Sunday, July 14, 2024

ඒත් මේ අවසාන ලිපිය















 ඒත් මේ අවසාන ලිපිය

ඉතින් මා ප්‍රියය මේ අවසාන ලිපිය
මල් පිපුණු උයන් වතු කෙළවරේ
නින්නාද වු වචන පෙලහරේ
සැබෑ වේ යැයි සිතූ ප්‍රේමයේ
රාත්‍රිය
ලයම උණුහුම් කරපු රාත්‍රිය
දෙතොල් පෙති තෙරපාපු රාත්‍රිය
නිසොල්මන් වී ඒත් සුසුම්ලයි
වෙව්ලනා ඇඟිලිතුඩු
වචන අහුලනු දැනෙයි
කිසිත් නැති රික්තයක
බිඳුණු හද රිදුම් දී ඔහේ පාවෙනු දැනෙයි
අගුළු බිඳි දොර පලුව
සුළඟ හා ගැටී වැලපුම් ගෙනෙයි
දැන් ඉතින් මැදියමද ගෙවී ගොස්
අස්වසාලනු නොහැකි හැඟුම් විත්
ලිපියෙ අවසානයට
රත්තරං නුඹ මගේ යැයි ලියයි
ඉස්තරම් ලෙස බැඳුම් ගැට දමයි
ඒත් මේ අවසාන ලිපිය
----සෝමලතා හේරත් මැණිකේ







A day in the life

Saturday, July 13, 2024

පොඩ්ඩිගේ කථාව --දොලොස්වන වියමන.













 

 

පොඩ්ඩිගේ කථාව --දොලොස්වන වියමන.

කාලය මේ විදියට ගෙවී යනවා....

දවසක හැන්දෑවේ සමීර මට කතා කලා...
කාලෙකින් කල මේ ඇමතුම ,
ඇමතුුම   ආගන්තූකයෙක් ගෙන් ලැබුන ඇමතුමක් වගේ වුනා.
මම අහගෙන ඉන්න තීරණයකලා. .............
මොකද කතා නැත්තේ ?
මම සමීර......
ඔව් මම දන්නවා. මගේ පිලිතුරු හඩ කාරුණික වූනෙන් නැහැ.
සමීර මේ මට කතා කරන්නේ අවුරුදු තුනකට ආසන්න කාලයකට පසුවයි. එතෙක් මා ඉන්නවාද නැද්ද කිය හොය බැළුවේ නෑ නේද ? කියලා මට හිතෙන්න ඇති.
මා කෙතෙක් දුරකතන ඇමතුම් ගත්තත් ඔහු මුල් කාලය තුලම පෝනයට පැමිණියේ නැහැ.
මෙතරම් ගොරෝසු හිතක්..
ලිහිල් වෙලාද ?
මම කොහොම ප්‍රතිචාර දක්වන්නද කියලා මට හිතාගන්න බැරිව ඉන්න කොට..
කතා කරන එක කරදරක් ද? ......අහනවා.
නෑ ......මොකද අද ?. මම පුංචි ප්‍රවේශයක් ලබා දුන්නා.
මම ඔයාව හමුවෙන්න ?......
තේරුමක් තියෙනවද ?. මම ප්‍රශ්නයක නතරවුනා.
මම හිතන්නම් .........මම පෝනය විසන්ධි කලා..…
නිසසල පොකුණකට බර ගලක් අතැරියා වගේ......හදා ගෙන සැහැල්ළු කරගෙන තිබු සිත ආයෙත් අවුල්වුනා.
මම මනස හසුරුවා ගෙන මේ තත්වයට පත්වෙන්න කොයිතරම් වෑයමක් ගත්තද ? මම මගේ ජීවිතයෙන් ලබා ගත් දේවල් තුලින් කළකිරීමටත් අතෘප්තියටත් වේදනාවටත් පත්ව විදවමින් සිටි කාලය මට සිහිවනා .කාලයා විසින් ජීවිතය සන්සුන් කර ගලපා යලිත් මුල සිටම ජීවත්වීමේ උවමනාව ඇති කර ගන්නට කොයිතරම් පීඩාවක් වින්දේද ?.
මම ආපසු ඒ් අතීතය පිලිසකර කර ගැනීමට නම් උත්සාහ නොගනිමි යයි තරයේ සිතට ගත්තා.
නැවත කතා කලොත්....ඔහූු නීතිමය බැදීම් වලින්ද නිදහස් කර ගැනීමට සහය වන බව පමනක් පැවසීමට මම හිත ගිවිසා ගත්තෙමි.
අම්මාට මේ ප්‍රවෘත්තිය කී විට ඈ නිහඩ ප්‍රතිචාරයක් දැක්වූවාය. ඇය මගේ කැමැත්තට ඉඩ දී තිබුනා විය හැක.
උඹ පූංචි බබෙක් නෙමෙයි නේ ? කීවා මිස ඒතනින් ඇතට ඈ කතා බහ දික් කලේ නැත.
ඔව් . මම පුංචි බබෙක් නෙමෙයි නේ මමත් සිතුවෙමි.සියළු වද වේදනා වලට මෙන්ම සතුටට විමුක්තියට මුල් වන්නේ සිතය. සිතට බදා ගත හැක. බෙදා ගත හැක. අත් හලද හැක.
පහන්වු සිතක් ඇතිවිටක කරන කියන දේ ප්‍රතිපල සෙවනැල්ලක් සේ පසුපස ඒන්නේය.නොපහන් සිතකින් දවස ගෙවන විටක කොයිතරම් පීඩාවක් විදින්නට සිදූවේදැයි මම පසූගිය කාලයේ අත්වින්දෙමි. යලිත් ඒ් නොපහන් පරිසරයට යාමට මගේ සිත කැමති නැත.
මා කියවු පොතක මහත්මා ගාන්ධි මෙසේ කිවු බව සටහන්ව තිබිනි. “මිනිසා වූ කලී ඔහූගේ සිතිවිලි වල ප්‍රතිපලයකි. ඔහු සිතන්නේ කවරකු වන්නටද ?ඔහු ඒ් තැනැත්තා බවට පත්වේ. මෙවා සිහිපත් වන්නේ ව්‍යාසනයට පත්ව දැවෙන සිත් ඇතිවිට වීම අප ලබා ඇති අභාග්‍යයක් යයි මට සිතුනි. මම ආදරය කලෙමි.ආදරය අත්පත් කර ගැනීමට විවාහ වුනෙමි. විවාහය ගිනි ගෙයක් වු විට සියල්ල දවා හළු කර දමමින් හකුලා ගනිමින් මවගේ ආරක‍්ෂාව පතා පසු බැස්සෙමි. මේ සියල්ලම සිදුවුයේ සිතිවිලි නිසා වෙනි.
“ පොඩ්ඩියේ කෑම කමු “ අම්මාගේ ආදරණීය ආමන්ත්‍රණය මගේ කල්පනා ලෝකය බිද දමන ලද්දෙන් දෙවරක් කතා කරන්නට පෙර “එනවා අම්මේ “කියමින් අම්මා සොයන්න විමි.

A day in the life

Friday, July 12, 2024

සර් දෙන්නම නිවුන් දරුවෝ















 

වියපත් වු දෙදෙනෙක් බීම හලක එක මේසෙක වාඩි වෙලා , බැස යන හිරු සමරනවා .දැන් ටිකින් ටික අදුරත් ගලනවා.
ගලන අදුරත් එක්ක දෙන්නගේ කහ ‍ඉරේ සීමාව ඉක්මවෙලා රතු ඉරට එමින් තියෙනවා.
දැන් මේසෙට වාඩි වුන දෙන්නා නෙමෙයි ඉන්නේ.
එක්කෙනෙක් අනිත් කෙනාට ඇගිල්ල දික්කරලා.............ඔයා මම අදුරනවා වගෙයි. !. හ්ම් .......කොහේ ඉදන්ද ආවේ ?.
අහනවා . මේක බලා ඉන්න අයට පුංච් කතුහලයක්.
හ්ම්......මම අයර්ලන්තයේ !!
ප්‍රශ්නේ යොමු කරපු කෙනා.
වෙන්න බැහැ . ඔබ අයර්ලන්තයේ වෙන්න බැහැ. ........ලෝකේ මෙච්චර පුංචි වෙන්න පුළුවන් ද ?
අවිශ්වාශය පලකරනවා
අයර්ලන්තයේ නම් මොන නගරයේ ද ? සෑහීමකට පත් නොවුන ඔහුු නැවත අහනවා
ඕ .........මම ඩබ්ලින් වල.
දෙවැන්නාට හරි පුදුුමයි.
කෙහොමවත් ඩබ්ලින් වෙන්න බැහැ. මේක මේ තරම් පුංචි ලෝකයක්ද ?
පලමුවැන්නා දෙවැන්නාගෙන් මෙහෙම අහනවා.
ඔබගේ පාසල ?
මම ශාන්ත මරියා විද්‍යාලයේ 55 කන්ඩායමේ. එතකොට ඔබ ?
මමත් ඒ පාසලේ 55 කණ්‍ඩයමේ නේ !!.
මේක වෙන්න පුළුවන් ද ? දෙන්නාටම පුදුමයි. අම්මපා ලෝකය මේච්චර පුංචි වෙලාද ?
මාරයිනේ ........දෙන්නම පුුදුමයෙන් කෑ ගහනවා.
එහා මේසේ ඉදන් මේ කතාවට ඇහුම් දි දී හිටපු මට කුතුහලයක් වුනා මේ කතාව .
මම බාර්මන් ගාවට කිට්ටු කරලා ඇහුවා ......ජෝ මහත්තයා මොකක්ද මේ දෙන්නගේ සාකච්ඡාව කියලා ?
බාරමන් කියනවා රතු ඉරට ආවම හැමදාම ඔය දෙන්න ඔය වගෙමයි. වාද වෙන්නේ ඔය මාතෘකාවෙමයි.කියලා හිනා වෙලා කියනවා
සර් දෙන්නම නිවුන් දරුවෝ ...............


A day in the life

Thursday, July 11, 2024

එහෙනම් ජීවිතයත් මාර්කට් යනවා වගේද සීයේ ?.













 

ජීවිතය මොන වගේද?

දැන් කාලේ පුංචි එවවුවන්ගෙන් බේරෙන්න හරි අමාරුයි. එයාලට නොයෙක් ප්‍රශ්න. උත්තර දීලා සෑහීමට පත් කර ගන්නත් බැහැ.
මම දවසක් වෙලද පොලට යන්න සූදානම් වෙනවා. අට වසරේ ඉගන ගන්න මුණපුරා මගෙන් අහනවා ජීවිතය මොනවගේද කියලා ?
මම උත්තර දෙන්නේ කොහොමද ......මට ප්‍රශ්නයක්
පුතා මම පුංචි පුංචි බඩු ටිකක් ගන්න මාර්කට් එකට යනවා. යමු මාත් එක්ක .අපි කතා කර කර යමු. මටත් තනියි නේ මම කිව්වා. මුණුපුරාත් එකගවුනා.
අපි දෙන්නා මාර්කට් එකේ එහා මොහා ඇවිදිමින් අවශ්‍ය භාණ්ඩ මිළදී ගත්තා. සබන් , දන්තාලේප,එළවළු , පලතුරු. කිරි බිත්තර ඔය වගේ දෙවල් රැස්ර ගන්න කොට කාලය ගොඩාක් ගෙවී ගියා.
අපි කතා බස් කරමින් විනෝද වෙමින් විහිළු කතා කරමින් සිටි නිසා හවස් වෙනවා දැනුනේම නැහැ.
අපි ආපහු එන්න පිටත් වුනා. ඒ එන ගමන් මුණුපුරා උදේ ප්‍රශ්නේ ආයේ මතුකලා.
සීයා තාමත් මට කිව්වේ් නෑ නේ ජීවිතේ මොනවගේද කියලා ?.
"ඉතින් මට කියන්න සීයේ... ජීවිතේ මොන වගේද?"
මම මුණුපුරාගෙන් ප්‍රශ්නයක් ඇහුවා.
අපි මාකට් බඩු අරන් ඉවර උනාට පස්සේ මොකද වුනේ?
මුණුපුරා කියනවා.
මේ අපි ගෙදර යනවානේ සීයේ .
මම මුණුපුරාට හිනා වුනා
ජීවිතේ හැටි එහෙමයි!
ජීවිතේ හරියට මාර්කට් යනවා වගේ.
බඩු අරගෙන ඉවර වුණාට පස්සේ ආපහු ගෙදර යනවා!
අහන්න පුතේ, ජීවිතේ හරියට මාර්කට් එක වගේ.
හැමෝම මාර්කට් එකටට එන්නේ බඩු ගන්න හෝ විකුණන්න.
ඒ වගේම මාර්කට්එ එකේ එහෙ මෙහෙ ඇවිදින කොට. කාලය ඉවරයි.
සමහර අය ඇවිත් තමන්ට ගන්න ඕන දේ අමතක කරනවා,
සමහරු ඇවිත් තමන්ට අවශ්‍ය දේ මිල දී ගෙන යනවා,
සමහරු දුකෙන් සහ පසුතැවිලි වෙනවා .
සමහරු කලින් පිටව යනවා,
සමහරු පරක්කු වෙලාා යනවා,
නමුත් සමහර අය කඩිමුඩියේ යනවා.
අපි සදාකාලික ඉන්නේ නැහැ. මාර්කට් ගිහින් ආවා වගේ .
අපි ඉපදෙනවා. ජීවත්ව ඉන්න කාලේ නොයෙක් නොයෙක් දේ එකතු කරනවා. නොයෙක් නොයෙක් දේ අතහරිනවා
ජීවිතයත් ඒ වගෙයි.
එහෙනම් ජීවිතයත් මාර්කට් යනවා වගේද සීයේ ?.


 day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon