මගේ බුදු හිමි පිරිනිවන් වැඩි සේක !!
චුන්ද කර්ම පුත්‍රයා ගේ අඹ උයනට
උඩින් ,පිරෙන්නට ආසන්න වෙසක්
සඳ අහස් වියනේ බැබළෙන්නට විය .
හිමවත දෙසින් හමා ආ සීතල සුළං රැල
තුරුපත් සොලවා හමා ගියේය .අඳුරු
වළා පටලයක් සඳ වසා පැතිරිණි .
උයන් පෙත සිසාරා පලින් පල විලක්කු
හා තෙල් පහන් දැල්විණි .
උයන මැද සකසා තිබූ කුටි වල තථාගතයන්
වහන්සේ ඇතුළු සඟ පිරිවර වැඩ සිටියහ.
උදෑසන හීල දානය චුන්ද කර්මාරගේ
නිවසෙනි.තථාගතයන් වහන්සේ වෙනුවෙන්ම
පිළියෙළ වූ “ සූකර මද්දව” නම් වූ විශේෂ
බිම්මල් සහිත බත ,උන්වහන්සේට පිළිගැන්වූ යේ
චුන්ද ගේ දෝතිනි.
ඌරන් ලගින තැන්වල ,උන්ගේ අපද්‍රව්‍ය හා
මඩ කලවම් වූ පසෙහි හටගන්නා මේ හතු
විශේෂය දුරු වර්ග හා මිශ්‍ර කොට ,අරුණු වන්
මැටි බඳුනක යොදා ,පැඟිරි දර යොදා පිස
ගන්නා බව කියැවේ .
එම ආහාරය සෙසු භික්ෂූන්ට නො පිළිගන්වන
ලෙස බුදුහු ,චුන්දට උපදෙස් දුන්නේ ඒවාට
දෙවියන් විසින් දිව්‍යමය ඔසු වර්ග යොදා
ඇති බැවින් ,බුදු කෙනෙකුට හැර මෙය අන්
අයෙකු ට වැළඳීම නුසුදුසු බැවිනි. මෙම දානය
සුජාතාවගේ දානය හා සමාන මහත් ඵල
හිමිවන්නක් බැව් තථාගතයන් වදාළ සේක.
කුසිනාරාවට වඩින අතරතුර තථාගතයන්
වහන්සේට යටපත් කළ උදරාබාධය යළි කීපවරක්
වැළඳුනි .උන්වහන්සේට විරේචනය ඇතිවිය.
සිරිපතුල් රිදෙන්නට විය .ක්ලාන්තය සෑදුණි .
සඟල සිවුර හතරට නවා ,ආනන්ද හිමියන්
විශාල ලෙස අතු විහිදී ගිය ගසක් මුල ,බුදුරදුන්ට
අසුනක් පැනවීය.
“ ආනන්ද ..අද මැදියම් රැයේ තථාගතයන්
පිරිනිවන් පානවා ....ආනන්ද , පඨවි ,ආපෝ
තේජෝ ,වායෝ යන සතර මහා ධාතුන් ගෙන්
සැදුණු මේ සිරුර අනිත්‍යයි...තව දුරටත් මගේ
රෝගය යටපත් කරන්නට මා උත්සාහ කරන්නේ
නැහැ....”
ආනන්ද හිමියන්ට මහත් සංවේගයක් ඇතිවිය .
එදා කල්පයක් වැඩ සිටින්නට ආරාධනා නොකළේ
මාරයා ගේ බලපෑමෙන් දැයි ,උන්වහන්සේ කඳුළු
පිරි දෙනෙතින් කල්පනා කළහ.
මඳ විවේකයකින් පසු බුදුන් වහන්සේ ඇතුළු පිරිස
කකුත්ථා නදිය දක්වා වැඩම කළහ.
නදියෙන් එතෙරවීමට පැමිණි ගැල් රාශියක් ,නදිය
හරහා ,උතුරු දෙසට ගමන් කළෙන් ජලය බොර පැහැ
විය.
“ආනන්දය ,මට පිපාසයි ...වතුර ටිකක් දෙන්න.”
“ස්වාමීනි ,ගැල් සිය ගණනක් ගඟ හරහා ගිය බැවින්
ජලය අපිරිසිදු වී ඇත. පෑදෙන තෙක් මඳක් ඉවසන්න .”
“ ආනන්දය ..මට පිපාසයි .දැන් එහි යන්න.”
“ස්වාමීනි ...”
“යන්න ,ආනන්ද ..”
නදිය වෙත ගොස් පාත්‍රය දියේ ඔබත්ම .නිල් පැහැයෙන්
බබළන ජලයෙන් බඳුන පිරී ගියේය . අප්‍රමාණ සතුටෙන්
බඳුන පුරවා ගත්තේ “ මගේ බුදු හිමියන් සුවපත් වේවා”
යන සිතුවිල්ලෙනි.
පැන් පානයෙන් පසුව ,උන්වහන්සේ මඳ වේලාවක්
විවේක ගන්න විට ,සෙසු භික්ෂූහු ගස් සෙවණේ
භාවනායෝගීව හෝ විවේකීව වැඩ සිටියහ.
සවස් යාමයේ කුසිනාරා නුවර ,මල්ල රජදරුවන් ගේ
උපවර්තන සල් උයනට පිරිස වැඩම කළහ.
වෙසක් මාසය නිසා ,උයන සල් මලින් බරවී තිබිණ .
මල් සුවඳ හාත්පස විසිරුණි .
විශාල සල් ගස් දෙකක් අතර ශෛලමය ආසනයක්
විය.තථාගතයන් වහන්සේ එහි වැඩියහ.
“ආනන්ද ,මට ක්ලාන්තය දැනේ .මෙතැන මට
සැතපීමට සකසන්න.”
“එහෙමයි ස්වාමීනි .”
පිළියෙළ කළ සයනයේ සැතපුණු තථාගතයන් වහන්සේ
ගේ රන්වන් සිරුර ශෝභාමත්ව බැබළෙන බව භික්ෂූන් ට
පෙනිණි .වම් සිරිපතුළ මඳක් පසුපසට වෙන්නට තබා ,අවර
දිගට මුහුණලා ..උතුරට සිරස යොමා වැඩ සිටි මගේ බුදු
පියාණන්ගේ ආශ්චර්යමත් රූප කායට මඳ සුළඟ පවන්
සැලීය.මල් සිය දහසක් අහසේ සිට බුදු සිවුරේ ස්පර්ශ වී
බිම පතිතවිය . පුවත සැළවූ රජදරුවන් ඇතුළු විශාල පිරිසක්
සුසුම් හෙළමින් ..හඬමින් මඳක් පසුපසට වී වටා රැස් වූහ .
මඳ අඳුර ගලා එන්නට විය.වළා තුළින් ගිගුම් හඬ වරින් වර
ඇසුණි . ආනන්ද හිමියන් පසෙකට වී කඳුළු නතර කර
ගැනීමට අපොහොසත්ව ඉකි බිඳිනු ඇසිණි .
තථාගතයන් වහන්සේ අනඳ හිමි කැඳවා ,අවවාද දී සැනසූ සේක.
සුදු වතින් සැරසුණු සුභද්‍ර නම් පිරිවැජියෙක් ,සෙනග
පීරා ගෙන බුදුන් හමුවට පැමිණෙන්නට උත්සාහ දැරුහ .
තථාගතයන් වහන්සේ ඔහුට පැමිණීමට අවසර දුන්
බැවින් වැඳ එකත් පසෙක සිට ,ධර්මය අසා පැහැදිළි
කරගති.
වෙසක් පුරා හඳ අහසේ ඉහළටම නැංගේය .පහන් සිළු
ආලෝකයෙන් සල් උයන දිවා කල මෙන් ආලෝකමත් විය.
තථාගතයන් වහන් සේ ලෝකයාට අවසන් වරටද
සිංහනාද කරමින් :
“වය ධම්මා සංඛාරා
අප්පමාදෙන සම්පාදේථ ..”යන පරම සත්‍යය දෙසූ සේක.
පුරා සතළිස් වසරකට වැඩිකළක් ,ලෝකයා ගේ හිත සුව පිණිස
දහම් දෙසූ ,ඒ ශාන්ත මුව මඬල නිහඬවිය.
සල්මල් සුවඳ තදින්ම හමා ආවේය.
ගස් වැල් නිසොල්මන් විය.
පුරහඳ වළා පටයක සැඟවිණි .
තථාගතයන්වහන්සේ පිළිවෙලින් ආරෝහණ හා
අවරෝහණ ලෙස ධ්‍යානයන්ට සමවැදී ...
සතරවැනි ධ්‍යානයට අවසාන වශයෙන් සමවැදුණු සේක.
මහ පොළොව කම්පාවී ගුගුලේය.
දෙවියන් මල් වරුසා වැස්ස වීය.
අනඳ හිමියන් සිවුරු පොට මුව මත තබා නිහඬව කඳුළු
සැලීය.
තථාගත සම්මා සම්බුදු ම’ හිමි සඳ පිරිනිවනට වැඩිසේක.