Tuesday, December 27, 2011

ඇලඩින්ගේ පුදුම පහන

Friday, December 23, 2011

රාමුව කැඩුණු වීදුරුව බිඳුණු සරසවි පින්තූරය

රාමුව කැඩුණු වීදුරුව බිඳුණු සරසවි පින්තූරය
23 දෙසැම්බර් - දිවයින කතුවැකිය.
පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ජ. වි. පෙ. විරුද්ධය. 

එසේ විරුද්ධ වනවාට ආණ්‌ඩුව විරුද්ධ ය.

නවක වධයට ළමයි විරුද්ධ ය.

එසේ විරුද්ධවනවාට ජ. වි. පෙ. විරුද්ධ ය.



මේ වූකලී මේ මොහොතේ දී මේ රටේ ශිෂ්‍ය ප්‍රශ්න ආශ්‍රිත පින්තූරය යි. මේ පින්තූරයේ වීදුරුව බිඳ තිබේ. රාමුව කැඩී තිබේ. පින්තූරය එල්ලූ ඇණය බිම ය. ලණුව කැඩිලා ය. මේ කාලකන්නි තත්ත්වයට ජ. වි. පෙ. වගකිව යුතු ය. ඊළඟට ආණ්‌ඩුව වගකිව යුතු ය. යළි ජ. වි. පෙ. වගකිව යුතු ය. මේ වගකීමේ සීමාවක්‌ නැති අතර ප්‍රශ්නයේ ද සීමාවක්‌ නැත.

මේ මොහොතේදී මේ රටේ ශිෂ්‍ය ප්‍රශ්නයට පාර්ශ්ව තුනක්‌ අත දමා තිබේ. එකක්‌ ජ.වි.පෙ. ය. අනෙක ද ජ. වි.පෙ. ය. මේ දෙවන ජ.වි.පෙ. වූ කලී කුමාර් ගුණරත්නම්ගේ නායකත්වයෙන් යුත් ජ. වි. පෙ. ය. දැනට පෙනෙන පරිදි විශ්වවිද්‍යාලවල වැඩි බලය ඇත්තේ මේ දෙවන ජ. වි. පෙ. ට ය. එහෙත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්‌ඩලයේ කැඳවුම්කරු හරහා ජ. වි. පෙ.ට අයත් ය. ඒ නිසා දෙකට කැඩුණු ජ. වි. පෙ. මේ මොහොතේදී නවකවදයට පසුව, ආණ්‌ඩුවට විරුද්ධව එකම තැනකට පැමිණ සිටින බව පෙනේ.

ප්‍රතිපත්තියක්‌ වශයෙන් ගත් කල "දිවයින" සිය සමස්‌ත ඉතිහාසය පුරාම සිටියේ ද, අද සිටින්නේ ද මේ රටේ ජනතාව සමඟ ය. ජනතාවගෙන් ඉතා සුළු කොටස්‌ කිහිපයක්‌ කැමැති දෙයට මේ පුවත්පත කැමැති නැත. ඊළමට මේ පුවත්පත කැමැති නැත. උතුර නැගෙනහිරට පොලිස්‌ හා ඉඩම් බලතල දෙනවාට ද මේ පුවත්පත කැමැති නැත. එසේම නවක වධයට ද මේ පුවත්පත කැමැති නැත. පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් මේ පුවත්පතට විවේචනයක්‌ තිබේ. එහෙත් මේ රටේ ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පිටරට යමින් අවුරුද්දකට ජාතික ධනයෙන් ඩොලර් බිලියනයක්‌ ඒ රටවල්වලට පූජා කරන විට එම විශ්වවිද්‍යාලවල ශාඛා පෞද්ගලික විශ්වවිද්‍යාල ලෙස මේ රටවලට පැමිණීම ගැන අපට විරුද්ධ විය හැකි නොවේ. පෞද්ගලික විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය ගැන යම් යම් ගැටලු ඇති බව සැබෑ ය. සාමාන්‍යයෙන් (ලංකාව හැරුණු විට) ආසියානු ජාත්‍යන්තර අධ්‍යාපන ප්‍රමිතියට අනුව අ. පො. ස. උසස්‌ පෙළ විභාගය සඳහා සාමාන්‍ය සාමාර්ථ දෙකක්‌ ලබා ගන්නා ළමයකුට ඉන්දියාව, බංග්ලාදේශය, තායිලන්තය, නේපාලය, මැලේසියාව, සිංගප්පූරුව පමණක්‌ නොව ජපානයේ ද පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබාගත හැකි ය. (මේ සියලු රටවල ඇත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාල පමණි.) එහෙත් ශ්‍රී ලංකාවේ උසස්‌ පෙළ ශිෂ්‍යයකුට විශිෂ්ට සාමාර්ථ තුනක්‌ නොව එමෙන් තුන් ගුණයක්‌ සුදුසුකම් තිබුණ ද විශ්වවිද්‍යාල වරම් හිමිවන්නේ නැත. විශ්වවිද්‍යාල පහසුකම් සීමිත රජයෙන් නොමිලයේ අධ්‍යාපනය ගැන අපේ රටේ විශ්වවිද්‍යාලවලට ළමයින් තෝරා ගන්නේ මැණික්‌ ගරන කූඩයේ දමා ගැරීමෙන් පසු ය. සාමාන්‍යයෙන් මැණික්‌ ගරන ඉල්ලම් පස්‌ කූඩයේ ගල් පන්දහසක්‌ පමණ තිබුණ ද එයින් මැණික්‌ ගල් ඇත්තේ එකකි. ඒ පදනම උඩ සල්ලි නැති දක්‌ෂයාට මෙන්ම සල්ලි ඇති දක්‌ෂයාට ද විශ්වවිද්‍යාලයට යැමට හැකි වන්නේ නැත. මේ සියලු තත්ත්ව සළකා බැලීමෙන් පසු පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධ වීමට තරම් විශාල කාරණාවක්‌ අපට පෙනෙන්නේ ද නැත.

එහෙත් නවක වධය නම් හෙළා දැකිය යුතුම ය. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලය නවක වධය ප්‍රවර්ධනය කරන්නේ කවර විකෘති කාමාශාවක්‌ නිසා ද, කවර පරපීඩා කාමුකත්වයක්‌ නිසා ද යන්න අපට සිතා ගන්නට බැරිය. නවක වධය යනු විශ්වවිද්‍යාලයට ඇතුළුවන දුප්පත් ගැමි දරුවා භීතියෙන් සහ සන්ත්‍රාසයෙන් විසඥ කරවන කාලකන්නි තත්ත්වයකි. සමහර විට ඒ දරුවාට කුණුහරුප කියන්නට අණ කෙරේ. කුණුහරුප කරන්නට අණ කෙරේ. එමතු ද නොව ඇතැම් දරුවන් දහ දොළොස්‌ දෙනා බැගින් නිරුවත්කර කාමරවල දමා වසනු ලැබේ. අනතුරුව පැය දොළ පැය විසිහතර වැනි කාලයක්‌ එසේ ගාල්කර තබනු ලැබේ.

අපට මේ සියල්ල ලියන්නට සිත්වූයේ ඊයේ (22 දා) මේ පුවත්පතේ ප්‍රධාන පුවතට අනුව ය. පේරාදෙණියේ ශිෂ්‍ය සංගම් අත්හිටුවීමට එහි උපකුලපතිතුමා නියෝග කර ඇති බව ඒ පුවත ය. මේ කතුවැකිය සම්පූර්ණයෙන් කියවන ඔබට, ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට හේතු අමුතුවෙන් කිව යුතු වන්නේ නැත.

Tuesday, December 20, 2011

අපේ අසල්වැසියා


















මෙම දර්ශණ  කිහිපය ඉන්දියාවේ ය.

Friday, December 16, 2011

සිරිලක අසිරිය.

http://www.ocholeguas.com/en_360/2011/09/sri_lanka/4/4.html

Tuesday, December 13, 2011

මේකලා ගමගේ - Mekala Gamage



ඇ‍ගේ මාධුර්යට සවන් දෙන්න.    


https://www.youtube.com/watch?v=sHhUeUihiI0

Friday, December 09, 2011

බොපත් ඇල්ල - රත්නපුර.

බෝපත් ඇල්ලට රත්නපුර - කොළඹ මාර්ගයේ කුරුවිට - දෙවිපහල මාර්ගයෙන් යා හැකිය.
පටු විවරයකින් කඩා හැලෙන දියකඳ පසුව පුළුල් වන අතර මෙය බැලූ බැල්මට බෝපත්‍රයක හැඩය ක් ගන්නා නිසා බෝපත් ඇල්ල නම් නම ලැබී ඇත. දිය ඇල්ල ජෛව විවිධත්වයෙන් පරිපූර්ණ නෑඹුල් වනයකින් වැසී ගලා හැලේ.
බෝපත් ඇල්ල උසින් මීටර් 40ක් පමණ වේ. කළු ගගේ අතු ගංගාවක් වන කුරු ගඟෙන් මෙම දිය ඇල්ල පෝෂණය වේ. මෙම දිය ඇල්ල ගලා වැටීමේ සීඝ්‍රතාව තත්පරයට ඝන මීටර් හයක් පමණ වන අතර වර්ෂයකට සාමාන්‍ය වර්ෂාපතනය මි.මී 5080 පමණ වේ.






Tuesday, December 06, 2011

මා මළපසු සොහොන් කොතේ ........... පණ්ඩිත් අමරදේව.



http://www.lankantunes.com/player/amaradewa/index.php?name=W.D.Amaradewa

පණ්ඩිත් අමරදේවයන්ට සවන් දෙමු.



Friday, December 02, 2011

අනාගත සිහිවටනයක් වන්නට............












Wednesday, November 23, 2011

ෆෙඩ්‍රික් බලකොටුව - .Fort Fredrick

 මීදුම නැගණහිර සංචාරයක තොරතුරු වියමන් කර සිටියා. ඒ සංචාරයේ අන්තිම දවස ගත කලේ ත්‍රිකුණාමලයේ. මින් වසර දෙක තුනකට පෙර මීදුම සංචාරයක යෙදුනාට වඩා අද ත්‍රිකුණාමලය නිදහස් පරිසරයක් නිර්මාණය කරගෙන. උදේ පාන්දරින්ම නවාතැනින් පිටත් වුන මීදුම වෙරළ දිගේ ඇවිදගෙන හිරු පායනවා බල බලා ෆෙඩ්‍රික් බලකොටුවේ ආරුක්කු දොරෙන් කෝනේස්වරම් කන්ද නගින්න  පටන් ගත්තා.
පෘතුගීසින් විසින් ෆෙඩ්‍රික් බලකොටුව 1623 වසරේ ඉදිකර න ලද බලකොටුවක්. ඒ අතීතය වන විටත්  ත්‍රිකුණාමලය ලෙස වර්තමාණයේ හදුන්වන එකල ගෝකණ්‌ණ ලෙස හැදින්වු  මෙම වරාය ඇතුලත් ප්‍රදේශය  චීන, අරාබි, ග්‍රීක, ඊජිප්තු වැනි වෙළෙඳුන්ගේ  වෙළද මධ්‍යස්ථානයක් බවට පත්වෙලා තිබුණා. ක්‍රි.ව 1624 වන විට ත්‍රිකුණාමලයේ බලය අල්ලාගත් පෘතුගීසීන් එහි බලකොටුවක්‌ තැනුවා. ක්‍රි.ව 1639  ත්‍රිකුණාමලයේ බලය ලන්දේසීන් අතට පත් වුණා. ඉන්පසු ලන්දේසීන් විසින් මෙම බලකොටුව තවත් පැතුරුන බිම් භාගයක ශක්‌තිමත්ව ප්‍රතිසංස්කරණය කරනු ලැබ ඇත.
බලකොටුව පාමුලපිහිටි මහ මුහුද  ලන්දේසි වරාය ලන්දේසි බොක්‌ක නමින් ද හදුන්වනවා.   ලන්දේසිගෙන් පසුව  1782 දී  මේ බලකොටුව ඉංග්‍රීසීන්ගේ  පාලනයට  යටක් වනවා . වරින්වර මෙයට ප්‍රංශ හමුදාව ද ප්‍රහාර එල්ල කළ පව ඉතිහාසයේ සදහන් වන්නක්. 1795 දී පූර්ණ වශයෙන් බලකොටුව ඉංග්‍රීසීන්ගේ පාලනයව  අයත් ව   එතැන් පටන් දියුණු වූ මේ තුළ නාගරික අවශ්‍යතා ගොඩනැඟුණා.

ෆෙඩ්‍රික්‌ කොටුව තුළ හමුදා කඳවුරු, ඉහළ නිලධාරීන්ගේ නිල නිවාස යනාදිය එකල පිහිටා තිබී ඇත. වර්තමානයේ සංචාරකයින් නිතර ගැවසෙන ස්ථානයක්ව ඇති ගෝකණ්‌ණ විහාරය, කෝනේෂ්වරම් දෙවොල ෆෙඩ්‍රික්‌ කොටුව තුල පිහිටා තිබෙනවා. ගජබා රෙජිමේන්තුවේ කඳවුරක් පිහිටා ඇති අතර නඩත්තු කටයුතු කරනු ලබන්නේ ඔවුන් විසිනි




.Fort Fredrick is a fort built by Portuguese colonials at Trincomalee, Eastern Province, Sri Lanka in 1624. It was built on Swami Rock-Konamamalai from the debris of the world famous ancient Hindu Koneswaram temple (Temple of a Thousand Pillars) that was destroyed by the Portuguese under Phillip IV, colonial occupiers of the Jaffna kingdom and Malabar country on the island. Several Hindu shrines in the Tamil country were destroyed during the occupation, particularly under Phillip III, when Trincomalee became the scene of naval battles during Europe's Thirty Years' War. It was initially a triangular fort named the Fort of Triquillimale by the Portuguese equipped with guns captured from a Danish fleet ship. This fort was captured by a Dutch fleet under Admiral Westerwold in 1639 and in 1665 a new fort was built here by the Dutch to defend against the advancements of the British and the French. The fort was renamed Fort Fredrick. In 1672, the year when the Dutch Republic was attacked by France, Britain, and two German states, the French captured Trincomalee and later they occupied Batticaloa. However soon the French were forced to leave. Trincomalee was important for its large all-season secure harbor. In late 18th century Trincomalee traded hands once more with the French capturing it again and later handing back to the Dutch East India Company(VOC) at the Peace of Paris in 1784. In 1795 it was taken over by the British, and remained a British garrison till 1948. Duri Coastal artilleryguns were added during the two World Wars.
Today it remains garrisoned by a detachment of the Gajaba Regiment, Sri Lanka Army, but accessible to visitors.
Arthur Wellesley, later 1st Duke of Wellington visited whilst a Colonel in the British East India Company, the bungalow he resided in is known as Wellesley Lodge which is inside Fort Fredrick and now is the officer's mess of the 2nd (Volunteer) battalion of the Gajaba Regiment.
ෆෙඩ්‍රික් බලකොටුව ගැන විකිපීඩියා සටහන් කරන්නේ  ඔය විදියට..

වර්තමානයේ පිවිසුම පෙනෙන්නේ මේ විදියට







Tuesday, November 15, 2011

සදේ ඔබ දිලෙන විට ...

Monday, November 14, 2011

සිතට කවි පද ගෙනේවි





මීදුමෙන් වැසී සිතිජයක කව 
සුළග නිහඩවම මුමුණාවී 
අදුරු අහ‍සින් ගලන පිණි බිදු 
රැයේ මල් තියාවි
 තාරුකා රැදි අහස් මායිම 
මිහිදුම් සළුවෙන් වසාවි 
නිහඩ ගීයක් තනිව මුමුණා 
රෑ පුරා හමා ඇදේවී 
ඒ සුළග වගේ නුඹත් හෙමිහිට 
සිතට  කවි පද ගෙනේවි 

Thursday, November 10, 2011

Belihuloya

Belihuloya Slideshow Slideshow: මෙතනින් යන්න. TripAdvisor™ TripWow ★ Belihuloya Slideshow Slideshow ★ to Polonnaruwa, Belihuloya (near Ella) and Deniyaya. Stunning free travel slideshows on TripAdvisor

Tuesday, November 08, 2011

විශ්වාස කරනවද ?.

වම් අත පැත්තේ කවුද ඉන්නවා

කවුද මේ එන්නේ ?.

නිදා ගන්නවත් බෑ 

මොකද කල්පනාව ?.

ආ ඇද යට කවුද ?.

මෙහෙත් ඇවිල්ලා ?.

Friday, November 04, 2011

යදමින් බැද - විශාරද නන්දා මාලණී

යදමින් බැද විලංගු ලා  මගේ පුතා
රැගෙන යන්න
ඉදිකටු ඇන ඇගිලි තලා
දෙතිස් වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම
දඩුවම් දෙන වරදනම්.
කුමට එරට අධිකරනය නිතිය සහ විනිසුරන්.

කාකා බිබි නටන අතර නරුම
යහළු හෙහෙලියන්
පන්දු කෙලින අතර ඉහල
පාසල් වල අමනයන්
රට ගිණිගෙන ඇති වග දුටු
මගේ එකම පුතනුවන්
එ ගිණි නිවන මග නිවන මග සෙවීම
වරදක් දැයි මට කියන්

යදමින් බැද විලංගු ලා  මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇගිලි තලා
දෙතිස් වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම
දඩුවම් දෙන වරදනම්.
කුමට එරට අධිකරනය නිතිය සහ විනිසුරන්.

ගිණි ගන්නා රටක කෙළින
මී හරකුන්  වැනි පුතුන්
කුමකටද මට මහ විරුවෙකි
සිරගෙයි මල මගේ පුතුන්
කෝටි ගනන් බිහිවේවා
මගේ පුතු වැනි තව පුතුන්
කිරිමව් ලෙස මම ඉන්නම්
එවන් පුතුන් ලග උතුම්

යදමින් බැද විලංගු ලා  මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇගිලි තලා
දෙතිස් වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම
දඩුවම් දෙන වරදනම්.
කුමට එරට අධිකරනය නිතිය සහ විනිසුරන්.

රට කරවන්න නම් ........ විශාරද නන්දා මාලණී

රට කරවන්නට නම්  - රට කරවන්නට නම්
මසුරන් ඇතිව කැටේ
වටිනා කියනදේ
 විකිණිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත්
අප හැම මකර කටේ.
දළදා මැදුර
අධිකව  මිළ කල හැකිය
සිරිමා බෝධියේ
ලන්සුව පැහැදිලිය
කළු ගල්වලට
විකුණාගෙන සීගිරිය
සිගීරි කුරුටු ගී බයිලා කල හැකිය
රට කරවන්නට නම්  - රට කරවන්නට නම්
මසුරන් ඇතිව කැටේ
වටිනා කියනදේ
 විකිණිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත්
අප හැම මකර කටේ.
හෝරටන් තැන්න
දී ක්‍රීඩා පිටියකට
පවරා සිංහරාජය
ලී මෝලකට
දුන්හිද ඇල්ල හරවා
ජල විදුලියට
සමනල කන්ද බදු දෙමු
හෝටලයකට
රට කරවන්නට නම්  - රට කරවන්නට නම්
මසුරන් ඇතිව කැටේ
වටිනා කියනදේ
 විකිණිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත්
අප හැම මකර කටේ.

Sunday, October 30, 2011

දවසම අප්සට් !.

ආවේ මෙන්න මේ දඩුමොනර යන්ත්‍රයෙන්.

පාන්දරින්ම  අපේ  ප්‍රාදේශිය ලේකම් කාර්යාලෙට ගියේ  පුංචි පහේ වැඩක් කර ගන්න. 
වෙනදා ප්‍රාදේශිය ලේකම් තුමාගේ වාහනය ගාල් කරන තැන  අද අමුතු වාහනයක්.
දඩු මොනර යන්ත්‍රයක් වගේ.

එක පාරටම හිතුනේ රාවනා රජ්ජුරුවෝ මොකක් හරි වැඩකට පාන්දරින් ඔෆීස් එකට එන්න ඇති කියලා. 
මිනිහාටත් අද වතුර පොදක් වත් නැතිව හවස් වෙනකම් මිස්ලා මැඩම්ලා මහත්තුරු ගාවා මේසේ ලග එටෙන්සන් ගහ ගෙන යටත් පහත්ව වේලෙන්න වෙයි කියලා  හිතා ගෙන , කාකසයත් දොර ගාවා නැති හින්දා ප්‍රාලේගේ කාර්යාල කාමරේට ඔළුව දැම්මා. 

ඔඩිට් එකක් !.

අම්මෝ ශක්‍ර දෙවියෝ පාන්දර ඇවිත් වැඩ චෙක් කරනවා !.අවුරුදු ගානක ඉදන්මේසේ උඩ  රාක්කයේ ගොඩ ගැහිච්ච වැඩ  !.


අද නම්  බඩුම තමයි. කියලා හිතට ආවම පොඩි ජොලියකුත්  ආවා.

අද  මගේ වැඩෙත්  ටක් ගාලා ඔෆීස් එකේ මහත්තුරු කරදුන්නා. දෙවියන්ගේ අනු හසින්ද කොහෙද ?. 
යන්තම් වැහිපොදෙත් එක්ක පාරට බැස්සා .
 කුඩේ ගෙනියන්න කවදත් පුරුද්දක් නැති මීදුම ගෙදර ගියාම නිදහසට කරුණු කාරනා කියන්න , කරුණු කාරනා එකතු කර කර කඩ පිලකට වෙලා වැස්ස තුරුල් වෙනකම් බලා ගෙන හිටියා. 
මෙන්න බොලේ !  අළුත් අදහසක් .

අළුත් අදහසක් !.



වැස්ස පෑව්වා දුවලා දුවලා ගිහින් ප්‍රයිවට් බස් එකකට නැග්ගා. වැස්ස නිසා සෙනග අඩුයි කියලා  වැස්සට බනින කොන්දොස්තර කොළුවාගේ කන්දොස්ක්‍රියාව බස් එකේ  ශබ්ද විකාශණයෙන් නැගෙන සුභාවිත ගීතය පරදවා ගෙන ඇහෙද්දී කවුළුවෙන් පාර දිහා බැළුවා. 
 මෙන්න සහෝදරයෝ හතර දෙනාම එකම වාහනේ !.
 කොන්දොස්තර කොළුවාට එකටත් තද වෙලා. !

සහෝදරයේ හතර දෙනෙක් !.

හෝල්ට් එකෙන් බස් එකෙන් බැහැලා  පෙති පෙති කපාපු පාන් බෑග් එකකුත් අරගෙන ඇවිද ගෙන යන කොට මෙන්න  ඩොක්ටර් ගාවට බෙහෙත් ගන්න යන අම්මයි  දරුවෝ දෙන්නයි !. ප්‍රයිවට් චැනල් සෙන්ටර් එකක් හොයනවා.

කාටද බෙහෙත් ගන්න යන්නේ !.


මේ තුන්දෙනා දැකලා තවත් මහත්තෙක්  කැමරාව මාන ගෙන 


පින්තූර ගන්නවා.


මම ඇස් දෙක පියා ගෙන ඔළුව තදින්ම ‍ හොලවලා බැළුවා මට අප්සට්ද ? කියලා


 

මීදුම Published @ 2014 by Ipietoon