Wednesday, February 08, 2012

13+


දෙමළ දේශපාලන පක්‍ෂ විසින් ප්‍රභාකරන්ගේ මතයම තව දුරටත්  ඉදිරියට ගෙන යාමෙන් යලිත් රට අනතුරට පත් කිරීමට උත්සහායක නිරත වන බවක් මීදුම දකින්නක්. ඕනෑම ප්‍රශ්නයක දෙපැත්තක් සහ සාධාරණයක් තියෙනවා. දෙමළ දේශපාලන පක්‍ෂ විසින් ඉල්ලා සිටින 13 ප්ලස්‌ හා ආණ්‌ඩුව විසින් යෝජනා කරන 13 ප්ලස්‌ අතර තිබෙන වෙනස  තුලනය කර ගැණිමට  දේශපාලන පක්‍ෂ එකග නොවීමෙන් බ්‍රිතාන්‍යයයන් විසින් ඉතිරි කරන ලද සිංහල - ද්‍රවිඩ විරසකබව තවදුරටත්  දළු ලමින් වැඩෙන්න පටන් ගන්නවා.
මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව පළාත් සභා සඳහා ඉඩම් බලතල, පොලිස්‌ බලතල ලබා නොදීම හා පළාත් සභා හා මධ්‍යම ආණ්‌ඩුව අතරට සෙනට්‌ මණ්‌ඩලයක්‌ පත්කිරීම යෝජනා කරනවා. මෙම විසඳුම ලබාදෙනු ලබන්නේ, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්‌ මගින් ලැබෙන අවසාන නිගමනය හරහා සමස්‌ත රට පුරා පැවැත්වෙන ජනමත විචාරණයක අනුමැතියකින් පසුව බවයි රජය කියන්නේ. 
ප්‍රජාතන්ත්‍රවාදය යනු දේශපාලන පක්‍ෂවල නායකයින්ගේම කැමැත්ත නොවයි. අප රටේ ජනතාව මැතිවරණ වලදී කැමැත්ත පාවිච්චි කරන්නේ මොවුන්ගේ පුද්ගලචර්යාවන් සහ රට පාලනය කිරීමේ බුද්ධිමත් භාවය ඇගයීමකට පත් කර ඒ අනුව සුදුසු පුද්ගලයාට චන්දය දීමෙන් නොවෙයි.  වෙනත් සරල හේතුන් සැලකිල්ලට ගනිමින් චන්දය භාවිතා කරනවා.  ‍ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඇතිවන වෙනස් කම් සදහා ජනමත් විචාරණයකට යාම යහපත් අදහසක්. 
අපි චන්දය දීලා පත්වන නියෝජි තයන් දුර නොදකින තම ගෙවත්තේ සීමාව පමනක්  දකින බඩජාරීන් පිරිසක්. ඔවුන්ට රටේ අනාගතය ගැන හැගීමක්  නැහැ. . ආණ්ඩු පක්‍ෂයයේ අය නම් ඕනෑම දේකට අත උස්සා පක්‍ෂ වෙනවා. විරුද්ධ පක්‍ෂයයේ අය ආණ්ඩුව කියන  හැමදේටම විරුද්ධ වෙනවා.  විවේචන එකගවීම් මොවුන්තුල දක්කට නැති ලක්‍ෂණයක්. මේක  හරියට පඹ න්‍යායයක් වගෙයි.
උතුර නැගණහිර නියෝජණය කරන දේශපාලන පක්‍ෂ යුද්ධයක් ඇතිවී අවුරදු තිහකට වැඩිකාලයක් ආපස්සට ගෙන ගිය සිංහල - ද්‍රවිඩ - මුස්ලිම් ආදී සියළු ජාතින්ට අයත්  ශ්‍රී ලංකාව යලිත් වියවුලක් ඇති කිරීමට  මගපාදමින්  ඉන්නවා. මේ වියවුල කකුලෙන් නොඇද  විසදා ගැණිම රජයත් - සියළු විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ වලටත් රට වෙනුවෙන්  ඉටු කල යුතු  යුතුකමක් . 

ත්‍රස්තවාදී ව්‍යාපාරයෙන් යා යුතු අරමුණ කරා යා නොහැකි බව කාටත් තහවුරු වුනා. ද්‍රවිඩ නායකයින් ඒ අරමුණු මතම පිහිටා සාකච්චා කරනවාට වඩා කාටත් සමානාත්මකතාවයක් ඇති වන කරුණු ගැන කතා කරනවා නම් මේ විරසකබව ඇති වන්නේ නෑහැ.
යුද්ධය අවසන්ව ගෙවී ගිය පසුවන මේ කාලය දේශපාලණිකව ආණ්ඩුව තවත් යුද්ධ කිහිපයකට මුහුණ දෙමින් අවධානමක යෙදී සිටි බව පැහැදිලිවු කරුණක්. තවමත් ඒ බව හා තර්ජණ පහවී නැහැ .අමරිකාව , ඉන්දියාව පැහැදිලි ලෙස අපේ රටේ දේශපාලන ක්‍රියාකාරකම් සදහා බලපෑම් කරනවා.
ඇමරිකාව ඇතුළු යුරෝපා රාජ්‍යයන් කිහිපයක්‌ විසින් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට ගෙන ඇති තීරණය  පසුගියදා මාධ්‍ය තුල පලවු වාර්තාවක්. ඉන්දියාව විසින් 13 ට වැඩි බලයක්‌ ලබාදෙන ලෙස ආණ්‌ඩුවට බල කර සිටිනවා.  සම්බන්ධන්, සංගරි, පිල්ලෙයාන් ඇතුළු සියලුම ද්‍රවිඩ දේශපාලන නායකයින් එක්‌ තැනකට පිවිස 13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්‌ඩුවට බලකිරීමට පටන් ගෙන තිබෙනවා. 
මෙය යම් තරමකට 1987 දී රජිව් ගාණ්ධි විසින් ජේ.ආර්. ජයවර්ධණ රජයට කරන ලද බලපෑම් වලට සමානකර දැක්විය හැකි තත්වයක්.

මහින්ද රාජපක්‍ෂ රජය සමග දකුණේ ජනතාව යම් යම් විරසක භාවයන් තුල සිටියත්  මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා අතහැරයාමට තරම් උවමනාවක්  තවමත්  එම ජනතාවට ඇතිවී නැහැ.  1987 දී ඡේ. ආර්. ජයවර්ධණ මහතාගේ රජයට ඉන්දියාව විසින් ඇති කරන ලද පීඩනය මැඩ පවත්වා ගැනීමට තරම් ජනතාවගේ සහයෝගයක් එදා ඡේ. ආර්. ජයවර්ධණ මහතාට නොලැබුන බව කඩුල්ලේ මතයයි. 
මෙහි ප්‍රතිපලයක් ලෙස අපේ රටට ඉන්දියාව විසින් ඊළම වෙනුවට පළාත් සභා හරහා ව්‍යවස්‌ථාපිත ඊළමක්‌ ඉදි කර ගැනීම සඳහා දෙමළ වර්ගවාදයට අවස්‌ථාව ඇති කරනු ලැබුවා. අපට පලක් නැති පලාත් සභාවක් ලැබුවා. අපේ රට පරිපාලන වියදම් අතින් ඉහලම රට බව අප අමතක කරන්න හොද නැහැ.

පොලිස්‌ හා ඉඩම් බලතල සහිතව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දහතුන්වැනි සංශෝධනයට එහා ගිය දේශපාලන විසඳුම ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු  කරන්නේ නම්   නැගෙනහිර පළාතේ මුස්‌ලිම් කොංග්‍රසය යටතේ ඇති ප්‍රදේශ වන ත්‍රිකුණාමලය, මඩකලපුව, පොතුවිල්, සමන්තුරේ හා කල්මුණේ ප්‍රාදේශීය සභාවන් සහ මුස්‌ලිම් ජනතාව වෙසෙන අනෙකුත් නැගෙනහිර පළාතේ ප්‍රදේශ ඒකාබද්ධ කර  නව පරිපාලන ඒකකයක් ඇති කර  ඊට පොලිස්‌ හා ඉඩම් බලතල  ලැබිය යුතු බව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ මහ ලේකම් ටී. එම්. හසන්  අලි මහතා ප්‍රකාශ කරනවා.

13+ තුල විශාල පරාසයක භුමිකාවක් දරන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානය. එහි නායකයාගේ මතය  මෙන්න මේ වගෙයි. "අප රට බෙදන්න කියා ඉල්ලුවේ නැහැ. අපගේ ජනතාවගේ අයිතිවාසිකම් ලබාදෙන ලෙසයි ඉල්ලන්නේ. අපගේ ජනතාවට අවශ්‍ය ස්‌වයං පාලනය පළාත් සභාවට ලබාදෙන ලෙසයි ඉල්ලන්නේ. ද්‍රවිඩ භාෂාව කතා කරන ජනතාව හා නායකයන් දිගින් දිගටම රැවටීමට ලක්‌කරනු ලැබුවා. යළිත් එසේ රැවටීමට බැහැ"
දැනට අපට ලැබී ඇති අවස්‌ථාව හරිහැටි ප්‍රයෝජනයට ගැනීම අපගේ වගකීමයි. රජයත් ඒ පිළිබඳව වගකීමෙන් කටයුතු කළ යුතුයි. ස්‌ථිර විසඳුමක්‌ ඇතිවීමට ජන කොටස්‌ තුනම සමානත්වයෙන් යුතුව තම අයිතිවාසිකම් හා පාලන බලය ලැබිය හැකි ආකාරයේ විසඳුමක්‌ ඇතිවිය යුතුයි. එය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ද ඇතුළත් විය යුතුයි.
මේ කතාව තුල භූමිය බෙදා ගන්නා තර්ජණයක් විද්‍යාමාන වනවා.
දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය සහ කම්කරු කෝන්ග්‍රසය පසුගිය කාලයේ දේශපාලනය තුල පෙන්වු බලහත්කාරකම්  අපට අමතක කරන්නත් බැහැ. ඔවුන්ට මේ රටේ ආණ්ඩු හදන්නත් ආණ්ඩු ගෙදර යවන්නත් හැකි බලයක් තිබුණා. 

ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි විසඳුමක් ලෙස බලය බෙදා ගැනීමේදී පොලිස් හා ඉඩම් බලතල අත්‍යවශ්‍ය බව ආණ්ඩුවේ ප්‍රධාන ම දෙමළ හවුල්කාර පක්ෂය වන ඊලාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා පවසනවා. සිංහල -දෙමළ ජනතාවන් අතර විශ්වාසය ගොඩනැ‍ඟෙන තෙක් පොලිස් හා ඉඩම් බලතල පිළිබඳව මොහොතකට අමතක කර වැඩ කල යුතු බව ඩග්ලස් දේවානන්දා  මහතාගේ මතය. ඔහු රජය සමග සිටිනා නිසා යම් සංහිදියාවක සිටිනා බවක් දකින්නට පුළුවන් . ඒ වගේම මධ්‍යස්ත ද්‍රවිඩ ජනතාවගේ මතයත් මෙයට සමාන වන්නත් පුළුවන්.  
මේ මතවාදයන් විශ්ලේෂණය කරන විට පළාත් සභාවලට ඉඩම් සහ පොලිස්‌ බලතල ලබාදීම තුළින් දෙමළ ඊළමක්‌ බිහිවන බව සිංහල ජනතාවගේ අදහසයි. ඒ වුනත් කවදා හෝ  ටිකෙන් ටික එතනට යන බව මීදුමේ  දැක්මයි.

බහුතර සිංහල ජනතාවගේ ජන්දය මත යැපෙන දකුනේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ වලට සිංහලයන්ගේ හඩට සවන් දෙන්න සිද්ධ වෙනවා.  බහුතර සිංහල ජනතාව එබඳු අදහසක්‌ දරද්දී ඉඩම් සහ පොලිස්‌ බලතල පළාත් සභාවන්ට ලබාදීම ආණ්‌ඩුවට තනියෙන් කරන්න පුළුවන්ද? යන්න අප සිතිය යුතු කරුණක්. ආණ්ඩුවටත් ප්‍රධාණ දේශපාලන පක්‍ෂ වලටත්   ජනමත විචාරනයක් ආදේශ කිරිම තුලින් ඇග ගලවා ගන්න පුළුවන්. මස් රාත්තල අයදින දේශපාලන පක්‍ෂ වලට ජනතාවගේ කැමැත්ත මොකක්ද කියලා දැන ගන්නත් පුළුවන්.


.



Saturday, February 04, 2012

චීනයේ ප්‍රවාහනය.

1
2
3

4
5
6

Thursday, February 02, 2012

සැගවුන අමුත්තෝ 04






Monday, January 30, 2012

සැගවුන අමුත්තෝ -3







Sunday, January 29, 2012

සැගවුන අමුත්තෝ - 2

පේර කොලේ වන්දෙක්

බකමුනෙක් නේ ?.

කවුද බලන්න හැංගිලා ඉන්නේ කියලා.

පරිසරයේ හැංගිලා.

මෙයා තද නින්දක.

පුළුවන් නම් හොයන්න කවුද ඉන්නේ කියලා.

මෙයත් හැංගිලා.

Saturday, January 28, 2012

සැගවුන අමුත්තෝ 1

කුඩා කෘමියෙක් පරිසරයට ගැලපෙන සේ ස්වභාව ධර්මයා විසින් ම පැහැ ගන්වා ඇති අන්දම
කොළ රොඩු අතර සිටින සර්පයා හදුනා ගත හැකිද ?.

සළඹයා  හදුනාගන්න.

ගල්පර මතු පිට හුනෙක්.


ගසේ කදයි මේ සලඹයයි වෙන් කර හදුනා ගත හැකිද ?.

දම් පැහැ ගෙම්බා සොයන්න

දිරා ගිය කොළ අතර සිටින සළඹයෙක්

දිරා ගිය කොළ අතර සිටින තණකොල පෙත්තා.


මේ පින්තූර 26ක එකතුව මිත්‍රයෙකු විසින් මිදුම ගේ විද්‍යුත් තැපෑලට යොමු කරන ලද්දකි. ඔහුට ස්තුති කරන අතර මෙම පින්තුර පෙල  යොමු කල  පරිද්දෙන්ම  පලකරනුයේ  මිදුම කියවන පාඨකයන් හටද එම පින්තුරවල ඇති චමත්කාරයට වඩා යමක් ඇතැයි සිතන බැවිනි. මේ පුර්විකාව සහ පින්තුර සමග  පලවන  උධෘතද  මිත්‍රයාගේම සටහන් බව මීදුම නිහතමානීව සදහන් කරයි.

 “.......................................සත්තු විවිධ හැඩයෙන් සහ වර්ණයෙන් යුක්ත වෙති. සතුරන්ගෙන් සැගැවී ආරක්ෂා වීමටත් සැගැවී ගොදුරු ඩැහැ ගැනීමටත් ඔවුනට තම ශරීර වර්ණය බෙහෙවින් මහෝපකාරී වෙයි. කටුස්සෝ තම සිටින ස්ථානය අනුව වර්ණය වෙනස්කැර ගැනීමට සමත්කම් දක්වති. බොහෝ සත්තු තම ශරීර වර්ණයට ගැලපෙන ස්ථානය සොය සැගැවී සිටිති. ඇතැම් සත්තු අවට පරිසර පද්ධතියට ආවේණික වෙති. ඔවුන්ට උපතින්ම එම පරිසර පද්ධතියේ වර්ණයම ලැබී ඇත. බොහෝ විට මෙවැනි සතුන් පරිසරයෙන් වෙනකැර හඳුනාගැනීම අතිශය අසීරු කාර්යයකි........................”

මෙතැන් සිට පින්තුර හය බැගින් කොටස් හතරකට  මෙම පින්තූර පෙල පලවන අතර අද පලවන්නේ මුල් පින්තූර අටයි.


Monday, January 23, 2012

අබ්දූල් කලාම් අපට කියා දුන් පාඩම / Lesson taught to Lanka by Abdul Kalam


Posted: 21 Jan 2012 06:34 PM PST
මෙ ලිපිය w3 lanka   අඩවියෙන් උ පුටා පලකරන්නකි.

මේ දිනවල ලංකාවේ චාරිකාවක නියැලී සිටින හිටපු ඉන්දීය ජනාධිපති අබ්දූල් කලාම් The Island පුවත්පතට වැදගත් ප්‍රකාශයක් කර තිබේ.
පුවත්පත පහත සඳහන් ප්‍රශ්නය අසයි.
Question: What will be your advice to Sri Lanka’s majority Sinhalese and minority Tamils and Muslims to live together without ethnic tensions?
 Kalam: My nation, India, with its population of multi-culture, multi-religion, multi-language has a very important tool of living together for more than 60 years. That is: democracy, democracy and democracy. Democracy gives equal rights to every citizen to prosper and live peacefully. Since Sri Lanka and India are close friends, let the people of our two countries enjoy together the fruits of democracy.
 වාර්ගික ආතතියකින් තොරව එකට ජීවත් වීම පිණිස ශ්‍රී ලාංකික බහුතර සිංහලයන්ටත්, සුළුතර දෙමළ මුස්ලිම් ජනතාවන්ටත් දෙන අවවාදය කුමක්දැයි ඇසූ කල ඔහු පවසන්නේ බහු වාර්ගික, බහු ආගමික, බහු භාෂාමය  ජනගහණයක් ජීවත් වන ජාතියක් වන ඉන්දියාවේ සාමූහික ජීවනය සඳහා වැදගත් වූ උපකරණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය බවයි. 

w3 lanka  මෙසේ කියයි.

ඉන්දියාවේ පරම ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති බවක් අපි පිළි නො ගනිමු. ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදයේ සෑම තලයක ම ගැටලු තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු පරමාදර්ශී සංකල්පයක් වන අතර සමාජයක පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා අරගලයකි. සමාජයක ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් තහවුරු වන්නේ අරගලයේ තරමට ය. 
ජාතීන් අතර ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමේ ලා අරගලයේදී ඉන්දීය ජාතිය අපට වඩා ඉදිරියෙන් සිටින බව අවිවාදිත ය. භාෂා 300කට අධික ගණනක් ව්‍යවහාර වන, ජනවාර්ගික විවිධත්වය විස්තර කළ නො හැකි තරම් වන ඉන්දියාවේ රාජ්‍ය ඒකීයත්වය තුළ මේ සියල්ල කළමනාකරණය වී තුලනයක පවතී. වෙන් වීමේ ප්‍රවණතා නැති බවක් මෙයින් අදහස් වන්නේ නැත. ඒවා හැමදාමත් පවතිනු ඇත. මන්ද, ඉන්දියාව යනු සංකීර්ණ ප්‍රපංචයක් වන හෙයිනි. 
ඉන්දියාවත්, ලංකාවත් සංසන්දනය කළ විට ඉන්දියාවට ඉන්දීය ජාතියක් ඇත. ලංකාවට ලාංකික ජාතියක් නැත. ඉන්දීය ජාතිය ගොඩනැඟුණේ ජනවර්ගයන් තුළ හා අතර ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීම සඳහා ගනු ලැබූ පියවර හේතුවෙනි. ඒ ඔස්සේ ඉන්දියානුවන්ට ඉන්දීය ජාතික අනන්‍යතාවක් සේ ම ජනවාර්ගික අනන්‍යතාවක් ද තිබේ. ජනවර්ගයන්ට හා ප්‍රදේශවලට දේශපාලන බලය බෙදී යන ශක්තිමත් බලය බෙදා ගැනීමේ දේශපාලන ව්‍යූහයක් ගොඩනඟා ගැනීම ඉන්දීය එක්සත්භාවයේ රහසයි.

භාෂාන්තර ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීම පිණිස ඉන්දියාව සිය ප්‍රාන්ත, දිස්ත්‍රික්ක ආදී දේශපාලන හා පරිපාලන ඒකක තුළ ප්‍රාදේශීය භාෂාවන්ට ප්‍රමුඛස්ථානය දීම පිණිස පියවර ගෙන ඇත. ඉන්දීය ජනයා ප්‍රධාන භාෂාව ලෙස හින්දි ද ජාත්‍යන්තර භාෂාවක් ලෙස ඉංග්‍රීසි ද උගනිති. භාෂා තුනක් හැසිරවීමේ හැකියාව ඉන්දියාවේ සාමාන්‍ය තත්වයකි.

ඉන්දියාවේ සමයාන්තර සමගියේ මූලික කොන්දේසිය වන්නේ ඉන්දීය මධ්‍යම රජය අනාගමික එකක් වීමයි. ඉන්දියාවේ ලංකාවේ මෙන් රාජ්‍ය ආගමක් නැත. රාජ්‍යය ආගමික වීම පසුගාමී ප්‍රජාතන්තුවාදයක ලක්ෂණයකි. ආගමික රාජ්‍ය අනිවාර්යයෙන් ම සමයාන්තර ප්‍රජාතන්ත්‍රවාදයට බාධාවකි. අවශ්‍ය වන්නේ රාජ්‍යය ආගම් වැළඳ ගැනීම නො ව, ආගම්වල නිදහස් පැවැත්ම හා මිනිසුන්ගේ ආගමික නිදහස තහවුරු කිරීමයි. 
ලංකාවේ ඇත්තේ ජනවර්ග හා ආගම් අතළොස්සකි. ප්‍රධාන භාෂා දෙකක් පමණි.  එහෙත්, ලංකාවේ ජාතීන් අතර සමගියක් නැත. ඒ නිසා ලාංකික ජාතියක් ද නැත. බහුතරයක් මිනිස්සු දන්නේ එක ම භාෂාවක් පමණි. බහුතර ජාතිය වන සිංහලයන් අතර මෙම තත්වය සුලබ ය.
අදත් ඉන්දියාවේ අගමැති සුළුතර සික් ජාතිකයෙකි. හිටපු ජනාධිපති අබ්දූල් කලාම් මුසල්මානයෙකි. හින්දි බස කතා කරන බහුතරයක් ජීවත් වන ඉන්දියාවේ ජාතික ගීය ඇත්තේ බෙංගාලි බසිනි. ලංකාවේ මෙවැනි තත්වයක් සිහිනයකි. ජාතීන් අතර ප්‍රජාතන්ත්‍රවාදයේ තත්වය මෙසේ වුණත්, සිංහල ජාතිවාදීන් කියන්නේ ජාතින්ගේ ප්‍රශ්නයක් නැතිබවයි. සුළු ජාතීන්ට ප්‍රශ්නයක් ඇති බව ඔවුන් කියන්නේ නම් මහ ජාතිය කුමක් කීවත් වැඩක් නැත. 
කලාම් ලංකාවේ ජනතාවට මෙවැනි උපදෙසක් දෙයි: 
"Languages have a very important role in connecting the individual minds, articulate aspirations of the people and shape the dreams of a nation. Learning in one’s mother tongue is natural. But learning the other languages of the people of your nation and a link language will create harmony of thought and can lead to a prosperous and peaceful society."
 පුද්ගල මනස් සම්බන්ධ කිරීමේදී ද, ජනතාවන්ගේ අභිලාෂයන් ප්‍රකාශ කිරීමේදී ද ජාතීන්ගේ සිහින හැඩගස්වා ගැනීමේදී ද භාෂාවන්ට වැදගත් භූමිකාවක් ඇති බව කලාම් පවසයි. කෙනෙකුගේ මව් බස ඉගෙනීම සාමාන්‍ය දෙයකි. ඔබේ ජාතියේ සෙසු ජනයාගේ භාෂා ඉගෙනීම හා සම්බන්ධීකරණ භාෂාවක් ඉගෙනීම විසින් චින්තනයේ සුසංවාදයක් ඇති කරන අතර එමගින් සෞභාග්‍යවත් හා සාමකාමී සමාජයකට මග එළි දැක්වේ.

ලංකාවේ ඇත්තේ ලාංකික ජාතියක් නො වේ. රාජ්‍ය බලය හිමි සිංහල අධිපති ජාතිවාදයක් හා ප්‍රතිචාරාත්මක දෙමළ ජාතිවාදයක් ගැටුම් වාතාවරණයක් පමණි. මේ ජාතිවාදයන් දෙක පවතින තාක් කල් ලංකාවේ කිසි කලෙක ලාංකික ජාතියක් ගොඩ නැ‍ඟෙන්නේ නැත. එය සිදු වන තාක් කල් ලංකාවේ ජාතීන් අතර සංහිඳියාවක් ඇති වන්නේ ද නැත. ජාතිවාදී නො වී ජනවාර්ගික අනන්‍යතාව පිළිබඳ සංවේදී වීමට මිනිසුන්ට පුළුවන. සිංහල ස්වෝත්තමවාදී ශ්‍රී ලාංකික හා දෙමළ ඊලාම්වාදී අනන්‍යතාවන් වෙනුවට ලාංකික සිංහලභාවයක් හා ලාංකික දෙමළභාවයක් සහිත ලාංකික ජාතියක් වෙනුවෙන් අරගලයක් අවශ්‍ය ය.
බහුතර, බලවත් සිංහල ජාතිය ජාතික සහජීවනය සඳහා අවශ්‍ය තීරණාත්මක පියවර ගැනීමේ අභියෝගය භාර ගත යුතු ය. එය මූලික කොන්දේසියකි. සුළුතර ජාතීන්ගේ බිය, සැකය සහ ඒ මත පදනම් වන ප්‍රතිචාරාත්මක ජාතිවාදය නැති කළ හැක්කේ එවැනි පියවර ඔස්සේ පමණි.
සුළුතර ජාතීන්ගේ ජාතිවාදයන් විවේචනය කර කර සිටීමෙන් කිසිදු පලක් වන්නේ නැත. අවශ්‍ය වන්නේ බහුතර ජාතියේ ජාතිවාදය දුරලීම සඳහා පියවර ගැනීමයි.
මෙහිදී සිංහලයන් අතර තිබෙන තමන් බහුතරය හා බලවත් ජාතිය වෙමින් ම සුළුතර ජාතියක් ලෙස සිතන හීනමාන මානසිකත්වය හා ඒ ඔස්සේ ඇති වන බිය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම අවශ්‍ය ය.
සිංහලයාගේ මෙකී සුවිශේෂ  මානසිකත්වය තේරුම් ගැනීමේ වගකීමක් දෙමළ ජාතියට ද තිබේ. සිංහලයා යනු ලංකාව නම් කුඩා දිවයිනේ පමණක් ජීවත් වන, සුවිශේෂී භාෂාවක් හා සංස්කෘතියක් හිමි, වෙනත් රටවල භූමිපුත්‍ර ප්‍රජාවන් සමග ඍජු සම්බන්ධයක් නැති, කෝටි දෙකකට අඩු ජනගහණයක් වන, ලෝකයේ අධිපති සංස්කෘතීන්ගේ ආක්‍රමණික තර්ජනයන්ට ලක්ව සිටින, ඒ නිසා ම බියපත් ජාතියක් බව දෙමළ ජනයා තේරුම් ගත යුතු ය.
ලංකාවේ දෙමළ ජනයා සිය ජාතිවාදී දෙමළ ඊලාම් සංකල්පය ප්‍රවර්ධනය කිරීමෙන් සිදු වන්නේ බියපත් සිංහලයන් තවත් බියපත් වීම හා සිංහල ජාතිවාදය තවත් ශක්තිමත් වීම බව දෙමළ ජනයා තේරුම් ගත යුතු ය.
දෙමළ, සිංහල සමාජයන් දෙකෙන් ම අවශ්‍ය වන්නේ ලාංකික ජාතියක් ගොඩනැඟීම සඳහා මූලාරම්භයන් ය.


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Tuesday, January 17, 2012

කැළණි රජමහා විහාරයේ - ආනන්දයේ ප්‍රඥාව .


කලාගුරු වලිමුණි සොයිලියස් මැන්දිස් මහතා 

කැළණිය ගැන තොරතුරු සොයා යන විට කැළණි විහාරයත් සමග අපට තවත් නමක් සිහිපත් වන්නේ ය ඒ විශිෂ්ඨ කලා කරුවෙකුවු  කලාගුරු වලිමුණි සොයිලියස් මැන්දිස් මහතා ය. චිත්‍ර කලා විශාරදයෙක් වු මෙතුමා පෙරදිග සම්භාව්‍ය සම්ප්‍රදාය  අනුව යමින් ශ්‍රී ලාංකීය අනන්‍යතාව ද ස්වභාවිකත්වයද  ඇසුරින් නිර්මාණාත්මක සිතුවම් කලාවක් ශ්‍රී ලංකාව තුල බිහිකිරීමට පුරෝගාමී විය.

1896 ජූලි මස දොළොස්වැනි දින මාදම්පේ මහ බද්දේගම උපන් සෝලියස් මැන්දිස් මහතා ගේ පියා වූයේ ආයුර්වේද වෙද මහතෙකුවූ වලිමුණි සිරිනේලිස් මැන්දිස් මහතා ය. සිරෝ මැන්දිස් මහත්මිය එතුමාගේ මෑණියන් විය.
මාදම්පේ ක්‍රිස්තියානි පාසලේ සත්වැනි පන්තිය දක්වාත්  අනතුරුව නාත්තන්ඩිය වීරසේන විද්‍යාරතන පිරිවෙනට ඇතුළුව අධ්‍යාපනය ලැබ  සොයිලියස් මැන්දිස් පාලි හා සංස්කෘත භාෂාවන් පිළිබඳව අවබෝධයක් ලබා ගත්තේ ය.
ඔහුගේ ඥාතියකු වූ මෙමෝනිස් ද සිල්වා ඇතුළු ශිල්පීන් කිහිප දෙනෙකු විසින් මාවිල විහාර බිතුසිතුවම් නිර්මාණය  කරමින් සිටින අවධියේ ඔහු හා එක්ව කටයුතු කරමින් සිතුවමට මෙන්ම ඇඹීම් කටයුතුද ප්‍රගුණ කිරීමට  අවස්ථාව ලබා ගත්  එතුමා එතැන් පටන් විහාර කර්මාන්තයෙහි නියැලුණු සිත්තරෙකු බවට පත්විය.
මාවිල විහාරස්ථානයේ කලා කර්මාන්තයන්ගෙන් අනතුරුව සොයිලියස්  මහතා පොළොන්නරුව ශ්‍රී ජය විහාරය, උඩුබද්දාව විහාරය, මල්වානේ ලෙනගම්පල පුරාණ විහාරය හා ගිරිඋල්ලේ මැද්දෙපොල යන විහාරස්ථානවල චිත්‍ර හා මූර්ති කර්මාන්තයන්හි යෙදී ඇත. 1922 වර්ෂය ගිරිඋල්ල මැද්දේපොල විහාරස්ථානයේ  විශේෂත්වය වන්නේ එහි කල  මූර්ති කලානිර්මාණයන් ය. එම මූර්ති තුළින් මතුවන්නේ සොයිලියස් මැන්දිස්ගේ නිදහස් බෞද්ධ කලා ආරේ අනන්‍යතාවයි.මේ වන විට ප්‍රවීන සිත්තරයෙක් බවට පත්ව සිටි සොයිලියස් මැන්දිස් මහතා හෙලේනා විජයවර්ධන ළමාතැනියගේ ආරාධනයෙන් කැලණි රජ මහා විහාර කර්මාන්තයේ  සිතුවම් හා මූර්තියෙන් විසිතුරු කිරීමට එක්වන්නේය.
කැලණි රජ මහා විහාරයේ නව බිතුසිතුවම් ඇඳීමට පෙර මෙතුමා  භාරතීය චිත්‍රකලා නිර්මාණ අධ්‍යයන චාරිකාවක යෙදී ඇත. පෙරදිග සම්භාව්‍ය කලාවේ විශිෂ්ටතම නිදසුන් සමූහයක් සහිත අජන්තා, එල්ලෝරා හා භාග් යන ස්ථාන නිරීක්‍ෂණ චාරිකවකින් පසු කැලණි රජ මහා විහාරයට හෙල ආරට නිමවුන සිංහල බෞද්ධ සිතුවම් කලාවේ විශිෂ්ටතම නිර්මාණ එක් කලේය.
බොහෝ පන්සල් වල මෙන් ඒකාකාරී ලෙසින් ජාතක කථා ඇඳීමක් කැලණි සිතුවම් වල නොමැත. ඒ වෙනුවට සම්බුදු සසුනෙහි ඓතිහාසික සිදුවීම් මාලාවක් බොදු සිත් පහන්වන හැඟුමින් යුතුව සිතුවම් වී ඇත. කැලණි වෙහෙර පිළිබඳ ඉතිහාසය, ශ්‍රී මහා බෝධිය වැඩම කරවීම, විහාර මහා දේවියගේ කථාපුවත, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩම කරවීම බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනය, චූලෝදර, මහෝදර යුද්ධය ආදී ඓතිහාසික පුවත් ගුරු, දුඹුරු හා අඳුරු කහ යන වර්ණ ප්‍රභේද සංයෝජනයෙන් අපූර්වත්වයෙන් යුතුව චිත්‍රණය කොට ඇත.කැලණි සිතුවම් වර්ණ ගැන්වීම සඳහා එතුමා යොදාගත්තේ දේශීය අමුද්‍රව්‍යයන් වූ මකුළු මැටි ස්වභාවික කොළ, මල් හා කැඩුනු බිත්තරවල සුදු මද වලින් කල මිශුණයකි.
අව්‍යාජ ගැමියෙක් ලෙස  සරමක් හැඳ කොණ්ඩය බැඳි, බුලත්විට සපන සාමාන්‍ය සිත්තර බාස් උන්නැහේ කෙනෙකුවු සොයිලියස් මහතා මුළු දිවියම නිහඬව තම නිර්මාණ ශක්තිය ජාතියට, ආගමට,හා  රටට මහඟු මෙහෙවරක්  උදෙසා දායාද කර තම නාමය සදාකාලික ජීවනයට පත්කරවමින්  1975 සැප්තැම්බර් මස පළමුවැනි දින  අප අතරින් සදහටම සමුගත්තාය
 

මීදුම Published @ 2014 by Ipietoon