මං මුලාවී පාර හොයා ගෙන
හසරක් අසමින් යන ගමනේ
මංමුලාවු සමනලියකගෙනි
පාර අසා තිබුනේ
මං මුලාවී පාර හොයා ගෙන
හසරක් අසමින් යන ගමනේ
මංමුලාවු සමනලියකගෙනි
පාර අසා තිබුනේ
ඇයත් නොදන්නිය
ඇය යන මානය
උන් හිටි තැන්
මතකය අඩමානය
ඇයත් නොදන්නිය
ඇය යන මානය
උන් හිටි තැන්
මතකය අඩමානය
පාර කියන්නේ
කෙලෙසද මා හට
ඇයට පාරක්
ඇති නැති ගානය
මං මුලාවී පාර හොයා ගෙන
හසරක් අසමින් යන ගමනේ
මංමුලාවු සමනලියකගෙනි
පාර අසා තිබුනේ
මං මුලාවී පාර හොයා ගෙන
හසරක් අසමින් යන ගමනේ
මංමුලාවු සමනලියකගෙනි
පාර අසා තිබුනේ
අප හමුවුයේ මංදැයි
නොදිනිමි
පාර ඇසුයේ ඇයිදැයි
නොකියමි
අප හමුවුයේ මංදැයි
නොදිනිමි
පාර ඇසුයේ ඇයිදැයි
නොකියමි
අපේ ගමන අද
නවතිනු හැකිනම්
අප යන ගමනද
අද මෙතනින් නිමි
මං මුලාවී පාර හොයා ගෙන
හසරක් අසමින් යන ගමනේ
මංමුලාවු සමනලියකගෙනි
පාර අසා තිබුනේ
මං මුලාවී පාර හොයා ගෙන
හසරක් අසමින් යන ගමනේ
මංමුලාවු සමනලියකගෙනි
පාර අසා තිබුනේ
![]() |
අට වසරකට පෙර නිහඩවු කම්පන වෙනුවෙනි. |