Saturday, June 28, 2025

තිබ්බටු




මුත‍්‍රා ගල් දිය කරන, 
රුධිරය පිරිසිදු කරන තිබ්බටු . 
 
වියළි කලාපයේ හේන්වල ඉතා සරුවට වැවෙන තිබ්බටු හේනකදීම හේන් බතක් සමඟ ආහාරයට ගැනීමට මටද අවස්ථාවක් ලැබුණි. ඔවුන්ගෙන් මෙම තිබ්බටු මාළුව සකසා ගන්නා ආකාරය දැනගත් පසු වැටහුණේ මෙම හේන් හොද්දේ සියලූ ආකාර රස ගුණ තිබූ බවය. 
 
එම තිබ්බටු මාළුව සකසා තිබුණේ මේ ආකාරයෙනි. තිබ්බටු කහ ලූණු මිශ‍්‍රකර තම්බාගෙන තිබුණේ හාල්මැස්සන් අහුරක්ද දමාය. හොඳින් තැම්බුණ පසු එය වෙන භාජනයකට අස්කර එයට පොල් තෙල් ටිකක් දමා රත්කර රතුඵෑණු කොච්චි හා කොච්චි කොළද පොල් සමඟ මිශ‍්‍ර කර පොල් වතුර දමා හොඳින් පොඩි කර තිබුණි. තුනපහ ස්වල්පයක්ද දමා කලින් තම්බා ගත් තිබ්බටු හා හාල්මැස්සන් මිශ‍්‍රණය සමඟ නැවත ලිප තබා හැන්දෙන් පොඩි කර තිබුණි. මෙය මා ජීවිතයේ ගත් ආහාර අතර අමතක නොවන ආහාරයක් වූ බව වසර 20කටත් වඩා ගතවී තිබුණද මගේ මතකයෙන් ඈත්වී නැත. 
 
අපගේ මාතෘකාව වන තිබ්බටු කන්ඨකාරිකුලය යන solanaceae ටය. තිබ්බටු ගසේ උද්භිද විද්‍යාත්මක නාමය Solanum Indicum Linn යනුවෙනි. මෙම ගසේ ගෙඩි වලින් ව්‍යංජන සකසන අතර ගසේ පංචාංගයම ඖෂධ පිණිස භාවිතා කරයි. අඩි 4ක් 5ක් පමණ උසට වැවෙන තිබ්බටු ගස නිල් මල් පිපෙන වර්ගය හා සුදුමල් පිපෙන වර්ගය ලෙස දෙවදෑරුම්ය. සුදුමල් වර්ගයේ ගෙඩි තරමක් විශාලය. වාතය හා සෙම සමනය කරන ගුණ පිරි නිසා සෙම් කුපිත වූ විට හා වාතය සමනයට යොදා ගනී. 
 
ආහාර පරිපාචන ක‍්‍රියාවලිය හොඳින් සිදුකිරීමට සමත් තිබ්බටු ආහාරයට ගැනීමෙන් පණුවන් නැසේ. ආහාර රුචිය ඇතිකරයි. එම නිසා බඩගිනි අඩු අයටද, ආහාර රැචිය අඩු අයටද, ග‍්‍රහණී රෝග ඇති විටද, උදර වේදනාව ඇතිවිටද සුදුසුය. හෘදය වස්තුව උත්තේජනය කරන ගුණය ඇත. රුධිරය පිරිසුදු කරන ගුණය ද ඇති අතර තිබ්බටු ශාකයේ පංචාංගය සිරුරේ ඉදිමුම නැති කරයි. 
 
නරක්වූ කුපිත වූ සෙම ඉවත් කිරීමේ ගුණය ඇති අතර ස්වාස රෝග අවස්ථා වලදී හුස්ම ගැනීම පහසු කරවයි. කැස්ස ප‍්‍රතිශ්‍යාව, ස්වර භේද හෙවත් උගුර බැරැන්ඩිය ඇතිවිටද හික්කා රෝගින්ටද ආහාර පිණිස ගැනිම සුදුසුය.
මුත‍්‍රා ගල් දිය කිරීමද තිබ්බටු වලට හැකියාව ඇත. තිබ්බටු ඇටවල ගර්භාෂය සංකෝචනය කරන ගුණය ඇත. එමනිසා ඔසප් ශ‍්‍රාවය අඩු අයට ඔසප් සමයේ ආහාරයට සුදුසු අතර දරුවන් ලැබූ මුල් කාලයේ (සූතිකා සමයේ) ගැනීම සුදුසුය. 
එහෙත් රුධිරය පිටවීම වැඩි අයට අහාර පිණිස නොගත යුතුය. 
යෝනි මාර්ගයේ කැසීම් ඇති විට අමු කහ සමඟ අඹරා ගෑමෙන් කැසීම සුවවෙයි. වාජීකරණ ගුණය ඇති නිසා තරුණ වියේ සිට නිතර ආහාරයට ගැනීමෙන් කාම ශක්තිය වැඩි වෙයි. 
 
ඇට චූර්ණය නස්‍ය කිරීමට වෛද්‍යවරු භාවිතා කරයි. කාමලා රෝගයටද, ග‍්‍රහණි හා මාන්දම් රෝග වලදී ද , නේත‍්‍රා රෝගවලදී ද භාවිතා කරන තිබ්බටු කායම,තිබ්බටු ගෙඩි ඉස්ම, අමුකහ ඉස්ම, අමු ඉඟුරු ඉස්ම, කිතුල් හකුරු, කිතුල්පැණි හා මිශ‍්‍රකර නැවුම් වළඳක දමා ගිනි රස්නය වැදෙන සේ ලිප ළඟ තබා වරකට කෝප්ප කාලක් ගැනීමට නියම කොට ඇත. 
 
මේ ආදී ඖෂධමය හා ආහාරමය ගුණ පිරි තිබ්බටු ග‍්‍රෑම් 250ක මිල ගැන බැලීමේදී පවා වගාකිරීමෙන් ආර්ථිකමය වටිනාකමක්ද වැඩි ශාකයකි 
 
උපුටා පලකලෙමි 
ස්තුතියි -- K.K ශ්‍රියානි මහත්මියට 

A day in the life

Friday, June 27, 2025

ඉරාන - ඊශ්‍රායල සටන් විරාමයෙන් පසු බෙන්ජමින් නෙතන්යාහු



යුද්ධය අවසන් වීමෙන් පසු ඊශ්‍රායල ජනතාව අමතමින් අගමැති නෙතන්යාහු විසින් ඉතාම බරපතල වීරත්වයක් සහිත දේශපාලන දේශනයක් ඊශ්‍රායල ජනතාව වෙත මුදාහැරියේ, "මැදපෙරදිග බජාර් එකේ චණ්ඩියා" ඊශ්‍රායලය බව හුවා දක්වාය.
බෙන්ජමින් නෙතන්යාහු මේ දේශනය හරහා වසාගැනීමට උත්සාහ කරනා ඔහුගේ දේශපාලනයේ හෙළුව කුමක්ද ?

Thursday, June 26, 2025

දාස මුදලාලි






ද‌ාස මුදලාලිට ගමෙ ඉඩකඩම් තිබුණත් කොළඹ ආ ඔහුට වුවමනා වුණේ තනිවම නැගී සිටින්නටයි.
අම්මා දුන් රුපියල් දහයෙන් කොළඹ පැමිණ ස්වෝත්සාහයෙන් වෙළෙඳාම පටන්ගත් සුන්නාදෙණියගේ ගුණද‌ාස රටේ ඉහළ පෙළේ මහා ව්‍යාපාරිකයකු වී යුගයක පුරෝගාමියකු වී සිටියේය. එදා රටේ ජනතාව හැත්තෑවේ දශකය හැඳින්වූයේ ‘ද‌ාස යුගය’ කියාය.

Wednesday, June 25, 2025

කර්නල් මුහම්මර් ගඩාෆි

44 හැවිරිදි ගඩාෆි, 1986 ඇමරිකානු ගුවන් ප්‍රහාර වලට ලක්ව විනාශ වූ ලිබියාවේ ට්‍රිපොලි අගනුවර බාබ් අසීසියා මාළිගය තුළදී. මේ, අන්තර්ජාලය තුළ ඔහු සිනාසෙමින් සිටින ඡායාරූප අතලොස්සෙන් එකකි
කර්නල් මුහම්මර් ගඩාෆි මේ සියල්ල දැන සිටියාක් මෙන් ය. ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කොට, එහි නායක සදාම් හුසේන්ව ඝාතනය කිරීමෙන් පසු පැවැත්වුණු 2008 අරාබි ලීග් සමුළුවේදී, එවකට ලිබියානු නායක ගඩාෆි මෙසේ පැවසීය.
"ඉරාකය ආක්‍රමණය කිරීමටත්, විනාශ කිරීමටත්, ඉරාක ජාතිකයන් මිලියනයකට ජීවිත අහිමි කිරීමටත් හේතුව කුමක්ද? අපගේ ඇමරිකානු මිතුරන්ට මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට ඉඩ හරිමු.

Tuesday, June 24, 2025

මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්



" මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්. මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා.
මේ මහ පොළොවේ කොතනැක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් එකම එක පැලයක් හිටවලා, ඇටයක් හිටවලා, ඒ හැදෙන ගහට තමන්නේ යහළුවෙකුට වගේ, තමන්ගේ සහෝදරයෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු.

Monday, June 23, 2025

හෝර්ටන් තැන්නට අළුත් පාරක්.













බෙලිහුල්ඔය සිට හෝර්ටන් තැන්නට ඇතුල්වීමට නව මංකඩක් සකස් කිරීමේ යෝජනාවක් ගැන සාකච්ඡා වෙනවා. මෙය කලක සිට කතා බහ වෙන්නක්.පාලන වෙනසත් එක්ක අළුත් වෙන පරණ වෙන කතාබහක්.

ඉංග්‍රීසින් ගේ යුගයේ නුුුවරඑළිය - පට්ටිපොල - අඹේවෙල - හොර්ටන්තැන්න හරහා බෙලිහුල්ඔයට මාර්ගයක් තිබිලා තියෙනවා. මේ මාර්ගයේ නටබුන් බෙලිහුල්ඔය ගල්පොතුතැන්තත් - නාගරක් ඩිවිසන් ( Nagarat division ) අතරත් තාම අඩිපාරක් වගේ තියෙනවා.

Sunday, June 22, 2025

දෙල් නොකරගන දෙල් කන්න.


දෙල් කන්න කවුද අකැමැති? 

විවිධ රසට විවිධ ක්‍රමයට පිසිය හැකි දෙල් වාරේ ඔන්න අැවිත්. ඒත් ඉතින් දෙල් ගැන සිහිපත් කරනකොටම සමහරුන්ගෙ මූණු දෙල් වෙනවා. කන්න කැමැත්තක් තිබුණත් දෙල් සැර උෂ්ණ අධික කෑමක්නේ කියලා පැත්තකට වෙන අයත් ඉන්නවා. ඒ කොහොම වුණත් සැර වැඩි දෙලේ සැර බාල කරලා ගුණ විතරක් අදාළ කර ගැනීමේ අපූරු හැකියාවක් අපේ අත්තම්මලාට තිබුණා. අත් බෙහෙතක් ලෙස භාවිත නොවුණත්, දෙලේ ගුණ හඳුනාගෙන එය නැණවත්ව පරිහරණයට අත්තම්මලාගේ තිබූ ඒ හැකියාව ඔබ සමඟ බෙදා ගන්නයි මේ සූදානම.

Saturday, June 21, 2025

හත්දා මගුල්


හත්දා මගුල් කනවා කිව්වට
ඒ මඟුල් මොනවද කියලා හරියටම් දැනන් හිටියෙ නහැනෙ.
ඔන්න මේ ලිපියෙන් දැනගමු ඒ තොරතුරු .

1 - නැකත් භාර කරවීමේ මගුල,

මනාල පාර්ශ්වය විසින් මඟුල් තුලාව සඳහා නැකත් සෑදූ පසු ඒවා මනාලියගේ පාර්ශ්වයට ගෙන ගොස් භාර දීම උත්සවාකාරයෙන් සිදු කරයි එය පළමු දින මගුලය.

2 - මගුල් කීමේ මංගල්‍යය,

මංගලෝත්සවයට ආරාධනා කිරීම සඳහා දෙපාර්ශ්වයේ මාමාවරුන් ගේ නිවෙසට යන දෙපිරිස සඳහා එම මාමාවරුන්ගේ නිවස් වල ආහාරපාන සහිතව උත්සවාකාරයෙන් සූදානමක් කරයි.
එය දෙවැනි දින මගුලයි.

3 - තෑගි දෙන මගුල,

මනාල පාර්ශ්වය විසින් මඟුලට උවමනා යම් යම් දේ මනාලියගේ දෙමව්පියන්ට සහෝදරයන්ට සහ මනාලියට උත්සවාකාරයෙන් ගෙන ගොස් භාර දෙයි එය තෑගි දෙන මගුල නොහොත් කත් තියන මගුල ලෙස කියති.

4 - පෝරුවේ නඟින මගුල,

චාරිත්‍ර වාරිත්‍ර ඉටු කළ නීත්‍යානුකූලව විවාහය සිදුවී පෝරු මස්තකාරූඪ වන්නේ මෙම දිනයේදී..මනාලියගේ පාර්ශව වෙත මනාල පාර්ශ්වය පැමිණීම මෙහිදී සිදුවේ.

5 - මහා මගුල නැතහොත් මහ ගමන යෑම,

මනාලියට දිය යුතු තෑගිබෝග දෑවැදි සහිතව දීග විවාහයකදී මනාලියගේ පාර්ශවය මනාල නිවසට උත්සවාකාරයෙන් පැමිණේ.

6 - දංකුඩ ගෙන යාමේ මගුල,

දිනකට පසුව මනාලියගේ සමීප ඥාතීන් අතහැරුනු මගහැරුණු තෑගි බෝග රැගෙන මනාලයා සහ මනාලිය ජීවත්වන නිවසට ගොස් සතුටු සාමීචි කර පැමිණේ මෙම මඟුලට දෙමව්පියන් සම්බන්ධ නොවේ බොහෝවිට තරුණ සහෝදර- සහෝදරියන් යහළුවන් විසින් යයි ,,අදටත් දකුණු පළාතේ ඇත.

7, ඉසි දිය මගුල,

ලිප ගිනි තියන මගුල මේ දෙකම හෝ එකක් භාවිතවේ.

මූලාශ්‍රය නම් ජනශ්‍රැතිය වේ...

අදටත් පැරණි ජෝතිෂ්‍යවේදීන් මේ සත් දින මගුල් සදහා නැකත් සාදවා දෙයි,මෙම සද් දිනයටම කිරිබත් සෑදීම කැවුම් සෑදීම පහතරට වෙරළ බඩ නම් මාළු ඇඹුල්තියල් කිරීම වැනි මංගල සම්මත යැයි කරුණු කරයි..

හෙළ සිරිතට අකුරටම දෙමාපියන් ඥාතීන් ගේ කැමැත්ත පිට ගෞරවාන්විතව මංගල්‍යය කරනවා කියන එක තමයි හත් දවසක් මගුල් කනව කියන්නෙ.

මුුණු පොතට වියමන් කරන.

 










A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon