Tuesday, August 20, 2024

මුහුදක් අසලකවත් නැති ලීච්ටන්ස්ටයින් රාජ්‍යය


 


මුහුදක් අයිති නොමැති රටවල් එහෙම නැත්නම්, ලෑන්ඩ් ලෝක් රටවල් ගැන ඔබ අසා තිබෙන්න පුළුවන්. එවැනි රටවල්වලට මුහුදක් අයත් නොවන අතර වට වී තිබෙන්නේ අසල්වැසි රටවල්වලින් පමණ යි.
මුහුදක් නොමැතිව වෙනත් රටවල්වලින් පමණක් වට වී තිබෙන රටවල් 49ක් ලෝකය පුරා විසිරී තිබෙනවා. මෙවැනි රටවල් ආනයන, අපනයන ක්‍රියාවලියේ දී දැඩි අපහසුතාවලට ලක් වෙන්නේ ඔවුන් සතුව වරායන් නොමැතිකම හේතුවෙන්. රට කුමන පැත්තකින් හෝ මුහුදට නිරාවරණය නොවීම රට තුළ ආර්ථිකය දුර්වල කිරීමට බලපාන එක් සාධකයක්. එවැනි බොහෝ රටවල්වල ආර්ථිකය එතරම් යහපත් නෑ.


යම් රටක් වට වී තිබෙන රටවල් ද වට වී තිබෙන්නේ තවත් රටවල් කිහිපයකින්නම් එවැනි රටවල් හඳුන්වන්නේ ඩබල් ලෑන්ඩ් ලෝක්ඩ් රටවල් ලෙස යි. එවැනි රටවල් දෙකක් ලෝකයේ පිහිටා තිබෙන අතර, ඒවා මධ්‍යම යුරෝපයේ පිහිටි ලීච්ටන්ස්ටයින් හා ආසියානු කලාපයේ පිහිටි උස්බෙකිස්තානය ලෙස නම් කළ හැකියි.
රටවල්වලින් වට වීම ආර්ථිකය කඩා වැටීමට බලපාන හේතුවක් වුව ද, ලීච්ටන්ස්ටයින් යන රට එම කරුණු මුසාවක් බවට පත් කරමින් දළ දේශීය නිෂ්පාදිතය අතින් මෙන්ම පුද්ගල රැකියා නියුක්තික ප්‍රතිශතය ද ඉහළ මට්ටමක පවතින ප්‍රමුඛ පෙළෙහි රටක් ලෙස හඳුන්වා දිය හැකියි. ඉතින් අද ලිපිය ලීච්ටන්ස්ටයින් පිළිබඳව යි.


මධ්‍යම යුරෝපීය රටක් වන ලීච්ටන්ස්ටයින් බටහිරෙන් හා දකුණෙන් සීමා වී තිබෙන්නේ ස්විස්ටර්ලන්තයට යි. ස්විස්ටර්ලන්තයට ද මුහුදක් නොමැති අතර වට වී තිබෙන්නේ රටවල් කිහිපයකින් ය. ලීච්ටන්ස්ටයින්හි නැගෙනහිර හා උතුරු දේශ සීමා අවසන් වන්නේ ඔස්ට්‍රියාවෙන්. ඔස්ට්‍රියාව ද ගොඩබිමෙන් පමණක් වට වූ රාජ්‍යක් ලෙස නම් කළ හැකියි. මේ පිහිටීම හේතුවෙන් වට වී තිබෙන රටවල් ද වට වී තිබෙන්නේ ගොඩබිමෙන් පමණක් හෙවත් ඩබල් ලෑන්ඩ් ලෝක්ඩ් රටක් ලෙස ලීච්ටන්ස්ටයින් හඳුන්වනු ලබනවා.

ව. කි. මී. 160ක වැනි කුඩා ඉඩ ප්‍රමාණයක් මෙම රටට අයත් වන අතර, ලෝකයේ කුඩාම රටවල් අතරින් හය වන ස්ථානය ද, යුරෝපයේ පිහිටි කුඩාම රටවල් අතරින් හතරවන ස්ථානය ද හිමිකරගෙන සිටිනවා.
38,000කට ආසන්න කුඩා ජනගහනයකින් යුක්ත මෙම රට පාලනය සඳහා කොටස් 11කට බෙදා වෙන්කර තිබෙනවා. ප්‍රධාන නගරය ලෙස හඳුන්වන්නේ ෆදුට්ස්.
රටේ සුවිශේෂී කාරණයක් ලෙස සඳහන් කලොත් අපරාධ හා මිනීමැරුම් අඩු රටවල් අතරට මෙම රට ද ඇතුළත් වෙනවා. එහි අවසන් මනුෂ්‍ය ඝාතනය වාර්තා වෙන්නේ 1997 වසරේ දී යි. තව ද සිර කඳවුරුවල දිවි ගෙවන පිරිස ඉතා අඩු අගයක් ගන්නවා.
ඒ වගේම ලෝකය තුළ භාවිතා වෙන බොරු දත් කුට්ටම්වලින් 20%ක් සපයනු ලබන්නේ ලීච්ටන්ස්ටයින්හි කර්මාන්තශාලා විසින්. තව ද බොලිවුඩ් චිත්‍රපට කර්මාන්තය සමග මෙම කර්මාන්තශාලා බොරු දත් වෙළඳාම පිළිබඳව සම්බන්ධතා පවත්වනු ලබනවා.

මුළු රටේම වැසියන්ව වසරේ එක දිනයක රජ මාළිගයට කැඳවන අතර එම දිනය පුරා මුළු රජ මාළිගාවම උත්සවශ්‍රීයෙන් ඇලළී යාම ද මෙරට දකින්න පුළුවන් තවත් විශේෂ ලක්ෂණයක්.

වට වී තිබෙන රටවල් ද වට වී තිබෙන්නේ තවත් රටවල් කිහිපයකින් වූවත්, එය බාධාවක් නොකරගෙන ඉතා ඉහළ ආර්ථිකයකට හිමිකම් කියන කුඩා ලීච්ටන්ස්ටයින් රාජ්‍යය ලෝකයේ අනෙකුත් රටවලට මනා ආදර්ශයක්.
A day in the life

Monday, August 19, 2024

නිකිණි පුන් පොහොය




නිකිණි පුන් පොහොය වස්සාන සමයේ ආරම්භයයි. හිමාලය අවට දඹදිව් තලයේ වර්ෂා කාලය ඇරඹෙන්නේ මේ සමයේදීය. තුන්මසක් තිස්සේ වස් වසා අවසානයේදී චීවර මාසය උදා වේ.
අජාසත්ත රජතුමාගේ අනුග්‍රහය ඇතිව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආනන්ද, අනුරුද්ධ උපාලි යන මහරහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහරහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් රජගහනුවර වේහාර පර්වතයේ සප්තපර්ණි ගුහාද්වාරය ඉදිරිපිට ඉදි කරවූ අලංකාර මණ්ඩපයකදී ප්‍රථම ධර්ම සංඝායනාව ආරම්භ කරන ලද්දේ ද නිකිණි පුන් පොහොය දිනයේදීය. ලෝකයේ හොඳ හා නරක යනුවෙන් කොටස් දෙකකි. මේවා තීරණය කරනු ලබන්නේ නිකිණි පුන් පොහොය දිනයටය.
වස්සාන කාලය ලෙස නිකිණි පොහොයට පසුව උදා වන සමය හැඳින්විය හැකිය.
බුදුරදුන්ගේ ලලාට ධාතු නිධන් කර සේරුවාවිල දාගැබ තැනීම ආරම්භ කිරීමද නිකිණි පොහොයේදී සිදු විය. එමෙන්ම සේරුවාවිල පෙරහර පැවැත්වෙන්නේද නිකිණි පොහොයත් සමඟය.
පන්සල හා ගිහියන් අතර සබැඳියාව වඩාත් තහවුරු කිරීමට මේ පොහොය වැදගත් වේ.
අන්‍යෝන්‍ය සබැඳියාව වර්ධනය කිරීමට නිකිණි පොහොය විශේෂ තැනක් ගනී. ගිහි, පැවිදි දෙපක්ෂය අතර පවත්නා යුතුකම් ඉටු කිරීමට මේ පොහොය හොඳ මාර්ගයකි. අවස්ථාවකි.
සමාජයේ හා පුද්ගලයාගේ අභිවෘද්ධිය උදෙසා පො‍හොය වඩාත් ජීවිතවලට බද්ධ වී ඇත. මසකට වරක් එළැඹෙන පොහොය දිනය සෙසු දිනවලට වඩා සුවිශේෂත්වයක් දක්වයි.
ජීවිතයට වඩාත් උද්දීප්තියක් ළඟා කරන්නක් ලෙස නිකිණි පොහොය අර්ථ දැක්විය හැකිය. බුදුදහම අනුව මූලික පරමාර්ථය හා අරමුණ, වන්නේ සංසාර සාගරයෙන් එතෙර වීමය. සසර බැමි සිඳ බිඳ දැමිය යුතුය. එසේ සිඳලන්නට හැකි වන්නේ තෘෂ්ණාව දුරු කිරීමෙනි. ආසාව දුරු නොකොට සසර බැමි බිඳ දැමිය නොහැකිය. බුදුරදුන් දස පාරමිතාවේදී මුලට යෙදුවේ දානයයි. නැත්නම් දීමයි. දෙන්නේ නැතිව කිසිවක් කළ නොහැකිය. සසර කෙටි කර ගත නොහැකිය. වර්ෂා කාලයේදී එක තැනකට වී වස් සමාදන් වීම බුදුරදුන් පැනවූ විනය ප්‍රඥප්තියක් නොවේ. ප්‍රාග් යුගයේ සිට පැවත එන සම්ප්‍රදායකි. බෞද්ධ භික්ෂූන් හේමන්ත, ගිම්හාන, වස්සාන කාලවල නිල් තණ මඬිමින් පා ගමනින් කුඩා සතුන් විනාශයට බඳුන් කරමින් චාරිකාවේ හැසිරෙද්දී සෙසු පරිබ්‍රාජිකාදීහු එක්තැන්ව වස් විසීමෙහි ඇලී සිටිති.
“අනුජානාමි භික්ඛවේ වස්සං උපගන්තු” මහණෙනි මම වස්සාන ඍතුවෙහි වස් එළැඹෙන්නට අනුදනිමියි භික්ෂූන් ඇමතූ සේක.
මහණෙනි පෙරවස් එළඹීම පසු වස් එළැඹීම දෙකකි. ඇසළ පුන් පොහොයට පසු දින එනම්, අවපෑළවිය දිනයෙහි පෙර වස් එළැඹිය යුතුය. ඇසළ පුන් පොහොය දිනයෙන් මසක් ඉක්ම ගිය කල්හි නිකිණි අවපෑළවිය දිනයෙහි පසු වස් එළැඹිය යුතුය. වස් එළැඹීම ජනතාවගේ උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් වශයෙන් ඇති වූවක් බව සැලකිය හැකිය.
බුදුරදුන් ප්‍රඥාප්ති ආවට ගියාට පැනවූයේ නැත. යම් යම් හේතු මත විනයන් පන වන ලදි. සඟරුවනේ නිදහසට බාධා කරන්නට බුදුරදුන්ට වුවමනාවක් නොවීය. සිවු මසක් පමණ වැසි පවතින බැවින් ස්වකීය පන්සලට වී ‘වස්සික සාටිකය’ හෙවත් වැසි සළුව වස් වසන භික්ෂූන් විසින් වස් වසන දිනයේ දීම අධිෂ්ඨාන කොට වස්සාන මාසයෙහි පරිහරණය කළ යුතු සිවුරක් ලෙස නියම කොට ඇත.
නාන කඩය යනුවෙන් හඳුන්වන මේ චීවරය සඟරුවනට වාග් විඥප්තියෙන් වුවද ඉල්ලාගෙන පරිහරණය කළ හැකි වස්ත්‍රයක් වශයෙන් සලකනු ලැබේ. මෙය භික්ෂූන්ට
ලබා ගැනීමට ප්‍රථමයෙන් කටයුතු කරන ලද්දේ විශාඛා මහෝපාසිකාවගේ ඉල්ලීමකට අනුවය.
වස්සාන කාලයෙහි සැදැහැවතුන් සඟරුවන වෙසෙන ආරාමයට ගොස් නිතරම පින් දහම් කටයුතුවල යෙදීම මත ජීවිතයේ යථාර්ථය තේරුම් ගැනීමට නිකිණි පොහොය උපස්තම්භක වේ.
බොහෝ අය ජීවිතය හා මනුෂ්‍යත්වය එකක් ලෙස සලකති. එහෙත් මෙය දෙකකි. මනුෂ්‍යත්වය මිනිස්කම මතු වන්නේ ජීවිතයෙනි.
සද්භාවය යහපත්භාවය සත්පුරුෂ ලක්ෂණ කෘතවේදීත්වය, සංවේදී බව යන ගුණාංග මතු වන්නේ මනුෂ්‍යත්වය පදනම් කර ගෙනය.
ජීවිතය යනු පොදු වූවකි. එහෙත් මනුෂ්‍යත්වය මානුෂික භාවය පොදු ගුණාංග නොවේ. මිනිසාගේ විඥානය ප්‍රගුණ කිරීමෙන් මතු වන ලක්ෂණ වන්නේ මනුෂ්‍යත්වයයි.
මානුෂික හැඟීම් මතු වීමට නිකිණි පොහොය හොඳම භූමිකාවකි. පරිශ්‍රයක උදවුවට භාජනය වූ පුද්ගලයා එම ගුණ නිරන්තරයෙන්ම මෙනෙහි කිරීම මිනිස්කමකි. මෙතනදී උදවු කළ තැනැත්තාට හෝ තැනැත්තියට එහි ඵලවිපාක අත් වේ. දත් මැදලා දමන දැහැටි දඬු මෙන් ප්‍රයෝජන ගෙන අමතක කිරීම ඉවතට වීසි කිරීම අසත්පුරුෂයන් කෙරෙහි පවත්නා දුර්ගුණයකි. මේවා අපට අවබෝධ කොට දෙන්නේ නිකිණි පො‍හෝ දින පන්සලට ගිය විටය.
ආනන්ද හිමියන් රහත් වූයේද නිකිණි පුන් පො‍හෝදාකය. නිකිණි පුන් පොහොය දින වෙනත් පොහොය දින මෙන් සිද්ධි සමුදායක් සිදු නොවුණ ද පුද්ගලයාගේ සසර ගමන කෙටි කර ගැනීමට සිත එකඟ කරගෙන මෝක්ෂ මගට පිවිසීමට හේතු වන කරුණු සමුදායයකට මේ පොහොය දිනදී දොරටු විවර විය.

සටහන - ජයන්ති කුරේ

දිනමිණ - 2021 අගෝස්තු 11.


A day in the life

Sunday, August 18, 2024

රස ගුණ පිරි කොල්ලු




කාලෙකට පස්සේ ඔන්න අපේම මේ ලක් පොලොවේ හැදුනු කොල්ලු ටිකක් හම්බ වුනා ....
කොල්ලු ගැන කියද්දී ...
කළු හා සුදු වශයෙන් කොල්ලු වර්ග දෙකක්ම තියෙනවා කියලා ඔයාලා දන්නවා ඇතිනේ....
ඉතින් ඉස්සර නම් ⁣ලොකු හිස් ඉඩම් තියෙන කාලයේ අපිත් මේ කොල්ලු වර්ග දෙකම වගා කලා ...
දැන්නම් ඉතින් ගොවිමහතුන් අපේ රට තුල කොල්ලු වගාව කරන්නේ බොහෝම අඩුවෙන් කියන්න පුළුවන් ...වැඩිපුරම වෙළදපලේ දකින්නට තියෙන්නේ ආනයනය කල රසයෙන් හා ගුණයෙන් අඩු ඒවා තමයි ...
කොල්ලු වගාව සිදුකරද්දී අපි පෙබරවාරි මාසයේ අන්තිමට පොලව සකස්කරවා...මාර්තු මාසයේ මුලදී නොකඩවා එන හිරිකඩ වැස්සත් එක්කම කොල්ලු බීජ ටික ඉඩම පුරාම ඉසිනවා....
ඉන්පසු නැවත වගාවට ලොකුවට සත්කාර නම් සිදුකරන්නේ නෑ ..පොද වැස්සත් එක්කම දළුලා වැඩෙන මේ කොල්ලු වගාවේ මල් පිපී ඵලදාව දෙනවා... මාස කීපයක් යද්දි කරල් වේලී වැල් ටික මැරෙන්නට පටන්ගන්නවා...ඒ වැල් ගලවා අව්වේ දමා තවත් හොදින් වේලාගෙන පොල්ලකින් තැලීමෙන් තමයි ඇටටික වෙන්කර ගන්නේ ...


 මේ විදියට කොල්ලු වගාවකින් හොඳ ඵලදාවක් අපට ලබා ගන්න පුළුවන්කම තියෙනවා ...

කොල්ලු වගාවේදී මේ කොල්ලු ඇට වලට හානි කරන රතුම රතු පාට ලස්සන පුංචි පනුවෙක් කොල්ලු බීජ තුලම හටගන්නවා ....හැබැයි කවදාවත් ඒ සත්වයා වෙනත් බීජයක උපදිනවානම් මම මේ වනතුරුත් දැකලා නැ...ඒකත් කොල්ලු වල තියෙන විශෙශ්ෂත්වයක් කියන්න පුළුවන් ...
ප්‍රෝටීන් බහුල ආහාරයක් වන මේ කොල්ලු ගැන සමහර අය හිතාගෙන ඉන්නේ වෙදකම් සදහා තම්බලා වතුර බොන දෙයක් පමණක් බවයි....හැබැයි ශරීර ශක්තිය ඉක්මනින් ඉහල නංවා ගන්න පුළුවන් ඇත්තටම ශක්තිය ජවය පිරි හන්දිපත් රැදා නසන ආහාරයක් තමයි මේ කොල්ලු කියන්නේ ...මේකාලයේ සුලබව දකින්නට තියෙන රෝගයක් තමයි වකුගඩු
ගල් හටගැනීම කියන්නේ...ඒ රෝග අවස්ථාවන්ගෙන් මිදෙන්නත් මේ කොල්ලු බොහෝ උපකාරී වෙනවා අපට...ඉතින් කොල්ලු වලින් හදන ආහාර ගැන කියනවානම්... මේ කොල්ලු වලින් රසවත් කැඳක් හදාගන්න පුළුවන් අපට...ඒවගේම...උඩරට ප්‍රදේශ වලනම් කොල්ලු බැදලා වංගෙඩියේ කොටලා අරන් ටිකක් පෙගෙන්නට තබා හදන කොල්ලු ව්‍යංජනයේ තියෙන්නේ නම් පුදුම රසයක් තමයි ...මේ කොල්ලු තම්බා ඒ වතුර ටික බීමට ගෙන කොල්ලු ඇට ටිකට පොල් ටිකක් එකතු කරගෙන ප්‍රධාන ආහාරයක් විදියට ගන්නත් පුළුවන් කම තියෙනවා ...කොල්ලු කරල් වේලෙන්න කලින් පොතු ගලවලා වෙන්කර ගන්න ඇට තැම්බුවාම තමයි ගොඩාක්ම රසවත් ...දන්නවාද ...මේ කොල්ලු බදිනවිට පලාතම පුදුම සුවඳයි ...


ඒ බැදපු කොල්ලු වලින් අපට රසවත් බයිට් එකක් හදාගන්න පුළුවන් ...අපේ දේවල් අගය කරන අයට එහෙනම් තවත් පුංචි රහසක් කියන්නම් ....ගොඩාක් අය දන්නෙ නැති වුනාට වසවිෂ නැති අපේම ආහාර වල විශ්ව ශක්තිය මනාව ගැබ්වෙලා තියෙනවා ...ඒනිසාමයි ඒ ආහාර වලින් බොහෝ රෝග පහසුවෙන් නිවාරනය වන්නේ ...එනිසාමයි අපි අපේ උරැමය රැකගතයුත්තේ ...ඉතින් කොල්ලු ටිකක් ලැබුනොත් උත්සාහ කරලා බලන්නකෝ මේ දේවල් ඔයාලටත් හදාගන්න පුළුවන්ද කියලා ...


A day in the life

Saturday, August 17, 2024

අත්තනායක මහත්තයා




කමල් පී අලහකෝන් සහෘදයා විසින් මෙටාවට යොමු කල වියමන් දෙකකි.
කමල් සමග අපට රහට කීමට තරග කල නොහැක.
මුලින්ම මම ඔහුට ස්තුති කරමි.
ඔහුගේ සම්පත් උපුටා ගැනීම ගැන.




"රෝහණ විජේවීර " අතිදක්ෂ කථිකයෙකු විය..
තමා අමතන ශ්‍රාවකයා කවරෙකු වුවද
ඔහුව මුළුමනින් ආක්‍රමණය කිරීමේ හැකියාව ඔහුට තිබිණ.
කිසිදු සටහනක් නොමැතිව යම් මාතෘකාවක් ඔස්සේ
පැය ගණන් කතා කිරීමට හේ සමත් වූයේ
ශ්‍රාවක අවධානය මුළුමනින්ම ආකර්ශනය කරගනිමිනි.
පහත දක්වා ඇත්තේ
හැත්තෑ එකේ අප්‍රේල් නැඟිටීමේ 11වැනි සංවත්සරය නිමිත්තෙන්
1982 අප්‍රේල් 05 වැනි දින
කොළඹ සුගතදාස ස්ටේඩියම්හිදී පැවති උත්සවයේදී
පැවැත්වූ කතාවේ කොටසකි.
........."ඉඩම් ප්‍රතිසංස්කරන හෙම අපි කරනවැයි !"
ඔවු !
කො⁣හොමද ?.
අක්කර පණහක් !"
අනේ,නෑ !
කවුරුහරි අක්කර පණහක් තියාගෙන ඉන්න ඕනෑ අය ඉන්නවා නම්
ඒ අය ජනතා විමුක්ති පෙරමුණ අතෑරලා යන්ට ඕනෑ.!
අපෙ ලඟ ඔය "අක්කර පණහේ සමාජවාදයක්" නෑ.!
අපි මොකද කරන්ට යන්නෙ.?
රටේ මූළික ඉඩම් ප්‍රතිසංස්කරනයක් කරන්ට යනවා.
විප්ලවවාදී ඉඩම් ප්‍රතිසංස්කරණයක් ඒක.
ඒක බොහොම සංකීර්ණ එකක්.
අපි අහනවා.
අද තියෙන්නෙ "මිනිස්සුන්ට වැඩ කරන්ට බෑ" කියන එකද?
"වැඩ කරන්ට දෙන්ට බෑ"කියන එකද ?
අද තියෙන්නෙ "මිනිස්සුන්ට වැඩ කරන්ට බෑ"නම්
තර්ක කරතෑකි
"ඔන්න සමාජවාදය යටතේ තුවක්කු අල්ලලා වැඩ ගන්නවා කියලා!"
අද කවුරුවත් කියන්නෙ නෑ,
"අපිට රස්සා කරන්ට බෑ" කියලා.
කවුරුත් කියන්නෙ "අපිට රස්සා ඕනා" කියලා නේද ?.
රස්සා දෙන්න බැරි එකකුයි තියෙන්නෙ.
රස්සා දෙන්ට බැරි ක්‍රමයක් වෙනුවට
රස්සා දෙන්ට ප්‍රළුවන් ක්‍රමයක් ආවම
මොකටද තුවක්කු අල්ලන්නෙ?.
සමාජවාදය කියන්නෙ තුවක්කු අල්ලන ක්‍රමයක් නෙවෙයි.
සමාජවාදය තුවක්කු අල්ලන්නෙ නෑ !
රැසියාව ? අපොයි නැ !
චීනෙ ? අපොයි නෑ !
ඕන නම් කෙනෙකුට රස්සාවක් නොකර බඩගින්නෙ ඉන්ට අයිතිය අයිතිය තියෙනවා.
අපි ඒ අයිතිය කාගෙන්වත් උදුරාගන්ට යන්නෙ නෑ.
හරි,
,ජනතා විමුක්ති පෙරමුණ බලයට පත් වුණාට පස්සෙ
මල්ලිමාරච්චි මහත්තයා කීවොත්,
"මං මෙච්චර කල් රස්සාකරේ නෑ,!
මහන්සි වුණේ නෑ !
මට ඕවා කරන්ට බෑ !" කියලා,.....
"ඉතිං එහෙමනං බඩගින්නෙ හිටපං ගෙදර.
අපේ ප්‍රශ්ණයක් නෑ .
ඒ අයිතිය එයාට තියෙනවා.
අනිත් මිනිස්සු සූරාගෙන කාලා ඉන්ට ඉඩ දෙන්ට බෑ !
ආගමේ කියලා තියෙනවද?
මිනිස්සු බහුතරයනට අත්ථකිලමතානුයෝගය දීලා
සුළුතරයකට කාමසුඛල්ලිකානු යෝගයෙන් ජීවත් වෙන්ට ? .....නෑ !
පවුල් හතළිහක් තියෙනවා.
ඒ ගොල්ලො කාමසුඛල්ලිකානු යෝගයෙන් ජීවත් වෙනවා.
කෝටියක් ජනතාව අත්ථකිලමතානු යෝගයෙන් ජීවත් වෙනවා.
ජේ.ආර්.ලගේ සිරිමාගේ ආණ්ඩුවයි බුද්ධාගමට ඔය තැන දුන්නෙ.
"බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නෙ.
"චී චී ඒ කැත වැඩේනම් කීයටවත් කරන්න එපා,!" කියලා."





උලපනේ වතු යායක හිඳ "අත්තනායක මහත්තයා" නමින්
"රෝහණ විජේවීරය"න් අත්අඩංගුවට පත් වූ කළ
ඔහුගේ දරු පවුල රඳවා තබන්නේ තිරිකුණාමලේ හමුදා කඳවුරක ය.
මෙම හදිසි වියොවින් බරපතල කම්පනයට බඳුන් වනුයේ
විජේවීර බිරිඳ සහ වැඩුමල් දියණිය "දසුන් ඊෂා "සහ
"දෙවැනි දියණිය "වූ "සුපුන් වාගා"ට විය යුතු ය.
ඉතිරි දරුවන් සිවුදෙනා එවක බහ නොතේරෙන ලාබාල වියේ පසූ වූහ.
නවසිය අනූ පහේ "ප්‍රොමිතියස්"නාට්‍යයද රැගෙන තිරිකුණාමලයට ගිය පසු
මම ඔවුන් බැලීමට ගුවන් හමුදා කඳවුරට ගියෙමි.
චිත්‍රාංගනී ඉදිරියට ආවේ නැත.
එක් දියණියක් පමණක් එළියට ආවා ය.
මම ඇයගෙන් අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසීමි.
ඇය කීවේ තමා
" තාරකා විද්‍යාවට බොහෝ සෙයින් ඇළුම් කරන බවත්
නමුත් රාත්‍රි කාලයේ තාරුකා නැරඹීමට අවසර නොමැති "බවත් ය.
ඇය "සුපුන් වාගා" යැයි සිතමි.
පසු කලෙක ඇය සිය පියා මෙලෙස චිත්‍රණය කළා ය.
"මේ සිරකුටිය පාමුල
බිහිසුනු නැගෙනහිර වෙරළේ
චන්ඩ දළ රළ හැපී බිඳී යයි.
මගේ ළමා විය සිරගත
සිර කඳවුරෙන් ඈතක
හිරු රැස් වැටෙන
මහ වැසි ඇද වැටෙන
ලා තන නිල්ල යට
ඔබ සැතපෙන බව දනිම් තාත්තේ.
මේ ඔබ නිඳන බිම මත පියවර ළකුණු නොතබා
රහසින් තබා යන මගේ හදවතේ දැල්වෙන
අධිෂ්ඨානයේ පහනයි.
ආදරණීය තාත්තේ...
මා නොදන්නා තැනක
සොහොන් කොත් නැති සොහොනක
ලා තණ නිල්ල යට නිඳයි ඔබ
සදාකල් තාත්තේ..
ඔබේ සිරුරේ අළු වලින්
පෝෂිත බිම් කඩෙහි
රතු මල් පිපෙනු ඇත
දල්වන්නට කෙනෙකු නැති මුත්
මම එමත දල්වමි කෙදිනක හෝ පහණක්
තාත්තේ...
එම පහණෙහි ගිණි සිළුවෙන්
මම ඔබ පැතූ ලොව වෙත පිය නඟමි.
තාත්තේ..
සිහිනයෙන් හෝ විත්
මා දිරි ගන්වනු මැනවි
මේ සිපිරිගෙය තුළ
ගෙවී ඇත ළමා විය
තුරුණු වියද මේ තුළ
ගත කරන්නට සිදුවේද තාත්තේ
සදා කල් නුඹ මගේ පියා වේවා
කටුකොහොලින් පිරී ගිය නුඹේ පා ලකුණු රැඳි
ඒ මගම සැකක් නැහැ
මමද යමි තාත්තේ"

A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon