2019 ජනාධිපතිවරණය ගම්පහ දිස්ත්‍රික්කය ගෝඨාභය රාජපක්ෂ - ඡන්ද 855,870 (59.28%) සජිත් ප් රේමදාස - ඡන්ද 494,671 (34.26%) කළුතර දිස්ත්‍රි...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.
1.උග්ගට්තඤ්ඤ.
2. විපටිතඤ්ඤ.
3.ඤෙය්‍ය .
4.පදපරම.
මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.
දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.
තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.
පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.
තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .
ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )
තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )
තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )
තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව
...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?
!doctype>
2019 ජනාධිපතිවරණය ගම්පහ දිස්ත්‍රික්කය ගෝඨාභය රාජපක්ෂ - ඡන්ද 855,870 (59.28%) සජිත් ප් රේමදාස - ඡන්ද 494,671 (34.26%) කළුතර දිස්ත්‍රි...
මේ කතාව යෝගට් ගැනයි මේ ලඟදි මම ලංකාවේ යෝගට් කර්මාන්තශාලාවකට ගියා. එතනදි මට මුන ගැහුනා කිරි නිශාපාදන සමග ලොකු සම්බන්දයක් තියෙන... ලොකු පලපු...
ඇලපාත හාමුදුරුවෝ තම සිවුරු හැර ගිහි ජීවිතයට පැමිණියේ ගජමන් නෝනාගේ ගෘංගාර කවි පිළිතුරු නිසා බවත් සමහර ජනප්‍රවාදවල කියවෙනවා. ඇලපාත මුදලි කෙසේ ...