Success is getting what you want. Happiness is wanting what you get.>

සාර්ථකත්වය යනු ඔබ කැමති දේ ලබා ගැනීමයි. සතුට යනු ඔබට ලැබෙන දෙය රැක ගැනීමයි.

Mind precedes all knowables, mind’s their chief, mind-made are they. If with a corrupted mind one should either speak or act dukkha follows caused by that, as does the wheel the ox’s hoof.

(වේදනාදි චෛතසික) ධර්‍මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් පහන් සිතින් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහු කැටුව යෙයි. නොහැර කැටුව යන සෙවණැල්ල මෙනි.

I think nature’s imagination is so much greater than man’s, she’s never going to let us relax.

ස්වභාවධර්මයේ පරිකල්පනය මිනිසාගේ පරිකල්පනයට වඩා බෙහෙවින් වැඩි ය, ඇය කිසි විටෙකත් අපට විවේකීව සිටීමට ඉඩ නොදේ.

But I say to you, Love your enemies and pray for those who persecute you, so that you may be sons of your Father who is in heaven; for he makes his sun rise on the evil and on the good, and sends rain on the just and on the unjust.

නමුත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න, එවිට ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද ඔහු නපුරටද යහපත් අයටද තම හිරු උදා කරවනසේක.

“….so whenever guidance comes to you from Me, then whoever follows my guidance, then there will neither be any fear on them nor will they grieve.” Ayat 38

"....එබැවින් මා වෙතින් ඔබට මගපෙන්වීම පැමිණෙන විට, කවුරුන් හෝ මාගේ මඟ පෙන්වීම අනුගමනය කරයිද, එවිට ඔවුන් කෙරෙහි කිසිඳු බියක් හෝ ශෝකයක් ඇති නොවේ." ආයට් 38.

Wednesday, July 08, 2020

හන්තාන සිහිනය . ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේව



බලා වැලපිලි
නෙලා ගනු බැරි
හන්තාන සිහිනේ..
දරා නෙත් අග ගලා සිත් මග
ගොතනු මැන ලදුනේ
සංසාර සිහිනේ................

 

වැහි පබළු යට
රග මඩල මැද
ඔබේ දෑතේ තුරුළු වන්නට
 

බිසෝ හැර ගිය
ලසෝ රග හල
අමාවක අදුරේ
නොයනු මැන ලදුනේ..............

 

බලා වැලපිලි
නෙලා ගනු බැරි
හන්තාන සිහිනේ..
දරා නෙත් අග ගලා සිත් මග
ගොතනු මැන ලදුනේ
සංසාර සිහිනේ................

 

වඩිනතුරු සද
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම්
ගී ගයන්නම්
 
සොදුර ඒ සද
දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ
හන්තාන අරනේ...............
හ්ම්...............
හ්ම්...............
හන්තාන සිහිනේ...................



notes of imaginary

Tuesday, June 16, 2020

උදම් රල ඔබ උදම් විය යුතු නැහැ
















උදම් රල ඔබ උදම් විය යුතු නැහැ
ගෙන ගියේ ඔබ මුහුදු පතුලට
රැගෙන යා යුතු අය නොවේ
උදම් රල ඔබ උදම් විය යුතු නැහැ



පන අදිද්දී තමන්ගේ උන්
පැළදි කණ කර ඉරාගෙන ගිය
හරන්තිකයන් ඉතිරි කර වෙරළේ
අහින්සකයින් ගෙන ගියා වතුරේ


උදම් රල ඔබ උදම් විය යුතු නැහැ
ගෙන ගියේ ඔබ මුහුදු පතුලට
රැගෙන යා යුතු අය නොවේ
උදම් රල ඔබ උදම් විය යුතු නැහැ


වැළපෙනා බෝසතුන් දන් දුන්
නිදන පැදුරත් සොරා ගෙන ගිය
අමනයින් රැල තබා අප අතරේ
අහිංසකයින් ගෙන ගියා වතුරේ


උදම් රල ඔබ උදම් විය යුතු නැහැ
ගෙන ගියේ ඔබ මුහුදු පතුලට
රැගෙන යා යුතු අය නොවේ
උදම් රල ඔබ උදම් විය යුතු නැහැ




අමරසිරි පිරීස් ගේ ගායනයක්

notes of imaginary

Monday, May 18, 2020

පොතුවිල් මුහුදු මහා විහාරය. දෙවන කොටසක්.


 මුහුදු මහා විහාරය.

මතුගම සෙනෙවිරුවන්  ගේ වියමනක්.සිංහල බෞද්ධයන්ගේ අද්විතීය වන්දනා ස්ථානයක් වන පොතුවිල් මුහුදු මහා විහාරය කාලයක් තිස්සේම අන්‍යාගමිකයන්ගේ අතවරයන්ට ලක්ව වැනසුණු පුදබිමකි. මහා දාඨිකමහානාග නොහොත් මහදැළියාමානා රජු විසින් ඉදිකරන ලදැයි සැලකෙන මෙම විහාරය වටා තිබෙන ඓතිහාසික නටබුන් රාශියකි. නැගෙනහිර පළාත ලන්දේසීන් විසින් සිය සමාගමේ ආධිපත්‍යට ගැනීමෙන් පසු මෙවැනි ස්ථාන රැසක් අනතුරට පත් විය. මේ ප‍්‍රදේශවල සිංහල ජනගහනය ක‍්‍රමයෙන් තුනීව ගියේය.

රජයේ ජන සංගණන වාර්තා නිරීක්ෂණය කරන කල්හි මේ බැව් දත හැකිය. කෙසේ වෙතත් සේරුවිල ඓතිහාසික චෛත්‍ය රාජයාණන් වහන්සේ ප‍්‍රතිසංස්කරණය කිරීමේ අදිටනින් දකුණේ සිට නැගෙනහිරට ගිය සිංහල වාණිජයන් නිසා මේ පෙදෙස් යළි පිබිදෙන්නට වූයේය. ඒ පිබිදීම අඩපණ කරමින් නැගී සිටි දෙමළ ත‍්‍රස්තවාදය නිසා වාණිජ ආධිපත්‍ය දැරූ සිංහලයන්ට අවතැන් වීමට සිදු විය. මුහුදු මහා විහාරය පමණක් නොව නැගෙනහිර සියලූ ඓතිහාසික සිද්ධස්ථානයන් අවදානමකට ලක් වන්නේ එතැන් සිටය.


මුහුදු මහා විහාරය ඇතුළත් භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසට ගැසට්ටුවකට නැගෙන්නේ 1951 වර්ෂයේ දීය. ඒ අක්කර හැත්තෑදෙකකුත් රූඞ් තුනකුත් පර්චර්ස් දහතුනක භූමියක් වෙන්කරලමිනි. මතුපිට පවතින පුරාවස්තු සලකා බලමින් නිකුත් කරන ලද එම ගැසට්ටුවෙන් පසුව 1965 දී නැවත වෙනස් කොට අක්කර 30 කුත් රූඞ් තුනකුත් පර්චර්ස් දහතුනක් වන පිරිදි නැවත සංශෝධනය වී තිබේ. ඒ කුමන හේතුවක් නිසාදැයි දක්වන කිසිදු වාර්තාවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව නැත. 1975 වර්ෂයෙන් පසුව හිටපු පුරාවිද්‍යා කොමසාරිස් රාජාද සිල්වා මහතා ගේ මූලිකත්වයෙන් මුහුදු මහා විහාර භූමියේ කරන ලද කැණීම්වල ප‍්‍රතිඵලයක් වශයෙන් අතිවිශේෂ පිළිමගෙයක් මතු කර ගැනීමට සමත් විය. මෙම පිළිම ගෙය අනුරාධපුරයේ පසු භාගයට අයත් සහ මුල් භාගයට අයත් බවට හඳුනා ගන්නට යෙදුණි. එයට අමතරව පොතුවිල මුහුදු තීරයේ වූ වැල්ලෙන් වැසී ගිය නටබුන් වූ දාගැබ් දෙකක් ද හඳුනා ගන්නට යෙදුණි. රාජ ලීලාවෙන් සිටින බෝධිසත්ව ප‍්‍රතිමාවක්ද මෛත‍්‍රී බෝධිසත්ව පිළිමයක්ද මෙම පිළිම ගේ තුළ තිබෙන අතර ඒවා කැණීම් වලින් පසුව සංරක්ෂණය කරන්නට යෙදුණි. බුදු පිළිමයේ හිස කිසියම් පුද්ගලයෙකු විසින් ගලවා ගෙන ගොස් තිබූ අතර එය මෙහි සිටි පුරාවිද්‍යා මුරකරු වන මජීඞ්ගේ ගෙයි ළිප් ගලකට ගෙන ඇති බව පසුව සොයා ගැනීමට හැකි විය. 1978 වර්ෂය වන විට මෙහි තහවුරු කිරීම අවසන් වූ අතර පිළිම ගෙයට යාබද සීමා පවුර ද ලකුණු කොට තිබුණි.

පුරාවිද්‍යා රක්ෂිතය භාරව සිටින මුස්ලිම් මුරකරු වරක් විහාරාධිපතිව වැඩසිටි පූජ්‍ය කතරගම සිරිරතන හිමියන්ට අඩන්තේට්ටම් කිරීම සඳහා මුස්ලිම් පිරිසක් උසිගන්වන ලදහ. බුද්ධ ප‍්‍රතිමාවට පළන්දන ලද සිවුර ගලවා වීසි කළහ. මේ ආකාරයට කොටි ත‍්‍රස්තවාදී සමයේ හුදකලා වූ මුහුදු මහා විහාරය සතු ඉඩ කඩම් වලින් අක්කර නවයක් ජය භූමි පැවරුම් මගින් මුස්ලිම් වරු සන්තක කිරීමටද ප‍්‍රාදේශීය ලේකම් වරයා ගත් පියවරට එරෙහිව කිසිවෙක් ක‍්‍රියා නොකළහ. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපතිනිය ලෙසට කටයුතු කළ වකවානුවේදීය. එතුමියගේ අත්සනින් යුතු ජයභූමි ඔප්පු ගත් මුස්ලිම් ජන කොටස් දිගින් දිගටම මෙම ඓතිහාසික භූමිය ආක‍්‍රමණය කරමින් සිටී. කතරගම සිරරතන හිමියන්ගෙන් පසුව මෙහි විහාරාධිපති ධූරයට පත් පූජ්‍ය වරකාපොළ ඉන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේ මුහුදු මහා විහාරයේ දියුණුව උදෙසා විශාල වැඩ කොටසක් ඉටු කර ඇත.

ඒ අතර 2012 වර්ෂයේ දී දිනක් මුස්ලිම් පිරිස මෙහි පැමිණ වැල්ලට යටව තිබූ පැරණි චෛත්‍යය ඩෝසර කිරීම නිසා මහත් කලබගෑනියක් ඇති විය. මේ තත්ත්වය තුළ රජයට තවත් කරබාගෙන සිටිය නොහැකි විය. අම්පාර දැයට කිරුළ උත්සවයට සමගාමීව මුහුදු මහා විහාරය සංවර්ධනය ආරම්භ කරන ලද අතර අභිනවයෙන් බුදු මැඳුරක් ද එයට ප‍්‍රවිශ්ඨ විය හැකි නව මාවතක්ද විවෘත කරන ලදහ. මෙයට හේතු වූයේ මුහුදු මහා විහාරයට ප‍්‍රවිශ්ඨ වීමට තිබූ පැරණි මාවත දෙපස ඉඩම් අල්ලා ගෙන යන එන වාහන වලට කරදර පැමිණවීමට කටයුතු කිරීමයි. අලූතෙන් මාවතක් ඉදිවී විහාරස්ථානය සංවර්ධන වීම නිසා කෝපයට පත් මුසල්මානුවන් යළිත් වරක් සංවිධානය වී ආවාස ගෙයට ගිනි තබන ලද්දේය.


යහපාලන රජය සමයේ දී රනිල් වික‍්‍රමසිංහ මහතා දුන් නියෝගයක් නිසා උතුරු සහ නැගෙනහිර පුරාවිද්‍යා ගවේෂණ කටයුතුද ගැසට් කිරීමේ කටයුතු ද අත්හිටුවින. ඒ යුගයේ දී සාම්පූර් දාගැබ තිරුකෝවිල් සහ සාගම දාගැබ් ඩෝසරයට යට කරන ලද්දේ අන්තවාදීන්ගේ ඉඩම් තණ්හාවට ඉලක්කයක් වෙමිනි. මේවායින් ලැබුණු ඇතැම් පුරාවස්තු අදටත් උසාවි වල නඩු භාණ්ඩ වශයෙන් පවතින බව මතක් කළ යුතුය. මුහුදු මහා විහාරයේ රක්ෂිතය සම්බන්ධ ගැටලූව විසඳීම පිණිස අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් නීතිපති අදහස් විමසන ලද අතර 2019 දී එයට පිළිතුර ලැබුණි. නීතිපතිවරයාගේ පිළිතුර වූයේ 1965 වර්ෂයේ නිකුත් කරන ලද නව ගැසට් පත‍්‍රය වලංගු බවයි. කෙසේ වෙතත් 1951 වර්ෂයේදී හඳුනාගන්නා ලද මතුපිට පුරාවස්තු සියල්ල ඒ වන විට මුසල්මානුවන් විසින් විනාශ කර තිබුණි. අක්කර හැත්තෑදෙක තිහට අඩුවූයේ ඒ හේතුවෙනි. ඉන්පසු අනූව දශකයේ දී තවත් අක්කර නවයක් මුසල්මානුවන්ගේ ග‍්‍රහණයට ලක් වී තිබුණේ පළාතේ දේශපාලකඥයන්ගේ සහ මුස්ලිම් ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගේ අනුග‍්‍රහයෙනි. ඒවායේද මතුපිට පවතින පුරාවස්තු කිසිවක් ඔවුන් ඉතිරිකර තබා නැත.

වත්මන් රජය පත් කිරීමට මූලික හේතුවක් වූයේ මෙරට ජාතික උරුමය සංරක්ෂණයට ආරක්ෂාවට ලැබෙන අනුග‍්‍රහය පිළිබඳ විශ්වාසයකිනි. කූරගල සහ මුහුඳු මහා විහාරය වැනි තැන් සංවර්ධනය වන්නේ ඒ අනුග‍්‍රහය නිසා බව බහුතරයකගේ අදහසයි. එහෙත් ඒ තත්ත්වය සැම තැනකම දක්නට නැත. පුරාවිද්‍යා කටයුතු පිළිබඳ නැගෙනහිර කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබෙන්නේද පෙර කී අරමුණු සාක්ෂ්‍යාත් කර ලීම පිණිසමය. වත්මන් රජය යටතේ මුහුදු මහා විහාර භූමිය නැවත ගවේෂණය කරන ලද අතර එහි වාර්තාව 2020 ජූලි මස 21 දින නිකුත් වී ඇත. එම වාර්තාව ප‍්‍රකාරව මුසල්මානුවන් වෙත ලබා දී තිබූ ඉඩම්වල භූ අභ්‍යන්තර ගවේෂණයක් නවීන තාක්ෂණය යොදා කිරීමට යෝජනා වී තිබුණි. නමුත් වර්තමාන දේශපාලන තත්ත්වය මත යළිත් මුස්ලිම් බලවතුන්ගේ දේශපාලන කප්පම් වලට වත්මන් ආණ්ඩුව යටවීමේ ප‍්‍රවනතාවක් ඇති වී තිබේ යැයි සැකයක් මතු වී ඇත. පොතුවිල් මුස්ලිම් මන්ත‍්‍රීවරයෙකු ගේ බලපෑම මත දැන් මුහුදු මහා විහාර භූමිය නිරවුල් කිරීමේ කටයුතු නැවතත් මුල් තත්ත්වයට පත් වී තිබේ. මෑතකදී ආරක්ෂක ලේකම්වරයාගේ මූලිකත්වයෙන් පැවති රැස්වීමකදී ප‍්‍රකාශ කොට ඇත්තේ මුසල්මානුවන් විසින් අල්වා ගෙන ඇති භූමිය පුරාවිද්‍යා රක්ෂිතයෙන් ඉවත් කිරීමට කටයුතු යෙදීම සුදුසු බවයි. එම තීරණය ගත යුතු ද නැතිද යන්න තීරණය කළ යුත්තේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයා වුවද ආරක්ෂක ලේකම් වරයාට ඒ බලතල ලබා දුන්නේ කවුරුද යන්න විමසිය යුතුය. පොතුවිල් මුහුදු තීරය ආරක්ෂාව අතින් අතිශයින් සංවේදී ප‍්‍රදේශයකි. ඒ ගැන නොසලකා මුසල්මානුවන් වෙනුවෙන් හිත උණුකර ගන්නා පුද්ගලයන් පිළිබඳ අපට නැවතත් සිතා බැලීමට සිදුවන්නේ යැයි මෙහිදී සඳහන් කළ යුතුය.

මතුගම සෙනෙවිරුවන්




මුහුදු මහා විහාරය දේශපාලනික වෙලා.
වපසරිය පිලිබදව වචනෙන් දෙකෙන් පලකරන අදහස් මුණු පොතේ
එහාට මෙහාට යනවා.
පුන්නක්කු සාඩින් වහල්ලු මේ කී නොකී හැම දෙනාම කර්කෂක
වාක්‍ය පොල්ලෙන් ගැහුවා වගේ අත හරිනවා.
මගේ උගත් මිත්‍රයෝ සහෝදරයෝ කීප දෙනෙකුත් මේකට
හවුල් වෙලා ඉන්නවා මම කියෙව්වා.
මට දුක හිතුනා අපේ උරුමය ගැන මේ ඇත්තෝ
ඇයි දේශපාලන පිල් බෙදා ගෙන පිලිකුල් ලෙස මරා ගන්නේ කියලා
මම 2011 ඔක්තෝම්බර් මාසේ කරන ලද සංචාරකයින්
පස්සේ
මීදුම බ්ලොග් අඩවිය https://www.blogger.com/blogger.g?blogID=8239596016458743030#editor/target=post;postID=5284353654966504710;onPublishedMenu=publishedposts;onClosedMenu=publishedposts;postNum=316;src=postname වෙත ලියන ලද සටහනක්
මේ තියෙන්නේ.

“පොතුවිල් මුහුදු මහා විහාරය. නැගණහිර පලාතේ පොතුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පොතුවිල් මුහුදු තීරය මායිම් කර ගෙන වැල්ල ආසන්නයේම පොතුවිල් මුහුදු මහා විහාරය පිහිටා තිබේ .

පොතුවිල් නගරයේ සිට ආරුගම්බොක්ක දෙසට කිලෝමීටරයක් පමණ දුර පැමිණ වමට හැරී කුඩා පාර දිගේ ගමන් කිරීමෙන් මෙම පූජනීය ස්ථානයට පැමිණිය හැකි ය.

මේ පුද බිමේ ඉතිහාසය දුටුගැමුණු රාජ්‍ය යුගයෙන් ඇරඹේ. අතීත කතාව ඇරඹෙන්නේ එකල සුනාමි තත්වයක් ඇතිව මුහුද ගොඩ ගැළු අවස්ථාවේ දෙවියන් කෝපව එසේ සිදුවු යයි මතයක් ඇතිවීම නිසා දේව කෝපය පහ කරගැණිමට විහාර මහා දේවිය නැවක් සකස් කර එයට නන්වා මුහුදේ පා කිරීමෙන් දෙවියන්ට කැප කිරීමෙනි. මුහුදට බිලිවන්නට ගිය විහාර මහා දේවිය කිරින්දට පාවී ආවත් ගොඩ බසින්ට සුදුසු මුහුදු තීරයක් නොවු හෙයින් යලි මුහුදට පාවී ගිය ඇය සහිත නැව යලි වෙරළ තීරයට පාවී ඇවිත් ඇත්තේ පොතුවිල් ප්‍රදේශයේ අරුගම්බොක්කට (අරුගම්බේ ) යයි කියවේ.
කලක ඇය ගොඩ බට ස්ථානයේ ඉදිවු පුන්‍ය භුමිය මුහුදු මහා විහාරය බවට පත්වී ඇත.
මේ විහාරස්ථානයේ නටබුන් අතර සෙල් ලිපියක් මෙන්ම බුදු පිළිම වහන්සේ නමක් ඉදිරියේ සිටින කාන්තා සහ පිරිමි පිළිම යුවලක් ගලින් නෙලා ස්ථාපනය කර ඇත.
මෙම ගිහි යුවල කාවන්තිස්ස රජු සහ විහාර මහා දේවිය යයි සැලකේ.
1964 වසරේ පුරා විද්‍යා භුමියක් ලෙසට ප්‍රකාශිත මෙම විහාර භුමියට අයත් භුමි භාගය අක්කර සිය ගණනක් විය හැකි වුවත් අද නම් ඉතා කුඩා ශුමි භාගයකි.
මෙවැනි විහාර භූමි මංකොල්ලයක් මීදුම කන්දරොඩෙයි විහාරය (යාපනය ) සහ කූරගල (බලන්ගොඩ) දී දැක ඇත්තෙමි.
මුහුදු මහා විහාරයේ නටබුන් වෙරලෙන් ඔබ්බට මුහුද තුලත් ඇති බව මීදුම කියවා ඇත.
මේ තොරතුරු තහවුරු කර ගැණිමට මුලාශ්‍රයන් නැතිවුවත් ප්‍රතිචාර තුලින් අදහස් පල වෙනු ඇතැයි මීදුම බලාපොරොත්තුවේ.
ශ්‍රී ලාංකිකයෝ ලෙස මෙවැනි ඓතිහාසික ස්ථානයන් සුරකීමට ආගම් ජාති පටලවා ගත යුතු නැති බව
මිදුම අදහස් කරයි.””


අන්තර් ජාලයට පිවිසෙන්න මීට වඩා තොරතුරු දැන් තියෙනවා.



notes of imaginary

Thursday, May 07, 2020

කිනිතුල්ලෝ



කොවිඩ් 19 ත් එක්ක
දැන් දැන් මාතෘකාවට එන්නේ
මැතිවරණය.
කවද හරි මැතිවරණය තිබ්බා කියමුකෝ.
කාටද අපි ඡන්දේ දෙන්නේ ?.
වියතුන්ට දූෂිතයින් නොවන
ඔය වගේ නිර්නායකයන් එක එක්කෙනා කතා බහට එක් කරනවා.
මට පරණ කතාවක් මතක් වෙනවා.
මේක ඊෂොප්  කිව්ව කතාවක් කියලයි කියන්නේ.
ඊෂොප් ග්‍රීසියේ ක්‍රි.පු අටවන සියවසේ පමන ජීවත්වු
උපමා කතා කරුවෙක් ලෙසත් සැලකෙනවා.
-එක් දිනක නරියෙක්
ගංවතුරකට අසුව ගැඹුරු දිය පහරකට අසුවෙනවා.
නරියාගේ ඇගේ වසා ලේ උරා බී
තරවුන සිටි කිනිතුල්ලන් පොකුරක්
ජලයේ ගිලී නොමැති  උගේ පිටමතට එක් වෙනවා
නරියා වෑයමෙන්  ජලයෙන් ගොඩ වෙනවා.
මෙතනට පැමිනෙන ඉත්තෑවෙක්
නරියා ගෙන් විමසනවා
 “ යාළුවේ. මම කිනිතුල්ලන් පොකුර ගලවාදමන්නද ?” කියා.
“එපා යාළුවා.
මේ කිනිතුල්ලන් රෑන මගේ ඇගේ ලේ උරා බී තර වෙලා ඉන්නේ.
මුන් ටික ගැලෙව්වොත්
තවත් කිනිතුල්ලන් රෑනක් මගේ ඇගට ගොඩවී
ලේ උරා බොන්න පටන් ගනීවී.
දැන් ඉන්න කිනිතුල්ලන් ලේ බී තරවී සිටින නිසා
උන් ලේ බොන්නේ අඩු වේගයකින්.
අළුතින් එන අය එන්නේ හාමතේ
උන් තරවෙන තෙක් වැඩි වේගයකින් ලේ බොන්න පටන් ගනීවී.
ඒ නිසා ඔය කිනිතුල්ලෝ ටික ඔහොමම හිටියාවේ.”
ඉත්තෑවා “එකත් ඇත්ත තමයි යාළුවා ”
කියලා සමුගත්තා.
අළුත් අළුත් නිර්නායකයන් මොකටද ?
පරන කිනිතුල්ලන් ටිකටම ලේ උරා බොන්න ඉඩ දෙමු.
එතකොට හාණිය අඩුයි.

මම හිතුවා.


notes of imaginary

Tuesday, May 05, 2020

වෛරසයත් සුන්දර දහමක්



කොරෝනා  - කොවිඩ් 19.
වේදනාකාරිය.
සහාසිකය.
මරාන්තිකය.
කොවිඩ් 19
ලෝකයම උඩු යටිකුරු කලා
කොවිඩ් 19 මානවයාගේ ඇවතුම් පැවතුම්
මොහොතකින් වෙනස් වු මානයකට රැගෙන ගියා.
අපි මරණයෙන්ම පටන් ගතහොත්........
අපේ අවමංගල්‍ය උත්සව රටාව සහ මුලින්ම වෙනස් වුනා.
දවස් ගනන් නිදි මරමින් බතින් බුලතින් සංග්‍රහ කරමින්
නැති ආටෝපයක් මවා පෑ
අවමංගල්‍ය කටයුතු එක් රැයකින් නිම කරන්නට තරම්
කොවිඩ් 19 මග පෙන්වා දුන්නා.

සිය ගනන් පිරිවර මැද
නිසරු නාස්තියක අරුමය විදි
විවාහ මංගල්‍ය උත්සව
පවුලේ කිහිප දෙනෙක්ගේ සහභාගිත්‍වයෙන් යුතු
සරල උත්සව බවට පත්වුනා.
කොවිඩ් 19 ට හැර වෙනත් කිසිවෙකුට මෙය කළහැකි ද ?.
රාජකීයන්  රාජ්‍ය පාලකයන් සාමාන්‍ය අසමාන්‍ය ජනතාව
කියා වෙනසක් ජාති ජරා ව්‍යාධි මරණයන්ට අදාල  නැති බව
බුදු හාමුදුරුවෝ කියලා දීලා තිබුනා.
ඒත්.....................ඒ ධර්මතාවය නැවත සිහිපත් කලේ කොරෝනවායි.

කෙලෙස් පිරිණු ලෝකය
නිසරු ජීවිත ගත කල මානවයන්
බොරුව ජීවිකාව කර ගත්
දේශපාලනඥයන් ඇතුළු වෘත්තිකයින්
අකුසල සමාජ ගත කරන
මත්පැන් හල් සමාජ ශාලා
කී නොකී අකුසල් වපුරන මේ සියළු දෑ
කොවිඩ් 19 විසින් නිහඩ කරනු ලැබුවා.

කෙලෙස් බර ඔජාරේ ගලන  ලෝකයට
කොවිඩ් 19 වෛරසයක්
බුදුහාමුදුරුවන්ගේ දේශනා තුලින්
කොවිඩ් 19
දකින කෙනෙකුට  
වෛරසයත් සුන්දර දහමක්



notes of imaginary

Friday, March 20, 2020

පුංචි පුතා නිදියනවා.





ඔන්න බබෝ ගුරු එනවා - අඩන ලමයි අල්ලනවා
අල්ල අල්ල විකුණනවා - විකුණ විකුණ රා බොනවා

දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා

අතට වෙරළු ඇහිදගෙනේ
ඉනට පලා නෙලා ගෙනේ
බරටම දර කඩා ගෙනේ
එයි අම්මා විගසකිනේ.

දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා

බෝනික්කා නිදියනවා.
සුදු නංගා නිදියනවා
මල් ගවුමේ මල් පිපිලා
මල් මැද්දේ නිදියනවා

අම්මා ගියා පොලේ නගේ
අප්පා ගියා පහල වෙලේ 
සීයා ඇවිත් අරන් ගියේ
අක්කා හැදූ සරංගලේ

සුදු ගවුමක් අන්දාලා
දූ යනදා ස්කෝලේ
ලේන්සුවේ මල් මහලා
එල්ලන්නම් හැඩ දමලා

දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා

සුදු මාමා ගේ සුදු වස්සා 
කිරි බීලා උඩ පැන්නා
පිලිකන්නේ බළුකුක්ා
කිරි ඉල්ලා මට බිරුවා.
පූසී පැටව් කිරි බීලා
අම්මා වටේ නිදියනවා.
අම්මා ඇවිත් කිරි දුන්නා
මගේ පුතත් දොයියනවා.

දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා

සුදුම සුදුයි වලා කුලේ
නිදියනවා පුතා මගේ
ඈත හදේ හා පැටියා නිදියනවා පුතා වගේ
තරු නිවිලා නිල් අහසේ
නිදියනවා පුතා මගේ
මට පැටියා ඇහැරෙනවා
හෙට උදයේ මලක් වගේ.

දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා






notes of imaginary

Thursday, March 19, 2020

කොරෝනා සව්දම


පන්සලේ රතන සූත්‍රය දේශනා කරනු ඇසේ. සැළුනාවු මනසට පිරිත් හඩ සිසිලකි.සියල්ලෝම ලෙඩ රෝග වලට බියවෙති. මරණයට බියවෙති. ජීවිතය රැක ගැණීමට ඉතා සුළු දෙයක එල්ලී හෝ සැනසීමට වෙර දරති. දියේ ගසා ගෙන යන විට පිදුරු ගසත් මහා වෘක‍්ෂයකි.

මේ සියල්ල අතර දේශපාලනය කරන අනාගත පාර්ලිමේන්තු සිහින දකින්නෝ සාකච්ඡා කරනුයේ මේ පිදුරු ගහේ එල්ලී ජීවිතයද මරණයද තෝරා ගැණීමට නොහැකිව අතරමං වී සිටින ජනතාව ගැන නොවේ. එකෙකුට මැතිවරණය කල් දමා ගත යුතුය. තව එකෙකුට මැතිවරණය මේ ජරමර අස්සේ හෙට පැවත්වුවත් ජොලිය.තවත් එකෙක් මෙය දකින්නේ පාලනය විසින් මරණය සමග සූදු කෙලින බවකි.

මට සිතෙන්නේ මුන් වාගේ අමන රැලක් තවත් සිටීද යන්නයි.

පාර්ලිමේන්තුව අවසානයට රැස්වු දිනයේදී රජය ඉදිරිපත් කිරීමට සුදානම්වු මුදල් පනතට සහය නොදීමට විරුද්ධ පක්‍ෂයයි කියා ගන්නා කණ්ඩායම හඩ තැලීය. එහි සදහන්වු ණය ගෙවීම සාධාරණය. එහෙත් එම මුදල් ගෙවීමට මුදල් සොයා ගැණිමේ ක්‍රමවේදය විෂ සහිතය. කොහිල අල ප්‍රනීතය. එහෙත් අල ගලවා ගන්නට යාමේදී ඇනෙන කටු වේදනා කාරීය. පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.

අතර මංවුවෝ කවුරුන්ද  ?.

බැංකු වලට පුද්ගලයින්ට ණය තුරුස්ව පසුගිය රජයේ ඉදිකිරීම්, සංවර්ධණ ව්‍යාපෘති, රාජ්‍ය ආයතනයන්ට සැපයුම් කල ( ඖෂධ, පොහොර ආදී ) ව්‍යවහාසිකයන් ආයෝජන කල මුදල් පියවා ගත නොහී අතරමං විය. ඔවුන් පිටුපස බැංකු පොලී, ණයකරුවන්, අඹා එල්ලදී ඔවුන් හට සේවා සැපයු කම්කරුවා දක්වාම අතරමං විය.මේ කිසිවක් ගැන සංවේදී හදවතක්  නානාවිධ දෙශපාලන අම්බරුවන්ට තිබුනේ නැත.

මැතිවරණයට කල් නියම විය. නාමයෝජනා දින තීන්දු විය. මේ අල්ල පනල්ලේ කොරොනා - චීනයට ආවේය. යුරෝපයට ආවේය. ජනතාව ගැන හාංකවිස්සියක් නැතිව නාම යෝජනා ගැනම ඒ පැත්තට මේ පැත්තට අල කලංචි ඇති කර ගත්තා  මිස පොදු මිනිසාගේ ජීවිතය ගැන සිතිවිල්ලක් ඇති වුනේ නැත. ඒ ගැන සොයා බැළු ඇත්තන් ගේ අඩු පාඩු දැක ඒවා සාකච්චා කරන්න පාර්ලිමේන්තුව රැස් කරන්න ඕනා බව කීයන්නේය. තමුන්ගේ අදහස් පලකරන්න පාර්ලිමේන්තුවම ඕනාද ?.

නිවාඩු දුන්නත් වැරදිය. Shut down, shut down  කියන්නේය. දැන් අපිට අර්ධයක් එසේ වෙලාය. එතකොට ඒකත් වැරදිය. shut down  උනොත් කන්න නැතිවෙනවාය. අපේ රටේ බොන්න නම් වතුර සොයා ගත හැක. එලවළු මස් මාළු මාසයක් හමාරකට තබා ගැණිමට හුදී ජනයාට පහසුකම් නැත. වියලි ආහාර ද්‍රව්‍යනම් සල්ලි ඇත්නම් ගබඩා කර ගත හැක.හාල් පොල් ඇත්තෝ සම්බෝලයක් හදා ගන්න මිරිස් ළුනු ටිකක් තිබුනොත් ප්‍රමානවත්ය. කව්පි මුංඇට වගේ ධාන්‍ය ටිකක් ඇත්නම් කල් තබා ගෙන ආහාරයට ගත හැක. සැමන් සහ පරිප්පුත් කල් තබා ගෙන පරිභෝජනයට ගත හැක.සැමන් පරිප්පු මෙන්ම හාල් පොල් කවුපි මුංඇට හාල් පොල් පහසු මිලට ගන්නා හැටියක් ගැන ජාතිය අමතන විට කීමට නොහැකිවී , පරිප්පුත් සැමනුත් කොරෝනාවට ප්‍රත්‍යක්‍ෂ ඖෂධයයි වරදවා වටහා ගෙන බුකිය දෙවනත් කරන්නෝද සිටින්නේය. හොද වෙලාවට මේ දිනවල දේශපාලක තුමන්ලා යයි කියගන්නා උදවියගේ මහජනතාව අමතන ජන හමු නැත.එසේ තිබුනා නම් පරිප්පුත් සැමනුත් දෝරේ ගලන්නේය.
notes of imaginary

Monday, August 26, 2019

Pandith Amaradewa Best Songs Collection - පණ්ඩිත් අමරදේවයන් ගැයූ ජනප්‍ර...



notes of imaginary

Friday, August 09, 2019

මමත් - ඔහුත්.


තකය අවදිවන්න කිසියම් උත්තේජකයක් අවශ්‍යවේ .  
අපි වෙන්ව ගොස් බොහෝ කලකට පසු  සහෘද මුහුණක්  මුහුණු පොතේ මතුවී ඇති බව දිනක දුටුවෙමු . මම වහා ඇරයුමක් සටහන් කලෙමි. එවිටම පාහේ  අප යලිත්  සහෘදයන් බවට  පත්වුනෙමු.
මගේ මතකය යලිත් අවදි වන්නට පටන් ගනී.
කාලය පනහේ දශකය දක්වා දිවයයි.
ඔහුගේ පියාත් මගේ පියාත් සමකාලීන මිත්‍රයෝ වු බැවින් බහ තොරන වයසේ සිට ඔහු මගේ ලොකු අයියා විය. මගේ පමනක් නොවේ එකල අප වටා ගොඩ නැගී තිබු මිත්‍ර සමාගමේ ප්‍රධානියා ඔහු විය.විසේ ඇති වියේ සාධාරනය සොයා ගිය අප වියපත් වන විට අපි අපේ ලෝකයේ තනි තනිව කදවුරු බැදගන්නා ගන්නා ලදී. අසූවිය එලිපත්තේ සිටද අපි මෙන් නොවී අදත් අසාධාරනය උදෙසා ඔහු සටන් කරයි.
ඔහුත් අපත් අතර  ඇති වෙනස පරතෙර එය වුවද අපි සදාකාලික මිත්‍රයෝවමු. සහෘදයෝ වමු.
1970දී මගේ වයස අවුරුදු 22 කි.. 71 අවධිවීම ආස්වාදජනක වුවද අපේ කුටුම්භයන් තුල තිබු රැකවරණය ආශ්වාදජනක දේශපාලනයට ඇදී යාම අවහිර කරන ලදී. එදත් මගේ සහෘදයා අන්තවාදීව ධනවාදීයයි හදුන්වන කදවුරේ නියමුවෙකි. මම එහාට මෙහාට දෝලනයවු ගන්ධබ්බ අවස්ථාවේ පසුවු දේශපාලන කීටයෙකි.
අපි ආගමිකව මාවත් දෙකක ගමන් කලෙමු. මා පන්සල් යන විට ඔහු පල්ලියට ගියාය. මා මෙන් නොව  ඔහු පන්සලට  පල්ලියට එකවන්ව ලෙන්ගතුව කටයුතු කරමින් අප සමාජය තුල නායයෙකු බවට පත්වීනි.
අපි අපේ ග්‍රාමීය සමාජය තුල බින්න බැස තිබු ඒකාධිකාරී සමාජ ක්‍රියාකාරීන් පිරිසකට එරෙහි බලවේගයක් ගොඩනැගුවෙමු. මෙම පීඩක සමාජය ඔවුන්ට ඉහලින් කිසිවෙකු. නොසිටිය යුතු යැයි යන මානසිකත්‍වයක් දැරු ගම්මුලෑදැනින්, කොන්ත්‍රාත්කරුවන්, ව්‍යාපාරිකයන් වැනි පිරිසකි. මේ නිසා අප ඔවුන්ගේ වෛරයට භාජනය විනි.
අපි අවුරුදු උත්සව සංවිධාන කර පැවැත්වුයෙමු. වෙසක්, පොසොන් පොහොය උත්සවාකාරයෙන් සමැරුවෙමු. දෙසැම්බරයේ නත්තලත් දෙසැම්බර් 31 දා විසේකාර සැමරුමත් වසර ගනනාවක් පවත්වා ගෙන ගියෙමු මෙම ක්‍රියාකාරකම් තුලින් සමාජ පරතෙරය අවම කරගත්තෙමු. එදා පටන් ගත් සමාජ ව්‍යාපාරය අද වන විට පලදරා ඇති වුවත් අප සහෘදයා අප අතහැර තනිව විමුක්තිය , නිදහස  සොයා ගිය බවකි.
1975 වන විට ධාර්මිෂ්ඨ සමාජයක් බිහිකිරීමේ අපේ පරම අරමුන විනි.  1977 ධාර්මිෂ්ඨ සමාජය බිහිකිරීම උදෙසා විසේකාර කොල්ලන් කුරුට්ටන් නඩයක නඩේගුරාව ගමක් ගමක් ගානේ කදවුරු බදිමින් සපුරන ලද ඒ උවමනාව 1987 වන විට මට අප්‍රසන්න අත්දැකීමක්ව තිබු අතර මගේ සහෘදයා හැපෙමින් ගැටෙමින්  එහිම රැදී සිටියා යයි මම සිතමි.
මම ඉන් පසුව මගේ දේශපාලන ධාරාව වෙනස් කිරීමට මට සිදුවිනි.   එම වෙනස් වීම නිසා  කිසියම් ප්‍රමානයක සමාජ සත්කාරක කටයුතු සිදුකිරීමටද හැකිවිනි. දැන් අප වයෝවෘදියටත් අපේ කාලයේ අප ඇසුරු කල සමාජය අප සමග වියපත්ව වියකී යන විට නව සමාජය තුල අමතක වන චරිත බවට පත් වෙමින් සිටී.

එහෙත් ඔහු නිහඩ නැත. තවමත් සමාජයේ යහ පැවත්ම උදෙසා සටන් කරයි.මම උපේක්‍ෂා වෙන් බලා සිටිමි. 

notes of imaginary

Tuesday, July 23, 2019

නී නාෂමා පෝ.........




සිරිමා - ශාස්ත්‍රී ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිපලයක් ලෙස ඉන්දියාණු සම්භවයක් ඇති වතු කම්කරු පවුල් බොහොමයක් ඉණ්දියාවේ පදිංචියට ගියාය.
1970 ට පෙර අප ගම වටා පැතිර තිබු තේ වගාව අක්කර 1200ක් පමණ විය. මට මතක ලෙසට විශාල ද්‍රවිඩ ජනගහනයක් මේ තේ වගාවත් සමග වතුකරයේ පදිංචිව සිටියාය.
වතු සංස්කෘතියේ  පෙරිය දොරේ , සින්න දොරේලා , කනක්කපුල්ලේලා, ෆීල්ඩ් ඔෆිසර්ලා, ක්ලාක් මහත්තුරු, ටී මේකර්, රබර් මේකර් ආදී තනතුරු මෙන්ම කම්කරු කණ්ඩායම් ප්‍රධාණින් ලෙස කන්කාණී, මැනේජර් කන්කාණී තනතුරුද පහලම මට්ටමේ තනතුරු ලෙස කම්කරුවෝ ගොනුවී  සිටියේය.
මේ සියල්ලෝම විවිධ මට්ටමෙන් ආශ්‍රය කිරීමට මට ඉඩ හසර ඇතිවී තිබුනේ අපේ පියාගේ ව්‍යාපාරික කටයුතු වලට පාත්‍ර වර්ගයා  බවට මේ ජනතාව පත්ව සිටි බැවිනි.
කම්කරුවන් අතරින් යම් යම් උප ක්‍රියාකරම් කරමින් මුදල් රැස් කර ගත් ද්‍රවිඩ කම්කරු පවුල් කිහිපයක් මා හැදින සිටියේය. මම දෙමල කතා කරන්න ඉගන ගත්තේ මේ දෙමළ පවුල් කිට්ටුවෙන් ආශ්‍රය කිරීමට හැකිවු නිසාවෙනි.
ඈ නමින් ‘මීනායි ”ය. මට වයස දහ අට  විස්ස වන අවදියේ  ඈ විශ්‍රාමික කම්කරු මවකි. සාමාන්‍යයෙන් දකින කම්කරු කාන්තාවක් පරිද්දෙන් නොව ඈ සිංහල කාන්තාවක මෙන් පිලිවෙලකට දෛණික කටයුතු සිදුකරයි. පිලිවෙලකට සකස් කර ගත් ඇගේ වතු නිවාසය දැකුම්කළුය.සහයකයින් යොදා ගෙන එළවළු, එළු , ගවයින් සහ කුකුළන් ඇති කල ගොවිපලක් ඈ සතුය.
ඇගේ ධනවත්බව අවබෝධයක් ලබන්න ඉගියක් පළකරමි. 1958 දෙමළ කලකෝලාහාල පැවති අවදියේ ඈ පරිස්සසම් කර දෙන ලෙස අප බාරයේ රත්රන් පවුම් හැට තුනක් තබා තිබිනි.
රුපියල් 6500/= යනු එකල විශාල මුදලකි. ඇරත් ඉතාමත් අරපරිස්සමින් ජීවිත කාලයක් එකතු කරගත් මුදලකින් මෙම මුදලේ අගය ඈ වැනි කාන්තාවකට කොයි
තරම් විශාල මුදලක් වි හැකිද ?.
එකල  ජනප්‍රිය වර්ගයේ ෆෝර්ඩ් පිපෙක්ට් වර්ගයේ කාරයක මිල රුපියල් 10500.00ක් පමණ විය.
ප්‍රදේශයේ විසු ව්‍යාපාරිකයෙකු ග්‍රාමීය දේශපාලකයෙකුවු මහත්මයෙකු හට එම වර්ගයේ මෝටර් රථයක් ගැණීමට අවශ්‍ය වී එම මහතා - මීනායි මවගෙන් රුපියල් 6500/= ණයට ගත්තේය. නමුත් තම දුෂ්ඨ බල පුළුවන් කාරකම් දක්වා එම මුදල අර අසරණ මවට ආපසු නොගෙව්වේය.

කාලය ගත විය.  
එක් උදෑසනක ව්‍යාපාරික ස්ථානයට පැමිණි ඈ වැලි අහුරක් අතට ගෙන නැගෙන හිරු දෙසට “ නී නාෂමා පෝ ” යයි ( උඹ නැති වෙලා පලයන් )  සාප කරමින් වැලි අහුර අහසට විසි කලාය.
ක්‍රමයෙන් ඔහුගේ ව්‍යාපාර දේශපාලන කීර්තිය පිරිහී ගියේය.කාලයක් ගත වන විට පවුලේ සාමාජිකයන් විවිධ අන්දමින් විසිර ගියාය. අවසානයේ තනිව මිය පරලොව ගියාය. අද වන විට ප්‍රදේශයේ වැඩිම දේපල වත්කම් තිබු ඔහුගේ නමින් දේපලක් නැත.
ආසාධාරන ලෙස හරි හම්බ කර ගත් දේපල නැතිවෙලා ගොස් ඇත.



notes of imaginary