Sunday, November 12, 2023

සමාවෙනවද චන්දරේ...

පන්තියේ හැමදාම පළවෙනි
පුටුව මං වෙන් කරගෙන...
දිනෙන් දින හැඩ වෙච්ච රූපෙන්
ඔලුව ඉදිමුනෙ නොදැනිම...
පාරෙ යද්දිත් ගියේ අඩියක්
දෙකක් උඩිනුයි නිතරම...
පොළවෙ උන් අය දැක්කේ නෑ
ඇස් වැහිල තිබු හින්දා මම..
මග තොටේදී ආපු ඇරයුම්
නිමක් නෑ හැඩ හින්දම...
අඳුර ගන්නට එදා බැරිවුන
ලෙංගතුම වූ සෙනෙහස...
කාර් එකටයි සල්ලි වලටයි
ආදරේ කල හින්දම...
සැතපෙන්න උනෙ කඳුළු අතුරා
සයනයේ හැම රෑකම...
දරාගන්නට බැරුව ගුටිබැට
කොට්ටෙ පෙඟුනා කරුවලේ...
නිතර ඉදිමුනු ඇස් වලින් රුව
ගිලිහුනා නොදැනිම වගේ...
තෙල් ගාන්නත් බැරිම තරමට
තැලුම් ඇති හින්දා ඇඟේ...
බරකලා මං ඇඟෙ බර ඒ
බාල්කේ ලනුවේ කොනේ...
පෝස් මෝඩම් අරව මේවා
කපල කොටලා හැමතැනින්...
දුන්න ගෙල සිරවෙලා කියලා
තීන්දුවකුත් තේජසින්...
මල් සැලේ මගෙ මිනිය අතගා
වැටුන උණු කඳුලක බරින්...
අතීතයෙ එක් දිනක් මතකෙට
ආව වෙඩි සැරයක් ලෙසින්...
තාම මතකයි පන්තියේ අග
පේලියේ උන් චන්දරේ...
ආදරෙයි මට කිව්ව රහසින්
කවුරුවත් නැති වෙලාවේ...
රවා එදවස කනට ගැහුවේ
බකල හින්දා චන්දරේ...
කරපු වරදට සමා වෙනවද
අවසාන මොහොතෙදි මගේ...
දැනුන හදතුල තිබ්බ සෙනෙහස
නලල සිපගත් තත්පරේ..
රූපයෙන් මං අන්ධ වුණ මට
සමාවෙනවද චන්දරේ...
දැනුනනම් ඔය ආදරේ බර
දාල යන්නෑ ජීවිතේ...
සසරෙ දවසක් ආයි ලැබුනොත්
ඉඹිනවද නලලත මගේ ?
2023.11.11

notes of imaginary

Saturday, November 11, 2023

සබද ඔහු කන්දකි.





පදවිය පැත්තේ ගමක ගුණදාස කපුගේ මහත්තයා සහභාගි වුණු සංගීත ප්රසංගයක් පැවැත්වුණා.
ප්රසංගය අවසන් වී පැමිණි ශිල්පීන්ට ගෙවීම් කටයුතු කිරීමේදී කිසියම් මුදල් හිඟයක් ඇති වී ඒ ගැන කසු කුසුවක් ඇතිවුනා.. කපුගේ එතැනට ගියා.
“මොකද්ද ප්රශ්නෙ..?“ කපුගේ අහනවා.
“නෑ සර්. මෙතැන සර්ගෙ සල්ලි තියෙනවා. සවුන්ඩ්ස් වලටයි වාදක මණ්ඩලටයි තමයි ටිකක් අඩු.“
ප්රසංගය සංවිධානය කළ පුද්ගලයා හෙමිහිට කපුගේට කියනවා.
“හරි දැන් ඔය තියෙන සල්ලි වලින් ඒ ගණුදෙනුව පියවන්න පුළුවන් ද..?“ කපුගේ අහනවා.
“ඔව් සර්. ඒත් එතකොට සර්ට ගෙවන්න අමාරු වෙනවා.“ සංවිධායක ආයෙත් කිව්වා.
“ඒකට කමක් නෑ. වාදක මණ්ඩලයටයි සවුන්ඩ්ස්වලටයි ගෙවලා, ඒක දැන් ඉවරයක් කරන්න.“ කපුගේ කියනවා.
“එහෙමනම් සර් මට හෙට දවස දෙන්න. දවල් දොළහට කලින් මම රජරට සේවයට ඇවිත් සර්ගෙ සල්ලි බේරන්නම්“
සංවිධායකතුමා බොහොම යටහත්ව කියනවා.
කපුගේ නිශ්ශබ්දව එතැනින් නික්මුනා. පසුව ඔහුට ඇරෙන්න අනෙක් අයගේ ගණුදෙනු බේරනවා. කපුගේ රාත්රියේම වාහනයෙන් අනුරාධපුරයට එනවා.
පහුවෙනිදා උදේ කපුගේ කාර්යාලයේ තමන්ගේ කාමරේ ස්වර ප්රස්ථාර වගයක් ලියමින් ඉන්නවා. දවල් දොළහට විතර දෙන්නෙක් ඔහුව හමුවන්න කාර්යාලයට ඇවිත් කපුගේ ඉන්න කාමරයට ආවා.
කපුගේ ලියමින් සිටි ස්වර ප්රස්ථාර කොලයෙන් දෑස් මෑත්කොට හිස එසෙව්වා.
“එන්න ඇතුළට“ කපුගේ පුටුවෙ හරිබරි ගැහුණා.
ප්රසංග සංවිධානය කළ අමරසිංහයි තවත් කෙනෙකුයි ඇවිත්.
“සර් පරක්කු වුණාට සමාවෙන්න. සර්ගෙ සල්ලි දීලායන්න ආවේ.“ සංවිධායකතුමා බොහොම හිමිහිට කියනවා.
කපුගේ කිසිවක් නොකියා හිනාවුණා. උඩ සාක්කුවෙන් එළියට ගත් මුදල් නෝට්ටු කිහිපයක් ඔහු දෝතින්ම කපුගේට දෙනවා.
කපුගේ එම මුදල් මේසය මත තියෙනවා. ඔහුගේ නෙත් යොමුවී තිබුණේ මුදල් නෝට්ටු දෙස නොවේ. සවිධායක අමරසිංහ මුදල් සාක්කුවෙන් එළියට අදින විට ඒ සමඟ එළියට ආ කඩදාසිය වෙතයි. එම කඩදාසිය කඩිනමින් ආපසු සාක්කුවටම දාගන්න අයුරුත් කපුගේ දැක්කා.
“කොහෙන්ද හදිසියේ අද උදේම සල්ලි හොයා ගත්තේ..?“
කපුගේ අහනවා.
අමරසිංහ කිසිවක් නොකියා තම මිතුරා දෙස බලනවා. මිතුරා බිම බලා ගත්තා.!
“කොහොමද සල්ලි හොයා ගත්තේ..?“ කපුගේ නැවත අහනවා.
අමරසිංහ වෙනුවට මිතුරා උත්තර දෙනවා.
“නෑ සර්. අපි උදේම බැංකුවට ඇවිත් පොඩි බඩුවක් උකස් තියලා සල්ලි ගත්තා. ප්රශ්නයක් නෑ සර්.“ මිතුරා සෙමින් උත්තර දෙනවා.
“කෝ ඔය සාක්කුවෙ දාගත්ත රිසිට් එක මෙහාට දෙන්න.“
කපුගේ අත දිගු කරනවා.
අමරසිංහ යමක් කියන්න උත්සාහ කරනවා.
ඒත් ඊට කලින් කපුගේ ආපහු කතා කරනවා.
“ඕක මෙහාට දෙන්න“ කපුගේ අත දිගුකර ගත්ත ගමන්.
අකමැත්තෙන් වුණත් අමරසිංහ රසිට්පත කපුගේගෙ අතේ තබනවා. ඔහු එය දිගහැර බලනවා.
“වළල්ලක්නෙ තියලා තියෙන්නෙ. කාගෙද වළල්ල..?“ කපුගේ අහනවා.
“ලොකු දුවගෙ වළල්ල සර්. ප්රශ්නයක් නෑ. ලබන මාසේ ගොයම් කැපුවාම ඒක බේරගන්න පුළුවන්. රත්තරන් බඩු තියෙන්නෙ මේ වගේ හදිසියකට බැංකුවට තියන්නනෙ සර්.“ අමරසිංහ කියනවා.
“වළලු තියෙන්නෙ බැංකුවල තියෙන්න නොවෙයි මනුස්සයො, අතේ දාන්න. “ මේසෙ උඩ තියෙන මේ මුදල් ටිකයි බැංකු රිසිට් පතයි අමරසිංහ දිහාට අතින් තල්ලු කරන ගමන් කපුගේ කියනවා.
“නෑ සර් කමක් නෑ. මේ සල්ලි සර්ට ගෙවන්න තියෙන සල්ලි. ගොයම් කැපුවාම වළල්ල බේරගන්නම් සර්.“ අමරසිංහ නැවත කියනවා.
“දැන්ම ආපහු ගිහින් මේ සල්ලි බැංකුවට බැඳලා වළල්ල අරන් ගිහින් දුවගෙ අතේ දානවා. ගොයම් කැපුවාම මට සල්ලි ගෙනත් දෙන්න.“. එහෙම කිව්ව කපුගේ නැවත ස්වර ප්රස්ථාර කොළ අතට අරන් මොනව දෝ ලියනවා.
“සර්...“ අමරසිංහ නැවත මොනව දෝ කියන්න උත්සාහ කරනවා.
“හරි හරි දැන් ගිහින් මම කිව්ව දේ කරන්න. මට වැඩ තියෙනවා. දැන්ම යන්න බැංකුව වහන්න කලින්.“ කපුගේ ප්රස්ථාර කොළ දිහා බලාගෙන එහෙම කියනවා.
මුදල් නෝට්ටු කිහිපයත් බැංකු උකස් රිසිට් පතත් අතේ ගුලි කර ගත්ත අමරසිංහ මිතුරාත් එක්ක කාමරයෙන් පිට වෙනවා.
“මේ වගේ මිනිස්සු රටේ ඉන්නවද..?“ මිතුරා අමරසිංහගෙන් අහනවා. ඒකට අමරසිංහ උත්තර දුන්නෙ නෑ..!
ඔහුගේ පපුවට ලොකු බරක් දැනුණා.
ඒ බර, මේ සටහන කියවන ඔබටත් දැනෙයි. ඒක පුදුමයක් නෙවෙයි. 😐
" සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන - සුනිල දිය දහර වෙමු එකම ගඟකට ගලන..."
Credits Due to the Original Writer.


notes of imaginary

Friday, November 10, 2023

කාලගෝලගෙන් දික්තලාට .....














දික්තලා මේ සසර මහ ඕඝයක්
නංගියේ නෑ මගේ කිසි කහටක්
කැලේ මැද සෙනසුනේ සිටි හිමිනමක්
මතක නොවැ කියපු බණ කතාවක්.
උඹෙ නුරා ගිනි නිවනු බෑ තවත්
දික්පිටිය මගේ හොඳ ගෝලයෙක්
අරං පලයන් මහගෙදර මේ ඔප්පුවත්
දෑවැද්ද කියල වෙන නෑ දෙයක්.
නඩු කියන්නේ මොටද කැමති නම්
අඩුපාඩුවක් වෙතොත් ඉවසපන්
අතාරින්නට සසර බැඳි යදම්
අවසරයි මට යන්න දැන් ඉතින්.!
රෝ.සි.


notes of imaginary

Thursday, November 09, 2023

එයයි විශ්වයේ නියමය.


දිනක් කාන්තාවක් වීදියක් දිගේ ඇවිදගෙන යන විට මහලු පෙනුමක් ඇති දිරා ගිය ඇදුම් වලින් සැරසුන හිගන්නෙක් පාර අයිනේ වාඩි වී සිටිනවා දකිනවා.
පාරේ ගමන් කරන හැමෝම මේ රැවුල කොන්ඩේ වවාගෙන ඉතාම කිලිටි ඇදුම් ඇද සිටින යාචකයා දිහා සමච්චල් සහගත ලෙසත් පිලිකුල් ලෙසත් බලනවා.නමුත් ඉහත කී කාන්තාව එම හිගන්නා ලගට යනවා.
යාචකයා දුටු ගමන් මේ කාන්තාවගේ හදවත ඔහු කෙරෙහි කරුනාවෙන් පිරී යනවා.පෙබරවාරි මාසයේ අධික ශීතල දිනයක් වුවත් මේ යාචකයා ශීතකට ඔරොත්තු දෙන ආකාරයේ ඇදුම් හැද සිටියේ නැහ.කාන්තාව හෙමින් මේ යාචකයාට සමීප වෙලා,
"සර්,ඔබ හොදින්ද?"
කියලා අහනවා.
යාචකයා පුදුම වුනා.යාචකයා මේ කාන්තාව දිහා හොදින් බලනවා.ඔහුට පෙනුනා ඉතාම ධනවත් පෙනුමක් සහිත කාන්තාවක් ඔහු ඉදිරියෙ සිටිනවා.
යාචකයා හිතනවා මේ කාන්තාවත් අනික් මිනිස්සු වගේම තමා කියලා.ඔහු හිතනවා ඇය ඔහුට සමච්චල් කරන්න ඒ විදියට කතා කලා කියලා.ඉතිං යාචකයා තරහින් ඈ හට බනිනවා."කරුනාකර මට පාඩුවෙ ඉන්න දීලා මෙතනින් යනවා" යාචකයා කිවුවා.
නමුත් කාන්තාව හෙලවුනේවත් නැහ.ඇය සිටි තැන ඉදන්ම
"ඔබට බඩගිනිනි නම් යමු අවන්හලකට ආහාර ගන්න"
යාචකයා හිතුවෙ මෙවරත් ඇය ඔහුට සමච්චල් කලා කියලා.ඔහු මෙහෙම කිවුවා.
"නැහ මම මේ ජනාධිතුමා එක්ක කෑම වේලක් අරන් ඉන්නේ.දැන් මෙතනින් යනව යන්න" යාචකයා තරහින් මෙන්ම සමච්චල් කරන අදහසින් කාන්තාවට එසේ පැවසුවා.
එහෙම කිවුවත් ඒ කාන්තාව හෙලවුනේවත් නැහ.ඇගේ මුහුනේ තිබූ කරුනාබර හිනාව තව දුරටත් එසේම තිබුනා.කාන්තාව තවත් මේ මහලු යාචකයා ලගට ලං වෙලා ඔහුගේ අත්වලින් ඔහුව නැගිටවීමට උත්සහා කලා.
යාචකයාර හොදටම තරහා ගියා.
"මොකක්ද ගෑනියේ මට පාඩුවේ ඉන්න නොදී මේ කරන්න යන්නේ"
කියල කෑ ගැහුවා.
සද්දේ ඇහිලා ලගම හිටිය පොලිස් නිලධාරියෙක් එතනට ආවා.
"ඇයි මැඩම් මොකක්ද ප්රශ්නේ"
පොලිස් නිලධාරිය ඇහුවා.
"නැහැ කිසි ප්රශ්නයක් නැහ.මම උත්සහ කලෙ මෙයාව නැගිට්ටවන්න.ඔබට පුලුවන්ද මට උදව් කරන්න." කාන්තාව පොලිස් නිලධාරීයගෙන් ඇහුවා.
පොලිස් නිලධාරියා පුදුමයෙන් ඈ දෙස බලා මෙහෙම කිවුවා...
"ඔය ඉන්නේ වයසක ජැක්.එයා දැන් අවුරුදු ගානක් තිස්සේ මෙතන ඉන්නවා.ඔබ මොකක්ද මොහුට කරන්න යන්නේ?"
කාන්තාව මෙහෙම කිවුවා.
"මම මේ කියමින් හිටියේ ඔහුට කැෆේ එකකට යමු කියලා.කෑම මොනවා හරි කන්නත් ඔහුගේ සීතල නැති වෙන්න කෝපි කෝප්පයක් බොන්නත්"
යාචකයාට තවත් තරහ ගියා.ඔහු මෙහෙම කෑ ගැහුවා.
"උබට පිස්සුද ගෑනියේ.මම කොහෙවත් යන්නේ නැහ." කියලා ඇගේ අත ගසා දමා පොලිස් නිලධාරියා දෙස බලා "අනේ මහත්තයා මට යන්න දෙන්න" කියලා කිවුවා..
"ජැක් මේක ඔයාට හොද කෑම වේලක් ගන්න ලැබුනු අවස්ථාවක්.ඒක මග හරවා ගන්න එපා"
පොලිස් නිලධාරියා කිවුවා.
පස්සේ ඉතා අමාරුවෙන් මහලු ජැක්ව අවන්හලකට එක්ක යාමට පොලිස් නිලධාරියාට සහ අර කාන්තාවට හැකි වුනා.දහවල් ආහාරය ගන්න වේලාවට ඉතා ආසන්නව තිබුනා.ඔවුන් තිදෙන එකම මේසයල අසුන් ගෙන සිටියා.ටික වේලාවකින් අවන්හල් කලමනාකරු ඔවුන් ලගට ආවා.
"ඇයි සර්,මේ මනුස්සයාට කරදරයක්ද?" කලමනාකරු පොලිස් නිලධාරියාගෙන ඇහුවා.
"නැහැ මේ නෝනාට මේ මහලු ජැක්ට කෑම වේලක් අරන් දෙන්න ඕනේ කියනවා."
කිලිටි,මහලු යාචකාය දෙස පිලිකුලෙන් බැලූ කලමනාකරු
"ඒකට මගේ අවන්හලේ ඉඩ නැහ.මේ වගේ මිනිස්සු මේ වගේ තැන් වලට ආවාම අපේ බිස්නස් වලට හොද නැහ"
කලමනාකරු කිවුවා.
"දැන් ඔබට තේරෙනවාද මම මෙහෙ එන්න බැහ කිවුවේ ඇයි කියලා.මට මෙහෙ ඉන්න ඕනෙ නැහ.දැන්වත් මට යන්න දෙන්න"
යාචක ජැක් අර කාන්තාවට පැවසුවා.කාන්තාව කලමනාකරු දෙසට හැරුනා.
"මහත්මයා ඔබ දන්නවද එඩිසන් ඇන්ඩ් ඇසෝසියේට් කියන මූල්ය ආයතනය.පහල වීදියේ තියෙන?"
කාන්තාව ඇහුවා .
"අනිවාර්යෙන් මම දන්නවා.ඔවුන් හැම සතියෙම මේ අවන්හලේ කාමරයක් වෙන් කරගන්නවා ඔවුන්ගේ රැස්වීම් පවත්වන්නට "
කලමනාකරු පැවසුවා.
"මම හිතනවා ඔවුන්ගේ රැස්වීම් සදහා ඔබේ හෝටලයට සැලකිය යුතු මුදලක් ගෙවනවා කියලා"
කාන්තාව ඇහුවා.
"ඔබට ඒකෙන් ඇති වැඩේ මොකක්ද?
කලමනාකරු ඇහුවා.
"මොකද මම තමා ඒකේ හිමිකරු"
කාන්තාව පැවසුවා.
කලමනාකරුගේ විරෝධතාවය මැකී ගියා.ජැක් සහ අර කාන්තාව වෙත කෝපි සහ ආහාර මේසය වෙත ලැබුනා.පොලිස් නිලධාරියා පිටව ගියා.
කාන්තාව ජැක් ඇමතුවා.
"ජැක් ඔයාට මාව මතකද?"
ජැක් ඇගේ මුහුන දෙස හොදින් බැලුවා.ඔහුට ඇගේ මුහුන කොහෙදි හෝ මුණ ගැසී ඇති බව වැටහුනා.
"ඔබට මතකද ඔබ මෙහෙ වැඩ කරන කාලයෙර් නිතරම සීතලෙන් ආරක්ශා වීමටත් බඩගින්න නිවා ගන්නටත් මෙහෙ ආව දුප්පත් කෙල්ල?"
කාන්තාව කිවුවා.
ජැක්ගේ මුහුන වෙනස් වුනා.ඔහු පුදුම වුනා.එදා ඔහු දැක්ක කන්නවත් නැතුව දුක් විදපු කෙල්ල අද ඉතා ධනවත් ව්යාපාරික කාන්තාවක් වෙලා ඔහු ඉදිරියෙව් සිටීම ගැන.කාලය කොතරම් ගෙවී ගිහින්ද කියලා ජැක් පුදුමයෙන් කල්පනා කලා.
"ඒ වෙනකොට මම උපාධිය සම්පූර්ණ කරලා රැකියාවක් අපේක්ශාවෙන් හිටියෙ.ඒත් සෑහෙන කාලයක් යනකන් මට රැකියාවක් හොයා ගන්න බැරි වුනා.ටිකෙන් ටික මගේ ලග තිබුන සල්ලි ටික ඉවර වෙමින් තිබුනා.මම නැවතිලා හිටිය කාමරෙන් යන්න කියලා ගෙහිමියන් මට බල කලා.ඉතින් මම ඉට පස්සේ හිටියේ මේ වීදියේ.දවසක් මගේ ලග තිබුනු ඉතා කුඩා මුදල වැය
වැය කරලා කෑම ටිකක් ගන්න ඇවිදගෙන ආවේ මේ අවන් හලට.එතකොට ඔබ මෙහි මුදල් අයකැමිව හිටියා.
කාන්තාව කියවගෙන ගියා.
"හරි දැන් මට මතකයි ඔබව"
යාචකයා පිලිතුරු දුන්නා.
"ඔබ මගෙන් ඉල්ලා සිටියා පිගන් සෝදලා දෙන්නම් කෑමට යමක් දෙන්න කියලා."
යාචකයා කිවුවා.(Positive Thinking-ධනාත්මකව සිතමු page එකට ලයික් කරන්න)
"අන්න හරි.ඔබෙන් කෑම ඉල්ලගෙන ආව දුප්පත් කෙල්ල මම තමා.ඔබ කිවුවා එහෙම වැඩ කරන්න දෙන්න අවන් හල් හිමිකරුගෙන් අවසර ගත යුතු බවට.බලාපොරොත්තු සුන් වූ මම ආපසු හැරී එන්න හදනකොට ඔබ මට කතා කරලා ලොකු සැන්විච් පාර්ස්ලයක් එක්ක කෝපි කෝප්පයක් දුන්නා.මම ඒව කන අතරතුර මම දැක්කා ඔබ ඔබේ පසුම්බියෙන් මුදල් රැගෙන මට දුන් කෑම වේලට අදාල මුදල ලාච්චුවට එක් කල විදිය"
කාන්තාව කියවගෙන ගියා.
"ඊට ටික කාලයකට පසුව මට රැකියාවක් හම්බ වුනා.එයින් උපයා ගත් මුදලින් මම මගේම ව්යාපාරයක් පටන් ගත්තා"
කාන්තාව කිවුවා.
"දැන් ඔබ ඕනේ වෙලාවක මගේ ව්යාපාරයට එන්න.ඇවිත් ඔබට කරන්න පුලුවන් කාර්ය්යක් කරන්න.මම ඔබට වැටුප් ගෙවන්නම්"
කාන්තාව කිවුවා.
යාචකයා,එනම් මහලු ජැක් ගේ ඇස් වලට කදුලු ආවා.
ඔවුන් ගේ මේසයට කෝපි ලැබුනා.
"ආහ් මට අමතක වුනා.මේ කලු කෝපි.ඒ සදහා ඔබට අවශ්ය ක්රීම් ද සීනි ද?"
කාන්තාව මහලු ජැක් ගෙන් විමසුවා.
"නැහ මට ඒ කිසිවක් අවශ්ය නැහ.ඔබ සමග බොන කෝපි එක මට කොහොමය්හ් රසවත්"
දෙදෙනාම අවංක හදවති හිනා වුනා.
ජීවිතයේ කෙනෙක්ට උදවු කරන්න ලැබෙන අවස්තා මග හරින්න එපා.අපෙ හැමෝම මිනිස්සු.අපිට උදව් අවශ්ය වේලාවට එන්නෙත් ඒ මිනිසුන්ම තමා.ඒ නිසා හැකි සෑම විටෙකම මිනිසුන්ට මෙන්ම සතුන්ටත් හදවතින්ම උදවු කරන්න.හදවතින්ම කරන හොද කෙදිනක හෝ දෙගුන තෙගුන වී අපේ ජීවිත වලටද යහපත උදා කරනවා.

 

එයයි විශ්වයේ නියමය.

ධනාත්මකව සිතමු
notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon