Friday, December 24, 2021
අපි සහ විජය
notes of imaginary "අප විජයගෙන් පැවතෙන්නමෝ වෙමු" යැයි යන්න ප්‍රකට මතයයි.
මට අනුව නම් එය මහානාම හිමියන් විසින් විරචිත ෆික්ෂනයකි.
එය ඇත්තක් නම් අප ලැජ්ජා විය යුත්තමෝ වෙමු.
මන්දයත් ,
විජය වූ කළී සිංහබාහු සිහ සීවලී සොයුරු සොයුරියන් නොහොත්
සහ උදරයන්ගේ දරුවන් වන්නෙමු.
එමතු නොව ඔවුහ තිරිසන් මිනිස් සංවාසයක ප්‍රතිඵලයක් වන්නාහුය.
එම මව කුළ කාන්තාවක් වන මුදු
හිතුවක්කාරියක වෙයි.
දෙමාපිය අණ නොතකා අයාලේ ගිය එකියක වෙයි.
තිරිසනෙකු සමඟ සහවාසයේ යෙදුනේද වෙයි.
අනික විජය වනාහී මවු රටෙන් පිටු වාහල් කරන ලද්දෙකි.
මෙරටට සහ පිරිවර සමඟ එන විජය
ස්වදේශික කාන්තාවක් සමඟ පෑහී
ඇගේ ඥාති සමුහයා මරා දමන්නේ
ඔවුන් නිරායුධව සිටින මොහොතකය!
මෙම කතා පුවත හය වැනි සියවසේ රචිත මහනොම හාමුදුරුවන්ගේ
අතේ රෝලකි.
උන් වහන්සේ මහා වංශය රචනා කරන්නේ
ඉතිහාසය ලියා තැබීමට නොව
දුටු ගැමුණු "පොර"කිරීමටය.
ප්‍රශ්ණය සිංහල ජාතියේ උපත පිළිබඳව
මීට සියවස් හතරකට පමණ පෙර ලියැවී ඇති
තවත් පොතක් ඇතද,
එය මතු නොවීමය.
"දිව්‍ය දානය" එම කෘතියයි.
එහි එන කතා පුවත කෙටියෙන් මෙසේය.
එක් රටක "සිංහල"නම් නරපතියෙක් විය.
ඔහුට එම නමින්ම යුත් පුතෙකු විය.
මෙ පුතාට විදේශ වෙළඳාමේ යෙදෙන්නට සිතෙයි.
එය පියාට පවසයි.
පියා පවසන්නේ තමා ඉපයූ ධනය
මියෙනතුරු ජීවත් වීමට සෑහෙන බැවින්
වෙළඳාමේ යාම නොකළ යුතු බවයි.
නමුත් තම මතයේම එල්බ ගන්නා සිංහල කුමාරයා
තවත් වෙළඳුන් පිරිසක් සමඟ
මෙරටට පැමිණේ.
මෙරට කුමරියක සමඟ අවාහ වන ඔහු
නව ජෙනරේෂනයක් අරඹයි.
එහි වසන යක්ඛ,නාග,දේව,ආදී ගෝත්‍රිකයන් සමඟ
එකඟතාවයකට පැමිණ "සිංහල රට"නමින් නාමකරණය කරයි.
මෙම කතා පුවත් දෙකෙන් මම විස්වාස කරන්නේ
දිව්‍ය දානයේ එන දෙවන කතා පුවතයි. ***** කමල් පී අලහකෝන් මහතාගේ අදහසකි . Wednesday, February 10, 2021
පිලේ පැදුර හේනට අරගෙන යනවා
පිලේ පැදුර හේනට අරගෙන යනවා
එලා පැදුර එහි මැස්සේ සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා
ඉර පායා ඉර අවරට ගියදෝ
සද පායා සද අවරට ගියාදෝ
හැඩු කදුළු මුහුදට එක්වුනාදෝ
හැඩු කදුළු මුහුදට එක්වුනාදෝ
ළමා ලපටි නෑනා කොයි ගියාදෝ
ඔබේ කරට මල් මාලා ගොතන්නට
මදු මල් පිපෙනවා හේනේ වැට දිගට
ඔබේ
කටින් ගී සීපද අහන්නට
ඔබේ කටින් ගී සීපද අහන්නට
තවමත් ගිරව් එනවා පෙර පුරුද්දට
පිලේ පැදුර හේනට අරගෙන යනවා
එලා පැදුර එහි මැස්සේ සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා
-ආචාර්ය
අමරදේව
Wednesday, July 08, 2020
හන්තාන සිහිනය . ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේව
බලා වැලපිලි
නෙලා ගනු බැරි
හන්තාන සිහිනේ..
දරා නෙත් අග
ගලා සිත් මග
ගොතනු මැන
ලදුනේ
සංසාර
සිහිනේ................
වැහි පබළු
යට
රග මඩල මැද
ඔබේ දෑතේ තුරුළු
වන්නට
බිසෝ හැර
ගිය
ලසෝ රග හල
අමාවක අදුරේ
නොයනු මැන
ලදුනේ..............
බලා වැලපිලි
නෙලා ගනු බැරි
හන්තාන සිහිනේ..
දරා නෙත් අග
ගලා සිත් මග
ගොතනු මැන
ලදුනේ
සංසාර
සිහිනේ................
වඩිනතුරු සද
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම්
ගී ගයන්නම්
සොදුර ඒ සද
දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ
හන්තාන අරනේ...............
හ්ම්...............
හ්ම්...............
හන්තාන සිහිනේ...................
notes of imaginary
Tuesday, June 16, 2020
උදම් රල ඔබ උදම් විය යුතු නැහැ
උදම් රල ඔබ උදම් විය යුතු නැහැ
ගෙන ගියේ ඔබ මුහුදු පතුලට
රැගෙන යා යුතු අය නොවේ
උදම් රල ඔබ උදම් විය යුතු නැහැ
පන අදිද්දී තමන්ගේ උන්
පැළදි කණ කර ඉරාගෙන ගිය
හරන්තිකයන් ඉතිරි කර වෙරළේ
අහින්සකයින් ගෙන ගියා වතුරේ
උදම් රල ඔබ උදම් විය යුතු නැහැ
ගෙන ගියේ ඔබ මුහුදු පතුලට
රැගෙන යා යුතු අය නොවේ
උදම් රල ඔබ උදම් විය යුතු නැහැ
වැළපෙනා බෝසතුන් දන් දුන්
නිදන පැදුරත් සොරා ගෙන ගිය
අමනයින් රැල තබා අප අතරේ
අහිංසකයින් ගෙන ගියා වතුරේ
උදම් රල ඔබ උදම් විය යුතු නැහැ
ගෙන ගියේ ඔබ මුහුදු පතුලට
රැගෙන යා යුතු අය නොවේ
උදම් රල ඔබ උදම් විය යුතු නැහැ
අමරසිරි පිරීස් ගේ ගායනයක්
Monday, May 18, 2020
පොතුවිල් මුහුදු මහා විහාරය. දෙවන කොටසක්.
මුහුදු මහා විහාරය.
මතුගම සෙනෙවිරුවන් ගේ වියමනක්.සිංහල බෞද්ධයන්ගේ අද්විතීය වන්දනා ස්ථානයක් වන පොතුවිල් මුහුදු මහා විහාරය කාලයක් තිස්සේම අන්‍යාගමිකයන්ගේ අතවරයන්ට ලක්ව වැනසුණු පුදබිමකි. මහා දාඨිකමහානාග නොහොත් මහදැළියාමානා රජු විසින් ඉදිකරන ලදැයි සැලකෙන මෙම විහාරය වටා තිබෙන ඓතිහාසික නටබුන් රාශියකි. නැගෙනහිර පළාත ලන්දේසීන් විසින් සිය සමාගමේ ආධිපත්‍යට ගැනීමෙන් පසු මෙවැනි ස්ථාන රැසක් අනතුරට පත් විය. මේ ප්‍රදේශවල සිංහල ජනගහනය ක්‍රමයෙන් තුනීව ගියේය.
රජයේ ජන සංගණන වාර්තා නිරීක්ෂණය කරන කල්හි මේ බැව් දත හැකිය. කෙසේ වෙතත් සේරුවිල ඓතිහාසික චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ අදිටනින් දකුණේ සිට නැගෙනහිරට ගිය සිංහල වාණිජයන් නිසා මේ පෙදෙස් යළි පිබිදෙන්නට වූයේය. ඒ පිබිදීම අඩපණ කරමින් නැගී සිටි දෙමළ ත්‍රස්තවාදය නිසා වාණිජ ආධිපත්‍ය දැරූ සිංහලයන්ට අවතැන් වීමට සිදු විය. මුහුදු මහා විහාරය පමණක් නොව නැගෙනහිර සියලූ ඓතිහාසික සිද්ධස්ථානයන් අවදානමකට ලක් වන්නේ එතැන් සිටය.
මුහුදු මහා විහාරය ඇතුළත් භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසට ගැසට්ටුවකට නැගෙන්නේ 1951 වර්ෂයේ දීය. ඒ අක්කර හැත්තෑදෙකකුත් රූඞ් තුනකුත් පර්චර්ස් දහතුනක භූමියක් වෙන්කරලමිනි. මතුපිට පවතින පුරාවස්තු සලකා බලමින් නිකුත් කරන ලද එම ගැසට්ටුවෙන් පසුව 1965 දී නැවත වෙනස් කොට අක්කර 30 කුත් රූඞ් තුනකුත් පර්චර්ස් දහතුනක් වන පිරිදි නැවත සංශෝධනය වී තිබේ. ඒ කුමන හේතුවක් නිසාදැයි දක්වන කිසිදු වාර්තාවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව නැත. 1975 වර්ෂයෙන් පසුව හිටපු පුරාවිද්‍යා කොමසාරිස් රාජාද සිල්වා මහතා ගේ මූලිකත්වයෙන් මුහුදු මහා විහාර භූමියේ කරන ලද කැණීම්වල ප්‍රතිඵලයක් වශයෙන් අතිවිශේෂ පිළිමගෙයක් මතු කර ගැනීමට සමත් විය. මෙම පිළිම ගෙය අනුරාධපුරයේ පසු භාගයට අයත් සහ මුල් භාගයට අයත් බවට හඳුනා ගන්නට යෙදුණි. එයට අමතරව පොතුවිල මුහුදු තීරයේ වූ වැල්ලෙන් වැසී ගිය නටබුන් වූ දාගැබ් දෙකක් ද හඳුනා ගන්නට යෙදුණි. රාජ ලීලාවෙන් සිටින බෝධිසත්ව ප්රතිමාවක්ද මෛත්‍රී බෝධිසත්ව පිළිමයක්ද මෙම පිළිම ගේ තුළ තිබෙන අතර ඒවා කැණීම් වලින් පසුව සංරක්ෂණය කරන්නට යෙදුණි. බුදු පිළිමයේ හිස කිසියම් පුද්ගලයෙකු විසින් ගලවා ගෙන ගොස් තිබූ අතර එය මෙහි සිටි පුරාවිද්‍යා මුරකරු වන මජීඞ්ගේ ගෙයි ළිප් ගලකට ගෙන ඇති බව පසුව සොයා ගැනීමට හැකි විය. 1978 වර්ෂය වන විට මෙහි තහවුරු කිරීම අවසන් වූ අතර පිළිම ගෙයට යාබද සීමා පවුර ද ලකුණු කොට තිබුණි.
පුරාවිද්‍යා රක්ෂිතය භාරව සිටින මුස්ලිම් මුරකරු වරක් විහාරාධිපතිව වැඩසිටි පූජ්‍ය කතරගම සිරිරතන හිමියන්ට අඩන්තේට්ටම් කිරීම සඳහා මුස්ලිම් පිරිසක් උසිගන්වන ලදහ. බුද්ධ ප්‍රතිමාවට පළන්දන ලද සිවුර ගලවා වීසි කළහ. මේ ආකාරයට කොටි ත්‍රස්තවාදී සමයේ හුදකලා වූ මුහුදු මහා විහාරය සතු ඉඩ කඩම් වලින් අක්කර නවයක් ජය භූමි පැවරුම් මගින් මුස්ලිම් වරු සන්තක කිරීමටද ප්‍රාදේශීය ලේකම් වරයා ගත් පියවරට එරෙහිව කිසිවෙක් ක්‍රියා නොකළහ. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපතිනිය ලෙසට කටයුතු කළ වකවානුවේදීය. එතුමියගේ අත්සනින් යුතු ජයභූමි ඔප්පු ගත් මුස්ලිම් ජන කොටස් දිගින් දිගටම මෙම ඓතිහාසික භූමිය ආක්‍රමණය කරමින් සිටී. කතරගම සිරරතන හිමියන්ගෙන් පසුව මෙහි විහාරාධිපති ධූරයට පත් පූජ්‍ය වරකාපොළ ඉන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේ මුහුදු මහා විහාරයේ දියුණුව උදෙසා විශාල වැඩ කොටසක් ඉටු කර ඇත.
ඒ අතර 2012 වර්ෂයේ දී දිනක් මුස්ලිම් පිරිස මෙහි පැමිණ වැල්ලට යටව තිබූ පැරණි චෛත්‍යය ඩෝසර කිරීම නිසා මහත් කලබගෑනියක් ඇති විය. මේ තත්ත්වය තුළ රජයට තවත් කරබාගෙන සිටිය නොහැකි විය. අම්පාර දැයට කිරුළ උත්සවයට සමගාමීව මුහුදු මහා විහාරය සංවර්ධනය ආරම්භ කරන ලද අතර අභිනවයෙන් බුදු මැඳුරක් ද එයට ප්රවිශ්ඨ විය හැකි නව මාවතක්ද විවෘත කරන ලදහ. මෙයට හේතු වූයේ මුහුදු මහා විහාරයට ප්රවිශ්ඨ වීමට තිබූ පැරණි මාවත දෙපස ඉඩම් අල්ලා ගෙන යන එන වාහන වලට කරදර පැමිණවීමට කටයුතු කිරීමයි. අලූතෙන් මාවතක් ඉදිවී විහාරස්ථානය සංවර්ධන වීම නිසා කෝපයට පත් මුසල්මානුවන් යළිත් වරක් සංවිධානය වී ආවාස ගෙයට ගිනි තබන ලද්දේය.
යහපාලන රජය සමයේ දී රනිල් වික්‍රමසිංහ මහතා දුන් නියෝගයක් නිසා උතුරු සහ නැගෙනහිර පුරාවිද්‍යා ගවේෂණ කටයුතුද ගැසට් කිරීමේ කටයුතු ද අත්හිටුවින. ඒ යුගයේ දී සාම්පූර් දාගැබ තිරුකෝවිල් සහ සාගම දාගැබ් ඩෝසරයට යට කරන ලද්දේ අන්තවාදීන්ගේ ඉඩම් තණ්හාවට ඉලක්කයක් වෙමිනි. මේවායින් ලැබුණු ඇතැම් පුරාවස්තු අදටත් උසාවි වල නඩු භාණ්ඩ වශයෙන් පවතින බව මතක් කළ යුතුය. මුහුදු මහා විහාරයේ රක්ෂිතය සම්බන්ධ ගැටලූව විසඳීම පිණිස අධ්යක්ෂ ජනරාල් වරයා විසින් නීතිපති අදහස් විමසන ලද අතර 2019 දී එයට පිළිතුර ලැබුණි. නීතිපතිවරයාගේ පිළිතුර වූයේ 1965 වර්ෂයේ නිකුත් කරන ලද නව ගැසට් පත්‍රය වලංගු බවයි. කෙසේ වෙතත් 1951 වර්ෂයේදී හඳුනාගන්නා ලද මතුපිට පුරාවස්තු සියල්ල ඒ වන විට මුසල්මානුවන් විසින් විනාශ කර තිබුණි. අක්කර හැත්තෑදෙක තිහට අඩුවූයේ ඒ හේතුවෙනි. ඉන්පසු අනූව දශකයේ දී තවත් අක්කර නවයක් මුසල්මානුවන්ගේ ග්‍රහණයට ලක් වී තිබුණේ පළාතේ දේශපාලකඥයන්ගේ සහ මුස්ලිම් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අනුග්රහයෙනි. ඒවායේද මතුපිට පවතින පුරාවස්තු කිසිවක් ඔවුන් ඉතිරිකර තබා නැත.
වත්මන් රජය පත් කිරීමට මූලික හේතුවක් වූයේ මෙරට ජාතික උරුමය සංරක්ෂණයට ආරක්ෂාවට ලැබෙන අනුග්‍රහය පිළිබඳ විශ්වාසයකිනි. කූරගල සහ මුහුඳු මහා විහාරය වැනි තැන් සංවර්ධනය වන්නේ ඒ අනුග්‍රහය නිසා බව බහුතරයකගේ අදහසයි. එහෙත් ඒ තත්ත්වය සැම තැනකම දක්නට නැත. පුරාවිද්‍යා කටයුතු පිළිබඳ නැගෙනහිර කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබෙන්නේද පෙර කී අරමුණු සාක්ෂ්යාත් කර ලීම පිණිසමය. වත්මන් රජය යටතේ මුහුදු මහා විහාර භූමිය නැවත ගවේෂණය කරන ලද අතර එහි වාර්තාව 2020 ජූලි මස 21 දින නිකුත් වී ඇත. එම වාර්තාව ප්‍රකාරව මුසල්මානුවන් වෙත ලබා දී තිබූ ඉඩම්වල භූ අභ්‍යන්තර ගවේෂණයක් නවීන තාක්ෂණය යොදා කිරීමට යෝජනා වී තිබුණි. නමුත් වර්තමාන දේශපාලන තත්ත්වය මත යළිත් මුස්ලිම් බලවතුන්ගේ දේශපාලන කප්පම් වලට වත්මන් ආණ්ඩුව යටවීමේ ප්රවනතාවක් ඇති වී තිබේ යැයි සැකයක් මතු වී ඇත. පොතුවිල් මුස්ලිම් මන්ත්‍රීවරයෙකු ගේ බලපෑම මත දැන් මුහුදු මහා විහාර භූමිය නිරවුල් කිරීමේ කටයුතු නැවතත් මුල් තත්ත්වයට පත් වී තිබේ. මෑතකදී ආරක්ෂක ලේකම්වරයාගේ මූලිකත්වයෙන් පැවති රැස්වීමකදී ප්‍රකාශ කොට ඇත්තේ මුසල්මානුවන් විසින් අල්වා ගෙන ඇති භූමිය පුරාවිද්‍යා රක්ෂිතයෙන් ඉවත් කිරීමට කටයුතු යෙදීම සුදුසු බවයි. එම තීරණය ගත යුතු ද නැතිද යන්න තීරණය කළ යුත්තේ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් වරයා වුවද ආරක්ෂක ලේකම් වරයාට ඒ බලතල ලබා දුන්නේ කවුරුද යන්න විමසිය යුතුය. පොතුවිල් මුහුදු තීරය ආරක්ෂාව අතින් අතිශයින් සංවේදී ප්රදේශයකි. ඒ ගැන නොසලකා මුසල්මානුවන් වෙනුවෙන් හිත උණුකර ගන්නා පුද්ගලයන් පිළිබඳ අපට නැවතත් සිතා බැලීමට සිදුවන්නේ යැයි මෙහිදී සඳහන් කළ යුතුය.
මතුගම සෙනෙවිරුවන්
මුහුදු මහා විහාරය දේශපාලනික වෙලා.
වපසරිය පිලිබදව වචනෙන් දෙකෙන් පලකරන අදහස් මුණු පොතේ
එහාට මෙහාට යනවා.
පුන්නක්කු සාඩින් වහල්ලු මේ කී නොකී හැම දෙනාම කර්කෂක
වාක්‍ය පොල්ලෙන් ගැහුවා වගේ අත හරිනවා.
මගේ උගත් මිත්‍රයෝ සහෝදරයෝ කීප දෙනෙකුත් මේකට
හවුල් වෙලා ඉන්නවා මම කියෙව්වා.
මට දුක හිතුනා අපේ උරුමය ගැන මේ ඇත්තෝ
ඇයි දේශපාලන පිල් බෙදා ගෙන පිලිකුල් ලෙස මරා ගන්නේ කියලා
මම 2011 ඔක්තෝම්බර් මාසේ කරන ලද සංචාරකයින්
පස්සේ
මීදුම බ්ලොග් අඩවිය https://www.blogger.com/blogger.g?blogID=8239596016458743030#editor/target=post;postID=5284353654966504710;onPublishedMenu=publishedposts;onClosedMenu=publishedposts;postNum=316;src=postname වෙත ලියන ලද සටහනක්
මේ තියෙන්නේ.
“පොතුවිල් මුහුදු මහා විහාරය. නැගණහිර පලාතේ පොතුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පොතුවිල් මුහුදු තීරය මායිම් කර ගෙන වැල්ල ආසන්නයේම පොතුවිල් මුහුදු මහා විහාරය පිහිටා තිබේ .
පොතුවිල් නගරයේ සිට ආරුගම්බොක්ක දෙසට කිලෝමීටරයක් පමණ දුර පැමිණ වමට හැරී කුඩා පාර දිගේ ගමන් කිරීමෙන් මෙම පූජනීය ස්ථානයට පැමිණිය හැකි ය.
මේ පුද බිමේ ඉතිහාසය දුටුගැමුණු රාජ්‍ය යුගයෙන් ඇරඹේ. අතීත කතාව ඇරඹෙන්නේ එකල සුනාමි තත්වයක් ඇතිව මුහුද ගොඩ ගැළු අවස්ථාවේ දෙවියන් කෝපව එසේ සිදුවු යයි මතයක් ඇතිවීම නිසා දේව කෝපය පහ කරගැණිමට විහාර මහා දේවිය නැවක් සකස් කර එයට නන්වා මුහුදේ පා කිරීමෙන් දෙවියන්ට කැප කිරීමෙනි. මුහුදට බිලිවන්නට ගිය විහාර මහා දේවිය කිරින්දට පාවී ආවත් ගොඩ බසින්ට සුදුසු මුහුදු තීරයක් නොවු හෙයින් යලි මුහුදට පාවී ගිය ඇය සහිත නැව යලි වෙරළ තීරයට පාවී ඇවිත් ඇත්තේ පොතුවිල් ප්‍රදේශයේ අරුගම්බොක්කට (අරුගම්බේ ) යයි කියවේ.
කලක ඇය ගොඩ බට ස්ථානයේ ඉදිවු පුන්‍ය භුමිය මුහුදු මහා විහාරය බවට පත්වී ඇත.
මේ විහාරස්ථානයේ නටබුන් අතර සෙල් ලිපියක් මෙන්ම බුදු පිළිම වහන්සේ නමක් ඉදිරියේ සිටින කාන්තා සහ පිරිමි පිළිම යුවලක් ගලින් නෙලා ස්ථාපනය කර ඇත.
මෙම ගිහි යුවල කාවන්තිස්ස රජු සහ විහාර මහා දේවිය යයි සැලකේ.
1964 වසරේ පුරා විද්‍යා භුමියක් ලෙසට ප්‍රකාශිත මෙම විහාර භුමියට අයත් භුමි භාගය අක්කර සිය ගණනක් විය හැකි වුවත් අද නම් ඉතා කුඩා ශුමි භාගයකි.
මෙවැනි විහාර භූමි මංකොල්ලයක් මීදුම කන්දරොඩෙයි විහාරය (යාපනය ) සහ කූරගල (බලන්ගොඩ) දී දැක ඇත්තෙමි.
මුහුදු මහා විහාරයේ නටබුන් වෙරලෙන් ඔබ්බට මුහුද තුලත් ඇති බව මීදුම කියවා ඇත.
මේ තොරතුරු තහවුරු කර ගැණිමට මුලාශ්‍රයන් නැතිවුවත් ප්‍රතිචාර තුලින් අදහස් පල වෙනු ඇතැයි මීදුම බලාපොරොත්තුවේ.
ශ්‍රී ලාංකිකයෝ ලෙස මෙවැනි ඓතිහාසික ස්ථානයන් සුරකීමට ආගම් ජාති පටලවා ගත යුතු නැති බව
මිදුම අදහස් කරයි.””
අන්තර් ජාලයට පිවිසෙන්න මීට වඩා තොරතුරු දැන් තියෙනවා.
notes of imaginary
Thursday, May 07, 2020
කිනිතුල්ලෝ
කොවිඩ් 19 ත් එක්ක
දැන් දැන් මාතෘකාවට එන්නේ
මැතිවරණය.
කවද හරි මැතිවරණය තිබ්බා කියමුකෝ.
කාටද අපි ඡන්දේ දෙන්නේ ?.
වියතුන්ට දූෂිතයින් නොවන
ඔය වගේ නිර්නායකයන් එක එක්කෙනා කතා බහට එක්
කරනවා.
මට පරණ කතාවක් මතක් වෙනවා.
මේක ඊෂොප්
කිව්ව කතාවක් කියලයි කියන්නේ.
ඊෂොප් ග්‍රීසියේ ක්‍රි.පු අටවන සියවසේ පමන
ජීවත්වු
උපමා කතා කරුවෙක් ලෙසත් සැලකෙනවා.
-එක් දිනක නරියෙක්
ගංවතුරකට අසුව ගැඹුරු දිය පහරකට අසුවෙනවා.
නරියාගේ ඇගේ වසා ලේ උරා බී
තරවුන සිටි කිනිතුල්ලන් පොකුරක්
ජලයේ ගිලී නොමැති උගේ පිටමතට එක් වෙනවා
නරියා වෑයමෙන්
ජලයෙන් ගොඩ වෙනවා.
මෙතනට පැමිනෙන ඉත්තෑවෙක්
නරියා ගෙන් විමසනවා
“
යාළුවේ. මම කිනිතුල්ලන් පොකුර ගලවාදමන්නද ?” කියා.
“එපා යාළුවා.
මේ කිනිතුල්ලන් රෑන මගේ ඇගේ ලේ උරා බී තර වෙලා
ඉන්නේ.
මුන් ටික ගැලෙව්වොත්
තවත් කිනිතුල්ලන් රෑනක් මගේ ඇගට ගොඩවී
ලේ උරා බොන්න පටන් ගනීවී.
දැන් ඉන්න කිනිතුල්ලන් ලේ බී තරවී සිටින නිසා
උන් ලේ බොන්නේ අඩු වේගයකින්.
අළුතින් එන අය එන්නේ හාමතේ
උන් තරවෙන තෙක් වැඩි වේගයකින් ලේ බොන්න පටන්
ගනීවී.
ඒ නිසා ඔය කිනිතුල්ලෝ ටික ඔහොමම හිටියාවේ.”
ඉත්තෑවා “එකත් ඇත්ත තමයි යාළුවා ”
කියලා සමුගත්තා.
අළුත් අළුත් නිර්නායකයන් මොකටද ?
පරන කිනිතුල්ලන් ටිකටම ලේ උරා බොන්න ඉඩ දෙමු.
එතකොට හාණිය අඩුයි.
මම හිතුවා.
notes of imaginary
Tuesday, May 05, 2020
වෛරසයත් සුන්දර දහමක්
කොරෝනා - කොවිඩ් 19.
වේදනාකාරිය.
සහාසිකය.
මරාන්තිකය.
කොවිඩ් 19
ලෝකයම උඩු යටිකුරු කලා
කොවිඩ් 19 මානවයාගේ ඇවතුම් පැවතුම්
මොහොතකින් වෙනස් වු මානයකට රැගෙන ගියා.
අපි මරණයෙන්ම පටන් ගතහොත්........
අපේ අවමංගල්‍ය උත්සව රටාව සහ මුලින්ම
වෙනස් වුනා.
දවස් ගනන් නිදි මරමින් බතින් බුලතින්
සංග්‍රහ කරමින්
නැති ආටෝපයක් මවා පෑ
අවමංගල්‍ය කටයුතු එක් රැයකින් නිම
කරන්නට තරම්
කොවිඩ් 19 මග පෙන්වා දුන්නා.
සිය ගනන් පිරිවර මැද
නිසරු නාස්තියක අරුමය විදි
විවාහ මංගල්‍ය උත්සව
පවුලේ කිහිප දෙනෙක්ගේ සහභාගිත්වයෙන්
යුතු
සරල උත්සව බවට පත්වුනා.
කොවිඩ් 19 ට හැර වෙනත් කිසිවෙකුට මෙය
කළහැකි ද ?.
රාජකීයන් රාජ්‍ය පාලකයන් සාමාන්‍ය අසමාන්‍ය ජනතාව
කියා වෙනසක් ජාති ජරා ව්‍යාධි මරණයන්ට
අදාල නැති බව
බුදු හාමුදුරුවෝ කියලා දීලා තිබුනා.
ඒත්.....................ඒ ධර්මතාවය
නැවත සිහිපත් කලේ කොරෝනවායි.
කෙලෙස් පිරිණු ලෝකය
නිසරු ජීවිත ගත කල මානවයන්
බොරුව ජීවිකාව කර ගත්
දේශපාලනඥයන් ඇතුළු වෘත්තිකයින්
අකුසල සමාජ ගත කරන
මත්පැන් හල් සමාජ ශාලා
කී නොකී අකුසල් වපුරන මේ සියළු දෑ
කොවිඩ් 19 විසින් නිහඩ කරනු ලැබුවා.
කෙලෙස් බර ඔජාරේ ගලන ලෝකයට
කොවිඩ් 19 වෛරසයක්
බුදුහාමුදුරුවන්ගේ දේශනා තුලින්
කොවිඩ් 19
දකින කෙනෙකුට
වෛරසයත් සුන්දර දහමක්
notes of imaginary
Friday, March 20, 2020
පුංචි පුතා නිදියනවා.
ඔන්න බබෝ ගුරු එනවා - අඩන ලමයි අල්ලනවා
අල්ල අල්ල විකුණනවා - විකුණ විකුණ රා බොනවා “
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා
අතට වෙරළු ඇහිදගෙනේ
ඉනට පලා නෙලා ගෙනේ
බරටම දර කඩා ගෙනේ
එයි අම්මා විගසකිනේ.
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා
බෝනික්කා නිදියනවා.
සුදු නංගා නිදියනවා
මල් ගවුමේ මල් පිපිලා
මල් මැද්දේ නිදියනවා
අම්මා ගියා පොලේ නගේ
අප්පා ගියා පහල වෙලේ
සීයා ඇවිත් අරන් ගියේ
අක්කා හැදූ සරංගලේ
සුදු ගවුමක් අන්දාලා
දූ යනදා ස්කෝලේ
ලේන්සුවේ මල් මහලා
එල්ලන්නම් හැඩ දමලා
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා
සුදු මාමා ගේ සුදු වස්සා
කිරි බීලා උඩ පැන්නා
පිලිකන්නේ බළුකුක්ා
කිරි ඉල්ලා මට බිරුවා.
පූසී පැටව් කිරි බීලා
අම්මා වටේ නිදියනවා.
අම්මා ඇවිත් කිරි දුන්නා
මගේ පුතත් දොයියනවා.
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා
සුදුම සුදුයි වලා කුලේ
නිදියනවා පුතා මගේ
ඈත හදේ හා පැටියා නිදියනවා පුතා වගේ
තරු නිවිලා නිල් අහසේ
නිදියනවා පුතා මගේ
මට පැටියා ඇහැරෙනවා
හෙට උදයේ මලක් වගේ.
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා
notes of imaginary