අපි
ඉන්නේ හාමතේය. බොහෝ සම්පත් දස අතේ විසිර තියෙන බවත් ඇත්තය. ඒත් මේවා එකලස් කර
සුන්දර නිර්මාණ බවට පත් කිරීමට මෙ කාලය ද ?
බෙලිහුල්ඔය
සංචාරක ප්‍ර දේශයක් කිරීමට සුදුසුය.නමුත් අපිට මේ වකවාණුවේ ඒ ගමන යනවාට වඩා සමනල වැව ජල කාණ්දුව වසා ගෙන මෙ.වෝ. 120 ක්
දක්වා විදුලිය නිෂ්පාදනය කර ගත්තොත් එය අපුරුය.
තානායම පමනක් තිබු බෙලිහුල්ඔය අවට අද සංචාරක නවාතැන් බොහෝ ඇත. තව තවත් නවාතැන් පල වල් ඉ දිවෙමින්ද පවතී. මෙවාට ව්‍යාපාරික අවස්ථා නොමැතිව පාඩු ලබන තත්වයට පත්ව ඇත. නිසි අධ්‍යයනයක් නොමැතිව ව්‍යාපාර ක්‍ෂෙත්‍රයට පිවිසෙන ආයෝජකයෝ තම ආයෝජන පිලිබදව හිතන්නට පටන් ගන්නා විට කෝච්චිය ගොස් අතරමංවු තත්වයට පත්ව ඇත. දුවන්නන් වාලේ දුවන මොවුන් සියල්ලෝම අසරණය.
බෙලිහුල්ඔය හරහා විදේශීය සංචාරකයින් ගමන් ගන්නා ගමන් මාර්ගයක් නොමැත. කොළඹින් පිටත් වන සංචාරක කන්ඩායම් බොහෝ විට තෝරාගන්නා ගමන් මාර්ගය කොළඹ-පැල්මඩුල්ල-උඩවලව-කතරගම- වැල්ලවාය -ඇල්ල වැල්ලවාය -බණ්ඩාර.වෙල-නුවරඑළිය - මහනුවර - අනුරාධපුර දෙසට හෝ කොළඹට.යාමයි.
මේ මාර්ගයට උඩවලවේ සිට රජවක පිවිසුම සම්බන්‍ධ කරගැණිමේ වෑයමක් පසුගිය කාලයේ තිබුනේය. එසේ වුවානම් දේශීය සංචාරකයින් බෙලිහුල්ඔයට ආකර්ෂණය කර ගැනීමට මාවතක් විවර වෙන්නේය.බෙලිහුල්ඔයත් - උඩවලවත් (ඇඹිලිපිටිය) අතර දුර ප්‍රමාණය පැය දෙකකට පමන වන විට දේශගුණික ( උෂ්නත්වය 10 C ක පමන වෙනසක් ඇත) වෙනස නිසා බෙලිහුල්ඔය සුවදායක නවාතැනක් බවට පත්වන්නේය.
බෙලිහුල්ඔයට සංචාරකයන් යොමු කර ගැණීමට තවත් මගක් ඇත. එය හොර්ටන් තැන්නට පිවිසුම් දොරටුවක් ලෙස යොදා ගැනිමය. හෝර්ටන්තැන්නේ දකුණු මායිම බෙලිහුල්ඔය නොන්පෙරියල් වත්ත හරහා වැටී ඇත. දැනටමත් බේකර්ස් බෙන්ඩ් නැරඹීමට යන සංචාරක කණ්ඩායම් නාගරක් කොටසේ ඇති හෝර්ටන්තැන්නේ දකුණු මායිම අසලට යන්නේය.මෙතනට බෙලිහුල්ඔය බදුල්ල පාරේ සිට ඇත්තේ දුර කිමි 28 කි. බදුල්ල පාරේ ගමන් ගන්නා අයට මේ මග භාවිතා කලහොත් කිමි 70 ක් පමණ අඩු දුරකින් හෝර්ටන්තැන්නට ලගා විය හැක.
මෙම සංවර්ධන
ව්‍යාපෘතිය ක්‍රීයාත්මක කිරීමට අවශ්‍ය වන්නේ
බෙලිහුල්ඔය නොන්පෙරියල් මාර්ගය විධිමත්ව ප්‍රතිසංස්කරණය කිරීමත් , නාගරක්
කොටසේ හෝර්ටන්තැන්නට පිවිසුම් දොරටුවක් විවෘත කිරීම පමනක්ය.
බෙලිහුල්ඔය සංචාරක ආකර්ෂණය ගන්නා පරිසර පද්ධතියකට උරුම කම් කීවත් දින දෙක තුනක කාලයත් ගත කරන්නට අවශ්‍ය පරිසර පද්ධතියක් නැත. ඇති කරගත යුත්තේ එවැනි යටිතල පහසුකම් වුවත් පලාත් සභාවට හෝ ප්‍රා දේශීය සභාවට එවැනි විඥ්ඥානයක් පසුගිය කාලයේ තිබුනේ නැත. ඔවුන් කල ආයෝජනත් ගගට ඉණි කපා අත සෝදමින් මඩිය තර කරගත් ආයෝජණයන්ය..