Sunday, April 06, 2025

රෝහන විජේවීරයන්ගේ දැක්ම




කමල් පී අලහකෝන්  සහෝදරයා 2021 අප්රේල් 06 වෙනිදා මුණු පොතට එක් කල මේ ලිපිය කියවමු. - ඔහුට ස්තුතියි.
ඇරඹී අඩ සිය වසක් ගෙවුනද
එම කාලාවකාශය.තුළ වඩා වැඩි බලපෑමක් සමාජයට එල්ල කළ
දේශපාලන ව්‍යාපාරය ජවිපෙය බව සැකයක් නැත.
ඒ කෙසේ වෙතත් කුමන විග්‍රහ කෙරුනත්
ලාංකීය දේශපාලනය තුළ
වඩාලාත්ම දුර දක්නා ණුවනකින් හා
දැක්මකින් යුක්තව දේශපාලනයට පිවිසි දේශපාලනඥයා
"රෝහණ විජේවීර බව මගේ අදහසයි.
ඉංග්‍රීසීන්ගෙන් අනතුරුව
මෙරට දේශපලෙනයට පිවිසි චරිත විග්‍රහ කොට බැලීමේදී
ඒ බොහෝ චරිත දේශපාලනයට පුවිශ්ඨ වන සාධක
සළකා බලන කල ඒවා "අහඹු"බව හෝ
"ඥාතීත්වය" නැතහොත් "පවුල් පසුබිම" අනුව කෙරැනු බව සනාථ වෙි.
ඇන්,ඇමි,කොල්වින්,කෙනමන් ආදී පැරණි වමේ නායකයන්
දේශපාලනයට පිවිසෙන්නේ අහඹු ලෙසය.
ඩි ඇස් ගේ පටන් ධනපති දේශපාලනයේ නියුක්ත වූවන්
පවුල් පසුබිම මත එළඹුනාහ ය.
විජේවීරයන්ගේ දේශපාලන සම්ප්‍රාප්තිය වූ කලී
පැවති වාස්තවික දේශපාලන වුවමනාවන් පදනම් කරගෙන සිදුකෙරුනකි.
මෙරට බිහිවන පළමු දේශපාලන ව්‍යාපාරය වමේ බලවේගයක් බව ඇත්තකි.
ඉන් කියවෙන්නේ නිදහස ලැබූ ඉංග්‍රීසි යටත් විජිතයන් අතරින්
ලාංකීය දේශපාලනය ඉහළ තලයක නැතහොත්
දියුණු මට්ටමක පැවති බවයි.
එනමුත් එම වාම ව්‍යාපාරයට නිසි එල්ලයක් නොතිබූ බව
53 හර්තාලයේ දී රට අරාජිකවූ අවස්ථාවෙි කැපී පෙනිණ.
නිසි දැක්මක් වැඩ පිළිවෙළක් වූයේ නම්
රජය අත්පත් කර ගැනීමේ අවස්ථාව එදා වමට ලැබිණ.
එදා රජයට පාර්ලිමෙින්තු රැස්වීම පවත්වන්නට සිදු වූයේ නැවක් තුළය.
"බලය"අත්පත් කරගැනීමේ අවස්ථාව එළඹුනද
එදා වමට එවන් හැකියාවක් හෝ දැක්මක් නොතිබිණ.
එවන් පසුබිමක රෝහණ විජේවීරයන් දේශපාලනයට පිවිසෙනුයේ
තාර්කික පදනමක් මත ය.
රැසියාවේ අධ්‍යාපනය ලබමින් සිට
රැසියානු මතවාදයට එරෙහි වීමම මෙහිදී කැපී පෙනේ.
සුමට දේශපාලන ගමණකට ඔහුට රැසියානු පිළ තෝරා ගත හැකිව තිබිණ.
නමුත් හේ තම මතවාදය වෙනුවෙන් එම වරප්‍රසාදය කැප කළේ ය.
ඒ තමා වගා කරගත් දේශපාලන මතවාදය වෙනුවෙනි.
මෙ බව සනාථ කෙරෙන අවස්ථා කිහිපයකි.
හැමන්හිල් බන්ධනාගාරයේ සිටියදී ඔහු විසින් ලබා දුන්
පුවත්පත් සාකච්ඡාවකදී දැක්වූ අදහස්
සේම ජවිපෙ ය පිහිටුවා හයිඩ් පිටියෙහිදී පැවැත්වූ රැස්වීමේ දී
ඔහු විසින් කරන ලද කථාව ඊට නිදසුන් ය.
හැමන්හිල් සාකච්ඡාවේදී ලාංකීය ආර්ථිකය ගැන
ඔහු විසින් ප්‍රකට කළ දැක්ම වර්තමානයේ සැබෑවක්ව ඇත.
සමිප්‍රදායික කෘෂි ආර්ථික භෝගයන් මත අනාගත ආර්ථිකය
පවත්වාගෙන යාමේ අනතුර එදා ඔහු දැක තිබිණ.
තේ,රබර්,පොල් ආර්ථිකය මත යැපීමේ අනතුර ඔහු කළින් දුටුවේ ය.
අද දවසේ අත් විදින පොල් තෙල් අර්බුදය ආදියත් එදා ඔහුගේ
දැක්මට හසුව තිබින
විශේෂයෙන් හයිඩ් පිටියේ දී කළ කථාව තවත් එවන් අවස්ථාවකි.
එහිදී ඔහු දැක්වූයේ
"ඉංග්රසීන් විසින් මෙරට මධ්‍යය කඳුකරය වනසන ලද බවත්
ඔවුනගෙන් පසුව කළු සුද්දන් විසින්
එම කාර්ය දිගින් දිගටම පවත්වා ගෙන ගිය බවත්
මෙරට දේශපාලනයේදී ඉටු කළ යුතු ප්‍රධාන කාර්ය භාරයක් වන්නේ
මධ්‍ය කඳුකරය නැවත වන ගහනයක් කිරීම," බවත් ය.
එසේ නොකළ හොත් තව දශක දෙක,තුනකට පසු
මේ රටේ මිනිසුන් පවුල් පිටින්,ගම් පිටින් වැළලෙන බවත්
එසා ඔහු කීය.
ඒ නාය යාම් වාර්තා නොවන කාලයකදී ය.
විවිධාකාර විවේචන තිබුණත් ලාංකීය දේශපාලනයේ
රොහණ විජේවීර යනු වඩා නිවැරදි දේශපාලන දැක්මක් ප්‍රකට කළ
ලාංකීය දේශපාලනඥයා වෙතියි සිතමි.

කමල් පී අලහකෝන්.

A day in the life

Saturday, April 05, 2025

තාක්ෂණය ජීවිතය නොවේ..






තාත්තාට බැංකුවෙන් මුදල් ගන්න ඕන වුනා . මම ඔහුත් සමග බැංකුවට ගියා. බැංකු කටයුතු අවසන් කර ගන්න ඔහුට පැයක් පමණ ගතවුනා.
මට තාත්තා සමග විරුද්ධ වෙන්න බැරිව ඇහුවා...
''තාත්තේ, ඇයි අපි ඔබේ අන්තර්ජාල බැංකුකරණය සක්‍රීය නොකරන්නේ..?''
''ඇයි මම එහෙම කරන්නේ..?'' ඔහු ඇසුවේය.
''හොඳයි, එවිට ඔබට මුදල් මාරුව වැනි දේවල් සඳහා මෙහි පැයක් ගත කිරීමට සිදු නොවනු ඇති.
ඔබට අන්තර්ජාලය හරහා සාප්පු සවාරි පවා කළ හැකියි. සෑම දෙයක්ම ඉතා පහසු වනු ඇති !''
ඔහුව Net banking ලෝකයට ගෙන ඒමට හැකිනම් මම ගොඩක් සතුටු වෙනවා.
ඔහු ඇසුවේ “මම එහෙම කළොත් මට ගෙදරින් එළියට බහින්න වෙන්නේ නැද්ද...?
''ඔව්, ඔව්''! මම කිව්වා.
මම ඔහුට කිව්වා දැන් සිල්ලර බඩු පවා ගෙදරටම ගෙනත් දෙන්න පුළුවන් කොහොමද සහ amazon හැම දෙයක්ම දෙන්නේ කොහොමද කියලා!
ඔහුගේ පිළිතුර මාව අවුල් කළා.
ඔහු පැවසුවේ ‘‘අද මම මේ බැංකුවට ඇතුළු වූ දා සිට මට මගේ මිතුරන් හතර දෙනෙක් මුණගැසුණා, මේ වන විට මාව හොඳින් හඳුනන කාර්ය මණ්ඩලය සමඟ මම ටිකක් කතා කළා.
ඔයා දන්නවනේ මම තනියම ඉන්නේ...මේක තමයි මට අවශ්‍ය සමාගම.
මම කැමතියි ලෑස්ති ​​වෙලා බැංකුවට එන්න.
මට ප්‍රමාණවත් කාලයක් තිබේ, එය මා ආශා කරන භෞතික ස්පර්ශයයි.
අවුරුදු දෙකකට කලින් මම අසනීප වුණා, මම පලතුරු මිලදී ගන්නා ගබඩා හිමියා මාව බලන්න ඇවිත් මගේ ඇඳ ළඟ ඉඳගෙන ඇඬුවා.
ඔබේ අම්මා දින කිහිපයකට පෙර උදේ ඇවිදින විට බිම වැටුණු විට. අපේ ප්‍රදේශයේ සිල්ලර වෙළෙන්දා ඇයව දුටු අතර මා ජීවත් වන ස්ථානය ඔහු දන්නා බැවින් වහාම ඇගේ නිවසට යාමට ඔහුගේ මෝටර් රථය ලබා දුන්නා.
හැම දෙයක්ම ඔන්ලයින් වුණොත් මට ඒ 'මිනිස්' ස්පර්ශය ලැබේවිද...?
මට සියල්ල ලබා දීමට අවශ්‍ය සහ මගේ පරිගණකය සමඟ පමණක් අන්තර් ක්‍රියා කිරීමට මට බල කරන්නේ ඇයි...?
මම 'විකුණුම්කරු' පමණක් නොව මා ගනුදෙනු කරන පුද්ගලයා දැන ගැනීමට කැමතියි. 
එය සබඳතාවල බැඳීම් ඇති කරනව.
ඔන්ලයින් කම්පැනි මේ ඔක්කොම දෙනවද..?''
තාක්ෂණය ජීවිතය නොවේ..
මිනිසුන් සමඟ කාලය ගත කරන්න .. උපාංග සමඟ නොවේ

------රුවන් නිශ්ශංක
A day in the life

Wednesday, April 02, 2025

මක්කැයි කිව්වේ ?.



බෙන්තර ගගෙන් එගොඩට වෙන්නත් බස් වහරේ ඒ පැත්තට ආවේනික වචන තියෙනවා. දකුනේ “මක්කැයි කිව්වේ.- මොනවද කිව්වේ ,  ඔහේ දන්නවැයි - ඔයා දන්නවද “ වගේ වචනත් එක්ක “ඒකා රහත්වෙලා කිව්වොත්  - එයා අතුරුදහන් වෙලා , ගිය තැනකින් ඇවිත් නැහැ. කියලයි අදහස් වෙන්නේ. කපුවා - දකුනේදී කේළම් කාරයා වෙනවා. ඇත්තෙන්ම රාජකාරියත් එහාට මෙහාට එක දෙක කියලා කියන එකනේ.

බුලත් ආදරය - සංග්‍රහ කිරීමට යෙදෙන කොට රොඩු ලෑම - හොරහින් බැලීමටයි කියන්නේ. අපි නම් රොඩු දානවා . මල් කඩනවා කියලත් කියනවා නේ.

තටා මාට්ටු කිරීම -අවවාද කරනවට , දඩුවම් කිරීමට කියන පදයක් දෑවා - පිලිස්සුන එහෙම නෙමෙයි.  “ ඔහේ ඒක දෑවයි ?. කියලා ඇහුවොත්  අපි තේරුම් ගන්න ඕනි “ඔයා ඒක දැම්ම ද “ ? කියලා.

පොල් නම් ඔයනවා. පොල් විතරක් නෙමෙයි දොඩම් නාරං වගේ දේවල් ඔයන කොට අපි කරන්නේ ලෙලි ගහන එක. හොද කරනවා - පොල් හැර අනෙක් පලතුරු අපි සුද්ද කරනවා.අපි එහෙම කරන කොට දකුනේ ඇත්තෝ ඒවා හොද කරනවා.

“ ඔහේ කාටෙයි ඔය දොඩවන්නේ ? .” ඔයා කාටද ඔය දොස් කියන්නේ ?.ආරෝවක් කරගන්නද හදන්නේ .දොඩවලා ආරවුල් ඇති කර ගන්න කලහම්මාව - කැලබීමක් ඇති කර ගන්න හේතුවක්.

අබියෝගකාරයා - සිහිවිකල්වු අයට කියන කොට අපිට ඉන්න අබියෝග කාරයින් ගැන කම්පාවක් ඇතිවෙනවා.

මරදයා , අමදකුලුපාර -කලබලය ට පත්වෙලා දෝස්මුරය තර්ජනය කරන වෙලාවල් තියෙනවා .  මොදරා - මොනරා පෙද පිහාටු ලෙසයි හදුන්වන්නේ.

අතුකැටියයි ( ඉදල ) - මුස්නයි ( කොස්ස ) අරගෙන කරකසුරි ( දක්ෂ ) ලෙස සුමක්කරේ ( කෙළවරක් නැතිව වැඩ කරන්න ) ගහන්න වෙන වෙලාවල් එනවා.

මේ අස්සේ අහින්නත් කියනවා.නෙලන්න උදලු ගාන්න එතකොට තමයි ඉඩිතිතුවෙන්නේ.

කලබල වෙන්නේ.

සුලිජ්ජ - නම් මුත්‍රාවලට කියනවානේ .  මිරිජ්ජ මිරිදිය  කරිජ්ජ පාගපු දකුනේ ඇත්තෝ 

අපිට ඔච්චම් කරන වෙලාවල් එමටයි. අපිට දිවුල් එයාලට කටුබොර ,  පඩිය  - මී වදය , පැගිරියා - බුලත් විට , ගගුල - වතුර ට  වහරන පද.

පුබ්බරුවට ( බතට ) කහවතුර ( හොද්ද ) ටිකක් ආනමට ( රසවත් හොද්ද )හදගත්තම පංකාදු පහයි .

දිරච්චා - දර, රත්තා - ගින්දර , ගුගුරන්නාව - තුවක්කුව කොටන්නාව ( පොරව )  කපන්නාව (පිහිය ) නිතර ඕන වන දේවල්.

හිගන්නා ( දඩයක්කාරයා ) ට හමුවෙන ආප්පයා ( හාවා ) , වරපොටයා ( තලගොයා ) සුබරයා ( මුවා ) පොට්ටනියා / මහරැහැන්කාරයා ( කොටියා ) , උසරා/ගජරා/බොටකදා ( වල් අලියා ) ගුගුරන්නාව ගිනි බින්දොත් හබක් තමයි.

මල් ඉහිරෙන වැස්ස ( සිරි පොද වැස්ස)    ටිකින් ටික වැඩිවෙලා මාරියාව ( තද වැස්ස ) පටන් ගන්නවා.වැව් මදව්දානවා ( වාන් දමනවා )  මදව්ව ( පිටවාන ) මේවා ඉතින් ගොවිපලට ( කුඹුරට )හාණි කරයි.

හින්නා පුංචි එකා පුංචි දරුවො වැඩිහිටියන්ට හින්නා.  හින්නි පුංචි එකී. හින්නි අම්මා, හින්නි නැන්දා පවුලේ සාමාජිකයෝ.
A day in the life

Tuesday, April 01, 2025

අද අප්රේල් පලමුවෙනිදා



අද අප්රෙල් පලමුවෙනිදා. 

මෝඩයින්ගේ දිනය කියලත් කියනවා. අවුරුද්දේ එක එක දවස් එක් එක් දේ සදහා වෙන් කරලා තියෙනවා.ජාතික දිනය, වැඩිහිටි දිනය කාන්තා දිනය ………ඔය වගේ.

බොරු කියලා ප්‍රබන්ධ පතුරවලා මිතුරන් අසල් වැසියන් අන්දන දවස හැටියට අප්රේල් පලවෙනිදා ප්‍රචලිතයි..

අපේ රටට නම් හැමදාමත් අප්රේල් පලමුවෙනිදා තමයි.

අපි ඇන්දෙන තරම් වෙනත් රටවල ජනතාව ඇන්දෙන්නේ නැතිව ඇති.

අනම් මනම් කියලා හිත රිද්දා ගන්නේ මොකටද ?.

අප්රේල් පලවෙනිදා මෝඩයින්ගේ දිනය වුන හැටි හොයා ගෙන යමු.                                                                                

13 වන ග්‍රෙගරි පාප් වහන්සේ.

1582 වසරේ සිට ග්‍රෙගරියානු දින දර්ශණය සම්මත දින දර්ශණය ලෙස භාවිතයට එක්වුනා. මේ කටයුත්තට මුල් වුනේ 13 වන ග්‍රෙගරි පාප් වහන්සේයි

එතෙක් භාවිතා වුනේ ජුලියානු දින දර්ශණයයි.

ජුලියානු දින දර්ශනය අනුව අප්රේල් 1 දා නව වසර උදාවුන දිනය හැටියට සැලකුවා.

නව වසර උදාවීම සැමරුම් අවස්ථාවක් නේ.

නව ග්‍රෙගෝරියානු දින දර්ශණය අනුව ජනවාරි 1 වෙනිදයි වසර ආරම්භවුනේ.

ග්‍රෙගරියානු දින දර්ශණය භාවිතයට ගත්තේ 1582 ජනවාරි 1 දා සිට උවත් එය ජනතාව අතරට පැතිරෙන්න භාවිතයට එන්න කාලයක් ගතවුනා.

1582 වසර වන විට 9 වන චාල්ස් රජු ප්‍රංශයේ පාලකයා ව සිටියා.ග්‍රෙගරියානු දිනදර්ශණය ප්‍රංශය තුල නිල පිලිගැණිමක් තිබුනත් ජුලියානු දින දර්ශණය ජනතාව අතරින් මුලුමනිනිම බැහැර වෙලා තිබුනේ නැහැ.

මේ නිසා 1584 වසරේ ජනවාරි 1 වෙනිදා නව වසර සැමරිය යුතු බවට නීතියක් සම්මත කිරීමට චාල්ස් රජු තීරණය කලා.

වර්තමානයේ තරම්  සංනිවේදනය එතල දියුණු නැති නිසා ඇතැම් ප්‍රදේශවලට රජතුමාගේ නිවේදනය දැන ගන්නට බැරිවුනා. 

ඔවුන් අප්රේල් 1 වෙනිදාම අවුරුදු සැමරුවා.

රාජ නීතිය කඩවීම පිලිබදව රජතුමා කෝපයට පත්ව අප්රේල් 1 වෙනිදා අවුරුදු සමරන සියලු දෙනාම “ මෝඩයින් “ බවට ප්‍රකාශයට පත් කලා.

එම සිදුවීමෙන් පසුව අප්රේල් පලමුවෙනිදා මෝඩයින්ගේ දිනය ලෙස සැලකීමට ප්‍රංශ වැසියන් පුරුදු වුනා. පසුව යුරෝපයටත් ලෝකයේ විවිධ රටවලටත් මෝජයින්ගේ දිනය සැමරීම ව්‍යාප්ත වුනා.

මින් දශක කිහිපයකට පෙර අප අතර අප්රේල් පලමුවෙනිදාට හිත මිතුරන් නොමග යවා රවටා සතුටට පත්වෙන සිරිත් තිබුනත් වර්තමානය වන විට එය වියකී ගොස් ඇති බවක් දකින්නට ලැබෙනවා. 

මින් අවුරුදු කිහිපයකට පෙර රුපවාහිනිය නොතිබු අවදියේ ගුවන් විදුලි නාටකයක් පැයක් පුරා ප්‍රචාරය කරමින් රටම මෝඩයින්ට ඇන්දවු හැටි මතකයට එනවා.



A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon