Friday, June 20, 2025

අදු - Eryngium femidom L.




• 
නම: අඳු

• විද්‍යාත්මක නම: Eryngium femidom L.

• පවුල: APIACEAE.

• සමාන පද: අඳු
• ඉංග්‍රීසි නම: Common Sweet Basil
• දෙමළ නම: අප්රකටය.
• සංස්කෘත නම: අජ්ජක, අර්ජක
• භාවිතා කළ හැකි කොටස් : සම්පූර්ණ පැළෑටිය ම
• උප විශේෂ: E. foetidum
• දෝෂ කර්ම: කඵ වාත ශාමකයි.
• ගුණ කර්ම:
රස - මධුර, කෂාය ගුණ - ලඝු, ස්නිග්ධ වීර්යය - උෂ්ණ විපාක - මධුර

• රසායනික ගුණ:
Tanin , Saponin, Caffeic acid, Flavonoids. කැල්සියම්, යකඩ, කැරොටින් සහ රයිබොෆ්ලැවින් අඩංගු වෙයි.


• චිකිත්සක භාවිතයන්:

අතීසාර, සර්ප දෂ්ඨ, ක්‍රිමි රෝග. පිළිස්සුම් තුවාල, කන් රෝග, උණ රෝග, අධික රුධිර පීඩනය, මල බද්ධය, ඇදුම, බඩේ රුදාව වැනි රෝගවලට මෙන්ම පනු රෝගවලට, සර්ප දෂ්ඨවලට පාචනය හා මැලේරියාව වැනි රෝගවලට භාවිතා කරයි. මීට අමතරව අපස්මාරයට, වමනයට, හිසරදයට, ආතරයිටීස් හා ගෝනුසු විෂට ද ඉතා හොඳ ඖෂධයකි. අඳුකොළ පැළෑටිය වේදනා නාශක ගුණයෙන් හා ආත්මය සංසුන් කරවන ගුණයෙන් ද යුත් දිව්‍යමය පැළෑටියකි.

• වෙනත් භාවිතයන්

: මදක් දුර්ගන්ධයක් සහිත නිසා සර්පයන් එලවීම සඳහා ලංකාවේ භාවිතා කරන මෙම ශාකය ඖෂධීය වටිනාකමක් සහිත ශාකයකි. ආහාරමය වටිනාකමක් පවති. අඳුකොළ නාගයින් අකමැති දෙයක් ලෙස අතීතයේ සිටම පැවත එන්නකි. ‘නයාට අඳුකොළ වැනිය’ යන කියමන පටබැදුනේ ද එනිසාය. නමුත් නාගයා අඳුකොළ උඩ දරන ගසා සිටිනු දැකිය හැක. නයා අකමැති වන්නේ අඳුකොළ පොඩි වූ විටය. අඳුකොළ පොඩි වූ විට එයින් නිකුත් වන සුවඳට නාගයින් අකමැතිය. එනිසා අඳුකොළ පොඩිකර නයි සිටින ස්ථානවලට දැමීමෙන් නයින් පලවා හැරිය හැක. නයි මුගටි සටනින් පසුව මුගටියා අඳුකොළ කා විස නසා ගන්නා බවද පුරාන පොත පතේ සඳහන් වේ.

• ව්‍යප්ත වී ඇති ප්‍රදේශ:

ලංකාව, ඉන්දියාව නේපාලය ඇතුළු බටහිර ඉන්දීය කොදෙව්හි, විශේෂයෙන් කැරිබියානු සහ කොරියාවේ බහුලව භාවිතා වේ

• වෙනත් භාවිතයන්:

උද්‍යාන අලංකරණයේදී, විදේශීය රටවල් වල ඉහළ ඉල්ලුමක් සහිත ශාකයක ලෙස දැක්විය හැක. කොළ සඳහා ඇමරිකා එක්සත් ජනපදයට විශාල ඉල්ලුමක් ඇති අතර විවිධ සුපිරි වෙළඳපොලවල පවා විකුණනු ලැබේ.

• වෙනත් රටවල භාවිතයන්: තායිලන්තය , මැලේසියාව සහ සිංගප්පූරුව යන රටවල ඉතා ජනප්‍රිය වන අතර මෙම රටවල වෙසෙන ජනතාව එය සලාද, සුප් සහ වෙනත් මස් නිෂ්පාදනවල රසකාරකයක් ලෙස භාවිතා කරයි. මස් මාංශ සහ අනෙකුත් ආහාර රස ගැන්වීම සඳහා රසකාරකයක් ලෙස භාවිතා කරයි. එය චට්නි, මස් කෑම, සෝස්, කල් තබා ගැනීම සහ සුලු කෑම වල කුළුබඩුවක් ලෙසත් භාවිතා කරයි.

• වෙනත් විස්තර:

පඳුරු වශයෙන් සෑදෙන පැළෑටියකි. උස සෙ.මී. 20-80 ක් පමණ වේ. පත්‍රය ඉලිප්සාකාර වන අතර පත්‍ර දාරය දැති සහිත අක්‍රමවත් ය. පත්‍රයේ මැද නාරටිය පැහැදිලි ය. පත්‍ර නාරටියේ පැහැය අනුව ළා කොළ පැහැති හා දුඹුරු පැහැති වශයෙන් ප්‍රභේද දෙකකි. පත්‍රය සෙ.මී. 3-5 පමණ වේ. පත්‍ර තලය දිලිසෙන සුළු ය. පත්‍රයේ සගන්ධ තෙල් සහිත ග්‍රන්ථි වලින් යුක්ත වේ. පුෂ්ප මංජරියකි. සුදු පැහැති ය. ඵලය ස්ඵෝටකයකි. කුඩා ය. පොකුරක් ලෙස සැකසී ඇත.

• වෙනත් වගතුග: ලංකාවේ ජනප්‍රිය නැති උනත්, වියට්නාමයේ "කොත්තමල්ලි කොල" නැත්නම් "මෙක්සිකන් කොත්තමල්ලි" (Mexican Coriander) කොල කියන්නේ මේ අඳු කොල වලට කිව්වොත් ඔබ පුදුම වෙයි. ඇමරිකාවේ විශේෂයෙන් කැලිෆෝනියාවේ අවන්හල් වල කොත්තමල්ලි වෙනුවට ආදේශකයක් විදිහට මේ අඳු කොල භාවිතා කරන බවත් අන්තර්ජාලයේ සඳහන්. ඒ වගේම අපිට නොවටින මේ "අඳු කොල" වියට්නාමය විශාල වශයෙන් වගා කොට ඇමරිකාවට අපනයනය කර විශාල ආදායමක් උපයා ගන්නවා

• අඳු වලින් සාදන කෑම:

• අඳු කොල මිශ්‍ර ගොටුකොල සම්බෝලය

සිහින්ව ලියාගත් ගොටුකොල හා අඳු කොල වලට පොල්, ලියාගත් රතු ලූණු, අමුමිරිස්, තක්කාලි, පදමට ලුනු හා දෙහි ඇඹුල් යහමින් එකතු කර පොඩි නොවන සේ අතින් මිශ්‍ර කර කෑමට ගන්න. (අවශ්‍යය නම් උම්බලකඩ කුඩුද එකතු කර ගන්න පුලුවන්). නැවුම් කොල වර්ග කෑමට ගැනීමට ලං වෙලා හදා ගන්නවා නම් තමයි රස. ගොටුකොළ නැතුව උනත් මේ අඳු කොල ලූණු තක්කාලි දාලා සලාදයක් වගේ උනත් කන්න පුලුවන්.

මූලාශ්‍ර පොත පතින් සහ අන්තර්ජාලයෙන්.

උපුටා ගැනීමකි

ප.ලි .
හැකිනම් මෙහි වෛද්‍ය විද්‍යාත්මකව හෝ ආයුර්වේද ක්‍රමය අනුව මේ ගැන දන්න අයද මේ ගූණ ගැන ලියන්න. භාවිතයට ගන්න විට ඔබ දන්න අයගෙන් ද විමසා සිටින්න

Thursday, June 19, 2025

සිරිලාල් කොඩිකාරයන්.




දියවැලක් ඔස්සේ ගසා ගෙන ආ රංචාගොඩ ළමයා

මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියකු වූ සිරිලාල් කොඩිකාර මහතා 97 වසරක දිවිසැරිය 2021නොවැම්බර් 19දා අවසන් කළේය. සම්ප්‍රදායේ ගැලී නොසිට ඉන් බැහැර මාධ්‍ය කලාවක් හඳුන්වා දීමට පුරෝගාමී වූ ඔහු බය නැති පත්තරකාරයෙක් විය. යොවුන් වියේ සිටම “ඇත්ත” පුවත්පත කියවීමට අප පෙළඹුණේ මෙරට දේශපාලන කරළියේ යථා ස්වභාවය දෙස උපහාසාත්මකව බලා ලියවුණු එම පුවත්පතේ කතුවරයා වූ බී.ඒ. සිරිවර්ධනයන්ගේ කතුවැකිය නිසාය. ඇත්ත පුවත්පතේ අප මුලින්ම බැලුවේ යූනූස්ගේ කාටුනයයි. ඉන්පසු “රංචාගොඩ ළමයා”ගේ කවි පන්තියයි. ගැදි පැදි දෙකම මුසු වූ බස් ආරකින් ලියවුණු එම කොලම වදින තැනට වදින්නට ලියවුණක් විය. පසුකාලයේ එම පුවත්පතේම “කෝසල සිහින” නමින් තවත් කොලමක් විය. එය එවක සිටි එක්තරා රාජ්‍ය නායකයකුගේ ක්‍රියා කලාපය අරභයා ලියවුණක් විය. රංචාගොඩ ළමයාත්, කෝසල සිහිනත් ලියුවේ ලාල් මහත්තයා ලෙස අප හැඳින්වූ සිරිලාල් කොඩිකාරයන්ය.

Wednesday, June 18, 2025

කැපවීම අගයන්න..



අපේ අම්මට මේ ලඟදි ඉඳල අමුතු ලෙඩක් හැදිලා ,දැන් අවුරුදු හැටකටත් කිට්ටුයි ,

මෙන්න මේන් එක පාරටම මිනිහෙක් හොයන් ,ඒ මිනිහත් එක්ක තනියම ජීවත් වෙන්න යන්න හදනවා ,මම තමයි එයාට ඉන්න එකම ළමයා ,මමත් බැඳලා මටත් අවුරුදු එක හමාරක බබෙක් ඉන්නවා ,අපි දෙන්නම ඔෆිස් ගියාම ළමයා බලන්නෙ අම්මා ,මෙච්චර කල් මේ ළමයා බලාගෙන ගෙදර වැඩ කරන් පාඩුවේ හිටියා ,මේ ලඟදි ඉඳල තමයි මේ වෙනස ,අනේ මිස් මේ අපේ අම්මට උපදෙසක් දෙන්නකෝ ??

Tuesday, June 17, 2025

කමටහනක් කර ගන්න.







.කුමටද වැලපෙන්නෙ මගෙ දෙන
දෙසම බලා..
එනවද දුකක් ඔබගේ මුළු
ලයම පලා...
මොකටද තවත් ඔය හදවත
ගන්නෙ තලා..


ඔබ නොදනිතත් මං මීටත්
කලින් මළා ...
සෙනෙහස මොටද නිසසල
මළ සිරුරකට ...
මදහස පෙනෙනවද පියැවුණු
ඇස් දෙකට..

තුරුහිස මුදුනෙ නොපිපුණු
මල් පොකුරකට..
ජයගොස නගා කවියක්
ලියලා කුමට..
සුදු රෙදි කඩින් වැසුවත් අද
මගේ ගත..

හඳුනා ගත්තෙ කවුරුද
හදවතේ තෙත..
හෙට මේ සිරුර දා ලූ පසු
සොහොන මත..
කාටද මතක ගතවු පසු
දවස් හත...

පෙරදා නුරාවෙන් හිනැහුණ
දෑස් බලා..
මතකද කලක් ඔබ මට
ආදරෙත් කලා..
කිසිදා වෙන් නොවන බවටත්
සඵථ කලා..

රැඳුණේ සදහටම කවදද
අහසෙ වලා...
මළහිරු බහින විට අද
බටහිර අහසේ...
අප පෙර මතක හිත

නොපෙලාවිද රහසේ...
යලි යලි සිත බැඳී හෙට
පෙර මෙන් පහසේ..
සසරේ මුලා වෙමු දැයි
විමසමි රහසේ...

සංසාරෙදී අපි බෝ හමු
වෙන්න ඇතී..
මේ වාරෙදී හමුවී දුක්
ගන්න ඇතී...

යන පාරෙදී යලි හමුවක්
නොවනු ඇතී..
එන වාරෙදී මං සසරින්
මිදෙනු ඇතී...

මා දුන් සෙනෙහෙ හදවත
පතුලේ තියලා..
හිත සනසා ගන්න
ඔය දෑසම පියලා..
යන ලෙස මකුළුවෙකු
යලි යලි දැල වියලා..
පැටලෙනු එපා ආයෙත්
සෙනෙහස කියලා ....

සසරින් මිදෙන එක සටනක්
කර ගන්න ..
කතරින් එතෙර වී සටනට
සමුදෙන්න ...

අතරින් පතර යලි පටුනක්
නොතබන්න..
මගෙ මේ සිරුර කමටහනක්
කර ගන්න ...

Monday, June 16, 2025

අර්තාපල් චිප්ස්




අර්තාපල් චිප්ස් බිහි වූයේ පළිගැනීමක ප්‍රතිඵලයකින්. 

මේ සියල්ල සිදු වූයේ 1853 දී නිව් යෝර්ක් හි ඉහළ පෙළේ අවන්හලකදී. එක්තරා පාරිභෝගිකයෙක් ඔහු වෙනුවෙන් පිසූ අර්තාපල් පිඟානක් ඒවා ඕනෑවට වඩා ඝන සහ තෙත් බැවින් ආහාරයට ගත නොහැකි බව පවසමින් ඒවා නැවත සූපවේදී ජෝර්ජ් ක්‍රම් වෙත එව්වා.

Sunday, June 15, 2025

මඟුල් කපුරාළ


මඟුල් කපුරාළ ගමේ කාටත් ඕනෑකරන කෙනෙක්. ගමේ ළමිස්සියො ගෙදරටම නාකිවෙන්ඩ දෙන්නෙ නැතුව කරකාර බන්දල දෙන්න එයා ගන්න දහිරිය බොහොම ලොකුයි. ඉස්සර ගමේ ලැජ්ජ බයට හැදිච්ච ළමිස්සියො කොල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නත් බොහොම කුලෑටියි. ඒ හින්දා ඒ ගොල්ලන්ට දීගතල දෙන වයස ආවත් කොල්ලෙක් එක්ක සම්බන්ධයක් හදාගන්න දහිරියක් නැහැ. වෙනකක් තියා ගමේ ලොකුමහත් වෙච්ච දැරියන්ට දෙමාපියො වැඩිහිටියො තහංචි දාලයි තිබුණේ.

Saturday, June 14, 2025

ආචාර්ය රාජිනී තිරාණගම. - බිදුණු තල්රුක.


  
අපි මේ වගේ නිර්භීත කාන්තාවන්ව අමතක නොකල යුතුයි.
ඔවුන්ගේ මතකයන් අප අතර සදාකාලිකවම රදවා තබා ගත යුතුයි.
අද ඇය ජීවතුන් අතර නැහැ.
ඇය යාපනය සරසවියේ වෛද්‍ය පීඨයේ සිටි 💕 
ආචාර්ය රාජිනී තිරාණගම. 

One day some gun will silence me,
and it will not be held by an outsider,
but by the son born in the womb of this society,
from a woman with whom my history is shared...

Friday, June 13, 2025

පරම්පරා දෙකක වෙනස.


"පරම්පරා" දෙකක් අතර සංසන්දනය ....... හැමෝම කියවන්න
තරුණයෙක් තම පියාට මෙසේ කීය:
ඔබට
වායු සමීකරණය කළ වාහනයක් තිබී නැත.
Wifi නැත
 

මීදුම Published @ 2014 by Ipietoon