Tuesday, July 23, 2019

නී නාෂමා පෝ.........




සිරිමා - ශාස්ත්‍රී ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිපලයක් ලෙස ඉන්දියාණු සම්භවයක් ඇති වතු කම්කරු පවුල් බොහොමයක් ඉණ්දියාවේ පදිංචියට ගියාය.
1970 ට පෙර අප ගම වටා පැතිර තිබු තේ වගාව අක්කර 1200ක් පමණ විය. මට මතක ලෙසට විශාල ද්‍රවිඩ ජනගහනයක් මේ තේ වගාවත් සමග වතුකරයේ පදිංචිව සිටියාය.
වතු සංස්කෘතියේ  පෙරිය දොරේ , සින්න දොරේලා , කනක්කපුල්ලේලා, ෆීල්ඩ් ඔෆිසර්ලා, ක්ලාක් මහත්තුරු, ටී මේකර්, රබර් මේකර් ආදී තනතුරු මෙන්ම කම්කරු කණ්ඩායම් ප්‍රධාණින් ලෙස කන්කාණී, මැනේජර් කන්කාණී තනතුරුද පහලම මට්ටමේ තනතුරු ලෙස කම්කරුවෝ ගොනුවී  සිටියේය.
මේ සියල්ලෝම විවිධ මට්ටමෙන් ආශ්‍රය කිරීමට මට ඉඩ හසර ඇතිවී තිබුනේ අපේ පියාගේ ව්‍යාපාරික කටයුතු වලට පාත්‍ර වර්ගයා  බවට මේ ජනතාව පත්ව සිටි බැවිනි.
කම්කරුවන් අතරින් යම් යම් උප ක්‍රියාකරම් කරමින් මුදල් රැස් කර ගත් ද්‍රවිඩ කම්කරු පවුල් කිහිපයක් මා හැදින සිටියේය. මම දෙමල කතා කරන්න ඉගන ගත්තේ මේ දෙමළ පවුල් කිට්ටුවෙන් ආශ්‍රය කිරීමට හැකිවු නිසාවෙනි.
ඈ නමින් ‘මීනායි ”ය. මට වයස දහ අට  විස්ස වන අවදියේ  ඈ විශ්‍රාමික කම්කරු මවකි. සාමාන්‍යයෙන් දකින කම්කරු කාන්තාවක් පරිද්දෙන් නොව ඈ සිංහල කාන්තාවක මෙන් පිලිවෙලකට දෛණික කටයුතු සිදුකරයි. පිලිවෙලකට සකස් කර ගත් ඇගේ වතු නිවාසය දැකුම්කළුය.සහයකයින් යොදා ගෙන එළවළු, එළු , ගවයින් සහ කුකුළන් ඇති කල ගොවිපලක් ඈ සතුය.
ඇගේ ධනවත්බව අවබෝධයක් ලබන්න ඉගියක් පළකරමි. 1958 දෙමළ කලකෝලාහාල පැවති අවදියේ ඈ පරිස්සසම් කර දෙන ලෙස අප බාරයේ රත්රන් පවුම් හැට තුනක් තබා තිබිනි.
රුපියල් 6500/= යනු එකල විශාල මුදලකි. ඇරත් ඉතාමත් අරපරිස්සමින් ජීවිත කාලයක් එකතු කරගත් මුදලකින් මෙම මුදලේ අගය ඈ වැනි කාන්තාවකට කොයි
තරම් විශාල මුදලක් වි හැකිද ?.
එකල  ජනප්‍රිය වර්ගයේ ෆෝර්ඩ් පිපෙක්ට් වර්ගයේ කාරයක මිල රුපියල් 10500.00ක් පමණ විය.
ප්‍රදේශයේ විසු ව්‍යාපාරිකයෙකු ග්‍රාමීය දේශපාලකයෙකුවු මහත්මයෙකු හට එම වර්ගයේ මෝටර් රථයක් ගැණීමට අවශ්‍ය වී එම මහතා - මීනායි මවගෙන් රුපියල් 6500/= ණයට ගත්තේය. නමුත් තම දුෂ්ඨ බල පුළුවන් කාරකම් දක්වා එම මුදල අර අසරණ මවට ආපසු නොගෙව්වේය.

කාලය ගත විය.  
එක් උදෑසනක ව්‍යාපාරික ස්ථානයට පැමිණි ඈ වැලි අහුරක් අතට ගෙන නැගෙන හිරු දෙසට “ නී නාෂමා පෝ ” යයි ( උඹ නැති වෙලා පලයන් )  සාප කරමින් වැලි අහුර අහසට විසි කලාය.
ක්‍රමයෙන් ඔහුගේ ව්‍යාපාර දේශපාලන කීර්තිය පිරිහී ගියේය.කාලයක් ගත වන විට පවුලේ සාමාජිකයන් විවිධ අන්දමින් විසිර ගියාය. අවසානයේ තනිව මිය පරලොව ගියාය. අද වන විට ප්‍රදේශයේ වැඩිම දේපල වත්කම් තිබු ඔහුගේ නමින් දේපලක් නැත.
ආසාධාරන ලෙස හරි හම්බ කර ගත් දේපල නැතිවෙලා ගොස් ඇත.



notes of imaginary

Sunday, July 07, 2019

කැකිල්ලේ කතා.



පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම සම්බන්‍ධව පරීක්‍ෂණ ගලා යමින් පවතී. දවසින් දවස එක් එක් නවමු පුවත් අසන්නට ලැබේ.
කැකිල්ලේ නඩුතීන්දු ගැන අපි පුංචි සන්දියේ සිට අසා ඇත.
එක් රට වැසියෙකුගේ නිවසක් වැස්සට කඩා වැටීම නිසා එම වැසියා පිලිසරනක් පතා කැකිල්ලේ රජතුමා මුණගැසීමට රාජ සභාවට පැමිණියේය.
දේවයන් වහන්ස , මගේ නිවස කඩා වැටුනේ වහල නිසි පරිදි සකස් කර නොදුන් නිසා වෙන්  වැස්සට බිත්ති තෙමිලා මැටි දියවෙලා නිවස බිමට සමතලා වුනා.
අසරනවු නිවසියා පැමිණිල්ල ඉදිරිපත් කලේය.

මෙකල මෙන් එකල රජවරු දිනපතා සිදුවෙන මහජන රැස්වීම් වල යෝජනා චෝදනා නියෝග ප්‍රකාශ නොකරන අතර  රාජ සභාවේදී දුක් ගැනවිලි විසදමින් ජනතාවට සහන සැලැස්සුවෝය.
රජතුමා කල්පනා කලේය..

වැරැද්ද සිදුව ඇත්තේ වඩුවා ගේ වැරැද්දෙන් බවරජතුමාට  නිරීක්‍ෂණය විය.
වහාම වඩුවා කැදවීමට නියෝග කලේය.
රාජ පුරුෂයෝ වඩුවා කුදලා ගෙන ඒමට පිටත් විය. මේ ආරංචිය කලින් අසන්නට ලැබු වඩුවා වහා වෙදනා හමු වන්නට ගියේය.
වඩුවාට ක්‍ෂණිකව ඇතිවු පපුවේ වේදනාවකි.එහෙයින් වෙදනා වඩුවා ප්‍රතිකාර වලින් නිදහස් කිරීමට වෙදනා අකමැති විය.
නඩුව විසදීම කල් ගියේය.
දෙවනි අවස්ථාවේ  රජතුමාට සිදුවුයේ වේදනා ගේ නිවසට ගොස් වඩුවා මුණ ගැසීමටය.
කැකිල්ලේ උවත් අවස්ථාව තේරුම් ගැණීමට රජතුමාට හැකිවිය.
වහා වඩුවා කුදලා ගෙන රාජ සභාවට ගෙන යාමට රාජ පුරුෂයින්ට අණ කලේය.
රාජසභාවේදී  , වඩුවාට ‍චෝදනා කියවා දඩුවම් කිරීමට පෙර නිදහසට කරුණු විමසීය.
“පස්වාන් දහසකට බුදුවන්න රාජ උත්තමයාණනි ,  මම වහල නිසි ප්‍රමිතියට සකස් කලෙමි. වහල රදා පවතින්නේ බිත්ති මතයි. එම බිත්ති සවිමත් නොවු නිසා වෙන් මහ වැස්සෙන් වට වැසි ජලයෙන් බිත්ති ගරා වැටිනි. මෙම අනතුර සිදුවුයේ බිත්ති ගරා වැටීම නිසාවෙනි.වහල නිසාවෙන් නොවන බැවින්  මා වරද කරු නොවෙමි.
බිත්ති ඉදිකල බාස් උන්නැහේ ගෙන්වා කරුනු විමසනු මැනවි. ඉන් පසු මා ගැන කලයුත්තක් තීරණය කල මැනවි”.
යයි වඩුවා එකත්පස්ව රජතුමා ගෙන් අයදුනු ලැබිනි.
රජතුමාට සංචාරයක් යෙදී තිබුන බැවින් නඩුව විමසීම කෙටි කාලයකට කල් තැබිනි.සංචාරය නිමවා රාජසභාව කැදවු රජතුමා  වහාම මේෂන් බාස් උන්නැහේ රාජ සභාවට කැදවීමට නියෝග කෙරිනි.
මේෂන් බාස් උන්නැහේ බාස් උන්නැහේට පුර්ව චෝදනා කියවා දුනි. නිදසට කරුණු විමසිනි.
මේෂන් බාස් උන්නැහේ “ පස්වාන් දහසකට බුදුවන උත්තමයාණනි, මැටි ඇනුවේ කුඹලා ගෙනවිත් දුන් කළයෙන් වතුර වක්කරමිනි. එම කළයේ කට නිවරදි ලෙස සකස් කර නොතිබිනි. කට වක්ව තිබු බැවින් මැටි අවශ්‍යවු පදමට සකස් කර ගැණීමට වතුර යෙදීමට නොහැකි විනි.
එසේ හෙයින් ස්වාමිණී, මේ නම් මගේ වරද නොවේ .වරද කුඹලා ගේමැයි.”
රජතුමාට උපදෙස් දුන් අති පන්ඩිතයෝ ද එය අනුමත කල බැවින් , රජතුමා  කුඹලා කැදවීමට නියෝගයක් දුනි.
කුඹලා මේ මොන වින්නැහියක්දැයි සිතමින් රාජ සභාවට ඒ මට පෙර තම අඹු දරුවන්ගෙන් ද සමුගනිමින් නැවත එන්නවේදො නොවේදෝ යයි සැකයෙන් රාජපුරුෂයන් සමග පිටත්විනි. එතරම්ව කැකිල්ලේ රජතුමාගේ නියෝග විසදීම් ගැන ඔහුට වැටහීමක් තිබිනි.
රජතුමා ඔහුට ඇති චෝදනා කියවා දී නිදහසට කරුණු ඉදිරිපත් නොවුන හොත් තමා මගුල් ඇතු ලවා පාගවා මරා දමන බවට පුර්ව දැනුම් දීමක්ද සිදු කරන ලදී.
මේ කඩා වැටුනේ මොන වින්නැහියක්ද  කුඹලාට තරු විසිවිනි.
පස්වාන් දහසකට රජවන රාජ උත්තමයාණනි,  වඩුවා කියන්නේ ඇත්තය. මම සෑදු කළගෙඩියේ කට ඇදය. එයට හේතුව මම කළය සාදන විට එක්තරා රූමත් කාන්තාවක පාරේ දිනපතා එහා මෙහා ගියා ය. ඇය දෙස බලමින් කළය සෑදු බැවින් එහි කට ඇදවිය. එම කළය මිල අඩුවෙන් දුන් නිසා , කුඹලා එය  මිළට ගෙන රැගෙන ගියාය.මා එයට කුමක් කරන්නේද ?.
පාරේ එහා මෙහා ඇවිද ගිය රූමත් කන්තාව නිසා කළ ගෙඩියේ කට ඇදවීම සිදුවිය.
රජතුමාට එම කාන්තාවගේ රූප ස්වභාවය බැලීමේ අනියම් අශාවක්ද සිත්තුල ඇතිවිනි. වහා එම කාන්තාව කැදවා එන ලෙස රාජපුරුෂයෝ යවිනි.
රජතුමා , පෙර පරිද්දෙන්ම චෝදනා කියවා දඩුවම් කිරීමට පෙර නිදහසට කරුණු ඇත්නම් කියන ලෙස නියෝග දුනි.
“රජතුමනි, මම මෙම වඩුවා නිවස සාදන විට පාරේ එහා මෙහා ගිය බව සත්‍යයකි. නමුත්  නිවස කඩා වැටීමට මම වරදකාරිය නොවෙමි.  මම සතුවු රත්රන් කොටසකින්  ආභරණ සාදාගැනීමට  නගරයේ වෙසෙන රන්කරුවාට බාර දුනිමි. ඔහු නියමිත දිනට ආභරන සාදා නොදුන් බැවින්  , ආභරණ ලබා ගැනීමට මට දිනපතා රන්කරුවා හමුවීමට සිදුවිනි”.
එසේ හෙයින් මා වරදකාරිණියක් වන්නේ කෙසේද රජතුමනි. රන්කරුවා මගුල් ඇතු ලවා පාගා මරණීය දණ්ඩනය දුන මැනවි.
රජතුමාට මේ ප්‍රකාශය ඉවත දමන්නට කොහෙත්ම නොහැකිය . මේ සුරුපිණිය කෙසේ මරා දමන්නද ?.

කැකිල්ලේ රජතුමා රාජ පුරුෂයින් අමතා වහාම රන්කරුවා ගෙන්වා කාරණා විමසීය.
රජතුමනි, මෙතුමිය  කියනකරුණු  කාරණා සියල්ල සත්‍යයයි. මම වැරදිකරු වෙමි. මම ඇය දුන් රන් වලින් රන්භාණ්ඩ නිපදවුවෙමි.  එම ආභරණ තවමත් ඇයට ආපසු භාර නොදුන්නෙමි. නමුත් මම ඔබගේ මගුල් ඇතු ලවා පාගවා මැරීමට තරම් සුදුස්සෙක්   නොවෙමි. මම ඉතා කෙසඟ ශරීරයක් ඇත්තෙක්මි. සද්දන්ත මගුල් ඇතු ලවා මා වැන්නෙකු මරා දැමීම එම හස්තිරාජයාට කරන අවනම්බුවකි.
එහෙයින් මරා දැමීමට නම් මහත දෙහෙත කෙනෙක්ම වියයුතුමැයි.
නගරයේ වෙසෙන බඩමහත මුදලාලි නම් උස මහත පුරුෂයකි. ඔහු මගුල් ඇතු ලවා මරා දමන්න සුදුසුයයි මම සිතමි ”.  
කපටි රන්කරුවා රජතුමාට යෝජනා කෙරිනි.
ඇත්ත නේන්නම් මේකා මගුල් ඇතු ලවා පාගා දැමුවොත් ඇතු හට තුවාල සිදුවන්නේය. වහා බඩ මහත මුදලාලි කුදලා ගෙන එන ලෙස රාජ පුරුෂයින් හට අණ කෙරිනි.
මෙයින් වත් මේ නඩු විභාගය අවසන් වේදෝ යි බලා සිටින පිරිසට දැන ගන්න ලැබුනේ රජුගේ වැඩ දන්නා බඩ මහත මුදලාලි පෙර දා දුරු රටකට පලා ගිය බවයි.





notes of imaginary

Sunday, June 16, 2019

අණ්ඩර දෙමල.


දෙන්නාම පිට රටය.

ඒ මෙරට කරන්න මගුලක් නැති නිසා වෙන්න ඇත.හොද වෙලාවට මේ සතියේ විශේෂ යමක් සිදුවුනේ නැත. උනා නම් මේ වාහේලා  එක්වරම කියන්නේ “ මම දැන ගෙන හිටියේ නැහැ ” නැත්නම් “මම ලංකාවේ හිටියේ නෑ ’වගේ අණ්ඩර දෙමලයක්ය.

ලංකාවේ සිදුවන ඕනම දෙයක් ගෝලීයකරනය වන්නේය.කිසිවක් සරල නැත.
මේවා අපට නම් බහු බුතය. ඒ වුනත් අණ්ඩර දෙමල තෙපර බබා දෙසන්නන්ට බැරෑරුම් දේවල්ය.

විල්පත්තු වන සංහාරය මෙන්ම පාස්කු ඉරිදා ප්‍රාහාරය ගෝලීයකරණ සිදුවිම්ය.සීනී ගෝණි වගේ කුඩු හුවමාරුවෙන්නේද ගෝලීය කරණය නිසාය. දවසක සතොසට ගෙනා සීනී අතරටද කුඩු එක්ව තිබු බව වාර්තා විය. මේ සියල්ල වාර්තා පමනක්ය.

ලෝකය ගෝලයක් නිසා අපි මේ තරම් හිරිහැර විදින්නේද ?

මරණ දඩුවම ක්‍රියාත්මක කරන බවට කතාවක් ඇසුනේය. වාර්තා කැදවු බවක් පැවසිනි. අපි අද එයි මරු - හෙට එයි යයි සිතමින් සිටියෙමු. මරු ආවේ  නැත. ගෝලීයකරණවු රටක මරණ දඩුවමද ගෝලීය කරණය වී ඇත්දැයි නොසිතා වේදිකාවේ පාරම් බා කරන්න ගිය තැන හබක් බව නොදන් මේ ඇත්තන් “කඩුල්ල පනින්න පෙර සිතා බලන්නට” ප්‍රඥාව කදුලක් නැත.

එහෙත් අසන්නෝ මෝඩයයි සිතා ගෙන දෙසන්නෝය.


මෙවැනි දෙසුම් අනන්ත අප්‍රමාන අපි අසා ඇත්තෙමු.දැන් මේ කතා  එකකින් දෙකකින් පසු  ප්‍රලාප බව තේරුම් ගෙන  පිලිකෙව් කරන්නට තරම් අපි ප්‍රඥාවන්තය.

notes of imaginary

Friday, June 07, 2019

අතීසාරයට අමුඩ ගැසීම.





මෙගා ටෙලියේ  ඊයේ පෙන්වනු ලැබු කොටස නරඹා අවසානයේ මට සිතුනේ මෝඩයා කට අරිනතුරු ප්‍රඥාවන්තයෙකු බවය.
අද ටෙලියේ පෙන්වනු ලැබුවේ එහි තවත් කොටසකි.
පූරක කතාවක් කියමින් සිටී.
ඔහුට අනුව සෑම ගමකම වඩු මඩුවක් තිබුන යුගයක් විය. අපේ ගෙවල් වල තිබු කොලොම්බුව නම් වු මිටි අසුනේ සිට මේස පුටු ඇද පවා නිපයුනේ මේ වඩු මඩුවේ. වඩු බාස් උන්නැහේ නිවසට විත් උළුවහු දොර ජනේල් වැනි බර භාණ්ඩ සාදා වහල සිවිලිම සකස් කර දු වින්නේය.
පූරකගේ මේ විවරනය අවසානයේ තිරයේ වඩු  බාස්වරු පිරිසක් බෝර්ඩ් ලෑලි උස්සාගෙන පාරට බැස උද්ඝෝෂණයක නිරතව සිටින දර්ශණ පෙලක් පෙන්වමින් සිටී.
කට  වසා සිටි ප්‍රඥාවන්තයෙකු කට ඇරි පමනින් වඩු මහත්වරුන් පාරට බැස්සාදැයි සිතිවිල්ලක මම කිමිදෙන්නට විමි.
විල්පත්තුවේ අක්කර දහස් ගණණක් විනාශයට පත් කර ඇතැයි මහා ඝෝෂාවක් පසු ගිය කාලයේ  විකාශණය වු කොටසක පෙන්විනි. ඒ අතර හදිස්සියේ වාගේ “චේන් ෂෝ ” තබා ගෙන ඇත් නම් ලගම ඇති පොලිසියේ ලියා පදිංචි කර ගැණීමට සිදුවිනි.
චේන් ෂෝ අසු දහසක් මේ ශ්‍රී ලංකාව තුල විසිර තිබු බව කියනු ලැබිනි.
මේ සමග විල්පත්තුවේ ගස් කැපීමට  චේන් ෂෝ නොමැතිව එම ව්‍යාපෘතිය  ඇන හිටින්නට ඇත.
අතීසාරයට අමුඩ ගසන වෛද්‍ය ප්‍රතිකර්ම ගැනද අසා ඇත්තේ මේ රටේදීමය. අපේ සමහර උදවිය ප්‍රඥාවෙන් යුතුවද අතීසාරයට අමුඩ ගසති.
මහා වන විනාශයක් කර ඇති රටක වඩු මඩු වසා දමන්න සිතිවිල්ලක් පහල වෙන්නේ  නම් එය වසා ගෙන සිටි කට ඇරි  ප්‍රඥාවන්තයකුගේ සිතිවිල්ලකි
වඩු කර්මාන්තය මේ රටේ එක් වෘත්තියකි.
වඩුවන් හට  දැව නැතිව   මෙම කර්මාන්තයේ නියලෙන්න නොහැක. වඩුවන් හට දැව සපයා ගැණිමට විකල්ප සලස්වනු  විනා වඩුමඩු වසා දමන්න සිතනවා නම් එය අතීසාරයට අමුඩ ගැසීමකි.




notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon