අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
Tuesday, April 19, 2011

4/19/2011 11:24:00 pm

පාළු අදුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
යුගයෙන්  යුගයට  හදවත් ඉල්වන
 බලාපොරොත්තුව පැතුම ඇයයි
පාළු අදුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි

අසාරවු මහ පොලොව මමයි 
 ගලා බසින දිය දහර ඇයයි 
අසාරවු මහ පොලොව මමයි 
ගලා බසින දිය දහර ඇයයි 
යුගයෙන්  යුගයට  හදවත් නලවන 
සදාකාලිකවු සැපත ඇයයි
පාළු අදුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
කැලෑව මැද කටු පදුර මමයි
පිපි වැනෙන මල් පොකුර ඇයයි
කැලෑව මැද කටු පදුර මමයි
පිපි වැනෙන මල් පොකුර ඇයයි
යුගයෙන්  යුගයට  හදවත් පුරවන
අදුරු වේදනා කැටිය ඇයයි
පාළු අදුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි



Enhanced by Zemanta

0 ප්‍රතිචාර: