notes of imaginary
ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>
11 comments:
මේකට කමෙන්කටු දැමීමේදි එම්බෙඩඩ් මෝඩ් එක දැම්මොත් හොද නැද්ද??
පත්තරේට දාන්න ඒ අදහස අපේ සමකය වටේ ලියන නලින් අයියාගේ. දන්න විදියට දේශපාලනය සම්බන්දව ලොකු ගැටලු මතු වෙන එකක් නැ කියලා හිතෙනවා. පලකරලා තිබුන ලිපි දැක්කම හිතුනේ නම් එහෙමයි :)
දේශකයාගේ අදහසට ට්‍රයි කරමි.
ඕවා ගැන එච්චර කළබල වෙන්න එපා!
දිවයින ලිපිය ට ස්තුතියි.
අපි මොනවටද කලබල වෙන්නේ ?
කාලය වෙනස් වෙන හැටි.බ්ලොග්කාරයින්ට ගරහන අයම නේ මේ බ්ලොග් උපුටා පලකරන්නේ !
//බ්ලොග්කාරයින්ට ගරහන අයම නේ මේ බ්ලොග් උපුටා පලකරන්නේ !// මෙන්න මේ ටික තවත් පැහැදිලිව විස්තරකරමුද මිත්‍රයා. ඔබේ ලිපියට දිගු පිළිතුරක් දිය යුතු මුත් මේ වෙලාවේ එය සටහන් කිරීම අපහසුයි.
මක්කා උනත් සීයා කෙනෙක් මෙහෙම හිතන එක ළොකු දෙයක්. ඒත් හැම පත්තරකාරයම එකම මිම්මෙන් මනින්න එපා. ඔවුනුත් මිනිස්සු ලෙස සිතුවාම හරි. මේ ආන්ඩුවට කඩේ නොයන එකා, වෙන ආන්ඩුවක් ආවම ඒකට කඩේ යනවා.. පෘතග්ජන මිනිස්සුනේ..
බ්ලොග් ලියන අපිට මේක වැදගත් වෙන්නේ මොඩම්, ඩොන්ගල් සහ රවුටර් හරහා ගොඩ නැගුනු මේ විකල්ප සමාජය කඩදාසි හරහාත් ව්‍යාපත වීම නිසයි.
බ්ලොග් ලෝකේ පැතිරීමක් ම මිසක හැකිලීමක් නම් මේ නිසා සිදු වෙන එකක් නෑ.,
කඩේ යාම ......මීදුමට අවශ්‍ය නොවන්නේ ආර්ථික නිදහසත් ජීවිතයෙ තවත් බලාපොරොත්තුත් නැති සීයා කෙනෙක් වීම නිසා සහ ලැබී ඇති දෙයින් සැනසීම සහ සෑහීමට පත්වී ඇති නිසයි.
ඒත් වර්තමාන සමාජයේ තමන්ගේ ආර්ථිකය දියුණු කරගන්න ඕනෑ නම් කොයි කාටත් කාට හරි කඩේ යන්න සිද්ධ වෙනවා. මේ කටයුත්ත ව්‍යාපාරිකයාගේ සිට කම්කරුවා දක්වාත් , ඉහලම තනතුරු දරන තැන සිට පහලම තනතුර දරන කෙනා දක්වාත් සිදුවෙනවා.
පුංචි එකා ඉස්කෝලේට දාගන්නත් මොකාට හෝ කඩේ යායුතු කාලයක් මේක.
ඒක නිසා බරපගලව මේ ගැන හිතන්න දෙයක් නැහැ.
නම ලියනගමගේ නම් කොච්චර වයසට ගියත් තව ලියන්නම වෙනවා
ඉතාම වටිනා නිදහසේ පළ කරන අදහස් ගොන්නක් ඔබේ වියමන්තුළ දිග හැරෙනවා.
Post a Comment