Sunday, June 16, 2019

අණ්ඩර දෙමල.


දෙන්නාම පිට රටය.

ඒ මෙරට කරන්න මගුලක් නැති නිසා වෙන්න ඇත.හොද වෙලාවට මේ සතියේ විශේෂ යමක් සිදුවුනේ නැත. උනා නම් මේ වාහේලා  එක්වරම කියන්නේ “ මම දැන ගෙන හිටියේ නැහැ ” නැත්නම් “මම ලංකාවේ හිටියේ නෑ ’වගේ අණ්ඩර දෙමලයක්ය.

ලංකාවේ සිදුවන ඕනම දෙයක් ගෝලීයකරනය වන්නේය.කිසිවක් සරල නැත.
මේවා අපට නම් බහු බුතය. ඒ වුනත් අණ්ඩර දෙමල තෙපර බබා දෙසන්නන්ට බැරෑරුම් දේවල්ය.

විල්පත්තු වන සංහාරය මෙන්ම පාස්කු ඉරිදා ප්‍රාහාරය ගෝලීයකරණ සිදුවිම්ය.සීනී ගෝණි වගේ කුඩු හුවමාරුවෙන්නේද ගෝලීය කරණය නිසාය. දවසක සතොසට ගෙනා සීනී අතරටද කුඩු එක්ව තිබු බව වාර්තා විය. මේ සියල්ල වාර්තා පමනක්ය.

ලෝකය ගෝලයක් නිසා අපි මේ තරම් හිරිහැර විදින්නේද ?

මරණ දඩුවම ක්‍රියාත්මක කරන බවට කතාවක් ඇසුනේය. වාර්තා කැදවු බවක් පැවසිනි. අපි අද එයි මරු - හෙට එයි යයි සිතමින් සිටියෙමු. මරු ආවේ  නැත. ගෝලීයකරණවු රටක මරණ දඩුවමද ගෝලීය කරණය වී ඇත්දැයි නොසිතා වේදිකාවේ පාරම් බා කරන්න ගිය තැන හබක් බව නොදන් මේ ඇත්තන් “කඩුල්ල පනින්න පෙර සිතා බලන්නට” ප්‍රඥාව කදුලක් නැත.

එහෙත් අසන්නෝ මෝඩයයි සිතා ගෙන දෙසන්නෝය.


මෙවැනි දෙසුම් අනන්ත අප්‍රමාන අපි අසා ඇත්තෙමු.දැන් මේ කතා  එකකින් දෙකකින් පසු  ප්‍රලාප බව තේරුම් ගෙන  පිලිකෙව් කරන්නට තරම් අපි ප්‍රඥාවන්තය.

notes of imaginary

Friday, June 07, 2019

අතීසාරයට අමුඩ ගැසීම.





මෙගා ටෙලියේ  ඊයේ පෙන්වනු ලැබු කොටස නරඹා අවසානයේ මට සිතුනේ මෝඩයා කට අරිනතුරු ප්‍රඥාවන්තයෙකු බවය.
අද ටෙලියේ පෙන්වනු ලැබුවේ එහි තවත් කොටසකි.
පූරක කතාවක් කියමින් සිටී.
ඔහුට අනුව සෑම ගමකම වඩු මඩුවක් තිබුන යුගයක් විය. අපේ ගෙවල් වල තිබු කොලොම්බුව නම් වු මිටි අසුනේ සිට මේස පුටු ඇද පවා නිපයුනේ මේ වඩු මඩුවේ. වඩු බාස් උන්නැහේ නිවසට විත් උළුවහු දොර ජනේල් වැනි බර භාණ්ඩ සාදා වහල සිවිලිම සකස් කර දු වින්නේය.
පූරකගේ මේ විවරනය අවසානයේ තිරයේ වඩු  බාස්වරු පිරිසක් බෝර්ඩ් ලෑලි උස්සාගෙන පාරට බැස උද්ඝෝෂණයක නිරතව සිටින දර්ශණ පෙලක් පෙන්වමින් සිටී.
කට  වසා සිටි ප්‍රඥාවන්තයෙකු කට ඇරි පමනින් වඩු මහත්වරුන් පාරට බැස්සාදැයි සිතිවිල්ලක මම කිමිදෙන්නට විමි.
විල්පත්තුවේ අක්කර දහස් ගණණක් විනාශයට පත් කර ඇතැයි මහා ඝෝෂාවක් පසු ගිය කාලයේ  විකාශණය වු කොටසක පෙන්විනි. ඒ අතර හදිස්සියේ වාගේ “චේන් ෂෝ ” තබා ගෙන ඇත් නම් ලගම ඇති පොලිසියේ ලියා පදිංචි කර ගැණීමට සිදුවිනි.
චේන් ෂෝ අසු දහසක් මේ ශ්‍රී ලංකාව තුල විසිර තිබු බව කියනු ලැබිනි.
මේ සමග විල්පත්තුවේ ගස් කැපීමට  චේන් ෂෝ නොමැතිව එම ව්‍යාපෘතිය  ඇන හිටින්නට ඇත.
අතීසාරයට අමුඩ ගසන වෛද්‍ය ප්‍රතිකර්ම ගැනද අසා ඇත්තේ මේ රටේදීමය. අපේ සමහර උදවිය ප්‍රඥාවෙන් යුතුවද අතීසාරයට අමුඩ ගසති.
මහා වන විනාශයක් කර ඇති රටක වඩු මඩු වසා දමන්න සිතිවිල්ලක් පහල වෙන්නේ  නම් එය වසා ගෙන සිටි කට ඇරි  ප්‍රඥාවන්තයකුගේ සිතිවිල්ලකි
වඩු කර්මාන්තය මේ රටේ එක් වෘත්තියකි.
වඩුවන් හට  දැව නැතිව   මෙම කර්මාන්තයේ නියලෙන්න නොහැක. වඩුවන් හට දැව සපයා ගැණිමට විකල්ප සලස්වනු  විනා වඩුමඩු වසා දමන්න සිතනවා නම් එය අතීසාරයට අමුඩ ගැසීමකි.




notes of imaginary

Thursday, June 06, 2019

දැන් පෙන්නනවා.



දේශපාලන ප්‍රවෘත්ති දිනෙන් දින පෙල ගැසෙන්නේ එක්තරා විකාරී ස්වරූපයකටය. ජනතා අවධානය පාස්කු ඉරිදා ඛෙදවාචකය පාදක කර ගෙන ඇති වන එක් එක් ප්‍රවනතා ඔස්සේ පුවත් මවමින් ඉදිරියට ඇදෙන විට ජනතාවද හැගෙන ලෙස නිහඩව ආර්ථික මර්මස්ථාන විදේශීයකරණය වෙමින් දේශීය පාලනයෙන් ගිලිහී යමින් පවතින බව දක්නට ඇත.

අප යහපාලනය උදෙසා කැමැත්ත පල කලේ ඇයි යන්න ? අද ප්‍රශ්නයක් බවට පත්වෙමින් ඊලගට ප්‍රතිචාර දැක්වීමේ  අවස්ථාව ඇති වන තෙක් චිත්ත වේදනා විදිමින් සිටින්නෝ බවට පත්ව ඇත.
අප මේ ඛේදනියත්‍වයට යොමු කිරීමට ගතු කිවු බොහෝ වියතුන් හට ශාපවිය යුතු අතර සමහර වුන් අප යලිත් රැවටීම සදහා අළුත් රග පෑමකට අඩව් කරනම් කස්තිරම් පාමින් සිටින බවක් දැන් දැන් දක්නට ඇත.

රට අරාජිකය.
යලිත් රට ගොඩ ගැණිමට විශ්වාසය තැබිය හැකි නායකත්‍වයක් පිලිබදව ජනතාවට එකගතාවයකට පැමිණිය හැකි ඉලක්කයක් ........?. තෝරා ගැණීම ප්‍රශ්නයක් බවට පත්ව ඇත.

එක් මුස්ලිම් ඇමතිවරයෙකුට විරුද්ධව ගොඩ නැගුණ චෝදනාවට මුස්ලිම් ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු මාසයකට තම තනතුරු වලින් ඉවත් විය.අතුරලියේ රතන හිමියන්ගේ උපවාසය නිම විය.ඊයේ වන විට මහා සංඝරත්නය  (දේශපාලන රත්නයන්) විසින් මුස්ලිම් ඇමතිවරුනට යලිත් තම තනතුරු බාරගන්නා ලෙස ඉල්ලමින් ප්‍රකාශ නිකුත් කරමින් අනුශාසනා කරන්නෝය.
මේ සිද්ධීන්  අතර දේශපාලන රංගනය විශ්වාසනීය ලෙස විග්‍රහ කර ගත හැකිද ?.


මීදුමට නම් අවබෝධ වී ඇත්තේ මෙම සිද්ධී මාලාවම  එක්තරා අන්දමක දේශපාලන උප්පරවැට්ටියක් ලෙසින්ය.  දේශපාලන ටෙලියක් ලෙසය. 

notes of imaginary

Saturday, April 20, 2019

බෙලිහුල්ඔය නිවාඩුව ගැන සිතන්න.


නිවාඩුවක් ගත කරන්න බෙලිහුල්ඔය තෝරා ගන්නේ ස්වභාව ධර්මය දායාද කල පරිසරය දේශගුනය හේතුවක් කරගන්නා නිසා කියලා මම හිතනවා. මේ නවාතැනේ සිට ඊට වඩා එහාට ගිය දැනීම් සම්භාරයක් එක් රැස් කරගන්න පුළුවන් උනත් ඒ ගැන සංචාරකයන්ට අවබෝධයක් සහ දැනුම්වත් වීමක් නැහැ.
මට හමුවන බොහෝ දෙනා බෙලිහුල්ඔයෙන් දිය නා හවස් වන තෙක් කා බී පසුදා බෙලිහුල්ඔයෙන් නික්ම යන්නන්. එයත් සතුටක් යයි සිතන්නන්.
සබරගමුව පලාත් සභාව විසින් බෙලිහුල්ඔය සංචාරක කලාපයක් ලෙස නම් කරමින් ආයෝජනයන් කිහිපයක් කර තිබෙනවා. ඒත් ඒවා ගොඩනැගිලි පමනක් වෙලා.සංචාරකයින් දැනුම්වත් කිරීමේ වැඩ පිලිවෙලක් ඇත්තේම නැහැ. මෙය විශාල අඩුපාඩුවක්.

පෙරවදන ඉදිරියේ පලකරන  වියමන් පෙලට  අදාල නොවුනත් කා බී මත්ව ගෙවන දවස පලවත් දවසක් බවට පත්කරගන්න මග පෙන්වීමක් වෙයි කියලා මම හිතනවා.

බෙලිහුල්ඔය සංචාරක කලාපයක් කොට සලකන්නේ නම් මෑත ඉතිහාසයේ වළගම්බා , මායාදුන්න රාජ්‍ය යුගයන් , ඉංග්‍රීසි පාලන කාලයේ නටබුන් සහ සංස්කෘතිම වටිනාකම් අධ්‍යයන කිරීමට ඉතිරි කරමින් ඇති ස්ථාන බොහෝමයක්  තිබෙනවා. බලංගොඩ ආදී මානවයා ගැවසුන ප්‍රදේශ හරහා අපට අතීත වටිනාකම් රැසක් හදුනාගන්න පුළුවන් වේවි.

අද කතාබහට තෝරා ගන්නේ සම්ප්‍රදායික ඇදහිලි පිලිබද කේන්ද්‍රස්ථාන කිහිපයක් ගැන. අළුත්නුවර කතරගම දේවාලය , බොල්තුබේ සමන් දේවාලය , ගලගම පත්තිනි දේවාලය, කුඹල්මුල්ල පත්තිනි දේවාලය යන සතර දේවාල ගැන බෙලිහුල්ඔයට ආ ගිය ඔබේ අවධානය කිසිදා යොමු වි ඇතිද ? .
අළුත්නුවර දේවාලය ඇසුරු කර මා මිත්‍රයෙක් වන එම්.පී.ජී.ගුණසිංහයන් ලියන sugv.wordpress.com බ්ලොග් අඩවිට පිවිසෙන්න.ඔබට දේව ඇදහිලි ආශ්‍රිත කරුණු කාරනා බොහොමයක් හමුවේවී.

මේ පේස් බුක් ගිනුමත් ඔබට තොරතුරු සපයාවි.





























notes of imaginary


 

මීදුම Published @ 2014 by Ipietoon