Monday, January 01, 2024

සක් දෙවිඳුගේ කවිපොතින්














එදත් එහෙමයි අදත් මෙහෙමයි
නරයො ඔක්කොම ගන්නෙ තීරණ
නඩුත් හාමුදුරුවන්ගෙ කිව්වට
බඩුත් ඒ ගිණුමටම දැම්මට
අල්ලගත් සැකකරුට එරෙහිව
සාක්කිත් උන් මෙහෙයවාගෙන
දංගෙඩියටම යවයි ඔහු හිස
එරෙහි වූවොත් යමෙක් මේ ගැන
එන්නෙ වටකර අවි දරාගෙන
සියලු තතු තම ඇසින් දුටු ලෙස
නිවැරදිම විනිසක් ලබාදුන්
විනිසකරුටත් දී විවේචන
නිදොස් වී සැකකරුව නිදහස්
වුවොත් උන් කෝපවෙයි එසැනින
විචාරව බුද්ධියෙන් විමසා
බැලී නම් එදවසත් මිනිසා
රිංගන්න සිදුවෙයිද මාහට
මීයෙකුගෙ වේශයක් අරගෙන
මට තරම් නැති අර අපිරිසිදු
චිඤ්චාවගේ රෙද්ද අස්සට
පී. ජී. ආරියපාල


notes of imaginary

Saturday, December 30, 2023

මගීන් 1500 ක් දිවි පිදූ ලොව බිහිසුණු දුම්රිය අනතුර.




උපුටා ගැනීමකි අන්තර්ජාලයෙන්
සුනාමි ඛේදවාචකයට අදට වසර 15 යි.අපරාධ කරුවන් තවමත් රිසිසේ දිවි ගෙවති.
අදින් හරියටම වසර 15 කට පෙර එනම් 2004 දෙසැම්බර් 26 දින උදෑසන 9.20 ට පමණ ලක් ඉතිහාසයේ එදා මෙදා තුර දරුණුතම ඛේදවාචකය අසන්නට, දකින්නට ලැබුණි. මනුෂ්ය ජීවිත තිස් දෙදහස් පමණ පැය කිහිපයක් තුළදී දැයට අහිමි කළ ඒ ශෝචනීය අත්දැකීම සාමාන්යයෙන් වයස අවුරුදු විස්ස ඉක්මවූ ඕනෑම අයෙකුගේ මතකයේ ඇතැයි සිතමි.
දුම්රිය බලධාරීන්ගේ තුච්ච ක්රියාකාරකම් නිසා තෙල්වත්ත පැරෑලියේදී සිදුවූ සහාසික මිනිස් ඝාතනය
තිස් දෙදහසක් පමණ මරණයට පත්වූ සුනාමි ඛේදවාචකයේදී දෙදහසක් පමණ මනුෂ්ය ජීවීත ප්රමාණයක් එකම ස්ථානයකදී බිලි ගත්තේ කොහේදී දැයි ඔබෙන් විමසුව හොත් ඕනෑම කෙනෙකු දෙන පිළිතුර වන්නේ “ආ ඒ පැරෑලිය තෙල්වත්තේදී දුම්රියක් සුනාමියට හසුවීම නිසා “යැයි යනුවෙනි. කොළඹ සිට දුම්රියෙන් පැමිණි මගීන් 1500 ක් පමණත්, සුනාමි චණ්ඩ පහරින් බේරීමට සෙමෙන් ධාවනය වූ දුම්රියට නැග්ගත් ප්රදේශයේ ජනතාව පන්සියයක් පමණත් මිය ගියේ චණ්ඩ වූ සුනාමි රළ පහරින් දුම්රිය පෙරළී යාම නිසා බව ඇත්තකි. එහෙත් එය දුම්රිය බලධාරීන්ගේ නොපනත්කම් නිසා සිදුවූ සහාසික මිනිස් ඝාතනයක් බව බොහෝ දෙනා දන්නේ නැත. කොළඹ සිට මාතර බලා ගිය දුම්රියේ සිටි මගීන් 1500 දෙනාගේ ජීවිත ස්ථීරවම සුනාමියට බිලි වූයේ අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ මෙහෙයුම් ස්ථානාධිපතිගේත්, කොළඹ ප්රධාන දූම්රිය පාලක මැදිරියේ සිටි බලධාරීන්ගේත් රාජකාරි දරුණු ලෙස පැහැර හැරීම නිසා ය.
එය හුදෙක් ස්වාභාවික සුනාමි ඛේදවාචකය නිසා කිසිසේත්ම වළක්වාගත නොහැකි වූ මරණ නොව, බුර බුරා නැග ආ චණ්ඩ සුනාමි රළ පහරට තල්ලුකර දමා කරන ලද සහාසික මිනිස් ඝාතනයකි. දුම්රිය දෙපාර්තමේන්තුව කොතෙක් පරීක්ෂණ කළත්, එකී මනුෂ්ය ඝාතනයට සෘජුවම වගකිව යුතු බලධාරීන්ට කිසිත් සිදුවූයේ නැත. ඔවුහු සිය විශ්රාම වැටුප් ද ලබමින් අදද රිසිසේ දිවි ගෙවති. නීතිය පවතින රටක් නම් ඒ සියලු වගකිව යුතු දුම්රිය බලධාරීන් සිටිය යුත්තේ ගෙදර නොව සිර ගෙදර ය.
දුම්රිය බලධාරීන් සුනාමි රළ පහරට තල්ලු කළ සීඝ්රගාමි දුම්රිය
සුනාමි ඛේදවාචකයේදී වැඩිම මිනිස් ජීවිත ප්රමාණයක් එකම ස්ථානයකදී බිලි ගත්තේ දකුණු පළාතේ පැරෑලිය තෙල්වත්ත ප්රදේශයේදී ය. ඒ කොළඹ සිට මාතර බලා ධාවනය වූ අංක 50 දරන සිඝ්රගාමී දුම්රිය සුනාමි රළ පහරට හසුවී පෙරළී සුණු විසුණු වී යාම හේතුවෙනි. රටේ එදා සිටි පාලකයෝත්, බහුතර ජනතාවකුත් අද දක්වා සිතා සිටින්නේ මෙය කිසිසේත්ම වැළැක්විය නොහැකිව තිබූ හදිසියේ රට තුළට කඩා වැදුණු සුනාමි රළ පහරේ නිසා සිදුවූ ඛේදවාචකයක් කියා ය. නැත. කිසි සේත් ම නැත. මේ අනතුර හැර රටේ සෙසු පළාත්වල සිදූවූ මිනිස් ජීවිත, දේපළ වැනසීම එසේ වූවා යැයි කිව හැකි ය. එහෙත් දකුණු මුහුදු බඩ දුම්රිය මාර්ගයේ පැරෑලිය තෙල්වත්ත ප්රදේශයේදී අංක 50දරන සීඝ්රගාමි දුම්රිය සුනාමි රළ පහරින් බේරා ගැනීමට නොහැකි වූයේ රාජකාරිය අමු අමුවේ පැහැර හැරි දුම්රිය බලධාරීන් නිසාම ය.
කොළඹ කොටුවේ සිට මාතර බලා…..
දෙසැම්බර් 26 දින පෙරවරු 7.12 ට පමණ කොළඹ කොටුවෙන් මාතර බලා පිටත්වූ අංක 50දරන දුම්රිය දෙවන පන්තියේ මැදිරි දෙකකින්ද, තුන්වන පන්තියේ මැදිරි තුනකින් ද, ඉදිරිපස සහ පසුපස නියාමක මැදිරි දෙකකින්ද සමන්විත පූර්ණ මැදිරි හතකින් සමන්විත විය. එම් 02 වර්ගයේ කැනේඩියානු එන්ජිමක් සහිත දුම්රියේ එදින මාතර බලා ගමන් කිරීමට නිකුත් කරන ලද ප්රවේශ පත්ර අනුව මගීන් සංඛ්යාව 1500 ක් පමණ විය.
රියදුරු ජානක ප්රනාන්දු හා රියදුරු සහායක ලෙස ශිවයෝගරාජා සේවයේ යෙදුණාහ. ප්රධාන නියාමක වශයෙන් ඩබ්ලිව්. කරුණාතිලක ද, උප නියාමක වශයෙන් එහි. ගුණරත්න ද ක්රියා කළහ.
විසිහය වැනි දින පෙරවරු 6.45 ට පමණ මරදාන දුම්රිය ස්ථානයෙන් ගමන් ඇරඹූ දුම්රිය පෙරවරු 7.12 ට මාතර බලා පිටත්ව ගියේය. ඉන්පසු පැය දෙකකුත් විනාඩි අටක් ගමනකින් හරියටම පෙරවරු 9.20 ට දුම්රිය අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයට සේන්දු විය.
මෙහෙයුම් ස්ථානාධිපති ඔහුගේ කිරි මුට්ටි ගණන් කිරීමට දුම්රියට දිව යයි.
අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ සේවය කළ එක් නිලධාරියකු (මෙහෙයුම් ස්ථානාධිපති) කාලයක් තිස්සේ කරගෙන යන කිරි වෙළෙදාමක් තිබුණි. ඔහු සිය රාජකාරි වේලාවේදී කර ගෙන යන කිරි වෙළෙදාම ගැන දුම්රිය දෙපාර්තමේන්තුවට කොතෙකුත් පැමිණිලි තිබුණද ඒවා ගැන කවර හෝ පරීක්ෂණයක් කර නැත. සෑම දිනකම මේ දුම්රියෙන් කිරි හට්ටි හාරසියයක්, පන් සියයක් පමණ ගෙන එන අතර නිවාඩු දින බැවින් එදින ගෙනවිත් තිබී ඇත්තේ කිරි මුට්ටි 24 ක් පමණි. මෙහෙයුම් ස්ථානාධිපතිවරයා තමාගේ කිරි මුට්ටි ටික ගණනය කර ගොඩබා ගැනීමට දුම්රියකට ගොඩ වූ අතර කොළඹ ප්රධාන පාලක මැදිරියෙන් ඔහු අමතා තිබේ. ඒ සුනාමි අනතුර දැනුම් දීමටයි.
දුම්රිය අම්බලන්ගොඩින් නතර කර ගන්නා ලෙස දැනුම් දීමට පාලක මැදිරියෙන් දුන් විශේෂ ඇමතුම් ලබා ගැනීමට කිසිවෙකුත් කාර්යාලය තුළ නැත
ඒ මොහොතේ අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඊට පෙර දිනයේ ආදායම් ගණනය කරමින් සිට ඇති අතර මෙහෙයුම් ස්ථානාධිපතිවරයා සිය පුද්ගලික ව්යාපාරයට අදාළ කිරිමුට්ටි ගණනය කරමින් සිටි නිසා කොළඹ පාලක මැදිරියෙන් දුන් හදිසි ඇමතුම් ලබා ගැනීමට කාර්යාල තුළ කිසිවෙකුත් සිට නැත. කොළඹ පාලක මැදිරියෙන් දුන් හදිසි ඇමතුම් වී ඇත්තේ මුහුදු රළ ගොඩ ගලමින් තිබෙන බවට වාර්තා වී ඇති නිසා දුම්රිය කිසිසේත්ම අම්බලන්ගොඩින් ඉදිරියට නොයවන ලෙස දැනුම් දීමටයි. ( සුනාමි රළ පොදක්වත් අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයට ආවේ නැත.)
හදිසි ඇමතුම නාදවී නාදවී නැවතුණි කිසිවෙකුත් ඇමතුම් ලබා ගත්තේ නැත
මේ ඇමතුම් ලබා ගෙන ඇත්තේ සාමාන්ය දුරකථන එකින් නොවේ. මෙවන් හදිසි අවස්ථාවකදී පමණක් භාවිතයට ගන්නා විශේෂ පනතක් යටතේ පිහිටුවා ඇති බීබීසී දූරකතනයකිනි. දූරකතන ඇමතුම් කිසිවෙකුත් ගත්තේ නැත. කිසිත් නොදත් දුම්රිය ඊළග නැවතුම වූ හික්කඩුව බලා පිටත්විය. දුම්රිය මාදම්පේ, කහව දුම්රිය ස්ථාන (එම දුම්රිය ස්ථානවල නවත්වන්නේ නැත) පසුවීමෙන් පසු තෙල්වත්තත් , සීනීගමත් අංක 58 – 59 සැතපුම් කණු අතර පිහිටි අංක 587 දරන සංඥා පුවරුවේ රතු එළිය දිස්වීම තිබේ. එය දුටු දුම්රිය රියදුරා වහාම දුම්රිය නතර කරගෙන තිබේ. ගතවී ඇත්තේ විනාඩි දෙකක් පමණි. අධි වේගයෙන් ගොඩ ගැලූ චණ්ඩ සුනාමි දිය තදින් දුම්රියේ උසින් අඩි අටක් පමණ වැසී ගොස් තිබේ. අංක 587 දරන සංඥ පුවරුවේ රතු එළිය දුටු විගස දුම්රිය නැවැත්වීමට තීරණය කළද වෙනත් රථයක් මෙන් සීඝ්රගාමි දුම්රියක් හිටි අඩියේ නැවැත්විය නොහැක. වේගය හැකිතාක් අඩුකර ගනිමින් දුම්රිය ස්ථිරවම නතර වන්නේ ආසන්නයේ ය. නැවැත්වීමට පෙරාතුව සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදුණූ දුම්රියට තවත් පන්සියයක පමණ පිරිසක් ගොඩවී ඇත්තේ ඒ වන විටත් ගොඩ ගලමින් තිබූ සුනාමි රළ පහරින් බේරීම පිණිස ය.


සුනාමි රළ කදින් එන්ජිම ඇතුළු පෙට්ටි පෙරළී තැන තැන විසිරී ගියේය ය.
සුනාමි රළ කදින් දුම්රිය එන්ජිම ඇතුළු පෙට්ටි පෙරළී පෙට්ටි හතෙන් පෙට්ටි තුනක් සුනාමි රළ පහරේ පාවි ගොස් ඇත. කොළඹ සිට දුම්රියෙන් පැමිණි මගීන් 1500 දෙනාද, ජීවිත බේරා ගැනීමට එවලේ දුම්රියට ගොඩවූ පිරිස්ද සියයට අනූවක් පමණ ඒ මොහොතේ ම ජීවිතක්ෂයට පත්වන්නට ඇත. තවත් පිරිස් මිය ගොස් ඇත්තේ පෙරළුණු දුම්රිය මැදිරිවලින් එළියට විත් දිව යද්දී ජලයෙන් වැසී තිබු ප්රදේශයේ හුණුගල් හැරෑ වළවල්වලට වැටීමෙනි. ජලය බැස යාමෙන් පසු එකී හුණුගල් වළවල සැළකිය යුතු පිරිසකගේ මළ මිනී හමුවී ඇත.
අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයෙන් ඇමතුම නොගත්තේ නම් ඊළග දුම්රිය ස්ථානය වූ කහව දුම්රිය ස්ථානයට හදිසි පණිවුඩය නොදුන්නේ ඇයි..?
සුනාමි රළ ගොඩ ගලන බව දැන වහාම දුම්රිය නවත්වා ගන්නා ලෙස අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයට දූන් ඇමතුම් ඔවුන් ලබා නොගත්තේ නම්, කොළඹ පාලක මැදිරිය වහාම කළ යුතුව තිබුණේ අම්බලන්ගොඩින් පසුව ඇති ඊළග දුම්රිය ස්ථානය වූ කහව දුම්රිය ස්ථානයට ඒ බව දැනුම් දීමයි. එසේ වූවානම් කරන දුම්රිය ස්ථානයෙන් වහාම අනතුරු ඇගයීමේ සංඥා නිකුත් කර කරන්ට ළගා වීමට පෙරම දුම්රිය නැවැත්වීමට ඉඩ තිබුණි. අම්බලන්ගොඩින් ඇමතුම නොගත්තා කියා කොළඹ පාලක මැදිරිය ඔහේ නිකං සිටියා මිස දුම්රිය නවත්වා ගැනීමට වෙනත් කිසිදු පියවරක් ගත්තේ නැත.
අනතුරින් පසු දෙපාර්තමේන්තුව පැවැත්වූ පරීක්ෂණවලදී ඒ ඒ පාර්ශ්වලට දොස් නගා ගත්තා මිස තමන්ගේ දුම්රියට ප්රවේශ පත්ර ගෙන ගොඩවූ මගීන්ට සිදුවූ සහාසික අපරාධයේ වගකීම භාර ගන්නට කිසිවෙක් සිටියේ නැත. රජය අදාළ පරීක්ෂණ දුම්රිය දෙපාර්තමේන්තුවටම කර ගන්නට ඉඩ හැරියා මිස වගකිව යුතු බලධාරීන්ගේ වරදින් වූ ජීවිත විනාශ ය ගැන වග බලා ගත්තේද නැත.
රියදුරුන්ට සෘජුවම ඇමතීමට දී තිබූ යෝනි ටෝකියෝ යන්ත්ර ක්රියා විරහිව තිබූ නිසා ආපසු අරං
මීට අමතරව ඈත ගමන් යන සීඝ්රගාමි දුම්රිය රියදුරන්ට සහ නියාමකවරු විට විශාල මුදලක් වැය කර 1995 දී ලබාදී තිබූ යෝනි ටෝනී යන්ත්ර බාල ඒවා බැවින් ඉතා කෙටි කලක් තුළදී ක්රියා විරහිත වී ඇත. ඉන්පසු එම යෝනි ටෝනී යන්ත්ර ආපසු ලබා ගෙන තිබේ. මේ අනතුර අවස්ථාවේ දුම්රිය ස්ථානයෙන් හදිසි ඇමතුම් ලබා නොගත් විටක එම යෝනි ටෝනී යන්ත්ර ක්රියාත්මකව තිබුණේ නම් පාලක මැදිරියෙන් සෘජුවම රියදුරු හෝ නියාමකයන් අමතන්න තිබුණි. එසේ වූවානම් අඩුම තරමින් මේ ජීවිත 1500 වැන සෙන්නේ නැත.
රුපියල් කෝටි 12 ක් වැයකර වාද්දුවේ සවිකළ විද්යුත් සංඥ පාලන ක්රමය අක්රිය වීම
වර්ෂ 2003 අංග භාගයේදී රුපියල් කෝටි 12 ක් වැයකර වාද්දුවේ ස්ථාපනය කළ විද්යුත් සංඥ පද්ධතියද මේ කාලය තුළ අක්රියව තිබී ඇත. මෙමගින් කොළඹ එක් පාලක මැදිරියක සිට දුම්රිය මාර්ගවල සංඥ පරිපථ සියල්ල පාලනය කිරීමට හැකියාවක් තිබීම ඇත. එහෙත් එය මධ්යගත පාලනයෙන් ඉවත්කර විමධ්යගත කොට ස්ථාන 21 ක් වෙත පැවැරීම නිසා මෙවන් බරපතල අන්තරායකාරී අවස්ථාවකදීවත් , යම් දුම්රිය ස්ථානයකට දෙන හදිසි ඇමතුම්වලට ප්රතිචාර නොදක්වන විට මේ සංඥ ක්රමය මගින් අනතුරු ඇගයීම් කළ හැකිය තිබුණි. එසේ වූවානම් මේ ජීවිත 1500 අහිමි වන්නේ නැත.
ජීවිත බේරා ගන්න හමුදාව ආවේ 27 උදේ පැය 24 කටත් පසුවයි.
මෙතරම් ඛේදවාචකයක් සිදුවී තිබියදීත් ජීවිත බේරා ගැනීමට එම ස්ථානයට හමුදාව ගොස් ඇත්තේ අනතුර සිදුවී පැය 24 කටත් පසුවය. ඒ වනවිට සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරය. වතුර පෙනී පණ අදිමින් පෙරමුණු මැදිරි තුළ සිරවී සිටි සිය ගණනක් ඒ මුලු රුවක් පුරා අවසන් හුස්ම හෙළන්නට ඇත.
දුම්රිය සාමාන්යාධිකාරීවරයා මේ අනතුර දැක්කේ එදා සවස ප්රවෘත්ති බලද්දිලු
එවකට දුම්රිය සාමාන්යාධිකාරී වූයේ ප්රියසාද් සිල්වා නමැත්තෙකි. දෙපාර්තමේන්තු ප්රධානියා ලෙස උදේ 9.40 පමණ සිදුවූ මහා අනතුර දැක ඇත්තේ සවස 5 ට ප්රවෘත්තිවලින් යැයි පැවැසීම කොතරම් කෙල්ලෙක්ද..? එය ඇත්තක් වුවත් , අනතුර සිදුවූ ස්ථානයට තම නිලධාරීන් යවා ඇත්තේ ඊට පසුවදා උදේ 9 ට පමණය. එනම් ඔහු කියන විදිහට අනතුර සිදුවී පැය 16 කට පසුව ය.
දුම්රිය සාමාන්යාධිකාරීගේ තුච්ච , පිළිකුල් සහගතව ප්රකාශය
“මම පුළුවන් තරම් උත්සාහ කරල පහුවදා දහවල් කෙනෙක් එතනට යැව්වා. ඒකත් බොහෝම අමාරුවෙන්. අනික මට සිරුරු ගොඩ ගැනීම හරි , මගීන් බේරා ගැනීම හරි මට අයිති රාජකාරියක් නොවෙයි. දැන් බස් අනතුරක් වුණොත් ඒකෙ මළ මිනී බේරා ගන්න සභාපති යන්නෙ නෑනෙ. ඒවා රාජයේ වගකීම. හදිසි ආපදාවකදී කටයුතු කරන්න වෙනමම යුනිට් එකක් හදල තියා ගන්න එක රජයේ වැඩක්” ඔහු මේ ප්රකාශය කර තිබුණේ රාවය පුවත්පතට යි.
තම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සම්පූර්ණ වරදින් තම දුම්රියක ගමන් ගත් මගීන් 1500 ක් ජීවිතක්ෂයට පත්වූ පසු එහි ප්රධානියා කරන ප්රකාශය එය නම් කවර කතාද..? අනතුර සිදුවී පැය තුන හතරක් ඇතුළත කෙසේ හෝ හමුදාව එම ස්ථානයට යැව්වේ නම් , අඩුම තරමේ පෙරළුණු දුම්රිය මැදිරි තුළ සිරවී සිටි මගීන් සීයක් දෙසීයක් හෝ බේරා ගැනීමට ඉඩ තිබුණි. දුම්රිය සාමාන්යාධිකාරී වරයා පමණක් නොව එවකට රජයේ ජනාධිපති, අගමැති , මැති ඇමතිවරුන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් කිසිවෙක් මේ ජීවීත ගැන වගවූයේ නැත. ඒ සියල්ල සුනාමියටම දමා ඇත බේරා ගත්තෝ ය. මිනිස් ජීවිත 1500 ක් ගැන වගේ වගක් මේ නරුම පාලකයන්ට නොවුණි. අනතුරින් පසුව වත් යළි මෙවන් අනතුරක් නොවන්නට කිරි මුට්ටි වෙළෙන්දා ඇතුළු රාජකාරි කෙලෙසූ බලධරයන් ට දඩුවම් කළ යුතුව තිබුණි. අඩුම තරමේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලවා පරීක්ෂණයක් වත් පැවැත්වූයේ නැත. මිනිස් ජීවිත දෙදහසකට වගකිව යුත්තෝ අදත් විශ්රාම වැටුප් ලබමින් රිසිසේ දිවි ගෙවයි.





All rea

notes of imaginary

Friday, December 29, 2023

“මැද්ද සූරිය – මුනිඳු වැඩසිටි – වේළුවන ජය මංගලම්







සත්කාර සේවාව මහත් ආනාශංස උපදින රැකියාවකි.මමත් වැඩි කාලයක් වෘත්තිකයෙකු වසයෙන් මේ ක්‍ෂෙත්‍ර යේ අත්දැකීම් ලබාගත්තෙමි. අර්ධ නාගරිකයක උත්සව  ශාලාවක් සහිත සංචාරක නිකේතනයක මතකයක  සටහනකි මේ.

 

මැද්ද සූරිය මුනිඳු වැඩසිටි  –

වේළුවන ජය මංගලම්
සුද්ද සුන් නරනිඳුන් සහ

සෙස්‌ රජුන් නම් කළ මංගලම්
ඇද්ද මෙකුමරු-  

පාපු විස්‌මය –  

සියලු සත හට මංගලම්
බුද්ද රත්නේ බෙලෙන් –  

ඔබහට වේය ජයසිරි මංගලම්

පෝරුවෙන් ඇසෙන්නනේ අෂ්ඨක කියනා ගුරුන්නාසේගේ හඩයි.

පෙරදා හවස  පැමිනී මනාලියගේ පාර්ශවයේ උදවිය පෝරුවත් , සෙටිබෑක් එකත් ස්ථාන ගත කිරීමට සැරසිලි කරුවන් හා කටයුතු කල අයුරු මගේ සිහියට ඒ.

මේස සැරසිලි අධීක්‍ෂණ කරන මට පෙරදා  උත්සවය සංවිධානය සදහා පැමිණි එක් තලතුනා මහතෙකු “  ජාතික කොඩි ටික මග දෙපස දානවා නේද ? ” යයි විමසුවා මතකය.

 ඔව් .. ඔව් ඒත්  මම අදි මදි  කරන විට ඇයි මහත්තයා කොඩි නැද්ද ?.

“මම තියනවා“ . යයි උත්තර බැන්දෙමි

මගේ මතකය ආපසු යමින් ජාතික කොඩිය භාවිතා කළ යුතු අන්දම පිළිබද උපදෙස් මටම  සිහිපත් කරමි.

විවාහ මංගල්‍ය උත්සවය ජාතික උත්සවයක්ද ?. යන්න නිරාකරනය කර ගැණිමට මගේ මනස තුල මහත් සාකච්ඡාවකි. අනුග්‍රාහක භවතාට ඒ සාකච්ඡාවෙන් පලක් නැත. ඔහුට අවශ්‍ය ජාතික කොඩිය සැරසිල්ලක් ලෙ භාවිතා කිරීමය.
මම ජාතික ධජයන් ගෙන්  උත්සව ශාලාවේ මිදුලත් මග දෙපසත් සරසා දීමට එකග වෙමි.

ජාතික ධජ විවාහ මගුල් උත්සව සදහා සැරසිල්ලක් ලෙස භාවිතය සුදුසු නැත. මගුල් උත්සවයක් යනු ජාතික උත්සවයක් නොවේ. මේ බව උත්සවකරුවන්ට  පැවසුවත් එය පිලිගන්නා කෙනෙක්  නැත. බොහෝ දෙනා උත්සව සැරසිලි පිළිබදව අවධානය යොමු කරන එක් අංගයක් වන්නේ  ජාතික කොඩි පාර දිගේ දැමීමයි. සිංහයන් පේලියක්  ලනුවක එල්ලී මග හරහාට කඩු අමෝරා සිටී. ඉන්පසු සිංහයා උත්සව ශාලාවට යන මග දෙපස ගැල්වනයිස් කණුවල පේලි ගැසී බලාසිටී.

සමහර විටක සිංහයා කකුල් හතර උඩ දමා ගෙන උඩුබැල්මෙන් එල්ලී සිටි.

නිම්ම නැති සංසාර දුක  

සිදුහත් කුමරු දැක සිතු පෙමින්
දැම්ම යමු  

අපි මහණවීමට  

අසුන් පනවැයි කී තොසින්
මංම පනිමිය

පහුරු මත්තෙන්

තුරඟ සිතු ජය මංගලම්
ධම්ම රත්නේ බෙලෙන් –  

ඔබ හට වේය –  

ජයසිරි මංගලම්

අමුත්තන් සම්භාෂණ ශාලාවේ  අසුන්ගෙන සිටී. තවත් අමුත්තන් උත්සවශාලාවට එමින් අසුන් ගන්නට සුදුසු තැන් සොයයි. අමුත්තන් පිරිසක් වටකර ගෙන  මනාල යුවල පෝරුමස්‌තකව සිටී.සුදෝ සුදු ජාතික බැනියමෙන් සැරසී සුදු පැහැති වේට්ටියකින් සැරසුන  අෂ්ටක ගුරුන්නාන්සේ කෙනෙක් ජයමංගල ගාථා  ගායනය කරනවා මගේ සිතේ ඇදේ.

අංග පෙරදැරි තුමා –  

සිදුහත් එදා රෑ වැඩි සුබ ගමන්
තුංග ගිරි පව්වට උඩින් පැන  

වසවතුගෙ ඔද බිඳ තොසින්
නැංග අසුපිට ගෙවා –  

තිස්‌ යොදුනක්‌ ගොසින්

ගං තෙරට වන්
සංඝ රත්නේ බෙලෙන්

ඔබ හට වේය

ජයසිරි මංගලම්…”

අෂ්ඨක ගුරුන්නාන්සේගේ පිළිබද චිත්ත රූපය මට සිතිවිල්ලක් පමනක් විනි.දවසකට  රජ වී පෝරු මස්තකයේ සිට  සිර ගතවන මනාල මහතා සහ නුවර විලාසිතාවට සැරසුන මනාලයාට සහ මනාලියට  අෂ්ඨක කියන ගුරුන්නාන්සේ  මැදිවිය අහල මායිමකවත් නැති තරුණයෙකි. ඔහු යුරෝපීය ඇදුමෙන් සැරසී සිටී.

ඔහු මෙම යුවලට ආශිර්වාද පතා ගායනා කරන්නේ  සිදුහත් කුමරු ගිහි ගෙය කළකිරී මාළිගාවෙන් නික්ම ගිය කතා පුවත බව ඔහු නොදනී.

සිදුහත් කුමරු මෙන් මේ මනාළ මහතාද ගිහිගෙය කළකිරී මහණ දම් පුරන්නට ගියහොත්  දහසක් බලාපොරොත්තු ඇතිව සිටින මනාළියගේ දෙමව්පියන්ට කාගේ සරනදෑයි මගේ සිතිවිලි අතරට එක්විනි.

 






notes of imaginary

Thursday, December 28, 2023

අනුරාධපුර රාජධානිය














විජය රජතුමාගේ  සිට පාලනය කල රජවරු.

  1. විජය රජතුමා ක්‍රි.ප්‍ර 544
  2. උපතිස්ස
  3. පණ්ඩුවස්දෙව්
  4. අභය
  5. පණ්ඩුකාභය
  6. මුඨසිව
  7. දේවානම්පියතිස්ස ක්‍රි.පු 250-210
  8. උත්තිය
  9. මහාසිව
  10. සුරතිස්ස සේන සහ ගුත්තික
  11. අසේල
  12. එළාල (එළාර)
  13. දුට්ඨ ගාමිණි ( දුටු ගැමුණු) ක්‍රි.පු.161-137
  14. සද්ධාතිස්ස ක්‍රි.පු.137-119
  15. තුලත්ථන ක්‍රි.පු. 119
  16. ලංජතිස්ස(ලැමිණිතිස් ) ක්‍රි.පු. 119 – 109
  17. බල්ලාඨනාග ක්‍රි.පු. 109 – 103
  18. වලගම් අබා (වට්ට ගාමිණි) ක්‍රි.පු. 103
  19. පුලහත්ත
  20. බාගිය
  21. පනයමාර
  22. පිලයමාර
  23. ධාතික ක්‍රි.පු.103 – 89
  24. වලගම් අබා ( වට්ට ගාමිණි) ක්‍රි.පු. 89 -77 යලි රජ පැමිනේ.
  25. මහාචුලි මහාතිස්ස ක්‍රි.පු77-63
  26. චොරනාග ක්‍රි.පු 63 – 51
  27. තිස්ස (කුඩා තිස්ස ) ක්‍රි.පු 51 – 48
  28. සිව
  29. වටුක
  30. දාරුභාතික තිස්ස
  31. නිලිය ( පුරෝහිත බමුනා . වාසුබි)
  32. අනුලා රැජින ක්‍රි.පු 48 – 44
  33. කූඨකණ්ණ තිස්ස
  34. භාතික අභය
  35. ( භාතික අභය තිස්ස ,හා භාතිය තිස්ස ලෙසත් හැදින්වේ) ක්‍රි.ප්‍ර 22 – ක්‍රි.ව 07
  36. මහාදාඨික මහානාග 07-19
  37. ආමන්ද – ගාමිණි අභය 19 – 29
  38. කණිරජාණු තිස්ස 29 -32
  39. චූලාභය 32-33-
  40. ඉලනාග 33-43
  41. චණ්ඩමුඛ ශිව 43-52
  42. යසලාලක තිස්ස 52-60
  43. යසලාලක තිස්ස සහ සුභ 60-67
  44. වසභ 67-111
  45. වංකානාසික තිස්ස 111-114
  46. ගජබාහුක – ගාමිණි ( ගජබාහු I ,ගජබා ) 114 -136
  47. මහල්ලක නාග 136 – 143
  48. භාතික තිස්ස (බාතිය) 143 – 167
  49. කණිට්ඨ තිස්ස 167 -186
  50. බුජ්ජ නාග 186 –
  51. කුංචනාග 187 – 189
  52. සිරිනාග I 189 – 209
  53. වොහාරික තිස්ස (වේර තිස්ස ) 209 – 231
  54. අභය නාග 231 – 240
  55. සිරිනාග II 240 – 242
  56. විජය කුමාර 242 – 243
  57. සංඝතිස්ස II 243 -247
  58. සිරිසංඝබෝධි ( දැහැමි සිරිසගබෝ) 247 -249
  59. ඝොඨාභය හෙවත් මේඝවන්න අභය
  60. ( ගොළු අබා) 249 -262
  61. ජෙට්ඨ තිස්ස I 263 -273
  62. මහාසේන (මහසෙන්) 274 – 301
  63. සිරි මේඝවණ්න ( කිත්සිරිමෙවන් ) 301 -328
  64. ජෙට්ඨතිස්ස II 328-337
  65. බුද්ධදාස 337 -365
  66. උපතිස්ස I 365 – 406
  67. මහානාම 406 – 428
  68. වට්ටගාහක ජන්තු 428
  69. මිත්තසේන ( මිත්සෙන් ) 428 -429
  70. පණ්ඩු 429 – 434
  71. පාරින්ද 434 – 437
  72. බුද්ද පාරින්ද 437 – 452
  73. තිරිතර 452
  74. දාඨිය 452 -455
  75. පීඨිය 455
  76. ධාතුසේන 455 – 473
  77. කස්සප ( සීගිරි කසුබු) 473 – 491
  78. මොග්ගලාන ( මුගලන්) 491 – 508
  79. කුමාර ධාතුසේන ( කුමරදස් ,කුමාරදාස ) 508 -516
  80. කිත්තිසේන 516 – 517
  81. සිව 517
  82. උපතිස්ස II 517 – 518
  83. සීලකාල ,අම්බසාමනේර 518 -531
  84. දාඨපභූත (දාපලු සෙන්) 531 -
  85. මොග්ගලාන ( දල මුගලන් ) 531 -551
  86. කිත්සිරිමේභ ( කුඩා කිත්සිරිමෙවන් ) 551 -569
  87. මහානාග 569 – 571
  88. අග්බෝධි I ( අක්බෝ ) 571 – 604
  89. අග්බෝධි II ( තුඩා අක්බෝ) 604 – 614
  90. සංඝතිස්ස II 614
  91. මොග්ගලාන III ( දල මුගලන් ළමැණි බෝනා මුගලන්) 614 – 619
  92. සීලාඝමේඝවන්න 619 – 628
  93. අග්ගබෝධි III (සිරිසංඝබෝධි සිරිගබෝ ) 628
  94. ජෙට්ඨතිස්ස 628
  95. අග්ගබෝධි III (සිරිසංඝබෝධි සිරිගබෝ ) යලි රජ පැමිනේ 629 – 639
  96. දාඨෝපතිස්ස 629 -650
  97. කස්සප I 650 -659
  98. දප්පුළු I 659
  99. හත්ථදාඨ 659 -667
  100. අග්ගබෝධි IV (සිරිසංඝබෝධි ,සිරිසගබෝ ) 667 – 683
  101. දට්ට 683 -4
  102. හත්ථදාඨ II 684
  103. මානවම්ම 684 – 718
  104. අග්ගබෝධි V ( අක්බෝ ) 718 – 724
  105. කස්සප III (කසුබු,සුළු කසුබු ) 724 -730
  106. මහින්ද I 730 – 733
  107. අග්ගබෝධි VI (සීලාමේඝ) 733 – 772
  108. අග්ගබෝධි VII 772 -777
  109. මහින්ද II (සීලාමේඝ) 777 – 797
  110. උදය I 797 -801
  111. මහින්ද III 801 – 804
  112. අග්ගබෝධි VII 804 – 815
  113. දප්පුල II 815 -831
  114. අග්ගබෝධි IX 831 – 833
  115. සේන I 833 – 853
  116. සේන II 853 – 887
  117. උදය II 887 – 898
  118. කස්සප IV 898 – 914
  119. කස්සප V 914 – 923
  120. දප්පුල III 923 – 924
  121. දප්පුල IV 924 – 935
  122. උදය III 935 – 938
  123. සේන III 938 – 946
  124. උදය IV 946 – 954
  125. සේන IV 954 – 956
  126. මහින්ද I 956 – 972
  127. සේන V 972 – 982
  128. මහින්ද V (මිහිදු ) 982 – 1029

  • මහින්ද V රජතුමා ක්‍රිව 1017 දී සිය බිසවත් සමග සොළින් විසින් තම දේශයට පිටුවහල් කරනු ලැබු බව සදහන් අදහසක්ද තිබේ.

  • ක්‍රිව 1029 දී අනුරාධපුර රාජධාණිය බිද වැටී ‍පොලන්නරුව අග නගරය කරගෙන පාලනය ආරම්භ වී ඇත.

notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon