Friday, June 14, 2024

පොඩ්ඩිගේ කථාව - දහවෙනි දිගහැරුම



 





 

අපේ දෙමව්පියන් විවාහව ඇත්තේ යෝජනාවකින්. සිරිත් ලෙස කේන්දර ගලපා, චාරිත්‍ර වාරිත්‍ර ඉටුකර නැකතට නිවසට කැන්දන් ආ මනාලිය සහ මනාලයා ඊට කලින් මුණ ගැසී තිබුනේ දින දෙක තුනකි.

දශක තුනක් පමණ මේ දෙදෙනා සතුටින් සහයෝගයෙන් කාලය ගත කල අරුමය ඉතාමත් කෙටි කලකින් කුඩුම්බය බිද හැර නැවතත් දෙමාපිය සරණ පැතූ මට හිතනා විටත් නින්දා සහගතය. විවාහයට කලින් අවුරුදු පහක් හයක් ඇසුරේ සිටියත් මට සමීරවත් සමීරට මා වත් තේරුම් ගන්නට නොහැකිිවී තිබිනි.

අපට බොහෝ ගැටුම් ඇතිව තිබුනේ එකිනෙකා කිසිම අවස්ථාවක එකග නොවන නිසා යයි මට දැන් සිතා ගන්න හැකිය.

පියානන් මහත්සේ කෝප වන විට අම්මා බැලලියක මෙන් නිශ්ශබ්ද වුවාය.අම්මාටද පියා සමග මත ගැටුම ඇතිව කේන්ති යන අවස්ථා ඇති විට ඔහු පසු බසින්නේය. බොහෝ විට අම්මාගේ කේන්තිය පහව යනතුරු මග හැරීමත් සැහැල්ලුවට ගැනීමත් ඔහුගේ සිරිතය.

මා ලග සිටියොත් “ පොඩ්ඩියේ අම්මාට දෝං ගිහිල්ලා නේ “ යයි කිියමින් වත්ත පහලට පසු බසින්නේය.

ඉද හිට මුණ රතු කර ගෙන වැඩියෙන් ඇස්පිල්ලම් ගසමින් ගෙදරට ගොඩ වදින තාත්තා අප සමග වැඩියෙන් හිනා වෙන කතා කරන දවසක “ අද නම් සරුවෙලා “ යයි කීවා මිස අම්මා අරගලයට ගියේ නැත.ලොකු දෙයක් වුනත් සාමදානයෙන් විසදා ගැණිමට ඔවුන්ට හැකියාව තිබුනේය.

එහෙත් අප .............?.

වත්ත පහල ඇවිද ගෙට ගොඩවදින අම්මා මොනවදෝ කියනා හඩින් මගෙ දැහැන බිද වැටුනේය.

“අම්මේ .......?. මම අම්මා විමසුවෙමි.

මොකද ? සරුංගල් අරිනව ද ? විමසන්නේ යෙහෙලියක විලසින්ය.

මට ලැජ්ජා ද සිතිනි. මට වන් විපතේ බරක් දරන අම්මාට ඒ ගැන වගේ වගක් නැත.

මම හෙට මනුස්සයෙකුට එන්න කිව්වා වත්ත එලිපෙහෙලි කරලා දාන්න. හොදටම කැලේ වැවිලා .

පොල් ගෙඩියක්වත් ඇහිද ගන්න බැහැ.

එ්ක හොදයි අම්මේ , මාත් හිත හිතා හිටියේ ගේට්ටුව ගාවට යන කම් මල් ගස් ටිකක් හිටවන්න.

පියානන් සිටි අවදියේ පිලිවෙලට සිරියාවට තිබු ඉඩම දැන් අක්‍රමවත්ය.අම්මාට තියෙන කාර්ය කටයුතු සමග මේ සියල්ලම කිරීමට ඇයට විවේකය මදි තරම්ය.දැන් මගේ කාලයෙන් කොටසක් ඇයට උදව්වට වැය කල හැකිය.

කාලය නතර නොවී ගලා යාම .එක් තැන පල් නොවී තිබෙනවාට වඩා හොදය. දවස අළුත් වන විට ඒ දවසටත් වැඩ කටයුතු ගොඩ නැගී තිබීම මට සතුටට කරුනක් විය.

අම්මා ඇගපත දොවා ගෙන “ පෝඩ්ඩියේ තේ එකක් බොමු කීවේ තේ එක අතේ තියන ගමන්ය.හෙට ඉඩම සුද්ධ කර අවසන් වු විට මගේ මල් වගා යෝජනාව ඇරබීමට අම්මා අනුමැතිය පල කලාය.

මම එකගවුනෙමි. සමීර සමග නම් වෙනත් මතයක් ඇතිවී අරගලයක් ඇරබෙනු ඇත.

 

A day in the life

Thursday, June 13, 2024

නවවන ජනාධිපතිවරණය .




එළඹෙන නොවැම්බර් 16 වන දින හෝ ඊට පෙර ශ්‍රී ලංකාවේ 9 වන ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි.
1982 වසරේ පළමු ජනාධිපතිවරණය පැවැත්වුණා.
ඉන්පසුව පිළිවෙලින් 1988, 1994, 1999, 2005, 2010 , 2015 සහ 2019 වසරවල පැවති ජනාධිපතිවරණයන් පිළිබඳව කෙටි හැඳින්වීමක් මේ ලිපිය මඟින් ගෙන ඒමට අදහස් කෙරෙනවා.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විධායක බලතල සහිත ජනාධිපතිවරයෙක් ඇතුලත් කිරීමෙන් පසුව මෙරට පළමු වතාවට ජනාධිපතිවරණයක් පවත්වන්නේ 1982 වසරේ දී ය.
1978 වසරේ දී මැතිවරණයකින් තොරව ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා බවට පත් වූ ජේ. ආර්. ජයවර්ධන හා ප්‍රධාන විපක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක හෙක්ටර් කොබ්බැකඩුව යන අපේක්ෂකයන් දෙදෙනා ප්‍රධාන අපේක්ෂකයන් ලෙස මෙම මැතිවරණයේදී තරග කරනවා. මෙම ජනාධිපතිවරණයේ දී ජේ. ආර්. ජයවර්ධන ප්‍රකාශිත ඡන්දවලින් 52.91%ක ප්‍රතිශතයක් ලබාගනිමින් ජයග්‍රහනය කරනවා. විපක්ෂයේ අපේක්ෂකයා වන හෙක්ටර් කොබ්බැකඩුව ලබාගන්නේ 39.07%ක ඡන්ද .ප්‍රතිශතයක් .
ප්‍රධාන අපේක්ෂකයන්ට අමතරව ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ රෝහණ විජේවීර, ලංකා දමිළ කෝන්ග්‍රසය නියෝජනය කරමින් කුමාර් පොන්නම්බලම් හා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් කොල්වින් ආර් ද සිල්වා පිළිවෙලින් තෙවන, සිව්වන හා පස්වන ස්ථාන දිනාගන්නවා.
1988 පැවති ජනාධිපතිවරණය 1988 වසර වන විට උතුරේ ඊළාම් අර්බුදයත්, දකුණේ ජනතා විමුක්ති පෙරෙමුණේ දෙවන කැරැල්ලත් ආරම්භ වී පැවති බැවින් රට ගිනි ගන්නා අවස්ථාවක පැවති ජනාධිපතිවරණයක් ලෙස දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා.
මැතිවරණය සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු අගමැතිවරයා වන රණසිංහ ප්‍රේමදාස ඉදිරිපත් වෙන අතර, විපක්ෂයෙන් ඉදිරිපත් වෙන්නේ සිරිමා බණ්ඩාරනායක යි. මෙහි දී ප්‍රේමදාස අගමැතිවරයා ප්‍රකාශිත ඡන්දයෙන් 50.43%ක ප්‍රතිශතයක් ලබාගන්නා අතර සිරිමා බණ්ඩාරනායක ලබාගන්නේ 44.95%ක ඡන්ද ප්‍රතිශතයක් .
1993 මැයි 1 වෙනිදා ත්‍රස්ත ප්‍රාහාරයකට ලක්ව රණසිංහ ප්‍රේමදාස මිය යනවා.ඔහුගේ ඉතිරි ධුරය කාලය සම්පුර්ණ කරන්නේ ඩී.බී. විජේතුංග මහතායි.
ශ්‍රී ලංකාවේ පැවති තුන්වන ජනාධිපතිවරණයට ආණ්ඩුපක්ෂය නියෝජනය කරමින් අගමැතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක හා ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් විපක්ෂ නායක ගාමිණි දිසානායක තරග කරනවා. නමුත්, ජනාධිපති රැලියකට එල්ල වූ LTTE .ත්‍රසත් ප්‍රාහාරයක් හේතුවෙන් ගාමිණි දිසානායක ඝාතනයට පත් වෙනවා. ඒ හේතුවෙන් එම පක්ෂයෙන් විකල්ප අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වෙන්නේ ගාමිණි දිසානායකගේ බිරිඳ වන වජිරා ශ්‍රීමති දිසානායක යි. එහි දී පොදුජන එක්සත් පෙරමුණේ චන්ද්‍රිකාා බණ්ඩාරනායක ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 62.28%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා අතර, එය මෙරට ජනාධිපතිවරණයක දී අපේක්ෂකයෙක් ලද ඉහළම ඡන්ද ප්‍රතිශතය ලෙස අදටත් නොබිඳී පවතිනවා
1999 වසර වන විටත් LTTE ත්‍රස්ත ක්‍රියා උතුර හා නැගෙනහිර දරුණුවට පැවති අතර, එම ක්‍රියාවල බලපෑම් ලංකාවේ අනෙකුත් ප්‍රෙද්ශවලට ද දැනෙමින් පැවතුණා. ජනාධිපතිවරණය සඳහා පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරිපත් වූ අතර, විපක්ෂයේ අපේක්ෂකයා වන්නේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහයි . ජනාධිපතිවරණයට දින තුනකට ඉහත දී චන්ද්‍රිකා බණ්ඩාරනායකට LTTE බෝම්බ ප්‍රාහාරයක් එල්ල වෙන අතර, ඒ හේතුවෙන් ඇයට එක් ඇසක් අහිමි වෙනවා. කෙසේ හෝ ජනාධිපතිවරණය අවසානයේ දී ඇය ප්‍රකාශිත ඡන්දයෙන් 51.12%ක ප්‍රතිශතයක් ලබාගනිද්දී, රනිල් වික්‍රමසිංහට ලැබෙන්නේ ඡන්ද 42.71%ක ප්‍රතිශතයක් පමණයි.
2005 ජනාධිපතිවරණය සඳහා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික හෙළ උරුමය ඇතුළු තවත් පක්ෂ කිහිපයක එකතුවකින් එක්සත් ජනතා නිදහස් සන්ධානය බිහිවෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් අගමැතිවරයා වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන අතර, විපක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිවරණ සටන සඳහා ඉදිරිපත් වෙනවා. මෙහි දී 50.29%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් අගමැති මහින්ද රාජපක්ෂ ජයග්‍රණය කරද්දී, රනිල් වික්‍රමසිංහට හිමිවෙන්නේ 48.43%ක ඡන්ද ප්‍රතිශතයක්‍ පමණයි.
තම විධායක බලතල භාවිතා කරමින් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපතිවරණය කලින් කැඳ වූ අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස කටයුතු කරන්නේ ද ඔහු යි. ප්‍රධාන‍ විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය ප්‍රමක තවත් කණ්ඩායම් කිහිපයක් එකතු වී මේ සඳහා පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. ඒ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ යුද හමුදාපති ධූරය දැරූ සරත් ෆොන්සේකා යි.
එම මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජයග්‍රණය කරන්නේ ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 57.88%ක ප්‍රතිශතයක් අත් කරගනිමිනුයි. විපක්ෂයේ අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකා ලබාගන්නේ 40.15%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට 2017 වන තුරු රැඳී සිටීමේ හැකියාවක් පැවතුණ ද, තම විධායක බලතල භාවිතා කරමින් ඔහු 2015 වසරේ ජනාධිපතිවරණය කැඳවනවා. මෙහි දී ඔහුට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය ඇතුළු තවත් පක්ෂ කිහිපයක් එකතු වී පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන අතර, ඒ සඳහා ඉදිරිපත් වන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සිටි ප්‍රධාන අමාත්‍යවරයෙක් වන මෛත්‍රිපාල සිරිසේන යි. ඒ හේතුවෙන් මැතිවරණය ඉතා උණුසුම් වන අතර, අවසානයේ දී මෛත්‍රිපාල සිරිසේන ජයග්‍රහණය කරනවා. ඒ 51.28%ක ඡන්ද ප්‍රතිශතයක් සමග යි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එහි දී 47.58%ක ප්‍රතිශතයක් ලබාගන්නවා.
2019 ජනාධිපතිවරණය .
2019 නොවැම්බර් 16 වෙනිදා පැවත්වුනා. මෙම මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ 52.25% ඡන්ද ප්‍රතිශතයක් ලබමින් ජයග්‍රහණය කරනවා. එම ජනාධිපතිවරණයෙදී දෙවනි ස්ථානය ගත් සජිත් ප්‍රේමදාසට 41.99 % ඡන්ද ප්‍රතිශතයක් සහ අනුර කුමාර දිසානායකට 3.16 % ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නවා.
අරගලය
2019 මැයි අරගලය නිසා ගෝඨාභය බලය අත්හරිනවා. අනුුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස බලයට එන්නේ රණිල් වික්‍රමසිංහ. ඔහුගේ ධුරකාලය 2024 නොවැම්බර් 16 වෙනිදායින් අවසන් වීමට නියමිතයි.


A day in the life

Wednesday, June 12, 2024

නස්රුදීන්ගේ කතාවක්.



ජනාධිපතිවරණයක් ගැනකතා කරමින් සිටින කාලයක්. එක ඒක්කෙනාගේ පොරොන්දු තමන් සිටින වේදිකාවට ගැලපෙන ලෙස මුදා හරිනවා. උතුරේදී 13 ,උතුර සංවර්ධණය කරන අයුරු කියන කටවල් දකුනේදී ඒ් මාතෘකා ගැන නිහඩවනවා. වතුකරයට වැඩි පඩි ,සතියේ දවස් හතක් වැඩ , නිවාස දෙන කථිකයෝ දකුනේදී අධ්යාපනය ,සෞඛ්ය ප්රවාහනය වැනි දේවල් සංවර්ධනය කරනවා

මට නස්රුදීන් මතක් වුනා. නස්රුදීන් විශාල එළවළු ගෝණියක් බැරි බර ගාතේ කර තියාගෙන නිවස දෙසට ගමන් කරමින් සිටියා. ඔහු ඉදිරියට  මුණගැසුන අයෙක්

ඇයි මේ තනියම ලොකු ගෝණියක් කර තබා ගෙන ?. මාත් උදව් කරන්නම්.

දෙන්න මම උසුලා ගෙන යන්නම්.

කියා නස්රුදින් ගෙන් එළවළු ගෝණිය ඉල්ලුවා.

අනේ බොහෝම ස්තුතියි.

අපේ ගෙදර තව ටික දුරයි. මට ගෙදර ගාවට ගෙනත් දෙන්න.

කොච්චර දෙයක්ද නස්රුදීන් කීවා.

නස්රුදීන් බොහෝම සතුටින් තමන්ගේ බර මගියා කර පැටෙව්වා. මගියා හිතුවාට වඩා ගෝණිය බරයි. ටික වෙලාවක් ගමන් කරන විට විඩාව දැනෙන්න පටන් ගත්තා.

නස්රුදීන් මේ තත්වය කලින් අවබෝධ කර ගෙන සිටියේ.

 ඔහු ඉක්මන් ගමනින් ඉදිරියෙන් ගියා.

මගියා වෙහෙසටත් ,කම්පනයටත් කෝපයටත් පත්වුනා. මේ මිනිහා මගේ කරට බර පටවලා යන හැටි ?.

අඩිය ඉක්මන් කර නස්රුදීන් හා සමපාත වෙන්න උත්සාහකලත් ඒ බව තේරුම් ගත් නස්රුදීන් ඊට ඉඩ තිබ්බේ නැහැ.

 

ටික වේලාවකට පසු, ගියා ම උත්සහාය අත්හැර දමා ගෝණිය බිම තබා පාරේ වාඩි වුනේ හුස්ම හිර වී වෙහෙසට පත් වූ බැවින්. එවිටම නස්රුදීන්  පාලනය කරගත නොහැකි ලෙස සිනාසෙන්න පටන් ගත්තා.

"ඇයි ඔයා එහෙම කලේ?" ගියා  විඩාවෙන්  සහ කේන්තියෙන් නස්රුදීන් ගෙන්  ඇහුවා.

නස්රුදීන් සිනහ වෙමින්  ,තද සිනහව නිසා ආ කඳුළු පිසදමමින්

"මට අවශ වූයේ සමහර විට අප දරන බර , ඔබ  සිතන තරම් බර නොවන බව පෙන්වීමටයි .  

අපගේ වගකීම අන් අයට කිරීමට ඉඩ නොදී අපේම බර උසුලන එක වඩාත් සුදුසුය." නේද ? කියා මගියාගෙන් ඇහුවා.

 තවමත් කලකිරුණු මිනිසාට නස්රුදීන්ගේ  ප්රඥාවට  සිනහා නොවී සිටීමට නොහැකි ුනා.

දා ඉදන් , යමෙකු අධික බරක් සමඟ පොරබදමින් සිටිනු දුටු විට, ඔහු නස්රුදීන්ගේ පාඩම සිහිපත් කර වඩාත් කල්පනාකාරී ආකාරයකින් උදව් කිරීමට ඉදිරිපත් විය.

අනුන්ගේ බර කරට ගන්න යන කොට වඩාත් කල්පනාකාරීවෙන්න ඕන. බැරි බර කරට ගත්තොත් ගෝඨාට වෙච්ච දේ කතා දාන අයටත්  සිද්ධවෙයි කියලා මට හිතුනා.

A day in the life

සිංහ කොඩියේ සිංහයාණෙනි !










 

සිංහ කොඩියේ සිංහයාණෙනි
ඉහළ අහසේ සුළං පහරින්
නැළවි නැළවී ලෙළෙන රුව දැක
වස් කවියකින් කපා පුහුලක්
අතට දෙමි කසයක් .
පිටුවහල් කර සිංහලේ රජු
ගතු කියා සුද්දන්ට කත් ඇද
අදත් උන් උන් මරා ගන්නා
නිවටයින් ගෙල තදින් මිරිකා
කස පහර දීපන්.
හිරවෙලා ඔය කොඩිය ඇතුලේ
වගතුවක් නෑ ගමට පලයන්
කැලෑ වනසන එවුන් සොයලා
කස පහර දීපන් .
එකම සීමා මායිමක් තුළ
ජාති කුල ගොත් වලට බෙදමින්
පාට පාටින් කොඩිය හැඩකළ
ජාතකේ වරදවා ගත් අය
වන්නාවෙ දිය කෙළින රඟ බල
එවන් ඉස් ගෙඩියන්ට වැරගෙන
කස පහර දීපන්.
කඩුව නුඹගේ කොස් කොටන්ටද
කිරුළ කටුගෙයි දමා ඇතිකොට ..
යල මහට අටු කොටු පුරන්නට
දියවරෙන් විදුළිය තනන්නට ..
උපන් හපනුන් සිහසුනට ගෙන
කඩුව උන් අත තබාපන්.
රෝ.සි.



A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon