1948 -1960 වගේ කාලේ අපෙ ගමෙ තිබුනා රජයේ බෙහෙත් ශාලාවක්. ඒ කාලේ කාර්ය භාර වෛද්‍යවරයාට කිව්වේ ඇපෝතිකරි මහත්තයා කියලා . ආරච්චි මහත්තයා , විදානේ මහත්තයා , ස්කෝලේ මහත්තයා මැම්බර් මහත්තයා ,ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ හැරුනම ඇපෝතිකරි මහත්තයා ගමේ ප්‍රභු චරිතයක්.
අපි වගේ නාහෙට නාහන වයසේ එවුවන්ට නම් ඇපෝතිකරි මහත්තයා ඇරුනම සෙසු චරිත අප්‍රසනන්න චරිත.
ඇපෝතිකරි මහත්තයා කාටත් ගරු සරු ඇතිව දොස්තරමහත්තයා වුනා.
මම දන්න කාලේ ප්‍රනාන්දු මහත්තයා , සිල්වා මහත්තයා , රූපසිංහ වගේ මහත්වරුත් සමග යාපනයේ සම්බවය ඇති වේල් මුරුගු , මූර්ති වගේ සිංහල හරියට කතා කරන්න බැරි මහත්තුරුත් හිටියා.මේ වෛද්‍ය කාර්මණ්ඩලයට ඖෂධ සංයෝජක වරයෙක් සහ තවත් එක් කම්කරුවෙක් අයත්ව සිටියා.
ඒ කාලේ බෙහෙත් පෙති තිබුනේ නැහැ. බෙහෙත් දෙන ස්ථානයේ ලොකු රාක්ක වල ලොකු බෝතල් වල පුරාවපු එක එක පාට බෙහෙත් දියර වර්ග පේලියට තියලා තිබුනා. මේබොතලයක් දැන් කියන විදියටට නම් ලීටර් පහක් විතර අසුුරන්න පුළුවන්. මේ බෝතල් වලින් නියමිත මාත්‍රාව බැගින් අරගෙන කලවම් කරලා අපි ගෙනියන බෝතලවලට දාලා දෙන එක තමයි ඖෂධ සංයෝජක මහත්තයාගේ රාජකාරිය.
ඉතින් ......මේ ඖෂධ සංයෝජක මහත්තයා ඒ කාලේ හැදුන්වුනේ “ කංකානම් මහත්තයා “ කියලා.
මෙච්චර වැල් වටාරම් ගොඩක් කියලා කියන්න හදන්නේ අදාලම නැති කතාවක්.
මම කියුවනේ වේල්මුරුගු කියලා යාපනේ මහත්තෙක් ගැන. ඒ මහත්තයාගේ කාලේ වැඩ කරපු ජිනදාස කංකානම් මහත්තයා හරි විහිළු කාරයා. යාපනේ ඉදන් ආපු වේල් මුරුගු මහත්තයාට අපේ ගම සොබාව සෞන්දර්ය මවිතයකට කාරනයක් කදු වට කරලා හැම පැත්තෙන්ම දිය දහරවල්. සෞම්‍ය දේශගුණය.
රෝහල් ගොඩනැගිල්ල තිබුනේ තරමක් උස් බිමක ( දැන්නම් මෙතන සංචාරක නිවහනක් ).රෝහල් බිමේ ඉදන් බලපුවම අවට සෞන්දර්ය ලස්සනට පේනවා.
දවසක වෙල්මුුරුගු මහත්තයා ජිනදාස කංකානම් මහත්තයා ගෙන් අහනවා
“චිනතාස , අර බේන ගන්ද මොකාක්ද ?.“
කියලා
ජිනදාස කියනවා.
ඕක තමයි “ පෙත්ත --න කන්ද “
කියලා.
දැන් වේල්මුරුගු මහත්තයා කන්දේ නම ට භාවිතා කරන්නේ ජිනදාස කියලා දුන්න නම.
කාලයක් ගිහිල්ලා කන්ද නගින්න ආශාවක් ඇතිවෙලා කිහිපදෙනෙක් එක්ක කතා කරන කොට තමයි ජිනදාස දුන්න ලනුව තේරුනේ.....
කන්දේ නම “ හාගල “ කියලා.
.