දේශපාලකයින් යයි අපි හදුන්වන්නේ ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා නියෝජනය කරන මහජන ඡන්දයෙන් තේරීපත්වුන වෘත්තිකයන්ටය. මේ මිනිසුන්ද “ හිරකරුවන්ද මනුෂ්‍යයයෝය “ කියන්නාක් මෙන් එක්තරා මනූුෂ්ය කොට්ඨාශයක්ය. දේශපාලනය පිළිබදව ශාස්ත්‍රීය දැනුමක් නොලත් අදබාලයන්ය.
මේ මනුෂ්යයයෝ හැසිරෙන්නේද තමන් කවුරුන්ද යන්න තමන්ම නොදන්නා ආකාරයකටය. මෑතදී හිටපුු අමාත්‍යවරයෙකු සහ පාර්ලිමේන්තු මංත්රීවරයෙකු වන්නෙක් තමන් නියෝජනය කරන දිස්ත්‍රික්කයේම මංත්‍රිවරයෙකු හා කරන ලද අරගලයකදී මංත්‍රීවරයා හට පඩිපෙලකින් පෙරලී අස්ථි භංගයක් සිදුව රෝහල් ගත වන්නට සිදුවිය.
මේ තවත් හැසිරීමකි. පසුගිය දාක වෘත්තීය සංගමයක් ද පවත්වා ගෙන යන වතුකරය නියෝජනය කරන තවත් අමාත්‍යවරයෙකු වතු සමාගමක නිලධාරීන් පිරිසක් කාර්යාලය තුල සිරකර බලහත්කාරකම් පෑ බව ප්රවෘත්ති පලවිය
අපි පතන්නේ විද්වත් සාකච්ඡා , වාද විවාද ,බුද්ධීමත් තීරණ වුවද අපි අසන්නේ කැරළි කෝලාහල , අසංවර වාද විවාද වැනි තුන්වන පන්තියේ ක්‍රියාකාරකම්ය.ඡන්දදායකයා වෙනස්වන තුරු දේශපාලකයා වෙනස් වෙන්නේ නැත. ආසියාතික රටවල දේශපාලකයා නීතිය කුමක්වුවද සම්ප්රදාය ,යුක්ති ධර්මය කුමක් වුවද ,තමන්ට අවශ්‍ය දේ තමන්ට උවමනා ආකාරයට සිදුවිය යුතුයැයි හිතන චරිතයක්ය.
ඡන්දදායකයාද මේ සිතිවිල්ලෙන් මිදිය යුතුය. චන්ඩීන් , මකොල්ලකරුවන්,මිණිමරුවන් තම සුද අතරේ සගවාගන්නේ දේශපාලකායය. දරුවා පාසලට ඇතුලත් කර ගැණීම , රුකියාවක් ලබා ගැණීම කී නොකී හොරපාරෙන් කර ගන්නා ක්‍රියාකාරකම් සදහා පිලිසරණ පතන්නේ දේශපාලකාගෙන්ය.වර්තමාන දේශපාලකයා ආදර්ශයට ගන්නා ජන සමාජයකින් “තල වපුරා මුං නෙලා ගැනීම “ උගහටය.
ඡන්දදායකයාද ස්වාධීන විය යුතුය. ඔහු දේශපාලකයාගෙන් යපෙන්නෙක් නොවිය යුතුය.වර්තමාන දේශපාලකයා ගේ හැසිරීමෙහි කෙලවර සාමාන්‍ය ජනතාව තුල නීතියට ඇති බිය , නීතිය රකින ආයතනයන්ට ඇති ගෞරවය නැතිවීයාමයි . අප රටේ අල්ලස , දූෂණය , අපරාධ ඉහල යාමට මුළික හේතුවද මෙය විය හැක.
දේශපාලකයා සැබැ ජනහිතකාමියෙකු නම් ජනතාවට ආදර්ශමත් ඇවතුම් පැවතුම් අනුගමනය කළ යුතුය.
කර පින්නන් ආපු හින්ද
දෙපා මගේ රිදෙන හින්ද
ගිනි ගණනට කිරි අරගෙන
උගුර උගුර දීපු හින්ද
මගේ හිත බැඳුණාය පුතේ
උඹ නැතිවම බැරිය පුතේ
...සේද පිළි විසි කරදා
කඩමලු ඇඟ ඔතාලා
සිහිල් දියෙන් දොවාලා
ගොඩක් වතුර පොවාලා
මං උස්සන් උඹ උස්සන් යනවා
කර පින්නා ගෙන යනවා
සුබ ආරංචියක්......
අපි කට ඇරගෙන බලා හිටියා මොකක්ද මේ සුබ ආරංචිය කියලා. ණය ප්‍රතිව්‍යුහ ගත කරගන්න පුළුවන් වෙලා. ඒකයි මේ සුබ ආරංචිය.
වැල් පාලමේ කතාවත් නිතර නිතර කියවෙනවා. මට නම් අසඩක් හොද පදමට දා ගත්ත වෙලාවට. ඒතකොට දෙන තීන්දුත් නියමයි.
වානිජ ණය ප්‍රතිව්‍යුහගතකරනය යටතේ ඩොලර් බිලියන 12.5ක් ජාත්‍යන්තර ස්වෛරිත්ව බැදුම් කර ( ISB) ණය ප්‍රතිව්‍යුහගතකරනය කරමින් සිටියද 2022 ණය සහ පොලිය නොගෙවීම නිසා එය ඩොලර්් බිලියන 18 දක්වා වැඩිවී ඇත. 2022 අප්‍රේල් සිට ණය ගෙවීම නතර කිිරීම නිසා ද්වි පාර්ශවීය සහ වානිජ නය ඩොලර් බිලියන 6.6 ක් එකතු වී ඇත. ප්‍රතිව්‍යුහගතකරනය කල යුතු විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 29 ක් වන අතර එයන් ඩොලර් බිලියන 11 ක්ද්වි පාර්ශවික ණය වන අතර ඉන් ණය ප්‍රතිව්‍යුහගතකරනය යටතේ ප්‍රතිව්‍යුහගතකරනය කර ඇත්තේ ඩොලර් බිලියන 10 කි.2028 දක්වා ණය මුදල් නොගෙවුවද වසරකට ඩොලර් මිලියන 500ක් පොලී වශයෙන් ණය හිමි රටවලට ගෙවිය යුතුය.
මෙන්න මේකයි සුුබ ආරංචිය.
මේ සුබ ආරංචිය සජබෙට ඇහුනේ ආණ්ඩු පැත්තට ඇහුුන විදියට නෙමෙයි. ණය ද්වි පාර්ශවික ,බහු පාර්ශවීය සහ සෙසු කණ්ඩායම් වලින් ගත් ණය තියෙනවා. ඔය ඔක්කොම මේකට එකග වෙලා නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී රජය අසාර්ථකයි කියලා සජබෙ කියන්නේ අපි කලා නම් ඔයිට වඩා හොදට කරනවා ! එයාලගේ මතය. ණය ගෙවීම කල් ගැණිම , ණය වලින් කොටසක් කපා හැරීම. ගැන කියන්නේ අපි කලා නම් ඔයිට වඩා කාලයක් ගන්නවා - ඔයිට වඩා ඉහල ප්‍රතිශතයකින් ණය කපා හැරීමට කටයුතු කරනවා කියලා.
දැන් වෙලා තියෙන්නේ 2028 වෙනකම් සහන කාලයකුයි 10 % ක ණය කපා හැරීමකුයි රජය ලබා ගෙන තියෙන්නේ
ඒකත් අපි කලා නම් ඔයිට වඩා හොදින් කරනවා වගේ කතාවක්.
කවුරු කලත් කර ගන්න පුළුවන් ඔය ටික තමයි කියලා අපිට නම් තේරේනවා. සුබ ආරංචියක් කියන ගමන් දේශීය ණය ගැන නම් කතා කලේම නැහැ.
ජනාධිපතිතුමා නිතරම හුණුවටයේ කථාව ගැන කියනවා. හුණුවටයේ කතාවේ පූරක මෙහෙම කියනවා
බෙදු එම නීතිය
දිගු නොවු කෙටි කාලය
ඒ රට ස්වර්ණමය යුගයක්ම වු බව
දනන් තුඩ තුඩ තවත් පැවසෙයි
හුණු වටය පිලිබද ඇසු මෙ පුවත
සබේ වියතුනි , පැවසු ලෙස
දන පුරානේ තබා ගනු මැන
සිතෙහි මේවදන
දෙයක් වේ නම් යම් සුදුස්සාටම
අයිති විය යුතුම කියන ලෙස
මෙලෙද ලැබිය යුතු මවු ගුණයය ඇති අය
දරුවන් දිනිය යුතු වෙයි
රියදුරු මනාව
ලැබිය යුතු වු සේම අස්රිය
මුදු ගුණයය ඇති අය
දරුවන් දිනිය යතු වෙය
ගොවි දන මනාවු
දිනිය යුුතු සේම ගම් බිම්.
අවසානයේ අසඩක් ගැන කියන්නේ මෙහෙමයි.
විදා අත් තල දෙන
නොදෙන දේ රැගෙන හෝ නොමරැගෙන
පොදවේ නිදානයකින් රැගෙන දෙන මෙන්
යුක්ති ධර්මය සැමට බෙදු එදා
පිටවුු විනිසුරු ඒ යළිත් නැත
කිසි දිනෙක දුටුවේ මෙදා වනතුරු
ඔහුගේ අණ ගුණ
දනන් තුඩ තුඩ තවද කියවේ.