“හිටපු ගමන් ඔන්ලයින් ඇවිත් ……දේශපාලනේ පෝස්ට් එකක් දාලා කට්ටිය ඇවිස්සුවේ නැත්නම් කෑවේ නෑ වගේ “ - මෙහෙම සිතිවිල්ලක් නදී සමන්මාලී. මෙටාවට යොමු කලා තිබුනා.
දැක්ක හැටියෙම මම ෂෙයාර් කලා. හේතුව මටත් මේ දවස්වල එහාට මෙහාට විසි වෙන පෝස්ට් වගේම ප්‍රතිචාරත් මම ඉවසන්නේ හරිම විනෝදයෙන්. මම ඒවා බැරෑරුම්ව හිතන්නත් බාර ගන්නත් පෙළඹෙන්නේ නැහැ.
සමහර වෙලාවට බරපතල ලෙස අපහාස කරන අවස්ථාත් හමුවෙනවා.පලකරන්නාගේ දේශපාලන මතය දරන්නේ නැත්නම් පාදඩයා, අවජාතකයා වැනි පීඩාකාරී ප්‍රාහාර එල්ල වෙනවා.වලව් වල වලං හෝදන අවලංළු. ගොන් ආතල් ගන්නවා කියලත් කියනවා. ඔය වගේ දේවල් දරාගත්තොත් මහත් පීඩාවක් ඇති වෙනවා බැහැර කලොත් දැනෙන්නේ සහනයක්.
අද මේ පෝස්ට් එකට ලැබුන ප්‍රතිචාර බලන්න.
“මටත් ඔය ලෙඩේ බෝවෙලා අයියේ “ මෙහෙම කිව්වේ සංවරව ප්‍රතිචාර දක්වන්නෙක්.
............මම කිව්වා -ජොලි වැඩේ කලබල වෙනවා දකින කොට හිතෙන දේවල් වලට හිනා.
“................මදෑ ඔහොම හිටියා “ කෙටි ප්‍රතිචාරයක්.
“............පොහොට්ටුවෙන් මාලිමාවට මාරැ වුන එකෙක් ඇවිස්සුවනම් තවත් මරැ..තවත් කෙනෙක්ගේ අදහසක්.
“..............නිදාගන ඉන්න කොටියෙක් ඇහැරෙව්ව වගේ.
“.....................හැබැයි වෙන අයගේ දේශපාලන පොස්ට් වලට උත්තර දෙනවා.......ඒත් .......ඔබගේ පොස්ට් වලට වැරැද්දක් කියන්න හිතෙන්නේ නැ....හිත් රිදවා ගන්න අකමැති නිසා .....කව්රු රජ උනත් අපි හම්බ කරොත් අපිට කන්න පුළුවන් .....එච්චරයි ....හැබැයි හම්බකරගෙන කන්න හරි රටක් තියෙන්න එපැයි ........“ මෙහෙම කියන්නේ මට අනුකම්පාවෙන්.
“................මට ඒ තරම් හිතන්න දෙයක් නැහැ .දේශපාලන විග්‍රහ වලට කැමතියි .මොන විදියේ කෝන වලින් තිබුනත් කියවනවා .දේශපාලන අදහස් වලින් සමාජය එක එක ගොඩවල් වලට ගහ ගන්නේ නෑ .තම තමන්ට පෞද්ගලික අදහස් මතිමතාන්තර තියෙන්න පුළුවන් .ටිකක් අප්‍රසන්න දේශපාලනය මුල් කොට ගැරහීමට ලක් කරන එක.“ මම සටහන් කලා පිළිතුරක් ලෙසට.
“....................ගොඩක් දෙනා එහෙම නැහැ ...මොකේ උනත් තමන් තෝරාගත් කෙනාට පක්සව ලියනවා...අවුස්සගන්නවා කියන මහා දාර්ශනිකයොත් රටකාපු හොරෙකුට කඩේයන ගමන් පොරක් වෙන්න බලනවා“ ......මේ තමන්ගේ මතිමතාන්තර තහවුරු කරන හිතවතෙක් . හැම වෙලාවේම කොක්කක් තමයි. මට නම් විනෝදජනකයි. ඒ්ත් රුධිර පීඩනයට නම් අගුණයි කියලා මතක් කරනවා. වැඩක් නැහැ.
“..............උන් පට්ට කුහකයෝ “ පුංචි ළමෙක් ගලක් අරන් ගැහුවා වගෙයි . කියලා මම හිතලා
මෙහෙම කියනවා“.................ඔයාට නම් තියෙන්නේ පට්ට කේන්තියක්. මම නම් උපේක්ෂාවෙන් බලනවා .හැම කෙනාටම නිදහස්ව හිතන්න හැකියාව තියෙනවා නේ.“ කියන මට මතක් වෙනවා මම ගැන යටි හිතේ කේන්තියක් තියෙයනව ද කියලා “රටකාපු හොරෙකුට කඩේයන ගමන් පොරක් වෙන්න බලනවා “ කියන නිසා.
.“.................................කේන්තියක් නැහැ ....අවුස්සනවා කියන්නෙ පොර ටෝක් කතාවක්....නිදහසේ ලියනකොට අවුස්සනවා කියන්නෙ මොකක්ද ????ඒක පට්ට කුහක කතාවක්.“............... සන්සුන් වෙන තුරු තර්ක කරන එක නතර වෙන්නේ නැහැ. එයාට ජයග්‍රණය දුන්නම මම නිදහස්.
මම දන්නවා ........ මල්ලීගේ අදහස් තහවුරු කර ගන්නා කෙනෙක් කියලා ඕන දෙයක් හිතා ගන්න .මට කමක් නැහැ
“.................ඇවිස්සුව නේද“ මේ සංවාදය බලලා තව එක්කෙනෙක් කියනවා.
....................ආදරෙයි ...
රටට ආදරේ අයත් ඉන්නවා .තමන්ට ආදරේ මම වගේ අයත් ඉන්නවා.ඔය කුහකයි , අවජාතකයි වලව්වල වලං හෝදනවා කියලා කිව්වේත් ගොන් ආතල් ගන්නවා කියන්නේත් ඒ් අයට. කුහකයිනට වෛර කරන අයත් ඉන්නවා.ආදරේ කරන අයත් ඉන්නවා.
ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>