Monday, January 01, 2024
ගුරු මහත්ම මහත්මීන් වෙතටයි.
සක් දෙවිඳුගේ කවිපොතින්
එදත් එහෙමයි අදත් මෙහෙමයිනරයො ඔක්කොම ගන්නෙ තීරණනඩුත් හාමුදුරුවන්ගෙ කිව්වටඅල්ලගත් සැකකරුට එරෙහිවසාක්කිත් උන් මෙහෙයවාගෙනදංගෙඩියටම යවයි ඔහු හිසඑරෙහි වූවොත් යමෙක් මේ ගැනඑන්නෙ වටකර අවි දරාගෙනසියලු තතු තම ඇසින් දුටු ලෙසනිවැරදිම විනිසක් ලබාදුන්විනිසකරුටත් දී විවේචනනිදොස් වී සැකකරුව නිදහස්වුවොත් උන් කෝපවෙයි එසැනිනවිචාරව බුද්ධියෙන් විමසාබැලී නම් එදවසත් මිනිසාරිංගන්න සිදුවෙයිද මාහටමීයෙකුගෙ වේශයක් අරගෙනමට තරම් නැති අර අපිරිසිදුචිඤ්චාවගේ රෙද්ද අස්සට
Saturday, December 30, 2023
මගීන් 1500 ක් දිවි පිදූ ලොව බිහිසුණු දුම්රිය අනතුර.
Friday, December 29, 2023
“මැද්ද සූරිය – මුනිඳු වැඩසිටි – වේළුවන ජය මංගලම්
සත්කාර
සේවාව මහත් ආනාශංස උපදින රැකියාවකි.මමත් වැඩි කාලයක් වෘත්තිකයෙකු වසයෙන් මේ ක්ෂෙත්ර
යේ අත්දැකීම් ලබාගත්තෙමි. අර්ධ නාගරිකයක උත්සව ශාලාවක් සහිත සංචාරක නිකේතනයක මතකයක සටහනකි මේ.
“මැද්ද සූරිය – මුනිඳු
වැඩසිටි –
වේළුවන
ජය මංගලම්
සුද්ද සුන් නරනිඳුන් සහ –
සෙස්
රජුන් නම් කළ මංගලම්
ඇද්ද මෙකුමරු-
පාපු
විස්මය –
සියලු
සත හට මංගලම්
බුද්ද රත්නේ බෙලෙන් –
ඔබහට
වේය ජයසිරි මංගලම්”
පෝරුවෙන් ඇසෙන්නනේ අෂ්ඨක කියනා ගුරුන්නාසේගේ හඩයි.
පෙරදා හවස පැමිනී
මනාලියගේ පාර්ශවයේ උදවිය පෝරුවත් , සෙටිබෑක්
එකත් ස්ථාන ගත කිරීමට සැරසිලි කරුවන් හා කටයුතු කල අයුරු මගේ සිහියට ඒ.
මේස සැරසිලි අධීක්ෂණ කරන මට පෙරදා උත්සවය සංවිධානය සදහා පැමිණි එක් තලතුනා මහතෙකු “
ජාතික කොඩි ටික මග දෙපස දානවා නේද ? ” යයි විමසුවා මතකය.
“ ඔව් .. ඔව් ඒත් මම අදි
මදි කරන විට ඇයි මහත්තයා කොඩි නැද්ද ?.
“මම තියනවා“ . යයි උත්තර බැන්දෙමි
මගේ මතකය ආපසු යමින් ජාතික කොඩිය භාවිතා කළ යුතු අන්දම
පිළිබද උපදෙස් මටම සිහිපත් කරමි.
විවාහ මංගල්‍ය උත්සවය ජාතික උත්සවයක්ද ?. යන්න නිරාකරනය කර ගැණිමට මගේ මනස තුල මහත් සාකච්ඡාවකි.
අනුග්‍රාහක භවතාට ඒ සාකච්ඡාවෙන් පලක් නැත. ඔහුට අවශ්‍ය ජාතික කොඩිය සැරසිල්ලක් ලෙ
භාවිතා කිරීමය.
මම ජාතික ධජයන් ගෙන් උත්සව
ශාලාවේ මිදුලත් මග දෙපසත් සරසා දීමට එකග වෙමි.
ජාතික ධජ විවාහ මගුල් උත්සව සදහා සැරසිල්ලක් ලෙස භාවිතය
සුදුසු නැත. මගුල් උත්සවයක් යනු ජාතික උත්සවයක් නොවේ. මේ බව උත්සවකරුවන්ට
පැවසුවත් එය පිලිගන්නා කෙනෙක් නැත. බොහෝ දෙනා උත්සව සැරසිලි පිළිබදව
අවධානය යොමු කරන එක් අංගයක් වන්නේ ජාතික
කොඩි පාර දිගේ දැමීමයි. සිංහයන් පේලියක් ලනුවක
එල්ලී මග හරහාට කඩු අමෝරා සිටී. ඉන්පසු සිංහයා උත්සව ශාලාවට යන මග දෙපස ගැල්වනයිස්
කණුවල පේලි ගැසී බලාසිටී.
සමහර විටක සිංහයා කකුල් හතර උඩ දමා ගෙන උඩුබැල්මෙන්
එල්ලී සිටි.
“නිම්ම නැති සංසාර දුක –
සිදුහත්
කුමරු දැක සිතු පෙමින්
දැම්ම යමු –
අපි
මහණවීමට –
අසුන්
පනවැයි කී තොසින්
මංම පනිමිය –
පහුරු
මත්තෙන් –
තුරඟ
සිතු ජය මංගලම්
ධම්ම රත්නේ බෙලෙන් –
ඔබ හට
වේය –
ජයසිරි
මංගලම් ”
අමුත්තන් සම්භාෂණ ශාලාවේ අසුන්ගෙන සිටී. තවත් අමුත්තන් උත්සවශාලාවට එමින් අසුන් ගන්නට සුදුසු තැන් සොයයි. අමුත්තන් පිරිසක් වටකර ගෙන මනාල යුවල පෝරුමස්තකව සිටී.සුදෝ සුදු ජාතික බැනියමෙන් සැරසී සුදු පැහැති වේට්ටියකින් සැරසුන අෂ්ටක ගුරුන්නාන්සේ කෙනෙක් ජයමංගල ගාථා ගායනය කරනවා මගේ සිතේ ඇදේ.
“අංග පෙරදැරි තුමා –
සිදුහත්
එදා රෑ වැඩි සුබ ගමන්
තුංග ගිරි පව්වට උඩින් පැන –
වසවතුගෙ
ඔද බිඳ තොසින්
නැංග අසුපිට ගෙවා –
තිස්
යොදුනක් ගොසින් –
ගං
තෙරට වන්
සංඝ රත්නේ බෙලෙන් –
ඔබ හට
වේය –
ජයසිරි
මංගලම්…”
අෂ්ඨක ගුරුන්නාන්සේගේ පිළිබද චිත්ත රූපය මට සිතිවිල්ලක්
පමනක් විනි.දවසකට රජ වී පෝරු මස්තකයේ සිට සිර ගතවන මනාල මහතා සහ නුවර
විලාසිතාවට සැරසුන මනාලයාට සහ මනාලියට අෂ්ඨක කියන ගුරුන්නාන්සේ මැදිවිය අහල
මායිමකවත් නැති තරුණයෙකි. ඔහු යුරෝපීය ඇදුමෙන් සැරසී සිටී.
ඔහු මෙම යුවලට ආශිර්වාද පතා ගායනා කරන්නේ සිදුහත්
කුමරු ගිහි ගෙය කළකිරී මාළිගාවෙන් නික්ම ගිය කතා පුවත බව ඔහු නොදනී.
සිදුහත් කුමරු මෙන් මේ මනාළ මහතාද ගිහිගෙය කළකිරී මහණ
දම් පුරන්නට ගියහොත් දහසක් බලාපොරොත්තු ඇතිව සිටින
මනාළියගේ දෙමව්පියන්ට කාගේ සරනදෑයි මගේ සිතිවිලි අතරට එක්විනි.
Thursday, December 28, 2023
අනුරාධපුර රාජධානිය
විජය රජතුමාගේ සිට පාලනය කල රජවරු.
- විජය රජතුමා ක්‍රි.ප්‍ර 544
- උපතිස්ස
- පණ්ඩුවස්දෙව්
- අභය
- පණ්ඩුකාභය
- මුඨසිව
- දේවානම්පියතිස්ස ක්‍රි.පු 250-210
- උත්තිය
- මහාසිව
- සුරතිස්ස සේන සහ ගුත්තික
- අසේල
- එළාල (එළාර)
- දුට්ඨ ගාමිණි ( දුටු ගැමුණු) ක්‍රි.පු.161-137
- සද්ධාතිස්ස ක්‍රි.පු.137-119
- තුලත්ථන ක්‍රි.පු. 119
- ලංජතිස්ස(ලැමිණිතිස් ) ක්‍රි.පු. 119 – 109
- බල්ලාඨනාග ක්‍රි.පු. 109 – 103
- වලගම් අබා (වට්ට ගාමිණි) ක්‍රි.පු. 103
- පුලහත්ත
- බාගිය
- පනයමාර
- පිලයමාර
- ධාතික ක්‍රි.පු.103 – 89
- වලගම් අබා ( වට්ට ගාමිණි) ක්‍රි.පු. 89 -77 යලි රජ පැමිනේ.
- මහාචුලි මහාතිස්ස ක්‍රි.පු77-63
- චොරනාග ක්‍රි.පු 63 – 51
- තිස්ස (කුඩා තිස්ස ) ක්‍රි.පු 51 – 48
- සිව
- වටුක
- දාරුභාතික තිස්ස
- නිලිය ( පුරෝහිත බමුනා . වාසුබි)
- අනුලා රැජින ක්‍රි.පු 48 – 44
- කූඨකණ්ණ තිස්ස
- භාතික අභය
- ( භාතික අභය තිස්ස ,හා භාතිය තිස්ස ලෙසත් හැදින්වේ) ක්‍රි.ප්‍ර 22 – ක්‍රි.ව 07
- මහාදාඨික මහානාග 07-19
- ආමන්ද – ගාමිණි අභය 19 – 29
- කණිරජාණු තිස්ස 29 -32
- චූලාභය 32-33-
- ඉලනාග 33-43
- චණ්ඩමුඛ ශිව 43-52
- යසලාලක තිස්ස 52-60
- යසලාලක තිස්ස සහ සුභ 60-67
- වසභ 67-111
- වංකානාසික තිස්ස 111-114
- ගජබාහුක – ගාමිණි ( ගජබාහු I ,ගජබා ) 114 -136
- මහල්ලක නාග 136 – 143
- භාතික තිස්ස (බාතිය) 143 – 167
- කණිට්ඨ තිස්ස 167 -186
- බුජ්ජ නාග 186 –
- කුංචනාග 187 – 189
- සිරිනාග I 189 – 209
- වොහාරික තිස්ස (වේර තිස්ස ) 209 – 231
- අභය නාග 231 – 240
- සිරිනාග II 240 – 242
- විජය කුමාර 242 – 243
- සංඝතිස්ස II 243 -247
- සිරිසංඝබෝධි ( දැහැමි සිරිසගබෝ) 247 -249
- ඝොඨාභය හෙවත් මේඝවන්න අභය
- ( ගොළු අබා) 249 -262
- ජෙට්ඨ තිස්ස I 263 -273
- මහාසේන (මහසෙන්) 274 – 301
- සිරි මේඝවණ්න ( කිත්සිරිමෙවන් ) 301 -328
- ජෙට්ඨතිස්ස II 328-337
- බුද්ධදාස 337 -365
- උපතිස්ස I 365 – 406
- මහානාම 406 – 428
- වට්ටගාහක ජන්තු 428
- මිත්තසේන ( මිත්සෙන් ) 428 -429
- පණ්ඩු 429 – 434
- පාරින්ද 434 – 437
- බුද්ද පාරින්ද 437 – 452
- තිරිතර 452
- දාඨිය 452 -455
- පීඨිය 455
- ධාතුසේන 455 – 473
- කස්සප ( සීගිරි කසුබු) 473 – 491
- මොග්ගලාන ( මුගලන්) 491 – 508
- කුමාර ධාතුසේන ( කුමරදස් ,කුමාරදාස ) 508 -516
- කිත්තිසේන 516 – 517
- සිව 517
- උපතිස්ස II 517 – 518
- සීලකාල ,අම්බසාමනේර 518 -531
- දාඨපභූත (දාපලු සෙන්) 531 -
- මොග්ගලාන ( දල මුගලන් ) 531 -551
- කිත්සිරිමේභ ( කුඩා කිත්සිරිමෙවන් ) 551 -569
- මහානාග 569 – 571
- අග්බෝධි I ( අක්බෝ ) 571 – 604
- අග්බෝධි II ( තුඩා අක්බෝ) 604 – 614
- සංඝතිස්ස II 614
- මොග්ගලාන III ( දල මුගලන් ළමැණි බෝනා මුගලන්) 614 – 619
- සීලාඝමේඝවන්න 619 – 628
- අග්ගබෝධි III (සිරිසංඝබෝධි සිරිගබෝ ) 628
- ජෙට්ඨතිස්ස 628
- අග්ගබෝධි III (සිරිසංඝබෝධි සිරිගබෝ ) යලි රජ පැමිනේ 629 – 639
- දාඨෝපතිස්ස 629 -650
- කස්සප I 650 -659
- දප්පුළු I 659
- හත්ථදාඨ 659 -667
- අග්ගබෝධි IV (සිරිසංඝබෝධි ,සිරිසගබෝ ) 667 – 683
- දට්ට 683 -4
- හත්ථදාඨ II 684
- මානවම්ම 684 – 718
- අග්ගබෝධි V ( අක්බෝ ) 718 – 724
- කස්සප III (කසුබු,සුළු කසුබු ) 724 -730
- මහින්ද I 730 – 733
- අග්ගබෝධි VI (සීලාමේඝ) 733 – 772
- අග්ගබෝධි VII 772 -777
- මහින්ද II (සීලාමේඝ) 777 – 797
- උදය I 797 -801
- මහින්ද III 801 – 804
- අග්ගබෝධි VII 804 – 815
- දප්පුල II 815 -831
- අග්ගබෝධි IX 831 – 833
- සේන I 833 – 853
- සේන II 853 – 887
- උදය II 887 – 898
- කස්සප IV 898 – 914
- කස්සප V 914 – 923
- දප්පුල III 923 – 924
- දප්පුල IV 924 – 935
- උදය III 935 – 938
- සේන III 938 – 946
- උදය IV 946 – 954
- සේන IV 954 – 956
- මහින්ද I 956 – 972
- සේන V 972 – 982
- මහින්ද V (මිහිදු ) 982 – 1029
- මහින්ද V රජතුමා ක්‍රිව 1017 දී සිය බිසවත් සමග සොළින් විසින් තම දේශයට පිටුවහල් කරනු ලැබු බව සදහන් අදහසක්ද තිබේ.
- ක්‍රිව 1029 දී අනුරාධපුර රාජධාණිය බිද වැටී පොලන්නරුව අග නගරය කරගෙන පාලනය ආරම්භ වී ඇත.