Sunday, February 04, 2024

චන්දන ග්‍රාමය හෙවත් හදගිරිය

ඓතිහාසික චන්දන ග්රාමය හෙවත් හදගිරිය වර්තමානයේ වැලිගෙපොල ප්රාදේශිය ලේකම් කොට්ඨාශයේ හදගිරිය හදගිරිගොඩ වසම් දෙකෙහි විසිර පවති.බලංගොඩ වැලිගෙපොල මාර්ගයේ 16km පමණ පැමිණ එතැන් සිට 8km පමණ කපුගල මාර්ගයේ ගමන් ගත් පසු මෙම ස්ථානයට ළගා විය හැක.වළව ගං මිටියාවතේ පිහිටි මෙම රාජධානිය කෘෂිකාර්මික අතින් ඉතා සරුසාර ප්රදේශයකි.ජය ශ්රි මහා බෝධින් වහන්සේ රෝපණ උත්සවයේදි රෝපණය සදහා බෙදන ලද අෂ්ටපල බෝධින් වහන්සේගෙන් එක් අංකුරයක් ලෙස හදගිරියේ පිහිටි බෝධින් වහන්සේ බව ඉතිහාසයේ සදහන් වේ

 සබරගමු පළාතේ රත්නපුර දිස්ත්රික්කයේ වැලිගෙපොළ ප්රාදේශීය ලේකම් කොට්ටාශයේ සඳගිරිය ග්රාම සේවා වසමට අයත් ගිරමාදොල හා කටුපත්ඔය නිම්නයේ පිහිටි වර්තමාන හඳගිරිය අතීත දක්ඛිණගිරි මණ්ඩලයේ බත්තිය ජනපදයට අයත් චන්දන ග්රාමය (සඳුන්ගම) ලෙස හඳුනා ගැනීමට සාධක ඇත.

ගිරිනුවර, සඳගිරිනුවර, සඳමහනුවර, සඳගම්නුවර, සදගනානුවර යනුවෙන් විවිධ නම්වලින් විවිධ කාල වලදී හඳුන්වා ඇති මෙම බෞද්ධ භූමිය කාලයාගේ වැලි තලාවෙන් යටව ගොස් නැවතත් එළිවෙමින් පවතී.
රමණීය වෙල් යායක් මධ්යයේ තිබෙන හඳගිරියේ බෞද්ධ නටබුන් අක්කර 5 ක පමණ භූමි ප්රමාණයක ව්යාප්තව තිබේ. මුලු වෙල්යාය පුරා තැනින් තැන ගොඩනැගිලි පාදම්, මැටි මෙවලම්, ගල්, ගඩොල් හා උළු කැබලි විවිධ අවස්ථාවන්වලදී පොළොවෙන් මතුවෙන බව වෙල්යායේ කුඹුරු කොටන ගොවීන් පවසයි.
හඳගිරියේ නටබුන් පිළිබඳව මුලින්ම සටහන් කරන්නේ සබරගමු මහා දිසාපති ලෙස කටයුතු සී, එච්. කොලින්ස් මහතාටය. රාජකීය ආසියාතික සංගමයේ ශ්රී ලංකා ශාඛාව මුද්රණය කරන සඟරාවේ 31ක් වෙන වෙළුමට (1932) ඉදිරිපත් කල “සබරගමුව බින්තැන්නේ පුරාවස්තු” නැමැති වාර්තාව වර්ග සැතපුම් ගණනාවක් පුරා විසිරී ඇති නටබුන් අතර ඇති ගල් කණු සමූහය, උස් භූමියක වෘත්තාකාර විශාල මළුව, ගරා වැටී ඇති දාගැබක අවශේෂ විනාශයට පත් ගඩොල් ප්රාකාර බැම්මකින් වට වූ බෝධි වෘක්ෂය, අක්කර 20-40 අතර වූ විනාශයට පත් වැව් පහක නටබුන් ඔහුගේ නිරීක්ෂණයට ලක්වී ඇති බව පෙන්වා දෙයි.


 

හඳගිරිය අසල ඇති මාලිගාගොඩැල්ල මුරපොළඅතුර වැනි ග්රාම නාම හා ඒ අවට ඇති ගල් ගුහාවන් මෙම ප්රදේශය ක්රිස්තු පූර්ව 200 දී පමණ ජනාකීර්ණ අගනගරයක ලක්ෂණ පිළිබිඹු කරන බව කොලින්ස් මහතාගේ නිගමනය විය.
නැවතත් වර්ෂ 1942 දී “සපරගමුවේ පැරණි ලියකියවිලි” ග්රන්ථයේ රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල හිමියන් හඳගිරිය පිළිබඳව සටහන් කොට ඇත. බඳගිරියේ කුඹුරුවල තැනින් තැන විසිරුණු කැටයම් කල ගල් කණු කිහිපයක්ද සාමාන්ය ගල් කණු කිහිපයක්ද කුඹුර මැද උස් බිමක ගරාවැටුණු ස්තූපයක නටබුන් ද ජරාවාස වූ වැව් කිහිපයක නටබුන්ද තිබුණු බව මෙම සටහනේ දක්වා ඇත.
ශ්රී ලංකා පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්යා කොමසාරිස්ගේ 1960-61 පාලන වාර්තාවේ හඳගිරිය පිළිබඳ ගවේෂණයක තොරතුරු සටහන් වේ. මෙහි නටබුන් අතර අඩි 25ක් උස දාගැබක නටබුන්ද අඩි 25ක හතරැස් කුළුණු සහිත ගොඩනැගිල්ලක්ද, ගල් කුළුණු සහිත අඩි 37×17 ප්රමාණයේ ගොඩනැගිල්ලක්ද. විසිරී ඇති වෙනත් ගල් කැටයම් කිහිපයක් හා පුරාණ ගඩොල් බැම්මකින් වට වූ බෝධි වෘක්ෂයක් ද ඇති බව සඳහන් වේ.
නැවත මෙහි විධිමත් ගවේශණයක් වන්නේ 2003 වසරේය. 1960 වසරේ අඩි 25ක් උස්ව පැවති ස්තූපය අඩි 11 ක් දක්වා අඩු වී තිබිණි. ස්තූපය මැදින් අඩි 15ක් පමණ ගැඹුරු වළක් නිදන් කොල්ලකරුවන් විසින් හාරා තිබිණි. 1992 දී පූජ්ය විකිළියේ නාරද හිමියන් සටහන් කල ගල්කණු 119 කණු 52 ට අඩු වී තිබිණි. වටාපත හා දෑකැත්ත කොටා ඇති ගල්ටැඹක් දෙකට කඩා ඇති අතර එය පුරාවිද්යා මුර කුටියේ දැනට තැන්පත් කොට ඇත.

හඳගිරිය නටබුන් අතර ප්රධාන කේන්ද්රස්ථාන හතරක් හඳුනාගත හැක
1. ස්තූපය
2. පිළිම ගෙය
3. ප්රධාන සංඝාවාසය හා අවශේෂ කුටි
4. බෝධිය හා බෝධිඝරය
වෙහෙරගොඩැල්ල නැමති ස්ථානයේ ස්ථූපයේ අවශේෂ පවතී. ගරා වැටුණු මෙම ස්ථූපය නිදන් හොරුන්ගේ ග්රහණයට අසුවී ඇත. එබැවින් එය ගඩොල් ගොඩක් බවට පත්වී ඇත. එහි ප්රමාණය අනුරාධපුර ථූපාරාමයේ ස්තූපයට සමාන විශාලත්වයක් තිබිය හැක.
ස්තූපය අවට ගොඩනැඟිලි බොහොමයක් අතුරුදහන් ගොසිනි. දාගැබට වයඹ දෙසින් මීටර් 60ක් පමණ දුරින් පිහිටි පිළිම ගෙයක නටඹුන් හඳුනාගත හැක. ස්තූපයට යාර 50 ක් පමණ නැගෙනහිරින් ප්රධාන සංඝාවාසය හා ඊට දෙපසින් අඩි 10×10 ප්රමාණයේ කුටි දෙකක් තිබූ බව පෙනේ.
ස්තුපයේ සිට යාර 150ක් පමණ ඈතින් නිරිතදිග දෙසට වන්නට බෝධිය හා බෝධිඝරය පිහිටා ඇත. ගල් ඇන්දක් මත බෝධි මාලකයක් හා බෝධිඝරයක් තුළ රෝපණය කර ඇති බෝධිය අෂ්ඨඵලරූහ බෝධීන්ගෙන් එකක් බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. කර්ණිකාව සහිත විකසිත නෙළුම් පෙති හතකින් හා කුඩා නෙළුම් පෙති වලින් සමන්විත කවාකාර සඳකඩ පහණ ගලවා බෝමළුව මත මල් පූජා කිරීමට යොදා ගෙන තිබේ. මෙහි ප්රවේශ දොරටුව ඇත් සොඬ කොරවක්ගල් දෙකකින්ද පියගැටපෙළ සතරකින්ද සමන්විත බව පෙනේ. බෝධිඝරය අෂ්ඨාකාර හැඩයෙන් යුක්තය. එය වටා වැලි මළුවක් සහිත ගඩොල් ප්රාකාර බැම්මක් තිබූ බවට සාධක ඇත.

 

අවට ගම්මුන් අතර හඳගිරිය පිළිබඳ ජනප්රවාද බොහොමයක් පවතී. වරක් මෙම බෝධියට පුද සත්කාර කල කාන්තාවක් මියගිය පසු ඇය සතු රෙදිකඩක් ඇයට පින් පිණිස මෙම බෝධියේ එල්ලා ඇත. එදින රාත්රියේ ඇතින්නියක් මෙම රෙදිකඩ සමඟ බෝධි ශාඛාව බිඳ ගෙන ගොස් ඇත. පසුදින මේ ගැන සොයා බැලූ ගම්වාසීන්ට දකින්නට ලැබුණේ බෝධි ශාඛාව හිස මත ඇතිව ඇතින්න මැරී ඇති බවයි. කටුපත්ඔයේ මෙම ස්ථානය අද හඳුන්වන්නේ “ඇතිනිගේ මංකඩ” යන නාමයෙනි.
කපුගල දියඉන්න මාර්ගයේ සිට අඩිපාර දිගේ පහළට ගිය විට මුලින්ම හමුවන්නේ මාලිගාගොඩැල්ල යනුවෙන් හඳුන්වන භූමියයි. මෙහි ඇත්තේ පිළිමගෙයක ශේෂව ඇති ගල්ටැම්ය. අඟල් 8×6 ප්රමාණයේ අඩි 6 අඟල් 6ක් උස අඩි 10×10 ප්රමාණයේ සම සතරැස් කුටියක සිව්කොන පිහිටි ගල් ටැම් මත වහලය සාදා තිබූ බව පෙනේ. පශ්චාත් අනුරාධපුර යුගයේදී මෙම පිළිමගය අඩි 31×26 ප්රමාණයට විශාල කොට තිබේ. මුලදී කුඩාවට තිබු පිළිමගෙය ගල් කණු විසිහතරක් යොදා මහල් ප්රාසාදයක් බවට පරිවර්තනය කර තිබූ බවට සාධක තිබේ.
ජනප්රවාදයට අනුව මෙම ස්ථානයේ බුදුන්ගේ දළදාව වැඩ සිටි බවට විශ්වාසයක් තිබේ. මෙම ප්රවාදය සත්යනම් මෙම ස්ථානය සොළොස් ටැම් මත පිහිට වූ දළදා මැදුර විය යුතු බව පුජ්ය එල්ලාවල මේධානන්ද හිමියන් විශ්වාස කරයි. මෙහි මුලින් තිබූ පිළිමගෙය වට කොට කොන් සතරේ ටැම් 6 බැගින් ගල්ටැම් විසිහතරක් සිටුවා දළදා මැදුරක් සාදා පස්වන මිහිඳු රජතුමා (982-1029) විසින් අනුරාධපුර අවසාන භාගයේ දී චෝල ග්රහණයට හසු නොවී දළදා වහන්සේ රැකගත් ස්ථානය මෙය විය හැකි බව එතුමාගේ විශ්වාසයයි.
ස්ථූපයට ඉදිරියෙන් හා පිළිමයට දකුණු පසින් අඩි 20×30 ප්රමාණයේ එක් පෙලට ගල් ටැම් හයක් බැගින් පේළි හතරකින් යුත් ටැම් විසිහතරක් සහිත සංඝාවාස ගොඩනැගිල්ලක් දක්නට තිබේ. එයින් ශේෂව ඇත්තේ ගල්ටැම් නමයක් පමණි. බිම පතිත පතිත වී ඇති ටැම් ගණන 6කි. මෙයට අඩි විස්සක් පමණ උතුරින් හා අඩි විස්සක් පමණ දකුණින් අඩි 10×10 ප්රමාණයේ කුටි දෙකක් තිබූ බවට ශේෂව ඇති ටැම් වලින් පෙනී යයි. අඟල් හයක් උස අඩි 4, 5 දිග පළලින් යුත් කොනක ටැම් හතර බැගින් කණු දාසයක් සිටුවා ලෑලි තරප්පුවකින් උඩට නැගීමට සකස් කළ මහනුවර යුගයට අයත් ටැම්පිට පිළිම ගෙයක ශේෂ දැයි සිතේ.
ආශ්රිත ලිපි හා ග්රන්ථ
බිනරගම, ද., 2006. සබරගමුව පැරණි රජදහන (මද්ය වලව නිම්නය) මහ බින්තැන්න. 1st ed. කොළඹ 10: ඇස් . ගොඩගේ සහ සහෝදරයෝ, pp.131-153

A day in the life

Saturday, February 03, 2024

සින්නක්කර බෑ ඔන්න








 

පුරන් වුණත් මට නොදෙනා වපුරන්න...
තරන් නෑ නුඹට සිත මා මඩවන්න...
අරන් නැවුම් මානෙල් මල පුබුදන්න...
දියන් මටත් සින්නක්කර බෑ ඔන්න ...
කඩන් මීවදය අතවත් ලෙවකන්න...
වඩන් ඉවසීම තව බෑ සැනසෙන්න...
පටන් සුබනැකත රාහුද මට සින්න...
බලන් කෑම එකගෙයි වෙන හැටි බින්න...
තොරණ් බැඳ ගෙදර පිරියම් කර බෝම...
වලං වල සුවඳ විතරයි මට තාම...
අරං අත ඇගේ පෝරුව ලඟදීම...
වහං උනා නම් වෙන් නෑ පැරදීම...
රෑ පැල් රකිනු බෑ සඳ මත ඇගේ වත...
ගෙට ගොඩ වෙන්න බෑ ගින්නකි ඇගේ ගත...
මට උහුලන්න බෑ අය්යේ මගේ සිත...
සිහිනෙන් ඇවිලිලා හති තබපන්කො තිත...
...ශ්රීමතී වල්පොල ....

A day in the life

Friday, February 02, 2024

මෙයට උපගුරු .







අධ්‍යාපන පරිපාලන විෂයය පටන් ගන්න මුල්ම තැන විෂය භාර , අංශ භාර, නියෝජ්‍යවිදුහල්පති, සහකාර විදුහල්පති, විදුහල්පති , ගුරු උපදේශක , කොට්ඨාස අධ්‍යක්‍ෂ ,  විෂයය අධ්‍යක්‍ෂ,  අධ්‍යක්‍ෂ සැලසුම්, අධ්‍යක්‍ෂ , ගුරු ආයාතන (පරිපාලන)  සහකාර, නියෝජ්‍ය , අතිරේක තවත් ලියවෙන්න අමතක වුන ඒවාත් එක්ක කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ පහු කරලා පලාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ගාවටත් පලාත් අධ්‍යාපන ලේකම් ආදී සුපිරි තනතුරුත් ඔල මොට්ටල පලාත් අධ්‍යාපන ඇමති තනතුරුත්  එන කොට තනතුරු සීයයක් විතෝ තියෙනවා 

මේ ඇත්තෝ  කරන්්නෙ පුංචි ලමයින්ගේ අධ්‍යාපනයට කණ කොකා හඩවන එක. මේච්ර පිරිසක් ඉදලත් අපේ ළමයින්ගෙන් ටියුෂන් පංති පිරිලා. ටියුෂන් පංතියට ආවේ නැත්නම් විෂය භාර ගුරුවරයා සිසුවන්ට කෙනෙහිලි කම් කරනවා. ඉතින් තේරෙනවනේ අපේ අධ්‍යාපනයේත්  අධ්‍යාපන පරිපාලනයේත් පලදායිතාවය.

මේ කතාව අපේ රටේ අධ්‍යාපනයත්  අධ්‍යාපන පරිපාලනයත් ගැන නෙමෙයි.නස්රුදීන් කාලයේ සිද්ධවෙච්ච දෙයක් ගැන.දැන්  කාලේ කියලා අහංකාර නිළධාරින්ගේ හැසිරීම් රටාවේනස්රුදීන්ගේ කාලයෙත්  වෙනසක් නැහැ.අදත් එදත් .ගුරුවරියන් , කාන්තා අධ්‍යාපන  නිලධාරිණියන් පාසලට කියලා හිතාගෙන යන්නේ  රාත්‍රී  ප්‍රිය සම්භාෂනයකට යන්නා වාගේ.

නස්‌රුදීන් ගේ කතාවල විශේෂත්වය තමයි කතාව තමන්ටවු අත්දැකීමක් ලෙස විස්තර වෙන එක. ගුරුවරයෙක්, දේශකයෙක් ,වෙද්‍යවරයෙක්, වෙලෙන්දෙක් වැනි නොයෙක් චරිත බවට පත්වන  එක. නස්‌රුදීන්ගේ මේ කතාවෙන්  සදහන් කරන්නේ ගුරුවරයෙක් ලෙස විදපු අත්දැකීමක් ගැන .නස්‌රුදීන් පිටිසර ගමක පාසලක ගුරුවරයෙක් හැටියට සේවය කරමින් හිටියා. නගරයේ වගේ පිටිසර පාසල් වල පහසුකම් නැහැ. පාසල් පරීක්‍ෂකවරයා පාසලට එනවා කියන ආරංචිය ලැබුනදා සිට  ගුරුවරු  ඒ සදහා ලක ලෑස්ති වෙන්නේ තමන්ගේ කාඩ් එක කොහොම හරි බේර ගන්න ඕනි නිසා. 

නස්‌රුදීන්නුත් මාස ගානක් තම ශිෂ්‍යයින් පාසල් පරීක්‍ෂක පිලිගැණිමට හොදට සුදානම් කලා.ඔන්න ඉතින් එදා පාසලට ‍ගරු ගාම්භිරව සැපත් වුනේ පාසල් පරීක්‍ෂකවරයයෙක් නෙමෙයි  පාසල් පරීක්‍ෂකවරියක්. එතුමිය නස්‌රුදීන් සිසු දරුවන්ට පංතියේ උගන්වමින් ඉන්න වෙලාවේ පංතියට සැපත් වෙනවා.  ඔහුගේ ඉගැන්වීමේ කටයුතු පරීක්‍ෂා කරන්න 

හැමදාමත් වතු පිටි කෙත්වතු හරහා ආ  සුදු මුදු සුලග  වෙනුවට අමුතු සුවඳිකින් පංති කාමරය පිරී ගියා. කර පළල අත් රහිත හැට්‌ටය. ඉනට බොහෝ පහළින් දවටා ගෙන  තිබුන  ඇගේ  සාරිය  සිරුරේ වැඩි කොටසක් ස්වභාව ධර්මයේ  නිර්මාණයන් ප්‍රදර්ශණය කරමින් තිබුනා. රතට රතේ පින්තාරු කල  දෙතොල, චුටි ඉරක් වගේ ඇද ඇසි බැමි ගලවා නිර්මාණය කල දෙබැම . ලේ වැකුණු අමු මස්  ගොඩකට ඇන්නා වගේ  අප්‍රංබංශ සිර‍ැර .මේ විසිතුරු නිර්මාණය දෙස  සිසුන් කට අයාගෙන පුදුමයෙන් වගේ බලා සිටියා.මේ කෝළම  දැකපු  නස්‌රුදීන්ට හොදටම තරහ ගියා. 

කරන්නම්  අද හොද වැඩක් කියලා සිතිවිල්ලක් ඇතිවුනා.නස්‌රුදීන් ගේ සුන්දර  ඉගැන්වීමේ ක්‍රම පිලිවෙත නිසා නස්රුදීන්ට සිසුන් හරි ආදරෙයි. අමාරු දෙයකට වුනත් විනෝදාත්මක ආදර්ශක උපයෝගි කරගන්න නස්‌රුදීන්ගේ අධ්‍යාපන රටාව පොහොසත්.  එදා පංතියට සැපත් වුන පාසල් පරීක්‍ෂකවරිය සිසුන්ගෙන්  – නස්‌රුදීන්ගේ ඉගැන්වීමේ දක්‍ෂතාවය උදුරාගෙන කියලා නස්රුදීන්ට තේරුනා. සිසුන් පාසල් පරීක්‍ෂකවරියගේ  රූප ස්වභාවය   නිසා අන්ද මන්ද වෙලා. නස්රුදීන්ගේ ඉගැන්වීමේ හරඹය බින්දුවට බස්සලා පාසල් පරීක්‍ෂකවරිය ගේ රුප සොබාවටත්  ඇගෙන් විසුරුනු ස්වභාව ධර්මයට සම්පාත වුන ශාරිරික  හරඹයටත් සිසුන්ගේ මනස  ජයග්‍රහණය කරලා.

ඉගැන්වීමේ  හරඹයෙන් පසු   පරීක්‍ෂකවරිය ළමයින්ගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා. ඒත් ඒ ප්‍රශ්න වලට ළමයින්ගෙන්  උත්තර නැහැ. ඒ මදිවාට නස්‌රුදීන් පාසල් පරීක්‍ෂකවරියට පිටුපසින් හිටගෙන අතින් ඇසින් සංඥා යොදවමින්   ළමයිනට නිසි පිළිතුරු නොදෙන ලෙසට දන්වනවා.

අවසානයේ පරීක්‍ෂකවරිය නස්‌රුදීන්ගේ ඉගැන්වීම අසාර්ථකයි කියල වාර්තාවක් දීලා  වහාම නිදහසට කරුණු ලබා දෙන ලෙසට නස්රුදීන්ට දැන්වුවා. නස්‌රුදීන් චෝදනාවට උත්තර බදින්න කොලයක් ගත්තා.  පිළිතුර සටහන් වුණා. පිලිතුර බොහෝම කෙටි එකක්.“මම බොහෝ අධ්‍යයනය කර සිසුන්ගේ මනසට රිංගීමට කල උපක්‍රම පරදා    තමන්  ශිෂ්‍ය ජීවිතයෙන් පසු වෘත්තීය ජීවිතයේ දී  ධනයෙන් ලබාගත යුතු රන් රුවන් මුතු මැණික්‌. දුහුල් සළු, සුවඳ විලවුන්,වැනි භෞතික සම්පත් සහ  අනුරාගි බැලුම්, කාමුක දර්ශණ පංති කාමරය තුලදීම තම සිසුන්ට අත්විදීමට ලැබීම ජයග්‍රහණය කර ඇත.එවැනි ක්‍රම තුල සිසු දරුවන්  ශිල්ප ශාස්‌ත්‍ර කෙරේ යොමුවෙතැයි යන්න මට නම් සිතාගත නොහැකිය.”

මෙයට උපගුරු

නස්රුදීන්.


A day in the life

Thursday, February 01, 2024

කුළු පේ කිරීම






බලන්නකෝ මේ ඡායාරෑපය දිහා . පෙර කාලයේ ලොකු කතාවක් ගමට කිවිව මේ ලියක රදවපු කුල්ල
ඉස්සර අපේ ගම්වල තිබුන ගෙවල්වල දැන් වාගේ කාමර ගොඩක් තිබුනෙ නෑ. ඒවාට තියා ගෙට ඇතුල්වෙන තැනවත් තුස්සියටවත් දොරවල් තිබුනෙ නෑ. දොර වෙනුවට පැලැල්ලක් තමා තිබුනෙ දොරට හේත්තු කරන්න.හැම ගෙදරකම පිරිමි බොගෝ රැයවල් ගතකලේ හේනෙ නැතිනමි කුඹුරේනෙ සත්තුන්ගෙන් අස්වැන්න රැක ගන්න හන්දා. එතකොට විවාහකයන්ට කෝ ඉඩක් විවාහයේ සතුට විදින්න.
එයාලට ඒ සතුට විදින්න උනේ දවල් කාලෙමයි. හිතන්නකෝ මහ දවාලෙ දොරක්වත් නැති හැම තිස්සෙම ගෙට පිටඅය ගොඩවෙන තැනක ඒ සතුට විදින්න හිත හදාගන්නෙ කොහොමද කියලා ඒක හරි අමාරු වැඩක්. අනේ මටනම් බ්ෑ.අන්න ඒකට විසදුම තමා මේ කුල්ල. කාගෙහරි ගෙදරක මිදුලෙ මේ රුපයේ පෙනෙනවා වගේ ලියක කුල්ල රදවලා තිබනොත්. ගමේ කිසිම කෙනෙක් මේ මිදුලට අඩියක් තිබ්බෙම නෑ. ගමේ හැමෝම දැනන් උන්නා මේ ගෙදර දෙමහල්ලො මේ මොහොතේ රතිසැප විදිනවා කියලා .ඒකට එයාලා කිව්වා කුළු පේ කරනවා කියලා හරි අපුරැයි නේද?. අපිත් අද ඉදලා කියමුද?කුළු පේ කරන්න යමු මැණිකෙ කියලා ගෙදර නෝනට.
ඔයාල මේවගේ අතීත රසකතා අහන්න ආසයි කියල සටහන් කරල තිබුනොත් ආයෙත් දවසක ලියන්නම්

මුුහුුනු පොතට ලියුවේ කපිල සේන.

A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon