when I've found astory that I love, I read it again andagain, like playing a favorite songover and over.Reading isn't passive--I enter thestory with the characters, breathetheir air, feel their frustrations,scream at them to stop when they'reabout to do something stupid, cry withthem, laugh with them.Reading for me, is spending time with afriend.A book is a friend.You can never have too many.”
“ඇයි මම කියවන්නේ?
මට උදව් කරන්න බැහැ.මම කියවන්නේ ඉගෙනීමට සහ වර්ධනය වීමට, සිනාසීමටසහ අභිප්රේරණය කිරීමට.මම කවදාවත් නැති දේවල් තේරුම් ගන්න කියෙව්වාමම කකුළුවෙකු වූ විට, මම කියවන විට මම කියවමිට ස්මාරක ලෙස ගොළු දේවල් කීවේයමම ආදරය කරන මිනිස්සු.මට උදව් කිරීමට ශක්තිය සඳහා මම කියෙව්වාබිඳුණු, අධෛර්යමත් සහ බියක් දැනේ.මුලු හිතම තරහා උනාම කියවනවාලෝක.හැමදේම හරියනකොට මම කියවනවා.මම බලාපොරොත්තු සොයා ගැනීමට කියෙව්වා.මම කියවන්නේ මම සෑදී ඇති නිසා පමණක් නොවේසම සහ අස්ථි, දර්ශන, හැඟීම්,සහ චොකලට් සඳහා ගැඹුරු අවශ්යතාවක්, නමුත් මමවචන වලින් ද සෑදී ඇත.වචන මගේ සිතුවිලි සහ දේ විස්තර කරයිමගේ හදවතේ සැඟවී ඇත.වචන ජීවමානයි - මම සොයා ගත් විටමම ආදරය කරන කතාව, මම එය නැවත කියෙව්වානැවතත්, කැමතිම ගීතයක් වාදනය කරන්නාක් මෙන්නැවත නැවතත්.කියවීම නිෂ්ක්‍රීය නොවේ - මම එයට ඇතුල් වෙමිචරිත සමඟ කතාව, හුස්ම ගන්නඔවුන්ගේ වාතය, ඔවුන්ගේ කලකිරීම් දැනේ,ඔවුන් සිටින විට නවත්වන්නැයි කෑගසන්නමෝඩ දෙයක් කරන්න හදන්නේ, අඬන්නඔවුන්, ඔවුන් සමඟ සිනාසෙන්න.මට කියවීම, ඒ සමඟ කාලය ගත කිරීමයිමිතුරා.පොතක් යනු මිතුරෙකි.ඔබට කිසි විටෙකත් ඕනෑවට වඩා තිබිය නොහැක. ”
Thursday, January 04, 2024
මැණිකෙ දැන් ඔය මදෑ
මැණිකෙ දැන් ඔය මදෑ හොඳටම යන්ට දැන් හරි වෙලාව
තවත් ඉන්ටද මෙතනටම වී ඔයාගේ කල්පනාව
රිදී රේඛා ඇඳේ කීවට මැකුණු පසු කලු වළාව
ඒ තමයි අපි අදත් අදහන ජීවිතේ ලොකු මුලාව.....
අහල අහලම ඇති වෙලා ඇති නුඹේ ඔය කන්නලවුව
දන්නවා ඔය හිතේ ඇවිලෙන ගින්න දරුවන් මෙළෙව්ව
අපේ නැති බැරි කම් වසා ගෙන දුක දරා සිටි සොරොව්ව
ඕං දැන්වත් කරමු අමතක මැණික ඔය හත් ඉලව්ව.....
දෝවණය කළ පැන් කලත් ඇති ඉහේ කෙස් ගාණට වඩා
බෝධි මලුවට දැනෙන්න්ට ඇති නුඹේ පා තරමට විඩා
තුමුල මහ කඳු ශිඛර මැද්දේ අපි වුණෙන් ගල් කැට කුඩා
සේරමත් බර අරන් ආවට නුඹත් දැන් හොඳටම ලෙඩා.....
ඔප්පු කරනට බැරි තරම් වෙයි එදා හිට ගැට ගහපු පඬුරූ
කලු ගලක් හරි නුඹේ දුක දැක උණු නොවේවිද ලෙසින් වෙඬරූ
කමක් නෑ මේ ඉන්න ඩිංගට උන්ට අපි නම් තිත්ත කදුරූ
යං ඉතිං අපි හිටපු තැනටම පිහ ගනින් ඔය ඇහේ කඳුලූ.....
- රුවන් ජයරත්න -
Harsha Sulovhana