අන් අය අතර කැපී පෙනෙන්නට උත්සහා කරන ඇදුමෙන් පැළදුමෙන් පවා අන් අය අභිබවා විසිතුරු බව ප්‍රදර්ශණය කිරීමට කැමති විම වෘෂභ ලග්න හිමිකාරයන්ගේ චරිත ලක්‍ෂණයකි.තමන්ගේ පෞද්ගලික ක්‍රියාකාරකම් අන් අයට හෙළිවනවාට මොවුන් කැමැත්තක් නොදක්වයි. සියල්ල හිත තුල රදවා ගෙන කටයුතු කිරීම දක්නට ලැබෙන ස්වභාවයකි.සමාජ ඇසුරේදී වැඩි කතාබහක් නොමැති නිහඩව සිතිවිල්ලේ සිටීමට දක්‍ෂයෝ වෙති.
මිත්‍රයන් ඇති කරගැණීමේදී සහ සමාජ සම්බන්‍ධතා ඇති කරගැණිමේදි බෝහෝ පරිස්සමින් සිතා බලා සම්බන්‍ධතා ඇති කරගනි.තම ඇසුරු කරන අයගෙන් ඈත්වීමට සිදුවන අවස්ථා වලදීද හිතා බලා එසේ සිදු කළ යුතුමනම් එම තීරණයට එළඹේ.
අභියෝගයන් ජයගෙන ඉදිරියට යාමට වෙර දැරුවත් කඩිසරව එම කටයුතු වල නියලීම නොකර හෙමින් සීරුවේ අරමුණු කරා ලංවීමට උත්සහා දරයි. මිළ මුදල් වියදම් කිරිමේදී ලෝභ ගතියක් දරයි. තර්කාණුකූලව කතා කරයි. තමන් අන් අයට වඩා උසස් බව සිතමින් කැපී පෙනෙන්නට උත්සහා දරයි.