Friday, May 10, 2024

පොඩ්ඩිගේ කථාව - හයවෙනි දිග හැරුම








දැන් දැන් ජීවිතය  දවසට හුරු වෙමින් ගලා යාමට පටන් ගෙන තිබේ .

අප නිවස ඇති පෙදෙස අඛන්ඩ ජාල පහසුකම් තිබුන බැවින් මට මාර්ග ගතව රැකියාව සුරක්ෂිතව පවත්වා ගැණිමට බාදා නොකලේය.මා නිසා අම්මාගේ දිනචරියාව වෙනස් වූයේද නැත.

අප්පච්චි සිටිය දී   අම්මා නිවසේ සැහැල්ළුවෙන් කාලය ගත කලාය.අප්පච්චි වියෝවීමෙන් පසු   වතුපිටිවලත්  කුඹුරු වලත්  කල කටයුතූ කාර්ය භාරය එලෙසම පවත්වා ගෙන යාමට ඈ පූරුදුව සිටියාය. අප විවාහයෙන්සි   පසු  කිවිටෙකත් ඈ  මට ආපසු නිවසට එන්නැයි කීවේ නැත. මගේ නිදහසත් කවදා හෝ අප කුඩුම්බය ආපසු ඒ වියැයි බලාාපොරොත්තුවක් ඇගේ යටි හිත තුල තිබුුනා විය හැක.

සමීර ගැන පහන් අදහසක්  එකල තිබුන බැවින් අප කුඩුම්බය පිළිබදව ලොකු විශ්වාසයක් ඈට තිබෙන්න ඇත.

ආත්තම්මා කෙනෙනකුව  මුණු පුරුමිණිපිරියන් ගේ සිහින රාජ්යයක රැජිනක වන්නට ඈ සිහින මැව්වාය. සමීරත් මමත් අතර නොපෑහෙන තැන් ඇතිවු විටවත් මම කිසිදා අම්මා සමග සාකච්චා කිරිමට පෙළඹුනේ නැත.

මම ම කර ගත් දේවල් මම ම විසදා ගත යුතුවිය.

සමිර සමග සාමයෙන් සමාදානයෙන් ආදරයෙන් සිටි කාලය ජීවිතයේ සුපසන් කාලයක් විය. අපි දෙදෙනා එක්ව සැදු සරුංගල් අහසේ පා කර හැරියත් , ආපසු එක් කර ගත නොහැකිව අහසේ ඈතින් ඈතට පාවෙන්නේය.

මා දරුවෙකු බලාපොරොත්තුවූ වත් සමීරට සැලසුමක් ඇති බව පෙන්වා එය කල් දැමීය..........අපට තවමත් ගෙයක් දොරක් හදා ගන්නට බැරිවුනානේඑක් හේතුවක් විය.මම  , අප පවුලේ දේවල් හිමි වන්නේ මට බැවින් එවැනි බාදකයක් ඇති කර ගන්නට අවශ්ය නැතැයි ඒ හැම විටම පෙන්වා  දුන්නත් ඒ අදහස ප්‍රතිපල විරහිත විය.

දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් ගම තුල නැති බැවින් නගරය ආශ්‍රීතව නිවසක් හදාගැණීමේ පලදායිතාවය  සමීරට වැදගත් විය.

අපට ලැබෙන වැටුපෙන් මේ ව්‍යාපෘතිය සිහිනයක් වන බව සමීරට පැහැදිලි කරදෙන්නට මට කිසිදා නොහැකිවිය.

ඒ සමග මගේ දරු සිහිනයද ටිකින් ටික වියකෙන්නට විය.

ගිගුරුම් හඩින් මගේ කල්පනා ලෝකය අවුල් වියවුල් ගියේය.

පොාඩ්ඩියේ ඔය විදුලි උපකරණවලින් ඈත් වුනොත් හොදයි නේද ?. වහින්නත් ඉස්සෙල්ලා විදුලි කොටනවා .

ඒ අම්මාගේ පෙර සුදානම පල කලාය .

බක් මාසයේ අවසාන සති දෙක ගිගුම් දෙමින් වැස්ස  වසින්නේය. අප්පච්චි මේ වැස්සට ප්‍රිය කලාය. වැස්සෙන් පසු කාලය ගහ කොළ - කොළපාට ගැන්වී අමුතු පනක් ඉපදෙන්නේය. කුඹුරු සරුවෙන්නේ මේ වැස්සෙන්ය . අප්පච්චි විද්‍යාත්මක සාධක විග්‍රහ නොකලත් විදුලි කොටමින් වහින මේ වැස්සට මනාපය. දිනක අකුණු ගහමින් වහින වැස්සෙන් පොළවට නයිට්රජන් එකතු වෙන හැටි පහදා දුන් විට පොඩ්ඩිත් ඉගණගෙන තියෙන දේවල් යයි සතුටෙන් කීවේය.

ඒ් දේවල් ඉගණ ගත්තත් පොඩ්ඩි ජීවිතය ගැන අප්පච්චි තරම් ඉගන ගෙන නොතිබුන බව සිහිවීය.

 සමීරත් මාත් අතර බැදියාව බිද ගියේ මගේ වරදක් හෝ වරදවල් කිහිපයක් නිසාදැයි මම කාලය විග්‍රහ කරමින් විශ්ලේෂණයක යෙදෙමින් සිතිිවිලි අතර කිමිදෙනවිට මා විත්තිකාරියවු සාධක මට හමු නොවීය.

යමෙක් යම් යම් දේවල් වසන් කරමින් සිටින්නේ නම් ඔහුට ජීවත් වන්න සිදුවන්නේ මවා ගත් කෘතිම වටා පිටාවකය. තමන් තමන් කෙරෙහිම  සැක සංකා ඇති කරගන්නේය. සමීරටත් සිදුවුනේ මෙවැන්නක් ද ?.

මම විවාහ වු  යවුවන වයසේ මා ගත කලේ හැගීම් වලට මුල් තැන දෙමින් මිස බුද්ධියට මුල් තැන දෙමින් නොවන බව පසක් වෙන්නේ දැන් දැන්ය. අම්මා දැක්වු ලිහිල් බව මට ඉණිමගක්විය.අම්මා අප්පච්චිගේ වියෝවත් . තම එකම දරුවාට ආරක්ෂකයෙකු සිටීම සුුදුසුයයි සිතන්න ඇත .

අප්පච්චි සිටියා නම් මෙවැනි ව්‍යාසනයක ආරම්භයකට මට මුහුණදෙන්න සිදු නොවනු ඇත. අම්මා මෙන් මටම වගකීම් පවරමින් සිටින්නේ නැතිව අප්පච්චි සියළු වගකීම් තම භාරයට ගන්නා බැවින් මට සිදුවන්නේ ඔහුගේ තීරණයට නතුවීමය.

අප්පච්චි  සිටියා නම් පලමු වන වටයෙන්ම මේ සම්බන්ධය නතර වෙනවාය. සමීර පෙර විවාහකයෙකුව සිටි බව මම අම්මාට දිගටම වසන් කලේය.

එහි ප්‍රතිපලයන් දැන් මම විදිමින් සිටින්නෙමි.

-------නැවතත්  හමුවෙමු - මීදුම 

A day in the life

Thursday, May 09, 2024

ඔබ මා සමඟ අතිනත ගන්නා... -


https://youtu.be/lOqGE1IgS4U?si=vHttOYqQZvfd9cN4
සුගැයුම   අචාර්ය අමරදේව

Wednesday, May 08, 2024

පොඩ්ඩිගේ කථාව - පස්වෙනි දිග හැරුම

සමීර  හමුවීම නිශ්පල කටයුත්තක් යයි මම තීන්දු කර ගෙන සිටියේද යන්න මටද ප්‍රශ්නයකි.

විටක ඔහු ගැන සිතිවිලි වලින්  හිත නැවත නැවතත් පිරෙන්නට පටන් ගනී. අපි අවුුුුරුදු පහක් පමණ විවාහකවද  අවුරුදු දෙක තුනක් දැන හදුුනා ගමින් ගෙවු කාලය කෙසේ එක්වර අමතක කරන්නද ?.

 සමීර හමුවි කතාකරන්න ගියහොත් සියල්ල ආපසු හැරී නැවතත් නතරවුන තැනටම එයිදැයි සිතිවිල්ලක් ද හිත තුල දැල්විනි.

මම තවමත් අප සිටි නිවසට කුලී ගෙවමින් සිටිමි . අප දෙදෙනා පරිහරනය කරන ලද බඩු භාණ්ඩ එලෙසමය.

මා නැවත ගෙදර පැමිනෙන්නේ නම් මේ සියල්ල එකලස් කලයුතුය.

වලාකුලක් වුනා නම් -  කුරුල්ලෙක්   හිතනවිට වලාකුළ සිතුවේ මම කුරුල්ලෙක් වනවා නම්  කොයිතරම් හොදද යන්නයි . මම වළාකුලකුත් නොවෙමි - කුරුල්ලෙකුත් නොවෙමි. එහාටත් මෙහාටත් කැරකී යන  සුලි  සුළගක් වී ඇතිවා සේ හැම පැත්තටම කැරකෙන්න පටන් ගෙන තිබේ.

අවසානයේදී මම සමීරට කතා කරන්න තීරණය කලෙමි.

අම්මාගේ අදහස වුයේ දුරකතන ඇමතුමකින් සම්බන්ධ විය යුතු බවයි.

මම කතා කලෙමි.

පිලිතුරක් නැත.

මම නැවත දෙතුන් වරක් කතා කලෙමි.

පිලිතුරක් නැත.

අවසානයේදී ඔහුගේ මිතුරෙකු හරහා පණිවිඩයක් තබා මා අමතන ලෙස ඉල්ලීමක් කලාය.

කාලය ගෙවී ගියේය. සමීරට මට කතා කරන්න උනන්දුවක් ඇතිව තිබුනේ නැත.

මට නිවස නඩත්තු කිරීමේ වියදම්ද දිගින් දිගට දරා ගැණීමද ගැටළුවකි.

දිනක් අම්මා සමග ගොස් නිවෙස් හිමියා හමුවී තවත් එක් මාසයක් සදහා මුදල්ද ගෙවා මා අත තිබු යතුරද ඔහුට දුන්නෙමි .සමීර ආවොත් ඔහුට එය දෙන ලෙස පවසා ආපසු ආවෙමු..

 ඉක්මනින් මා අමතන ලෙසත් නැත්නම් ගෙදර ඇති බඩු භාණ්ඩ වලින් ඔහුට කැමති ඕනෑම දෙයක් රැගෙන යන ලෙසත් ඉල්ලීමක් කර ,.

ගෙයි යතුර ගෙහිමියා භාරයේ ඇති බව සදහන් කර ඔහුගේ කාර්යාල ලිපිනයට ලිපියක් යොමු කලෙමි.

දැන්නම් මට පාවෙන සිතක් ඇත්තේම නැත. ගෙදර යමක් ඉතිරිව තිබුනොත් ඒවා අස්පස් කර ගෙහිමියාට බාර දීම මගේ අරමුණ බවට පත්විය.

ගැහැණු සිතකට මෙතරම් හයියක්. පන්නරයක් ලැබුනේ පීඩාවත් පීඩනයත් නිසාවෙනි. සේපාලි මට ශක්තිය ලබා දීම පිහිටක් විනි. අම්මා මගේ සවිය බවට පත්වී තිබිනි.

ගුවනේ පා ආ ආචාර්ය අමරදේවයන් ගායනාව මට සිසිලක් ගෙන එන්න විනි.

ඔබ මා   සමග අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැළුවා ඉද ගම සිරස
ඔබ හා අතැර වෙන නුවර ගිය විගස
මේ මහ කන්ද බැළුවා හොරැහින් මදෙස
 
වෑ දිය නිල්ල සුදු  නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහු බදින කිරලා හඩා වැටෙටයි
නොකියු රහස හද උතුරා වාන් දමයි
මතකයේ සුවද තවමත් මගේ සිතට දැනෙයි
 
ඔබ මා   සමග අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැළුවා ඉද ගම සිරස
ඔබ හා අතැර වෙන නුවර ගිය විගස - 
මේ මහ කන්ද බැළුවා හොරැහින් මදෙස


හෙටත් හමුවෙමු - මීදුම.


A day in the life

Leadership and Teamwork

 

මීදුම Published @ 2014 by Ipietoon