Wednesday, October 25, 2023

ලෙස්ටර්ගේ සිත්ගත් බෙලිහුල්ඔය

මේ 1959 කාලවකවානුවයි.
එනම් ඉංදියානු සිනමාවේ ආභාශයක්ව ගොඩනැගුණු සිංහල සිනමාවට ප්රේක්ෂකයන් චිත්රපට උන්මාදයෙන් පෙළුණු සමයකි.ඉන්දීය චිත්රාගාර තුළ බිහි වූ සිනමා පට ඉන් ඔබ්බට ගෙන එමින් ඒ සඳහා අවශ්ය පසුතල යොදාගනිමින් ලංකාව තුළම නිර්මාණය කිරීමට යෝධ පිම්මක් තැබුවේ අන් කිසිවෙකුත් නොව හෙළයේ මහා සිනමාකරුවා වූ ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාය.
අභියෝගයන් රැසකට මුහුණදෙමින් 'රේඛාව' ලාංකේය සිනමා ඉතිහාසයට එක් කරන්නට ඔහු සමත්විය. අධ්යක්ෂණය, නිශ්පාදනය, සහ තිර රචනය යන ප්රධානතම වගකීම් ත්රිත්වයම තම හිස මත දරමින් 'රේඛාව' වැනි නිර්මාණයක් කිරීමට එතුමන් යොමුවීම අගය කර යුතුම දෙයකි.කෙසේ වෙතත් මෙම චිත්රපටය පිළිබඳ ප්රේක්ෂකයන් තුළ එතරම් ජනප්රියත්වයක් නොතිබුණු බව නම් පෙනේ.නමුත් එය කිසිවිටෙකත් ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාගේ ඉදිරි ගමනට අභියෝගයක් නොවීය.
දිනක් දර්ශන පසුතල සොයමින් ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා ඇතුළු පිරිසක් වැල්ලවාය බලා ගමන් ගනිමින් සිටියදී බෙලිහුල්ඔය තානයම ආසන්නයේදී ඔවුන් ගමන් ගත් රථය ක්රියා විරහිත විය.ඔහු රථය යලිත් ක්රියාකරවන තුරු අවට අසිරිය විඳිමින් ඇවිද යන්නට විය.අතිශය සුන්දර වටපිටාවකින් හෙබි බෙලිහුල්ඔය ප්රදේශයදී තමන්ගේ නිර්මාණයන් සඳහා යොදාගත හැකි අපූරු දර්ශන පෙළක් ඔහුගේ සිතේ මැවෙන්නට විය.එතැන් සිට ගතවූයේ සති කීපයකි.
1959 වසරේ මාර්තු මාසයේදී ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාගේ අධ්යක්ෂණයෙන් සහ 150කට අධික පිරිසකගේ දායකත්වයෙන් නව සිනමා පටයක් රූගත් කිරීම ඇරඹිණි.

ආනන්ද ජයරත්, බණ්ඩාර රාළගේ චරිතයට පණ පෙවූ අතර කාන්ති ගුණතුංග, සුමනාගෙ චරිතයෙන් ප්රධාන නිළිය ලෙස රංගනයට දායක විය.සිනමාපටය නැරඹූ කාගෙත් අවධානය දිනාගත් තවත් පුද්ගලයකු විය.එනම් පසු කාලීනව සිංහල සිනමාවේ අසහාය රංගන ශිල්පියකු බවට පත්වූ ගාමිණි ෆොන්සේකා ය.
මාස 14ක් පුරා බෙලිහුල්ඔය, ගලගම, නන්පේරියල් වතුයාය ආශ්රිතව සිදුකළ රූගත කිරීම් අවට ගම්වැසියන්ගේ ද විනෝදයට හා රසවින්දනයට හේතු විය.සිනමා උන්මාදය ලාංකේය ප්රේක්ෂකයන් තුළ ඉහ වහා ගිය කාලවකවානුවක ගම්වැසියන් හට එය අළුත් අත්දැකීමක්ද විය.
සිනමාපටය සඳහා මාතෘකාව වූයේ පෘතුගීසි පාලන සමය තුළ ඇතිවූ සිදුවීම් පෙළකි.එහි අභියෝගාත්මක ම දර්ශන වූයේ පෘතුගීසින්ගේ බලකොටුව පිපිරවීමේ දර්ශනයයි.මෙම බලකොටුව ඉදිකර තිබුණේ හාගල කන්ද පාමුලය.තුන් හුලස් කළු ගල් යොදාගනිමින් අඩි 23ක් උස 80ක් දිග බලකොටුවක් මේ සඳහා ඉදිකර තිබුණි.එකළ බෙලිහුල්ඔය ප්රදේශයේ පදිංචිව සිටි ඒ එම්.කේ දයාවංශ නම් පුද්ගලයෙක් මෙය ඉදිකිරීමට කොන්ත්රාත්තුව භාරගෙන තිබූ බව පැවසේ.එකල රු 25 000ක් පමණ මුදලක් ඒ සඳහා වැය කර ඇත.කෙසේ වෙතත් අවසානයේ බලකොටුව පිපිරවීමේ දර්ශනය සඳහා නයිට්රෝග්ලිසරින් රාත්තල් 350ක් පමණ යොදා ගැනීමට සිදුවිය.ඉතා අවදානම් සහගත මෙම සිදුවීම සඳහා අධ්යක්ෂවරයා විසින් යුධ හමුදා සහායද ලබාගන්නට විය.සූදානම් කරගත් පරිදි අවසන් සඥාව ඔස්සේ පුපුරුවා හැරීම ඇරඹිණි.කළු දුමාරය ප්රදේශය පුරාම අහස් කුස වසාගනිමින් නැගෙන්නට විය.ආරක්ෂිත සවි කර තිබූ කැමරා පහෙන් එකක පමණක් විසිවී පැමිණි ගල් කැබැල්ලක් වැදී කාචය කුඩු පට්ටම් වී තිබිණි.කෙසේ නමුත් සිතුවාටත් වඩා අපූරු කෙස අවසන් දර්ශනය ද කැමරාවේ සටහන් වී තිබිණි.

මාස 14ක වෙහෙසකර රූගත කිරීමකින් අනතුරුව 1960 වසරේ මාර්තු 30 දින මෙහි මංගල දර්ශනය ආරම්භ විය.ඒ සිනමාහල් වලින් ඈත්වී සිටි ප්රේක්ෂකයන් සිනමා ශාලා වෙත වැල නොකැඩී ගමන්කිරීම ආරම්භ වූ, ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාගේ සිනමා ගමනේ හැරවුම් ලක්ෂයක් ලෙස සැලකෙන "සංදේශය" සිනමා පටයයි.
ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාට සිනමා ක්ෂේත්රය තුළ ඉමහත් ගෞරවයක් 'සංදේශය' සිනමාපටය හරහා ලැබුණි.එමෙන්ම ගාමිණි ෆොන්සේකා දැවැන්ත රංගන ශිල්පියකු බවට පත්වීම ද මෙයින් ආරම්භ විය.
චිත්රපටයේ ගීත නිර්මාණ සඳහා ද අතිශය ජනප්රියත්වයක් හිමිවිය.ඒවා අදටත් නිරන්තරයෙන් දෙසවනේ ගැටෙන වාර ගණන අනන්තය.ඒ අතර "කටේ කිරි සුවඳ" "පින් සඳ එළියයි" "පෘතුගීසීකාරයා" "රැජිණ මමයි" වැනි ජනප්රිය ගීත ඇතුළත් විය.එකල වැඩිම පිරිවැයක් දරා නිශ්පාදනය කරන ලද සිනමාපට අතරටද මෙය ඇතුළත් විය.

හෙළයේ මහා සිනමාකරුවාගේ අධ්යක්ෂණයෙන් බිහිවූ "සංදේශය" සිනමා නිර්මාණය හෙළ සිනමාවට එක්වූ අපූර්වතම නිර්මාණක් බව නම් නොරහසකි.
සටහන ; Thuzh Dodampege

notes of imaginary

Tuesday, October 24, 2023

නිර්නාමික ප්‍රතිචාරයක්.


 මීදුම පලකල “ මහනුවර රජවරුන්ගේ සොහොන් “ ලිපියට එක් කල comment  එකකුයි මේ පහත පලවන්නේ .එය ලිපියට අදාල නැති නිසා මට බහළුමක් වුනා. ඒත් කාලීන සිදුවීමක් වු ඩයනා ගමගේ මන්ත්‍රීතුමියගේ පාර්ලිමේන්තු ආරෝව නිසා කිසියම් වැදගත් කමක් දැක්කා. ඒ නිසා පල කරන්න හිතුවා.

මෙවැනි නිර්නාමික  පලකරන්නන් Anonymous ලා හාණිකර ලිපිත් යොමුකරන නිසා මීදුම ප්‍රමිතිකරණය අපේක්‍ෂාවෙන් රදවා තබා ගන්නා අවස්ථා  තියෙනවා.

ඩයනා ගමගේ මන්ත්‍රී තුමිය අපේ සම්ප්‍රදායික මති මතාන්තර වලින් බැහැරව සිතන පතන කාන්තාවක්. ඇගේ සම්භවයේ වෙනසක් නිසා වෙන්නැති කියලත් හිතෙනවා. ඈ ශ්‍රී ලාංකික බවට වඩා යුරෝපීයආකල්ප  දරනවා කියලයි හිතෙන්නේ.

ආර්ථිකය නගා සිටුවීමට “ කංසා වගා කල යුතුයැයි විටෙක පවසන ඇය අනවසර යෙන් නිෂ්පාදනය කරන මධ්‍යසාර ( කසිප්පු ) අපනයනය කල යුතුයැයි සිතනවා.

මම ඇනෝගේ ලිපිය පල කරනවා. පුංචි හිස්තැන් ටිකක් සමග ඇනෝ මගෙත් එක්ක විරසක වෙන එකක් නැහැ කියලයි මම හිතන්නේ. Comment එක කියව විට ඇනෝ ආරවුලක පටලැවිලා  වගෙත් හිතෙනවා.

 

ප්‍රමිතිකරණය අපේක්ෂාවෙන්

නොදනී "මහනුවර අපේ රජවරුන්ගේ සොහාන්" පිළිබඳ අදහස් දැක්වූවා

දින 2කට පෙර

ඩයනාට වේසි යනුවෙන් පාර්ලිමේන්තුවෙ බැන වදිද්දී ඩයනා අහනවා කවුද යකෝ වේසි?’ කියල.

වේසි කියන්නෙ අපහාසාත්මක වචනයක්. වෛශ්‍යාව කියන ගෞරවනීය අර්ථය ඒ වෘත්තියට නැති වෙලා ගිහින් වික්ටෝරියානු කුහක ලිංගික වත ආගමික විදිහට බාරගත්ත තැන ඉඳන් ඒ වෘත්තිය අපහාසාත්මක එකක් වුනා. වෛශ්‍යා වෘත්තිය විතරක් නෙමෙයි සම්පූර්ණ ලිංගිකත්වයම කුණුහරුපයක් වුනා. විශේෂයෙන් ස්ත්‍රී ලිංගික අවයව කුණුහරුප බවට පත් වුනා. ස්ත්‍රී ලිංගිකත්වය අපහාසාත්මක වුනා.  (****, ***,**ලි වගේ වචන ගැහැණියට පටබැඳුනා. පිරිමියාට යෙදුනෙ (**යා, **යා )වගේ වචන. මීට අමතරව පොන්නයා කියලත් පිරිමින්ට අපහාසයට කියනවා. එනම් පිරිමිකමෙන් තොර වීම අපහාසයක් විදිහට හඳුන්වනවා.

මාතලන් වගේ අය මට පොන්නයා කියලා බැන්නා. මගේ පුතාට පොන්නයා කිව්වා. රෂිනි දුවට *සි කිව්වා. සාරසලා එහෙම ඒ පිටිපස්සේ හිටියා. මම නං මගේ පුතාගේ පොන්න කම භාර ගන්නේ වටිනාකමක් විදියට.

පුතා කැමති ඒකට නං මම පියෙක් විදියට ඒකට ඉඩ දෙනවා.

එතකොට කවුරු හරි සංක්‍රාන්ති ලිංගිකයෙකුට පොන්නයා කිව්වොත්, එයා ආපහු හැරිලා, ‘කවුද යකෝ පොන්නයා, කියලා අහන එකක් නැද්ද? මොකද පොන්නයා කියන්නෙ සංක්‍රාන්ති ලිංගිකත්වයට යොදන අපහාසාත්මක වචනයක් නිසා.

 වෘත්තියක් විදිහට කුණුහරුපවලට එකතු වුනේ වෛශ්‍යා වෘත්තිය විතරයි. ඒ ******* සමග සබැඳි එකම වෘත්තිය එය වීම නිසයි. මේ සදාචාරය විසින් අපහාසාත්මක ලෙස නම් කලේ ලිංගිකත්වයයි.

වෛශ්‍යා වෘත්තිය කියන්නෙ සුවිශේෂ වෘත්තියක්. ඒක ආගම කියන සංස්ථාවට විරුද්ධව පවතින එකම වෘත්තිය වෙන්න පුළුවන්. ඒ වෘත්තිය මූලික වශයෙන්ම ස්ත්‍රී වෘත්තියක්. වෛශ්‍යාව කියන්නෙ නිදහස් ගැහැණිය කියන එකට. ඇය පවුල් සංස්ථාවට එන්නෙ නෑ.ඊට පිටතින් පවතින්නෙ. ඇය පවුල් සංස්ථාවෙ අවුලක් ප්‍රදර්ශනය කරමිනුයි පවතින්නෙ. ඇයව ආගමකට දරාගන්න බෑ. හැම ආගමක්ම නිර්මාණය වෙලා තියෙන්නෙ ලිංගිකත්වය තහනම් කිරීමෙන්. ඇය තමයි තහනම් ගහේ ගෙඩිය අතින් ගත්ත ඊවා.

වෛශ්‍යාව කියන්නෙම අරගලකාරියක්. ඇගේ අරගලය ඇය කරන්නෙ ශරීරයෙන්. ඒක පොතේ තියෙන අරගලයක් නෙමෙයි. ඇය එකවිට සමාජ දේශපාලන වගේම ආධ්‍යාත්මික අරගලයක් මෙහෙයවනවා.

වේසි කියන්නෙ වෛශ්‍යා වෘත්තියට කරන අපහාසයක්. ඒකට ඒ ලැබිය යුතු වෘත්තීමය වටිනාකම ලැබිය යුතුයි. ඊට අදාල සංස්කෘතික සහ දාර්ශනික වටිනාකම ඊට ලැබිය යුතුයි. ඒක සිදු නොවී තියෙන්නෙ සමාජය කුණුහරුපයක් ලෙස පැවතීම නිසා මිස වෛශ්‍යා වෘත්තිය කුණුහරුපයක් නිසා නෙමෙයි.

වේසි කියලා කතා කලොත් වෛශ්‍යාවකට තරහා යන්න ඕන. තමන් කරන වෘත්තිය ගෞරවයෙන් බාරගන්නා කිසි කෙනෙක් ඊට අපහාස කරන කුහකයෙක්ව දරාගන්න උවමනා නෑ. වෛශ්‍යා වෘත්තිය කියන්නෙ වේසකම නෙමෙයි. වෛශ්‍යාව කියන්නෙ වේසි නෙමෙයි.

ලිංගික ශ්‍රමිකයන් යන වචනෙ වුනත් ඒ වෘත්තිය හෑල්ලුවට ලක් කරන වචනයක්. ඒක හුදු ශ්‍රම වෘත්තියක් නෙමෙයි. ඒ වෘත්තියේ කලාව, සෞන්දර්ය සියල්ල ඉවත් කරමින් ඒක හුදු කම්කරු වෘත්තියක් බවට පිරිහෙලා තියෙනවා. වෛශ්‍යා කියන්නෙ ආර්ථිකමය වශයෙන් ස්වාධීන, නිදහස් ගැහැණු.

වේසි කිව්වම කේන්ති යනවා නම් වෛශ්‍යා වෘත්තිය නීතිගත කරන්න කතා කරන්නෙ ඇයි වගේ ප්‍රශ්න අහලා තිබුන. ඒ ප්‍රශ්න අහන අයගෙ සීමාවම ඒ ප්‍රශ්නෙ තියෙනවා. ඒ අයට වේසි කියන කුණුහරුපෙන් පිට වෛශ්‍යාව කියන ඉතිහාසයක් පුරා පැතිරුණු විසල් නිදහස් ගැහැණිය ගැන අවබෝධයක් නෑ. ඒ අය තවමත් වික්ටෝරියානු සදාචාරයේ ගොදුරු.

කාට හරි වේසි කියනවා නම් ඒ දරාගන්න බැරි ආදරෙන් පමණක් විය යුතුයි.




notes of imaginary

කයිමන් දොරකඩ

 

පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා....
ගෑස් පහට ළං වෙනකොට අපි හොඳටම හවස් වුණා.....
සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා.....
කයිමන් දොරකඩ ඉඳපං මං එනතුරු සෙලෙස්තිනා”.....
කයිමන් දොරකඩ? මොකක්ද ඒ ?? ඒ කිවුවේ අර සෙලෙස්තිනා බලා සිටියා කියන තැනද? එතකොට ඒකටමද කොළොම්පුරේ කිඹුල් දොරටුව කියන්නෙත්??
ඔව්... ඒ එතන තමයි... එන්න අපි යමු ! ගිහිල්ලා කයිමන් දොරටුව බලාගෙන අතීතයේ සැඟවුනු කතන්දරේ දැනගෙන එන්න.
කොළඹ රජ වීදිය (KONINGS STREET/ KINGS STREET) නමින් එදා හැඳින්වු පිටකොටුවේ කෙලින් වීදියේ (MAIN STREET) කෙළවරේ කොළඹ ගෑස්පහ හන්දියේ ඇත්තේ පැරණි නගර ශාලාවයි. එය ටිකක් පසුකොට වරාය දෙසට එන විට හතරවැනි හරස් වීදිය බෝඩ් ලෑල්ල ඔබට හමුවේ. එතැන සීනු කණුවක් වටකොට කිසිවකුට යා ​නොහැකි ලෙස කොළ පැහැති දැල් වැටක් ගසා ඇත. සීනු කණුව මුදුනේ කපුටු බෝවහන්සේ නමක් කදිමට පැළවී සීනු කණුව තව නොබෝ කලකින් බිම පත බෑවෙන ලෙස යන්තම් ඉතිරිතලාද ඇත. ගසා ඇති දැල් වැට අතරින් සීනුව අසල සවිකොට ඇති බෝඩ්ලෑල්ල කියවීමටද අපහසු වුවත් එහි සඳහන්ව ඇත්තේ එය පුරාවිද්යා ස්මාරකයක් බව පමනි. මෙය අතීතයේ කයිමන් දොරකඩ ගාණ්ඨාර කුළුණ (BELFRY AT KAYMAN'S GATE) නමින් හැඳින්වුනු මේ සීනු කනුව හා ලෝ පුරා ප්රකට වූ ඓතිහාසික උරුමයක් වූ කොළඹ කොටුව හා බැදි මෙම වස්තූන් කිසිවෙකුගේ අවධානයට ලක්නොවි තිබීම කෙතරම් අවාසනාවක්ද...
මෙතරම් වටිනා පුරාවිද්යා ස්ථානයක් කිසිවකුට සමීපයට යා නොහැකි ලෙස වැටක් ගසා ඇත්තේ ඇයි දැයි කිසිවෙකුටවත් නොතේරෙන කරුනකි... පාරට​ පෙනෙන ලෙස නිකල් ප්ලේට් තහඩුවක හාරන ලද අකුරෙන් මුද්රණය කළ සටහන කියවීමට පවා අපහසුය.
මෙම ගාණ්ඨාර කුලුණ අසල ඇති සටහන අනුව පෙනී යන්නේ ලන්දේසින් විසින්​ කොළඹ නගරය පෘතුගීසින්ගෙන් අත්පත් කර ගන්නා විට දැනට කොටුව නමින් හැඳින්වෙන පෙදෙසේ පෘතුග්රීසීන් විසින් ඉදි කරන ලද ඔවුන්ගේ ප්රධානතම බලකොටුව තිබූ බවයි...
1554දී පෘතුග්රීසීන් විසින් මෙම බලකොටුව ආරක්ෂක උපක්රමයක් ලෙස සාදා නිම කොට ඇත්තේ දෙස්/ විදෙස් හමුදා ප්රහාරයන් වලින් බේරී, ආරක්ෂා සහිතව සිය මාළිගා, මන්දීර හා නිවෙස් ඉදි කිරීමටත්, සිය වෙළද කටයුතු පහසු ලෙස පවත්වාගෙන යාම සදහාත්ය... අද හැදින්වෙන කොළඹ කොටුව, ඕල්කට් මාවත බේරේ වැව සහ අවට ප්රදේශය වට කරමින් ඔවුන් විසින් කබොක් ගල් වලින් විශාල ප්රාකාරයක් බදිමින් මෙම බලකොටුව නිමවා ඇත. එම විශාල තාප්පයෙන් කොටු වූ එම ප්රදේශය කොළඹ කොටුව ලෙසත්, එම තාප්පයෙන් පිටත ප්රදේශය පිටකොටුව ලෙසත් පසු කාලයේදී නම් වී ඇත... බ්රිතාන්ය ලේඛක ජෝන් කාපර් විසින් ‘ඔල්ඩ් සිලෝන්’ ග්රන්ථයේ සඳහන් කොට ඇත්තේ, මේ කොටු පවුර කබොක් ගලින් නිමවා හුණු පිරියම් කොට ඇති අතර මෙහි පිටත ප්රාකාරය ගං ඉවුරට සමාන්තරව මුහුදු වෙරළ දක්වා පැතිරි තිබී ඇති බවයි...
මෙම බලකොටුවට නැගෙනහිර දෙසින් ඇතුළු වීමට ප්රධාන පිවිසුම ඉදිවී තිබූ අතර එය විශාල ආරක්ෂක දොරටුවක් සහිත විය. මෙම ප්රධාන පිවිසුම් දොරටුව විවෘත වුණේ ශාන්ත ජෝන් ඇළ මාර්ගය (St.John's Canel) මතින් ඉදිවුණ පාලම වෙතයි. පාලම ඔස්සේ බලකොටුවේ ප්රධාන පිවිසුමක් වන මෙම දොරටුව වෙත පැමිනිය යුතු නිසාම, බලකොටුවට සුවිශේෂී ආරක්ෂාවක් ඒ හරහා සැකසී තිබුනි.. ඒ නිසාම පෘතුගීසින් විසින් මෙම ආරක්ෂිත පාලම සහිත දොරටුව හැඳින්වූයේ “ PUENTE REINA” හෙවත් “රැජින පාලම හෙවත් රැජින දොරටුව” ලෙසයි...
1656 දී පෘතුගීසි යුගය නිම වී ලන්දේසි යුගය ඇරඹෙන විටත් කොළඹ වඩාත් ඉඩකඩ ඇති බලකොටු නගරයක් ලෙස සකස් වී තිබුණු බව ඉතිහාස මූලාශ්රවල සඳහන් වේ. කොටුව වටා තිබූ පවුර සැතපුම් තුනක් වූ අතර පවුරේ තැන තැන අට්ටාල දාහතරක් වූ බව කියවේ.
පෘතුග්රීසීන් විසින් ඉදි කල මෙම කොළඹ බලකොටුවට ඇතුල්වන දොරටුව වූ රැජින පාලමට 'කයිමන් දොරටුව' හෙවත් කිඹුල් දොරටුව ලෙසින් නම තැබුවේ ලන්දේසින් විසිනි.. එයට විශේෂ හේතුවක් විය.. ඒ ඉහතින් සඳහන් සාන්ත ජෝන් ඇළ යාවී තිබී ඇත්තේ බේරෙ වැවටය. බේරෙ වැවේ කිඹුලන් සිටි බවත් එම කිඹුලන් මේ ඇළ මාර්ගය ඔස්සේ කයිමන් දොරටුව අසල ජලාශයේ කුණු කසල ආදිය කා දමමින් ජීවත් වූ බව කියවේ. හැම විටම කිඹුලන් ගැවසුණු ස්ථානයක් නිසා මෙම ස්ථානය ලන්දේසින් විසින් 'KAIMAAN POORT' හෙවත් කයිමන් දොරටුව ලෙස නම් කොට ඇත. කයිමන් යනු ඇමෙරිකානු /ඉන්දියානු වචනයක් වූ ‘ගෙයිමන්’ යන වචනයෙන් බිදී 'කයිමන්' ලෙස ලන්දේසී භාෂාවට එක් වූ වචනයකි. එහි අරුත ‘දැවැන්ත කිඹුලා’ යන්නයි... 'KAIMAAN POORT' යන්න ඉංගරීසියට 'KAYMAN'S GATE' ලෙසත් එය සිංහල බසට කයිමන් දොරකඩ ලෙසටත් පෙරලූනා.
කයිමන් දෙරකඩ ඉදිවී ඇති මෙම කුලුණ සහිත දොරටුවේ ඉහළ කොටස ආරක්කු හැඩයකින් යුක්තය. මෙහි ශීර්ෂය කේතු රූපාකාර මෝස්තරයකින් යුතුය. එහි සවිකොට ඇති ගාණ්ඨාරය නිමවූ ලෝහය ගැන නිශ්චිත සටහනක් නැත. එය දහසය වෙනි සියවසට අයත් බව සැලකේ. අද එය මුළුමනින් කළුගැන්වී ඇත... මෙය පෘතුගරීසින් විසින් ශරී ජයවර්ධනපුර කෝට්ටේ ඉදි කරනු ලැබු ශාන්ත ෆරෑන්සිස් මුනිතුමන්ට කැපකරන ලද දේවස්ථානයේ ගාණ්ඨාරය බව ඓතිහාසික තොරතුරුවලින් කියවේ. පසු කාලෙක ලන්දේසින් ගේ අතින් බොහෝ කතෝලික දේවස්ථානය විනාශ වන විට ,එම දේවස්ථානයද විනාශ වූ අතර, එහි ඇති වටිනා ගාණ්ඨාරය ලන්දේසීන් විසින් කොළඹ බලකොටුවේ කයිමන් දොරකඩ පිවිසුමේ නව ගාණ්ඨාර කුළුනක් ඉදි කොට එහි මෙම වටිනා ගාණ්ඨාරය සවි කල බව විශ්වාස කිරීමට සාක්ෂි ඇත.
මෙම ගාණ්ඨාරය ලන්දේසීන් හට කයිමන් දොරකඩ සවි කිරීමට තරම් වැදගත් හා වටිනාකමක් ඇති වූයේම, එහි වෙනත් ගාණ්ඨාර වල මෙන් මුද්රා කොට තිබුනේ එහි නිෂ්පාදිත වර්ෂය හෝ නිපදවූ තැනැත්තාගේ නම පමනක් නොවීමයි. එහි "Ave Maria, gratia plena, Dominus tecum, Benedicta tu in mulieribus, et benedictus fructus ventris tui, Jesus." ලෙස ලතින් භාෂාවෙන් ලියැවුනු ක්රිස්තියානි යාච්ඤා කොටස මුද්රා වී තිබුණි. එය ඉංග්රීසි භාෂාවෙන් "Hail Mary, full of grace, The Lord is with thee. Blessed art thou among women, and blessed is the fruit of thy womb, Jesus" ලෙසටත්, සිංහලෙන් එය "නමෝ මරියනි, ප්රිය ප්රසාද පුර්ණවන්තියනී, ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය, ස්ත්රීන් අතුරින් ආශීර්වාද ලද්දී ඔබ වහන්සේය, ඔබගේ ශ්රී කුසෙහි පළවන් ජේසුස් ආශීර්වාද ලද්දාවුමය" යන අරුත දක්වයි.. එම නිසා මෙම ගාණ්ඨාරය ආරක්ෂ කිරීමට ඔවුන් කැප වූ බව කියවේ..
මේ ගාණ්ඨාරයෙන් ආදිරිප්පු වීදියේ පල්ලියේ (WOLVENDAAL CHURCH) ඉරිඳා දේව මෙහෙයන් දැනුම් දිමත්, රාතිර කාලයට දොරටුව වසන වේලාව සියල්ලන්ටම දැනුම් දෙන්නටත් (CURFEW BELL) යොදාගත් බව කියවේ... දේව මෙහෙයන් දැනුම් දීමට උදේ/සවස දේව මෙහෙයට පැය බාගයක විරාමයක ලබා දුන් බව දන්වා සිටීමටත් මෙම සීනුව සහිතව තුන්වරක් නාදවූ බවද කියවේ... එත් සමහරුන් නම් කියන්නේ පල්ලියේ සිට ගාණ්ඨාරයර ඇති දුරත් සමගින් මේ නිවේදනය ලබා දීම සදහා මෙම සීනුව නාද කල බව විශ්වස නොකල හැකි බවයි...
මෙම ගාණ්ඨාර කුළුන අසලින්ම සන්නද්ධ මුරභටයින් රදවා තැබූ මුරගෙයක්ද ඉදිවී ඇත.. පසු කලෙක ඉංග්රීසීන් විසින් මෙම බලකොටුව සම්පූර්නයෙන්ම පාහේ විනාශ කොට දැමීමත් සමග එම මුරගෙයද කැඩිබිදි නටබුන් වී, කොටුව /පිටකොටුව ජනාකීර්ණ වෙළඳ පොලක් බවට පත්වී ඇත.
1870 සමයේ, ඉංග්රීසි පානලය යටතේ මෙම බලකොටුව සම්පූර්ණයෙන්ම වාගේ කඩා බිදා විනාශ කර දැමුවේ එම කොටුව වටේම ඉදි වී තිබූ ශාන්ත ජෝන් ඇළත්, බේරෙ වැවත්, වරායත් ඇළමාර්ග හා එකට බැදී තිබූ සියලු කුඩා ඇළ මාර්ගයන් වසා දමමිනුයි.. අද ඔබ කොළඹ කොටුවේ හා පිටකොටුවේ දකිනා සියලු හරස් වීදී එදා තිබූ ඇළ පාරවල්ය. එමෙන්ම ඒ අවට තිබූ සියලු පහත් බිම්ද ඉංග්රීසීන් විසින් පුරවා ගොඩකර නව ගොඩනැගිලි ඉදි කිරීම අරඹා ඇත.
මෙම කයිමන් දොරකඩ ගාණ්ඨාරය අවසන් වරට නිලවශයෙන් නාද වූ බවට සටහන්වෙන්නේ 1926 ජනවාරි 21 සහ 28 වෙනිදායි. ඒ පස්වෙනි ජෝර්ජ් රජතුමා අභාවපරාප්ත වුනු බව දැනුම් දීමටත්, රජතුමා වෙනුවෙන් ආදුරුප්පු පල්ලියේ පැවැත්වුනු අනුස්මරණ දේව මෙහෙය දැනුම් දීමත් සදහායී. ඊට අමතරව දෙවන ලෝක යුද සමයේ, 1945 අගෝස්තු 14 දින අනෙක් පල්ලිවල ගාණ්ඨාර සමගින් මෙම ගාණ්ඨාරයද නාද කල බව ජනප්රවාදයේ කියවේ.. අවසන් වරට මේ කුළුණ පිලිසකර කර ඇත්තේ 1926 මාර්තු මාසයේදි කොළඹ නාගරික ඉංජිනේරුතුමා විසිනි. ඒ ක්රිස්තියානි සභාවේ ඉල්ලීමක් මතයි.
ඉතිහාසය සාක්ෂි දරන්නේ පෘතුගීසින් රළු, කෲර හා ආගම පැතිරවීම සඳහා සැහැසි ක්රියාවල යෙදුන ජාතියක් ලෙසය. පෘතුගීසි සික්ක්රෝවරුන් විසින් තම මව් බිමේදී මෙන්ම සැහැල්ලුවෙන් ගෙවී ගිය බවට අනුමාන කළ හැකිය. කයිමන් දොරකඩ හරහා එකල බෙහෙවින් පිළිගැනුන සේද, විල්ලුද හා රනෙන් රිදියෙන් වැඩ දැමූ ඇඳුම් හා ආයිත්තම්වලින් සැරසුන පෘතුගීසි ජාතිකයන් ස්වදේශකයින් විශ්මයට පත්කරමින් අවි ආයුධ භාවිත කළ බව ද ඉතිහාසයේ සඳහන්ය. මේ කයිමන් දොරකඩින් ඇතුළු වූ කොටුව තුළ ප්රධාන විනෝදාස්වාද මාධ්යයක් වී ඇත්තේ ස්පාඤ්ඤ වීනා සංගීතයයි. පෘතුගීසින් ස්පාඤ්ඤ සංගීතයට බෙහෙවින් ලොල් වී සිටි බවට සාක්ෂි ඇත. එම නිසා ඔවුන් සෑම යටත් විජිතයක් පාසා ස්පාඤ්ඤ සංගීතය ව්යාප්ත කළ බැව් පෙනේ.
මෙම කයිමන් දොරකඩ ගැන ඇති ලේඛනවල ඇත්තේ මේ ප්රදේශය ආශ්රිත පවුල්වල පුද්ගලයින්​ගේ හා නිලධාරින්ගේ ජීවන රටාව කොටුව ඇතුලේ ජීවත් වූ ජීවන රටාවට වඩා වෙනස් වූ බවය. මෙම කයිමන් දොරකඩ ගැන අධ්යයනය කල ඉතිහාසඥයකයින් පවසන පරිදි එදා කයිමන් දොරකඩ අසල වරදකරුවන් එල්ලා මැරූ ස්ථානයක් තිබී ඇත. සෙනඟ පීරමින් එම ඝාතනයට ලක්වෙන පුද්ගලයින් බැලීමට පොරකන පිරිසක් ද හුරු වී සිට ඇත. 19 වන ශතවර්ෂයේ අග භාගය වන තෙක්ම යටත් විජිත පාලකයෝ කයිමන් දොරටුව පිහිටි ස්ථානය ප්රසිද්ධියේ වැරදි කරුවන් එල්ලා මැරීම සඳහා භාවිතා කළ බව ඉතිහාසය අපට කියා පායි...
ඉහතින් සදහන් පරිදි ශාන්ත ජෝන් ගංගාව දිගේ කිඹුලන් ඇදී එන්නට ඇත්තේ නගරයේ අපද්රව්ය ආහාරයට ගැනීමට යන්න ඉතිහාසයේ සදහන් වුවත්, එච්.ඒ.ජේ. හුලුගල්ල මහතා විසින් කොළඹ නගර සභාවේ ශත සංවත්සරය වෙනුවෙන් ඩේලිනිව්ස් පුවත්පතට ලියන ලද ලිපි පෙළක මේ කයිමන් දොරකඩ ගැන දීර්ඝ වශයෙන් කරුණු දක්වා තිබුණි. ඔහුට අනුව කයිමන් දොරකඩ මිනිසුන් එල්ලා මැරූ ස්ථානයක් ලෙසද යොදා ගෙන තිබීම යන්න හරහා, එම මිනිකදන් කිඹුලන්ගේ ආහාරය බවත් පත්වූවා දැයි ඔබට සැක පහල විය හැකි වුවත්, එල්ලා මැරූ මිනිසුන් මුහුදට ගසාගෙන යාමට ශාන්ත ජෝන් ගංගාවට දැමූ බවට සාක්ෂි නැති බැවින් කිඹුලන් පැමිණ ඇත්තේ අපද්රව්ය ආහාරයට ගැනීමටම බව මෙහිදී සාක්ෂාත් වේ.
එකල, කයිමන් දොරකඩ අසල පෘතුග්රීසි සෙබළුන් ජීවත් වී ඇත්තේ ජනතාව පීඩාවට පත්වන ලෙස බවය. මේ කයිමන් දොරකඩ අසල සිටි සෙබළුන් මේ අසල වූ මත්පැන් ගුදම්වලින් පිරි තැබෑරුම් තුළ එකක් ඉවර වෙන්නට එකක් වයින් පිරවූ වීදුරු හිස් කොට ඇත. පහත් පෙළේ විහිලු කරමින් ඔවුන් කාලය කා දමා ඇත.
ඉතිහාස දත්ත පිරික්සීමේදී පෙනී යන්​නේ ලංකාවේ එකල පැවැති ගෘහ නිර්මාණ ගැන ද තොරතුරක් දැනගත හැකි වී ඇත. ඒ එකල ඉදිවූ විශාල ආලින්ද සහිත නිවාස හේතුවෙන් පාරවල්වල ඉඩ ඇහිරී ඇත. එබැවින් 1846 දී බ්රිතාන්ය රජය ‘ආලින්දයේ නීතිය’ ගැසට් නිවේදනය ප්රකාශයට පත්කොට ඇත. ඉන්පසු කයිමන් දොරකඩ අසලත් රට පුරාමත් ආලින්ද සහිත නිවාස ඉදිවීම නතර වී ඇත.
කයිමන් දොරකඩ හරහා පිටකොටුවට තිබූ වීදිය එකල ඉතා පටු එකක් වී ඇත. එච්.ඒ.ජේ. හුලුගල්ල විසින් සංස්කරණය කළ කොළඹ සංවත්සර කලාපයේ කයිමන් දොරකඩ ගැන මෙසේ සදහන්ව ඇත...,
“කයිමන් දොරටුව වඩාත් චිත්තාකර්ෂණීය ස්ථානයක් ලෙස අද ද සිංහලයා තුළ හැඟීම් මාත්රයක් ඇත. කයිමන් දොරටුව නොහොත් කේමන් දොරටුව හරහා පිටකොටුවේ අනෙක් පසට වැටී ඇති වීදිය පටු හෙයින් මේ ප්රදේශය අධික රශ්මියෙන් යුක්ත බව කියන්නේ පර්සිවල් ය. සරප්වරු මුදල් මාරු කරන්නත් පදිංචි වී සිටියා යැයි සැලකෙන මේ ප්රදේශයේ කාර්යබහුලව නොතිබුණේ යයි කාටනම් කිව හැකිද? මුදල් මාරු කරන්නන් වඩාත් බලවත් පුද්ගලයින් ලෙස එකල සමාජයේ ජීවත් වූවාට සැකයක් නැත. ජේත්තුවට යුරෝපීය ඇඳුම් පැළඳුමෙන් සැරසුණු ස්වදේශිකයන් බර සපත්තු පැළඳ මේ වීදි පුරා ඇවිද යනු මඳකට නෙත් පියාගෙන මෙනෙහි නොකර සිටීමට කාට නම් හැකිවනු ඇතිද?”
හුලුගල්ලයන් එසේ සඳහන් කළද අද කයිමන් දොරටුව අසල සීනුව අසල මුදල් මාරු කරන්නන් බේතකටත් සොයා ගැනීමට නැත. මේ කයිමන් දොරකඩ අසලින් ඇරඹෙන හතරවැනි හරස් වීදියේ ඇත්තේ කරවල තොග කඩ සමූහයකි. බර සපත්තු කෙසේ වෙතත් ජේත්තුවට යුරෝපීය ඇඳුම් ඇඳ මේ කයිමන් දොරකඩ සීනු කණුව පසුකර යන ඇත්තන් දෙස මේ සීනු කනුව නිසොල්මනේ බලා සිටින්නේ දශක ගණනාවක ඉතිහාසයක් කියාගත නොහැකිව වේදනා බරිතව බලා සිටින්නාක් මෙනි...
එදා සෙලෙස්තිනා එතෙනට වෙලා බලං හිටියට අදනං කයිමන් දොරටුව කියල එකක් නෑ...
අද එහි ඇත්තේ පුරාවිද්යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කල ගාණ්ඨාර කුළුණක් පමනයි...
කයිමන් දොරකඩ ගාණ්ඨාරය නාදවෙනවා අසන්නට මතු පරම්පරාවට කිසිදා නොහැකි වනු ඇත...
එහෙත් එම අතීත තොරතුරු ආරක්ෂා සහිතව අපට දායාද කල සියලු කතුවරුන්ට පින් සිදුවන්නට ඔබ වෙත මේ තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කිරීමට මට හැකියාව ලැබුනි...
අද ඔබ මේ දකිනා අතීත තොරුතුරු ඔබෙන් මතු උපදින්නා වූ පරම්පරා වෙත දායද කිරිමට ඔබත් කැප වෙන්න...
උපුටා ගැනීමකි
අන්තර්ජාලයෙන් තොරතුරු එකතුවක්.
ස්තූතියි මුල් හිමිකරුවන් හට.

notes of imaginary

Monday, October 23, 2023

මන්තරයක්....




ධර්ම මද්දුම හේවා පරිපාලන නිලධාරියෙක්  ඔහු මාතලේ උප දිසාපතිවරයා ලෙස සේවය කරමින් සිටි අවධියේ සිදුවීමක් පසුගිය 15 දා අරුනට  ලියලා තිබුනා.

උප දිසාපතිවරු  ශාසන බල මණ්ඩලයේ  සංවිධායක ලෙස තනතුරෙන් බලතල හිමිවෙනවා.

ඉතින් විහාරධිපති හිමිවරු යම් යම්  ගැටළු නිරාකරණය කර ගන්න දිසාපතිවරයා හමුවීමත් සිදුවෙනවා. එක විහාරාධිපති හිමි නමකට එරෙහිව පන්සලේ තාප්පේ පෝස්ටර් ගහලා. හාමුදුරුවෝ දුක් ගැනවිල්ල කියා ගෙන දිසාපතිවරයා හමුවුනා. 

මොකද හාමුදුරුවනේ ?

මහත්තයෝ කවුද නොසන්ඩාලයෙක් පන්සලේ තාප්පේ  පෝස්ටරයක් ගහලා මට අපහාස වෙන විදියට.

මොකක්ද හාමුදුරුවනේ ලියලා තියෙන්නේ ?.

“හේමා ලෝකට එන්න කියාපිය “ කියලා.

මොකද්ද මහත්තයා මම මේකට කරන්නේ ?

හාමුදුරුවනේ , පන්සලේ ඇබිත්ත කොල්ලෙකුට හුණු කූරක් දීලා ඊට යටින් මෙහෙම ලියන්න කියන්න. ඒකත් වැරදුනොත් වෙන වැඩක් කරමු.

හාමුදුරුවෝ ආපහු පන්සලට ගියා පහුවෙනිදා උදේ තාප්පේ තියෙනවා

“හේමා ලෝකට එන්න කියාපිය “

“ හේමාලෝක එනවා කියාපිය - තොගේ අම්මට නාගෙන ඉන්න කියාපිය “ කියලා.

ඒක වැරදුනේත් නැහැ. ආයෙත් පෝස්ටර් වැදුනේත් නැහැ.

 

 



notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon