![📷](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tb6/1.5/16/1f4f7.png)
![❤](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf3/1.5/16/2764.png)
Nature does not hurry, yet everything is accomplished..
I will not follow where the path may lead, but I will go where there is no path and I will leave a trail..
Study nature, love nature, stay close to nature. It will never fail you.
We do not see nature with our eyes, but with our understandings and our hearts.
Every morning was a cheerful invitation to make my life of equal simplicity, and I may say innocence, with Nature herself.
නවන්දනා කුලය යනු රජ යුගයේ තාක්ෂණ ශිල්පී පරම්පරාවයි. ආචාර්ය වරු ලෙස නම්දැරූ ඔවුන් ග්‍රාම්‍ය ව්‍යවහාරයේදී ආචිරි ලෙස කටහුරු වූවා වන්නට පුළුවන. .ඔවුන්ට ගොවිගම කුලයටත් වඩා වටිනාකමක් එවකට තිබිනි.
යුධ ආයුධ අත්‍යවශ්‍ය වකවානු වල ඒවා තැනීම සඳහා යපස් ගෙන ඒම සහ කුලී කටයුතු ලබා දියයුතු ය යන්න රජුගේ නියෝග ලෙස ගොවිගම කුලය වෙත නිකුත් කර ඇත. ආදි යුගයේ ලෝකුරු ශිල්පය යක්ෂ ගෝත්‍රික යන් සතුවිය. යකඩ , යකාගෙ වැඩක්, යකෝ, යකඩෝ, යකා නගිනව, වැනි කටහුරු වචන වලින්ම ඒ බව ඔප්පු කලහැක. යක්ෂ ගෝත්‍රිකයන් ගේ ආවුද පනපෙවීමේ පාරම්පරික ඥානය නවන්දනා කුල ශක්තිමත් තරුණයන් විසින් සොරාගත් බවට ජනශ්රැතියේ පැවසේ. එසේම ගොවිගම ආදී සියළු කුලවල අය මොවුන්ගෙන් තාක්ෂණික කටයුතු ඉටු කරගත්තේ ගෞරවනීය ලෙස පඩුරු පාක්කුඩම් දීමෙන් බවටද ජනශ්රැතිය සාක්ෂි දරයි. එපමණක් නොව කම්මල් කටයුතු වලදී මයින හම ඇඳීම යකඩ තැලීමට හවුල් නොවන්නේ නම් රදලයෙකුට වුවද සේවාව ලබාදීම ප්‍රතික්ෂේප කලේ ශිල්පීය පෞඩත්වය දරන්නන් නිසාමය. මොවුන්ගේ සම්බවයනාග ගෝත්‍රයේ බව ඉපැරණි ආවුධ තාක්ෂණය ට සුරුවිරුකම් පෑ අයවළුන්ගේ වාසභූමි ය වූ කොත්මලා ප්‍රදේශය බවට අදද සාක්ෂි ඇත . දොලොස් බාගේ ප්‍රදේශයේ ඇති කිණිහිරය නැමැති යෝධ පර්වතය ඒ පුරාවෘත්තයේ එක් සළකුණකි.
අලි අල්ලන් සිටි කොත්මලා ප්‍රදේශයේ නාග ගෝත්‍රික ගම්මානයක දුටුගැමුණු කුමරා සැඟවී සිටියේ යුද්ධය සඳහා ආවුද තනවා ගැනීමට විය හැක. නුවර යුගයේ දී
දළදා මාලිගාව ආදී ප්රසාදයන් නිර්මාණය කල දේවේන්ද්‍ර මූලාචාරින් යනු එම කුලයේ ප්‍රභලයෙකි. මෑත කාලීනව ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ නිර්මාතෘ විමලසුරේද්රයන් ද එම කුලයට සම්බන්ධ බව මා අසා ඇත. හැත්තෑව දසකය ට පෙර එම කුලයේ අයවලුන් ගේ නම අවසන් කලේ "හාමි" යන ගෞරවාර්ත පදයෙනි.ලුවිස් හාමි, සුබේ හාමි, දිනෙස්හාමි,අපට අපට පෙර පරම්පරාවේ වැඩිහිටියෝය. ඔවුන්ගේ භාර්යාවන් හැඳින්වූ පොදු නම වූයේ "නාච්චිලේ" නැමති පදයයි. ද්‍රවිඩ ඌරුවක් ඇති එම නාමය සමහර විටෙක නුවර යුගයේ වඩුග පරම්පරාවේ ස්ත්‍රීන් සරණපාවා ගත්තා නිසා වන්නට පුළුවන.ලෝහ තැනීම, ලෝහ භාන්ඩ තැනීම, ආවුද සහ ආයුධ නිර්මානය හා දොරගුළු තැනීම, කරත්ත රෝද පට්ටං ගැසීම ,ලාඩං ගැසීම,මෙන්ම රිදී රත්තරන් ආභරණ නිර්මාණයද ඔවුන්ගේ සුවිශේෂී තාක්ෂණික කටයුතු වේ.මෙතරම් උසස් නිර්මාණ ශිල්පීන් වුවත් කුලයෙන් පහත් ලෙස සලකන්නට ලක්වූයේ යුරෝපීය ආක්‍රමණයෙන් පසුවය.එයට හේතු වූයේ සිහලුන් කවදාවත් නුදුටු ගිනි අවි ආක්රමණිකයාටම එල්ල කරන්නට තරම් හැකියාවක් ලබාගත්තේ නවන්දනා කුලයට පින්සිද්ද වෙන්ටය. සතුරාගෙන් උදුරා ගත් ආයුධයේ තාක්ෂණය අසුරු සැනින් වටහා ගත් ඔවුන්ගේ හැකියාව මත බයිනෙත්තු ,රයිපල්, පිස්තෝල, කාලතුවක්කු පවා නිර්මාණය වූයේ ඔවුන්ගේ විස්කමෙනි.ලෝකුරු කර්මාන්තයේ ඕනෑම නවෝත්පාදන යක් වටහා ගැනීම හා ප්‍රතිනිර්මාණය කිරීමට මේ කන්ඩායම පෑ දක්ෂතාවය නිසාම එයට බියපත්වූ යූරෝපියානු අධිරාජ්යයවාදීනහු නවන්දනා කුලය නීච කුලයක් ලෙස හංවඩු ගැසීමට පියවර ගත්තේය. එයට අවනත වූ කුලීන යටත් වැසියන් ඉංග්‍රීසි සමය අවසාන වනවිට නවන්දනා කුලය කොන් කොට හමාරවී තිබිණි .යටත්විජිතවාදී චින්තනය නිසාම"වානෙට මඩ බොරරිදියට පුස්කර " ලෙස ප්‍රකට ආවුද පනපෙවීමේ ශිල්පීය කලාව ප්‍රගුණ කල අයෙකු ඔවුන් අතර හෝ දැනට නොමැති බවනම් කණගාටු වෙන් වුවද පැවසිය යුතුය..යකඩ තැලීම
උපුටා ගැනීම@ Wikipediaකිරි හැලයා ,:-කවුද?කතා කළේ෴කන්දේ ගුරා ෴මක්කටද ආවේ? ෴යකඩ තලන්න ෴මක්කද ගෙණාවේ?මුරුංගා ෴කෝටුං බෝටුං අපට මොටෝ දෑ අපි ඒවා කන්නේ නෑ ෴ වත්තෙන් පහළට කොංඩුං පෝ෴දුම්බර මහගෙට - ඇවිලු පන්දම, කවුද නිවන්නේ?කිරි හැලයා:- කවුද කතා කළේ?කන්දේ ගුරා ෴මක්කටද ආව෴යකඩ තළන්න෴මක්කද ගෙනාවේ?වම්බටු ෴වම්බටු කොම්බටු අපට මොටෝ දෑ අපි ඒවා කන්නේ නෑ ෴වත්තෙන් පහළට කොංඩුං පෝ ෴දුම්බර මහගෙට - ඇවිලු පන්දම්, කවුද නිවන්නේ?කිරි හැලයා:- කවුද කතා කළේ?කන්දේ ගුරා ෴මක්කටද ආවේ?යකඩ තළන්න ෴මක්කද ගෙනාවේ?හාල් කූර මල්ලයි - ලුණු කූර මල්ලයි ෴හරි හරි දුල්ලා මාගේ දුල්ලා - මම් කන කෑමත් උන් දෑ දනිතෙයි - මම් බොන බීමත් උන් දෑ දනිතෙයි ෴කුනාගෙ යකඩත්, මම් ම තලඤ්ඤයි ,මම් ම තලඤ්ඤයිමල්ලියා සරි මං නයි දෙත් සරි - කම්මල් වත්තට ගෙන්නූ පන්දම් - දීරෝ දිරෝ,කවුදැයි කවුදැයි කතා කරන්නේ?කන්දේ දුරයා කතා කරන්නේ ෴මන්දැයි ආවේ?යකඩ තලන්නට ෴මොනව ද ගෙණාවේ? මෑකරල්මිටියක් ගෙණාවේ෴ කෝටුං බෝටුං අපි කන්නේ නෑ අපෙ කම්මලෙ නොගණිති එව්වා ෴වත්තෙන් පහලට කොංඩු පෝං....
notes of imaginary
“Why do I read?I just can't help myself.I read to learn and to grow, to laughand to be motivated.I read to understand things I've neverI read when I'm crabby, when I've justsaid monumentally dumb things to thepeople I love.I read for strength to help me when Ifeel broken, discouraged, and afraid.I read when I'm angry at the wholeworld.I read when everything is going right.I read to find hope.I read because I'm made up not just ofskin and bones, of sights, feelings,and a deep need for chocolate, but I'malso made up of words.Words describe my thoughts and what'shidden in my heart.Words are alive--when I've found astory that I love, I read it again andagain, like playing a favorite songover and over.Reading isn't passive--I enter thestory with the characters, breathetheir air, feel their frustrations,scream at them to stop when they'reabout to do something stupid, cry withthem, laugh with them.Reading for me, is spending time with afriend.A book is a friend.You can never have too many.”
“ඇයි මම කියවන්නේ?
මට උදව් කරන්න බැහැ.මම කියවන්නේ ඉගෙනීමට සහ වර්ධනය වීමට, සිනාසීමටසහ අභිප්‍රේරණය කිරීමට.මම කවදාවත් නැති දේවල් තේරුම් ගන්න කියෙව්වාමම කකුළුවෙකු වූ විට, මම කියවන විට මම කියවමිට ස්මාරක ලෙස ගොළු දේවල් කීවේයමම ආදරය කරන මිනිස්සු.මට උදව් කිරීමට ශක්තිය සඳහා මම කියෙව්වාබිඳුණු, අධෛර්යමත් සහ බියක් දැනේ.මුලු හිතම තරහා උනාම කියවනවාලෝක.හැමදේම හරියනකොට මම කියවනවා.මම බලාපොරොත්තු සොයා ගැනීමට කියෙව්වා.මම කියවන්නේ මම සෑදී ඇති නිසා පමණක් නොවේසම සහ අස්ථි, දර්ශන, හැඟීම්,සහ චොකලට් සඳහා ගැඹුරු අවශ්‍යතාවක්, නමුත් මමවචන වලින් ද සෑදී ඇත.වචන මගේ සිතුවිලි සහ දේ විස්තර කරයිමගේ හදවතේ සැඟවී ඇත.වචන ජීවමානයි - මම සොයා ගත් විටමම ආදරය කරන කතාව, මම එය නැවත කියෙව්වානැවතත්, කැමතිම ගීතයක් වාදනය කරන්නාක් මෙන්නැවත නැවතත්.කියවීම නිෂ්ක්‍රීය නොවේ - මම එයට ඇතුල් වෙමිචරිත සමඟ කතාව, හුස්ම ගන්නඔවුන්ගේ වාතය, ඔවුන්ගේ කලකිරීම් දැනේ,ඔවුන් සිටින විට නවත්වන්නැයි කෑගසන්නමෝඩ දෙයක් කරන්න හදන්නේ, අඬන්නඔවුන්, ඔවුන් සමඟ සිනාසෙන්න.මට කියවීම, ඒ සමඟ කාලය ගත කිරීමයිමිතුරා.පොතක් යනු මිතුරෙකි.ඔබට කිසි විටෙකත් ඕනෑවට වඩා තිබිය නොහැක. ”
මැණිකෙ දැන් ඔය මදෑ හොඳටම යන්ට දැන් හරි වෙලාව
තවත් ඉන්ටද මෙතනටම වී ඔයාගේ කල්පනාව
රිදී රේඛා ඇඳේ කීවට මැකුණු පසු කලු වළාව
ඒ තමයි අපි අදත් අදහන ජීවිතේ ලොකු මුලාව.....
අහල අහලම ඇති වෙලා ඇති නුඹේ ඔය කන්නලවුව
දන්නවා ඔය හිතේ ඇවිලෙන ගින්න දරුවන් මෙළෙව්ව
අපේ නැති බැරි කම් වසා ගෙන දුක දරා සිටි සොරොව්ව
ඕං දැන්වත් කරමු අමතක මැණික ඔය හත් ඉලව්ව.....
දෝවණය කළ පැන් කලත් ඇති ඉහේ කෙස් ගාණට වඩා
බෝධි මලුවට දැනෙන්න්ට ඇති නුඹේ පා තරමට විඩා
තුමුල මහ කඳු ශිඛර මැද්දේ අපි වුණෙන් ගල් කැට කුඩා
සේරමත් බර අරන් ආවට නුඹත් දැන් හොඳටම ලෙඩා.....
ඔප්පු කරනට බැරි තරම් වෙයි එදා හිට ගැට ගහපු පඬුරූ
කලු ගලක් හරි නුඹේ දුක දැක උණු නොවේවිද ලෙසින් වෙඬරූ
කමක් නෑ මේ ඉන්න ඩිංගට උන්ට අපි නම් තිත්ත කදුරූ
යං ඉතිං අපි හිටපු තැනටම පිහ ගනින් ඔය ඇහේ කඳුලූ.....
- රුවන් ජයරත්න -
Harsha Sulovhana
කර පින්නන් ආපු හින්ද
දෙපා මගේ රිදෙන හින්ද
ගිනි ගණනට කිරි අරගෙන
උගුර උගුර දීපු හින්ද
මගේ හිත බැඳුණාය පුතේ
උඹ නැතිවම බැරිය පුතේ
...සේද පිළි විසි කරදා
කඩමලු ඇඟ ඔතාලා
සිහිල් දියෙන් දොවාලා
ගොඩක් වතුර පොවාලා
මං උස්සන් උඹ උස්සන් යනවා
කර පින්නා ගෙන යනවා
සුබ ආරංචියක්......
අපි කට ඇරගෙන බලා හිටියා මොකක්ද මේ සුබ ආරංචිය කියලා. ණය ප්‍රතිව්‍යුහ ගත කරගන්න පුළුවන් වෙලා. ඒකයි මේ සුබ ආරංචිය.
වැල් පාලමේ කතාවත් නිතර නිතර කියවෙනවා. මට නම් අසඩක් හොද පදමට දා ගත්ත වෙලාවට. ඒතකොට දෙන තීන්දුත් නියමයි.
වානිජ ණය ප්‍රතිව්‍යුහගතකරනය යටතේ ඩොලර් බිලියන 12.5ක් ජාත්‍යන්තර ස්වෛරිත්ව බැදුම් කර ( ISB) ණය ප්‍රතිව්‍යුහගතකරනය කරමින් සිටියද 2022 ණය සහ පොලිය නොගෙවීම නිසා එය ඩොලර්් බිලියන 18 දක්වා වැඩිවී ඇත. 2022 අප්‍රේල් සිට ණය ගෙවීම නතර කිිරීම නිසා ද්වි පාර්ශවීය සහ වානිජ නය ඩොලර් බිලියන 6.6 ක් එකතු වී ඇත. ප්‍රතිව්‍යුහගතකරනය කල යුතු විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 29 ක් වන අතර එයන් ඩොලර් බිලියන 11 ක්ද්වි පාර්ශවික ණය වන අතර ඉන් ණය ප්‍රතිව්‍යුහගතකරනය යටතේ ප්‍රතිව්‍යුහගතකරනය කර ඇත්තේ ඩොලර් බිලියන 10 කි.2028 දක්වා ණය මුදල් නොගෙවුවද වසරකට ඩොලර් මිලියන 500ක් පොලී වශයෙන් ණය හිමි රටවලට ගෙවිය යුතුය.
මෙන්න මේකයි සුුබ ආරංචිය.
මේ සුබ ආරංචිය සජබෙට ඇහුනේ ආණ්ඩු පැත්තට ඇහුුන විදියට නෙමෙයි. ණය ද්වි පාර්ශවික ,බහු පාර්ශවීය සහ සෙසු කණ්ඩායම් වලින් ගත් ණය තියෙනවා. ඔය ඔක්කොම මේකට එකග වෙලා නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී රජය අසාර්ථකයි කියලා සජබෙ කියන්නේ අපි කලා නම් ඔයිට වඩා හොදට කරනවා ! එයාලගේ මතය. ණය ගෙවීම කල් ගැණිම , ණය වලින් කොටසක් කපා හැරීම. ගැන කියන්නේ අපි කලා නම් ඔයිට වඩා කාලයක් ගන්නවා - ඔයිට වඩා ඉහල ප්‍රතිශතයකින් ණය කපා හැරීමට කටයුතු කරනවා කියලා.
දැන් වෙලා තියෙන්නේ 2028 වෙනකම් සහන කාලයකුයි 10 % ක ණය කපා හැරීමකුයි රජය ලබා ගෙන තියෙන්නේ
ඒකත් අපි කලා නම් ඔයිට වඩා හොදින් කරනවා වගේ කතාවක්.
කවුරු කලත් කර ගන්න පුළුවන් ඔය ටික තමයි කියලා අපිට නම් තේරේනවා. සුබ ආරංචියක් කියන ගමන් දේශීය ණය ගැන නම් කතා කලේම නැහැ.
ජනාධිපතිතුමා නිතරම හුණුවටයේ කථාව ගැන කියනවා. හුණුවටයේ කතාවේ පූරක මෙහෙම කියනවා
බෙදු එම නීතිය
දිගු නොවු කෙටි කාලය
ඒ රට ස්වර්ණමය යුගයක්ම වු බව
දනන් තුඩ තුඩ තවත් පැවසෙයි
හුණු වටය පිලිබද ඇසු මෙ පුවත
සබේ වියතුනි , පැවසු ලෙස
දන පුරානේ තබා ගනු මැන
සිතෙහි මේවදන
දෙයක් වේ නම් යම් සුදුස්සාටම
අයිති විය යුතුම කියන ලෙස
මෙලෙද ලැබිය යුතු මවු ගුණයය ඇති අය
දරුවන් දිනිය යුතු වෙයි
රියදුරු මනාව
ලැබිය යුතු වු සේම අස්රිය
මුදු ගුණයය ඇති අය
දරුවන් දිනිය යතු වෙය
ගොවි දන මනාවු
දිනිය යුුතු සේම ගම් බිම්.
අවසානයේ අසඩක් ගැන කියන්නේ මෙහෙමයි.
විදා අත් තල දෙන
නොදෙන දේ රැගෙන හෝ නොමරැගෙන
පොදවේ නිදානයකින් රැගෙන දෙන මෙන්
යුක්ති ධර්මය සැමට බෙදු එදා
පිටවුු විනිසුරු ඒ යළිත් නැත
කිසි දිනෙක දුටුවේ මෙදා වනතුරු
ඔහුගේ අණ ගුණ
දනන් තුඩ තුඩ තවද කියවේ.
ජීවිතයේ සැදෑ සමය හරියටකන්දක් උඩට නැග්ගා වගෙයි. ජීවිතය සැදෑසමයට පත්වෙලා. කන්ද මුුදුුනට ගියාම තමයි පේන්නේ අවට දසුන්. සුන්දර මෙන්ම අසුන්දර රටාවල් මේ අතර තියෙන්න පුළුවන්. ඒ වගේ ජීවිතයේ කදු මුදුනේ ඉන්න මට සුන්දර මතකයන් මෙන්ම අසුුන්දර මතකයන් සිහිපත් වෙනවා ඒ් මතකයන් කලින් කල විදවන්නේ විවිධාකාරයෙන්
!doctype>බලමු........ මොන විදියට විදවයි ද කියලා.
මීදුම...... ඉර පායනවත් එක්කම නැතිවෙලා යන තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙන මීදුම ඝණ වෙලා දිය වෙලා කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා. තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා . සිතුවිලිත් ඒ වගෙයි. ඇති වෙලා නැතිවෙලා යනවා. දේවල් බෙදා හදාගන්න
මීදුම... යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා. තෝරා බේරාගෙන පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එනවා. වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත් මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මීදුමත් සමග මුසු වෙන්න පුළුවන්.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි කියලා .
මම හිතනවා
!doctype>එළඹෙන නොවැම්බර් 16 වන දින හෝ ඊට පෙර ශ්‍රී ලංකාවේ 9 වන ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි. 1982 වසරේ පළමු ජනාධිපතිවරණය පැවැත්වුණා. ඉන්පසුව පිළි...