Monday, July 15, 2024

රන්කැටි පුතා කෝ ?











 

රන්කැටි පුතා කෝ ?
මේ සටහන මා ලියන්නේ ඔබට ජීවිතය ගැන පාඩමක් කියා දීමටයි. මගේ සැමියා සහ මම ජීවිතයට මුහුණ දුන්නේ අපමණ වීර්යයකිනි. අපට පුතුන් තිදෙනෙක් සහ දියණියකි. අප දෙදෙනා අද වයස හැත්තෑ ගණන් වල සිටින වැඩිහිටි යුවලකි. අප විසින් අපගේම නොදණුමත් කම නිසා කරගත් මහා පාපයක් ඔබට කියා හිත නිදහස් කර ගත යුතුය. ඒ සඳහා අපිට අඩුවක් නැතුව දඬුවම් ලැබුණු නමුත් මිය යන තුරුම අප ඒ වේදනාවෙන් නොමිදෙනු ඇති. ඔබත් අපෙන් පාඩමක් ගන්න.
මගේ පුතුන් තිදෙනාම ඉතා හොඳ අධ්යාපනයක් ලබා ඉහළ වුර්තීන් වලට ආවේ අපේ සිතේ සතුටක් ඇති කරවමිනි. එකම දුව වෛද්ය වරියකි. ඔවුන් නිසි කලට පැමිණි විට ඔවුන්ගේ පෙම්වතුන් පෙම්වතියන් ආවාහ විවාහ කර දීමද අප විසින් කළෙමු. අපගේ තුන් වන පුතා ජානක සම්බන්ධව මෙතෙක් සිට ඔබට කියමි.
තුන් වන පුතා එනම් ජානක වුර්තියෙන් ඉංජිනේරු වරයෙකි. ඔහු විවාහ වූයේ ඔහුගේ විශ්ව විද්යාලයීය පෙම්වතිය දුලක්ෂි සමගිනි. අපේ ගමට එහා ගමේ ඉතා දිළිඳු පවුලක දියණියක් වුවද දුලක්ෂිට මම කැමති වූයේ ඇගේ උගත්කම නිසාය. ඇය වුර්තියෙන් නීතිඥ වරියකි. එකළ අප ඈ ගැන මහත්සේ ආඩම්බර වීමු. මහා ඉහළින් විවාහය අරගතිමු. විවාහයෙන් පසුව පවුන් දෙදෙනා කොළඹ පළාතේ පදිංචියට ගියහ.
කිවීමට වරදක් නැතත් දුලක්ෂිගේ ඇතැම් කාලක්රියා මට හෝ සැමියාට ඇල්ලුවේ නැත. ඇය ඉතා සැරය. අපි එනවාට යනවාට හෝ කැමති වුනේ නැති හෙයින් අප එහි ගියේ කලාතුරකිනි. දරුවන්ගෙන් යැපෙන්නට අපිට වුවමනා නොවුනේ අප දැනටම විශ්රාම වැටුප්, ගෙවල් ඇති දෙමාපියන් නිසාය. දුලක්ෂි දුවට දරුවන් දෙදෙනෙක් ලැබුණු අතර ඈ මුල සිටම අපේ පුතාට දැඩිව නීති රීති ඇතිව පාලනය කරගෙන සිටි බව දතිමු.
ඔවුන් දෙදෙනා අතර ගැටුම්ද ඇති වුනු නමුත් අප නිතරම ඒ ගැටුම් සමනය කළා හැර වෙන් වන මෙන් අනුබල නොදුන්නෙමු. සැකය, අවිශ්වාසය මෙන්ම ඔහු උපයන සියලුම මුදල් ආදිය සිය පාලනයට ගැනීම නිසා පුතා සිටියේ ඉමහත් පීඩනයෙනි. ඔහු නිතර මා හට කතා කර මේ ගැ..ටුම් ගැන කීවේය. මම ඔහුගේ හිත හැදුව නමුත් දුලක්ෂි දුවට කතා කිරීමට බය වීමි.
සෙනසුරාද දවසක පුතාගේ කැම්පස් එකේ යාලුවෙක් පුතා දැකීමට ගෙදරට පැමිණ ඇති අතර දුලක්ෂි දුව එයට කෝප වී යාලුවා බැන එලවා තිබුණි. පුතාට යහළු යෙහෙලියන් කිසිවෙක් ඉන්නවාට අකමැති ඇය යන ඕනෙම ඥාති කෙනෙක්ට වුනත් බැන එලවා දැම්මේ දෙවිටක් නොසිතාය. එමෙන්ම ඔහුගේ කාර්යාලයේ වැඩ කරන ගැ..හැණු ළමයෙක් පාරේ යන අතර ඔහු සමග හිනා වී කතා කර තිබුණු අතර ඒ ගැ..හැණු ළමයාට පවා බැන වැදී තිබුණේය.
මේ ගැටුම් වැඩි වන විට මගේ පුතු විශාල ලෙස සමාජය ඉදිරියේ අපහසුවට ලක් වුනු අතර යාලු මිත්රයන් නැති හුදෙකලා ජීවිතයක් බොහෝ දුරට ගෙවුවේය. මේ ලෙස වසර දොළහක් පමණ විවාහය පැවති අතර ඔහු දිනක් මා හමුවට ආවේය.
“ අම්මා . මට දැන් මේක ඇති. මට දික්කසාද වෙන්න ඕනේ මේ යක්..ෂනීගෙන් “ ඔහු කීවේ සොවිණි.
“ එතකොට පුතේ දරු දෙන්නා ?”
“ එයාලට හානි වෙනවා තමා අම්මේ. මේ විදිහට රණ්ඩු දකින එක ඊට වඩා හොඳ නැහැ. මේ දබර නිසා එයාල ගොඩක් බය වෙලා ඉන්නේ.” පුතා කරුණු කීවේය.
පුතා නොයෙක් කරුණු කියමින් ඔහුට ජීවිතේ ඉතුරු ටික හෝ මේ කරදරෙන් නිදහස් විය යුතු බවත් නිවස සහ මාස් පතා නඩත්තු මුදල් දරුවන්ට දිය හැකි බවත් නැත්නම් දරුවන් වුනත් අරගෙන හදා ගත හැකි බවත් මට කීවේය. ඒ සඳහා මගේ උදවු ඉල්ලා සිටියේය.
නමුත් මට ඔහු කියන දේට එකඟ විය නොහැකි විය. මම අනික් ලමයිද රැස් කරවීමි. හැමදාම වගේ “ ඉවසන්න පුතේ දුලක්ෂි දුව හැදෙයි. වෙනස් වෙයි “ ආදී වචන කියා මම ඔහුව පිටමන් කළෙමි. මගේ මුණුබුරන්ගේ අනාගතය අඳුරු වේ . සියල්ලමටම වඩා ගමේ එවුන් අපිට හිනා වෙනු ඇත. මම ඥාතීන් ඉදිරියේ සාර්ථකව දරුවන් හැදුව මවක් වෙමි. එක දරුවෙක් හෝ දික්කසාද වුනොත් මම මගේ පවුලට මුහුණ දෙන්නේ කෙසේද ? පස්ස පැත්තෙන් ඔවුන් මා හට හිනා වෙනු ඇත.
විවාහයෙන් වෙන් වීම නමැති විසඳුම කොහෙත්ම විය නොහැකි බව අප සැවොම ඔහුට අවධාරණය කළෙමු. එමෙන්ම පවක් තියනවා නම් මේ ආත්මයේ ගෙවා නිම කළ යුතු බව ඔහුට කීවෙමු. එමෙන්ම ඉවසීමෙන් සැනසීම ලැබෙන බව මම ආගමානුකූලව ඔහුට කියා දුන්නෙමි.
එයින් පසු ටික කලක් යන තුරු පුතා කතා කර මට පැමිණිලි කලේ නැත. නමුත් දුලක්ෂි දුව නම් විටින් විට කතා කළාය. හදිස්සියේ අපගේ පුතු ජානක වස පානය කර මිය ගිය පුවත මට අසන්නට ලැබෙන විට මා සිටියේ පන්සලේය. මම පිස්සියක මෙන් එහි දුව ගියෙමි.
අවසන් කටයුතු සිදු වෙන තුරු මා සිටියේ අසිහියෙනි. මාස කීපයකට පසු ජානකගේ මිතුරෙක් මගදී අපිට හමු විය. ඔහු අපව අවන්හලකට කැන්දාගෙන ගියේය.
ජානක ඉමහත් පීඩනයකින් පසුගිය වසර ගානම ගෙවූ බවත් දිනක දුලක්ෂි විසින් ෆෝන් එකේ බැටරි බැසීම නිසා කෝල් එකට උත්තර නොදුන් බව කියා ඔහුට පිරිස ඉදිරියේ කු..ණු..හරප කියමින් පහර දී තිබුණි. එදා හවස මගේ පුතු මිතුරා හමු වී ඇත. දික්කසාදයකට යන මෙන් මිතුරා ඉල්ලා තිබුණි.
“ වැඩක් නැහැ මචන් . අපේ අම්ම කැමැති වෙන්නේ නැහැ. සදහටම අම්මව නැහැ කියල හිතා ගනින් කියල මට කීව එක පාරක්. කසාදෙන් අයින් වුනොත් මට හැමදාටම අම්මව නැති වෙනවා “ පුතා උත්තර දී ඇත.
ඉන් පසු ගෙදර පැමිණෙන අතර ව..ල් නාශකයක් මිලට ගෙන මගේ පුතු පැමිණ ඇත. ඔවු මම එසේ කියා මගේ පුතා බය කලෙමි . එසේ කර ඔහුව නැවත අර ගිනි ගෙය කරා පිටමන් කළෙමි. මන්ද මගේ දරුවාගේ සතුට හෝ වේදනාවට වඩා මට වැදගත් වූයේ සමාජයේ මිනිස්සු ඉස්සරහ සර්ව සම්පූර්ණ ලෙස ගොඩ නැගු මගේ ප්රතිරූපයයි. එය රක ගැනීම දරුවාගේ ජීවිතය ගලවා ගැනීමට වඩා වැදගත් විය. එය සාධාරණ කිරීමට මම මුණුබුරන් දෙදෙනාගේ අනාගතය පාවිච්චි කළෙමි.
එබැවින් අහිංසකයා මගේ ආදරය සදහටම රඳවා ගැනීමට සි..ය දි..වියෙන් සමු ගැනීමට තීරණය කර තිබුණි. ඔහු මට ආදරේ කළ තරම මම කවදාවත් ඔහුට ආදරය නොකළ බව මට වැටහුණි. මවක් ලෙස ඉවසන්න කියා ඒ විවාහය දෙසටම තල්ලු කළ මම ඒ මරණයේ කොටස් කාරියක් නොවේද? මම කල්පනා කලෙමි.
පුතුගේ ගෙවල් දොරවල් සහ ඔහුගේ තැම්පතු , ETF සියල්ලම අයිති වූයේ දුලක්ෂි දුවටය. එතෙක් කලක් පුතා පිටුපසින් දඩයම් බැ..ල්..ලක මෙන් යමින් සිටි ඇය මා සිතුවේ කවදාවත් විවාහ නොවේවි කියාය. නැත .. “ඔය වගේ බ..ය ගුල්ලෙක් මැරුණු එකමයි හොඳ” යයි ඈ තැන් දෙක තුනකම කියා ඇති බව මට ආරංචි විය. ඉන් පසු ඇය මාස දෙකක් යන්නට මත්තෙන්ම අලුත් පුද්ගලයෙක් හා ගමන් බිමන් කිරීම ආරම්භ කළාය. බාගදා මගේ දරුවා එපා කර පිටමන් කිරීමට ඈ ඒ ලෙසින් හැසිරුනාද මම නොදනිමි.
මට කියන්නට අවශ්යය එකම දෙයකි. දෙමාපියනි ඔබේ දරුවා දික්කසාද කෙනෙක් ලෙස ගෙදර ඒම පෙ.ට්ටියකින් ගෙදර ඒමට වඩා ලක්ෂ වාරයක් හොඳය. එබැවින් ඔවුන් වෙන් වන්නට තීරණය කරනවා නම් මා කළ ආකාරයට බ්ලැ..ක්මේල් කිරීමෙන් නතර කර නොගන්න යයි ඉල්ලමි. මේ වේදනාව මා මිය යන තුරුම මගේ හදවතේ පවතී. අවසානයේ ඉවසීමෙන් සිදු වුනේ එකම දෙයකි . එනම් මගේ පුතු මට අහිමි වීමයි.
රෙශිකා දිසානායක ගොඩකන්ද මහත්මිය විසින් goodhousekeeping .lk වෙබ් අඩවියට ලියු කතාවකි




A day in the life

Sunday, July 14, 2024

ඒත් මේ අවසාන ලිපිය















 ඒත් මේ අවසාන ලිපිය

ඉතින් මා ප්‍රියය මේ අවසාන ලිපිය
මල් පිපුණු උයන් වතු කෙළවරේ
නින්නාද වු වචන පෙලහරේ
සැබෑ වේ යැයි සිතූ ප්‍රේමයේ
රාත්‍රිය
ලයම උණුහුම් කරපු රාත්‍රිය
දෙතොල් පෙති තෙරපාපු රාත්‍රිය
නිසොල්මන් වී ඒත් සුසුම්ලයි
වෙව්ලනා ඇඟිලිතුඩු
වචන අහුලනු දැනෙයි
කිසිත් නැති රික්තයක
බිඳුණු හද රිදුම් දී ඔහේ පාවෙනු දැනෙයි
අගුළු බිඳි දොර පලුව
සුළඟ හා ගැටී වැලපුම් ගෙනෙයි
දැන් ඉතින් මැදියමද ගෙවී ගොස්
අස්වසාලනු නොහැකි හැඟුම් විත්
ලිපියෙ අවසානයට
රත්තරං නුඹ මගේ යැයි ලියයි
ඉස්තරම් ලෙස බැඳුම් ගැට දමයි
ඒත් මේ අවසාන ලිපිය
----සෝමලතා හේරත් මැණිකේ







A day in the life

Saturday, July 13, 2024

පොඩ්ඩිගේ කථාව --දොලොස්වන වියමන.













 

 

පොඩ්ඩිගේ කථාව --දොලොස්වන වියමන.

කාලය මේ විදියට ගෙවී යනවා....

දවසක හැන්දෑවේ සමීර මට කතා කලා...
කාලෙකින් කල මේ ඇමතුම ,
ඇමතුුම   ආගන්තූකයෙක් ගෙන් ලැබුන ඇමතුමක් වගේ වුනා.
මම අහගෙන ඉන්න තීරණයකලා. .............
මොකද කතා නැත්තේ ?
මම සමීර......
ඔව් මම දන්නවා. මගේ පිලිතුරු හඩ කාරුණික වූනෙන් නැහැ.
සමීර මේ මට කතා කරන්නේ අවුරුදු තුනකට ආසන්න කාලයකට පසුවයි. එතෙක් මා ඉන්නවාද නැද්ද කිය හොය බැළුවේ නෑ නේද ? කියලා මට හිතෙන්න ඇති.
මා කෙතෙක් දුරකතන ඇමතුම් ගත්තත් ඔහු මුල් කාලය තුලම පෝනයට පැමිණියේ නැහැ.
මෙතරම් ගොරෝසු හිතක්..
ලිහිල් වෙලාද ?
මම කොහොම ප්‍රතිචාර දක්වන්නද කියලා මට හිතාගන්න බැරිව ඉන්න කොට..
කතා කරන එක කරදරක් ද? ......අහනවා.
නෑ ......මොකද අද ?. මම පුංචි ප්‍රවේශයක් ලබා දුන්නා.
මම ඔයාව හමුවෙන්න ?......
තේරුමක් තියෙනවද ?. මම ප්‍රශ්නයක නතරවුනා.
මම හිතන්නම් .........මම පෝනය විසන්ධි කලා..…
නිසසල පොකුණකට බර ගලක් අතැරියා වගේ......හදා ගෙන සැහැල්ළු කරගෙන තිබු සිත ආයෙත් අවුල්වුනා.
මම මනස හසුරුවා ගෙන මේ තත්වයට පත්වෙන්න කොයිතරම් වෑයමක් ගත්තද ? මම මගේ ජීවිතයෙන් ලබා ගත් දේවල් තුලින් කළකිරීමටත් අතෘප්තියටත් වේදනාවටත් පත්ව විදවමින් සිටි කාලය මට සිහිවනා .කාලයා විසින් ජීවිතය සන්සුන් කර ගලපා යලිත් මුල සිටම ජීවත්වීමේ උවමනාව ඇති කර ගන්නට කොයිතරම් පීඩාවක් වින්දේද ?.
මම ආපසු ඒ් අතීතය පිලිසකර කර ගැනීමට නම් උත්සාහ නොගනිමි යයි තරයේ සිතට ගත්තා.
නැවත කතා කලොත්....ඔහූු නීතිමය බැදීම් වලින්ද නිදහස් කර ගැනීමට සහය වන බව පමනක් පැවසීමට මම හිත ගිවිසා ගත්තෙමි.
අම්මාට මේ ප්‍රවෘත්තිය කී විට ඈ නිහඩ ප්‍රතිචාරයක් දැක්වූවාය. ඇය මගේ කැමැත්තට ඉඩ දී තිබුනා විය හැක.
උඹ පූංචි බබෙක් නෙමෙයි නේ ? කීවා මිස ඒතනින් ඇතට ඈ කතා බහ දික් කලේ නැත.
ඔව් . මම පුංචි බබෙක් නෙමෙයි නේ මමත් සිතුවෙමි.සියළු වද වේදනා වලට මෙන්ම සතුටට විමුක්තියට මුල් වන්නේ සිතය. සිතට බදා ගත හැක. බෙදා ගත හැක. අත් හලද හැක.
පහන්වු සිතක් ඇතිවිටක කරන කියන දේ ප්‍රතිපල සෙවනැල්ලක් සේ පසුපස ඒන්නේය.නොපහන් සිතකින් දවස ගෙවන විටක කොයිතරම් පීඩාවක් විදින්නට සිදූවේදැයි මම පසූගිය කාලයේ අත්වින්දෙමි. යලිත් ඒ් නොපහන් පරිසරයට යාමට මගේ සිත කැමති නැත.
මා කියවු පොතක මහත්මා ගාන්ධි මෙසේ කිවු බව සටහන්ව තිබිනි. “මිනිසා වූ කලී ඔහූගේ සිතිවිලි වල ප්‍රතිපලයකි. ඔහු සිතන්නේ කවරකු වන්නටද ?ඔහු ඒ් තැනැත්තා බවට පත්වේ. මෙවා සිහිපත් වන්නේ ව්‍යාසනයට පත්ව දැවෙන සිත් ඇතිවිට වීම අප ලබා ඇති අභාග්‍යයක් යයි මට සිතුනි. මම ආදරය කලෙමි.ආදරය අත්පත් කර ගැනීමට විවාහ වුනෙමි. විවාහය ගිනි ගෙයක් වු විට සියල්ල දවා හළු කර දමමින් හකුලා ගනිමින් මවගේ ආරක‍්ෂාව පතා පසු බැස්සෙමි. මේ සියල්ලම සිදුවුයේ සිතිවිලි නිසා වෙනි.
“ පොඩ්ඩියේ කෑම කමු “ අම්මාගේ ආදරණීය ආමන්ත්‍රණය මගේ කල්පනා ලෝකය බිද දමන ලද්දෙන් දෙවරක් කතා කරන්නට පෙර “එනවා අම්මේ “කියමින් අම්මා සොයන්න විමි.

A day in the life

Friday, July 12, 2024

සර් දෙන්නම නිවුන් දරුවෝ















 

වියපත් වු දෙදෙනෙක් බීම හලක එක මේසෙක වාඩි වෙලා , බැස යන හිරු සමරනවා .දැන් ටිකින් ටික අදුරත් ගලනවා.
ගලන අදුරත් එක්ක දෙන්නගේ කහ ‍ඉරේ සීමාව ඉක්මවෙලා රතු ඉරට එමින් තියෙනවා.
දැන් මේසෙට වාඩි වුන දෙන්නා නෙමෙයි ඉන්නේ.
එක්කෙනෙක් අනිත් කෙනාට ඇගිල්ල දික්කරලා.............ඔයා මම අදුරනවා වගෙයි. !. හ්ම් .......කොහේ ඉදන්ද ආවේ ?.
අහනවා . මේක බලා ඉන්න අයට පුංච් කතුහලයක්.
හ්ම්......මම අයර්ලන්තයේ !!
ප්‍රශ්නේ යොමු කරපු කෙනා.
වෙන්න බැහැ . ඔබ අයර්ලන්තයේ වෙන්න බැහැ. ........ලෝකේ මෙච්චර පුංචි වෙන්න පුළුවන් ද ?
අවිශ්වාශය පලකරනවා
අයර්ලන්තයේ නම් මොන නගරයේ ද ? සෑහීමකට පත් නොවුන ඔහුු නැවත අහනවා
ඕ .........මම ඩබ්ලින් වල.
දෙවැන්නාට හරි පුදුුමයි.
කෙහොමවත් ඩබ්ලින් වෙන්න බැහැ. මේක මේ තරම් පුංචි ලෝකයක්ද ?
පලමුවැන්නා දෙවැන්නාගෙන් මෙහෙම අහනවා.
ඔබගේ පාසල ?
මම ශාන්ත මරියා විද්‍යාලයේ 55 කන්ඩායමේ. එතකොට ඔබ ?
මමත් ඒ පාසලේ 55 කණ්‍ඩයමේ නේ !!.
මේක වෙන්න පුළුවන් ද ? දෙන්නාටම පුදුමයි. අම්මපා ලෝකය මේච්චර පුංචි වෙලාද ?
මාරයිනේ ........දෙන්නම පුුදුමයෙන් කෑ ගහනවා.
එහා මේසේ ඉදන් මේ කතාවට ඇහුම් දි දී හිටපු මට කුතුහලයක් වුනා මේ කතාව .
මම බාර්මන් ගාවට කිට්ටු කරලා ඇහුවා ......ජෝ මහත්තයා මොකක්ද මේ දෙන්නගේ සාකච්ඡාව කියලා ?
බාරමන් කියනවා රතු ඉරට ආවම හැමදාම ඔය දෙන්න ඔය වගෙමයි. වාද වෙන්නේ ඔය මාතෘකාවෙමයි.කියලා හිනා වෙලා කියනවා
සර් දෙන්නම නිවුන් දරුවෝ ...............


A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon