ජීවිතය……..
අලුතින් කියවමු.
අසත්‍යයෙන් සත්‍යයටද -අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
---වේද ගීතයක්
ජීවිතය……..
අලුතින් කියවමු.
94 හැවිරිදි පුද්ගලයෙකු කුලියට ගත් නිවසක කුලිය නොගෙවීම නිසා ඉඩම් හිමියා විසින් ඔහු එළියට දැමුවේය. පැරණි ඇඳක්, ඇලුමිනියම් උපකරණ කිහිපයක්, ප්ලා...
මේ රණිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවු සමයේ
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ එතුමා ගේ රජයේ මංත්‍රීවරයෙකුගේ හැසිරීමකි.
නන්දසේන මහතා පොලොන්නරුව
අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ බොහෝ දෙනා දන්නා කියන ජනප්‍රිය විදුහල්පති වරයෙකි.
මේ කතාන්දරය දිග
හැරෙන සමයේ ඔහු නගරයට ආසන්න විදුහලක විදුහල්පතිවරයෙකු ලෙස සේවය කලාය. ජනප්‍රිය විදුහලක විදුහල්පතිවරයෙක් ලෙස කටයුතු කිරීම අසීරු කටයුත්තකි.
පන්තියක සිටිය යුතු උපරීම ශිෂ්‍ය සංඛ්‍යාව එකල සීමාවුයේ හතලිහකටය.මේ සීමාව ඉක්මවා කටයුතු කිරීමට
ඔහුට බාදා ඇත. සිසුන් සංඛ්‍යාව වැඩිවු විට ගුරුවරුන්හට තම සිසුන්ගේ ක්‍රීයාකාරකම් අගයමින් ඉගැන්වීමේ කටයුතු සිදුකිරීම අසීරුය. ගුරුවරුන්ගේ මේ දුෂ්කරතා දෙමව්පියන් අදහන්නේ නැත.
තම විද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යාපනය සහ අධ්‍යාපන ප්‍රමිතීන් මුල්තැන ලා සලකන දඩබ්බර පන්නයේ ප්‍රතිපත්ති දරන විදුහල්පතිතුමා යකාටවත් තම අදහස් වෙනස් කරන්නට කැමතිවුයේ නැත.
මේ කියන වකවානුවේ පොලොන්නරුව ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ගෝල බාලයෙකුට තම දරුවා මේ
විදුහලට ඇතුලත් කර ගැණිමට අවශ්‍ය විය. විදුහල්පති වරයා හමුවු ගෝල බාල තුමා
තම අදහස සාකච්ඡා කලද විදුහල්පති තුමාට
අනුව පංති කාමරයේ ඉඩ නැති පදනම මත දරුවා පාසලට ඇතුලත් කර ගැනීමට නොහැකි බව පවසා
යෝජනාව ප්‍රතික්‍ෂෙප විය. එතනින් නොවැතුන ඔහු තමන්ගේ මංත්‍රීරයාවු උත්තමයා වෙත අදහසත් විදුහල්පතිවරයාගේ තීරනයත් සැලකර සිටියේය.
මංත්‍රීවරයා විසින් ලීඛිත ඉල්ලීම් විදුහල්පතිවරයාගේ කුණු කූඩයට විසි වුන බැවින් ගෝලයා මංත්‍රීතුමා වෙත නිතර පැමිණිලි කරන්න විය.
ඇතිවු මදි පුංචි කම නිසා මංත්‍රීතුමා කෝප පයට
පත්ව පසු දිනක තම පැජරෝවට මංත්‍රී ගෝලයාද නන්වා ගෙන පාසලට පැමිණ විදුහල්පතිවරයා සොයා කාර්යාලයට කඩා වැදුනේය.
💢💢💢💢💢💢💢එතැන් සිට එදා සිදුවු කතා බහ මෙලෙස විය “කෝ මේකේ විදුහල්පති ?. ”
ආයුබොවන් !
වාඩිවෙන්න මංත්‍රීතුමා.
වාඩිවෙන්න නෙමෙයි මොනවද තමුසේ කරන මේ වැඩ?
මෙයාගේ ළමයා අදම පාසලට ඇතුලත් කර ගන්න ඕනි .
මංත්‍රීතුමා
, පන්ති කාමරවල ඉඩ නැහැ පන්තියේ ලමයි හතලිහකට වැඩියි.
ඒ නිසා තවත් බරක් වෙන්න ලමයි බාරගන්න බැහැ.
තමුසේගේ කතා වලින් වැඩක් නැහැ මේ ලමයා ගන්න ඔනී.
මට නම් ඒ වැඩේ කරන්න බැහැ.
මන්ත්‍රී උත්තමයාට අන්තිමේදී මල පැන්නේය.
තමුසේ අමුඩයක් ගස්සලා මේ ස්කොලෙන් පන්නන්නේ තේරුනාද ?
තමුසේ කතා කරන්නේ කා එක්කද ?💢💢💢
💣💣💣💣💣මෙච්චර වෙලානම් මංත්‍රීතුමාත් එක්ක.
මංත්‍රීතුමා , මම මෙහේට ආවේ දකුණු පලාතේ ඉදන් .
මගේඅප්පච්චි ගොවියෙක්. කුඹුරු පිටි වගේම හරකා බාන අප්පච්චිගේ උරුමේ. අප්පච්චි වැඩපලට ඇන්දේ අමුඩේ. මාත්මෙහේට ( උතුරුමැද පලාතට ) එන්න ඉස්සෙල්ලා
අප්පච්චීගේවැඩපලට උදව් උනේ අමුඩේ ගහගෙන.
ඉතින් ඔබතුමාට අරුමයක් උන මේ අමුඩේ මට නම් අරුමයක්නැහැ. ගම්මුකෝ රෙදිකෑල්ලක් දැන් අමුඩයක් ගහන්න !.💣💣💣💣💣
මේ වනවිට මංත්‍රීතුමාගේ ගෝරණාඩුවට වටාපිටාවේ ගුරුවරුන්ද කාර්යාලයට රොක්වෙලාය. විදුහල්පතිවරයාගේ දේශණාවට මන්ත්‍රී උත්තමයාට කට උත්තර තිබුනේ නැත.
පිරිස මැද මංත්‍රීතුමා කරකවලා අතහැරියාක් මෙන් විය.
ඔහු ගෝලයාත් නන්වා ගෙන මේ දඩබ්බරයාට හොද පාඩමක් උගන්නම්යයි සිතා පලාත් අධ්‍යාපන කාර්යාලය දක්වා පසුබැස්සේය.
මෙකල කොන්ද පණ නැති විදුහල්පතිවරු , නියෝජ්‍ය විදුහල්පතිවරුතමන් දුන් සාක්‍ෂි කට උත්තර පවා දිවුරුම් පෙත්සම් මගින් අස්කර ගන්නා රටක මේ විදුහල්පතිවරයාට තිබුනේ නොනැමෙන කෂේරුවක් වීම නිසා උතුරු මැද පලාතේ සිට මධ්‍යම පලාතට ක්‍ෂණික මාරුවක් ලැබ කොට්ට මෙට්ට අකුලාගෙන යාමට එදා සිදුවිය.
රනිල්ගේ දෙවර්ෂ පුර්ණය අවසානයේ මන්ත්‍රී උත්තමයාට පාර්ලිමේන්තුව අත්හැර ගෙදර නතරවන්න සිදුවිය.
විදුහල්පතිවරයා මධ්‍යම පලාතේ සිට නැවත එම පාසලටම විදුහල්පතිවරයා ලෙස පත්ව පසු කාලයේ අධ්‍යාපන නිලධාරියෙක්ව විශ්‍රාම ගියේය.
ආදරය ප්‍රේමය කවදා කොතනක කොයි
මොහොතක සිත් තුල ඇතිවුනදැයි අප නොදන්නා සේම ආදරය ප්‍රේමය කවදා කොයි මොහොතක අප
අත්හැර යන්නේදැයි නිශ්චිතයක්ද නැත.
සොදුරු
පාසල් දිවියේ එක් දවසක ඔහුගේ නෙත් ඇගේ නෙත් හමුවුනා ය. පසුදින මේ අරුමය මා සමග
බෙදා ගත් ඔහු අපමන සතුටකින් මා හා දොඩමළු වූ අන්දම මට සිහිවිය. පාසල් වියේ පිළිසිද
තරුනවියේ ගබ්සාවු ඔහුගේ ආදරයේ සහ ප්‍රේමයේ වියෝ ගීතය මා කලක් අසා සිටියාය. මුල්
අවධියේ බලවත් කම්පාවට පත්ව සිටි ඔහුට ටික කලකින් ඒ කතාව අසන්නට මා මෙන්ම තවත්
අසන්නියක් සිටි බව මට තවත් දිනක ඔහු කීවාය. පාසල් වියේ උපන් ආදරය වසර ගනනාවකට පසු
ඒකාත්මීයවන්නට පෙර සිදී බිදී ගියත් ඒ විරහයේ කතාව බෙදා හදා ගත් අසන්නිය ඔහුට දශක
තුනකටත් වඩා කාලයක් තවමත් ඒකාත්මීව ආදරය කරන්නීය. ප්‍රේමකරන්නීය.
අප ඉදිරියෙන් සෙමින් ඇදෙන
අවමංගල්‍යය රථයේ ගමනට අනූරූපව සෙමින් මාද ඔහුද එකම මාවතක පියමනිමින් සිටියෙමි. මේ
ගමන කෙළවරවන්නේ සුසානයේ පිහිටි ආදාහනාගාරය අභියසින් බව දැන සිටියත් ඒ බවක් මා සිතට
නො අවාය. ඒ වෙනුවට මගේ සිත ඔහුගේ අතීතයට ඔහුත් සමග පියමැන්නාය. මා මෙන්ම ඔහුත්
සෙමින් සෙමින් ඒ අතීතයට පියමනින්න ඇතැයි මා සිතුවේ මගේ නිහඩතාවය ට ඉඩ දී ඔහු ගොළුව
සිටි යයි මගේ සිත කියන්න වු බැවින්ය.
අප සමග
අවමංගල්‍ය රථය තුල නිසලව මේ ගමන් කරන්නේ ඔහු සමග පාසල් වියේ සිට තුරුණු විය
දක්වා ගමන් කර ඔහු ඔසවා පොලොවේ ගසන ලද ඔහුගේ ආදරයයි. ඔහුගේ ප්‍රේමයයි.
ඔහු නිර්දය ලෙස දෝෂාභියෝගයකට
ලක් කර ඇය , ඇයට ඇය ප්‍රේම කරන බවත් ඇයට ඇය ආදරය කරන බවත් ඔහුට කීව බව මා
හා වේදනාවෙන් පවසා ඔහුට ආදරය කරන්නත් ඔහුට ප්‍රේම කරන්නත් ඈ මග පෙන්වු බව කියමින්
ඔහුගේ සිත සැහැල්ලු කර ගත් ඒ අතීත දවස මට සිහිපත් විය.
ආදරය සහ ප්‍රේමය අතහැර ඈ අපටත්
කලින් නිසල චාරිකාවක යෙදී සිටින විට අප ඈත් සමග අනිත්‍යවු සංසාර ගමනක පසු ගමන්
කරුවන් බවට පත්ව ඈ හා සුසානය කරා යන්නට මදක් පින් කර ඇති බව මා සිහිපත් කර ගත්තාය.
එහෙත් එය අසන්නට මා සමග පියමන් වන ඔහුට කන් නැත.
ඔහු තවමත් නිහඩය. දෙනෙත් කෙවෙනි
තුල උපන් කදුලක් දෙනෙත් තුලම වියකී යන්නට තතනන විට මා දැහන බිද “ අපි යමු” යැයි
ඔහුට යෝජනා කලාය. “වතාවත් එවරවෙලාම යමු.”ඔහු නිහඩතාවය සිද දැම්මේය. ඈ
ජීවත්වු සමාජය නවීකරනයව වැලදගත් සිරිත් විරිත් අකුරට යමින් දේහය ආදාහනාගාරයෙ
කවුළුවෙන් රිංගා දිදුලන්නට පටන්ගත්තාය. උස්වු කුලුණින් වලාවක් මිදෙන්නට විය.
ඔහුත් මාත් මගට පිවිසුනාය.
සුදුවැලි ඇතූරු මාවතක – සුදු කොඩි සැරසු දෙපසක – ගොක්කොල සැරසිලි මැද “මාද පෙර
ගමන් යන්නේ ?.යයි විමසු විට නෑ ..නෑ ..අපි දෙන්නාම” යයි කී
බවක් ඔහු මා සමග අතීතයේදී කියා ඇත. ආදරය ප්‍රේමය අධිතක්සේරුව මුලාවක් වු ඈ – මින්
බොහෝ කාලයකට පෙර ඔහු සුසානයකට තල්ලු කර වාසනාව සොයා ගියාය. ඔහු සුසානය තුලින්
යලිත් ජීවිතය සොයා ගත්තාය.
ඈත් ඔහුත් දෙමගක ගියත් කවදා හෝ
එක් මගකට පිවිසෙන බව එදා ඈ හට නොසිතෙන්නට ඇත.වාසනාව විසින් තවමත් ඔහුට ආදරය සහ ප්‍රේමය
ඉතිරි වී ඇති බවක් ඔහුට කියන්නට මගේ සිත කීවත් එය අසන්නට ඔහු සුවපත්වී නැති බව
ඔහුගේ දෙනෙත මට කීවාය.
රිය තුල ගොළුවු අප – ගලා ආ
අදුරත් රැගෙන ආපසු පැමිනෙමින් සිටියාය. මා නිවස අසල හැර දමා ගොළුවතින්ම විසිර
යන්නට ඉඩ දී ඔහුගේ රිය කවුළුව වැසීගියේය. මම දෑත වැනුවත් ඔහු ඒ බව ග්‍රහණය නොකල බව
මතේ සිත සටහන් කර ගත්තාය.
2011.07.25 දින ම විසින් කඩුල්ලට කල සටහනකි.
අද 2022 අගෝස්තු 14 දා.
ඔහු මට දෑත වනන්නේ නැතිවම මගෙන් සමු අරන්. දින දෙකකට කලින් අපි රෝගී මිතුරෙකු හට සුවපතන්නට ගොස් වෙන්ව ගියෙමු.නිවසට පැමිණ " මට මහන්සියි " කියා ඇලවුන ඔහු ගේ අවසන් වදන් පෙල වුයේය.ඔවු මිත්‍රයා දැන් අපිට මහන්සියි.