කොළඔ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය 2010 වසරේ සිට ඉංග්‍රිසි මාධ්‍ය උපාධි පාඨමාලා ඇරඹිම සිදුකරන බව පලවී තිබේ. හැම එකකටම විශේෂඥ විග්‍රහයක් කරන විමල් වීරවංශ සහෝදරයාට මේ පිලිබදවද මතයක් තිබේ.ඔහුගේ අදහස නම් මෙය දුෂ්කර පාසල්වල සිසුන් විශ්ව විද්‍යාලයට පිවිසිමට ඇති ඉඩකඩ ඇසිරීමකි.
“භායානක යටත් වීජිතවාදී කුමන්ත්රණයකි. රුසියාවේ එලෙස නොවේ” යන චින්තනයේ සිට මෙම විෂය දෙසද බැලීමකි. සමාජයේ විවිධ වෘත්තිකයන්ගෙන් විරෝධතාද දැන් දැන් කල එලි බසී.
මීදුම අදහස් කරන්නේ දුෂ්කරතා ඇතිවුනත් මෙය යහපත් ආරම්භයක් බවයි.අද ගම්බද පාසල් වල දරුවන්ට ඉංග්‍රීසි ඉගන ගැනීමේ උවමනාව තිබුනත් උගන්වන්න ගුරුවරුන් ගේ බරපතල හිගයක් තිබේ. උපාධිධාරීන් තිස් හතලිස් දහස් ගනනින් ගුරු ප්රවාහයට එකතුවූ වත් එම පිරිසෙන් මෙම රික්තය පුරවා ගැනීමට ඉන් දෙතුන් සියයකින් ගෙන්වත් හැකියාව ඇතිවීදැයි සැකයකි. ඉංග්‍රිසි විද්‍යා පීඨ හරහා ගුරු සේවයට එකතුවන පිරිස හැරෙන්නට ඉංග්‍රීසි විෂයයක් ලෙස ඉගැන්වීමට ගුරු ධාරාවට අළුතින් එකතු වන පිරිසක් ගැන මීදුම නම් නොදනී.
ඉංග්‍රීසි මාධ්‍යයෙන්ම ඉගැන්වීමට නොව අතිරේක භාෂා විෂයයක් ලෙස ඉගැන්වීමට පවා පාසල් වල ප්‍රමානවත් ගුරුවරුන් නැති බව සත්‍යයකි. එහෙත් ජාතික පාසල් අතරින් අඩක් පමන මෙම ගුරු අඩුව අභියෝගයක් ලෙස පවත්වාගෙනත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් චිෂයයන් ඉගැන්වීම ආරම්භ කර තිබීමද ප්‍රශංසනීය කටයුත්තකි. බොහෝ ශාස්ත්‍රවේදී උපාධිධාරීන් ගුරු ධාරාවට එකතුවන රටක දරුවන්ගේ ඉංග්‍රිසි අධ්‍යාපනය දියුණු කිරීමට ශාස්ත්‍රවේදී උපාධිධාරීන් ඉංග්‍රිසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරා තිබීම ඊලග පරපුරට නම් අත්වැලකි.
මේ අදහස පසක තබමු. අද දැනුම අන්තර් ජාලයෙන් අතලගටම පැමින තිබේ. ඒත් අතට ගැනීමට සිංහලෙන් කර ගත හැකි නොවේ. පෞද්ගලික ව්‍යාවාසකයන් බොහෝ විට සම්බන්ද වන්නේ ඉංග්‍රීසියත් සමගිනි. අද ඉංග්‍රීසිය ඇත්නම් රැකියා අවස්ථාද බොහෝ වෙති. උපාධියත් ඇතත් රැකියා නැතිව රජයට එරෙහිව බෝර්ඩ් ලෑලි එල්ලා ගෙන ලිප්ටන් වට රවුමේ කොටුව දුම්රිය පොලේ පාළු කපන විට කඩුව මුවහත් සාමාන්‍ය පෙල සමත් අය පවා රැකියා එකක් අතහැරෙන විට තව එකක් ක්ෂණිකවම සොයා ගත හැකි ඉල්ලුමක් ඇති කර ගෙන සිටි.
විමල් වීරවංශට තමන් ගේ දේශපාලනය කර ගැණිමට රටේ ප්‍රශ්න තිබිය යුතුය යන්න පදනමේ සිට නම් මේ වැඩේ නතර කිරීම හොද දෙයකි.
විශ්ව විද්‍යාල තුලද මාධ්‍යය වෙනස් කිරීම ගැටළු ඇතිකරන්නක් විය හැකියයි මීදුම උපකල්පනය කරයි. සිංහල භාෂාව රජ කරවු දා පටන් අධ්‍යෘයපනය සිංහලවී අවුරුදු පනහක් පමන ඉක්මවු යුගයක සිංහලෙන් ඉගන සිංහලෙන් උසස් අධ්‍යාපනය හැදෑරු යාම්තම් ඉංග්‍රීසිය හසුරුවන සම්පත්දායකයෝ ඕනැතරම් සිටිය හැකියයි සිතිය හැකිවේ. මේ ඇත්තන් සමග වහාම ඉංග්‍රීසියට යාමද විශ්ව විද්‍යාල අර්බූදයක් නිර්මානය කරගැනීමකි. එහෙත් අසනීප සදහා දෙන බෙහෙත් තිත්ත උවත් බීම සිදුකල යුතුමවේ. සිංහලෙන් උපාධිය හමාර කරන දෙවන වසරේ සිට අවසන් විභාගය දක්වා විශ්ව විද්‍යාලයේ රැදී සිටින සිසුන්ටත් මෙය ප්‍රියජනක දසුනක් නොවීම අනිවාර්යවේ.ඉතින් විශ්ව විද්‍යාලය තුලින්ම වැඩේ අබ්ලික් කිරීමේ අවස්ථා නම් මතුවිය හැකි බව මීදුම සිතයි.
මධ්‍ය මහා විද්‍යාලයකට ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව පස්වන වසරට ඇතුලත්වු මිදුම ඉංග්‍රීසියෙන් උගත් අවසන් කන්ඩායම බල බලා සිංහලෙන් උගත් අයෙකි.එකල සිංහලෙන් ඉගනගැනීම මහත් අභිමානයක් වුවද සමාජ ගත වීමත් සමග ඉංග්‍රීසියේ වැදගත් කම කොයිතරම්ද යන්න තේරුම් යනවිට අප යා යුතු කෝච්චිය ගොස් හමාර වී තිබිණි.
බක් පෝය අදයි.
-
අද බක් පෝය දිනයයි.
සිංහල හිණ්දු අලුත් අවුරුද්ද මුව විට මෙවර පෝය දිනය එළඹ තිබේ.
බක් පෝය ශාසන ඉතිහාසයේ වැදගත් වන කාරනා කිහිපයකි.
බුදුරජානන් වහන්සේගේ දෙවන...
1 day ago