ඇය
තිදරු මවක වන බවත් ලොකු පුතා අවුරුදු විසිපහක් පමන බව පවසමින් මා සමග දොඩමළුව බසයක් ඈ එන මග බලාසිටි බැවින් “යන්නම් ටීචර් ............” යයි පවසා සතුට්න් නික්ම ගියාය. ඒ සතුට ඇගේ
ජීවිතය පුරා පවතින්නේද ? මම මගෙන් විමසමින් සිටිමි. ලොකු පුතාට වයස අවුරුදු විසි
පහකි. පුංචි සිගිත්තියට අවුරුදු පහකි..වයස අවුරුදු 41ක් වු ඇයට වදයක් නොවුවත් මිත්තනියක ලෙස දූ දරුවන් රැක බලා ගැනීම ඉතාමත් අපහසු කටයුත්තක්
බව මට අවබෝධ වී ඇති බැවිනි. එමෙන්ම ඇගේ ජීවන
ගමන් මග මෙනෙහිවීමේදී ඈ තම ජීවිතය ගැන පශ්චාතාප වනු ඇත්දැයි මට සිතෙන්නට විනි.
මේ
මුණ ගැසීම මගේ මතකය මීට වසර විසිපහකට පෙර
( 1997 හෝ 1998 වර්ෂයේ) මා එවකට සේවය කළ පාසලේ පැවති නිවාසාන්තර ක්‍රීඩා
තරගය වෙත රැගෙන ගියේ මටත් නොදැනීමය.
එම
පාසලේ සිසු සිසුවියන් “සූර ,වීර, ධීර” යනුවෙන්
නිවාස තුනකට බෙදා තිබිනි. මා අයත් වූයේ “සූර’ නිවාසයටය.
සෑම
වසරකම පලමුවන වාරයේ දී ක්‍රීඩා තරග පවත්වයි.එය එක්තරා අන්දමක පාසලට සැණකෙළියකි.ගුරුවර ගුරුවරියන් හා සිසු
සිසුවියන් අතර මෙම කාලයේදී පවතින්නේ දැඩි බැදීමකි.දැඩි සුහදතාවයකි. සමහර ගුරුවර
ගුරුවරියන් හා සිසු සිසුවියන් ගුරුගෝල සම්බන්‍ධතාවයෙන් මිදී මිතුරු මිතුරියන් ලෙස
කටයුතු කරන්නේ ඔවුන්ටද නොදැනුවත්ය.ඒ තරම්ම ක්‍රීඩා උත්සවය අපගේ ඇට මිදුළු හා බද්ධ කර ගන්නා බැවිනි..
නිවාසන්තර
ක්‍රීඩා තරගය දින තුනක් තිසිසේ පැවත්වේ.අවසාන දිනයට පවත්වනු ලබන්නේ බාධක දිවීමේ
තරග සහය දිවීමේ තරග මීටර 100,200 සහ 400 දුර දීවීමේ තරග හා සරඹ සංදර්ශණයයි.තම
තමන්ගේ නිවාස වලින් ඉදිරිපත් වන තරගකරුවන්ට ජය අත්වන විට එම නිවාසයේ ජය ඝෝෂා
පාමින් මුළු පරිසරයම ගිගුම් දෙයි.
අද
දින ක්‍රීඩා තරගයේ අවසාන දිනයයි.තරගකාරී ලෙස නිවාස ඉදිකර තිබිනි.එක් නිවාසයක් පොල්
අතු වලින්ද තවත් නිවාසයක් තල අතු (තල මල
පිපිලා........... එන ගීතයේ අතු) වලින්ද අපේ නිවාසය ඉදි කලේ හණ පිතිවලිනි. ( මේ
හණ වර්ගත් අද පරිසරයෙන් වද වී ගොසිනි.) මම සිතිවිලි චාරිකාවක අතරමංව සිටින්නෙමි .යලිත්
පාසල් බිමට පාවෙන්නේ නිතැතිනි.
දැන්
ආරම්භ වන්නේ 17පහල කාන්තා මීටර් 200 දුර දීවීමේ තරගයයි.මේ අතරට ශබ්දවාහිණීයෙන් ඒ ඒ
නිවාස ලබා ගත් ලකුණු වරින් වර ප්‍රචාරය කරයි.මේ වන විට අපේ නිවාස පලමු ස්ථානයට
ලකුණු රැස්කරගෙන තිබිනි.නිවාසයේ ගුරුවර ගුරුවරියන් සහ ශීෂ්‍ය ශිෂාවන් ගේ සතුට
උතුරා යන මුහුණු වලින් පිම්බිලාය. එක් එක් නිවාස වල නිවාස වල ජයග්‍රහණයන් නිකුත්
කරන විට සතුට ගලා යන්නේ තම ලෝකය ජයගත්
අයුරිනි.
17
පහල කාන්තා මීටර් 200 දුර දිවීමේ තරගය
.....ශබ්ද විකාශණයෙන් නිවේදනය වෙයි.
සියළුම තරගකාරිනියන් ආරම්භක ස්ථානය වෙත වාර්තා කරණ මෙන් දන්වයි.. අප නිවාසයෙන්
ගීතාණී තරග කරයි ඈ පෙර දින තිබු මීටර් 100 දුර දිවිමේ තරගයට සහ දුර පැණිමේතරගයට
සහභාගිවි ප්‍රථම ස්ථාන දෙකම රැගෙන විත් තිබිනි.අද ඈ සහභාගි වන්නේ ඇගේ අවසාන ඉසව්ව වන මීටර් 200 දුර දිවිමේ
තරගයටයි.නිවාසයට තවත් පළමු ස්ථානයක්. නිවාසයේ සියල්ලෝගේම අවධානය ගීතාණි වෙතටයි.
ඇයට උණුසුම් අත් පොලොසන් නාදයක් සමග මහත් ජය ඝෝෂාවක් නිවාසය දෙසින් ගිගුම් දෙයි.
ගීතාණී
තරගබිමට උද්යෝගයෙන් තරග බිමට පිවිසියාය.දැන් තරගය පටන් ගැන්මට ආසන්නය. නිවාස තුනේම
සිසු සිසුවියන් තම තමන්ගේ නිවාස වලින් ඉදිරිපත් වන ක්‍රීඩිකාවන් දිරි ගැන්වීමේ
ඝෝෂාවකි.තරගය ආරම්භ විනි. ගීතාණි ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටිමින් ජයග්‍රාහීව තරගය
ජයග්‍රහණය කළාය.පිටියම ගිගුරුම් දෙමින් කාහල නාදයකය. ගීතාණි කලාන්තව බිම ඇද
වැටිලාය. ඇයට කිසිවක් ඇසෙන්නේ නැත. පෙනෙන්නේ නැත.
ඇගේ
ජයග්‍රාහීව තරගය අවසන් කරන මොහොතේ ඈ අසලසිටි
යෙහෙලියන් ගේ තුරුලට ග්‍රහනයවීම නිසා ඈ බිම ඇද නොවැටුන අතර ඇසිල්ලකින් ප්‍රථමාධාර
ඒකකයේ සිසු සිසුවියන් විසින් වහාම ප්‍රථමාධාර
දීම සිදු කරන අතර ඈ යථා තත්වයට පත්නොවුනේය.ඇය තවත් අප්‍රාණිකව වැතිර සිටි අතර බොහෝ
විඩාවට පත්ව සිටි බව නිරීක්‍ෂණය විය.කාලය විනාඩි තිහක් පමණ පත්වීත් ඇයගේ තත්වය
යහපත් තත්වයට පත්වන ලකුණු පහල නොවු බැවින් වහාම ළගම ඇති බලන්ගොඩ මූලික රෝහල වෙත ඇය
කැටුව යාමට තීරණය විය.
මා
ද ඇතුලත් තවත් ගුරු මහත්මියන් දෙදෙනෙකු කැටුව ඈ බලන්ගොඩ මූලික රෝහල වෙත කැටුව ඒමට
පිටත්වුනෙමු .කි.මි 15ක් පමණ දුර ඒ දුර මට දැනුනේ කි.මි 100 ක් පමණ දුර
වෙන්නාසේය.තවත් විනාඩි තිහක් පමණ ගතවන විට අප රෝහලට පැමිණයෙමු .මේ අතර ඇය රෝහල වෙත
කැදවා යන බව ඇගේ දෙමව්පියන් වෙත නිවාස භාර ගුරු භවතුන් විසින් දන්වා තිබිනි.
රෝහලේ
බාහිර රෝගී අංශයේ වෛද්‍යවරු පරීක‍්‍ෂා කිරිමෙන් අනතුරුව ඈ ට්‍රොලියක සතපවා නේවාසික වාට්ටුටක් වෙත යොමු කර ක්‍ෂණික ප්‍රතිකාර විධි
ආරම්භ කරන ලද්දේ අපද අසල සිටියදීය.ඇයට
සේලයින් ලබා දී තිබු අතර ඈ නින්දකට වැටී සිටියාය. පැයක් පමණ ගතවු පසු ඈ නින්දෙන්
අවදි විය.ඒ වන විටත් වෛද්‍යවරු දෙදෙනෙකු ඈ පිලිබදව බොහෝ විමසිලිමත් ප්‍රතිකාර විමසමින් සිටියාය.
නින්දෙන් අවදි වු පසු විඩාව පහව යම්තරමක
ප්‍රානවත් බවක් දක්නට විය. අනතුරුව වෛද්‍යවරු ඈ
සමග අදහස් හුවමාරු කර ගන්නවා දකින්නට ලැබිනි.
පසුව
වෛද්‍යවරු අප දෙදෙනා කැදවා රෝගියා ගේ තත්වය අනාවරණය කරමින් පැවසුවේ ඈ මේ වන විට
පස් මසක් වු ගැභණියක බවයි.මගේ ඇස් නීලංකාර විය.අවට ලෝකය කැරකෙන බව දැනෙන්නට විය.
ඈ”මාස පහක්වු ගැබිණියක්” ?
මේ
දැරිවිය මෙතරම් ලා බාල වියේ ගැබිණියක් බවට පත්ව ඇත.ඇය වසර අවසානයේ පැවත්වෙන සාමාන්‍ය
පෙ විභාගය ඉලක්ක කර ගෙන අධ්‍යාපනය ලබමින් සිටින්නීය.ඇය ඉදිරි අධ්‍යාපන කටයුතු
කරගෙන යන්නේ කෙසේද ?.වෛද්‍ය මතය පළවුයේ ඈග කරන ලද සාකච්ඣා වෙන් අනතුරුවය. අප හට ඈ
ගැබිණියක බව පිලිගත යුතුය.
මේ
අතර ඇගේ දෙමව්පියන්ද රෝහලට පැමිණියාය.ඔවුන් දෙදෙනා වෛද්‍යවරු මුණ ගැසුන අතර මේ
සිද්ධිය ඔවුන් දෙදෙනාට විස්තර කර කියා දී
ඇත.අප බලාපොරොත්තුවුයේ වෛද්‍ය මතය දැන ගැණිමෙන් ඔවුන් කලබල වෙනවා දකින්නටය. එහෙත්
එවැන්නක් සිදු නොවීය.ඒ වන විට විඩා ගතිය බැහැරව රෝගිය යථා තත්වයට පත්වෙමින් සිටින
බැවින් ඇයට විශේෂ අසනී තත්වකුත් නොතිබු බැවින් රෝතියා නිවසට කැදවා ගෙන යාමට වෛද්‍යවරු අවසර දෙන ලද බැවින් අපටද විසිර යාමේ අවස්ථාව
එළඹවෙම්න් තිබුනාය.
ආපසු
පාසලට පැමිණි විගසම විදුහල්පති වරයා හමුව රෝගියාගේ වර්තමාන පසුබිම ඔහුට විස්තර කර දෙන විට මහත් වු කම්පාවෙන් අසා
සිටියත් ඔහු නිහඩ ප්‍රතිචාරයක් දැක්වීම තරුන පහේ ගුරුවරුන් වු අපට ප්‍රෙහෙළිකාවක්
විය.
ගීතාණි සිසුවියගේ පාසල් දිවිය නිවාසාන්තර ක්‍රීඩා
තරගයත් සමග අවසන් විය.දෙමව්පියන් දරුවාගේ පීතෘ භාවය සොයා ඔහුට ගීතාණිව විවාහ කර
දුන් බව පසුව ආරංචි විය.
ගීතාණි
ගේ ජීවිතයට වසර විසිපහකට පෙර පැවති නිවාසාන්තර ක්‍රීඩා තරගය බොහෝ දේවල් ඉතිරි කර නිමාවට පත්විය.