Tuesday, March 14, 2023

මීනගයා



“මීනගයා “ දුම්රිය ත් පුංචි බිළිදාත් පසු ගිය දිනවල මාධ්‍ය මාතෘකාව බවට පත්විය.

 මේ සිද්ධියට සදා චාරයක් නොමැති බවට අපට  හිතෙනු ඇත.සංවර නොවු මෙන්ම දැනුම්වත් නොවු තරුණ යුවලකගේ හැසීරීම බිළිදෙකුගේ ඉරණම බවට පත්ව තිබුනේය.

මාධ්‍යයට සදාචාරයක් තිබුනේම  නැත. අග මුල සියල්ල වමාරමින් ඡායාරූපත් සමග මුද්‍රිත මෙන්ම විද්‍යුත් මාධ්‍යයත් විශාල ප්‍රචාරයක් ලබා දෙමින් සිටියේය. බණ්ඩාරවෙල පොලිසියත් මීට සගාමීව මාධ්‍ය සංදර්ශණයක් පැවත්වීය.

මෙම තරුණයා පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුවෙකු වු අතර තරුණිය සුළු රැකියාවක් කරන්නියක වුවාය. දෙදෙනා අගනුවරදී හමුවුවත් තරුණිය පදිංචි නායබැද්දත් ,තරුණයා පදිංචි මීරිය බැද්දත් සමීප ප්‍ර දේශයන් දෙකකි.විශ්වාසය ගොඩනගා ගන්න මෙයත් හේතුවක් වෙන්නට ඇත.

නිදහසේ හමුවන තරුණ තරුණියන් ගේ හැසිරීම් රටාවන් පරාම්පරාවෙන් පරම්පරාවට වෙනස්ව ගොස් ඇති අතර. වෙළද ආර්ථිකය නොමදව ඒ සදහා යටිතල පහසුකම්ද සපයා  දී ඇත.අද විශ්ව විද්‍යාල සිසු සිසුවියන් මෙන්ම තරුණ වැඩිහිටි සිසු සිසුවියන්ද නිදහස සොයා යන්නෝ බවට පත්ව ඇත. මොවුන් දෙමව්පිය රැකවරණ සීමාවෙන් ඔබ්බට ගොස් හැසිරෙන අන්දම ඉතාමත් කණගාටුදායකය.

එවන් විටක මෙවන් අවාසනාවන්ත සිදුවීම් සිදුවිය  හැකි බැවින් වැඩිහිටියෝ ආරක්‍ෂාව සපයන අතරම ලිංගික අධ්‍යාපනයද ලබාදිය යුතුවේයැයි සිතෙන්නේය.

අපේ ආර්ථිකයද යහපැවත්මට බාධා කරන බව කිව යුතුය.

 


notes of imaginary

Monday, March 13, 2023

ඛලීල් ජිබ්රාන්



“මුහුදට ඇතුළු වීමට පෙර ගංගාවක් බියෙන් වෙව්ලන බව කියනු ලැබේ.

කඳු ශිඛරවල සිට,

වනාන්තර සහ ගම් මැදින්

යන දිගු වංගු මාවතේ සිට

ඇය ගමන් කළ මාවත දෙස ආපසු හැරී බලයි

ඇය ඉදිරියෙහි,

ඇය ඉතා විශාල සාගරයක් දකියි,

එයට ඇතුළු වීම

ඈ  සදහටම අතුරුදහන් වීමට

වඩා වැඩි දෙයක් නොපෙනේ.

නමුත් වෙනත් මාර්ගයක් නැත.

ගඟට ආපසු යා නොහැක.

කිසිවකුටත් ආපසු යා නොහැක.

ආපසු යාම පැවැත්ම තුළ කළ නොහැක්කකි.

ගංගාව සාගරයට ඇතුළු වීමේ අවදානම ගත යුතුය,

මන්ද බිය පහව යනු ඇත්තේ එවිටය,

ගංගාව සාගරයට අතුරුදහන් වීම නොව

සාගරය බවට පත්වීම බව ගංගාව දැන ගන්නේ එවිටය.“

- ඛලීල් ජිබ්රාන්

 

ඛලීල් ජිබ්රාන් ගැන මේ ලිපියෙන් කියවන්න.

https://drackey.blogspot.com/2014/01/blog-post.html


notes of imaginary

Saturday, March 11, 2023

මාර්තු දහ වෙනිදා


ගේ සටහන් විවාදාත්මක සටහන් බවට පත්වෙලා කියලා හිතුනා. එක් කෙළඹියාන කෙනෙකුට මල පැනලා “ නාකි හම්පඩයින් පෙලට වෙඩි තියා මරා දමන්න “ තරම්  කේන්තියක් ඇවිල්ලා.

මගේ සටහන් අතර පසුගිය දිනක අපේ රටේ දේශපාලනයත් සමග කලින් කලට මගේ තිබුන බැදීම ගැන ලියවෙලා තිබුනා. එක තැනක පල්නොවුන මතිමතාන්තර දැරු මම දේශපාලන පක්‍ෂයක යාවජීව සාමාජිකයෙක් නොවන බව පැහැදිලි කරන්න උත්සහා කලා. සමහර කාලවල මගේ ක්‍රියාකාරකම් සමච්ලයට ලක් කල අයෙක් “ මම කළු බළල් හමුදාවේ සාමාජිකයෙක්“ ලෙස අර්ථ ගන්වලා තිබුනා.මගේ මානව හිතවාදය ඔහු හදුනාගත්තේ එහෙමයි.

පාර්ලිමේන්තුවේ කතාකරන සම්පත් චාමර දිසානායක රාජ්‍ය ඇමතිතුමා ජවිපෙ හිටපු මංත්‍රීවරු විශ්‍රාම වැටුප් ගන්නවා කියලා අදහසක් පලකරලා තිබුනා.මේ ක්‍රමය පටන් ගත්තේ ජේ.ආර්.ජයවර්ධණ ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව.එතුමාට මංත්‍රීවරුන් පිලිබදව සත්භාවයක් ඇතිවෙන්න ඇති. සමහර මංත්‍රීවරුන් හිටියා පාර්ලිමේන්තුවෙන් ඉවතට ගියාට පසු නිසි  ආදායමක් නැතිව යැපෙන්න මාර්ගයක් නැතිව අතරමං වෙලා. ඔවුන් සත්භාවයෙන්ම මහජන සේවකයෝ.අයථා ලෙස හරි හම්භ නොකරපු අය. මේ අතර ඉන්න පරම්පරා ගණණාවකට හරි හම්භ කරගත්ත කම්බා හොරුන්ටත් එකම හැන්දෙන් මහජන මුදල් බෙදෙන එකේ වැරුද්දක් තියෙනවා.

1977 වෙනකම් දේශපාලනයෙන් හරි හම්බ කරගත් දේශමාමක පිරිස් හිටියේ නැහැ. ඔවුන් තම වත්කම් දේශපාලනයට දියකර හැරිය පිරිස්. ජවිපෙයට තම සාමාජිකයන් විනයක් මත පවත්වා ගෙන යන දේශපාලන ව්‍යාපාරයක් ලෙසයි පැවසෙන්නේ. සමන්ත විද්‍යාරත්න හිටපු මන්ත්‍රීතුමා තමන් වෙනුවෙන් ලැබෙන විශ්‍රාම වැටුප පක්‍ෂ කාර්යාලයට යොමු කරන බව. කියනවා.

මට හිතෙනවා විශ්‍රාම වැටුප් ගෙවිය යුතු අය තෝරා බේරා ගෙන විශ්‍රාම වැටුප් ගෙව්වාට කමක් නැහැ. කියලා. ඒත් අපේ ආර්ථිකයට මේ පිලිවෙත ඔරොත්තු දෙන්නක් නෙමෙයි වයස අවුරුදු පනස් පහක් වෙනකම් අවුරුදු විස්සක් තිහක් රටට කඹුරලා සොච්චම් විශ්‍රාම වැටුපක් ගන්න රජයේ සේවකයා හා සමාන කරන්න පුළුවන්ද ? මේ විශ්‍රාම වැටුප් ලාභීන් .

notes of imaginary

Friday, March 10, 2023

දින පොත - මාර්තු නවවෙනිදා

මුදාව දකුනේ යුද්ධයකට සැරසිලා වගෙයි. අමුතු ආයුධත් අරගන වීදී බැහැලා. ජනතාව ( ශිෂ්‍ය ක්‍රියාකාරීන් ) මර්ධණයට තුවක්කුව වෙඩි උණ්ඩ භාවිතය සැරවැඩියි කියලා හිතෙන්න ඇති. ජනාධිපති රනිල් පසුගිය දවසක පාර්ලිමේන්තුවේදී පැහැදිලි කලා සැරෙන් ඉන්න ඕන කියන මතවාදයක්..

අනූර කුමාර දිසානායක මහතාට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුව සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයකට ඉඩ නොදී මර්දනීය ක්‍රියාමාර්ගවලට අවතීරණ වෙමින් සිටිනවා.

කවුරු මොනවගේ මතවාද දැරුවත් අපි ඉක්මන් නොවී ආර්ථිකය කිසියම් සහන මාවතකට පත්වෙනතුරු කල්බැලිය යුතු පරිසරයක කියලා  මට හිතෙනවා. කොරෝනාවත් ඉන්ධණ අර්බුදයත් නිසා ත්‍රී වීලර් කරුවන්ගේ සිට විවිධ තරාතිරමේ ව්‍යාපාරිකයෝ හිරිහැරයටත් පීඩාවටත් පත්වෙලා ඉන්නේ. දේශපාලනඥයන්ගේ නොමනා ක්‍රියාකාරකම්ද මේ අර්බූදයට අඩු වැඩි වශයෙන් බලපෑවා. මේ වෙලාවේ දේශපාලනඥයෝ බොර දියේ මාළු බානවා.

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ගෝලීය වශයෙන් ලොව හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව ඇති බව බ්ලූම්බර්ග් (Bloomberg) වෙබ් අඩවිය වාර්තා කරනවා. 2032 වසර අවසාන වනවිට ඩොලරයක් 390 ක් පමණ වනු ඇතැයි ජාත්‍යන්තර ෆිච් රේටින්ග්ස් (Fitch Rating’s) ආයතනය පුරෝකථනය කර ඇති බව බ්ලූම්බර්ග් (Bloomberg) වෙබ් අඩවිය සඳහන් කරනවා.

මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සහන ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව බදු අයකිරීම් වැඩිකර සහනාධාර කපා දමා,තිබෙනවා. මුදල් ඒකක ග්‍රහණය ලිහිල් කර තිබුනත්   සිය බාහිර ණය ගෙවීම් ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කළ පසු යළිත් විනිමය අනුපාතික දැඩි පීඩනයක් ඇති වේවි.

අපි කලබල විය යුතුද?.


notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon