කොත්මලා ඔය හඬ නඟමින් බැස යනයැයි මුලදී අප රැවටුණේ , නො දැනුවත්කමටය.එය ,එතරම්ම විශාල ඝෝෂාවකි . ඇහැලමලින් පිරුණු ගස යට වූ බංකුවේ වාඩිවූ විටඇස් මානයේ පෙනෙන වෙල් ඉපනැල්ලචමත්කාර ජනක හැඟීම් මතුකරවයි.මෙවැනිවෙල්යායක හරකුන් දක්කාගෙන යනජවසම්පන්න තරුණ ගැටවරයෙක් ..කාවන්තිස්සරජුට රහසේ ,සරල ගැමි ජීවිතයකට යොමු වූඅයුරු , අතීතයට ඉගිළ ගිය සිතුවිළි නිසාමනසේ සිත්තම් වන්නට විය.දෙහදු කඩුල්ල හරහා කොත්මලයට පැමිණිකුමරු කොටගෙපිටිය ගම්මානයේ ,ගමරාළ ගේගෙදර නවාතැන් ලබාගත්තේ ගුත්තා ...ලෙසපෙනී සිටිමිනි .“මොණරාගල කන්ද පාමුළ සැදී ඇතීනිල් දිය කඳුර හෝ හෝ ගා ගලා යතීගාමිණි කුමරු හොර රහසේ ලැගුම් ගතීමේ ගම පියස කොටගේ පිටිය නම් වෙතී .”(ජනකවියක්)ගොවිතැන් කටයුතු සඳහා ඌරුපැලැස්සේ ගමරාළ ට සහාය වීමට ඔහුට සිදුවිය .නන්නාඳුනන තරුණයා ට ගම්මුන් ගේ සහායනො ලැබුණු බව ජනප්රවාද පවසයි.කොත්තුනුගොඩනවන්ගම ප්රදේශය යකඩ කර්මාන්තයට ප්රසිද්ධය .උදැල්ලක් සාදා ගැනීමට නවංගම කම්මල්කරුසොයා පැමිණි විට ,කුමරු ගේ ඉල්ලීම ප්රතික්ෂේපකරමින් කල් මැරූ බව කියවේ. කම්මල අසලකැලෑ රොදක සැඟවී ,කම්මල් කරු බැහැර යනතෙක් බලා සිටි ඔහු ,අවසානයේ කම්මල්කරුපිටවෙනවාත් සමග එහි ගොස් ඉවත ලා ඇතියකඩ කැබලි තලා සුළු වේලාවකින් ,ඉතා කදිමඋදැල්ලක් සකස් කරගත් බවත් , කම්මල්කරුපැමිණි විට එය දැක විශ්මයට පත්වී ,කුමරුටවැඳ වැටී සමාව ඉල්ලූ බවත් කියැවේ.කුමරු හරක් බලා ගැනීමට ගියේ ,මොණරාගලකන්දටය . එම කන්ද මුදුන මොණරකු ගේ පිල්කළඹ සේ උස්ව පැවති හෙයින් ඒ නම ලැබුණුබව ගම්මු පවසති.ගොවිතැන් කිරීමට අවශ්යමීගොන් ලබාගැනීමේදී පවා ගම්මුන් ගේකෙණෙහිලි කම් නිසා අවශ්ය තරමට මී ගොන්නො ලැබුණද ...ඔහු ගේ පින් මහිමයට පසුවමීගවයින් ඔහු සතු ගවයා පසුපස පැමිණි බවක් දජනප්රවාදයේ එයි.මොණරාගල කන්දේ සිට ගලා බසිනා රජ ඇළපිළිබඳවද අපූරු ,ඇදහිය නො හැකි කතා පුවතක්ඇත . සෙසු ගොවීන් ගුත්තා ට ජලය ලබාදීමටඅකමැති වූ බැවින් තම කෙවිට අතට ගත් ඔහුකන්දේ සිට පහළ වෙල්යාය දක්වා කෙවිටෙන්ඉරක් ඇඳගෙන ගිය විට ,ඔහුගේ පුණ්ය ශක්තියටඒ පාර ඔස්සේ ජලය ගලා ආ බවත් .එම ඇළමාර්ගය “ රජ ඇළ” නමින් පසුව භාවිතා වූ බවත් ය.“උදහස් වූ බැවින් පිය රජු හට බියෙනීපැනගොස් මොණරගල හෙළ අසබඩ පැමිණීඑහි හිස් ඉඩම්වල සරු කෙත් කරවමිනීවිසු වෙස්වළා ගාමිණි කුමරිඳු තුටිනී .”(ජන කවියක්)තමාගේ උදැල්ල හා මී ගවයින් උදව් කරගෙනවෙල් යායක් සරුසාර ලෙස අස් වද්දා ..ගම්මැහේනොහොත් ගමරාළට තම ශක්තිය පෙන්වීමටකෙවිට ඇදගෙන එනවිට ,ඒ පසුපසින් වී පිරවූමළු එකදිගට පැමිණි බවත් ...වී ඇසුරූ ගෙදර“වීසුරු ගෙදර” නම් වී ,පසුව කටවහරේ භාවිතයටඅනුව ..අද “ වීරසූරිය ගෙදර”නමින් දක්නට ලැබේ .“ ඌරු පැලැල්ලේ ගම මහගේ ගෙදරමාරු වී එනම “ වී ඇසුරූ ගෙදර”සීරුවට අළුත් පලකරන නිසියුරවීරසූරිය ගෙදරයි දැනට බැවහර .”(ජන කවියක්)කුමරුට සේවකයෙකුට මෙන් සැලකු ගමරාළහා සිය පවුල ,කුමරු ගේ දස්කම් දැක බෙහෙවින්පැහැදී ,කළු එතනා නම් සිය වැඩිමල් දියණියඔහුට කාර බැඳ දෙන්ට වෑයම් කළද ,ඇයඅකමැති වී ඇත.එහෙයින් ගුත්තාට මල් කදට(බත් පෙට්ටියට) ඇඹුල ගෙනගියේ බාල දුවරන් මැණිකාය .දෙදෙනා අතර සෙනෙහසක්ගොඩ නැගුණු බවත් පසුව ඇය හා කාර බැඳපැලැල්ල දෙණියේ මහ ගෙදර ම පදිංචියට ආබවත් කියැවේ .( එතෙක් ඔහු ගම ගෙදරටමඅයත් කුඩා මඩුවක් වැනි පැලක සිටි බවය්කියැවෙන්නේ .)“දුල ගාමිණී කරනට කරකාර සුබකළු මැණිකෝ පිං නොකළේ මන්ද නුඹහෙළ දිව කිරුළ මපියාගෙන් මෙදින ලැබරජ කරනට රන් මැණිකෝ නඟිනු නුඹ .”(ජන කවියක්)දහවල් ආහාරයෙන් පසු ,සුළු වේලාවක්රන් මැණිකා ගේ උකුළෙහි හිස තබා නිදාගැනීම කුමරුගේ පුරුද්දකි. දිනක් විකාරසිහිනයක් දැක තැතිගෙන අවදිවී ඇත .“තමාගේ බඩවැල් මුවින් එළියට පැමිණ දික්වීගොස් ,නැවත කෙටි වී කුසතුලට ඇදී යාමයි.”බියට පත් කුමරු ජ්යෝතිෂ්ශාස්ත්රය දත් “පොන්නා”නම් නැකත්කරු හමුවී පලාපල විමසූ බවත් ,සිහිනය විමසූ පොන්නා ,කුමරු ඉදිරියේ වැඳ වැටීඔහු රජ වන බව පවසා ඇති බවත් කියැවේ .අවසානයේ ඔබ ,මා දන්නා පරිදි ..කාවන්තිස්සරජුගේ ඇවෑමෙන් ..සරසනලද මංගල හස්ති රාජයාකුමරු දහවල සැතපී සිටි තැනට ම පැමිණ ...රජපෙරහරින් රජවාසලට කැඳවා ගියේලු ...කොත්මලයේ සිට මාගමට ..මඟුල් රිය පෙරහැරබලන්නට මාත් සිටියානම් ..කිනම් අරුමයක්ද??මොනතරම් රසවත් ,ජනප්රවාද කොත්මලය විසින්සඟවා ගෙන ඇත්දැයි ..ගලා යන කොත්මලාලාලනිය දෙස බලා සිටි ,මට සිතුණි.
ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>