Sunday, June 23, 2024

පොසොන් පෝයයි දන්සැලයි.








 

පොසොන් පෝය ට අනුරාධපුරය කේන්ද්‍රකරගෙන වන්දනා මාන කරන්න බැතිමතුන් බොහෝම දෙනෙක් යනවා. මිහින්තලේ වන්දනාමාන කිරීමත් එම ගමනේ තවත් ජනප්‍රිය වන්දනාන්තයක්.බැතිමතුන් උදෙසා අනුරාධපුරයත් , අනුරාධපුරයට යොමුවන මාර්ගවලත් දන්සැල් පැවත්වීම කලක ජනප්‍රිය පුන්‍ය කටයුත්තක්.

දැන් දැන් එය රට පුරා ව්‍යාප්ත වෙලා.

නගර ගම් නියම් ගම් වල දන්සැල්.
බත්,රොටී,නුඩ්ලස් ,මඤ්ඤොක්කා වැනි මුලික ආහාරත් සිසිල් පැන් උණු පැන් සුප් ආදි විවිධ ආහාර පාන දැන්සැල් හැම තැනම.
සම්ප්‍රදායිකව වන්දනාවේ යන උදවියට දුන්න දන්සැල් පරිභොජනයට වර්තමානයේ එක් වෙන්නේ අසල්වාසී ජනතාව. ඔවුන්ට දන්සැලෙන් ආහාර ගැනීම විනෝදයට කාරනාවක්.
දන්සැල් දෙන්න පුළුවන් අයත් එන්නේ දන්සැලෙන් ආහාර ගන්න.
මේ වැඩේ හොද පැත්තකුත් තියෙනවා.මෙම කටයුත්ත සාමුහික ප්‍රයත්නයක්. සමගියෙන් සාමදානයෙන් සහයෝගිත්වයෙන් මෙයට දායක වන පිරිස දිහා බලපුවම සතුටු හිතෙනවා.
පිල් බෙදිලා වාද විවාද කරගන්න අය එක වැඩ බිමක.
දවස පු රාම විනෝද ගමනක යෙදෙමින් නොමිලේ ආහාර පානත් ලැබෙන මේ දන්සැල් ව්‍යපෘතිය එවන්නන්ට මිළ කල නොහැකි ලාභයක්.
මේ වැඩෙත් හරියට සමෘද්ධිය , අස්වැසුම , වගේ සමාජ සහණාදාර ගන්නවා වගේ වැඩක්. සුදුස්සොත් ගන්නවා . නුසුදුස්සොත් ගන්නවා.
මේ සල්ලි එකතු කරලා නැති බැරි කෙනෙකුට ගෙයක් හදා ගන්න , නැතිනම් වෙනත් පවතින දෙයක් කරලා දුන්නොත් නරකද කියලා කෙනෙක් අහහන්න පුළුවන්.
දන්සැලක් පැවත්වීමෙන් ලැබෙන විනෝදය සතුට වගේ ආනිසංස ඒ් වගේ දේකින් ලැබෙන්නේ නෑ කියලා කෙනෙක් කියන්න පුළුවන්.
එ්කත් ඇත්ත.
දන්සැල් , තොරණ , භක්ති ගීත සංදර්ශණ , වන්දනාවේ යන ජනතාව දිහා දේශපාලකයෝ නම් බලන්නේ තවත් විදියකට.
ජනාධිපතිතුමාට අනුව නම් රට බංකොලොත් භාාවයෙන් මිදිලා ජනතාවගේ අතේ මිටේ මුදල් ගැවසෙනවා වැඩි වෙලා.
ඒකයි මෙච්චර සෙනග නිදහසේ වීදී බැහැලා තියෙන්නේ. ජනතාවගේ එකමුතුවෙන් දාන ශාලා ඇතිවෙලා තියෙන්නේ !!!.
විපක්ෂයට මේවා පේන්නේ නැහැ. හැල්මේ දුවන්නේ......ඊලග නායකයා වෙන්න.
අපි පෝය ගනන් කර කර ඉමු . සුඛිත මුදිත වෙන්න.



A day in the life

Saturday, June 22, 2024

පොසොන් පෝය.








 

ශ‍්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප‍්‍රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදු වූ අතර, ඒ තැන් සිට නිර්මල බුදු දහම මේ දිවයිනේ ස්ථාපිත වූ අතර නව බෞද්ධ ප‍්‍රබෝධයක් මෙන්ම සමාජ විපර්යාසයක් සහ අධ්‍යාත්මික විප්ලවයක් ද සිදු විණ.
ලොව අනෙකුත් සංස්කෘතීන්, ජාතීන් අතර සිංහල ජාතිය ශ්‍රේෂ්ඨ ජාතියක්, ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් බවට පත්වීමට මගපෑදූ ඒ උතුම් වූ බුදුදහම මෙරටට ලැබුණේ පොසොන් පොහෝ දිනකය.
අද වැනි දිනකදී මුව දඩයමේ යෙදී සිටි දේවානම්පියතිස්ස රජුට මිහින්තලා ගල් පර්වතය මුදුනේ සිට ‘තිස්ස’ කියා ආමන්ත‍්‍රණය කළ මිහිඳු මහ රහතන් වහන්සේ බුදු දහම ප‍්‍රචාරය කිරීමේ මහඟු කාර්යය ආරම්භ කළේය.
මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කරන ලද්දේ ද චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රය දේවානම්පියතිස්ස රජුට දේශනා කරන ලද්දේ ද මහාවංශය ඇතුළු ධර්ම ග‍්‍රන්ථ ලියැවීමට මුල පිරීම සිදු වූයේ ද පොසොන් පුන් පොහොය දිනයකදීය.
ලක්දිව බුදුසසුන පිහිටුවීම මෙන් ම බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප‍්‍රථම වරට සවනක් ඝන බුදුරැුස් විහිදීම, ලක්දිව ප‍්‍රථම මහණ උපසම්පදාව සිදුවීම ආදී සිදුවීම් ද මෙදින සිදු ඇති ඓතිහාසික සිදුවීම් වේ

A day in the life

මම ඉගන ගනිමින් සිටිමි.




 






 

අපිට මූහුණපාන්න සිදුවන හැම දේටම ප්‍රතිචාර දක්වන්න ගියොත්.. වෙන්නේ ලොකු අවුලක්.

මේ වගේ වෙලාවට තමයි කියන්නේ හරි ජංජාලයක් නේ කියලා.
කා එක්ක හරි වාදයකට පැටලෙනවා වෙනූවට ඕන දෙයක් කියාපුවම මගේ මොකද ? කියලා
අහගෙන ඉන්න එක සැනසිලි දායකයි නේද ?
මේ දවස්වල විද්‍යුත් මාධ්‍යවල සමාජ ජාලා තුල විවිධ දේශපාලන අදහස් පලවෙනවා. එක් එක් දේශපාලන පක්ෂවල කථිකයො , දේශකයෝ නායකයෝ අනෙක් අය විවේචනය කරනවා.
ඒ විවෙචන තුලින් තමයි අපට එක එක්කෙනාගේ කෙරුවාව තේරුම් ගන්න පුළුවන්.එහෙම නැතිව තම තමන්ගේ කථා වලින් තමන් පැහැදිලි කිරීම  නම් බොහෝම අඩුයි.
සමාජ මාධ්‍ය නේ දැන් ප්‍රචාරණයේ පෙරමුන අරන් තියෙන්නේ .
සමාජ මාධ්‍ය මේ කටයුත්තට හරි විදියට යොදා ගන්නවද කියන එක ගැටළුවක්.
අපි අතර ජනප්‍රිය පේස් බුක් නේ.
මගේ මිත්‍රයෙක් ඉන්නවා . එයා දවසකට පෝස්ට් පහක් හයක් මුදා හරිනවා. සියල්ල දෙශපාලනිකයි. ඒවා පැහැදිලි කිරීම් නෙමෙයි.
ප්‍රාහාර !!.
ඔහුට අනුව විකල්ප දේශපාලන අදහස් දරන සියළු දෙනා ගොන්නු මී හරක්.......මෝඩයෝ වහල්ළු වගේ තව තවත් මඩ ප්‍රාහාර.
දවසක් දෙකක් මෙහෙම කියන එක වැරදියි අශෝභනයි . ඔයා කියන දේ පැහැදිලි කරන්න. ඒවා තේර්ම් ගන්න අය ඔයාලට එකග වෙන්නත් පුළුවන් නේ කීවත් , එයා කියන්නේ මේ මෝඩයින්ට කියලා දෙන්න බැහැ කියලා.
එයාල හැර එයාලට පක්ෂ නොවන සියල්ලෝ අනුවන අය
පරිභව කිරීමෙන් මිනිසුන්ගේ හිත් නම්මා ගන්න පුළුවන් ද ?.
මට නම් හිතෙන්නේ තව තවත් වෛර බැද ගන්නවා මිසක් වෙනස් වීමක් නම් වෙන්නේ නෑ කියලා.
මම බොහෝ විට මගේ හිතට කරදර කරන මේ වගේ දේවල් වලට ප්‍රතිචාර දක්වන්න යන්නේ නැහැ.
මට රිදවන අයට රිදවන්න ඕන නැහැ කියලා මගෙ හිත පුුරුදු කර ගන්න මම ඉගන ගත්තා.
දැන් හරි පහසුයි.
අකමැත්තෙන් වුනත් පාලනය කර ගන්න බැරි චරිත මෙටාවෙන් ඉවත් කර ගත්තා.
ඉවත්ව යාමත් පරිනත භාවයක් කියලා හදුන්වන්න පුළුවන්.
අපට සිදුවන සෑම නරක දෙයකටම ප්‍රතික්‍රියා කිරීමට යන ආවේග අපගෙන් සිඳී ගියාම ජීවිතයේ අයහපත් දේ දැකීමෙන් අපව වළක්වන බවට අපට තේරුම් යනවා.
මම හැමෝගෙම තේ කෝප්පයක් වෙන්නේ නැහැ.
මට සැලකීමට අවශ්‍ය ආකාරයට සැමදෙනාම මට සැලකීමට නොහැකි වන බව මම සෙමෙන් ඉගෙන ගනිමින් සිටිමි.
එයට කමක් නැහැ කියලා මම හිතනවා.
මම සෙමින් ඉගෙන ගනිමින් සිටින්නේ ප්‍රතික්‍රියා නොකිරීමටයි.
මම මගේ 'මනසේ සාමය' තෝරා ගන්නේ එය මට 'සැබවින්ම' අවශ්‍ය බැවින්.
හොඳ නැති බව මට හැඟෙන අය මට අවශ්‍ය නැහැ. රණ්ඩුකරන, අවලාද නගන , අපහාස කරන සහ ව්‍යාජ සම්බන්ධතා මට අවශ්‍ය නැත.
තර්ක විතර්ක කරමින් අදහස් පැහැදිි කරන අයට මම කැමතියි.
සමහර වෙලාවට කිසිම දෙයක් නොකියන අයටත් අවශ්‍ය විට පමනක් හැම දෙයක්ම කියන අයටත් කැමති වෙන්න මම ටිකෙන් ටික ඉගෙන ගන්නවා .'
ඔබව කලබලයට පත් කරන දේවල් වලට ප්‍රතිචාර දැක්වීමටත් මම සෙමින් ඉගෙන ගනිමි.
ඔබට අන් අය කරන දේ පාලනය කළ නොහැකි නමුත් ඔබ ප්‍රතිචාර දක්වන ආකාරය, ඔබ එය හසුරුවන ආකාරය, ඔබ එය දකින ආකාරය සහ ඔබට පෞද්ගලිකව ගැනීමට අවශ්‍ය කොපමණ ප්‍රමානයක් ද යන්න ඔබට පාලනය කල හැකියි.
මම ප්‍රතික්‍රියා කළත්, එයින් කිසිවක් වෙනස් නොකෙරෙන බවත්, මිනිසුන් මට ආදරය හා ගෞරවය ඇති නොකරන බවත්, ඔවුන් තම මනස වෙනස් නොකරන බවත් මම ඉගෙන ගනිමි.
සමහර දේවල් වීමට ඉඩ දීම වඩා හොඳයි කියලා මම හිතනවා,
ලැබෙන පිළිතුරු පසුපස හඹා නොයන්න .
තේරුම් ගනී යැයි
අපේක්ෂා නොකරන්න'.

A day in the life

තණ්ඩලේ .









 

දුම්රිය සේවය ආරම්භ ​වෙන තුරු ලංකාවේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය වූයේ කරත්තයයි. අනුරාධපුර කාලයේ සිටම ගැල් භාවිතා විය. ගැල් යාම අසීරු ඉතා පටු දුෂ්කර මාර්ගවල භාණ්ඩ ප්‍රවාහනය කළේ තවලම් මගිනි. අදත් දුෂ්කර ගම්මානවල තවම මේ තවලම් දැකිය හැක. තවලම් නිසා ඇති වූ ස්ථාන නාම ද ග්‍රාම නාම ද වෙයි. තනි ගොනා බැඳි කරත්තය. ‘බර බාගේ’ නම් විය. ගොන් දෙන්නා බැඳි කරත්තය. ‘බර කරත්තය’ නම් විය. සමහර විට ගවයන් වෙහෙසට පත්වෙන විට මාරු කිරීම සඳහා අතිරේක ගවයකු ගැල පිටුපස බැඳගෙන යාම අද ද සිදුවෙයි.
ඉංග්‍රීසි යුගයේ කෝපි වගාව සමඟ උඩරට සිට කොළඹට කෝපි ප්‍රවාහනය කළේ ගැල් මගිනි. අද ලොරි රථ හිමියකුට ඇති කීර්තිය එද‌ා ගැල් සමූහයක හිමිකරුට විය. ගැල් සමූහයක් රාත්‍රී නවාතැන් ගත්තේ ‘ගාල්’ වලය. ඒ සඳහා සුළු මුදලක් ගෙවිය යුතු විය. ගාලට භාරකරුවකු විය.
ගැල් ප්‍රවාහනයේදී ‘තණ්ඩලේ’ එහිදී යෙදෙන එක් වදනකි. ගැල් කවි වලද ‘තණ්ඩලේ දෙන්නා දෙපොළේ දක්කනවා’ යනුවෙන් එයි. මෙහි අර්ථය කුමක් ද? බර කරත්තයේ බර අධිකවීම කඳුකර පාරවල ගවයන් දෙදෙනාට ගැල ඇදීම අසීරු වෙයි. එවිට ගැලට ඉදිරියෙන් තවත් ලීයක් බැඳ අතිරේක ගවයන් දෙදෙනෙකු යෙදීම සිදුවිය. එවිට දෙදෙනා බැගින් ගවයන් හතර දෙනෙක් ගැල ඇදීම කළ අතර ගැල ඉදිරියේ ගැල්කරුවන් දෙදෙනෙකු ඉඳගෙන හරකුන් දැක්කීම සිදුවිය. තණ්ඩලේ යනු එයයි. බදුල්ල මහියංගණ පාරේ යන දර කරත්තවල අදත් ගවයන් දෙදෙනාට අමතරව තවත් එක් ගවයකු ඉදිරියෙන් බැඳ දැක්කීම තාම සිදුවෙයි. මේ අනුව ගවයන් තිදෙනෙකු බැඳ අදත් භාවිත ​වෙන දර කරත්ත තණ්ඩලේ ලෙස සැලකිය හැක.
මෙයට අමතරව එකවර එක ළඟ ගමන් කරන ගැල් සමූහයක ඉදිරියෙන්ම යමින් ගැල් මෙහෙයවන පළපුරුදු නායකයා ද තණ්ඩලේ යන නමින් හැඳින්වෙයි.
වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ
එස්.කේ. ජයවර්ධන

උපුටා ගැනීම 'ලංකාදීප' වෙබ් අඩවියෙන්
******පාරු රැසක නායක පාරුකරුවා තන්ඩලේ නමින් හැදුන්වුවා. කළු ගග දිගේ ඇති තොටුපල වල එකල එගොඩ මොගොඩ යාමට පාරු සහ පාලම් පාරු තිබුන ස්ථාන තිබුනා. මේ තැන්වල සිටි පාරු පදින්නන් අතර තන්ඩලේ කෙනෙක් හිටියා. මට මතක එක් ස්ථානයක් තමයි රත්නපුර - පානදුර මාර්ගයේ පිහිටි දුම්බර. (ඉංගිරියට ආසන්න ) දුම්බර සහ එගොඩ පිහිටි වතුයාය සම්බන්ධ වෙලා තිබුනෙ කළු ගගේ තොටුපලකින්. මෙතන මගී පාරු කිහිපයක් සහ පාලම් පාරුවක් තිබුනා. එහි තන්ඩලේ කෙනෙක් හිටියා.



A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon