Saturday, November 16, 2024

උණු කඳුළු වැගිරුන මතකද - ඒ නොවැම්බරය








ඒ නොවැම්බරය
රක්ත වර්ණයෙන් උදම් වුණ
උණු කඳුළු වැගිරුන
මතකද ඒ නොවැම්බරය
අවජාතක වෙඩි උණ්ඩයක්
මරා දැමුවේ ප්රේමයෙන් පිරුණු පපු කුහර
ඊට පස්සේ
ඉර ගිනිගත්තේ කිසිත් නොකියම
සඳත් ගිනිගත්තා එදා අලුයම
විසල් නැවකට මඟ කියූ
ඒ මහා රුවල
බිඳී දියවී ගියා මුහුදු පතුලට
මඟක් නොදැනම මුහුදු දිය මත
ඉතින් ඒ නැව ඔහේ පාවිය..
ඒ නොවැම්බරය
මල් පෙති ඉරී වෙන්වුන
විහඟුන් මරා හැංගුව
අමතකද ඒ හීතල නොවැම්බරය
උණ්ඩයට උණ්ඩයක්
මිනිසෙකුට මිනිසෙක්
ඒ සිහින කණිසම
දෝංකාරයකි තවමත්
හිතේ ඉරුණු තැන්වල
රක්ත වර්ණයෙන් උදම් වුණ
මතකද ඒ නොවැම්බරය
සෝමලතා හේරත් මැණිකේ
A day in the life

Friday, November 15, 2024

මහපඹා.




සබරගමුව සිහිපත් වෙන කොට මහපඹාත් සිහිපත් වෙනවා. මහ පඹාට මුණු දෙකයි. ඒත් සබරගමුවේ මිනිසුන්ට මුණු දෙකක් නම් නැහැ. මුණු දෙකක් තියෙනවා කියන මිණිස්සු කරන වැඩ සබරගමුවේ සියළුම ජනතාවම කරන්නේත් නැහැ. පුංචි ප්‍රමාණයක් ඒ වගේ වැඩ කරනව. ඒ ගොල්ලා ඔක්කොම දේශපාලණය කියන වාත්තියේ නියලිලා ඉන්න ඇත්තෝ.

ඉතින් සබරගමුවට කියලා විශේෂයක් නැහැනේ. මේ මළ හැත්ත ගැන මතක් වුනාම ආ කාරියත් මතක නැති වෙනවා.

වියමන යොමු වුනේ මහපඹාට.

සපරගමුව සමන් දේවාලය
සපරගමුව සමන් දේවාලය

මහපඹා සබරගමුවේ පැවත්වෙන ඇසල පෙරහැර මංගල්‍යයන්හි පෙරටුව ගමන් කරන ප්‍රධාන චරිතයක්. රත්නපුර ,බොල්තුඹේ ,දැරණියගල යන සමන් දේවාල පෙරහරවලදී  දඋග්ගල් අළුත්නුවර දේවාලයේ ත් පෙරහැර ඉදිරියෙන්ම ගමන් ගන්නේ මහපඹායි. මහියංගණය පැවත්වෙන ඇසල පෙරහැරෙත් මහපඹා යොදාගන්නවා. ඒ සමන් දෙවියන් මුලික කරගෙන එම පෙරහැර මංගල්‍ය පවත්වන නිසා වෙන්න ඇති.

බඹා කෝලම, මහ බඹා කෝලම මහ බබා කෝලම හා, මහ පඹයා යන නම් වලිනුත් පෙරහැරේ ඉදිරියෙන් ගමන් ගන්නා මහපඹා    හඳුන්වනවා.
මහ බඹා  කෝලම  වටා ගෙතුණු ජනප්‍රවාද  කිහිපයක් තියෙනවා.

ශ්‍රී වික්‍රම  රාජසිංහ රජතුමා සහ බිරිද ද්‍රවිඩ සම්බවයක් ඇත්තෝ. ඔවුන් තඩලා ඉංග්‍රීසින්ට බාර දුන්නේ සබරගමු ජනප්‍රධාණින්. එහිමියන්ට අනුව මේ ක්‍රියාව ජත්‍යාණුරාගයෙන් කල වීර ක්‍රියාවක් !. ඉගුරු දී මිරිස් ගත්ත මේ ක්‍රියාව නිසා සබරගමු වැස්සන්ට මුණු දෙකක් ඇතිව තිබු බව ජනප්‍රවාදයට එක්වනවා. එහෙත් එම ජනප්‍රවාදය අසත්‍ය බව කිරිඇල්ලේ ඥානවිමල හිමියෝ පලකල  සබරගමු දර්ශණ 98 – 100 පිටුවල සදහන්.

මෙම මහපඹා සීතාවක  රාජසිංහ   රජුගේ (1581-1593) සංකල්පයක් . රජතුමා  පෙරහර සඳහා සහභාගි නොවූ අවස්ථාවන්හි  රජු සංකේතවත් කිරීම සඳහා   මහා බඹා   කෝලම පෙරහරේ මුලින්ම ගෙන ගිය බව කිරිඇල්ලේ හිමියන් තහවුරු කරන ජනප්‍රවාදයක්.

මහපඹා අනුරුවට ඉතාමත් විණිත ලෙස ඇදුම් අන්දවා තිබෙන බව දක්නට පුළුවන්.මින් අදහස් කරන්නේ ආචාරශිලිත්‍වයයි. දකුණත අමෝරාගත් කඩුවක් සහ මල් පොකුරක් තියෙනවා. මින් වමත ප්‍රතාවත් අභිණයක් පෙන්වන පරිදි ඉගටියට අත තබා ගෙන සිටිනවා. මින් රණකාමී එඩිතර විජයග්‍රාහී ලීලාවක් දක්වනවා. ඉස්සරහ මුහුණ පියකරුයි. එයින් යුක්තිගරුක බව විනීත බව සුදනන් හට පෑ කරුනාව මෛත්‍රීය පිලිබිඹු වෙනවා.පිටුපසට තියෙන්නේ රකුසු මුහුණක්. විනීත ගති පැවතුම් නැති දුදනන් හට කටයුතු කල ආකාරය පිළිබිඹු වෙනවා. මහපඹා පෙරහැරේ යන්නේ කැරකී කැරකී. මෙයින් පෙන්වන්නේ තමන්ගේ රාජ්‍ය පාලන චක්‍රය ගිහි පැවදී ලොකු කුඩා උස් පහත් නෑ – නොනෑ කාටක් සමානව ක්‍රියාත්මක වන බවයි. මේ වගේ මහපඹාලනම් අද දේශපාලනයේ නැහැ.

මේ තවත් ජනප්‍රවාද කිහිපයක්.
ජීවිතයේ  අනිත්‍යභාවය පෙන්වීමද මෙයින් ප්‍රත්‍යමාන වන බව විග්‍රහය වන තවත් මතයක්. හොද හා නරක අතර යහපත හා අයහපත අතර ජීවිතය දෝලනය වෙනවා. කැරකී කරකී යන මහපඹා අපට සිහිපත් කරන්නේ මේ ධර්මතාවයද විය හැකියි.

මහ බඹා  යනු සමන්  දෙවි රුව යැයි ඇතැමුන් අතර පවතින තවත් මතයක් . සබරගමු පළාතේ ප්‍රදේශීය යුද අවස්ථාවලට යුද පෙරමුණේ යාම සඳහා මහ බඹා (මහ පඹයා) යොදා ගෙන තිබු බවක් ජනප්‍රවාදයේ පවතිනවා. හුණුවල වෙල් යායක පැවැති සටනටකදී  හේවා – පන්නයක් ලවා  මහ පඹයෙකු සකස් කර  ප්‍රතිපාක්‍ෂිකයන් වෙත යවා තිබෙනවා.  ප්‍රතිපාක්‍ෂිකයන් වෙත යවු මෙම මහපඹා සංකේතවත් කර ඇත්තේ  සටනද ? සාමයද ? යන්න  තෝරා ගැණිමට විරුද්ධාවාදීන් යොමු කිරීමයි. සාමය  මහ පඹාගේ  පියකරු  මුහුණෙන් සංකේතවත් වන අතර ඊට  අකමැතිව යුද්ධයකට එළඹේ නම් ඒ බව  රාක්ෂ  මුහුණෙන් සංකේතවත් කෙරේ.

මහ බඹා තුළින් නිරූපනය වන්නේ  රාවණාගේ සහෝදරයෙක් වූ කුම්භකර්ණ බව තවත් අදහසක්. කුම්භකරණ යනු ගොවිතැනින් රට සශ්‍රීක කළ නායකයෙකි. රාවණා කුම්භකරණ හා ඔහුගේ හමුදාව රාම සමග කළ  සටනට කැඳ වූ අවස්ථාවේ සහෝදර විභීෂණ රාවණාට එරෙහිව  රාම පිළට එක් වී ඇති බව අසා ඔහුගේ සාමකාමී  මුහුණු වියරු වැටුණු  බවත් සඳහන් වේ. මහ බඹාගේ වියරු හා සාමකාමී  මුහුණු දෙකෙන් කුම්භකරණ  සංකේතවත් වන බවත් ඔහුට මහ බඹා යනුවෙන්  අන්වර්ථ   නාමයක් පට බැදුන බවත් කියැවෙනවා.

සමන් දෙවියන්   සම්බන්ධව  කියවෙන  තොවිල් කවියක  මහබඹා සුමන දෙව් රූ විපු‍ලේ යනුවෙන් සඳහන්  වනවා.

රාවණා රජු සබරගමුවට   ඉතා සමීප  සම්බන්ධකමක් ඇති රජ කෙනෙකි. රාම සමග කරන යුද්ධයෙන් ඔහු පරාජයට පත් වූයේ   තම සහෝදර විභීෂණගේ පාවාදීම නිසාය. එම නිසා සබරගමු ජනතාව  තම  රජතුමා වන  රාවණාගේ මුහුණ  එපසෙකින්ද දේශයත් රජුත් පාවා දුන් විභීෂණගේ මුහුණ අනෙක් පසින්ද සවි කොට මහ බඹා නිර්මාණය කළ බවටද ජනප්‍රවාදයේ සදහන්.


A day in the life

Thursday, November 14, 2024

ශ්‍රී ලංකාවේ විශාලතම ඔරලෝසු කණුව.











රුපියල් 3500කින් ඉදිකෙරූ ශ්‍රී ලංකාවේ විශාලතම ඔරලෝසු කණුව.

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාලු කොටුවේ කොටු බැම්මෙහි පිහිටුවා තිබෙන ගාලු කොටුව ඔරලෝසු කණුව මෙරට ඉදිකොට තිබෙන පැරණිතම ඔරලෝසු කණු අතුරින් එකක් වේ.
සම්පූර්ණ ගලෙන් නිමවා ඇති මෙය ශ්‍රී ලංකාවේ ඇති විශාලතම සහ දර්ශනීයම හෝරා ස්ථම්භය වේ.
1883 වැඩ අවසන් කළ මෙය කැප කරන ලද්දේ වෛද්‍ය පීටර් ඩැනියෙල් ඇන්ටනීස්‌ මහතා විසින් සිදුකල සේවය සිහිවීම පිණිසයි.
බැලූ බැල්මට ලන්දේසීන් විසින් ඉදිකරන ලද ගාලු කොටු බැම්මත්, ඔරලෝසු කණුවත් එකම කාලයකදී සිදුකල නිර්මාණයන් ලෙස පෙනුනත් , ගාලු කොටුව ඔරලෝසු කණුව පසුකාලීනව ඊට එකතු කරන ලද්දකි.
මෙය කොස්ගොඩ උපන් දේශීය සිංහල ධනපතියකුගේ ධන පරිත්‍යාගයකි. 19 වන සියවසේ අවසන් සමය තුල, මෙරට ගාලු දිසාවේ ජනතාවට සේවය කරමින් ඉමහත් ජනතා ප්‍රසාදයක් දිනාසිටි, ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයෙක්‌ වූ පීටර් ඩැනියෙල් ඇන්ටනීස්‌ මහතා සිය සේවා කාලය නිමාකරමින් සමුගැනීමට සූදානම් වූ අවස්ථාවේදී, ඔහුගේ සේවය අගයා යම් දෙයක් සිදු කල යුතු යැයි එකල ගාල්ලේ ජන ප්‍රධානීහූ සාකච්ඡා කළහ. එහිදී පැමිණි යෝජනාවකට අනූව, පීටර් ඩැනියෙල් මහතාගේ සේවය අගයා ඔරලෝසු කණුවක්‌ ඉදිකිරීම සුදුසු යැයි තීරණය විණි.
මෙවැනි ඔරලෝසු කණුවක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල් තුන්දහස්‌ පන්සියයක්‌ පමණ වියදම් වෙතැයි ඇස්තතමේන්තු කල අතර, එම මුදල් ප්රමාණය ගාලු නාගරික ජනතාවගෙන් අයකර ගැනීමට මුලදී තීරණය විණි.
නමුත් එසේ සිදු කිරීම සුදුසු නොවන බව පවසමින් වාසල මහ මුදලි කළුහත් සැම්සන් ද ආබ්රේව් විජය ගුණරත්න රාජපක්ෂ මහතා, එම මුදල් ප්‍රමාණය තමා විසින් දැරීමට සූදානම් බව දන්වා සිටින ලදී.
ඒ අනූව වැඩ කටයුතු සිද්ධ වෙමින්, ගාලු කොටුවේ ඉදිවූ මෙම ඔරලෝසු කණුව 1883 වසරේදී වෛද්‍ය පීටර් ඩැනියෙල් ඇන්ටනීස්‌ මහතා අතින් විවෘත කෙරුණි.

උපුටා ගැනීම : මුහුනු පොතෙන්.
A day in the life

Wednesday, November 13, 2024

ජේතවනාරාමය







ජේතවනාරාමය යනු අප කවුරුත් දන්නා බෞද්ධයන්ගේ මහත් ගෞරවාදරයට පාත්රවූ සිද්ධස්ථානයකි.
👉 එහෙත් ජේතවනාරාමය යනු පැරණි කාලයට විශාලතම ඉදිකිරීම් අතර ලෝකයේ දෙවැනි ස්ථානය හිමි වන නිර්මාණය බව සහ විශාලත්වය අතින් එය දෙවැනි වන්නේ ඊජිප්තුවේ ගීසා පිරමිඩයට පමණක් බවත් ඒ බොහෝ දෙනා නොදනිති.
👉 මේ කෙටි සටහන ඒ ගැනය.
👉 ජේතවනාරාමයේ උස මීටර් 122 හෙවත් අඩි 400කි. මෙය ඉදිකිරීම සඳහා ගඩොල් නවකෝටි තිස්තුන් ලක්ෂයක් (93300000) පමණ වැයවූ බව සඳහන් වේ.
👉 ජේතවනාරාමේ ඉදිකර ඇත්තේ ක්රි.ව. 276 - 302 අතර කාලයේදී අනුරාධපුරයේ රජ කළ මහසෙන් රජු විසිනි.
👉 ඒ සා ඈත කාලයක එවැනි විශාල ඉදිකිරීම් කළ රටවල් ලෝකයේ ඇත්තේ අතලොස්සකි.
ග්රීසිය, ඉරාකය, ඉන්දියාව, තුර්කිය, මෙක්සිකෝව, ගෝතමාලාව වැනි ඒ රටවල් අතරට ශ්රී ලංකාවද අයත් වේ.
👉 20 වන සියවසට පෙර ඉදිවුණු ලෝකයේ විශාලතම ආකෘති 200ක පමණ ලැයිස්තුවක් විකිපීඩියා විශ්වකෝෂයේ දක්නට ලැබේ.
👉 ඒ අතරින් අති බහුතරය ක්රි.ව. 1000 න්වත් පසුව මෑත කාලයේදී ඉදි කළ නිර්මාණ වේ.
👉 ක්රිස්තු පූර්ව ගණන්වල ඉදි කළ නිර්මාණ මේ ලැයිස්තුවේ ඇත්තේ 17ක් පමණක් වන අතර, ඒ අතරින් තුනක්ම ලංකාවේ නිර්මාණ වීම විශේෂ කරුණකි.
👉 ඒ මිරිසවැටිය (ක්රි.පූ. 161-137) රුවන්වැලිසෑය (ක්රි.පූ. 161-137) හා අභයගිරිය (ක්රි.පූ. 89-76) යන අසමසම නිර්මාණ ත්රිත්වයයි.
👉 මේවායේ උස පිළිවෙළින් අඩි 192ක්, අඩි 300ක් හා අඩි 245කි.
👉 ජේතවනාරාමය ඉදිවනුයේ ක්රි.ව. 276න් පසු වන අතර, එය ඉහත කී චෛත්ය තුනටම වඩා විශාලය. එය පැරණි කාලයට අයත් ලෝකයේ විශාලතම ආකෘති අතර දෙවැනි ස්ථානය ගන්නා නිර්මාණය වන්නේ ඒ අනුවය.
👉 ක්රිස්තු පූර්ව සියවස්වල සහ ක්රිස්තු වර්ෂ තුන්වන සියවස වැනි අතීත කාලයක අභයගිරිය, රුවන්වැලිසෑය, ජේතවනාරාමය වැනි විශාල නිර්මාණ බිහිකළ ශිෂ්ටාචාර ලෝකයේ ඇත්තේ අතලොස්සකි.
👉 විශාලත්වයෙන් නොනැවතී අව්ව, වැස්ස, සුළඟ, කුණාටු ආදී සියල්ලට මුහුණ දෙමින් ගිලාබැසීම් හෝ කඩාවැටීම්වලින් තොරව වසර 2000ක පමණ කාලයක් තිස්සේ පවතින ආකාරයට මේවා නිර්මාණය කිරීමට අපේ මුතුන් මිත්නන් සමත් වී තිබේ.
👉 වැදගත්ම කාරණය වන්නේ ජේතවනාරාමය විශාලත්වයෙන් පළමු එකද, දෙවැනි එකද යන්න නොව ඒසා අතීත කාලයක එවැනි විස්මිත නිර්මාණ බිහි කළ හැකි මට්ටමේ තාක්ෂණයක් අප සතුව තිබීමය.
👉 එවැනි තාක්ෂණයක් සහිත ශිෂ්ටාචාර අතලොස්ස අතර අපේ දිවයිනටද වැදගත් තැනක් හිමිව තිබීමය.
👉 දැගැබ් වනාහී හුදු ආගමික සංකේත පමණක් නොව ඒවා අපේ පැරණි සිංහලයන්ගේ දැනුම පිළිබඳ ජීවමාන සාධක වන්නේ ඒ අර්ථයෙනි.
👉
අද අප දුවා දරුවන් සමඟ මේ සිද්ධස්ථාන නැරඹීමට යා යුත්තේද හුදු ආගමික අර්ථයෙන් ඔබ්බට ගොස් මේවායේ ඓතිහාසික වැදගත්කම විද්යාත්මක කියැවීමක් සහිතව නොවේදA day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon