පාරේ ගමන් කරන හැමෝම මේ රැවුල කොන්ඩේ වවාගෙන ඉතාම කිලිටි ඇදුම් ඇද සිටින යාචකයා දිහා සමච්චල් සහගත ලෙසත් පිලිකුල් ලෙසත් බලනවා.නමුත් ඉහත කී කාන්තාව එම හිගන්නා ලගට යනවා.යාචකයා දුටු ගමන් මේ කාන්තාවගේ හදවත ඔහු කෙරෙහි කරුනාවෙන් පිරී යනවා.පෙබරවාරි මාසයේ අධික ශීතල දිනයක් වුවත් මේ යාචකයා ශීතකට ඔරොත්තු දෙන ආකාරයේ ඇදුම් හැද සිටියේ නැහ.කාන්තාව හෙමින් මේ යාචකයාට සමීප වෙලා,"සර්,ඔබ හොදින්ද?"කියලා අහනවා.යාචකයා පුදුම වුනා.යාචකයා මේ කාන්තාව දිහා හොදින් බලනවා.ඔහුට පෙනුනා ඉතාම ධනවත් පෙනුමක් සහිත කාන්තාවක් ඔහු ඉදිරියෙ සිටිනවා.යාචකයා හිතනවා මේ කාන්තාවත් අනික් මිනිස්සු වගේම තමා කියලා.ඔහු හිතනවා ඇය ඔහුට සමච්චල් කරන්න ඒ විදියට කතා කලා කියලා.ඉතිං යාචකයා තරහින් ඈ හට බනිනවා."කරුනාකර මට පාඩුවෙ ඉන්න දීලා මෙතනින් යනවා" යාචකයා කිවුවා.නමුත් කාන්තාව හෙලවුනේවත් නැහ.ඇය සිටි තැන ඉදන්ම"ඔබට බඩගිනිනි නම් යමු අවන්හලකට ආහාර ගන්න"යාචකයා හිතුවෙ මෙවරත් ඇය ඔහුට සමච්චල් කලා කියලා.ඔහු මෙහෙම කිවුවා."නැහ මම මේ ජනාධිතුමා එක්ක කෑම වේලක් අරන් ඉන්නේ.දැන් මෙතනින් යනව යන්න" යාචකයා තරහින් මෙන්ම සමච්චල් කරන අදහසින් කාන්තාවට එසේ පැවසුවා.එහෙම කිවුවත් ඒ කාන්තාව හෙලවුනේවත් නැහ.ඇගේ මුහුනේ තිබූ කරුනාබර හිනාව තව දුරටත් එසේම තිබුනා.කාන්තාව තවත් මේ මහලු යාචකයා ලගට ලං වෙලා ඔහුගේ අත්වලින් ඔහුව නැගිටවීමට උත්සහා කලා.යාචකයාර හොදටම තරහා ගියා."මොකක්ද ගෑනියේ මට පාඩුවේ ඉන්න නොදී මේ කරන්න යන්නේ"කියල කෑ ගැහුවා.සද්දේ ඇහිලා ලගම හිටිය පොලිස් නිලධාරියෙක් එතනට ආවා."ඇයි මැඩම් මොකක්ද ප්රශ්නේ"පොලිස් නිලධාරිය ඇහුවා."නැහැ කිසි ප්රශ්නයක් නැහ.මම උත්සහ කලෙ මෙයාව නැගිට්ටවන්න.ඔබට පුලුවන්ද මට උදව් කරන්න." කාන්තාව පොලිස් නිලධාරීයගෙන් ඇහුවා.පොලිස් නිලධාරියා පුදුමයෙන් ඈ දෙස බලා මෙහෙම කිවුවා..."ඔය ඉන්නේ වයසක ජැක්.එයා දැන් අවුරුදු ගානක් තිස්සේ මෙතන ඉන්නවා.ඔබ මොකක්ද මොහුට කරන්න යන්නේ?"කාන්තාව මෙහෙම කිවුවා."මම මේ කියමින් හිටියේ ඔහුට කැෆේ එකකට යමු කියලා.කෑම මොනවා හරි කන්නත් ඔහුගේ සීතල නැති වෙන්න කෝපි කෝප්පයක් බොන්නත්"යාචකයාට තවත් තරහ ගියා.ඔහු මෙහෙම කෑ ගැහුවා."උබට පිස්සුද ගෑනියේ.මම කොහෙවත් යන්නේ නැහ." කියලා ඇගේ අත ගසා දමා පොලිස් නිලධාරියා දෙස බලා "අනේ මහත්තයා මට යන්න දෙන්න" කියලා කිවුවා.."ජැක් මේක ඔයාට හොද කෑම වේලක් ගන්න ලැබුනු අවස්ථාවක්.ඒක මග හරවා ගන්න එපා"පොලිස් නිලධාරියා කිවුවා.පස්සේ ඉතා අමාරුවෙන් මහලු ජැක්ව අවන්හලකට එක්ක යාමට පොලිස් නිලධාරියාට සහ අර කාන්තාවට හැකි වුනා.දහවල් ආහාරය ගන්න වේලාවට ඉතා ආසන්නව තිබුනා.ඔවුන් තිදෙන එකම මේසයල අසුන් ගෙන සිටියා.ටික වේලාවකින් අවන්හල් කලමනාකරු ඔවුන් ලගට ආවා."ඇයි සර්,මේ මනුස්සයාට කරදරයක්ද?" කලමනාකරු පොලිස් නිලධාරියාගෙන ඇහුවා."නැහැ මේ නෝනාට මේ මහලු ජැක්ට කෑම වේලක් අරන් දෙන්න ඕනේ කියනවා."කිලිටි,මහලු යාචකාය දෙස පිලිකුලෙන් බැලූ කලමනාකරු"ඒකට මගේ අවන්හලේ ඉඩ නැහ.මේ වගේ මිනිස්සු මේ වගේ තැන් වලට ආවාම අපේ බිස්නස් වලට හොද නැහ"කලමනාකරු කිවුවා."දැන් ඔබට තේරෙනවාද මම මෙහෙ එන්න බැහ කිවුවේ ඇයි කියලා.මට මෙහෙ ඉන්න ඕනෙ නැහ.දැන්වත් මට යන්න දෙන්න"යාචක ජැක් අර කාන්තාවට පැවසුවා.කාන්තාව කලමනාකරු දෙසට හැරුනා."මහත්මයා ඔබ දන්නවද එඩිසන් ඇන්ඩ් ඇසෝසියේට් කියන මූල්ය ආයතනය.පහල වීදියේ තියෙන?"කාන්තාව ඇහුවා ."අනිවාර්යෙන් මම දන්නවා.ඔවුන් හැම සතියෙම මේ අවන්හලේ කාමරයක් වෙන් කරගන්නවා ඔවුන්ගේ රැස්වීම් පවත්වන්නට "කලමනාකරු පැවසුවා."මම හිතනවා ඔවුන්ගේ රැස්වීම් සදහා ඔබේ හෝටලයට සැලකිය යුතු මුදලක් ගෙවනවා කියලා"කාන්තාව ඇහුවා."ඔබට ඒකෙන් ඇති වැඩේ මොකක්ද?කලමනාකරු ඇහුවා."මොකද මම තමා ඒකේ හිමිකරු"කාන්තාව පැවසුවා.කලමනාකරුගේ විරෝධතාවය මැකී ගියා.ජැක් සහ අර කාන්තාව වෙත කෝපි සහ ආහාර මේසය වෙත ලැබුනා.පොලිස් නිලධාරියා පිටව ගියා.කාන්තාව ජැක් ඇමතුවා."ජැක් ඔයාට මාව මතකද?"ජැක් ඇගේ මුහුන දෙස හොදින් බැලුවා.ඔහුට ඇගේ මුහුන කොහෙදි හෝ මුණ ගැසී ඇති බව වැටහුනා."ඔබට මතකද ඔබ මෙහෙ වැඩ කරන කාලයෙර් නිතරම සීතලෙන් ආරක්ශා වීමටත් බඩගින්න නිවා ගන්නටත් මෙහෙ ආව දුප්පත් කෙල්ල?"කාන්තාව කිවුවා.ජැක්ගේ මුහුන වෙනස් වුනා.ඔහු පුදුම වුනා.එදා ඔහු දැක්ක කන්නවත් නැතුව දුක් විදපු කෙල්ල අද ඉතා ධනවත් ව්යාපාරික කාන්තාවක් වෙලා ඔහු ඉදිරියෙව් සිටීම ගැන.කාලය කොතරම් ගෙවී ගිහින්ද කියලා ජැක් පුදුමයෙන් කල්පනා කලා."ඒ වෙනකොට මම උපාධිය සම්පූර්ණ කරලා රැකියාවක් අපේක්ශාවෙන් හිටියෙ.ඒත් සෑහෙන කාලයක් යනකන් මට රැකියාවක් හොයා ගන්න බැරි වුනා.ටිකෙන් ටික මගේ ලග තිබුන සල්ලි ටික ඉවර වෙමින් තිබුනා.මම නැවතිලා හිටිය කාමරෙන් යන්න කියලා ගෙහිමියන් මට බල කලා.ඉතින් මම ඉට පස්සේ හිටියේ මේ වීදියේ.දවසක් මගේ ලග තිබුනු ඉතා කුඩා මුදල වැයවැය කරලා කෑම ටිකක් ගන්න ඇවිදගෙන ආවේ මේ අවන් හලට.එතකොට ඔබ මෙහි මුදල් අයකැමිව හිටියා.කාන්තාව කියවගෙන ගියා."හරි දැන් මට මතකයි ඔබව"යාචකයා පිලිතුරු දුන්නා."ඔබ මගෙන් ඉල්ලා සිටියා පිගන් සෝදලා දෙන්නම් කෑමට යමක් දෙන්න කියලා."යාචකයා කිවුවා.(Positive Thinking-ධනාත්මකව සිතමු page එකට ලයික් කරන්න)"අන්න හරි.ඔබෙන් කෑම ඉල්ලගෙන ආව දුප්පත් කෙල්ල මම තමා.ඔබ කිවුවා එහෙම වැඩ කරන්න දෙන්න අවන් හල් හිමිකරුගෙන් අවසර ගත යුතු බවට.බලාපොරොත්තු සුන් වූ මම ආපසු හැරී එන්න හදනකොට ඔබ මට කතා කරලා ලොකු සැන්විච් පාර්ස්ලයක් එක්ක කෝපි කෝප්පයක් දුන්නා.මම ඒව කන අතරතුර මම දැක්කා ඔබ ඔබේ පසුම්බියෙන් මුදල් රැගෙන මට දුන් කෑම වේලට අදාල මුදල ලාච්චුවට එක් කල විදිය"කාන්තාව කියවගෙන ගියා."ඊට ටික කාලයකට පසුව මට රැකියාවක් හම්බ වුනා.එයින් උපයා ගත් මුදලින් මම මගේම ව්යාපාරයක් පටන් ගත්තා"කාන්තාව කිවුවා."දැන් ඔබ ඕනේ වෙලාවක මගේ ව්යාපාරයට එන්න.ඇවිත් ඔබට කරන්න පුලුවන් කාර්ය්යක් කරන්න.මම ඔබට වැටුප් ගෙවන්නම්"කාන්තාව කිවුවා.යාචකයා,එනම් මහලු ජැක් ගේ ඇස් වලට කදුලු ආවා.ඔවුන් ගේ මේසයට කෝපි ලැබුනා."ආහ් මට අමතක වුනා.මේ කලු කෝපි.ඒ සදහා ඔබට අවශ්ය ක්රීම් ද සීනි ද?"කාන්තාව මහලු ජැක් ගෙන් විමසුවා."නැහ මට ඒ කිසිවක් අවශ්ය නැහ.ඔබ සමග බොන කෝපි එක මට කොහොමය්හ් රසවත්"දෙදෙනාම අවංක හදවති හිනා වුනා.ජීවිතයේ කෙනෙක්ට උදවු කරන්න ලැබෙන අවස්තා මග හරින්න එපා.අපෙ හැමෝම මිනිස්සු.අපිට උදව් අවශ්ය වේලාවට එන්නෙත් ඒ මිනිසුන්ම තමා.ඒ නිසා හැකි සෑම විටෙකම මිනිසුන්ට මෙන්ම සතුන්ටත් හදවතින්ම උදවු කරන්න.හදවතින්ම කරන හොද කෙදිනක හෝ දෙගුන තෙගුන වී අපේ ජීවිත වලටද යහපත උදා කරනවා.
එයයි විශ්වයේ නියමය.