ජනාධිපතිවරණය ආරම්භ වන්නේ මහින්දගේ නිලකාලය අවුරුදු දෙකක් ඉදිරියට තිබිය දී ඔහුගේ බලය තහවුරු කර ගැණුමේ ව්‍යාපෘතියක් ලෙසටයි. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිවාදී අපේක්ෂකයා ලෙස සලකා මහින්දට අභියෝගයක් නො තිබිණි. මේ අතර කතා බහට පැමිණි “ නිර්පාක්ෂ අපේක්ෂකයා “ අප දුටුවේ සැබැවින්ම නිර්පාක්ෂියකයෙක් ලෙස තරග බිමට විත් ඕනෑ කෙනෙක් මට චන්දය දී මා ජනාධිපති කරවන්න කියා පවසන්නෙකි. ඔහු හදවතින්ම නිර්පාක්ෂිතකයෙක් යයි සිහිනයක් අපට ඇතිවිනි. නමුත් සිදු වුයේ එජාපයේ ,ජවිපෙ සහ මනෝ ගනේෂන් , හකීම් , දුවිඩ සංධාණයේ සහ මංගල සමරවීර නියෝජිතයෙකු ජනාධිපති තරගයට පිවිසීමයි.
මහින්ද සිංහල ජන සමාජය හදුනා ගන්නේ දේශීය චින්තනයක් සහිත වු දේශ හිතෛෂී නායකයෙකු වශයෙනි. ඔහු ඒ බව තහවුරු කරනා ක්‍රියා දාමයන් රැසක් පසුගිය පාලන සමයේ ඉටු කරන ලදී. ඔහු ජනාධිපතිවරණ වේදිකාව තුලද දිග හැර දැම්මේ එම සිතුවිලි මිස ආර්ථිකය වැනි අනාගත අවශ්‍යතාවයන් නොවේ. ජයග්‍රහණයේ එක් සාධකයක් ලෙස ජනතාව අද පලමුව රට - දෙවනුව බඩ යන චින්තනයට පත්ව ඇත්දැයි විමසීම මේ ජනාධිපතිවරණ ප්‍රතිපල අපට ඉගිකරයි.
නිර්පාක්ෂිමක අපේකකයා වු සරත් ෆොන්සේකා මහතා කීර්තිමත් සෙනවියෙකි. ඒ කීර්තිය අත දරා පැමිණි ඔහු දේශපාලකයෙකු වීමේදී ලබා ගත යුතු පන්නරය නොමැතිව තම ජයග්‍රහණය උදෙසා උපාය මාර්ග සකස් කර ගත්තේ යුද බිමක අත් දැකීම් තුලින් යයි මීදුම සිතයි. මැතිවරණ වේදිකාව ද්වේෂයෙන් සහ වෛරයෙන් උද්යෝගයෙන් නැගුණ හඩ ඔහු ජනතාවගෙන් දිනෙන් දින ඈතට රැගෙන යන ලදී. රුපියල් දසදහසක පඩි වැඩි වීම වැනි රනිල්ගේ “ චුවිංගම් “ පන්නයේ පොරොන්දු ජනතාව සිනහවට ගත් අතර රාජ්‍ය සේවකයෝ චන්දය දීමේ දී ඒ බවක් ගනන් ගත් බවක් වත් පල නොවේ.
යුද්ධ ජයග්‍රහණයේ අයිතිය දේශපාලනඥයාගේ උරුමයක් බව ජනතාව තේරුම් ගත් බවක් 2005ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගත් ජන්ද හා සසදන විට ත් පරාජයට පත්වු නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවල දී මහින්ද ලබාගත් චන්ද ප්‍රමාණය වැඩි කර ගැණීමෙනුත් නිවේදනය වෙන්නේ යයි මීදුමට සිතේ. බහුතරයක් වු සිංහල ජන පදනමට ආමන්ත්‍රණය කරන්නට තිබු ඉඩ මනෝ ගනේෂන් , හකීම් , දුවිඩ සංධාණය හා බැදීමෙන් අහිමි කර ගත් සරත් ෆොන්සේකා මහතා මඩකලපුව , වන්නි, යාපනය සහ දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වැනි මැතිවරණ ආසන ජයග්‍රහණය කිරීමෙන් සුළු ජාතින්ගේ උවමනා වන් ඉටු කර දීමට ගිවිසුම් ගතවු බව තහවුරු කරන ලදී. මේ සැකය නිසාම බොහෝ දෙනා එතුමා හැර මහින්දට නැඹුරු වු බව සටහන් කල යුතුවේ.
ජාතිවාදය සහ මව් බිමේ උරුමය යන්න දෙකකි. සියලු ජාතීන්ගේ මව් බිම මේ මහ පොලොව ලෙස තවමත් බදා ගන්නා අය විරල වේ. අප එසේ සිතන්නට වඩා නැඹුරු වුවත් බහුතර ද්‍රවිඩ ජාතිකයන් තවමත් එසේ සිතන්නට පටන් ගෙන නැති බව මීදුම අදහස් කරයි. මේ අදහස් දරන කණ්ඩායමට අතීතයේ චන්ද ලබා ගැණිමේ අරමුණින් ඉල්ලන දෙයක් දී ඡන්දය පමනක් ලබා ගැණීමට කටයුතු කිරීම නිසා ප්‍රභාකරන් බලවත්වු බව රහසක් නොවේ. ඒ අත්දැකීම නිසා දකුනේ බහුතරය , ද්‍රවිඩ සංධාණය සමග ගිවිසුම් ගැසීමේ භයානකත්වය හඳුනා ගෙන කටයුතු කල බව දකුනේ ප්‍රතිපල පෙන්වා දෙයි.
මහින්ද ජයග්‍රහණය කරන්නේ නාගරික ජනගහනයෙන් බැහැර ග්‍රාමීය ජන පදනම තුලිනි. සරත් ෆොන්සේකා වටා සිටි එජාපයේ මුල් වඩා පිහිටන්නේ නාගරික සමාජය තුලයි. ඒ බව මහනුවර , ගාල්ල සහ කොළඹ මැතිවරණ කොට්ඨාස සරත් ෆොන්සේකා ජයග්‍රහණය කිරීමෙන් අපට පෙන්වයි. කාර්මික සහ කාර්යාලිය ආදායමෙන් යැපෙන සහ සුපර් මාකට් වලින් පරිභොජන දුව්‍ය මිලට ගන්නා පැලැන්තිය ජීවන බර වැඩීවිම තදින්ම ගනන් ගත් බවකි. ඉන් අමතරව සුපර් මාකට් වලින් පරිභොජන දුව්‍ය මිලට ගන්නා පැලැන්තිය ට වියදම් කිරීමට ප්‍රමානවත් ධනය උපයා ගැණීමේ ඉඩකඩ වඩා නිර්මාණය වන්නේ එජාපය තුලින් බව මුල් බැස ගත් මතවාදයක් ඔවුන් තුල අතීතයේ සිට පැවත එන්නෙකි.
හම්බන්තොට වරාය සහ ජාත්යසන්තර ගුවන් තොටුපල ඉදිවීම කොළඹ සුපිරි වෙළද පන්තිය ආදරයෙන් පිළිගන්නා සංවර්ධන කටයුතු නොවේ. සදාකාලික වම කොළඹ වාණිජ මධස්ථානය බවට පත්ව තිබිය යුතු බවට සිතනා අයද අපට හමුවේ.
මේ සියල්ල පසෙක තබා අද ජනාධිපතිවරණයක දී නියෝජනය කරන දේශපාලන පක්ෂය වැදගත්ම සාධකය නොවී තනතුර සදහා ඉදිරිපත් වන පුද්ගලයා දෙස නෙත් හැර බැලීමට තරම් ඡන්දදායකයා බුද්ධිමත් ව සිටින බව මහින්ද ට ලැබු චන්ද 60,15,934 සනාථ කරයි.