Sunday, September 14, 2014

දාලා බලනවද ? බලලා දානවද - What ‘s your policy ?. 2


විචාරක ලියලා තිබුනා දාලා බලනවද  -  බලලා දානවද කියලා වියමනක්. විචාරකට ඕන වුනේ කමෙන්ට්ස් ගැන එයාගේ ප්‍රතිපත්තිය පල කරන්න.

මට මේ ලිපිය කියවන කොට මතක් වුනේ අපිට AL පන්තියේදී APPLIED  සහ PHYSICS උගන්වපු අපේ සර්. එතුමාට තිබුනා දාලා අහක්ලා බලමු කියන පුරුද්දක්. ඔය සමීකරනයක් වගේ තැනකදී ආදේශයක් කරන කොට ආදේශය කරන්නේ අපි මේක දාල අහක්ලා බලමු කියලා. වැඩේ හරි ගියොත් ගොඩ. මාත් අනෙක්වා කොයික නැතිවුනත් ඒ විෂයයන් දෙකෙන් ගොඩ ගියා.

සර් ගැන මතක් වුනාම පංතියේදී උන දේවල් ගැන ලියන්න මතකය අවදි වෙනවා
ඊට ඉස්සෙල්ලා විචාරකගේ කතාවට පොඩි ඌණ පූරණයක් කරන්න හිතුවා. නැත්නම් මේ වියමන දිග පලල අඩුවෙන හින්දා. පනින්නට පෙර සිතා බලන්න කියලා කතාවක් තියෙනවා . දාලා බැලිල්ලෙයිබලලා දැමිල්ලෙයි හොද නොහොද සොයාගන්න මේ කතාවෙනුත් පොඩි තල්ලුවක් ගත්තොත් හොදයි කියලා මම හිතනවා. ගින්දර ගොඩක් තියෙනවා.මේකට අත දාන්න හිතෙනවාවිචාරකගේ තියරියේ හැටියට දාලා බැලුවොත් .................මොකද වෙන්නේ ?. පුච්ච ගන්න වෙනවා. එතනදී දාලා බැලිල්ල අනතුරුදායකයි. ගෙදර දොරේදී නම් දාලා බැලිල්ල ගුණදායකයි. ්‍රතිචාර බලලා තමුන්ගේ වැඩේට බහින්න පුළුවන්.නැත්නම් වැඩේ අත්හරලා මොනවත් නූනා වගේ ඉන්න පුළුවන්. මෙතෙන්දී  පනින්න පෙර සිතා බලන්න කියන එකටත් ගැලපෙනවා.

ඔය ප්‍රතිපත්ති සම්ප්‍රදාය කියන ජාති අවස්ථාවේ හැටියට වෙනස් කරලා ආයෙත් අළුතින් ප්‍රතිපත්ති සම්ප්‍රදායන්  හදා ගන්න ඕනී. නැත්නම් ජීවිතේ පවත්වා ගෙන යන්න බැරිවෙනවා. අතර මගදී හිර වෙනවා. අපේ උත්තරීතර ලියවිල්ලත් ප්‍රතිපත්තියක්නේ !. මොකක්ද ඒකට වෙලා තියෙන්නේ ?.කරලා තියෙන සංශෝධන ගණන මතකත් නැහැ.මෙහෙ එහෙම උනාට ඇමරිකාවේ එහෙම නැහැ. කොටින්ම ලිඛිත ව්‍යවස්ථාවකුත් නැහැ කියලානේ කියන්නේ. ( ඔය ලිඛිත ව්‍යවස්ථාවක් නැත්තෙ ඇමරිකාවෙ නෙමෙයි එංගලන්තෙ. එංගලන්තෙ ව්‍ය්වස්ථාව කියන්නෙ ඔටුන්නෙ බලය සහ තවත් නීති පද්ධතියක එකතුවක්. අන්න ඒ නිසයි ලිඛිත ව්‍යවස්ථාවක් නෑ කියන්නෙ.  - කමෙන්ට්ස් වලින් මේ නිවරදි කිරීම ආවේ. මම මේ වියමන edit කලත් මගේ වරද එහෙමම තියෙන්න අරිනවා.)

මම ආයෙත්  මගේ AL පන්තියටම යනවා. ගිය මාසේ දවසක අපේ පන්තියේ හිටපු කෙල්ලෙක්  ඒකිගේ මුළු පවුලත් එක්කම හමුවුනා. ඒකිගේ පුතා අපේ ගෙවල් ගාවයින් කසාදයක් කරගන්නව. පදිංචිය කොළඹ - කොල්ලාගේ කෙල්ල වෙඩින් එක ගන්නේ බෙලිහුල්ඔය තානායමේ. ඉතින් දුර ගෙවා ගෙන  පාන්දරින්ම එන්න බැරි නිසා මතක් වුනා පංතියේ හිටපු යියාව “  යියට සිද්ධවුනා ඒකිගේ නව පරපුරටත් සහෝදර පරපුරටත් නවාතැන් පහසුකම් සලස්වන්න.

APPLIED   සහ PHYSICS උගන්වපු අපේ සර් ආයෙත් මේ හමුවත් එක්ක මතක්වුනා.එදා අපි හිටියේ   lab  එකේ. පාඩම යන අතර විසේ ඇති මම පහන් දැලි ටිකක් ඇගිලි දෙකක උලා ගෙන මේ කෙල්ල ලගට පිටුපසින් ගිහින් කම්මුලට ලගින් ඇගිලි දෙක තියගෙන කතා කලා කෙල්ල මුහුණ පිටුපස්සට හැරෙව්වා. කම්මුලේ මගේ ඇගිලි දෙක වැදුනා. කෙල්ලගේ කම්මුලේ දැලි තැවරුනා. උන ඇබැද්දියට ප්‍රතිචාර දක්වන්න   හිතා ගත්ත කෙල්ල අත්ල පුරා දැලි තවරා ගෙන ගිහින් තිබුන හදිස්සියට මම කියලා හිතගෙන සර්ගේ මූන පුරා දැලි තැවරුවා. මම බේරුනා. 

සර්ගේ හොදකමට අපි දෙන්නම බේරුනා. දැන් කාලේ නම් ගෝලයෝ දෙන්නට  නතර වෙන්න වෙන්නේ ගෙදර .
මේ හාදකම දාලා බැලිල්ලක් නෙමෙයි. බලලා දැමිල්ලකුත් නෙමෙයි.
එහෙම දාලා බලාපු තැන්වලින් පස්සේ කාලේ  අත්දෙක පුළුස්සා ගන්න සිද්ධවුනා. බලලා දමන්න ගිය තැන් වල හිරවුනා.

විචාරකගේ මාතෟකාව උදුරා ගන මම දාලා බැළුවට අවුලක් වෙන එකක් නැහැනේ.

notes of imaginary

Monday, September 08, 2014

බිල්ලට දුන් ගිණි හුලෙහි ඔය. ( බෙලිහුල්ඔය)

අර්නස්ට් හේකල්(Ernst Heinrich Philipp August Haeckel 

අපි ගැන අපි කතා කරනවා අඩුයි.
රට වටේ ගිහින් තොරතුරු එකතු කරගෙන ඇවිත් ලියුවත් හැමදාමත් ජීවත් වෙන පරිසරය  වට පිටාව ගැන ලි‍යවෙනවා අඩුයි කියලා මීදුම හිතුවා. අද යොමුවන්නේ අපේ පරිසරය හා වටාපිටාව ගැන කතා කරන්න.
බෙලිහුල්ඔය කියාපුවම මතක් වෙන්නේ බෙලිහුල්ඔය තානායම.පන්සල  (කරගස්තලාව ශෛලගංගාරාමය) කතොලික පල්ලිය  හැරුනාම බෙලිහුල්ඔය තියෙන ඓතිහාසික ස්ථානයක් වන්නේ ‍බෙලිහුල්ඔය තානායමයි. වර්තමානය වන විට දේශිය සංචාරකයන් අතරට බෙලිහුල්ඔය තානායමට අමතරව තවත් සංචාරක නවාතැන් කිහිපයක්ම එකතු වෙලා.

”පර්ල් “ සහ “සැවින්රා” මේ අතර ජනප්‍රිය සහ පහසුකම් සපිරි සංචාරක නවාතැන් දෙකක්.

දර්ශනවාදියෙක් විද්‍යාඥයෙක් වන අර්නස්ට් හෙකල්  Ernest Haeckel  (1880-81 ) දී සංචාරකයෙක් විදියට ලංකාවට එනවා. ඒ ඇවිත් සංචාරක සටහන් ඇතුලත් කර A VISIT TO CEYLON  කියලා ලියන පොත “ ලංකාවට ගමනක් “ කියලා චානක සේනානයක විසින් සිංහලට පරිවර්තනය වෙනවා.

මේ පොතේ බෙලිහුල්ඔය ගැන සදහන් වෙනවා.

අර්නස්ට් හේකල්(Ernst Heinrich Philipp August Haeckel )  ගැනත් කියන්න ඕනී. ඔහු ජර්මන් ජාතිකයෙක්. 1834 පෙබරවාරි මාසේ 16 වෙනිදා උපත ලබා 1919 අගෝස්තු මාසේ 9 වෙනිදා මියයනවා  ඔහු  ගත් කතුවරයෙකු වෛද්‍යවරයෙක්,ජීව විද්‍යඥයෙක්, පරිසරවේදියෙක්,දාර්ශණීකයෙක්,මහාචාර්යවරයෙක් සහ චිත්‍රශිල්පියෙක් ලෙස ප්‍රසිද්ධියට පත්වෙනවා.

මේ කියන කාලවකවානුව  වර්ෂ 1880 – 81. ක

අර්නස්ට් හෙකල්  ශ්‍රී ලංකාවේ ගත කරන කාලය අවසන් වෙන්නේ   නුවරඑලියෙන් පිටත්ව හෝර්ටන් තැන්න හරහා වැටී ඇති මාර්ගයෙන් බෙලිහුල්ඔටත්,  එතැනින් රත්නපුරයට පැමිණ පාරුවකින් කළුගග දිගේ කළුතරට පැමිණීමෙන්. කළුතර සිට ගොඩබිමෙන් කොළඹට පැමිනෙන අර්නස්ට් හෙකල්  නැවි ගත වෙනවා. 

නුවරඑලියේ සිට බෙලිහුල්ඔයට අදත් ලෝකාන්තය හරහා පැමිණිය හැකියි. ලෝකාන්තයත් බෙලිහුල්ඔයත් අතර දුර කි.මි 14 පමණ තිබෙනවා. මේ දුර ගෙවා පැමිණි අර්නස්ට් හෙකල් නවාතැන් අරන් තියෙන්නේ බෙලිහුල්ඔය තානායමේ.

අර්නස්ට් හෙකල් එදා දුටුව බෙලිහුල්ඔය අද නැහැ. ජනගහනයේ පිපිරීමත් එක්ක පරිසරය දේශගුණය විනාශවෙලා. අවුරුදු 134 ක් තිස්සේ පරිනාමයවු සමාජය නවීකරණය වෙලා. 

“ අර්නස්ට් හෙකල් හෝර්ටන්තැන්න සංචාරය අවසන් කරලා බෙලිහුල්ඔයට එන්නේ නොන්පෙරියල් වත්ත හරහා. ඔහුට නොන්පෙරියල් වත්තට එන්න පැය පහක් විතර ගතවෙලා තිබුනා එදා නොන්පෙරියල් වත්ත සරුසාර කෝපි වගාවක්.කෝපි වගාව විනාශ වීමෙන් පසුව තේ වගා කරනු ලදුව සරුසාර තේවත්තක් ලෙස අපි කුඩා අවදියේ දුටු  (1955)නොන්පෙරියල් වත්ත අද නිසරු තේ වගාවක් දක්වා වෙනස් වෙලා. එදා වගාභුමිය අක්කර 1200ක් විතරවු මේ වගා බිම  අද වන විට අක්කර 200ක් තරමට කුඩා වෙලා.

1881පෙබරවාරි 25 දා බදුල්ලෙන් ඇරඹි බටහිර දෙසට විහිදෙමින් රත්නපුරය දෙසට ලගා වෙන සුප්‍රකට මාර්ගයේ වඩාත්ම උසින් පිහිටි නවාතැනවු යේ බෙලිහුල්ඔය යි, 
නුවරඑලියේ සිට හෝර්ටන් තැන්න හරහා හේකල් බෙලිහුල්ඔයේ නවාතැන් ගන්නවා.  පසුව බදුල්ල- රත්නපුර මග  ඔස්සේ රත්නපුරයට යනවා. 

එදා බදුල්ල - රත්නපුර මාර්ගය බදුල්ලේ සිට කෝපි පලදාව කොළඹට ගෙන යාමටත් වැවිලිකරුවන්ගේ වෙනත් අවශ්‍යතා සදහාත් වැඩියෙන් භාවිතා වී තිබෙනවා. මේ මාර්ගයේ එකම ප්‍රවාහණ පහසුකම  වී ඇත්තේ කරත්තයයි. කරත්තකරුවන් උදෙසා නවාතැන් පහසුකම් සැලසු “ගාලේ කඩේ” නම් ගත් ස්ථාන මේ මාර්ගයේ පලින් පල හමුවෙනවා. මේ මගෙහි  “ගාලේ කඩේ “ යයි පැරණි නම භාවිතා වන නිවෙස් තවමත් ඇති බව සටහන් කල යුතුයි.
රත්නපුරේ සිට පාරුවෙන් ‍කළුතරට ප්‍රවාහණය වන බඩු බාහිරාදිය කළුතර සිට යලිත් කරත්ත කරුවන් විසින් කොළඹ දක්වා ගෙන ගිය බවයි අර්නස්ට් හෙකල් සටහන් කරන්නේ.

හේකල් සදහන් කරනා ආකාරයට බෙලිහුල්ඔය ට නම ලැබී ඇත්තේ “බිල්ලට දුන් ගිණි හුලෙහි ඔය” කියනා අර්ථයෙනුයි. ඒත් වෙනත් අර්ථකථනයන් බෙලිහුල්ඔය කියන නමට තියෙනවා. (කියවන්න   මේ ලිපියත් කියවන්න. 
බෙලිහුල්ඔය ගමට මේ නම ලැබී ඇත්තේ සානුවේ දොරුවක් මැදින් ගලා බසින කදුකර දොල  පහර නිසාවෙනි .  අතු ගංගා කිහිපයක් ඇරුන විට මෙම දොළ පහරේ මුලාශ්‍රයන්  හෝර්ටන් තැන්නෙන් ඇරඹෙනවා. මේ මුලාශ්‍රයන් එකතුවී පසුව සැඩ පහරක් ලෙස ගලා බසින මෙම දිය පහර  පටු ඕඩ  සරුවට වැඩුන පලාවන් වියනාන් වැසී ඇති බිම ඔස්සේ . බටහිර දෙසට මුහුණ ලන ප්‍රපාතාකාර ගල් බිත්ති අතරින් රිංගා ගලා බසිනවා.  මෙම ඇල දොළ නිසා මේ අවට භුමි ලක්‍ෂණ වඩ වඩාත් උදාර හා සිත් ගන්නා සුළු බවට පත්වෙන බව හේකල් ලියනවා.  

“නන්පෙරියල් වත්තේ සිට පැමිණි විට මෙම ප්‍රදේශයයේ ස්වභාව සෞන්දර්යෙන් කෙතෙක් වසග වුවාද යයි කිවහොත් මේ ගමේ  දින කිහිපයක් නතරවීමට අප තීරණය කලෙමු. කියන හේකල් අද බෙලිහුල්ඔයට පැමිණියෝත් ස්වභාව පරිසරයට ඇතිවී ඇති විනාශය දැක කම්පාවට පත් වෙනවා ඇති.

notes of imaginary

Tuesday, September 02, 2014

ප්‍රේමය.


යොවුන් ආදරය  වැඩිහිටි දෑසින් දකින්නේ විවිධාකාර කෝන තුලින් බොහෝ වැඩිහිටියන් තමන් ජීවිතයේ පසුකර ආ තරුන ගැටවර වියේ දුර තමන් ලද අත්දැකීම් දූ දරුවන්ගේ ආදර සම්බන්‍ධතා දකින විට  ඒවාට ආදේශ කරගන්නේ විරෝධාත්මක හැගීම් මතු කරමින්.  එක් වරම තම දූ දරුවන් කෙරෙහි  තද බල විරෝධතාවයන් වාරනයන් වලට එළබීම බොහෝ දෙනා තුලින් මීදුම දකිනවා. තම අත්දෑකීම් ඇසුරු කරගෙන වාරණයන්ට වි‍රෝ ධතාවයන් දක්වනවාට වඩා දූ දරුවන් සමග සාකච්ඡා කරන තැනකට යනවා නම් අපූරු බවයි මීදුම හිතන්නේ.
අප තරුන විය පසුකල හැත්තෑව දශකයට වඩා  ගෙවී ගිය දශක හතරක අතීත කාලය  - වර්තමානය වන විට කාලය විසින් අපේ ජීවන වට පිටාව වෙනස් කරලා.  ලිහිල් වෙලා. ඉතින් අපිට ඒ අතීතයේ ජීවත් වෙන්න බැහැ. අපි එදා බැද දමා තිබු තහංචි අද විහිළුවක් කෝළමක් ලෙස දකින දූදරුවන් සමගයි අද අපි ජීවත් වෙන්නේ. වැඩිහිටියන් අතර දියණියකට තියෙන වැට කඩොළු ඒ වැඩිහිටියන් අතර පුතනුවකට ඇත්තේ නැහැ. මේ වෙනස දෙමව්පියන්ගේ ආත්මාර්ථකාමී හැගීමක් වගෙයි කියලයි මීදුම දකින්නේ.
අද තරුන වියේ  දරුවන්ගෙන් වැඩි පිරිසක්  ආදරය ප්‍රේමය විවාහයම ඉලක්ක කරගත්ත ඉමක් සදහා තෝරා ගත් මාවතක ගමන් කරනවා කියලා නිශ්චිත කරන්න අපහසුයි. විවාහ වන විට ඔවුන් ප්‍රථම ප්‍රේමයන්  ගණනාවක් පසුකර විවාහය ප්‍රථම ප්‍රේමය බවට පත් කරගන්නවා යයි මීදුම හිතනවා. අහිමිවු ප්‍රේමය ගැන සිත සිතා හඩා වැලපෙනවාට වඩා තමන්ට ප්‍රේමකරන ආදරය කරන කෙනෙක් සොයා යාම වැදගත් බව බොහෝ දෙනා තේරුම් අරන් ඇති බවයි මීදුම සිතන්නේ. මේ දියුණු මානසික තත්වයක්ද විය හැකියි. මීදුම අනුමානය කරනවා.
මීදුම තම අත්දැකීම් වර්තමානය වන විට විග්‍රහ කරන්නේ අහිමිවු ආදරයට හඩා වැලපීම  නිශ්පල ප්‍රයත්නයක් ලෙසටයි. ඒ අත්දැකීම් මත සිට ගෙන අතීත කතා දකින්නේ   
වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අබිමන්
හැඞූ දා කඳුළයි දකින්නේ 
සිනාවේ සරදම්....
ඉවුරු දෑලේ හිඳ බැලූ විට 
ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම 
බිහිසුණුයි චන්ඩයි....
හඳක් නැතිදා අහස් තලයට 
තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්....
මේ ගී පද වැල අයිති
ගී පද - බන්දුල නානායක්කාරවසම්
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ

මේ තුන්දෙනා  ආදරය ප්‍රේමය දිහා බලපු ආකාරයටයි. පනින්න පෙර සිතා බලන්න කියනවානේ. ප්‍රෙමයත් ඒ වගෙයි  පටන් ගන්න පෙරත් ඒ වගේ හිතා බලන්න ඕනි.  තම තමන්ගේ වැඩිහිටියන් අනුමත කරයිද ? යන ප්‍රශ්නයට කලින්ම විසදුම් සොයා ගත්තොත්  වැඩිහිටියන් හා කතා බහ කර ඇතිවිය හැකි බාධක  ප්‍රශ්න  සමනය කරගතහොත්  ආදරයෙන් වියෝවීමක් ඇතිවිය හැකිවෙන්නේ නෑ.


notes of imaginary

Friday, August 29, 2014

ජීවිතය

ඉද හිට හෝ ජීවිතය   බ්ලොග් පිටුවේ දියකරන්න සිද්ධවෙනවනම් හොදයි කියලා හිතුනත් ටයිප් කරපු පිටුව ආපහු කියවලා බැළුවම මේ වල් පල් කියවන්නෙකුට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා නැවත හිතන කොට සිද්ධ වෙන්නේ වමාරපු මතක - මතක පිටුවේම  Delete කරලා දාන එක.
හිස් පිටුවක් කොහොම පලකරන්නද ?. ඉතින් කවරදාවකවත් කියවන්නත් පලකරන්නත් නොලැබෙන මේ කතාව අද නැවත කියවන්නේ නැතිව පලකරනවා  කියලා හිත හදාගත්තා
සංස්කරණය නොවු මේ ලියවිල්ල පිස්සු මරගාතයක් වේවි.
ලයනල් මහත්තයා...... ඒ පිය බිරිද මා අමතන හැටියි. මට මේක ටිකක් අමුතු උනත් කාලයක් යන විට මේ ඇමතීමට මම පුරුදු වුනා. ඇමතීම රාජකාරී ස්වරූපයක් ,රිද්මයක් තිබුනත් ඒ හඩට මම ආදරේ කරන්න පටන් ගත්තේ මීට අවුරුදු තිස් අටකටත් ඉස්සර ඉදන්.
ඈ ගුරුවරියක්ව අවුරුදු තිහක් වගේ කාලයක් එකම ස්කෝලේ  ඉගැන්වුවා. ලමයි ආවා ගියා. ඒ ලමයින්ගේ දූ දරුවොත් පාසලට ආවා ගියා. ඒ දරුවන්ගේ දූ දරුවෝ එක දෙක වසර පන්තිවලට එනකනුත් ස්කොලේ හාමිනේ පරම්පරා තුනකට සමාජ අධ්‍යයනය සහ ඉතිහාසය පරිසරය කියන විෂයයන් උගන්වමින් ඉදලා විශ්‍රාම යන්න පස් වසරක් තියෙද්දී අධ්‍යාපන පරිපාලනයට එකතු වුනා.
තිස් වසරක් තිස්සේ වෙනස් නොවුනේ ස්කෝලේ හාමිනේ  විතරයි. අවුරුද්දෙන් අවුරුද්ද ලමයි ගුරුවරු .විදුහල්පතිවරු , පාසල් ගොඩනැගිලි , පාසලේ  පරිසරය පාසල් වත්තේ ගහ කොල වෙනස් වුනා.  දෙමව්පියෝ දරුවෝ කලින් කලට හිටි විදුහල්පතිවරු , ගුරුවරු ඈ හට කොයිතරම් කැමතිද අකමැතිද කියන එක කිසිම විරෝධයක් නැතිව දශක තුනක් එකම පාසලේ සිටිය නිසා මැන ගන්න පුළුවන්.
ඈ පන්ති කාමරේට ගියේ “ ආයුබෝවන්   කියලා ලමයින්ට අත් දෙක එකතු කරලා ආශිර්වාද කරගෙන . “ගන්න බලන්න පොත් ටික“  පලමු විධාණය. දෙවනි ප්‍රශ්ණය “අපි ඊයේ නතර කලේ...................... ?.“  පංතියට ප්‍රශ්නයක්. ඒ ටික අවුරුදු තිහක් තිස්සේ හැමදාමත් මේ වාක්‍ය පේලි දෙක පන්ති කාමරේට අහන්න  සිද්ධවුනා. දශක තුනක් තිස්සේ  ඈ ඇසුරු කල සිසු දරුවෝ අදත් වැඩිහිටියන්ව  හමුවු  විටක් සිහිපත් කරන්නේ  “ඊයේ අපි නතර කලේ........... “ ටීචර් කියාගෙන.
අවුරුද්දටම ගනන නිවාඩු ගාන වසර තිහක් තිස්සේ දහයට පහතයි.මම මෙවට උදව් උනාද නැද්ද කියන එකත් තීරණය කරන්න ඔබටම බාරයි. මම උදව් උනා නම් හිටපු එකම දරුවා බලා ගෙන තමයි.
එක දවසක කට  කාර සිසුවෙක් - අපි ඊයේ නතර කලේ...................... ? කියන ප්‍රශ්නයට දීලා තිබුන උත්තරේ “ බණ්ඩාරනායක මහත්තයට වෙඩි තියලා“ ................ කියලයි . “ ඔව්“ ඊට පස්සේ විජයානන්ද දහනායක මහත්තයා අගමැති වුනා කියලා ඈ සිසුවාගෙන් ෂේප් වෙලා එතැන් සිට පාඩම පටන් ගත්තා කියලා ගෙදර ඇවිත් වමාරන්නේ බොහොම සැහැල්ලළුවෙන්. සහ විනෝදයෙන්.
ගෙදර ජීවිතය නම් මට හරි කරදරයක්.
ඈ ගෙදර ඇවිදින් කලෙත් උගන්නන එක. ගෙදර පංතියේ එකම සිසුවා මම. මට තාමත් ඈ උගන්නනවා. මම තාමත් ඉගණ ගන්නවා. “ ලයනල් මහත්තයා ........ “ කී පමණනින් මම උත්තර දෙන්න ඔනී. නැත්නම් ඒ කටත් සද්දේ දානවා. මම “ඉන්නවා .............. . කියලා උත්තර දෙන්න මුලින්ම පුරුදු වුනේ ඔලොක්කුවට. ඒත් දැන් ඒක පුරුද්දක් සාමාන්‍ය දෙයක් වෙලා. ටීචර් නම් අඩ ගහනවා - පංති කාමරෙන් ඇහෙන්නේ ඉන්නවා හඩ විතරයි.
ජීවිතයේ හොදයයි සම්මත පුරුදු සියල්ලට මා පුහුණු  කලේ ටීචර්. ඇගේ හොදම ශිෂ්‍යා මම කියලා ඈ හිතනවා ඇති. දැන් අපේ පංතියේ මුණුපුරෙකුත් එක්ක හතර දෙනයි. අපි හතර දෙනාගේම ටීචර් වෙලා ඈ  සතුටු වෙනවා.

අදට මේ ලියවිල්ල නතර කරනවා. මේවගේ සංස්කරණය නොකරන ලද ලියවිලි පලකරන්න “ ජීවිතය “ කියලා ලේබලයක් අළුතින් අලවා  ගත්තා ලිපි එකතුව කොහොම වෙයිද කියලා බලමු.

notes of imaginary

Wednesday, August 27, 2014

නොදන්නා දෙමලේ .


එළ හරකයි - මී හරකයි.

ලෙව්කේ මැතිදුත් වෙල මැද්දේ තනිවුනා . ඒ වගේ අපේ සෞඛ්‍ය ඇමතිතුමා ත් අමාත්‍යාංශයේ තනි වෙලා කියලා එතුමාම කියනවා.  පහුගිය දවස් වල මේ කතාව අහන්න ඇති. මතක් වෙන්න  මම ආයේ ලියන්නම්.

සෞඛ්‍ය  ඇමැතිතුමා  පසුගිය සතියේ  (22 වැනිදා) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවැති උත්සවයකට ගිහිල්ලා.

ඇමතිතුමා යන කොට සහ පිරිවරත් එතුමන්ලා පටිපස්සෙන් යන්න එපාය. වතුර...........   කියනකොට වීදුරුව අතට දෙන්නත් සර්ව්යට් පේපරය අතට වඩම්ම්මන්නත්. ටොයිලට් පේපරය දික්කරන්නත් පිරිවර ඉන්න එපාය .නැත්නම් පුළුවන්ද රාජකාරි කරන්න ?. ඒත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේදී ඒ පිලිවෙල බිදවැටිලා. එතුමාගේ අදෝනාව පිටවුනේ මේ විදියටයි - සෞඛ්‍ය  අමාත්‍යාංශයේ ජෙනරාල්ලා අට දෙනෙක්ඉන්නවා. නියෝජ්‍ය ජෙනරාල්ලා පඳුරු ගාණක්ඉන්නවා. නමුත් අද මේ උත්සවයට ජෙනරාල්ලා, නියෝජ්‍ය ජෙනරාල්ලා පඳුරු නෙමෙයි, සෝල්ජර් කෙනෙක්වත් ඇවිත් නැහැ. එහෙම අයත් එක් තමයි, අපට වැඩ කිරීමට වෙලා තියෙන්නේ.

"ඇත්තටම මට තියෙන්නේ කනගාටුවක්‌. මම තනිවෙලා වගේ කියලා තමයි හිතෙන්නේ. මම ඇළේ, දොළේ, කුඹුරේ හැදුණු වැඩුණු මිනිහෙක්‌. මේ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු මගෙන් සාකච්ඡාවක්ඉල්ලුවා. මට සාකච්ඡාවක්දෙන්න පුළුවන්. නමුත් අද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කවුද ඇවිත් ඉන්නේ. මම දන්න දේවල්වලට උත්තර දෙන්න පුළුවන්. නමුත් මම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙක්නෙවෙයි නේ. මේ වගේ අයත් එක් තමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ.

ඇමතිතුමා කනගාටුවෙන් වුනත් තමන්ගේ නොදන්න කමත් පිලිගත්තා. මොන දේශපාලනඥයාද තමන් දන්නා විෂයය පථයක ඇමති තනතුරක් දරන්නේ. අපිට වැරදිලා තියෙන තවත් තැනක් එලියට පැන්නට මට නම් හිතේ ඇතිවුනේ සතුටක්. විදුලිය ගැන දන්න කෙනා ට යන්න කියලා නීතිය ගැන දන්න කෙනෙකුට විදුලිය භාර දුන්න රටක් මේක. 

මේ  ඇළේ, දොළේ, කුඹුරේ හැදුණු වැඩුණු මිනිහාට දොස්තර වැඩේ භාරදීලා පාලනය කරගන්න බැහැ කියලයි මේ මැසවිල්ල.ඉතින් ලෙඩ්ඩුන්ට ලඩ්ඩු හමුවුනාට පුදුම වෙන්න දෙයක් නැහැ.

අමාත්‍යාංශයේ ඉන්න ජනරාල්ලා අටදෙනා වගේම ‌ නියෝජ්‍ය ජනරාල්ලා පඳුරම කියන්නේ මේ වගේ කතාවක්.

 සෞඛ්‍ය ඇමැතිතුමා -  ඇමැති තනතුර ගත් දා පටන් අමාත්‍යාංශ නිලධාරීන්ට එරෙහිව කරන ප්‍රකාශ නිසා තමන්ට පාරේ බැස යැමට නොහැකි තත්ත්වයක්‌  ඇතිවෙලා. අප කලින් යොදාගත් වැඩසටහන් තිබුණා. අනෙක එදා ගාල්ල කරාපිටිය රෝහලේ තිබුණේ මුල්ගල් තැබීමේ උත්සවයක් .
අපිට දේශපාලකයන්ගේ පසුපස යන්න වුවමනාවක්‌ නෑ. 

අපි වෛද්‍යවරු. වෘත්තියෙන් හොරකම් කරන පිං බතාලා ලෙසයි ඇමැතිවරයා අපව හඳුන්වන්නේ. ඇමැතිවරයා සෞඛ්‍ය විෂය භාර අරගෙන වසර හතරයි. මේ අවුරුදු හතර තිස්‌සෙම නිලධාරීන් හොරු කියමින් ඇමැතිවරයා චෝදනා කරනවා. ඒත් කාටද දඬුවම් දුන්නේ? වෛද්‍ය සැපයීම් අංශයේ ලිපිකරුවකු විතරක්‌ ගෙදර යෑව්වා. මේ අවුරුදු හතරටම කළේ එපමණයි වෛද්‍යවරු කියන හැටියට සද්දේ විතරයි තිබිලා තියෙන්නේ . වැඩක් වෙලා නෑ මේ අවුරුදු හතරටම.
 

වැරද්ද කොතනද කියලා හිතා ගන්න පුළුවන්නේ. හුණුවටයේ කතාවේ මෙහෙම තියෙනවා. “ දෙයක් වේ නම් හිමිවිය යුත්තේ සුදුස්සාටමැයි “ කියලා. දැන් කාලේ සුදුස්සනට හිමි වෙන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. පුස්සෝ සියල්ලම ඩැහැගෙන.වෛද්‍යවරුත් දේශපාලනඥ යනට එරෙහිව මෙහෙම කතා කරන එක ආදර්ශයට අරගෙන අනෙක් ක්‍ෂේත්‍රවල අයත් කෙලින් කතා කලොත් දේශපාලකඤයෝ නොදන්නා දෙමලෙට ගිහින් වරිගේ නසා නොගන්න කටයුතු කරාවි.

notes of imaginary

Tuesday, August 26, 2014

ඉවසන්න බැරිම තැන




පෙරදා ලියු වියමනේ මත්පැන් වලට  ඇබ්බැහිවුවන් වියපැහැදම් කරනා අකාරය පිලිබද සටහනක් කලෙමි. දවසේ අදායමෙන් දෙකෙන්  කොටසකටත් වඩා වියදම් කරන සැමියන් බිරිදටත් දරුවන්ටත් යැපෙන්න නිවසට ගෙන යන්නේ තම ආදායමෙන් අඩකටත් වඩා අඩුවෙනි. බිරිදත් උපයන්නියක නම් යම් තරමකින් නිවසේ කටයුතු පිරිමසා ගන්නට හැකිවන අතර එසේ නොවුන විට නිවසේ නිර්මාණය වන්නේ අපායකි.

පසුගියදාක බිරිදක විසින් බීමත්ව නිදා ගත්  තම සැමියා සමග නිදා සිට් ඇඳටත් ගිනි තබන ලද ප්‍රවෘත්තියක් පලවිය. මත්පැන් නොබොන යහ සිහියෙන් සිටින බිරිදකට  දිනපතාම  බීමත්ව නිවසට එන සැමියෙකු ඉවසිය නොහැක. ඒ පීඩනය හැමදාමත් දරාගත නොහැකිවු විට  මේ බිරිද  සැමියාත් සිරි යහනත් ගිණි තැබීය.

ඈ මේ බිහිසුණු කටයුත්තට ක්‍ෂණිකව පෙලබුනා විය නොහැක. මෙැවැනි කටයුත්තකදී අවසානයේ අත්වන ප්‍රතිපලය  වන මිනීමැරුම් චෝදනාවට වරදකාරිය වී හිරේ තැපීමට සිදුවන බව දැන දැනත්  “ ඉවසන්න බැරිම තැන ඈ සැමියා ගිණි තැබීය.“ යන්න සාධාණියකරනය කරන්නට අපට හැකිය.
ඈ මේ අවධානමට ලක් වන්නේ විද දරා ගත නොහැකි ආතතියකින් පෙළුන නිසාවෙන් විය හැක.

පසුගියදාක බඩල්කුඹුර අලුපොත බලකොටුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු හයක්‌ වයසැති දැරියක ඇයගේ එකොළොස්‌ හැවිරිදි සහෝදරිය විසින් පිහියෙන් ඇනීම නිසා මියගියාය. මෙයත් පසුගිය සතියේ අසන්න ලැබුන “ඉවසන්න බැරිම තැන“ ප්‍රවෘත්තියක් විය.
මියගිය දැරියගේ පියාත්   මවත් දෙදෙනාම දෙවන වරට විවාහ කර ගත් අය වුහ.  පළමු විවාහයෙන් දෙදෙනාටම දරුවෝ සිටියේය.  දෙවැනි විවාහයෙන්ද ඔවුන්ට  දියණියන් දෙදෙනකු සිටින අතර දහතුන් හැවිරිදි හා සය හැවිරිදි එම දියණියෝ දෙදෙනා ගේ මව මැදපෙරදිග ගෘහ සේවිකාවක ලෙස සේවය කොට මීට මාස තුනකට පමණ ඉහතදී මෙරටට පැමිණ ඇත.

ලබන සතියේ නැවත වරක්‌ ඇය මැදපෙරදිග සේවයට යැමට සූදානම්ව සිට ඇත.වැඩිමහල් දැරියගේ පාසල් ගමන ද ඇනහිට ඇත්තේ මව විදේශගත වීම නිසාවෙනි. තම නැඟනිය කුඩා කාලයේ සිටම රැකබලාගෙන ඇත්තේ අක්‌කා විසිනි. එපමණක්‌ ද නොව ඉවුම් පිහුම් ඇතුළු නිවසේ සියලු කටයුතු කර ඇත්තේ ද ඇය විසිනි. ඇය අම්මා නැවත විදේශගතවීම පිළිබඳව කැමැත්තක්‌ දක්‌වා ද නැත.ඇය නංගීව නිවස පිටුපසට කැඳවාගෙන ගොස්‌ පිහියෙන් යටි බඩට ඇන්නේ  මේ දුක් කන්දරාව උහුලා ගෙන තවත් දවස ගෙවන්නට බැරි නිසා වෙන් විය යුතුය.

අවුරුදු එකොළහ යනු තුන් වේලට උයමින්, ළමයින් බලා ගනිමින් ගෙදරක වැඩිහිටි  භූමිකාවක් රගපාන වයසක්‌ නොව සෙල්ලම් වයසකි.  ඇය නංගිට පිහියෙන් අනින්නට ඇත්තේ අම්මා නැවත පිටරට යැමට එරෙහිව ඇය තුළ හටගත් විරෝධාකල්පය හෙළිදරව් කිරීම සඳහා විය යුතුය.

ඈ පීඩනයට පත් කල ආතතිය අසරණ නංගී හරහා මුදා හැරියේය. ඒ සිගිත්තිය අකාලයේ මියගියාය. මෙහි වැරද්ද කර ඇත්තේ දෙමාපියන් මිස නංගී ට පිහියෙන් ඇන්න අක්කා නොවන බව ඇත්ත වුවත් නීතිය හමුවේ දඩුකදේ වැටෙන්නේ අසරන අක්කාය.

සමාජයේ පැවත්ම  ඉතා සංකීර්ණය.  සියලුම දෙනාගේම හිත් පීඩනයට පත්ව  දූෂණයවී ඇත. පීඩාවට පත්ව ඇත. අප රටේ අතලොස්සකට හැරෙන්න බහුතරයකගේ ආර්ථිකය දිළිදුය. මේ දිළදු බව තිබෙන තුරු අපට මෙවැනි සිද්ධීන දිනෙන් දින වැඩියෙන් අසන්නට සිදුවනු ඇත. මෙයට පිළියම් සොයන්නට  නම් අපි  පලමුව අපේ ආර්ථික විමුක්තිය සොයා යායුතුය. ඒ ගමන් අපේ අතීතයේ අපේ පැවතුම් රටා සොයා යා යුතුය.

ආර්ථික විමුක්තිය සොයා වැලි කතරක සිට දැලි වලං සෝදන  “ රට විරුවන් “ නොවී මේ රටේ ජීවත් වෙමින් මේ රටේ නිෂ්පාදනය තර කරමින් නැගී සිටින විරුවන් බිහි විය යුතුය. 




notes of imaginary

Monday, August 25, 2014

සිත් පාලනය කරගත නොහැකිද ?


හිරු නැගෙන පැය ගෙවී පෑ දෙක තුනක  සිට  අදුර තුල ගිලි  ඝණ අදුර ගලා එන පැය තෙක් ප්‍රශ්න හා ගැටළු වලින් පිරී ඇති  පරිසරයක මා කල් ගෙවන බව මට සිතෙන්නට විය.  
මට  දිනපතා හමුවන මේ මිනිසුන් කෙනෙක් බේබද්දන් යයි හැදුන්වුවත් , සියල්ලෝම බේබද්දන් යයි මට එකගවිය නොහැකිවේ.

 Bed tea එකද  නොගෙන දිව ගෙන එන නිමල් රුපියල් හැටක අති විශේෂ මිලි 50කින් පටන් ගන්නා  Game  එක පැය භාගයෙන් පැය භාගයට හිරු අවරට ගිය හත අට වන විට  මිලි ලීටර් 600කට වඩා ගිල දමමින් අවසන් කරන්නේය.

මෝටර් කාර්මිකයෙකුවු නිමල් ගේ ආදායම අති විශේෂ සමාගමේ බැරට යොමු වී දරුවන් හාමතේ නිදන්නේය.බිරිද මැද පෙරදිගය. දරු දෙදෙනා ට පාසලේ නිතරම පැමිණිලිය. ගම්මුන් මේ දරු දෙදෙනාට අනුකම්පා කිරීමට නොහැකිව කම්පා වෙන්නේය.

තවත් කෙනෙක්  දිනපතා මිලි ලිටර් 475ක් ගනිමින් අහස පොලොව ගැටලමින් සිට  අදුර ගලන්නට ඔන්න මෙන්න කියා තිබියදී නිවස මතක් වී දෝ දඩි බිඩියේ දුවන්නේය. දිනපතාම සිදුවන මේ සිදුවීම නිරීක්‍ෂණය කරමින් සිට විවේකයක් ලද සෙනසුරාදාවක මිලි ලිටර් 475 හේ මේසයයේ පුටුවක් ඇද  ගනිමින් මමද වාඩිවී කතාවක ගිලෙන්න උත්සහා කලේය. ඔහුට ගැටළුවක් ඇතිවී ඇත.නිවසේ හුදකලාවී හිතන්නට ගියොත් ආතතිය ඉහල ගොස් නිවස අවුල් වී යන නිසා කාලය මුදල් සමග ගෙවා කා නිදන්නට නිවසට ගොඩ වෙන්න ඔහු කැමතිය. ඔහුගේ ආතතියේ මාසික වටිනාකම රුපියල් 620 * 30 ක් විට රුපියල් 18600/= කි.

තවත් කෙනෙක් සිටී හිටගෙනම මිලි ලීටර් දෙසීයක් ගිල දා ගනී.  ඔහු මට විශේෂ වුයේ වීදුරුව එක අතකින් අල්ලා ගත නොහී වෙවුලන දෑතින් බදා ගෙන එක හුස්මට වීදුරුව හිස් කරන නිසාවෙනි. පුංචි සිරුරුක් ඇති ඔහු මට සමාන කරන විට බෝතලයක උසවත් නැත්තෙකි. ඔහු මසකට වරක් ගෙදර යන  අනේවාසික රාජ්‍ය සේවකයෙකි. නේවාසිකයේ සිට ට්‍රයිසෝවකට එකසිය පනහක් ගෙවමින්  දිනකට රුපියල් 260/= බැගින් වියදම් කරන මේ වීර පුරුෂයාට දිනක ගානක් හදන්න දුනිමි. 

410/+ තිහෙන් වැඩි කර  12300/= * 12 වු විට වාර්ෂික වියදම රුපියල් ලක්‍ෂ 1. 5ට ආසන්න බව පෙන්වා දුනිමි. එදින මට සිනහවකින් සංග්‍රහ කර ආ ට්‍රයිෂෝවේම නැගී ඔහු අතුරුදහන් වුනි. 
නැවතත් පසුදා පස්වරුවේ ඔහුට නියමිත පැයේදී සිරිත් පරිදි  මට හමුවුනි.


මිනිස්සුන්ගේ හිත් පාලනය කර ගත නොහැකිද ?. 

notes of imaginary