එඩ්වඩ් සැවරින් සමඟ මාර්ක්
සකර්බර්ග් කියන විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනාගේ නිර්මානයක් අද ජාත්‍යන්තර ව්‍යාප්ත
වු මහා ව්‍යාපාරයක්.2004 පෙබරවාරි මාසයේ සිට පේස්බුක් ආපු ගමන ලෝක සමාජයම
විප්ලවයකට පත් කරලා .
අපේ රටේ අදහස් විකාශණය කර ගන්නා
ජනප්‍රිය මාධ්‍යය මුණු පොත. එය නිවරදි විදියට භාවිතයට ගත්තොත් විශාල මෙහෙවරක්
කරගන්න හැකි මාධ්‍යයයක්. අපි අරගලයේ දී
බොහෝ අදහස් හුවමාරු කර ගත්තේ මූණු පොතෙන්. මේ අදහස් විවේචනයට ලක්වු අවස්ථා වගේම
තර්ජනයට ලක්වු අවස්ථා බොහෝමයි.
මම සීයා කෙනෙක්. 71 කැරැල්ල පටන්
ගන්න කොට මට 23යි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්‍ධ
වුනේ ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලන අදහස් වලිනුත් ඔළුව පුරෝගන. අපේ පවුලම තනි
අලියට වෙලා ඉන්න කොට අපේ තාත්තා කිව්වේ “ඔය
වයසේ වැරද්ද “කියලා.ඒත් කැරැල්ල ඇති වෙනකොට අඩියක් පස්සට අරන් රැදෙන්න තරම් දෙවරක්
හිතන තරුන මදයක් මට වගේම මා වටා සිටි අපේ වයසේ අයට තිබුනා. දැන් අපි ගෙවන්නේ අපෙන්
පස්සේ මේ තුන්වන තරුන පරම්පරාවේ උදවියත්
එක්ක.
දෙවෙනි පරම්පාරවටත් වඩා ඔවුන්
ආවේගශීලියි.ඔවුන් අඩියක් පස්සට ගන්නේ ඔක්කොම හරිගියාම. නැත්නම් විනාශ වෙලාම ගියාට
පස්සේ.
ඉතින් මම මගේ මූණු පොතේ පලකරන
අදහස් බොහෝම පරිස්සමෙන් කරන්නේ. මගේ කාලය වැයකරන්නේ සතුටෙන් ඉන්න. ඉතින්
මොකටද මේ තර්ජන ගර්ජන වලින් මගේ හිත පාරා
ගන්නේ ?.මම පේස්බුක් පිටු අතරින් දෑක්ක දෙයක් තමයි අන් මත ඉවසීමට නොහැකි කම. අන්
මත විවේචනය කිරීම අදහස් දැක්වීම හොද ලක්‍ෂණයක්.ඒත් කරන්නේ වැකියකින් දෙකකින් මූණටම
දමා ගැසීමෙන්. පැහැදිලි කිරීම් නැහැ. පැහැදිලි කලත් එම පැහැදිලි කිරීම් තුල පවත්වා ගෙන යන ස්වරූපය තර්ජනාත්මකයි. සමහර
විට අවිනීතයි. ඒවා පලකිරීම් කරන්නෙත් short and sweet ක්‍රමයට.
අද මාධ්‍ය මුද්‍රිත මෙන්ම විද්යුත්
මාධ්‍ය පාඨක ශ්‍රාවක සහභාගිත්‍වයකින් තොරවයි පවත්වා ගෙන යන්නේ. සති අන්ත පත්‍ර
බලන්න හැමදාමත් එකම ලේඛක පිරිසක් ලියන්නේ.එයාලගේ අදහස්. අපි බලන්නන් පිරිසක් වෙලා.
සංවාදයක් කරන්න ඊලග පිටපතෙන් වත් ඉඩක් නැහැ. සුනිල් මාධව වගේ මාධ්‍යවේදීන් තුල මීට
වඩා වෙනස් පිලිවෙතක් තිබුනා. මට මතක් වෙනවා දිවයින පත්‍රයේ අට වෙනි පිටුව.මේ හිදැස පුරවන්න මූණු පොතට විශාල වපසරියක් තියෙනවා..
මූණු පොතේ කෙටිකතා කොටස් වශයෙන් පලවෙන නවකථා , පද්‍ය නිර්මාන දේශපාලන අර්ථ නිරූපන.
අධ්‍යාපන, වෛද්‍ය වැනි විවිධ ක්‍ෂෙත්‍රවල
ලිපි ලේඛණ දැනටමත් පලවෙනවා.
ඇතැම් මුණු
පොතේ පිටු ජාති ආගම් අතර මතභේද ඇති කිරීමට,
දේශපාලන මතවාද අතර ගැටුම් ඇති කිරීමට යොදා ගෙන තියෙනවා. මෙය රටක් වශයෙන් ගත් කල තරමක් මතභේදකාරී තත්ත්වයක්.
මිනිසුන්ගේ හැගීම්වලට පහර ගැසීමටද තර්ජන හෝ හිරිහැර “Cyber bullying” කිරීමටද මෙම පිටු හසුරුවන්නන් කටයුතු කරනවා .
සමාජවාදී
රාමුවට සිදුවිය හැකි දේශපාලනික,
ආර්ථික බලපෑම් මත චීනයද , ආගමික මතවාදයට
හානියක් වේ යැයි උපකල්පනය කරමින් ඉරානය, ඇෆ්ගනිස්ථානය,
පාකිස්ථානය වැනි රටවලද මුණු පොත තහනම් කිරීම හෝ සීමා කිරීම දක්නට ලැබෙනවා .
අන්තර්ජාලය
නිදහස් මාධ්‍යයක් . ස්වයං අවබෝධය, ස්වයං විනය, අවංක බව භාවිතයේදී අත්‍යවශ්‍යමවෙනවා.. මුනු පොත භාවිතා කරන අය තම පලකිරීම් වල හොඳ නරක නැවත නැවතත් හිතා බලන්නේනම් බොහෝ ගැටළු
ඇතිවෙන්නේ නැහැ.
එහෙම
වුනහම මිතුරු පිටු වාරණය කිරීමකුත් අවශ්‍ය වන්නේ නැහැ.