කමල් මහත්තයා දකින දේවල් ලියන කොට බලන්න ආසයි. මේ කතාව ඉවර වෙන කොට සැදැහැත්බවේ සීමාවත්, තැනට සුදුසු නුවනත් ඇදිලා තිබුනා.
මුණු පොතට
කමල් පී අලහකෝන් මහත්තයා එක් කරලා තිබුන මේ වියමන කියවමුකෝ.
අපෙ සාලියගුණවර්ධන මහත්තයා ගෙ පාට පාට කුඩේ නැති වී ඇත.එතුමා එය ප්රකාශ කළ ආකාරයයි මෙි.කවියෙකු ලෙස සතතාභ්යාසයේ යෙදීමේ පලය විසින්"මට කළ මෙහෙය ඔහුටද කරනු ඇත" අදහසෙහිදී"ඔහු අතිනුත් කුඩය නැති වේවා!" යන්නද තිබේ.!"වැහි,කාලයට කුඩ නැති වීම සාමාන්යය ය.අපේ,වාඩියේ,කුඩයක්,ඇත.එය කාගේදැයි තවමත් නොදන්නෙමු.මේ අපේ තවත් මිතුයෙක්ගේ,අත්දැකීමකි.එදා උදේ බිරිඳ කුඩේ දුන්නේ,"මතක ඇතිව මේකවත්,ආපහු අරං එනවා!" කියමිනි.නමුත් කුඩේ,අමතක විය.බස්සෙකෙන්,බැස ගෙදරට යත්දී වැස්සා වූ වැස්ස නිසාඋදේ බිරිඳ ගේ අනතුරු,ඇගවීම මතක් විය.දැන් ඉතින්,ගෝරනාඩුව අනිවාර්ය ය.මිත්රයා කළේ මේක ය.ඇය හොඳ ආගම්,භක්තිය ඇත්තියකි.ගෙට ගොඩ වෙන ගමන් හේ,"හරි අපූරු බෞද්ධයෝ තමයි. මෙහෙ ඉන්නෙ........!"විස්සෝපයෙන් යුතුව කීවේ ය."ඇයි මොකද වෙලා තියෙන්නෙ?" බිරිඳ ඇසුවා ය."නෑ හාමුදුරු නමක් පට්ට වැස්සෙ තෙමි තෙමි වඩිනවා!""ඉතිං ?""ඉතිං....එකෙක්වත් කුඩයක් දුන්නෑ නෙ ?""ඉතිං?""මම ඔයාගෙ කුඩේ උන්නාන්සෙට පූජා කළා!"