Thursday, January 11, 2024

උතුරේ අරුන් සිද්ධාර්ථන් .

notes of imaginary

 


. ඔහු දරණ අදහස් ගැන මා දන්නවා. ඔහු බෞද්ධයෙක්. ඔහු තමන් කවුද කියා දන්නවා.
මෙරටඅරුන් සිද්ධාර්ථන් මා හමුවීමට පැමිණියා. ඔහු කලක සිට මා හා දුරකථනයෙන් සම්බන්ධ වී තියෙනවා දෙමළ ප්රශ්නයක් නැහැ. විස්තරාත්මක ව කියනව නම් දෙමළ ජනයාට (දෙමළ ජන කොටස්වලට) දෙමළ වීම නිසා ම පමණක් වූ ප්රශ්නයක් නැහැ. මේ ගැන මා ලියන්න පටන් අරන් අවුරුදු තිහකට වැඩියි. එකල අරුන් ළමයකු වෙන්න ඇති. ඔහු මා ගැන දැන ගන්න ඇත්තේ ඉතා මෑතක දි වෙන්න ඕන.
මා ඔහුට ප්රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා පොතත් එහි ඉංගිරිසි පරිවර්තනය වූ An Introduction to Tamil Racism in Sri Lanka පොතත් දුන්නා. ගුණදාස අමරසේකර උපහාර උළෙලේ දී මා කළ කතාවට ඔහු සවන් දී තිබුණා. මගේ අදහස් ගැන ඔහු දැන සිටියා. මෙරට ඊනියා දෙමළ ප්රශ්නය වෙල්ලාලයන්ගේ ප්රශ්නයක් බව මා දැන බොහෝ කල්. ඔහුට යාපනයේ ඊනියා අඩුකුල අයගේ ප්රශ්නය ගැන වැටහීමක් තියෙනවා.
ඔහු නලවාර් කුලයට අයත් වුවෙක්. නලවාර් යනු යාපනයේ රා මදින රැකියාවේ ද නිරත වූ පසුව දෙමළ වූ සිංහලයන්ගෙන් පැවත එන්නන්ගේ කුලය ලෙස සලකනවා. තමන් උසස් කුලයක් ලෙස සලකන එහෙත් ඉන්දියාවේ (භාරතයේ) ශ්රද්රයන් ලෙස සලකන පිරිසකගෙන් පැවත එන වෙල්ලාලයන් නලවාර් කෝවියාර් කරෙයියර් මඩප්පුලි පරෙවාර් ආදී කුල පහත් ලෙස සලකනවා.
කිසිම කුලයක් අහවල් රැකියාව කරන්නන්ගේ කුලය කියා කියන්න බැහැ. ගොවිතැන මසුන් ඇල්ලීම කුරුඳු තැලීම රා මැදීම ආදී රැකියා හැම කුලයක ම අය කරනවා. නලවාර් කුලයත් එහෙමයි. අරුන්ලා රා මදින්නේ නැහැ. ඒ කෙසේ වෙතත් මා පොතපතින් දැන ගත් කරුණු කිහිපයක් අරුන්ට කිවුවා. ඒ බොහෝ දේ මා මේ ලිපිවල ලියා ඇති නමුත් අරුන්ට කී දෙය ඉතා කෙටියෙන් මෙහි සඳහන් කරනවා. මා අරුන් සමග පැය දෙකක් පමණ කතා කළ බව කියන්න ඕන. ඔහු මගේ පුතුන්ගේ වයස්වල.
මෙරටට දෙමළ කතා කරන ජනයා ස්ථිර වාසයට පැමිණියේ දොළොස්වැනි සියවසට පසු. ඉන් පෙර වෙළඳාමට රජ පවුල්වල ආවාහ විවාහ සඳහා දෙමළ පමණක් නොව තෙළිගු මලයාලම් ඔඩෙස්සා නැත්නම් ඔරිස්සා හෙවත් කාලිංගයේ මරියා භාෂා කතා කරන ජනයාත් මෙරටට පැමින තියෙනවා. ඔරියා කියන්නේ මාගධී භාෂාවෙන් ව්යුත්පන්න වුවක්. මිහිඳු මහා රහතන් වහන්සේ කතා කරන්න ඇත්තේ මාගධිය . එහෙත් උන්වහන්සේ සිංහල (හෙළය) උගත් බව සඳහන් වෙනවා. උන්වහන්සේ මෙරට ධර්මය දේශනා කර ඇත්තේ සිංහලෙන් බව පැහැදිලියි. මෙරට ජනයා මාගධිය දැන සිටියා කියන්න බැහැ.
මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්රපාල ද පවසන්නේ දහතුන්වැනි සියවසට පෙර මෙරට දෙමළ ස්ථිර වාසස්ථාන නොතිබූ බවයි. දහතුන්වැනි සියවසේ පමණ සිට මෙරටට වත්මන් තමිල්නාඩු කේරළ කර්ණාටක ප්රාන්ත මායිමෙන් ජනයා සංක්රමණය වී තියෙනවා. ඔවුන්ගෙන් හින්දු ආගම ඇදහු පිරිස උතුරේ දී තරමක විශාල පිරිසක් වෙන්න ඕන. ඔවුන් තම හින්දු බව රැක ගත්තා. එහෙත් දකුණට ආ පිරිස් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වී තියෙනවා. පැමිණි මුස්ලිමුන් දෙමළ බස දිගට ම කතා කරමින් තම ආගම දිගට ම ඇදහුවා. මා දැනට දරණ මතය වන්නේ එසේ මෙරටට ජනයා සංක්රමණය වූයේ කර්ණාටක ප්රාන්තය ආශ්රිත ව විජයනගර් රාජධානිය ඇති වීමත් සමග කියා.
උතුරට පැමිණි අය වැඩි වශයෙන් කරෙයියර් හා මඩප්පුලි කුලවලට අයත් වී ඇති බව පෙනී යනවා. පෘතුගීසීන් යාපනයට යන විටත් එහි බහුතරය සිංහල. පෘතුගීසීන් දෙමළ කතා කරන ජනයා අතර විශේෂයෙන් සලකා ඇත්තේ (තනතුරු දීමේ දී ආදී ලෙස) කරෙයියර් හා මඩප්පුලි කුලවලට. එහෙත් ලන්දේසීන් තොග වශයෙන් මෙරටට වෙල්ලාලයන් ආනය කර තියෙනවා දුම්කොළ වැවීමට. එසේ ම ලන්දේසීන් වෙල්ලාලයන්ට තනතුරු විශේෂ වරප්රසාද දී කරෙයියර් හා මඩප්පුලි කුල පහතට දමා තියෙනවා.
මගේ විශ්වාසයක් (හිතළුවක්) තියෙනවා ඔවුන් සමහරකු දකුණට සංක්රමණය වුණා කියා. සමහර විට පුත්තලමේ සිට මීගමුව ජා ඇල ආදී ප්රදේශ දක්වා ඔවුන් සංක්රමණය වන්න ඇති. අදත් මඩප්පුලි නමින් සිංහලයන් ඉන්නවා. ඒ කෙසේ වෙතත් ලන්දේසීන්ගේ අනුග්රයෙන් යාපනයෙහි විසූ සිංහලයන් වෙල්ලාලයන් යටතේ ඊනිය අඩුකුල පිරිස් ලෙස දෙමළ හින්දු සංස්කෘතියට අවශෝෂණය කෙරී තියෙනවා. ලන්දේසීන් තේසවලාමේ නීතිය හෙනැවිත් ඇත්තේ අස්වැන්න නෙළා ගැනීමෙන් පසු වෙල්ලාලයන් ඉන්දියාවට ආපසු යැම වැළැක්වීමට.
මා නොදැන සිටි කරුණක් අරුන්ගෙන් මාස කිහිපයකට පෙර දැන ගත්තා. ඒ තේසවලාමේ නීතියෙන් අර ඊනියා අඩුකුල වූ සිංහලයන් වෙල්ලායන්ගේ වහලුන් බවට පත්කර ගත් බව. මෙරට ලේඛනාගාරවල බොහොමයක ඇති තේසවලාමේ නීතියේ ඒ වහලූන් කර ගත් බව සඳහන් ඡෙදය නැහැ. එහෙත් අරුන් ඉතා මහන්සි වී එකී ඡෙදය සඳහන් පිටපතක් සොයා ගෙන තියෙනවා. මෙරට ඉන්න ඊනියා ඉතිහාසඥයන්ට වඩා සේවයක් අරුන් මෙරට ඉතිහාසයට කර තියෙනවා.
මින් පසු වෙල්ලාලයන්ගේ කතාව ප්රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා මස්සිනාලා පොතේ තියෙනවා. මෙරට ඇත්තේ ලන්දේසීන්ගේ හා පසුව ඉංගිරිසින්ගේ අනුග්රහයෙන් පළමුව යාපනයේත් පසුච මුළු රටේමත් නායකයන් බවට පත් වූ වෙල්ලාලයන්ට අමද්යප ව්යාපාරයෙන් පසු ඒ තැන අහිමි වීම නිසා හටගත් දුක්ඛ දෝමනස්සයෙන් රටෙන් කොටසක් වෙන් කරගෙන එහි නායකයන් බවට පත්වීමට ඇති ආශාව නිසා හටගත් ප්රශ්නයක්.
අද ඒ බව යාපනයේ ඊනියා අඩුකුල ජනයා ක්රමයෙන් තේරුම් ගනිමින් ඉන්නවා. අරුන් එහි දී විශාල කාරයභාරයක් ඉයු කරනවා. අද රනිල්ටත් අරුන් සමග සාකච්ඡා කිරීමට සිදු වී තියෙනවා. අපි එය පසුව කතා කරමු. අරුන් සමග ඇති වු සාකච්ඡාවේ දී මා තේරුම්ගත් ප්රධාන ම කාරණය වුණේ මෙරට සිංහල ජාතිය සමග දෙමළ ජනකොටස්වලට එකතු වීමට ඇති ප්රධාන ම මාර්ගය වැටී ඇත්තේ බුදුදහම හරහා බව. අපි ඒ ගැනත් පසුව කතා කරමු. මිහිඳු මහා රහතන් වහන්සේ එදා කළ දේට සමාන ක්රියාවක් අද යාපනයේ කරන්න පුළුවන්.

නලින් ද සිල්වා. 

තොපි දෙන්නා නාඬා හිටු..!





"එතකොට හාමුදුරුවනේ
මට කසාද කොලේ ලියන්න පුළුවන්
මල් හාමිගෙ නම විතරයි..??"
පසුපස බිරාන්තව
සිද්දිය නරඹමින් සිටි ගැහැණු දෙදෙනා
ගැස්සී එකිනෙකා ගේ අත් අල්ලා ගත් හ..!
"ඔව් ලොකු උන්නැහේ
ඒක තමයි නීතිය...
දෙන්නෙක් කසාද බඳින්න බෑ..."
"ඉතින් හාමුදුරුවනේ
අපි තුන්දෙනාම එක පැලේ
ආරෝවක් නැතුව ඉන්නවා නේ..."
"ලොකු උන්නැහේ
ඒක නීතියට අනුව වරදක්...
ලොකු උන්නැහේ බහු විවාහ
ඒ කියන්නෙ කසාද දෙකක් කරගන්න බෑ..."
මේ වන විට කදුළු හලමින් සිටි
ගැහැණු දෙදෙනාගේ හැඬීම
ඉකි ගැසීමක් දක්වා වර්ධනය වී තිබිණි...
"මං තැන්නෙ කුඹුර ගාව පැලක් අටෝලා
මල්හාමි ඇන්න එද්දි
ඒකිගෙ නැන්දගෙ දෝනි ඇන්දා
ඉහදිය නාවලාවත් තිබ්බේ නෑ...
දහ පහලොස් පෝයකින්
ඒ පොඩි එකී ගෙට අරං නාවලා
සුදු බංඩියා එක්ක ඒකිත්
දෙනියේ පැල් කොටයක් අටෝගෙන ගාල් වුණා..."
"සුදු බංඩියට පොලඟා ගහද්දි
කෙලීගෙ බඩට පස් හය පෝයක් ඇති...
ඒ වෙද්දිත් කුසේ හිස් නිසා
අඬ අඬා හිටපු මල් හාමිම තමයි
නගා අපේ පැලට ගෙනාවේ..."
"හීන් හාමි වැඳුවා
මල් හාමි හැදුවා...
මං උන් දෙන්නටම කුඹුරු කෙටුවා...
දරුවො හයක් වඳලත්
හීන් හාමි එක දරුවෙක් නාවලා නැතුව ඇති මහිතේ..."
"කුස පුහු වුණාට මල් හාමිට කිරි එරුණා හාමුදුරුවනේ...
මට උන් දෙන්නා වෙන් කොරන්ඩ බෑ...
මට කසාද ඕන් නෑ..."
"මෙච්චර කල් කොලේ අස්සං කොරේ නැති වුණාට
අපි තුඃ නොදකින් කියා ගත්තෙ නෑ...
වරෙව් බොල ගෙදර යන්ඩ...
අපිට ඔය සුද්දගෙ නීති ප්රකාර ඕනෙන් නෑ..."
"තොපි දෙන්නා නාඬා හිටු..!
මං කසාද බඳින් නෑ..!!

MADU RANGA FACE BOOK

notes of imaginary

Wednesday, January 10, 2024

අහිමි හිමිකම්

notes of imaginary







සින්නක්කර ලියාගන්න
බැරිඋණු පලියට
උයන් තෙරේ ගී ගයන්න
තහන්චි නෑ මට
තනිකම උහුලනු නොහැකිව
ඉකි බිඳිනා කළ
පන්හිඳ ළඟ කවියක් වී
සුසුම් හෙලනවද?
ගඟ දියරැළි සලා මදෙස
හොරෙන් බැලූ කළ
ලැජ්ජාවෙන් තොල පෙරළා
අහක බැලූ සඳ ...
“එදා නුඹේ බඳ වටකර
රැකවල් දුන් අත
අතහැරුණේ කීම” ..විමසයි
අහසේ පුරහඳ .
ඔප්පු තිරප්පුත් ඔක්කොම
අරගෙන ගිය විට
හිමිකම් සහතික කොහෙන්ද
හිස් වෙදැඟිල්ලට
පරසතු මල් නඳුනුයනේ
පිපුණත් කදිමට
වල්මත් වූ අසරණියට
පතොක් මලක් වෙද ..?
කැකුළු සිතක් අවදිකරපු
ප්රථම ප්රේමයට
ගිලිහුණු රන් මුදු හෙවුවෙමි
සසර පුරාවට
පිය මං කොට ඉස්සරවූ
අතීත රුවකට
දුක ලිව්වට දැනෙයිද එය
අහිමි පපුවකට.!!!
රෝ.සි.

Tuesday, January 09, 2024

දුර ඈත ළඟපාත


වෙරළ කොනෙක හිඳ බැලුවෙමි සයුර හරිත පැහැය ගෙනා
කඳු මුදුනත නැග බැලු කල තුරුලිය කොළ පැහැති මනා
දුර හිඳ නෙත් යොමන විටදි හරි පුදුමෙකි සිතට එනා
මෙහැම කොහොම පෙනෙන අරුම නිලට නිලේ සිරිය දෙනා
අහස උසට නැගෙන කන්ද බලන කලට ඉරට ළඟයි
පොළොව වැතිර සිටින තැන්න එයට වඩා බොහොම දුරයි
නමුදු ඉහළ හිරු ළඟ තැන ගතට සිසිල සුවය සදයි
දුරක තිබෙන තැනි බිම රැඳි උණුසුම හදවතද දවයි
පෙනෙන ළඟක සිටින කලට සිතුවෙමි පෙම වැඩෙන නියා
නොදැක ගෙවෙන විටෙක සිතෙන් එය වියැකී යාවි කියා
නුඹව අතැර දුරු රට ගිය මගෙ සිත විත් නැවත සොයා
වැඩෙන පෙමක අරුත කියයි මට ඈතින් සිටින ඔයා
පී.ජී. ආරියපාල

notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon