Sunday, December 24, 2023

මොළදණ්ඩේ කුමන්ත්‍රණය



කීර්ති ශ්රී රාජසිංහ රජු මරා රටේ බලය අල්ලන්න හැදූ
මොළදණ්ඩේ කුමන්ත්රණය
සියමෙන් හාමුදුරු නමක් ගෙන්වා බණ කියන ගමන් රටේ රජතුමා මරා දමා රාජ්ය පැහැර ගැනීමට භික්ෂූන් වහන්සේලා හවුල්වී කළ කුමන්ත්රණය ‘‘මොළ දණ්ඩේ කුමන්ත්රණය’’නම් විය. ලංකාවේ අවසාන සංඝරාජ, අසරණසරණ පිණ්ඩපාතික වැලිවිට සරණංකර සංඝරාජ හාමුදුරුවන් වහන්සේ සහ මල්වත්ත විහාරයේ තිබ්බොටුවාවේ සිද්ධාර්ථ හිමියන් පවා මෙම කුමන්ත්රණයට හවුල්ව සිරගත විය.මෙම කුමන්ත්රණය නිසා එක් අයකු හිස ගැසුම් කෑ අතර තුන් දෙනෙකු උලතබා ඝාතනය කෙරිණ.මෙය කුමන්ත්රණය ක්රි.ව.1760 වර්ෂයේ සිදුවිය.මෙම සිදුවීම රාජාවලිය ඇතුළු ඉතිහාස පොත්වල සඳහන්ව ඇතත් හොඳම විස්තරය ලියා ඇත්තේ සැමුවෙල් ලැනරෝල් ලියූ CEYLON ANTIQUARY AND LITERARY REGISTER නමැති ග්රන්ථයේය. එල්.එස්. දේවරජා මහතා ලියූ THE KINGDOM OF SRI LANKA නමැති ග්රන්ථයේද මොළදණ්ඩේ කුමන්ත්රණය ගැන විස්තර සඳහන්ව තිබේ.
මොළදණ්ඩේ කුමන්ත්රණය ලෝකයට ගියේ සී.ඊ. ගොඩකුඹුර මහතා ලියූ ‘‘ශාසනාව තීරණ වර්ණනාවෙනි. එහි මුල් පිටපත බ්රිතාන්ය කෞතුකාගාරයේ අදත් දැකිය හැකිය. කුණ්ඩසාල කුමාරයා හෙවත් වීර පරාක්රම නරේන්ද්රසිංහ (ක්රි.ව. 1706-1739) සිංහල රජ පෙළපතේ අවසාන රජතුමා විය. ඔහු අවුරුදු තිස්තුනක් සෙංකඩගල නුවර රාජ්යකොට කාලක්රියා කළේය.
ඉන්පසු උඩරට රජකම හිමිවූයේ නායක්කර් වංශිකයන්ටයි. දකුණු ඉන්දියාවේ මදුරයි ප්රදේශයට අයත් නායක්කර්වරු මුස්ලිම් ආක්රමණ නිසා කොරමැන්ඩල් වෙරළබඩ ප්රදේශයේ පදිංචි වූ ප්රදේශ පාලකයෝ වූහ. මේ පවුල් හා විවාහ සබඳකම් ඇතිකර ගැනීම 17 වැනි සියවසේ උඩරට රාජවංශ ඉතිහාසයේ දක්නට ලැබුණකි. සිංහල රජ පෙළපතේ අවසාන රජු වීරපරාක්රම නරේන්ද්රසිංහ රජුද මදුරාපුර නායක්කර් වංශයේ කුමාරියක් බිසව කොටගෙන සිටියේය. ඒ බිසවගේ බාල සහෝදරයෙක් රජුගේ ඇවෑමෙන් ශ්රී විජය රාජසිංහ නාමයෙන් රජ විය. ඔහුගෙන් පසුව රජකමට පත්වුයේ කීර්ති ශ්රී රාජසිංහ (ක්රි.ව 1747-1780) නමැති නායක්කර් කුමාරයෙකි.
නරේන්ද්රසිංහ රජතුමා මෙසේ වඩුග ජාතිකයෙකු ලංකාවේ රජ කළේ ඇමැතිවරුන්ගේත්, එවකට සාමනේරව සිටි වැලිවිට සරණංකර හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ අනුමැතිය ඇතිවය. ඔහුට ධර්ම ශාස්ත්රය ඉගැන්වීමට බාරදුන්නේ සරණංකර සාමනේර හාමුදුරුවන්ටමය. ඒ ගැන ‘‘මන්දාරම්පුර’ පුවතේ මෙසේ සඳහන් වේ.
රජ සිරි ලැබිය යුතු දූ දරු නැති බැවින
හෙරණිඳු සහ ඇමැතියන් අදහස් ලෙසින
මදුරාපුර පිරිසිදු රජ කුලෙන් එන
සිය මෙහෙසිය සොහොවුරු පින් ගුණ නැණින
මන්දාරම් පුවත (ක්රි.ව. 1647-1702) යනු සෙංකඩගල රජ සමයේ ලියවුණ නව ඉතිහාස කාව්යයකි. සීතාවක රාජසිංහ රජුගේ කාලයේ සිට කීර්ති ශ්රී රාජසිංහ රජු දක්වා රාජ්යයේ නොයෙක් ඉතිහාස තොරතුරු මෙහි ඇතුළත් වේ.
මොළදණ්ඩේ කුමන්ත්රණය සිදුවූයේ කීර්ති ශ්රී රාජසිංහ රාජ්ය කාලයේදීය. කුමන්ත්රණයේ නිමිත්ත නම් කීර්ති ශ්රී රාජසිංහ රජතුමා මරා දමා වෙන අයෙකු රජකරවීමයි. කුමන්ත්රණ කරුවන් ලෙස ඉතිහාසයේ සඳහන්ව ඇත්තේ වැලිවිට සරණංකර හිමි, මල්වත්තේ තිබ්බොටුවාවේ හිමි,කීර්ති ශ්රී රාජසිංහ රජුගේ උප අගමැති සමනක්කොඩි (මේ නම කොටගම වාචිස්සර හිමියන් ලියූ ‘‘සරණංකර සංඝරාජ සමය’’ නමැති ග්රන්ථයේ ඇත්තේ සමරක්කොඩි අදිකාරම් කියාය) කඩුවෙලරාල, මැටින්පොල දිසාවේ ආදීහු ප්රධාන කොටගත් පිරිසකි. කුමන්ත්රණයේ නායකත්වය දැරුවේ මොළදණ්ඩේ ගජනායක නිලමේ තුමාය. මෙය මොළදණ්ඩේ කුමන්ත්රණය ලෙස හැඳින්වූයේ ඒ නිසාය.
මේ පිරිස කීර්ති ශ්රී රාජසිංහ රජතුමා මරාදමා සිහසුනෙන් පළවා හැරීමට තැන තැන සාකච්ඡා කළෝය. වරෙක මල්වත්තේ පංසලේද තව වරෙක පිට පළාත්වලද මේ රහස් කතාබස් සිදුවිය. කෙසේ වෙතත් මල්වත්ත විහාරය කුමන්ත්රණයේ මූලස්ථානය විය. සමරක්කොඩි අදිකාරම තිබ්බොටුවේ නාහිමියන්ගේ ඥාතීන් වීම මෙහි තවත් විශේෂයකි.
මෙම කුමන්ත්රණය පිළිබඳව කොටගම වාචිස්සර හිමියන් ලියූ ‘‘සරණංකර සංඝරාජ සමය’’ පොතේ මෙසේ සඳහන්ව ඇත.
‘‘... කිත්සිරි රජු බෞද්ධයෙකු වුවත් ද්රවිඩ චාරිත්රයට අනුව නළලෙහි අළුගෑම අතහැරියේ නැත. මේ ගැන නොසතුටට පත් සමරක්කොඩි අදිකාරම සහ මොළදණ්ඩේ ගජනායක නිලමේද මල්වතු විහාරයේ ඇතැම් භික්ෂූන් රජුට විරුද්ධව පෙළඹවීමෙහි සමත් වූහ. (මොළදණ්ඩේ විප්ලවය – (CEYLON ANTIQUARY)
සියම් භික්ෂූන් මෙරට උපසම්පදාව පිහිටුවා අට වැනි අවුරුද්දේ එනම් 1760 දී කිත්සිරි රජු මැරවීම සඳහා මොවුහු කුමන්ත්රණයක් කළහ. ඒ කුමන්ත්රණයේ අදහස වූයේ කිත්සිරි රජු මරවා සියමෙන් පැමිණි රාජවංශික භික්ෂුවක සිවුරු හැරවා සිරිලක සිහසුනට පත් කිරීමයි. මේ සියම්රාජ භික්ෂුව මෙහි ගෙන්වීමට ලන්දේසීන්ද උදව් වූහ යැයි සමහර ඉතිහාසඥයෝ සලකති. (ඉන්දා සහ චරඤාණ චරිතය) ‘‘ශාසනාවතීර්ණ වර්ණ’’ නම් තත්කාලීන ඉතිහාස ග්රන්ථයෙහි විස්තර වන අයුරු එය සිදු වී තිබෙන්නේ මෙසේය.
සියමෙන් විදර්ශනාචාර්යවරයෙකු ගෙන්වා ඇති බව ප්රසිද්ධ කොට ගෙනෙන ලද දහම්පොත් සතර වීදියේ පෙරහරින් වැඩමකොට උන්වහන්සේගේ ධර්මදේශනය අසනු පිණිස රජුටද ආරාධනා යවන ලදී. මෙසේ කිරීමෙන් පසු පෝය ගෙයි ගැඹුරු බොරු වළක් කණවා එහි උල් සිටුවා රජු පැමිණි පසු එහි වැටෙන සේ කටයුතු සලසන ලදී.මේ පිරිස අදහස් කළේ රජු වැටුණයින් පසු ඔහු වසා පස් දැමීමටය.
අස්ගිරි විහාරයේ යටවත්තේ නමැති නායක නමකට මෙය දැන ගන්නට ලැබිණි. ඒ තෙරණුවෝ සිවුරු හැර රජ ගෙදරට ගොස් "ගෝපාල මුදියන්සේ" නමැති රජගෙදර සිටි මුස්ලිම් මෙහෙකරුට මේ බව රහසින් දැන්වූහ. රජුට මෙය දැනගන්නට ලැබුණේ ඔහුගෙනි.(CEYLON ANTIQUARY)
ශාසනාවතීර්ණ වර්ණාවෙහි පිලිමතලාවේ නම් නිලමෙවරයෙකු රජුට මේ බව දන්වා සිටි බව පැවසේ. රජතුමා මේ ගැන දැන දැනත් මල්වත්තේ විහාරයට ගොස් බොරු වළ තිබෙන තැන ඉදිරිපිට සිටගෙන ධර්ම දේශනාව අවසන් වනතුරුම එය අසා පිරිකරද පූජා කළේය. ඊට පසු තමා අත තිබුණ ජයකොන්තයෙන් බොරුවලට ඇන්නේය. ලැබුණ ආරංචිය සත්ය බව පසක් වූ කීර්ති ශ්රී රාජසිංහ රජ වැලිවිට සඟරජුන් ඇතුළු මල්වත්තේ නායක හිමිවරුන්ද රදල මුදලිවරුන්ද රජු ඉදිරියට ගෙන්වීය.ඉන්පසු එතුමා වැලිවිට මාහිමියන්ගෙන් පින්කමෙහි තොරතුරු විචාලේය.(ශාසනාවතීර්ණ වර්ණනාව)
සඟරාජ හිමියෝ නිහඬව සිටියහ. රජතුමා යළිත් ප්රශ්න කළේය. උන්වහන්සේ රජුගෙන් බේරුමක් නැති බව දැන ඒ පින්කම ගැන දන්නා බව පැවසූහ. ‘‘...එසේ නම් මට ඒ බව කලින් නොදැන්නුවේ මන්ද?..’’ යැයි රජ කෝපයෙන් ඇසුවේය.
සරණංකර මාහිමියෝ රජුට සිය ඇඟිල්ල පෙන්නා මෙසේ කීහ.‘‘...දේවයිනි මගේ මේ ඇඟිල්ලේ නිය පිරිත්තාවට බෙහෙත් නොකරන්නේ මෙහි සිටින පණුවා මැරෙන හෙයින්ය. මම ඒ තරම්ම පර පණ නැසීමට බිය ඇත්තෙමි. ඉතින් මම මේ සිද්ධිය ගැන ඔබට දැන්වී නම් ජීවිත කීයක් වැනසෙන්නට තිබුණේද...’’ මෙසේ කියා සඟ රජුන් නැවතුණ විගස ම කිත්සිරි රජ කතා කරමින් ‘‘...එසේ නම් මා මැරුණොත් හොඳද..‘‘ යි ඇසීය. නිරපරාද සරණංකර සංඝරාජයාණන් වහන්සේ ‘‘...නොකී නිසා එයට මට වැරැද්දක්... නැතැ...’’ යි කියා සැළ කළහ.
රජතුමා නැවතත් ප්රශ්න කරමින් ‘‘...එවිට තමුන්නාන්සේගේ ගෝලයන්ට හොඳද...’’ යි කී සඟ රජුහු නිහඬ වූහ. කෝපයෙන් දිලිහුණු රජ ‘‘...වැලිවිට කණා සස්නෙ වවනවා... කියා ලෝක ශාසන දෙකම නසාපි...’’ කියා සඟරජුන් සිර කරන්නට නියම කළේය.
මේ කුමන්ත්රණයේ වරදකරු වශයෙන් සැලකුණ සරණංකර මා හිමියන් දුම්බරද, තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ බුද්ධ රක්ඛිත හිමියන් කුරුණෑගලද සිරකොට තැබූ බවද මොළදණ්ඩේ විප්ලවය ජොන්ස්ටන් නම් ඉංග්රීසි ජාතිකයෙකු සපයන ලද ලියුමක සඳහන් වේ. (CEYLON ANTIQUARY ) ඒ ලියුම්කරුගේ විස්තරය අනුව නම් මේ කෙරෙන්නට ගිය කුමන්ත්රණයේ නායකත්වය දැරුවෝ වැලිවිට සංඝරාජ හිමියෝද තිබ්බොටුවාවේ සිද්ධාර්ථ හිමියෝද වෙති. එහෙත් ඔහුගේ ප්රකාශය සම්පූර්ණයෙන් සත්යයැයි පිළිගත නොහැකි බව කොටගම වාචිස්සර හිමි ‘‘සරණංකර සංඝරාජ සමය’’ නම් ග්රන්ථයේ සඳහන් කර තිබේ.
කීර්ති ශ්රී රාජසිංහ රජතුමා බොරු වළක වට්ටවා උල්ගොඩක අමුණවා මරවන්නට තැත් කළ මොළදණ්ඩේ ගජනායක නිලමේ (රටේ රාල) කඩුවෙල රාල, මැටිහස්පොල දිසාවේ යන රදළවරුන් උලසිටුවා මැරවීය. සමරක්කොඩි (සමනක්කොඩි) අදිකාරමේ හිස ගස්සවා දමා මැරෙව්වේය. මේ බව රාජාවලියේ සඳහන්ව තිබේ. අග්රවිනිශ්චයකාර සර් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් (1811-1818) ලිපිගොනුවේද (NO10) මෙම කුමන්ත්රණය ගැන විස්තරාත්මකව සටහන් කර තිබේ. එවකට තිබූ ඕලන්ද ලියකියවිලිවලද මොළදණ්ඩේ කුමන්ත්රණය හා එහි රහස් සාකච්ඡාවල සටහන් දක්නට හැකිය. ලංකාවේ පිට පළාත්වල පන්සල්වල වැඩ විසූ සංඝයා වහන්සේලා විශාල පිරිසක් මෙම කුමන්ත්රණයට සම්බන්ධකම් පැවැත්වූ බව සඳහන් වු නමුත් උන්වහන්සේලාගේ නම් ගම් සඳහන් වී නොමැත.
කීර්ති ශ්රී රාජසිංහ රාජසිංහ රජතුමා මරාදමා ඒ වෙනුවට රජ කරන්නට සූදානම් වූයේ සියමේ රජපෙළපතේ කුමාරයෙකි. ඔහුගේ නම ‘‘ක්රොම් මුඑන් ටෙප් පිපිට් (CROM MUEN TEP PIPPIT) ය. මේ සියම් කුමාරයා එවකට සියමේ රජු වශයෙන් සිටි බොරොන්කොට් (BRON KOT 1732-1758) රජතුමාගේ දෙවැනි බිසවගේ දරුවෙකි. මේ කුමන්ත්රණය පිළිබඳ කීර්ති ශ්රී රාජසිංහ රජතුමාගේ පියා වන නාරණප්පා නායක්කාර්ටද සැළවී තිබුණි. අස්ගිරි විහාරයේ වැඩසිටි නායක හාමුදුරුවන් කෙනෙකුට කුමන්ත්රණය සැලවූ ගමන්ම උන්වහන්සේ මේ පුවත රජුට සැලකිරීමට ගියේ සිවුරු හැර දමමිනි. සැමුවෙල් ලැනරෝල්ගේ C.A.L.R ලේඛනයේ සඳහන් වන්නේ මෙම නායක ස්වාමීන් වහන්සේ හුලංගමුවේ හාමුදුරුවෝ ලෙසිනි.
මොලදණ්ඩේ ගජනායක නිලමේට අයත්ව තිබූ සියලු දේපළ රාජ සන්තක කොට, රජතුමා ඒවා මේ ඔත්තුව ගැන මුලින්ම දැන්වූ "පරකුඹුරේ රාජකරුණා වෛද්යතිලක ගෝපාල මුදලියාර්" නමැති මරක්කල තැනැත්තාට සහ ඔහුගේ දරු මුණුපුරු පරපුරටම ලබාදුන්නේය.
ලන්දේසීන්ගේ ආධාර ඇතිව සියමෙන් ගෙන ආ භික්ෂූන් වහන්සේලාට හා රජකරවීමට සිවුරු පොරවාගෙන ආ ක්රොම් මුඑන් කුමාරයාටද රජතුමා දඬුවම් කිරීමට සූදානම් වුවත්, මීගස්තැන්නේ නිලමේ මැදිහත් වී එය වැළැක්වූයේය. එහෙත් ඔවුන්ට මහනුවර වාසය කිරීමට ඉඩ නොදී පන්නා දැමූ බව සඳහන් වේ. ඔවුන් බොහෝ දෙනෙකු දළුක් කිරී බී මියගිය බව ‘‘ශාසනාතීර්ණ වර්ණනාවේ’’ සඳහන් වේ.(ගොඩකුඹුරේ සංස්කරණය)
ලන්ඩන් විශ්වවිද්යාලයේ කලක් සේවය කළ සී.ඊ. ගොඩකුඹුර මහතා පොත් විශාල සංඛ්යාවක් ලියූ විද්වතෙකි.මෙතුමා ලියූ ශාසනාතීර්ණ වර්ණනාවේ ‘‘මොළදණ්ඩ කුමන්ත්රණය’’ පිළිබඳ තොරතුරු රාශියක් වේ.
මේ කුමන්ත්රණයට සංඝරාජ හාමුදුරුවෝ අසු වූයේ තමන්ගේ නොහික්මුණු ශිෂ්යයන්ගේ සහ රදළවරුන්ගේත් අදූරදර්ශී ක්රියාමාර්ගය නිසා බව කොටගම වාචිස්සර මාහිමියෝ පවසා තිබේ.සියම් භික්ෂූන්ට සිදුවූයේ කුමක්දැයි ‘‘ශාසනාතීර්ණ වර්ණනාවේ’’ හැර වෙන එකම පොතකවත් සඳහන් වී නැත.
මේ කුමන්ත්රණය සිදුවන්නට වූයේ තමා නළලේ අළු ගාගත් නිසා යැයි සිතූ රජතුමා නළලේ අළුගෑම සම්පූර්ණයෙන්ම අත්හැරියේය.එපමණකින් නොනැවතුණු රජතුමා අළු, දැළි ගෑ ලියුමක්වත් නොබැලීමට වන පරිදි පුස්කොළ පත් ඉරු කහවලින් මදින්නට පටන් ගත්බව ද පැවසේ.
පී.ඇම්. සේනාරත්න මහතාගේ ලංකාදීප ලිපියක් ඇසුරිනි.
ගත්සයුර🖋️
තවත් වටිනා ලිපි කියවීම සදහා එක් වන්න.

notes of imaginary

Saturday, December 23, 2023

ටිබෙටයට ඉහළින් ගමන් බැහැ

ඉහළ උන්නතාංශයක් ඇති
ටිබෙටයට ඉහළින් ගුවන් යානයක් පියාසර නොකරයි
ගුවන්යානා රේඩාර් පද්ධතිය දෙස බැලුවහොත් ලොව පුරා බොහෝ ගුවන් යානා පියාසර කරන නමුත් චීනයේ ටිබෙට් කලාපයේ ගුවන් යානා නොමැති බව ඔබට පෙනෙනු ඇත. ටිබෙට් කලාපය වටා ඇති ගුවන්තොටුපළවල් වෙත ඒ හරහා පියාසර කළහොත් කෙටි කාලයකින් යා හැකි වුවත් ටිබෙටයට ඉහළින් ගුවන් යානා පියාසර නොකරන්නේ මන්දැයි ඔබ දන්නවාද?....
ඇත්ත වශයෙන්ම මෙම ප්රශ්නයට පිළිතුර ටිබෙටය සඳහා භාවිතා කරන "ලෝකයේ වහලය - Roof of the world" නම් සාදෘශ්යය හැඳින්වීමේම සැඟවී ඇත. ටිබෙටය යනු මුහුදු මට්ටමේ සිට මීටර් 5000 ක සාමාන්ය උන්නතාංශයක් (Altitude) සහ ලොව උසම ස්ථානය වන එවරස්ට් කන්ද පිහිටි භූගෝලීය පිහිටීමකි....
එය ගුවන් යානා හට බලපාන්නේ මෙසේය. නවීන මගී ගුවන් යානා වල කුටි පීඩනයට ලක් වුවහොත් හෝ පීඩන පද්ධතියේ අක්රියතාවයක් ඇති වුවහොත් මගීන්ට හුස්ම ගැනීමට හැකි වන පරිදි ඔක්සිජන් ආවරණ මුලින්ම ක්රියාත්මක වේ. එම ඔක්සිජන් පද්ධති වල ධාරිතාව විනාඩි 15-20 කට ප්රමාණවත් වන අතර මැදිරි පීඩන පද්ධතියේ අසමත් වීමක් සිදු වූ විට නියමුවන්ට යානය මීටර් 3,000 ක උන්නතාංශයකට පහතට ගත යුතුය. නමුත් ටිබෙට් කලාපයේ බොහෝ ප්රදේශවල උන්නතාංශය මීටර් 3000 කට වඩා වැඩිය. එසේම හදිසි අවස්ථාවකදී ආරක්ෂිතව ගුවන් යානා බැසීමට හැකි පරිසරයක්ද ටිබෙටයේ නැත. මීට අමතරව ද්විත්ව එන්ජිම සහිත ගුවන් යානයක එන්ජිමක් ක්රියා විරහිත වූ විට ආරක්ෂිතව පියාසර කිරීම සඳහා යානය නිශ්චිත උන්නතාංශයකට බැස යා යුතුය. අවාසනාවකට ටිබෙටයේ භූගෝලීය ව්යුහය නිසා මෙය කළ නොහැකිය. මෙම හේතූන් නිසා ටිබෙටයට ඉහළින් ගුවන් යානයක් පියාසර නොකරයි....

notes of imaginary

Friday, December 22, 2023

සෙනෙහස














ඔබේ තනියට සෙවණැල්ල වෙමි
සයුරු තෙර වෙරළ ක් වෙමී
ඔබ රැගෙන එන තැවුල් රඳවා
සිනා පෙණ පිඬු විසිරමී.
වළා රොද සේ පාව යනවිට
කඳු මුදුන වී රැක ගමී
විඩාබර සිත නිවා සනසන
සිසිල් මුදු පවනක් වෙමී.
විස ඇනී ළය රිදුම් දෙනවිට
සඳුන් සිසිලස තවරමී
අවලාද , දුක් ගැහැට පිසදා
තුන් සුතුර මතුරා යමී.
අඳුරු රැයකට පුරහඳක් වී
සඳ රැසින් ඔබ නහවමී
සුසුමකට දුර තබා ඈතින්
බලා කඳුලක සැඟවෙමී.
රෝ.සි..

notes of imaginary

Wednesday, December 20, 2023

ගෞරවය හා නින්දාව

ජපානයේ එක්තරා ගම්මානයක කුඩා පන්සලක් තනාගෙන තරුණ භික්ෂුවක් වාසය කළා. මේ භික්ෂුවට ගමේ සියලු දෙනාම ඉමහත් ගරුත්වයක් දැක්වූවා. සැළකිය යුතු උපරිමයෙන්ම සැළකුවා. විශේෂයෙන්ම තරුණ පිරිස අතර භික්ෂුව මහත් ජනප්රිය තත්වයකට පත් වුණා. එක්තරා දවසක මේ තත්වය මුළුමනින්ම කණපිට හැරුණා. ඒ කොහොමද....?
ගමේ සිටි තරුණියක් දරුවෙක් බිහි කළා. දරුවාගේ පියා කවුදැයි පවුලේ අය විමසුවා. තරුණිය පැවසුවේ දරුවාගේ පියා තරුණ භික්ෂුව බව යි.
බොහෝ කාලයක් පුරා භික්ෂුවට ඉමහත් ගෞරවයක් දැක්වූ ගමේ පිරිස භික්ෂුවගේ ආරාමයට අතට අසු වන දෙයින් පහර දෙන්න පටන් ගත්තා. ඉන් නොනැවතී ඔවුන් ආරාමයට ගිනි තිබ්බා. පිරිස අතර සිටි අයෙක් දරුවා රැගෙන ඇවිත් භික්ෂුවගෙ අතට දුන්නා. භික්ෂුව ඇහුවා " මොනවද මේ කරන්නෙ...? මොකක්ද හේතුව...?
මිනිස්සු මහ හයියෙන් කෑගහන්න ගත්තා. " අපෙන්ද අහන්නෙ හේතුව...? මේ දරුවා ඔබේ...බලන්න මේ දරුවා දිහා...බලන්න මේ ගෑණු ළමයා දිහා...ඔබේ ඇතුලාන්තයෙන් අහන්න මොකක්ද හේතුව කියල..."
"ඒකත් එහෙමද...එතකොට මේ දරුවා මගෙද...? භික්ෂුව ඇහුවා. දරුවා හඬන්න පටන් ගත්තා. භික්ෂුව ගිනිගත් ආරාමය අසළ බිම වාඩිවී දරුවා නලවන්න උත්සාහ කළා.
තමන් තුළ මතු වුණු කෝපය හැකි සෑම විදියටම පිට කළ පිරිස ආපසු යන්නට ගියා. නිතර බැතිමතුන්ගෙන් පිරි පැවති ආරාමයක් මුළුමනින්ම ගිනිබත් වෙලා. භූමිය පාලුවට ගිහින්. භික්ෂුව සුපුරුදු පරිදි ආහාරය සඳහා ගම පුරා ඇවිද ගියත් සියලු දොරවල් වසා දැමුවා. ළමයින් ඔහු පසුපස යමින් අපහාස කළා. ගල්වලින් දමා ගැසුවා. ඔහු දරුවා බිහිකළ තරුණියගෙ නිවස අසළට පැමිණුනා. " මට ආහාර නොලැබුණාට කමක් නෑ...අඩුම තරමේ මේ දරුවට කිරි ටිකක් දෙන්න...මම වැරදිකාරයා වෙන්න පුළුවන්. ඒත් මේ අහිංසක දරුවා කරපු වරද මොකක්ද...?"


දරුවා හඬන්නට වුණා. අවට පිරිස ජනෙල්වලින් එබිකම් කරමින් බලාගෙන සිටියා. තරුණියට තව දුරටත් දරාගෙන ඉන්න බැරි වුණා. ඇය තම පියාගේ දෙපා මුළ වැඳ වැටුණා.

"මට සමාවෙන්න තාත්තෙ...දරුවගේ ඇත්ත තාත්තා සඟවන්න ඕනැ වුණු හින්දයි මම භික්ෂුව ගැන කිව්වෙ...දරුවගෙ ඇත්ත තාත්තා භික්ෂුව නෙමෙයි...මම භික්ෂුව හරියට හඳුනන්නෙවත් නෑ "
තරුණියගෙ පියා හොඳටම කලබලයට පත් වුණා. නිවසින් එළියට දුවගොස් භික්ෂුවගෙ දෙපා මුළ වැඳ වැටුණා. භික්ෂුව ගෙන් දරුවා ලබාගැනීමට උත්සාහ කළා.
"මොකක්ද හේතුව ?" භික්ෂුව ඇසුවා.
"මට සමාවෙන්න... ලොකු වැරදීමක් වෙලා තියෙනවා. මේ දරුවා ඔබගේ නෙමෙයි..." පියා පැවසුවා.
"ඒකත් එහෙමද...මේ දරුවා ඇත්තටම මගේ නෙමෙයිද ?" භික්ෂුව පිළිතුරු දුන්නා.
මිනිස්සු භික්ෂුවගෙන් ඇහුවා " ඔබට පිස්සුද...? ඇයි මුළින්ම නෑ කිව්වෙ නැත්තෙ ?"
භික්ෂුව පැවසුවා. " මොකක්ද ඒකෙන් සිද්ද වෙන වෙනස..? මේ දරුවා කාට හෝ අයිති විය යුතුයි. ඔබ දැනටමත් ආරාමයක් ගිනි තියලා විනාශ කළා. ඔබ තව නිවසක් ගිනි තියයි...ඔබ එක් පුද්ගලයෙකුට බැනලා චෝදනා කරලා සතුටු වුණා. ඔබ තව කෙනෙකුට ඒ විදියට කරලා සතුටු වෙයි...මොකක්ද ඒකෙන් සිද්ද වෙන දේ...? දරුවා කාට හෝ අයිති විය යුතුයි..."
"ඔබට තේරෙන්නෙ නැද්ද...? හැම කෙනෙක්ම ඔබට බැන්නා නින්දා කළා. ඔබව සම්පූර්ණයෙන්ම අවමානයට ලක් කළා." මිනිස්සු පැවසුවා.
භික්ෂුව පිළිතුරු දුන්නා. මම ඔබේ නින්දාවන් ගණන් ගත්තා නම්, ඔබේ ගෞරව කිරීම් ද ගණන් ගත යුතුව තිබුණා. මට නිවැරදි යැයි හැඟෙන දේ මම කරනවා. ඔබට හරි යැයි සිතෙන ඔබ කරනවා. ඊයෙ වන තුරු ඔබට සිතුණා මට ගෞරව කළ යුතුයි කියල. ඉතින් ඔබ එහෙම කළා. අද ඔබට සිතුණා මට ගෞරව නොකළ යුතුයි කියලා.ඉතින් ඔබ එහෙම කළා. නමුත් මම ඔබගේ ගරු කිරීම හෝ නින්දා කිරීම සැළකිල්ලට ගත්තෙ නෑ."
මිනිස්සු කිව්වා. "ගෞරවනීය ස්වාමීනි, ඔබවහන්සේ කල්පනා කරලා බලන්න තිබුණා ඔබගෙ හොඳ නාමය පළුදු වන බව..."
භික්ෂුව පැවසුවා. " මම හොඳවත් නරකවත් නොවෙයි. මම සරළවම මමයි. හොඳ හෝ නරක කියන අදහස අත්හැරිය කෙනෙක්. මම සම්පූර්ණයෙන්ම උපේක්ෂා සහගත තත්වයට පත් වුණු කෙනෙක්. මම මුනිවරයෙක්."
ගමේ මිනිස්සු දින කීපයකින් ආරාමය ගොඩනගලා සියලු දේ පිළිසකර කර පෙර පරිදිම භික්ෂුවට භක්තිමත්ව ජීවත් වුණා.
මතක තබාගන්න, ගෞරව කරන්නෙක් සතුරෙකු බවට පත් වෙන්න එතරම් කාලයක් ගත නොවෙන්න පුළුවන්. ගෞරව කරන්නාගේ මනස තුළ සැම විටම ගර්හාව ද සැඟවී තිබෙනවා. මනස අවස්ථාවක් එන තුරු බලා සිටිනවා. ගෞරව කිරීම අවසාන වූ වහාව ගර්හාව පටන් ගන්නවා. ගරු කරමින් සිටින අය මොහොතකින් නින්දා කිරීම ඇරඹිය හැකියි. ගෞරවය හා නින්දාව එකම කාසියේ දෙපැත්ත වගෙයි. ගෞරවය ලැබෙන විට එය පැළඳ ගත හොත් නින්දාව ද පැළඳගැනීමට සිදු වෙයි.
(උපුටා ගැනීමකි)

notes of imaginary

කොලෙස්ට්රෝල්



👉කොලෙස්‌ටරෝල් කියන්නේ ශරීරයේ තිබෙන මේද වර්ගයකි. මෙය ශරීරයට අත්යවශ්ය ය. හමේ විටමින් D නිෂ්පාදනයට,ස්නායු පටකයට, සමහර හෝමෝන වර්ග නිෂ්පාදනයට මූලික සංඝටකය වන්නේ කොලෙස්‌ටරෝල් ය.
👉කොලෙස්ටරෝල් නිපදවෙන්නේ සතුන් තුළ පමණි. අපගේ ශරීරයේ කොලෙස්ටරෝල් වලින් 80 % අක්මාවේ නිපදවෙන අතර 20% පමණක් අප ගන්නා ආහාර වලින් ලැබේ. ශරීරය තුළදී කොලොස්ට්රෝල් නිපදවීම සඳහා අප ගන්න මේද අධික ආහාර මෙන්ම පිෂ්ඨය අධික ආහාර ද බලපායි.එබැවින් තෙල් කෑම පාලනය පමණක් කොලෙස්ටරෝල් අඩු කිරීම්ට ප්රමාණවත් නැත.අනවශ්ය ප්රමාණයට පිෂ්ඨය අධික ආහාර භාවිතයද වැළකිය යුතුය.ක්රියාකාරී ජීවන රටාව කොලෙස්ටරෝල් අඩු කිරීමට අත්යවශය.
🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰
🔥ඔබේ කොලෙස්ටරෝල් මට්ටම දැනගත යුත්තේ කෙසේද?
වයස අවුරුදු 30 ක් හෝ එයට වඩා වැඩි සෑම අයෙක්ම අවම වශයෙන් අවුරුදු 3 කට වරක් වත් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කල යුතුවේ. ඒ සඳහා නිර්දේශිත පරීක්ෂණය, lipid profile ලෙස හැඳින්වේ. මෙම පරීක්ෂණය සඳහා රුධිර සාම්පලය ගත යුත්තේ ආහාර පාන ගැනීමෙන් වැළකී පැය 12-14 ක කාලයකට පසුවය.
🔥කොලෙස්ටරෝල් පරීක්ෂාව
සාමාන්ය රුධිර පරීක්ෂාවක දී ලබා ගන්නා Lipid Profile වාර්තාවක අඩංගු වන කොටස් නම්
🍓Total Cholesterol
🍓HDL - හොඳ කොලෙස්ටරෝල්
🍓LDL - නරක කොලෙස්ටරෝල්
🍓Triglycrides - මේද අම්ල
🥑LDL කොලෙස්ටරෝල් (නරක කොලෙස්ටරෝල්)
LDL අක්මාවේ සිට තෙල් අනික්ුත් අවයව දක්වා ගෙන ගොස් තැන්පත් කිරීම් සිදු කරයි .ශරීරය තරබාරු කමට, හෘදයාබාධ අංශභාග වැනි රෝග තත්ත්වලට ූලික හේතුව LDL කොලෙස්ට්රෝල්ය.
🥑HDL කොලෙස්ටරෝල් හොඳ කොලෙස්ටරෝල් කියා හදුන්වයි. එමගින් අනෙකුත් අවයව වල සිට තෙල් අක්මාව වෙත ගෙන එනු ලබයි. ඒ හරහා ශරීරයේ තෙල් තැන්පත් වීම අවම කරයි.
🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰
🔥කොලෙස්ටරොල් නිසා ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් මොනවා ද?
කොලෙස්‌ටරෝල් කාලයත් සමඟ රුධිර වාහිනී බිත්තියේ තැන්පත් වේ. එසේ තැන්පත් වීමෙන් පසු එම ස්ථානයේ රුධිර වාහීනී බිත්තිය දුර්වල වී ලේ ගමනය අවහිරවෙයි .මෙසේ අවහිර වන රුධිරවාහිනිය පිහිටන ඉන්ද්රිය අනුව විවිධ රෝගාබාධ ඇති වේ.
🍓හෘදයේ ධමනියක් අවහිර වුවහොත්, හෘදයාබාධයක් ( Heart Attack)
🍓මොළයේ රුධිර වාහිනියක් අවහිර වුවහොත් අංශභාගය ( අඝාතය , Stork)
🍓පාදවල රුධිර වාහිනී අවහිර වුවහොත් ගමන් කරන විට පේශී වල වේදනාව (
Intermittent Claudication) හෝ ඇඟිලි කුණු වීමට පුළුවන.( Gngrene).
🍓වකුගඩුවලට ඇති රුධිර වාහිනිය අවහිර වුවහොත් වකුගඩු දුර්වල විය හැකිය
🔥ඇයි හැමෝටම කොලොස්ටරෝල් ප්රශ්නයක් නොවන්නේ ?
කොලෙස්ටරෝල් තැන්පැන්පත් වීමට බලපාන ප්රධානම හේතුව අධික LDL ප්රමාණයයි. නමුත් ,
🍓දියවැඩියාව
🍓අධික රුධිර පීඩනය
🍓දුම්පානය
🍓ව්යායාම මඳිකම
🍓ජානමය තත්ත්වයන් සෘජුවම කොල්ෙස්ටරෝල් තැන්පත් වීමට බලපායි.
🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰
🔥සාමාන්යයෙන් පුද්ගලයෙකුට තිබිය යුතු කොලෙස්ටරෝල් ප්රමාණය කුමක් ද?
රුධිරයේ කොලෙස්ටරෝල් අඩු වු විට රුධිරවාහීනීවල තැන්පත් වීම ද අඩු වේ. එම නිසා කොලෙස්ටරෝල් අඩු වන තරමට හොඳ ය. නිරෝගී තරුණ පුද්ගලයෙකුට තිබිය යුතු ප්රශස්ත මට්ටම නම්
LDL< 130 mg/dL
HDL> 45 mg/dL
Triglycrides < 150 mg/dL
Total Chorelrol < 230 mg/dL
🍓වයසක අයට සහ ව්යායාම මදි අයට හෝ වෙනත් රෝගී තත්ත්වයක් ඇති අයට , ඉහත අගයන්ට වඩා අඩු කොලෙස්ටරෝල් ඉලක්කයන් පවත්වා ගැනීමට වෛද්යවරු උපදෙස් දෙති .එබැවින් කොලෙස්ටරෝල් වාර්තා බලා තමාම ප්රතිකාර නොගත යුතුය.
🍟🍟🍟
🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
🔥කොලෙස්ටරෝල් අඩු කර ගන්නේ කෙලෙස ද?
කොලෙස්ටරෝල් අධික ආහාරවලින් වැළකීම,
දෛනික ව්යායාම කිරීම
පිටි සීනි බත් ඇතුළු කාබෝහයිඩ්රේට් ප්රමාණය සීමා කිරීම
ඉහත සඳහන් ක්රමවලින් අඩු නොවන්නේ නම් වෛද්ය උපදෙස් සහිතව ඖෂධ ගැනීම අවශ්ය වේ.
ව්යායාමවලින් සිදු වන වැදගත්ම දෙය වන්නේ කොලෙස්ටරෝල් තැන්පත් වීම අඩු වීම හා දහනය කර පවතින තෙල් ශරීරයෙන් පිට කිරීම ය.
🔥කොලෙස්ටරෝල් ඖෂධ කොපමණ කාලයක් ගත යුතු ද?


ඖෂධ මඟින් සිදු කරන්නේ කොලෙස්ටරෝල් නිෂ්පාදනය අඩු කිරීම ය.එය සිදු වන්නේ ඖෂධ ගන්නා තෙක් පමණි. කොලෙස්ටරෝල් මට්ටම අඩුවෙන් තබා ගැනීම දීර්ඝ කාලීනව සිදු කළ යුතු දෙයකි.එම නිසා ඖෂධ දීර්ඝ කාලීනව ගත යුතු ය.
🔥කොලෙස්ටරෝල් පෙති නිසා අක්මාව හෝ වකුගඩු නරක් විය හැකි ද?
එය බොරු මිත්යාවකි. ඖෂධ නොගත හොත්, රෝගී තත්ත්වයන් නිසා මිය යෑමට පුළුවන. මරණයට වඩා අතුරු අබාධවලට බිය වීම විහිලුවකි.
🔥නරක කොලෙස්ටරෝල් බහුල ආහාර
🚫බදින ලද ආහාර🍟🍟🍟🍟🍟
බදින ලද ආහාරවල බොහෝ විට සංතෘප්ත හා ට්රාන්ස් මේද දෙකම ඉහළ වන අතර, එමඟින් LDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවිය හැකිය. ෆ්රෙන්ච් ෆ්රයිස්, ෆ්රයිඩ් චිකන් සහ ඩෝනට්ස් වැනි බදින ලද ආහාර සඳහා මේ උදාහරණ වේ. ඔබේ ආහාර බදිනවා වෙනුවට, ඒවා පිලිස්සීම හෝ ග්රිල් කිරීමට හෝ උත්සාහ කරන්න. මෙය ඔබගේ සෞඛ්යයට අහිතකර මේද ප්රමාණය අඩුකර ඔබගේ ආහාර සෞඛ්ය සම්පන්න කිරීමට උපකාරී වේ.
🚫 සැකසූ මස්🍟🍟🍟🍟🍟
බේකන්, සොසේජස් සහ හැම් වැනි සැකසූ මස් බොහෝ විට සංතෘප්ත මේදය සහ සෝඩියම්වලින් ඉහළ මට්ටමක පවතින අතර, මේ දෙකම ඉහළ කොලෙස්ටරෝල් මට්ටමට දායක වේ. සැකසූ මස් අනුභව කිරීම වෙනුවට, කුකුළු මස්, මාළු සහ රනිල කුලයට අයත් ආහාර වැනි සරල ප්රෝටීන ඔබේ ආහාර වේලට ඇතුළත් කිරීමට උත්සාහ කරන්න.
🚫 අධික මේද සහිත කිරි නිෂ්පාදන🍟🍟🍟🍟🍟
චීස්, හෙවික්රීම් සහ බටර් වැනි කිරි නිෂ්පාදන සංතෘප්ත මේදයෙන් ඉහළ මට්ටමක පවතින අතර එමඟින් LDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවිය හැකිය. අධික මේද සහිත කිරි නිෂ්පාදන පරිභෝජනය කරනවා වෙනුවට, අඩු මේද හෝ මේද රහිත කිරි නිෂ්පාදන ඔබේ ආහාර වේලට ඇතුළත් කිරීමට උත්සාහ කරන්න. එනම්, මුදවපු කිරි හෝ අඩු මේද යෝගට් වැනි දේයි.
🚫 බේක් කළ ආහාර🍟🍟🍟🍟🍟
කුකීස්, පේස්ට්රි සහ කේක් වැනි බේක් කරන ලද ආහාරවල බොහෝ විට සංතෘප්ත සහ ට්රාන්ස් මේද දෙකම පිරී පවතින අතර එමඟින් LDL කොලෙස්ටරෝල් මට්ටම වැඩි කළ හැකිය. මෙම බේක් කරන ලද ආහාර වෙනුවට, සම්පූර්ණ තිරිඟු පිටි, පලතුරු යුෂ සහ ස්වාභාවික රසකාරක වැනි විකල්ප අමුද්රව්ය භාවිත කරමින් සෞඛ්ය සම්පන්න විකල්පයන් නිවෙසේදීම සාදා ගැනීමට උත්සාහ කරන්න.
🚫 ක්ෂණික ආහාර🍟🍟🍟🍟🍟
ක්ෂණික ආහාරවල බොහෝ විට අධික කොලෙස්ටරෝල් මට්ටමට දායක විය හැකි සංතෘප්ත සහ ට්රාන්ස් මේද මෙන්ම සෝඩියම් ද අධික වේ. ඒ නිසා ඒ වෙනුවට, සරල ප්රෝටීන් සහිත සලාදයක් හෝ සම්පූර්ණ තිරිඟු පාන්වලින් සැකසූ සැන්ඩ්විච් එකක් වැනි දෙයකින් ඔබේ සෞඛ්ය සම්පන්න ආහාර වේල සකසා ගැනීමට උත්සාහ කරන්න.
🚫 රතු මස්🍟🍟🍟🍟🍟
haරක් මස් සහ බැටළු මස් වැනි රතු මස්වල බොහෝ විට සංතෘප්ත මේදය අධිකවන අතර, එමඟින් LDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවිය හැකිය. මීට අමතරව, රතු මස් බොහෝ විට අධික උෂ්ණත්වවලදී පිසිනු ලබන අතර, හෘද රෝග සඳහා දායක විය හැකි හානිකර සංයෝග නිපදවිය හැකිය. රතු මස් අනුභව කිරීම වෙනුවට, කුකුළු මස්, මාළු සහ රනිල කුලයට අයත් සරල ප්රෝටීන ඔබේ ආහාර වේලට ඇතුළත් කිරීමට උත්සාහ කරන්න.
තෙල්🍟🍟🍟🍟🍟
ආහාර පිසීමේදී virgin පොල්තෙල්, virgin ඔලිව් තෙල් වැනි අසංතෘප්ත මේද බහුල තෙල් භාවිත කිරීමට උත්සාහ කරන්න.
බිත්තර කහ මදය🍟🍟🍟🍟🍟
බිත්තර කහ මදය අධික කොලෙස්ටරෝල් පැවතියද එහි ඇති න්සයිම හා ප්රෝටීන මගින් අහිතකර භාවය අඩු කරයි. එම නිසා භාවිතය සුදුසුය.
🚫ස්නැක්ස් ෆුඩ්ස්🍟🍟🍟🍟🍟
චිප්ස් සහ පොප්කෝන් වැනි කෙටි ආහාරවල බොහෝ විට සංතෘප්ත සහ ට්රාන්ස් මේද මෙන්ම සෝඩියම් ද ඉහළ ය. මෙම සෞඛ්යයට අහිතකර ආහාර අනුභව කරනවා වෙනුවට, නැවුම් පලතුරු, එළවළු හෝ ඇට වර්ග වැනි සෞඛ්ය සම්පන්න කෙටි ආහාර ඔබේ ආහාර වේලට ඇතුළත් කිරීමට උත්සාහ කරන්න.
🚫සීනි සහිත බීම🍟🍟🍟🍟🍟
සෝඩා සහ පලතුරු යුෂ වැනි සීනි සහිත බීම බොහෝ විට සීනි සහ කැලරි අධිකවන අතර එය බර වැඩි වීමට සහ ඉහළ කොලෙස්ටරෝල් මට්ටමට දායක වේ. සීනි සහිත බීම වෙනුවට, පිපාසය සඳහා ජලය, පැණිරස නොකළ තේ හෝ පලතුරු යුෂ පානය කිරීමට උත්සාහ කරන්න.
මීට අමතරව කාබෝහයිඩ්රේට් අධික ආහාර ගැනීම තුළින් ඔබගේ ශරීරය තුළ කොලෙස්ටරෝල් නිපදවීම සිදුවේ...එබැවින් තමාගේ ශරීරය පවත්වා ගැනීමට අවශ්ය ආහාර ප්රමාණය පමණක් ගන්න.අනවශ්ය ලෙස ආහාර ගැනීමෙන් වළකින්න.
----------------------------------------------------------------------------------------------
🔥ඔබගේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්නේ කොහොමද?
👉 සන්තෘප්ත මේදය, ට්රාන්ස් මේදය, සහ කොලෙස්ටරෝල් වැඩිපුර ඇති ආහාර පරිභෝජනය අවම කරන්න.
👉කාබෝහයිඩ්රේට් අධික ආහාර භාවිතයෙන් වළකින්න...
👉 දියවන තන්තු (Soluble fibres) බහුල ආහාර වැඩිපුර ගන්න.
👉 ශාරීරික ක්රියාකාරකම් ප්රමාණය වැඩිකරන්න.
👉 ශරීරයේ බර වැඩි නම්, අඩු කරගන්න.
👉 දුම්පානයෙන් වළකින්න.
👉 මත්පැන් භාවිතයෙන් වළකින්න.
👉 වෛද්ය උපදෙස් අනුව, කොලෙස්ටරෝල් මට්ටම පහත හෙලන ඖෂධ නිසි අයුරින් භාවිතා කරන්න.
🔥කොලෙස්ටරෝල් වලින් මිදීමට වෙනස් විය යුතු ආහාර රටාව
සංතෘප්ත මේදය❌❌🚫🚫
මස් වල තෙල් අඩංගු කොටස්, සම සහිත මස්, සම්පූර්ණ යොදය සහිත කිරි ආහාර ,වැනි සත්ත්වමය ආහාර වල මෙන්ම, පොල් තෙල් සහ පාම් තෙල් වැනි ශාඛ තෙල් වලද, සංතෘප්ත මේදය බහුලව ඇත.
ට්රාන්ස් මේදය🚫🚫❌❌
ට්රාන්ස් මේදය මගින්, සංතෘප්ත මේදය සේම රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිකරයි. ට්රාන්ස් මේදය, හයිඩ්රජනීකරණය වූ ශාඛ තෙල් වල බහුලව අඩංගු වේ. සකසන ලද ආහාර (Processed food), කෙටි ආහාර (Short eats), ක්ෂණික ආහාර (Instant food), ඇතැම් මස් වර්ග, මාගරින්, කිරි ආහාර, බිස්කට්, කේක්, බනිස් වර්ග, පාන්, වෙනත් බේකරි කෑම වර්ග, සහ හයිඩ්රජනීකරණය වූ තෙල් වලින් බදින ලද ආහාර වල ට්රාන්ස් මේදය බහුලව ඇත.
අසංතෘප්ත මේදය (Unsaturated fat)✅✅
මෙය හිතකර මේදය වර්ගයකි. අසංතෘප්ත මේදය ප්රධාන වශයෙන් කොටස් දෙකකි. එනම්, ඒක-අසංතෘප්ත මේදය (Mono-unsaturated fat) සහ බහු-අසංතෘප්ත මේදය (Poly-unsaturated fat) වශයෙනි. මේවා රුධිරයේ ඇති කොලෙස්ටරෝල් මට්ටම පහත දැමීමට උපකාරී වේ. ඔලිව් තෙල්, සෝයා තෙල්, සූරියකාන්ත තෙල්, කැනෝලා තෙල්, රටකජු තෙල්, රටකජු, කජු, බඩ ඉරිඟු, සෝයා බෝංචි, අලිගැටපේර, තල, සූරියකාන්ත ඇට, සහ මේදය අඩංගු ලොකු මාළු වැනි ආහාර වල අසංතෘප්ත මේදය බහුලව ඇත.
දියවන තන්තු✅✅
දියවන තන්තු, එළවළු, පළතුරු, රනිල භෝග, කුරුට්ට සහිත ධාන්ය, සහ එවැනි ධාන්ය වලින් සාදන ලද ආහාර වල බහුලව පවතී. දියවන තන්තු මගින් ආහාරයේ ඇති කොලෙස්ටරෝල් ශරීරයට අවශෝෂණය කරගැනීම අඩුකරන අතර, රුධිරයේ ඇති LDL මට්ටම පහත හෙලයි.
ස්ටැනෝල් සහ ස්ටෙරෝල්✅✅
එළවළු සහ පළතුරු වල බහුලව ඇත. මේවා ආහාරයේ ඇති කොලෙස්ටරෝල් අවශෝෂණය අඩුකරන අතර, රුධිරයේ LDL මට්ටම අඩුකරයි.
🔥ශාරීරික ක්රියාකාරකම් වැදගත් වන්නේ ඇයි?
නිතිපතා ශාරීරික ක්රියාකාරකම් වල නියැලීම, ශරීරයේ බර පාලනයට මෙන්ම, රුධිරයේ ඇති LDL මට්ටම අඩුකිරීමට ද වැදගත් වේ. එය රුධිරයේ ඇති HDL මට්ටම වැඩිකරන අතර, ට්රයිග්ලිසරයිඩ් මට්ටම අඩුකරයි. දිනකට අවම වශයෙන් විනාඩි 30 ක් වත්, සතියකට අවම වශයෙන් දින 5 ක් වත් බැගින්, මධ්යම-තීව්රතාවයකින් යුතු වේගයෙන් ඇවිදීම, සෙමෙන් දිවීම, පිහිනීම, බයිසිකල් පැදීම, නර්ථනය, වත්තේ වැඩකිරීම වැනි ශාරීරික ක්රියාකාරකම් වල යෙදීම අවශ්ය වේ.
සෞඛ්ය සම්පන්න බරක් පවත්වා ගත යුත්තේ ඇයි?
බර අධික වීම හෝ තරබාරු වීම, ඔබගේ රුධිරයේ ට්රයිග්ලිසරයිඩ් මට්ටම සහ LDL මට්ටම වැඩිකිරීමට හේතුවන අතර, HDL මට්ටම අඩුකරයි. ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය (Body mass index or BMI) 18.5 ත්, 24.9 ත් අතර පවත්වා ගත යුතුවේ.
🔥කොලෙස්ටරෝල් සඳහා ඇති ප්රතිකාර මොනවාද?
කොලෙස්ට්රෝල් පෙති ව්ද්ය්වරයෙකුගේ අනුමැතියකින් තොරව භාවිතා නොකරන්න. අනවශ්ය මාත්රාවන් අක්මාවට අහිතකරය.
ව්යායාම්, ක්රියාශීලි දිවි පෙවත හා ආහාර වෙනස ඔබගේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි

වෛද්‍ය චමින්ද වෙලගෙදර මහතාගේ ලිපියකි.